ඔබගේ බිරිඳගේ හෝ පෙම්වතියගේ පළමු පෙම්වතා ඔබ නොවේ නම් අවවාදයි මෙම ලිපිය නොකියවන්න.

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

ඔබගේ බිරිඳගේ හෝ පෙම්වතියගේ පළමු පෙම්වතා ඔබ නොවේ නම් අවවාදයි මෙම ලිපිය නොකියවන්න.
ගැහැණු හිත් තරම් රහස් හංගන වෙන තැනක් නෑ. මේ කතාව අහන පිරිමි ඔබේ හිත් ඇතැම් විට සසළ වේවී. නමුත් කිවයුතු දෙය කිව යුතුමය. සත්‍ය නීරසය. නමුත් අකමැත්තෙන් වුවද අපි එය ඇසිය යුතුය.
ඇය සේපාලිකා. මට ඇය මුලින්ම මුණගැහෙන්නේ පින්නපොල සර් සුදර්ශියේ ආවර්තිතා වගුව උගන්නපු දවසේ. ඒ එයා පන්ති ඉවර වෙලා වැව රවුමේ රොබරෝසියා හෙවනක පොද වැස්සෙන් බේරෙන්න හැංගිලා ඉද්දි. එදා ඉඳන් අපි දෙන්න යාළුවො. තිබුනේ හරි අධ්‍යාත්මික බැඳීමක්. මේ යාලු කම අලුත් වෙන්නේ අද හවස සල්ගාදු හෝටලේදි. වසර ගණනාවකට පස්සේ වූණු හමුවීමක් හින්දම දෙන්න එක්ක රස්නෙට කිරි කොපි එකක් තොල ගාන ගමන් බේකරියෙන් අලුත බාපු උණු උණු අඩපන්චියක් රහ බලන්න අමතක කලේ නෑ. ඇය දැන් විවාහකයි. අම්මා කෙනෙක්. ඒ කාලේ ඇයට පෙම්වතෙක් උන්නා. ඇය බොහොම විවෘතයි. ඒ හින්දම එයාගේ ආත්මය ලස්සනයි. ඇය මට හරි අපුරු කතාවක් කිව්වා. ඒ ගෑණියක්ට ප්‍රථම ප්‍රේමය ඇගේ ඇට මිදුළු වලට කා වදින තරම ගැන කියන්න.
"සමීර ඔයා දන්නවද ගැහැනියකට එයාගේ ෆස්ට් ලව් එක කොච්චර වටිනවද කියලා. ඔයාලට හිතා ගන්නවත් බෑ. ගොඩක් කෙල්ලන්ගේ පළමු ආදරේ හොඳ කොල්ලෝ නෙමෙයි. ගොඩක් වෙලාවට ඕලෙවල්වත් පාස් නොවුණු රස්තියාදු කාරයෙක්. ත්‍රීවිල් අයියා කෙනෙක්. බස් කොන්දොස්තර කෙනෙක්. එහෙමත් නැතිනම් ගංජා ගහන නිකමෙක්. සල්ලාලයෙක්. කලාතුරකින් හොඳ කොල්ලෙක් ඉන්නව. ඔය කවුරු වුනත් ඒ කෙල්ලගේ ජිව්තෙට එන දෙවැනි කොල්ලා එයාට දෙවනියෙක්ම විතරයි. ඒ දෙවනියට එන කොල්ල කොච්චර ගති ගුණ අතින් හොඳ රත්තරන් මනුස්සයෙක් වුනත් ඒ කෙල්ලගේ පරමාදර්ශී උතුම් පිරිමි ආත්මේ අර පළවෙනි රාස්තියාදුකාරයා.
පළවෙනි කොල්ලට කෙල්ල ලව් කරන්නේ මාරම රියල් විදහට මුළු හදවතින්ම මුළු ආත්මෙන්ම. එත් දෙවනි ආදරේ එහෙම නෑ. පළමු ආදරේ මතකයන් එක්ක දෙවැනි ආදරේ හැම පියවරක්ම කෙල්ල තියන්නේ හරි පරෙස්සමින්. ඉතින් අර පළමු ආදරේ තරම් දෙවැනි ආදරේ කෙල්ලට ළඟ නෑ. පළමු ආදරේ කෙල්ලට පරිත්‍යාගයක් වෙද්දී දෙවැනි ආදරේ කෙල්ලට ඩීල් එකක්. ඒ කියන්නේ ගනු දෙනුවක්. ඔයා මෙහෙමනම් මම මෙහෙමයි. පළමු ආදරේ තිබුණු කොන්දේසි විරහිත බාවය දෙවැනි ආදරේ නෑ. පළමු ආදරේ හුරතල් වුනු කෙල්ල නෙමෙයි දෙවැනි ආදරේ ඉන්නේ. පලමු ආදරේදී දෙමාපියන්ට විරුද්ධ වෙලා පැනලා යන්න දෙපාරක් නොහිතන කෙල්ලො දෙවැනි ආදරේදි දෙමාපියන්ගේ කැමැත්ත නැතිව පස්සවත් කසා ගන්නෑ කියලා බබා පාට් දානවා. ගතින් දෙවැනි ආදරෙත් එක්ක උන්නත් හිතින් දෙවැනි ආදරේ මතක වමාරලා රහ බලන්න කෙල්ලෝ ආසයි. කාටවත් හිත් කියවන්න බෑනේ. ඉතින් මේ හැංගුනු ගැහැණු සිතුවිලි කව්රුත්ම දන්නේ නෑ.
මේ දෙයින් ගොඩක්ම අසාධාරණයට ලක් වෙන්නේ අර දෙවැනි කොල්ලා. කොච්චර ගති ගුණ අතින් හොඳ වෙලා කෙල්ලට පන වගේ ආදරේ කලත් අර පළවෙනි රස්තියාදුකාර ආදරවන්තයා ඉස්සරහ දෙවැනි කොල්ලා නිකම්ම නිකන් රොඩ්ඩක් විතරයි. ගොඩක් ගැහැණු හංගන පිරිමි නොදන්නා ඇත්ත මේකයි."
එහෙම කිව්ව එයා ලොකු හුස්මක අරගෙන පාර දිහා බලාගෙන උන්නා. හෝටලේ රේඩියෝවේ නැසී ගිය යොහාන් අර්ජුනගේ සින්දුවක් යනවා...
නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..
රිදවන්න හැමදා හඬනා හද මේ වගේ..
මා හා....
මේ මල් මාවතේ...
ආ වා....
ඔබ සිතු සේ...
සංවාදයට.
[සමීර සාලින්ද]
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI