ඇයි මාව බේරගන්න ඔයා හිටියෙ නැත්තේ...මම් දැන් මොනවද කරන්නෙ..මට ජීවත්වෙන්න ඕනෙ නෑ...මට මැරෙන්නෝන.අනේ මට මැරෙන්නෝන..

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

#වසන්තයක්_වූ_ගිම්හානය..❤️

"මහත්තයා......"
"ඇයි සුදු අම්මි...."
කෙල්ලගෙ කෑගැහිල්ලට බයවෙච්චි පාර කොල්ලා දුවගෙන ආවෙ උය උය හිටපු හැන්දත් අතේ තියාගෙනමයි.
"ඇයි රත්තරං .ඔයාට අමාරුයිද?"
කොල්ලා ඇහුවෙ කෙල්ලගෙ මූණට එබිලා.
"අනේ නෑ මහත්තයෝ..මේ දඟයා පයින් ගැහුවා.ඒකයි."
කෙල්ල කිව්වෙ හිනාවෙවී බඩත් අතගගා.
"අම්මෝ මම් බයවෙච්චි තරමක්.තව ඩිංගෙන් දුවගෙන ආපු දිවිල්ලට මගේ සරමත් කැඩෙනවා."

කෙල්ල මහ හයියෙන් හිනාඋනා.
"ඔහොම හයියෙන් හිනාවෙන්නෙ හොඳ නෑ මැණික"
"අහ්..සොරි සොරි..අපරාදෙ හැබැයි..කැඩෙන්න තිබුනෙ."
"මොකක්ද"
"සරම"
"දෙනවා ගුටියක් මම් දැන්"
😘😘කොල්ලා පහත්වෙලා කෙල්ලගෙ නළළ සිපගත්තා.
ඒත් එක්කම කෙල්ලට මොකක්දෝ කරවෙන ගදක් ආවා.
"ම..හ..ත්..ත..යෝ...."
ඔන්න එතකොටම කොල්ලත් ඉවකරලා බැලුවා.
"මලා....චිකන් එක.🍗.අද කන්න වෙන්නෙ කරි චිකන් නෙමි කර චිකන්"
කියාගෙන කොල්ලා කුස්සියට දිව්වා.
දැන් කෙල්ලගෙ බඩට මාස 8යි.කෙල්ල උයන කෑම එයාටම කන්න අප්පිරිය නිසා කොල්ලා හරි ආසාවෙන් රසට කෑම උයලා දෙනවා.
කෙල්ල හිටියෙ ඇදෙහි හාන්සිවෙලා.එයා හෙමිහිට වාඩිවෙලා කොට්ටෙ ඇදවිට්ටමට තියලා සීරුවෙන් ඒකට හේත්තුවෙනවා.කෙල්ලගෙ බන්ඩියෙ ඉන්නෙ එයා මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන කෙනාගෙ පණ කියලා කෙල්ල දන්න නිසාම ඒ පණ ආරක්ශාකරගන්න කෙල්ල ගොඩාක් උත්සාහා ගන්නවා .කෙල්ල හෙමිහිට ඇස් පියාගන්නවා.පහුගිය අතීත සිදුවීම් එකින් එක කෙල්ලට මතෙක්වෙන්න පටන්ගන්නවා.



"ශයිනි ඩාර්ලින් .කොහෙද යන්නෙ?"
"ඉන්ස්ටිටියුට් යනවා ඩැඩී."
"එහෙනම් ගුඩ් ගර්ල් වගේ කැබ් එකකට කෝල් කරලා යනවද."
"ඇයි ඩැඩී කෝ ලයනල් ?"
"මිනිහගෙ වයිෆ් අසනීප වෙලා කියලා අස්වෙලා ගියා."
"වට් ..අයියෝ දැන් ඉතින් කැබ් වලම තමා යන්න වෙන්නෙ.මේ මිනිහාටත් අදම යන්න ඕන උනානෙ.ඔය සල්ලි ටිකක් ගෙදරට යැව්වානම් ඉවරයිනෙ.ශිට්.."
"මම් එහෙනම් යනවා දුව.අද හදිසි මීටින් එකක් නිගම්බෝ වල"
"ඕකේ ඩැඩී"

'ඩැනී නීලම්මණ' කියන කෝටිපති ව්‍යාපාරිකයාගෙ එකම දුව වන 'ශයිනි ටාන්‍යා නීලම්මණ'උසස්පෙල පලමු වසරේ ඉගෙනුම ලබන ධනපති මාන්නය ඔලුවටම ගහපු කෙල්ලෙක්.එයා වගේම තමයි එයාගෙ අම්මාත්.ඇය 'නිකී නීලම්මණ'.
සමාජ සේවය කිය කිය ක්ලබ් වලටයු,ඩෝග් ශෝ වලටයි ,ෆැශන් ශෝ වලටයි අත දිග ඇරලා වියදම් කරන ඇය මනුස්සකමක් ගෑවිලාවත් නැති උද්දච්ච කාන්තාවක් .මේ ගෙදර මේ තුන්දෙනාට අමතරව තවත් සාමාජිකයෙක් ඉන්නවා.ඒ තමයි නිකී ගෙ හුරතලා 'පිලිප්'. මිල අධික බුල් ඩෝග් වර්ගයේ සුනඛයෙක් 🐕🐕🐕.පිලිප්ට ලැබෙන සැප ගෙදර මිනිස්සුන්ටවත් නැහැ.ඌටම වෙන් උනු ඒසී කාමරයක්, මිල අධික කෑම වර්ග 🍖🍗 ,බෙහෙත් වර්ග 💉💊 වලින් නම් අඩුවක් නැහැ.සතියේ දවස් 7ම උදේට ස්පා අරන් ගිහින් මසාජ් කරලා එක්සසයිස් කරලා තමයි පිලිප්ව එක්කගෙන එන්නෙ.පිලිප් හරියට හැසිරෙන්නෙ පිලිප් කුමාරයා වගේ..🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕👑👑👑👑👑👑👑👑👑

"අද ඉදලා තමුන්ට මෙහෙ නවතින්න පුලුවන්.හෙට උදේ ඉදලා වැඩ පටන්ගමු.අන්ඩස්ටෑන්ඩ්."
"යස් සර්."
"තමුන්ට මගෙ ඩෝටර් ව තමයි එක්ක යන්න තියෙන්නෙ."
"ඕකේ සර්"
දවස් තුන හතරකට විතර පස්සෙ ඩැනී මහත්මයා ඩ්‍රයිවර් කෙනෙක්ව බදවගත්තා.
"රංජිත්....රංජිත් .."
"ලොකු මහත්තයා.."
"මෙන්න මේ ලමයාට අර ලයනල් හිටපු කාමරේ පෙන්නන්න.මෙයා තමයි අපි ලයනල් වෙනුවට අලුතින් ගත්තු ඩ්‍රයිවර් ."
"හොදමයි ලොකු මහත්තයා."
"එන්න..".
රංජිත් ඔහුව රැගෙන ගියේ නිවසේ පිටුපස ප්‍රදේශයටයි.
"ලයනල් අයියා මේකෙ තමයි ළමයෝ හිටියෙ.දැන් දවස් තුන හතරකට උඩදි මිනිහා අස්වෙලා ගියා.පව් මිනිහගෙ ගෑනි අසනීපවෙලාලු.දරුවෙක් මල්ලෙක් වත් නැති නිසා මිනිහ අස්වෙලාම ගියා ගෑනිව බලාගන්න."
දුප්පත් වුවත් ඔවු කොතරම් ආදරණීය යුවලකදැයි ඔහුට සිතිනි.
"අර එලියෙ ටැප් එකෙන් ඇග පත සෝදගන්න.මම් තේ කහට ටිකක් හදාගෙන එන්නම්.."
"හා මාමෙ.."
ඔහු කාමරය ඇතුලට ගියේය අතෙහි තිබූ බෑගය පුටුව උඩින් තිබූ ඔහු වටපිට බැලීය.එය ගබඩා කාමරයකි.නිවසින් ඉවත්කරන කැඩුනු පුටු මේස වලට අමතරව නිවසට අවශ්‍ය කරන හාල්,පරිප්පු ගෝනි හා පොල් ගොඩගසා ඇත්තේද මෙහිය.පුංච් ඇදක් හා පුටුවක් අයිනකට වන්නට තබා ඇත.ඇදට ඉහලින් කුඩා ජනේලයකි.කොල්ලා සෙමෙන් බෑගය හැර ඉන් කුඩා තුවායක් ,ශෝටක් හා ටීශර්ටයක් අතට ගෙන එලියට ගියේය.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

හරියටම උදෑසන 7වනවිට කොල්ලා සූදානම් වී කාරය තුලට වී සිටියේය.එය හයිබ්‍රිඩ් වර්ගයේ මෙරූන් පැහැති කාරයකි.ඔහු මෙවන් සුඛෝපභෝගී වාහනයක් එලවන්නේද අදමය.18සම්පූර්න වූ වහාම ලයිසන් ගත්තේ පිනකට යැයි ඔහුට සිතුනි.
කෙල්ල පැමිනියේ දුවගෙනය.
"යමු.."
ඉක්මනින් කාරයට ගොඩවී ඇය පැවසීය.
"ගුඩ් මෝනින් මැඩම්.කොහාටද යන්න ඕන"
කෙල්ලට පුපුරන්නට තරම් තරහය.
"ඇයි තමුසෙ ශෙඩූල් ලිස්ට් එක බලල නෙමෙයිද ආවෙ.උදේ පාන්දරම මගේ මූඩ් එක කෑවා.මේ හලෝ.අනිත් දවසෙ එනකොට ශෙඩූල් ලිස්ට් එක හරියට බලලා යන තැන දැනගෙන එනවා නිකම් මගේ කාලෙ කන්නෙ නැතුව.හ්ම්..දැන් යනවා නුගේගොඩ සක්‍යා ඉන්ස්ටිටියුට් එකට."
"සොරි මැඩම් .."
ඔහුට දුකය.පලමු දිනයේම බැනුම් කෝටියකි.ඇය කොච්චි කරලකි.🌶🌶🌶නැත.ඇය බෝම්බයකි..💣 💣💣💣💣💣💣💣💣💣💣💣💣

සක්‍යා එක අසලින් නැවැත්වූ ඔහු කාරයෙන් බැස ඇය සිටි පැත්තට ගොස් දොර හැරියේය.
"හරියටම 2ට මෙතන්ට එනවා.1.59 ටත් නෙමි 2.01ටත් නෙමි.ඩූ යූ අන්ඩස්ටෑන්ඩ් ?"
"යස් මැඩම් "
ඇය යන්නට ගියේය .
මිටින් ගත හැකි ඉඟ සුඟ,රන් වන් පැහැ සම,ස්ට්‍රේට් කරන ලද කෙටි කොන්ඩය 💁, වැලමිට ලගට දැමූ හෑන්ඩ් බෑගය👜, අඩි උස සෙරෙප්පු යුගලය 👠,ඇගටම හිරවුනු කෙටි ගවුම 👗 ධනපති පන්තිය හොදින් නිරූපණය කරයි.
"ඔහු ඇය යන අයුරු හිස් මනසකින් යුතුව බලාසිට රිය පණ ගන්වා යන්නට ගියේය.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

"ඩාර්ලින්..වට් හැපන්.."
කෙල්ල මිදුලෙහි බෙන්ච් එකට වී සිටිනු දුටු නිකී ඇසිය.
"නතිං මමී..ඔලුව චුට්ටක් කකියනවා වගේ.ඇගත් රස්නෙයි."
"ඔහ්...ගනන් ගන්නෙපා ඩියර්..පැනඩෝල් දෙකක් බිව්වානම් ඕක හරියාවි.මේ බලන්න මගෙ පිලිප්.."
ඇය සිටියේ කුක්කාව වඩාගෙන තුරුලුකරගෙනය.
"මෙයා දැන් දවස් දෙකක ඉදලා හරියට කන්නෙ නෑ.ඔයාලා වගේද මෙයා.මට දුකේ බෑ.මම් ඩොක්ටර් කෙනෙක් චැනල් කලා .මෙයාව පෙන්නලා එන්නම්.මම් යනවා ඩෝටර් .බායි.."
කොල්ලා සිටියේ පැල වලට වතුර දමමිනි.
ඔහු මෙම සිදුවීම බලා සිටියේය.
නිකී මහත්මිය කතාකරනා ආකාරය දුටිවිට ඔහුට එකවරම සිහිවූයේ ටිංටිං කාටූනයේ සිටි ඔපෙරා ගායිකා "මැඩම් කැස්ටෆියුරේ " වය.ඇගේ කටහඩ හා පෙනුම ඒ වාගෙමය.
තම කුසින් වැදූ දරුවාට වඩා හුරතලයට හදන කුක්කා වටින්නේ..,මේ කුමන අම්මාකෙනෙක්දැයි ඔහු සිතීය.කොල්ලාට කෙල්ල ගැන දුකය.ඇය මෙලෙස නපුරු වී ඇත්තේද මේවා නිසාම බව ඔහුට සිතිනි.ඔහු සෙමෙන් සෙමෙන් කෙල්ල අසලට ගියේය.
"මැඩම්.."
"අමාරුමනම් ඩොක්ටර් කෙනෙක් ලගට යමුද?"
"මගෙ යකා අවුස්සන්නෙ නැතුව යනවා මෙතනින්.."
ඔහු බිමබලාගෙන යන්නට ගියේය..නමුත් හිතට දුකය..ඇය ගැන දුකය.ඔහු නැවතත් තම කාර්‍යයේ නිරතවිය.එවිටම වාගෙ කැබ් රථයක් ගේට්ටුවෙන් ඇතුල්විය.එයින් බැස ආවේ කඩවසම් තරුනයෙකි.

"හායි මයි ගෝජස් ඒන්ජල්.."
😘😘😘😘
ඔහු පහත්වී කෙල්ලව සිපගත්තේ බලෙනි.ඔහු එනු නොදුටු ඇය ගැස්සී ගියේය.
"ටිරාන්..වට් ආ යූ ඩුඉන්.ආ යූ මෑඩ්?"
"වයි ඩාර්ලින් .."
"වයි තමයි .ඔයාට කොහෙන්ද මෙච්චර හයියක් මාව කිස් කරන්න තරම්.අනික මේ වැඩකාරයෝ ඉස්සරහා"
ඇය කීවේ ඔහු ගැනය.ඔහු කරමින් සිටි වැඩය නවතා එතනින් යන්නට ගියේය.පපුව ඇදුම්කයි.ඒ ඇයි දැයි ඔහුට නොතේරෙයි .
"කවුද රංජිත් මාමෙ අර ඇවිත් ඉන්න මහත්තයා ?"
කොල්ලා කුස්සියෙහි උන් රංජිත් ගෙන් ඇසීය.
"ඒ අපේ ලොකු මැඩම්ගෙ නංගිගෙ පුතා.ටිරාන් මහත්තයා."
"එයා කොහොම කෙනෙක්ද?".
"මහ සල්ලාලයෙක්.පොඩි බේබිට ඉන්න දෙන්නෙම නෑ.මේ ලොකු මහත්‍තයලට ඕවා පේන්නෙ නෑ ලමයෝ.අර බේබි පව්."
ඔහුට ඇය ගැන අනුකම්පා සිතුනි.ඇය කොයිතරම් අසරණ වී ඇත්දැයි ඔහුට වැටහුනි.
පැයක් පමණ සිටි ටිරාන් යන්නට ගියේය.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

පන්ති අවසන්වී ඇත.කොල්ලා වෙලාවටම එතනට පැමින සිටියේය. ශයිනි ඇතුලෙහි සිට පැමිනියේ දුවගෙනය.ඇය පිටුපසින් කොල්ලන් රංචුවක් ඇය පෙන්වමින් සිනහසෙමින් පැමිනෙනු ඔහු දුටීය.ඔහු දුවගොස් කාරයේ දොර හැරියේය.සිදුවී ඇති දෙය ඔහු දුටුවේ ඇය කාරයට නගිනා විටය.ඔහු දොරවසා කොල්ලන් දෙස රවා බැලීය.පසුව රිය පණගන්වා යන්නට ගියේය.
ඔහු ඉදිරිපස කන්නාඩියෙන් ඇය දෙස බැලීය.ඇය හඩයි.
"මැඩම්.."
ඇගේ කතාවක් නැත.ඔහුට දුකය.
"මැඩම්.අපි කෙලින්ම ගෙදර යමු නේද.."
ඔහු එසේ ඇසුවේ ඇයට තවත් පන්තියක් ඇති බැවිනි.
"ඔව්..ගෙදර යමු."
"හා.."
"මෙ...මට..පොඩි දෙයක් ශෝප් එකකින් ගන්න ඕන..ලේඩි කෙනෙක් ඉන්න ශොප් එකක් ලග නවත්තනවද.."
"හා.."
ඔහු කඩයක් ලග නැවැත්තුවේය.
"මොනාද මැඩම් ගන්න ඕන.කියන්න මම් ගෙනත් දෙන්නම්."
ඇය කාරයෙන් බහින පාටක් නැති නිසා ඔහු ඇසීය..
"මේ...මේ..මට.......ඔය කඩේ ලේඩිට පොඩ්ඩක් එන්න කියනවද.."
ඔහුට සියල්ල වැටහුනි.ඔහුටත් නංගියෙකු සිටියි.ඇයත් මෙවන් අවස්තා වල හැසිරෙන්නේ මෙලෙසින්ම බව ඔහුට වැටහුනි.
කොල්ලා කාරයෙන් බැස කඩයට ගොස් නැවත පැමිනියේ කොලයක යමක් ඔතාගෙනය.එය කෙල්ලට දුන් විට ඇය එය ගත්තේ ලැජ්ජාවෙනි.
"තෑන්ක්ස්.."
පසුව ඔවුන් නිවස වෙත ගියහ.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

කොල්ලා කුස්සියේ වාඩිවී තේ බොමින් සිටියේය.කෙල්ල කුස්සියට පැමිනියෙ එවිටය.කොල්ලාට ඉදන් උන් තැනින් නැගිට්ටුනි.
"මේ...ටිකක් කතාකරන්න පුලුවන්ද.."
"කියන්න මැඩම්.කොහෙහරි යන්න ඕනෙද."
"නෑ.."
"කියන්න මැඩම්."
ඇය පුටුවක් ඇද වාඩිවිය.ඔහු තවමත් හිටගෙනය.
"වාඩිවෙන්න"
"කමක්නෑ මැඩම්."
"වාඩිවෙනවා"
ඔහු බංකුවකින් වාඩිවිය.
"ඔයාගෙ නම මොකක්ද?"
"මම..මම ගිම්හාන. 'ගිම්හාන අචින්තන බංඩාර'. "
"ගෙවල්?"
"අනුරාධපුරේ"
"ගෙදර කවුද ඉන්නෙ?"
"අම්මයි නංගියි.තාත්තා පොල් ගහකින් වැටිලා මැරුනා නංගි පොඩිකාලෙම."
"ඉගෙනගෙන තියෙනවද?"
"ඔව් මැඩම්.ඒ ලෙවල් කොමස් වලින් කලා.බී 1යි සී2යි."
"වට්?ඇයි එතකොට මේ වගේ ජොබ් එකක්..?"
"මේ කාලෙ ජොබ් හොයාගන්න අමාරුයි මැඩම්.අනික වෙන ජොබ් එකකට ගියාම පඩි අඩුයි මුල් කාලෙ.මේක හොදයි.මහත්තයා මට හොදට ගෙවනවා."
"ඩැඩී කීයක් දෙනවද?"
"මාසෙටම 35ක් දෙනවා මැඩම්.මගේ නංගි මේ පාර ඕලෙවල් කරනවා.එයාගෙ පන්ති වලට වියදම් කරන්න ඕන නිසයි මම් ඉක්මන්ට මේකට ඇප්ලයි කලෙ."
"හ්ම්...."
ඇය කල්පනා කරයි.
"දැන් ඇවිත් මාසෙකටත් වැඩියි නේද.."
"ඔව් මැඩම්."
"ගෙදර ගියෙ නෑ නේද."
"ඔව් මැඩම්."
"හෙටයි අනිද්දයි මට ක්ලාස් නෑ.ගෙදර ගිහින් එන්න.මම් ඩැඩීට කියන්නම්."
"හා මැඩම්."
ඇය යන්නට නැගිට්ටේය.
"හවසට මාත් එක්ක පොඩි ගමනක් යමු."
"හා මැඩම්"
ඇය යන්නට ගියාය.ඔහුට පුදුමය.ඇය හොදින් කතාකල පලමු අවස්තාව මෙයය.හිතට සතුටුය.

සවස ඇය ඔහුත් සමග ගියේ ශොපින් මෝල් එකකටය.නොයෙක් වර්ගයේ ඇදුම් ආභරන ආදිය ඇය මිලට ගත්තාය.ඔහුත් ඇය පසුපසින් ගමන් කලේය.
නිවසට පැමිනි පසු ඇය ඇගේ කාමරයට ගිය අතර ඔහු ඔහුගේ කාමරයට ගියේය.
ටික වේලාවකි ඇය ඔහුගේ කාමරයට පැමිනියේය.ඇය ප්‍රථම වරට ගබඩා කාමරයට පැමිනියේ අදය.ඇගේ ඇස් උඩ ගියේ මෙවන් තැනක මනුස්සයෙක්ට ඉන්නට හැකිද කියාය.
"ගිම්හාන..."
ඔහුගේ නමින් ඇය ඇමතූ පලමු අවස්තාවය.
"මැඩම්.."
ඔහු ගැස්සී ගියේය.
"මේ ටික ගෙදර ගෙනියන්න."
ඇය මලු 5,6ක් ඔහු අත තැබීය.
"මේ මොනවද?"
"ඇදුම් වගයක්.අම්මලාට"
"අනේ.."
ඔහුගේ ඇස් වල කදුලු පිරිනි.
"මේ සල්ලි ටිකත් දෙන්න."
"අනේ එපා මැඩම්..ඇයි මෙච්චර?"
"ඉක්මනට ගිහින් එන්න"
ඇය යන්නට ගියාය.ඇය හඩමින් සිටියාදැයි ඔහුට සැකය.
පසුදා පාන්දරම කොල්ලා අනුරාධපුරය බලා පිටත්විය.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

දින දෙකකට පසු ගිම්හාන පැමිනෙණ විට සිදුවී තිබුනේ සිතාගන්නවත් බැරි සිදුවීමකි..

"ළමයෝ..ඔයා ආවද.."
"ඔව් රංජිත් මාමෙ"
"බලන්නකො දරුවෝ සිද්ද වෙච්චි දේ.."
"අනේ..ඇයි මාමෙ.."
හිතට බියක් දැනුනි.ඇයට කරදරයක්ද?
"පෙරීදා අර නරුමයා ඇවිත්.."
රංජිත් ගේ ඇස් වල කදුලුය.
"ඉතින්..කියන්නකෝ.."
"ඒ නරුමයා ගෙදර කවුරුත් නැතිවෙලාවෙ ඇවිත් අපේ චූටි බේබිව..."
ඔහු කමිසය උස්සා කදුලු පිසදැමීය.
"කියන්නකෝ බේබිට මොකද?"
"මේ ගෙදර ගෞරවය ඉවරයි ලමයෝ.ඌ බේබිව විනාසකරලා.."
"දෙයියනේ...."
ගිම්හාන ඔලුව අල්ලාගෙන බිම වාඩිවිය.ඔහුට හිතාගැනීමටවත් නොහැකිය.පපුව පුපුරන්න වාගේය .හැඩුම් ආවේ ඔහුටත් නොදැනීවමය.
"කෝ බේබි එතකොට?"
"හොස්පිටල් එකේ."
"දැන් කෝ එතකොට ලොකු මහත්තයායි ලොකු මැඩමුයි?"
"එයාලා එයාලගෙ වැඩවල දරුවෝ.ඒ මිනිස්සුන්ට ගානක්වත් නෑ.බේබිව හොස්පිටල් අරන්ගියෙත් මම"
"දෙයියනේ මේ පුදුම මිනිස්සුනෙ.."
ඔහුට ඔවුන් පිළිඹදව ඇතිවූයේ පිලිකුලකි.තරහකි.
විස්තර අසාගෙන ගිම්හානකෙලින්ම ගියේ ඉස්පිරිතාලෙටය.

"මිස්..මට දැනගන්න පුලුවන්ද මිස් ශයිනි ඉන්නෙ මොන රූම් එකේද කියලා."
"ම්ම්...රූම් නම්බර් 23."
"තැන්ක් යූ"
ඔහු ගියේ දුවගෙනය.මෙය දරාගැනීමට ඔහුට නොහැකිය..
ඔව් ... කොල්ලා ඇයට ආදරය කරයි.ඇයව එක වරක් දුටු කෙනෙකුට ආදරයක් ඇතිවීම අරුමයක් නොවෙයි.ඇයඒ තරම් ලස්සනය.
කාමරයට ඇතුල්වනවිට ඇය සිටි ආකාරය දුටු ගිම්හානගේ සිත තට්ටු ගනනාවක් පහලට කඩාගෙන වැටුනි.නිල් පැහැති රෝහක් ඇදුම ඇද ජනේලය දෙස බලාගෙන සිටින ඇගේ අතට සේලයින් කටුවක් ගසා ඇත.කොල්ලා සෙමෙන් ඇය අසලට ගියේය.
"මැ...ඩ..ම්..."
ඇය ගැස්සී ඔහු දෙස බැලීය..
"අහ්..දැන්ද එන්නෙ..මොකටද ආවෙ..ආ...මොකටද ආවෙ..යනවා මෙතනින්..යන්න.."
කෙල්ල මිට මොලවා කොල්ලාට ගහගෙන ගහගෙන ගියේය.පසුව ඔහුව තල්ලුකරදැමීය.
"අනේ මැඩම්...."
"යනවා යන්න...."
ඇගේ කෑගැසීමට බියවී ඔහු යන්නට හැරී අඩි දෙකතුනක් ගියේය.
"ගිම්හාන...."
ඇය හඩයි.ඔහු නැවතත් ඇය අසලට ගියේය.එකවරම ඇය ඔහුව බදාගෙන හඩන්නට විය.
"ඇයි මාව දාලා ගියේ...බලන්න..ඔයා නැති ටිකට වෙච්චි දේ...අනේ...."
ඇය ඉකිගසමින් හඩයි.
"අනේ මැඩම් මම් ඉතින්.."
"මාව දාලා ගියානෙ..ඔයා හිටියනම් අර තිරිසනා මට මෙහෙම......."
"අඩන්නෙපා දෙයියනේ..."
ඔහුද හඩයි.
"ඇයි මාව බේරගන්න ඔයා හිටියෙ නැත්තේ...මම් දැන් මොනවද කරන්නෙ..මට ජීවත්වෙන්න ඕනෙ නෑ...මට මැරෙන්නෝන.අනේ මට මැරෙන්නෝන.."
ඇය ඔහුව බදාගෙන හඩමින් කියයි.
"අනේ මැඩම්..මේ අහන්න.."
කොල්ලා ඇයව ඇදට හේත්තු කලේය.
"කෝ කදුලු පිහිදගන්න.."
ඔහුම ඇගේ කදුලු පිසදැම්මේය.
"වෙච්ච දේ වෙලා ඉවරයි මැඩම්.මම් ගෙදර නොගිහින් හිටියානම් ඉවරයි.අනේ එහෙම උනාමම් මැඩම්ට මෙහෙම දෙයක් කරන්න මම් ඌට ඉඩදෙන්නෙ නෑ.එහෙනම් මම් ඌව මරනවා.."
"අම්මිලට මම් ගැන ගානක්වත් නෑ ගිම්හාන ."
"මැඩම්ට ඕන දේකට මම් ඉන්නවා.."
ඇයට කවදාවත් නොදැනුනු තරම් ආරක්ශාවක් දැනුනි.
"මැඩම් කාලාද ඉන්නෙ?"
"දවස් දෙකකින් මුකුත්ම කෑවෙ නෑ ගිම්හාන .මගේම අම්මා තාත්තත් මාව බලන්න ආවෙ එකම එක පාරයි.මම් පිස්සුවෙන් වගේ හිටියෙ.මම් දැනගෙනහිටියා ඔයා මාව බලන්න ඒවි කියලා."
ඔහුට දරාගත නොහැකිය .දෑසින් කදුලු ඔහේ ගලාගෙන ගියේය.
"ඉන්න මම් කන්න මොනවාහරි අරගෙන එන්නම්."
ඔහු යන්නට හැරුනේය.
"මාව දාලා යන්න එපා.."
ඇය කීවේ ඔහුගේ අතක් බදාගෙනය.
"දාලා යනවා නෙමෙයිනෙ.ඉක්මන්ට කෑම අරගෙන එන්නම්."
"මට බයයි.අරූ මෙතන්ටත් ආවොත්?"
"මිනිහා මෙහාට එන්නෙ නෑ.බයවෙන්නෙපා මැඩම්.මම් එනකම් ඉන්නකෝ"
කොල්ලා යන්නට ගියේය.කෙල්ල කොල්ලා යන දෙස බලා සිටියේ ලෝබකමිනි.

"කොහේදෝ ඉදලා එකපාරටම ඇවිල්ලා..ඔයා..මගේ හිතට මොන මොනවදෝ කරලා..."
ඇය සිතීය.

"ආ මෙන්න."
ඔහු ගෙනත් තිබුනේ KFC එකෙහි BK රයිස් එකකි.
ඇය එය අතට ගෙන කාගෙන කාගෙන ගියාය.
කොල්ලාට ආයෙත් හැඩුනි.
"බඩගින්නෙද හිටියෙ?"
"හ්ම්.."
ඇය පවසන්නේ කනගමන්‍ ය.
මම් රෑට රසට මොනවාහරි උයාගෙන එන්නම් මැඩම්"
ඇය මුකුත් නොපවසයි .
"ගිම්හාන.."
"ඇයි මැඩම්..".
"මම් මේ තරම් අවාසනාවන්ත ඇයි ගිම්හාන"
"එක එක්කෙනාගෙ දෛවය එහෙම තමයි මැඩම්"
"මම් තනිවෙලා.."
"නෑ..මැඩම්ට මම් ඉන්නවා.."
"හැමදාම?"
"මට පුලුවන්තාක් කල්"
"දාලා යන්නෑ.."
"නෑ.."
ඇය ඔහුගේ අත අල්ලාගත්තාය.
"මෙතනින් වාඩිවෙන්න"
"අනෙ...මම් මේ පුටුවෙන් වාඩි වෙන්නම් මැඩම්..".
"ඔය ඉතින්..මැඩම් කියන්න එපා අයියෝ.."
"අනේ මැඩම් "
"ශයිනි කියන්න"
"අනේ මගේ ජොබ් එකත් ගහලා යයි මැඩම්..අම්මෝ මට බෑ.."
"කියන්නයි කිව්වේ..."
"අනේ මැඩම්.."
"ඔයාට ඩොක්ටර් ව හම්බුනාද?".
"නෑ .ඇයි?"
"මගේ අම්මලාවත් තාම මේ ගැන දන්නෙ නැතුව ඇති.දැනගන්නත් එයාලා මාව බලන්න ආවෙ නෑනෙ තාම.."
"මොකක් ගැනද මැඩම්..?"
"මට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑලු ගිම්හාන.."
දෑසින් කදුලු කඩා වැටෙද්දී ඇය කීය..
"අනේ....."
"මේ මගේ කරුමෙ ගිම්හාන."
"හ්ම්....."ඔහුට හීල්ලිනි.
"දැන් කවුද මාව මැරිකරන්නෙ.අම්මා කෙනෙක් වෙන්න බැරි ගෑනියෙක්ව බදින්නෙ මොන මෝඩයද"
"මම් මුලු ජීවිතකාලෙම තනිවෙනවා ගිම්හාන.."
"මම් මැඩම්ට තනිවෙන්න දෙන්නෙනෑ..."
"ගිම්හාන...."
"ඔව් මැඩම්..මම් මැඩම්ට ආදරෙයි..මැඩම්ව දැක්ක මුල් දවසෙම මම් මැඩම්ට ආදරේ කරන්න ගත්තේ.."
"අනේ....."
කෙල්ල කොල්ලාගෙ පපුවට හේත්තුවී හැඩීය.
"මම් හිතුවෙ නෑ මගේ ජීවිතේට කවදාවත් ආදරයක් ලැබේවි කියලා..කියන්න ආයෙත් මට ආදරෙයි කියලා..කියන්න"
"මම් මගේ සුදු අම්මිය මගෙ පණටත් වඩා ආදරෙයි"
"අනේ මහත්තයෝ..මාව මෙහෙන් අරගෙන යන්න..ප්ලීස් ..මට මෙහෙ ඉන්න බෑ..."
"යමු.අපි ටිකට් කැපුවට පස්සෙ යමු."
"ඒත්...මට අම්මා කෙනෙක්..."
ඔහු ඇගේ කටට අත තියා වැසීය.
"මට එවා ප්‍රශ්නයක් නෙමෙයි සුදු අම්මි .."
ඇය තව තවත් ඔහුට තුරුලුවිය.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

ටිකට් කැපීමෙන් පසු ගිම්හාන ශයිනිව එක්කගෙන තම ගමට ගියේය.පසුව දෙදෙනා විවාහා විය.
නමුත් ඇගේ මව හා පියා කිසිම අයුරකින් ඇය ගැන සොයා බැලුවේ නැත...දැන් ඔවුන් විවාහා වී වසර 4කි..

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

"සුදු අම්මි..ආ මෙන්න...මොනාද අප්පේ මෙච්චරලා කල්පනා කලේ?"
කොල්ලා උණු උණුවේ බත් පිගානක් අතේ තියාගෙන පැමිනි කෙල්ලට කතාකලේය.කෙල්ල පියවි සිහියට ආවේ ඔහු කතාකල පසුවය..
"මට ඉස්සර දේවල් මතක් උනා මහත්තයෝ.."
😘😘😘😘😘😘
ඔහු ඇගේ නලලත මත හාදුවක් තැබුවේ හද ආදරයෙන් පිරී උතුරද්දීය...
"මගෙ සුදු අම්මිට මම් ගොඩාක් ආදරෙයි.."
"මමත් මුලු ලොකෙටත් වඩා ආදරෙයි මහත්තයෝ "
"කෝ නැගිටින්න මේ බත් ටික කවන්න."
"මොනාද අද මට සුදු මහත්තයා හැදුවේ.."
"රතු බතුයි,පරිප්පු හින්දලා,ගොටුකොල සම්බෝලයි,බටු මෝජුයි,අඹයි,කර චිකනුයි.."
"කර චිකන්.."
"ඔව් ඉතින් චුට්ටක් කර උනා."
ඔහු පැවසුවේ ඔලුව කස කසය..
"අනේමගෙ සුදු මහත්තයා...."😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
කෙල්ල කොල්ලාව තදින් බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගියේ දෑස් වලින් කදුලු කැට ගලාගෙන යද්දී ය...



Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI