**නිදි නැති රැයක්**
"නිදිද?"
"ම්ම්හ්, නෑ"
"තරහද"
"නෑ"
"හ්ම්ම්"
"දැන දැන් හැමදාම එකම වැරැද්දනේ කරන්නෙ සුරේශ්. බීලා මහ රෑ bike එකෙන් යනවා තනියෙන්. මොකක් හරි උනොත් ඒම කාට කියන්නද ආ. අනික මහ රෑ call කරල මදිවට අහන්වා නිදිද කියලා. දැන් වෙලාව කීයද දන්නවද 2යි. ඔයා ඕම යනකොට මට නිනද යයි කියලා හිතනවද ආ. මටත් සැනසීමක් නෑනේ. එක්කෝ මාව අතඇරලා දාලා කරන මගුලක් කරගන්න"
"ආයේ රෑ වෙන්නෑ සුදු මැනික. මං ඉක්මණට ගෙදර යන්නම්. ඔය නිදියන්න."
"ඉක්මණක් ඕනි නෑ පරිස්සමට යන්කෝ. ගෙදර යනකං මාත් එක්ක කතා කරමු. නැත්තන් නින්ද ගියොත් ඒම. අහු උණාවෙකෝ ඔය office එකේ බේබද්දෝ ටික මට........"
නිදි නැති රෑ පරණ මතක එකින් එක රූප පෙලක් වගේ මතකයට එද්දි ඇස් තෙමෙන්නේ දන්නේම නැතිව. දැන් වෙලාවත් දෙකයි. අදත් මට නින්දක් නෑ. ඒත්... රන්ඩුවෙන්නවත් බනින්නවත් අද ඔහු මා ළග නෑ....
සුරේශ්, ඒ මගේ ප්‍රථම ප්‍රේමය. අපිට අපිවව අහිමි වෙලා දැන් අවුරුදු තුනකටත් වැඩි. මට ඔහු මුණගැහෙන්නේ මානව සම්පත් කලමනාකරණය ඩිප්ලෝමවක් හදාරන්න විවෘත විශ්ව විද්‍යාලයට යන කාලේ. ආදරය දළු ලාගෙන වැඩෙද්දි අපේ ගෙදරට කිවුවේ ගෙදරින් අවසර අරන් එක වගලක් යටට එන්න.. එත්..
"බලන්නකෝ අපේ මහත්තයා, අම්මා මුස්ලිම් තාත්තා දෙමළ. ඒ මදිවට නිකම්ම නිකන් officer කෙනෙක් විතරයි bank එකෙත්. ඒකට මෙයා executive කෙනෙක්" ඒ අම්මා.
"ඕම තියාගෙනද ලමයෝ අපෙන් permission ඉල්ලන්නේ. ඕවා කරගන්න ඉඩ දීලා කෝමද අපි අපේ නෑයන්ට මූන දෙන්නේ" ඒ අප්පච්චි.
"අනික අපේ මහත්තයා, වෙලාවල් පොඩ්ඩක්වත් ගැලපෙන් නෑ. බැන්දොත් ලමයි නෑ. ඊට හපන් ඉපදුනොත් ලමයෙක් ඒකා අබ්බගාත වෙනවලු" අයෙත් අපේ අම්මා.
අම්මලා කියන විදියට ප්‍රේම සම්බන්දයක් පටන් ගන්න කලින් උප්පැන්න සහතිකේ බලලා, උපන් වෙලාව ගලපලා බලලා, ආදායම් වියදම් බලලා, ඔප්පු තිරප්පු ඉල්ලන් ඉඩ කඩම් වල මායිම් බලලා නෑයන්ට කියලා තමා පටන් ගන්න ඕනි. ඕම බලනකොට මල්සර තමා තනිකරම වැරැද්ද කරල තියෙන්නේ. දුන්නෙන් විදින්න කලින් හිතන්න තිබ්බා මිනිස්සු කොයි තරම් පටු විදියටද හිතන්නෙ කියලා.
ගෙදර තත්වේ ඕම වෙද්දී මට සුරෙශ්ට නොකියා බැරි උනා අම්මලාගේ තීරනේ...
"උපේක්ශා, මට සමවෙන්න කෙල්ලේ මගේ වැරැද්ද. මං නිසා ඔයත් දුක් විදිනවා අද. මං හිතුවෙ නෑ ඔච්චර ඕම දෙයක්. ඔයා ගන්න තීරනේකදී මාත් ඉන්නවා. තරහා නෑ කවදාවත්"
ඔහු කීවේ ඒම.
ඒත් මට මගේ කුලුදුල් ආදරයයි ගෙදරයි සමබර කරගෙන යන්න බැරි උනා. මාත් කෙල්ලෙක්, ගොඩක් කෙල්ලො කෝමත් ගෙවල් වලට අවනත වෙනවා. මටත් උනේ ඒක. ඔබට පුලුවන් මට බනින්න ලොකු අත්තක් අල්ලන්න දුප්පත් කොල්ලව අත ඇරියා කියලා. ඒත් දෙපැත්තකට තැලිලා මං විදෝපු තරම දන්නේ මං විතරයි. දැන් අඩුම තරමේ අම්මලා මාත් එක්ක කතාවත් කරනවා... දවසක් අපි නිදහස් චතුරශ්‍රයේ කනුවකට හේත්තු වෙලා ඉන්නකොට,
"ඔයා කෝමද ඔය තරම් හොදට සිංහල කතා කරන්නේ. අනික ඔයාගේ සිංහල අකුරු මාරම ලස්සනයිනේ. මගේ අකුරුවල කැත අනේ කෙල්ලෙක් වෙලත්"
"හිකිස්, අපිත් ලස්සනයි, අකුරුත් ලස්සනයි. අර දැක්කද අර දැන් මෙතනින් ගිය කෙල්ලත් මට ඇහැක් ගහන් ගියේ"
"ආ ඇත්තට, ඒනම් ලස්සන තංගච්චි කෙනෙක් හොයාගන්න එකනේ ඇත්තේ"
"හිකිස් මේකිගේ ඉරිසියාව"
"නැතුව ඉතින්"
"අහන්නකෝ, අපේ අම්ම මං පොඩි කාලේ රට ගියා ගෙදර සල්ලි අමරුකන් නිසා. තාත්තත් උදේ ඉදං රෑ වෙනකන් වැඩනේ. අනික අපේ අම්මයි තාත්තයි ගෙවල් වලට හොරෙන් බැදපු නිසා නෑයෙක්වත් හිටියෙ නෑ අපිට. ඉතිං මාව බලාගන්න එහා ගෙදර ඇන්ටිට දීලා යන්නේ තාත්තා. එයා සිංහල. ඒ ගෙදර මට වඩා අවුරුදු 2ක් විතර වැඩිමල් අක්කා කෙනෙක් හිටියා. එයා එක්කම තමා මං හැදුනේ. ඉතිං ඇන්ටි අක්කට කියාදෙනකොට මටත් කියාදෙනවා. අනික අපි හිටියෙ සිංහල ගමක, ගියේ සිංහල ඉස්කෝලෙකටනේ. ඒකයි මට සිංහල හොදට පුලුවන්. අනික ඉස්කෝලේ යන කාලේ ගොඩක් අය දැනන් හිටියේ නෑ මං කලවං ජාතියේ එකක් කියලා. අක්කත් එක්කමනේ ඉස්කෝලේ ගියේ ආවෙත් "
"එතකොට අම්මා අදින්නේ අර කලුපාට ලෝගුව වගේ එකද?"
"පිස්සුද හලෝ, අම්මා අදින්නේ ඔසරිය ගමන් යනකොට. ගමේ ගොඩක් අය දන්නේ අපි සිංහල කියලා. අනික අපි පන්සල්නේ යන්නෙත්. ගමේ පියුම් නම් දන්නවා මොකද ලියුම් එන්නේ නමටනේ. අනික ගමේ අය තාත්තට කියන්නේ අම්පාරේ මහත්තයා කියලා. නම් වලින් කාවවත් අදුරන් නෑ. දැන් අපි උප්පැන්නට විතරයි සිංහල බෞද්ධ වෙන් නැත්තේ"
එච්චර දවසක් තිබ්බ කුහුල ඇරගත්තේ ඒම.
ම්ම්ම් ඔහු හරි හිතුවක්කාරයෙක්. ඔහුගේ හිතුවක්කරකම් වලට හුරතලේට මං හුගක් ආදරේ කලා. දවසක්,
"සුරේ අද අරකට apply කරන්නකෝ "
"බෑ හෙට උදේට යවන්නම්"
"අනේ මොකක්ද අනේ බාලගිරි දෝසේ වගේනේ.. "
"ඒම තමා, අද දැම්මත් එකයි හෙට දැම්මත් එකයි"
"ඔව් ඔව්, මං දන්නවා දැන් ඕක send කරයි දොලහයි එකට. එතකොටත් හෙටනේ.. නේද. කෙල්ල කියන එක අහුවාම අවුල් නේ. "
"හිකිස් ඔයා මං ගැන් හුගක් දන්නවනේ හලෝ"
"ඒම තමා ගොනා හැරෙද්දි කියන්න පුලුවං මට"
"ඒකත් හොදයි. මං ගැන මගේ අම්මාවත් දන්නේ නෑ බබෝ ඔච්චර හොදට. මට බනින්නවත් ඉන්නෙ ඔයා විතරයි. ගෙදරටත් මං ගැන ගානක් නෑ. මාව දාලා යන්නේ නෑ නේද. ඔච්චර ආදරේ දීලා මගදි දාලා යන්න නම් එපා මැනික"
දීපු පොරොන්දු හිස් වචන ගොඩක් වෙද්දි අපි දෙපැත්තලට වෙලා සුසුම් හෙලනවා. අපිටවත් අයිති නැති අපේ ජීවිත.. ඔහුත් තාම තනිකඩයි, මාත් තනිකඩයි. ගෙදරට සතියට එකා ගානේ මනමාලයෝ ආවත් අම්මලා කොච්චර කිව්වත් මට හිත හදන් ඒ එකකටවත් හා කියන්න බැරි උනා. හිගන්නගේ තුවාලේ වගේ සුරෙශ්ගේ මතකය මාව රිද්දනවා.
එයා කැමති ලා පාට අත් දිග කමිස අත් නමලා අදින්න. මං එයාගේ හැම උපන්දිනේකටම කමිසයක් එකක් අරන් දුන්නේ මගේ කෙල්ල අරන් දුන්නේ කියලා එයා කියනවා අහන්න ආසා නිසා.
අපි වෙනුනත් පහුගිය අවුරුදු 3ත් මං ඔහුට උපන්දින සුබපැතුම් පතක් එක්ක කමිසයක් තැපැල් කලා. අද ඔහුගේ උපන්දිනේ.. එත් මේ අවුරුද්දේ මං කිසිවක් නොදී ඉන්න හිත අවනත කරගත්තේ ඔහුට මගේ මතකය අලුත් කරන්න ඕනි නැති නිසා. ඔහු මගේ මතකයන් අතැර ඉදිරියට යන්න ඕනි නිසා. දැනට දහ පාරකට වඩා සුබ පැතුම් type කරලා මකලා දැම්මේ, නෑ ඒමවත් ඕනි නෑ කියලා හිතට තරවටු කරගන්න ගමන්.
අපි වගේ වෙන් උන අය මේ ලෝකේ ඉන්න ඇති... තව ඉදිවි.... පටු අදහසුයි මිත්‍යා මතයි ඉදිරියේ සැබෑ ආදරයට විදවන්න වෙනවා. මේ මතකයන් එකිනෙක තෙරපුන එක් නිදි නැති රැයක් විතරයි ආදරණීය පෙම්වතෙක් අහිමි වුණ පෙම්වතියකගේ..
නොමැරි හිටියොත් දවසක හමුවෙිවි
මෙි දැස් ඉදිරියේම.....
💔💔💔💔💔පවන හෙට්ටිආරච්චි 💔💔💔💕💔💔💔💔💔

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.