එයාට මන් වෙනුවෙන් වෙන් කරන්න කාලය මදි උනාද

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

ටිකක් දිග කතාවක්...

සමනලයෙක් පාට පාට....සින්දුවකුත් කියාගෙනම මන් ඉස්තෝප්පුවට ගියේ කෝප්පයක් හෝදන්න හිතාගෙන...මෙන්න බොලේ එනවා මගේ අපාය සහයක කලන මිත්‍රයා
අඩෝ නෙතූ මෙහෙ වරෙන්..කියාගෙන මේකි මාව ගේ ඇතුලට ඇදගෙන ගිය විදිහට මන් දැන ගත්තා මොකක් හරි කුපාඩි වැඩක් තමයි කියලා
- අරකි කොල්ලා එක්ක ෆොටෝ ගහලා fb දාලා බන්
-කවුද යකෝ
-දසුනි බන්.. ඒ අපි බලමුකො ටිකක්
-මට fb account එකක් නෑනෙ බන්
-ඉතින් හදපන්කෝ
ඔය විදිහට තමයි මන් මුලින්ම fb account එකක් හදා ගන්නේ ...ආ මගේ නම කියන්න අමතක උනානේ මන් මන් නෙතූ අමන්දා ..අම්මයි අප්පචි දෙන්නම විදේශ ගත වෙලයි හිටියෙ..ඔය විදිහට ඉතින් මන් fb ආවා ගියා කිසි අවුලක් තිබුනෙ නෑ..දවසක් මගේ account එකට ආපු request එකකින් පස්සෙ මට ගොඩක් හොද යාලුවෙක් හම්බ උනා පින්තූර හුවමාරු උන්නා ඔහොම කාලය ගෙවිලා ගියා..දවසක් එයා
Eaa
Moko matto
ubata mage yaluwek kamathilu
Mona
u onna request ekak dala add karanna..
mata ba matto
මන් එයාව add කලේ නෑ.ඒත් යාලුවගෙ කන් කරච්චලේ නිසාම අපි කතා කලා..එයා ගිම්හාන්..එයා මගේ පින්තූරයක් දැකලා තමයි මට කතා කලේ..ඔහොම කාලය ගියා අපි ආදරේ කලා කිසි ප්‍රශ්නයක් අපි අතර තිබුනෙ නෑ..ඒත් කාලයත් එක්ක හැම දේම වෙනස් උනා
Appachchi
Kiyanna manika
Oya mk
tikak inna mn game ekak gahanawa passe ennam
එයාට මන් වෙනුවෙන් වෙන් කරන්න කාලය මදි උනාද මන්දා...මට කුනුහර්ප කියන්න ගත්තා..කාගෙන් හරි කෝල් එකක් ආවත් කෑ ගහන්න ගත්තා...එයා වෙනස් උනා ..අම්ම අප්පචි ලග නැතුව ගොඩක් වෙනස් කම් මැද්දෙ හැදිච්ච මට මගේ මුල්ම ආදරේ ඒ විදිහට වෙනස් වෙච්ච එක දරා ගන්න බැරි වුනා ..අන්තිමේ මන් තීරනයක් ගත්තා ..ඔව් මන් එයාගෙන් ඈත් වෙන්න හිතුවා..එත් ආදරේ බින්දුවක් වත් අඩු වුනේ නෑ..එයා මාව යාලු කරගන්න දවස් දෙක තුනක් උත්සහ කලා..එත් මන් ටිකක් මුරන්ඩු වුනා එයාට ආදරේ නිසා..ඒත් මන් එයාගෙ යාලුවගෙන් එයාගෙ විස්තර දැන ගත්තා..
Kasun..
kiyanna matti
Gimhana hodinda
U dan wena kellekta line ban aulk na..
එදා මට මගේ ජීවිතේම එපා වුනා..මගේ ලෝකෙ මගේ ඇස් ඉස්සරහම කඩන් වැටෙන කොට මට දරා ගන්න බැරි වුනා..මන් වෙන කෙනෙක්ට ලන් වෙන්න උත්සහ කලාට එයාට තිබ්බ ආදරේ ඒ හැම දේකින්ම මාව ඈත් කලා ..එයා ඉස්සරහා මන් මගේ හැම දේම නැති කරගත්තා..අද එයා එයාගෙ ලෝකෙ හදාගෙන මන් හැමදාම බලන් ඉන්නවා...
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI