ආයෙ මම ඔයාට කතා කරලා ඔයාගෙ පවුල් ජීවිතේට ප්‍රශ්න ඇති කරන්නෙ නෑ ,,සතුටින් ඉන්න

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ආදරේ කරනවනම් කියවන්න..
කෙටි කතාව
💖හිදිමි ඔබ එනතුරා💖
නිමේෂා කියන්නෙ නුවර ගම්පොල ජීවත් වෙච්ච උසස් පෙළ ලියලා ඉවර වෙලා රිසල්ට්ස් එනකන් යූත් එකට මියුසික් ඉගෙන ගන්න යන්න හදන කෙනෙක්,,තාත්තා එක්ක උදේ පාන්දර බස් එකට නැග්ගෙ යූත් යන්න හිතාගෙන...
ඔන්න එතන ඉදන් තමයි මගේ කතාව පටන් ගන්නෙ...
නාවලපිටිය බස් එකට නැග්ගම පිටිපස්සෙ සීට් එකේ වාඩි වෙලා හිටියා පිරිමි ළමයි දෙන්නෙක්,,එතනින් එක්කෙනෙක් අසිත,අනිත් කෙනා මහේෂ්,,
නිමේෂා කවදාවත් දැනන් ඉන්න නැතුව ඇති මහේෂ් එයාගෙ ආදරේ වෙයි කියලා ,,කියවලම බලන්නකො කතාව...
නිමේෂා බස් එකේ ප්ලේ වෙච්ච සින්දු වලට කකුලෙන් තාල තිය තිය ගියේ ඒ තරම්ම මියුසික් වලට පිස්සියක් හින්දා ,,පිටිපස්සෙ සීට් එකේ හිටිය කොල්ලො දෙන්නා ඒ දිහා බල බල හිනා වුනේ මෙකි නම් යන්නෙ ඩ්රම්ස් ගහන්න කියලා...
නිමේෂා ඉන්ටවීව් එක්ට ෆේස් කරලා ක්ලාස් එකට එනකොට අර කොල්ලො දෙන්නත් එයාගෙ ක්ලාස් එකේමයි..
ටික දවසක් යනකොට මේ හැමෝම යාලුවො වෙන්වා,නිමේෂගෙ හොදම යාලුවා උනේ හංසි,මහේෂ් කවදාවත් නිමේෂා එක්ක කතා කරලා තිබුනෙ නැති වුනාට හැමවෙලේම කෙල්ල දිහා බලනවා කියලා කෙල්ල දැක්කා..
දවසක් ක්ලාස් එකේ සර් කියාදුන්නා "මගෙ නීල නෙතු සගලින් මොනවද ඔබ ඉල්ලන්නෙ "කියන සිංදුව නිමේෂා එතකොටම මහේෂ් දිහා බැලුවම මහේෂ් බිම බලාගත්තෙ ලැජ්ජ හිතිලද මන්දා..යාලුවො හැමෝම කෙල්ලට විහිලු කරේ මහේෂ් උබට ලව් කියලා,මහේෂ්ගෙ යලුවොත් කිවුවෙ නිමේෂව තමයි බන් උබට ගැලපෙනම කෙනා කියලා ...
දෙන්නම ආදරේ හිතේ තියාගෙන හිටියා මිසක් කවදාවත් කිව්වෙ නෑ ...
දවසක් නිමේෂා මහේෂ්ව හෙව්වා,ඒත් එයා යූත් ආවෙ නෑ ,,කෙල්ලට කොල්ලගෙ යාලුවොවත් හරියට උත්තරයක් දුන්නෙ නැති හින්දා කෙල්ල හොදටම ඇඩුවා කොල්ල ගැන හරි විස්තරයක් නැති හින්දා ...
අනේ බන් මම මොනවද කරන්නෙ මම එයාට ගොඩක් ආදරෙයි බන් මම කොහොමද එයා නැතුව ඉන්නෙ ,,අනේ මම මහේෂ්ට ආදරෙයි බන්...💖
හිත හදාගනින් බන් ඌට වෙන කෙල්ලෙක් ඉන්නවලු,,ඒකිත් එක්ක සතුටින්ලු ඌ,උබ අඩලා හිත රිද්දගන්න එපා නිමේෂා ...
නිමේෂා මොකද ඔය හැමවෙලේම අඩන්නෙ ,මම දැන් දවස් ගානක ඉදන් බලන් හිටියා ,,එනවනම් හරියට ඉගෙනගන්නවා මෙතන කාලෙ කන්නෙ නැතුව ...👩‍🏫
එදායින් පස්සෙ කෙල්ල යූත් යන එක නතර කරා...
නිමේෂට ජොබ් එක හම්බුනේ srilankan airline tickets එකේ,කෙල්ල බොහොම අමාරුවෙන් හිත හදන් ජොබ් එකට ගියා,,ජොබ් එකට යන අතරමග අනන්තවත් මහේෂ්ව හම්බුනත් මගෑරලා යන්න කෙල්ල වගබලාගත්තා...
කෙල්ලගෙ වයස හරියනවත් එක්කම ගෙදරින් විවාහයක් කරලා දෙන්න සූදනම් කරා ,,හැමදේම අමතක කරලා දුමින්ද එක්ක සතුටින් ඉන්න නිමේෂා තීරණය කරා...
අසිතට කතා කරලා මහේෂ්ටත් වෙඩින් එකට එන්න කියලා කියන්න කිවුවත් මහේෂ් එන්න බෑ කිවුවා කියලා අසිත කිවුවා...
වෙඩින් එකෙන් පස්සෙ නිමේෂගෙ බලාපොරොත්තු සුන් විසුනු උනේ දුමින්දගෙ හැටි දැනගත්තමයි...
දුමින්ද කියන්නෙ ඩ්රග්ස් පාවිච්චි කරපු කෙනෙක්,
ගෑනියේ මෙහෙට වරෙන් තෝ මොකක්ද මේ කරලා තියෙන්නේ කෝ මම තියලා තිබුන පැකට් ටික,,තෝ පට්ට බැල්ලි මට හොයලා දීපිය,මට තොගෙන් ඇති වැඩක් නෑ ,,හොයලා දීපිය පැකට් ටික...
ඔය විදියට හැමදාම කෙල්ලට දුමින්ද වද දුන්නා,අහුවෙන අහුවෙන එකෙන් ගැහුවා,,,
දවසක් කෙල්ල අම්මා එක්ක පන්සල් ගියා...
බුදුහාමුදරුවනේ මට මේ දුක තවත් විදින්න බෑ මට පිහිට වෙන්න මට අලුත් ජීවිතයක් ලබලා දෙන්න 💖..
කෙල්ල ගෙදර ආවට පස්සෙ fbගියාම රික්වෙස්ට් එකක් තිබුනා මහේෂ් පතිරණ කියලා,කෙල්ල ඒක ඇක්ස්සෙප්ට් කරේ කෙල්ල දැන් මැරි කරලා කියලාත් අමතක වෙලා....
දන්නවද නිමේෂා මම ඔයාව කොච්චර හෙව්වද කියලා ,,මම ඔයාව හොයලා පිස්සෙක් වුනේ නැති එක විතරයි ,මගේ යාලුවෝ කිවුවා ඔයාට කොල්ලෙක් හිටියා කියලා ,,මම බිව්වා මගේ දුක නැති වෙනකන්,,යූත් එන්න බැරි වුනෙ මාමගෙ හොටෙල් එක බලාගන්න යන්න වුන හින්දා නුවරඑළියට ...මට ඔයාව නැති වුනේ මගේ යාලුවො හින්දා කියලා මට දැන් තේරෙනවා මගේ රත්තරන් 👞
මේ දෙන්නා හැමදාම මැසේජ් කරා,කතා කරා,ඔෆිස් ටයිම් එකේ පවා කතා කරා,,ගෙදර ආවම කතා කරන්න බැරි වුනා දුමින්ද හිටපු නිසා,,කොල්ල එක තේරුම් ගත්තා ...
ගෙදරට බොරුවක් කියලා දවසක් හොරෙන් මීට් වෙන්න ගියා මේ දෙන්නා නුවරඑළියේ ,,නිමේෂගෙ යාලුවත් එක්ක,,මහේෂ්ගෙ බර්ත්ඩේ එක දවසෙ එයාව ගොඩක් සප්රයිස් කරලා කෙල්ල ගොඩක් සතුටු වුනා,,මේ දෙන්නා ආදරේ විදින්න පුලුවන් උපරිමේටම ආදරේ වින්දා...
ඒත් දවසක් නිමේෂට දුමින්ද ගහපු පාරකට කෙල්ලගෙ ඔලුව වැදිලා I.C.U එකේ හිටියා,,කෙල්ල ගෙදර ආවෙ සතියකට පස්සෙ,,මහේෂ් ට කියන්නවත් වෙලාවක් තිබුනේ නැත්තෙ කෙල්ලට සිහිය නැති වුන හින්දා ,,
ඒ සතිය ඇතුලත මහේෂ් බීලා පිස්සු නටලා...
නිමේෂා ගෙදර ඇවිත් මහේෂ්ට කතා කරලා විස්තරේ කිවුවත් කොල්ල වෙනස් වෙලා කියලා කෙල්ලට තේරුනා,,
ඔයාගෙ හස්බන්ඩ් එක්ක හැමදාම සතුටින් ඉන්න ,,අපි කරන්නෙ වැරදි වැඩක්,,එයා එක්ක සතුටින් ඉන්න ,,ආයෙ මම ඔයාට කතා කරලා ඔයාගෙ පවුල් ජීවිතේට ප්රශ්න ඇති කරන්නෙ නෑ ,,සතුටින් ඉන්න නිමේෂා මාව අමතක කරලා ...👞

ඔයාට පුලුවන් ද මාව අමතක කරන්න ,,කියන්න මගේ දෙයියෝ කියන්න,,අනේ මාව දාලා යන්න එපා මගෙ රත්තරන් .....මම ජීවත් වෙන්න ගත්තෙ ඔයා හින්දා .....💖
කවදාවත් අපිට එකතු වෙන්න බෑ ,,ඔයා හස්බන්ඩ්ගෙන් ඩිවෝර්ස් වෙන්න,,අපිට රට යන්නවත් සල්ලි නෑ ,ඒ හින්දා යාලුවො වගේ ඉමු නිමේෂා වෙන කරන්න දෙයක් නෑ 👞
අනේ මගේ තාත්තියෝ මාව දාලා යන්න එපා,මම පිස්සියෙක් වෙයි.....
සිතන්නට යමක්...
ආදරේ කරනකොට කවුරු මොනවා කොහොම කිවුවත් හොයලා බලලා කරා නම් අද කවදාවත් මේ කතාවේ නමේෂටයි මහේෂ්ටයි මේ වගේ දෙයක් වෙන්නෙ නෑ ,,
කොහොම වුනත් මේ කතාවෙ මහේෂ් නිමේෂව තේරුම් අරන් එයා ගාවට එයි කියලා නිමේෂා බලාපොරොත්තු වෙනවා....
සත්ය කතාවක් ඇසුරිනි,සිදුවීමේ අයිතිකාරියගෙ අනුදැනුම ඇතිව නම් ගම් වෙනස් කර ඇත,
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI