මගෙන් ඔයාට අදින් පස්සෙ කරදරයක් නෑ

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
අනේ විනෝද් මාව අතාරින්න අනේ රිදෙනවා මට පාඩුවේ ඉන්න දෙන්න...මෙහෙම කරදර කරන්න ඇයි මාව කසාද බැන්දෙ💖
බැන්දෙද ඒක මම උබට අද කියන්නම් ,මම උබව බැන්දෙ පලිගන්න යකෝ පලිගන්න 👞
පලිගන්න පලිගන්න මම කරපු වැරැද්ද මොකක්ද විනෝද් 💖
උබේ තාත්තා තමයි මගේ අහිංසක අම්මවයි තාත්තවයි මැරුවෙ,,ඒකට මම උබෙනුයි උබේ පෞලෙනුයි පලිගන්නවමයි...තෝව කසාද බැන්දෙ ඒකට තමයි ,,👞
මම උබේ තාත්තව පරලෝකෙට යවලමයි නිකන් ඉන්නෙ ,,👞
එහෙම කරන්න ඔයාට කොහෙත්ම බෑ ,මම ජීවත් වෙලා ඉන්නක්න් ඒක කරන්න වෙන්නෙ නෑ විනෝද් 💖
උබ ගොඩක් ආදරෙයි නේද තාත්තට,එහෙම නම් හිතපන්කො මම කොච්චර ආදරෙයි ද කියලා මගේ අම්මටයි තාත්තටයි..??මම නිකන් නෙවෙයි පොලීසියට බැදුනේ,,එහෙම කරේ මගෙ රත්තරන් අම්මවයි තාත්තවයි මරපු පලිය ගන්න කවදහරි මම ඒ දෙන්නට පොරොන්දු වුනා ඒ පලිය ගන්නවමයි කියලා ,,
විනෝද් එහෙම කියලා ගෙදරින් යන්න ගියා...අහිංසා ලෑස්ති වෙලා ගියේ අහිංසාගෙ ගෙදර...
කෙල්ල ගෙදර යනකොට කෙල්ලගේ තාත්තා ගෙදර හිටියේ නෑ ,,
අම්මෙ කෝ තාත්තා 💖
තාත්තා හදිසි වැඩකට ගියා සුදු දූ 👩
අම්මෙ මට ඇත්තම කියන්න මේ අහන දේට,,තාත්තාද විනෝද්ගෙ අම්මලව මැරුවෙ ,💖
කවුද පුතේ ඔයාට එහෙම කිවුවෙ ,,විනෝද්ගෙ අම්මලව මැරුවෙ තාත්තා කියලා ,,එහෙම දෙයක් වෙන්නෙ කොහොමද 👩
එතකොට අම්මෙ මේ ෆොටෝ එකේ ඉන්න කෙනාව දන්නවද,,💖
මේ මේ...නෑ මම දන්නෙ නෑ ..👩
බොරු කියන්න එපා අම්මෙ ඔයා දන්නවා මේ ෆොටෝ එකේ ඉන්න කෙනාව,,මේ ඉන්නෙ විනෝද් පොඩි කාලේ,එතකොට මේ ඉන්නෙ තාත්තා අතින් මැරුම් කෑව විනොද්ගෙ අම්මයි තාත්තයි,එයා මාව මැරි කරලා තියෙන්නේ පලිගන්න ,,හැමදේම හොයලා බලලා එයා මාව බැදලා තියෙන්නේ පලිගන්න ලේසි වෙන්න ,,හැබැයි තාත්තා මේකට සම්බන්ධව නම් එයාට විනෝද්ගෙන් බේරෙන්න වෙන එකක් නෑ ,,💖
අනේ සුදු දූ මම කොහොම කියන්නද,,කොච්චර කිවුවත් එයාට වැඩක් වුනේ නෑ ,,බිස්නස් එකක් හින්දා ඒ අහිංසක මිනිස්සු දෙන්නව මරලා දාලා ,,මම අදටත් විදවනවා මේ වගේ මිනිහෙක් එක්ක ජීවත් වෙන්න වෙච්ච් එකට ,,කවදහරි එයාට මේව විදවන්නම වෙයි පුතේ 👩
කවදහරි නෙවෙයි එයාට විනෝද්ගෙන් බේරීමක් නැති වෙයි..අනිත් එක විනෝද් පොලීසියට බැදිලා තියෙන්නේත් ඒ පලිය අරන් අම්මටයි තාත්තටයි සාදාරනයක් ඉෂ්ට කරන්න 💖
පුතේ ඔයාට තමයි තාත්තගෙ වැරදි වලට දඩුවම් විදින්න වෙලා තියෙන්නේ ,,අනේ මේ අසරණ අම්මාට මොනවත් කරන්න විදියක් නෑ ,,ඔයා විනෝද් පුතා එක්ක හොදින් ඉන්න පුතේ ,,ඒක මට සැනසීමක්,එයා තාත්තගෙන් පලිගත්තට වැරැද්දක් නෑ ,,කවදහරි තාත්තට ඔය පවු ගෙවන්න වෙයි...👩
අහිංසා හවස් වෙලා ගෙදර ගියේ තාත්තගෙ මූන බලන්න ආසාවක් නැති හින්දා ...
ගෙදර යනකොට විනෝද් ඇවිත් තිබුනේ නෑ ,,රෑ දහයත් පහු වුනා විනෝද් ගෙදර ආවෙ නෑ ,,කෙල්ල කෝල් ගත්තත් ෆෝන් එක වැඩ කරේ නෑ ...
📱📲
හෙලෝ සුදු දූ 👩
ඇයි අම්මා💖
තාත්තා තාම ආවෙ නෑ පුතේ,ෆෝන් එකත් වැඩ නෑ ,,👩
අම්මා බය නැතුව ඉන්න අම්මෙ,,එයා මොනව කරනවද කියලා අපි දන්නෙ නෑනෙ 💖
විනෝද් ගෙදර ආවෙ එකොළහට විතර ,,කොල්ල ඇවිත් දොරට තට්ටු කරලා බැරිම තැන කෙල්ලට කෝල් එකක් ගත්තෙ කෙල්ල දොර ඇරපු නැති හින්දා
හෙලෝ කොහෙද ඉන්නෙ විනෝද් 💖
කොහෙද නෙවෙයි ඉන්නෙ දොර ගාව ඇවිත් අරිනවා දොර👞
අනේ සොරි විනෝද් මට නින්ද ගිහින් 💖
බඩගිනියි බත් බෙදනවකො..👞
ඔයා වොෂ් දාගෙන එන්න විනෝද් මම කෑම ලෑස්ති කරන්නම්💖
විනෝද් ඇවිත් කෑම කාලා ඉවර වෙලා රූම් එකට ගියා,,අහිංසා ඒ ටික අස් කරලා නිදාගන්න ආවා....
අහිංසා උදේ පාන්දර ටීවී එක දැම්මා ...
ප්රසිද්ධ ව්යාපාරිකයකු වන සුදේෂ් ලොකුබණ්ඩාර ඊයේ රාත්රියේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා,,රාත්රි දහයට පමන මෙය සිදුවී ඇති අතර මෙය සිදුවී ඇත්තේ මෝටර් රථය ප්රපාතයකට පෙරලීමෙනි...
දෙයියනේ තාත්තා ,,ඔයාට ඔයාගෙ පවු වලට වන්දි ගෙවන්න වුනා,,ආයෙ කිසිම ආත්මෙක ඔහොම දේවල් කරන්න තරම් අමනුෂ්යයෙක් වෙන්න එපා 💖
අහිංසා මට කියන්න දෙයක් තියෙනවා ,,👞
මොකක්ද විනෝද් 💖
නිවුස් වල දකින්න ඇතිනේ තාත්තා මැරිලා කියලා ,,මම තමයි මැරුවෙ ,,ඔයාට කැමති දෙයක් කරන්න දැන් ,,මගෙන් ඔයාට අදින් පස්සෙ කරදරයක් නෑ ,,ඩිවෝර්ස් එක දෙන්නම් මම 👞
මම දැනන් හිටියා විනෝද් ඔයා තමයි තාත්තව මරන්න ඇත්තෙ කියලා ,,මම දන්නවා ඔයාගෙ අම්මලව මැරුවෙ අපේ තාත්තා කියලා ,,අම්මා මට හැමදේම කිවුවා ,,මට දුකයි තමයි ඒත් වැරදි කරපු කෙනෙක්ට බේරිලා ඉන්නත් බෑ කවදාවත් ,,ඔයා පලිගත්තෙ අම්මටයි තාත්තටයි සාදාරනයක් ඉෂ්ට කරන්නනෙ
💖
මට ඔයා එක්කවත් අම්මා එක්කවත් තරහක් නෑ ,මම හිතනවා දැන් මගේ දෙමව්පියන්ට සාදාරනයක් ඉෂ්ට වුනා කියලා 👞
මට ඔයා එක්ක හැමදාම ඉන්න ඕනි විනෝද් ,ඔයාගෙ අම්මලව මරපු සුදේෂ් ලොකුබණ්ඩාර ගෙ දුව විදියට නෙවෙයි ඔයාගෙ වයිෆ් විදියට හැමදාම 💖
නිමි ✍️✍️✍️✍️✍️
පලිගැනීමෙ චේතනාව අනුව පලිගැනීම හරි හෝ වැරදි විය හැකියි,,අසාධාරණයක් සිදුවූ විට පලිගැනීම සාදාරන යැයි මම සිතමි...
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI