සදක් වගේ මුළු හිතම ලියන්න හිතුනා මට ඔය නමට සින්නක්කරවම

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
🌸#අනුදා......🌸

හින්දු හිතක් _ ඒත් මේ මගේ හුස්ම

#කෙටි_කතාවක් 
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

සමන් පිච්ච සුවද පිරිච්ච
සීතල උදයේ
හරියට අදහන්න බැරි
සදක් වගේ මුළු හිතම
ලියන්න හිතුනා මට
ඔය නමට සින්නක්කරවම
_____________________________

මෙහෙට ඇවිත් මහ වෙලාවක් නෑ
ගමනාන්තයට තව ටිකක් දුරයි මගෙ හිතේ
කරුමෙටම වාහනෙත් හිට්ටනෙ පාර මැදම
පෙන මානයේ මිනිස් හෙවනැල්ලක්වත්
නෑ වගේ
මේ තේ වතු විතරක් පිරිච්ච පාර අයිනක උදව්වටවත් කෙනෙක් නැති පාටයි...

ඒ මදිවට සීතල
උහුලන්න බෑ
කොළඹ ගිනි ගහන රස්නෙට හුරු ගතට මේ හීතල දරන්න බෑ ...

අවුරුදු ගානක් එපිට රටක ඉදල කොළඹට පය ගහලත් මහ දවසක් නෑ තමයි
එන්න හිතුනා
ටිකක් තනියම
තනි හිතත් එක්ක හුදකලා වෙන්න
ඒකයි මේ
කාටවත්ම නොකියා නුවරඑළි ආවෙ

එක පාරක් මතකයි
යාලුවො සෙට් එකත් එක්කම ආව
ඔස්ට්රේලියා යන්න කලින්
සතියක් විතර හිටියා ඇවිත්
ලස්සන ගෙදරක්
නුවරඑළියේ උසම තැන කියලා කීවෙ
මතකයි ඒ ගේම හොයන් යන්න ඔනේ කියලත් හිතුනා...
ඒත් අද බෑ නේ
ගෙස්ට් හවුස් එකටම යනවා
පුදුම ලස්සනයි
තාමත් හිත පිස්සු වැටෙනවා මතක් වෙද්දී

අනික මේ සීසන් එකේ මල් ඇති හෝ ගාල
මොනව උනත් තනිකඩ මගේ හිතට මේ ජීවිතේ හුරුයි
කොච්චර ඇවිද්දත් මොන මොන රටවල් වල ගියත් උරුමක්කාරි තාම නෑ
මේකිට පාර අමතක වෙලාද මන්දා
ලං උනේ නෑ ඉතිං තාම හරියන හිතක්
ඒ කාලෙ ආදරේ කරාට පස්සේ
ඒ ආදරේ නතර උනාට පස්සේ
අනේ මන්දා තාමත් හිතක් නෑ
කා ගැන වත්
දැන් නන් නාකියිත් එක්ක
තිහටත් කිට්ටුයි
දැන් කොහෙන්ද කෙල්ලො....

හීතලට හිරිවැටුන දෙතොල් යන්තම් හිනා උනා...

අත් දෙකත් එකට කරන් බැඳගෙන අහස් ඇවිද්දේ උදව්වට කෙනෙක් හොයන්...

ඒ ඩින්ගට ගිය දුරක්...
හීන මාලිගා හදල ,දැකල ,කඩල, බිදල දාලත් ඉවරයි

අම්මෝ ඇති යන්තම්
මනුස්ස හෙවනැල්ලක්

ඈතින් පේන පොල්ලතු කඩය දකිද්දි අහස්ට ඉබේටම කියවුනා ...
_____________________________

වරුවක්ම ගෙවුනා මහ පාරට... හැන්දෑ වෙලා නොදනුවත්වම, ආයෙමත් පන ගන්නපු වාහනෙ එහෙමම ඇදුනෙ නුවරඑළියට...
යන අතරමග මග දෙපසම බල බල යන්තම් ඉස්සරහටම ගියේ අහස්ලට අයිති ඒ ගෙස්ට් හවුස් එකට...

ඈතින් දැක්කා පාර අයිනෙම ලස්සනට හදල තිබුනු බැම්ම
ඒ ළග ටිකක් නවතින්න හිතුනා...
පේන දුරින් ගලන දිය ඇල්ල දිහා ගල් බැම්ම උඩට වෙලා මොහොතක් බලන් ඉන්න අහස් ආස කලා...
වාහනෙත් අයිනට කරල නතර කරපු අහස් ඒ ලස්සන විද ගත්තේ නුවරඑළි සීතලත් එක්ක...
පාරින් එහා පැත්තට වෙන්න රේල් පාරක්... ඈතින් හූ හඩ දීගෙන යකඩ යකෙක් ඇදෙන සද්දෙ අහස්ට ඇහුනා...

අම්මෝ

ඇස් පින් කරන්න ඕනෙ , ඒ වගේ දසුනක් නරඹන්න...

වංගුවෙන් කෝච්චිය ඉස්සරහට එන්නෙ ඉවක් බවක් නැතිව

අහස්ට පෙනුනා....
යන්තම් උස කන්දකින් කෙල්ලෙක් වැටෙනවා ,
කෝච්චියත් එනවා,
යාලුවොද කොහෙද කෑ ගහනව උඩ ඉදල...

දෙයියනේ

අහසට කියවුනෙ ඉබේටම

අඩියට දෙකට පාර පැනල රේල් පීල්ලත් පැන්නෙ ගැහෙන හදින්... කවදාවත් විදල නෑ මෙතරම් සමීපව මේ අද්දකීම... පුළුවන් තරම් වෙර දාල අහස් අල්ල ගත්තා ඒ කෙල්ලව...

යන්තම් බේරුනේ
තත්පරයක් එහා මෙහා උනා නම්...
දෙවියනේ
ඇහිදින්න තිබ්බා කෙල්ලගෙ කෑලි ටික පාර දෙපත්තෙන්...

බැම්මටම හේත්තු කරන් මන් ඒකිව පපුවටම තද කර ගත්ත.. කෝච්චිය ළගින්ම යනව හොදටම දැනුණා ... මගේ පපුවට ගුලි උනු ඒකි ගැහෙනව දැනුණා මේ හිතට හොදටෝම...

මාවත් ගැස්සුනා..
අවුරුදු දහයකට විතර පස්සේ මේ හිත හෙල්ලුනා...
ඔලුවට ගහල තිබ්බ පිච්ච මල් මිට සුවද දුන්නා හරියට
ඒ සුවද මගේ නහයත් කඩන් ගිහින් නතර උනේ හදවත පතුලේමයි ...

කෝච්චිය ගිහින් වගේ
ඔයා තාමත් මේ පපුවෙ
ඈත් කරන්න ලෝභ හිතුනා නෙමෙයි
ඒත්
ඉකියක් දැනුණා ඔයාගෙ ලගින්...
ඈත් කරා නෙමෙයි ඩින්ගක් ඈත් කරන්න උනා...
නැත්තං එහෙම්මම ඉන්නව මන් මැරෙනකම්ම...

අනුදා.....

උඩ ඉදන් කෑ ගහපු යාලුවො අපි ළගටම ඇවිත් ...
මන් දිහාවත් නොබල ඔයා උන්ට එකතු උනා.

අනූදා....

මන් හිමීට මිමුණුවා ....

අනේ ගොඩක් පින් මාත්තයා...

එක කෙල්ලෙක් මට අත් දෙකම එකතු කරල එහෙම කිව්වා

අපේ අනූදාව බේරල දුන්නට...

හ්ම්ම් මීට පස්සේ පරිස්සමෙන්
කොහෙද කට්ටියට යන්නෙ

මන් ඇහුවා
අනුදා දිහාම බලන්...
අත තුවාලත් වෙලා..
වැලමිට හරියෙන්...
අද නෙමෙයි හෙට වෙද්දී රිදෙන්න පටන් ගනී...
මට හීල්ලුනා
ඔයාගෙ ලේ දකිද්දී
පපුවට මොනවදෝ උනා වගේ
අනුදා අඩනවා...
හොදටම බය වෙලා ඒ ඇස්
ඉකිය දැන් වැඩි වෙලා...
මටත් බය හිතුනා...
ඇදල ගන්න හිතුනා මගේ ළගට

ඒත්

මාවම පාලනය කරගන්න මට හිතුනා

හවසට මල් විකුනන්න එන්නෙ
අද ටිකක් පරක්කු උනේ
ඒකයී
අනුදගෙ කකුල ලිස්සුවා
උඩ පාරෙ එද්දි...

හ්ම්ම්ම්ම්ම්

වෙන කියන්න දෙයක් ආවෙ නෑ
සීතලට මාව ගල් වෙලා වගේ
හදවත්තත් වෙනදට වඩා ගැහෙනව වගේ
වචනත් ගොලු වෙලා වගේ
අනූදා...
මගේ හිත හොල්ලලා වගේ
අකුනක් වගේ
අනුදා ලේ වලටත් කිදා බැහැල වගේ
අනුදා මගේ හුස්මම වෙලා වගේ ...
මට දැනුණා
අනුදා මගේ
මගේම විතරයි
ඒකිව මට ඕනෙ
හැමදාම ළගින් තියාගන්න
පරිස්සම් කරන්න
ආදරේ කරන්න
_______________________________

#අවුරුදු_තුනක්...

ඔව් එදා ඉදන්
අවුරුදු තුනක්
මන් උන්නා ඔයාගෙ ළගින්ම

හැමදාම හවසට අපි හම්බුනා

පොඩි උනුවතුර බෝතලේට වක්කරන් එන තේ එකයි, උනුවෙන්ම මට කන්නත් දෙයක් අරං හැමදාම ඔයා ආව අපි හම්බුන තැනට

ඔන්න අද වඩේලූ...

ඇස් කරකව කරකව හිනා උනා...

අම්මෝ වඩේද...
සැර ලුනු මිරිසක් එහෙම නැද්ද

අපෝ තියේ..
ආ ...

ඉතිං අද මොනවද විශේෂ

එහෙම මොකුත් නෑ අප්පා

අහස් මහත්තයා කොළඹ හෙම යන් නැද්ද ළගදි

යන්න ඕනා..
ඒත් ළගදිම නෙමෙයි ...

මාත් හිනා උනා එ ඇස් එක්කම...

පුරුද්දට ගිහින්
නෑ
ඇබ්බැහි වෙලා වගේ
මාව ඇදුනෙ ඔයාව බලන්න

පුළුවන් හැම දාකම කොළඹ ඉදන් මන් ආව

ඉස්සර කොළබට ගෙවිලා ගිය ජීවිතේ දැන් හීතල ඔයාගෙ ගමටම සීමා වෙලා...

අනූදා...

තවත් දවසක්...
අපි හම්බුනා
අර ගල් වැටිය ළගදිම...
ඔයා එදා බිලි වෙන්න ගිය කෝච්චිය
හැමදාම අපි බලන් ඉද්දිම එතනින් යනව හවස් යාමෙදි..

මේ ගහ කොළ, හීතල හුලං, පිපෙන මල්, පිනි බිංදු විතරක් නෙමෙයි කෝච්චියත් දන්නවා ඇති අපි ආදරේ කරනව කියලා ..

රහසක් නෙමෙයි
ඔව්
මන් ඔයාට #ආදරෙයි_අනූදා

ඒත් තාමත් නොකියපු ඒ එකම දේත් මගේ ආදරේ

මේක ඔයාට

මොනාද මේ...

ඇරල බාන්නකෝ අප්පා ...

ආඩවනේ පාදසලම්...❤️

ලස්සනයි ද..

අම්මෝ හුගක්...
අහස් මහත්තයාට ලස්සනට තෝරන්න පුළුවන් නේ...

ම්ම්ම්
කෝ ඉතිං දාල පෙන්නන්නකෝ...

ආසාවෙන් අතට ගත්තා
ඇදන් උන්නු දිග සාය හරියට එදා වද දුන්නා හුලගත් එක්කම ටිකක් ඔට්ටු වෙලා පාදසලම් දා ගත්තා ...
ලස්සනේ බෑ ...
ඉබින්න හිතුනා මට
ඒත් නොකියපු ආදරේ මාව එහාට තල්ලු කරා.....

ඇත්තටම
පුළුවන් තමා
හරියට ඔයාව තෝරගත්තෙ
අන්න ඒ වගේ ...

ඔයා දිහාම බලන් මන් හිතුවා....

ලස්සනයි ද...

ම්ම්ම්ම් ලස්සනයි හුගක්...

හැමදාම කතා කරල යද්දී මන් හාදුවක් දුන්නා...
ලෝබයි තමා..
ඒත් ඔය නලල්තලයට දෙන හාදුවෙ
දැනුණා හොදටෝම...
අනන්තව හිතුනා රෝස දෙතොල් සිප ගන්න
ඒත් මටම දුක හිතුනා
ඔයාට රිද්දන්න...
ඔයා මගේම කර ගන්නකන්
මේ හොදටෝම ඇති ...
අර හාදුවට ඒ රස්නෙට
මේ පිරිමි හිත ආදරේ කරා...
ඔයත් ඒ මොහොත ඇස් පියන් වින්දා...
ඒ හාදුව ආදරනීයයි ...

අපි දන්නවා
අපි දෙන්නම දන්නවා...
නොකියුවට #ආදරෙයි කියලා
නැත්තං කොහොමද ඔයා මාව මෙච්චර විශ්වාස කරේ...
රවට්ටන්න බෑ
ලෝභ කමක් විතරයි තියෙන්නෙ
ආදරේ විතරමයි තියෙන්නෙ ...

ලොකු ලොකු කතා නම් හැමදාම කිව්වා කොළඹ මහත්තුරු ගැන හරියට
දොසුත් කිව්වා
ආසාවෙ බෑ අහන් ඉන්න ,

ඉතිං මාත් කොළඹ නේ...

ආ....
අහස් මහත්තයා එහෙම නෑ වගේ

යන්තම් හිනා උනා....

පිස්සු හැදුනෙ නැති ටික විතරයි
ඔයා දිහා බලන ඕන එකෙන් ආයෙමත් පාරක් හැරිල බලනවාමයි..
වෙලාවකට බයත් හිතුනා
මට නැති වෙයිදෝ කියලා
හරියට මන් පරිස්සම් කරා
දැකපු දවසෙ ඉදන්
ඒ මොහොතෙ ඉදන්...
තාමත් මන් පරිස්සම් කරනවා....

තවත් දවසක් මන් හිතේ තියන අදහස කිව්වා ....

හිත ගැස්සුනෙ නෑ කිව්වොත් බොරු

ආයෙ මාව බලන්න එන්න එපා
මහත්තයත් අනිත් කොලබ අය වගේමයි
මාව අතාරින්න
මට පාඩුවෙ ඉන්න දෙන්න
දැන් මෙතනින් යන්න
මට ඔයාව පේන්න බෑ
මාව විනාස කරන්න එපා
මෙහෙම වෙනව කියලා දන්නවා නම්
එදාම මැරිලා යනවා...
දෙයියම්පා මට ඔයා එපා
ආයෙ කවදාවත් එන්නත් එපා ....

°
°
°
°

°
°












බය උනා...
එහෙම කියයි කියලා ...

ඒත් ඔයා මොකුත්ම නොකියා ආයෙමත් ආව මගේ පපුවට ....

එදයින් පස්සේ අද ආයෙමත් හිත හෙල්ලුනා මේ දෙවනි පාර
එදයින් පස්සේ මේ පපුවට ආපූ...

ඒ කියන්නෙ
ඔයත් මට ආදරේ කරල
මට නොකිව්වට
එහෙනම් ....
___________________________________

එදයින් ටික දවසක් ගියා...
මන් ආදරෙයි කියපු දායින් පස්සේ

ඉක්මන්ට මන් ළගට ගන්න ඕනෙ කියලා හිතුනා... දැන් දුරට වෙලා හිටිය ඇති කියලා හිතුනා
මන් ගෙදර ගිහින් කිව්වා ඔයා ගැන ...

අපේ ගෙදරින් විරුද්ධ උනා...
පොඩ්ඩක් නෙමෙයි
මාවත් ගෙදරින් පිළි නොගන්නව කිව්වා ඔයාට ලං උනොත්

උඹට පිස්සුද අහස්...

දෙමළ කෙල්ලෙක් එල්ලගන්න

අම්මා මන් එයාට කැමති
අම්ම නෙමෙයි කවුරු කිව්වත්
අතාරින්න බෑ

එහෙනම් උඹ මේ හැම දේම දාල පලයන් ඒකී ළගට

අම්මා තාත්තා විතරක් නෙමෙයි හැම දේම
ආයෙ මෙහෙට පස් පාගන්න වත් නාවට කමක් නෑ
හොදයි කියලා ගෙදර උන් හදපු ලොකු එකානෙ මූ

මැණිකෙ තමා මේවට වග කියන්න ඕනෙ

තාත්තා අම්මටත් දොස් කියාගෙනම එතනින් ගියේ මන් දිහා නොරිස්සුමට බලල.

බය හිතුනා
අනේ මගේ අහිංසකී...

එදාම මන් ආයෙමත් ආව
ඔයාව බලන්න
ඔයාගෙ ගෙදරින් ඇහුවා
ඔයාට හිටියෙ අම්මා විතරයි
අම්මා ඔයගෙන් ඇහුවා
මාව ඕනෙමද කියලා
අපිට පෑහෙනවද ඇහුවා

දුක හිතුනා....

ඔයා ඔලුව දෙපසට හෙලෙව්වෙ අපිට පෑහෙන් නැති හින්දා කියලා දැනුණා

අහන්න අම්මා
මට ඒව වැඩක් නෑ
අනූදා විතරක් ඇති
අපි හෙට බදිනව...

අම්මෝ ඔයාගෙ ඇස් උඩ ගියා
අම්මා දිහා එහෙම්ම බැලුව

අපිව තනි කරල අම්මා එතනින් ගිය

ආවා නෙමෙයි
ඔයාව ඇදුනා මගේ පපුවට
කාන්දමක් වගේ
දැන් හැමදාම පුරුද්දට ගිහින්
ගොඩක් වෙලාවට ඔයා උන්නෙ
මේ පපුවෙම හින්දා මට දැනුණා
ඔයාව ගොඩක්

කොළබින් එද්දි අරං ආපු සාරිය මන් දුන්නා

ලස්සනයි
වටින පාටයි

ඔයා කිව්වා ...

දම් පාටට පසුබිමට රතු එක්ක රත්තරං පාට බෝඩරයක් ගිය කන්චිවරම් සාරියක්

සාරියට කැපෙන ආභරණ , සෙරප්පු ඔක්කම දීල උදේම එන්නත් පොරොන්දු දීල පුරුද්දට හාද්දක් දුන්නා ඔය කොපුලකට
______________________________

පහුවදා අපි විවාහ උනා...
එයාගෙ දවස
එයාට ඕනා විදිහට
එයාගෙ සංස්කෘතියට
ලස්සනයි හින්දු මනාලියක්
උදේම පිපිච්ච රෝස මලක් වගේ
හරියට හිනා උනා
පිස්සු හැදුණෙ නැති ටික විතරයි

අඩුවක් තිබුනා..
මගේ අය කවුරුවත් හිටියේ නෑ
ඒත් මොන දේටත් ඉන්න මගේ බොක්ක යාලුවො සෙට් එක නම් ආව...
සාක්ශී තිබ්බෙ ඉතිං උන් ටික
එතන හිටපු ඔයාගෙ යාලුවෙකුත් මගේ අහිංසක යාලුවෙක් දැලේ දා ගත්තත් එක්ක
කමක් නෑ ඉතිං
ඒකත් ජයශ්රී මංගලම් උනා...

එදා හරියටම අවුරුදු තුනකට විතර පස්සේ මගේ ආදරේ මටම විතරක් අයිති උනා...

නිහඩවම ආදරේ කරපු කාලෙ
ඔයගෙන් විදපු නිහඩ ආදරේ
එදා අපි මුන ගැහුනු විදිහ තාමත් හීනයක්

#කාන්වී_අනූදා

දැන් මගේ

කිටි කිටීයෙ හිර වෙලා තිබ්බ හැඟුමින් දෝරෙ ගැලපු මොහොතක් ...
මෙච්චර දවසක් පරිස්සම් කරපු
ලෝභ කම් කරපු මගේ පිච්ච මල පරිස්සමට නෙලා ගත්තේ
හීතල නුවරඑළි අහස යටමයි...
____________________________

Congratulations මිස්ටර් අහස්...

ඔන්න දුවෙක් තමා ...

ඔව් මගේ පන ටික
අලුත් බලාපොරොත්තුවක් අරං එන්න ගියේ ...
දුවෙක්
අනූ වගේම ඇති
බලන්න ආස හිතුනා...

රෝසම රෝස පාට හුරතලියක්..
අම්මෝ අම්මී වගේමයි...
ඉම්බෙ නම් නෑ රැවුල් කොට ඇනුනොත් කියලා

ඒත්

විඩාබර ඔය වත නම් අරතොරක් නැතිවම සිප ගන්න හිතුනා...

ආදරෙයි මැණික

එච්චරයි කිව්වෙ
ඔයාගෙ ඇස් වලින් ඉතුරුවා ආදරේ
මහමෙරක් කියලා දැනුණා හොදටෝම

ඔයාට පින්...

ඒ රෝස දෙතොල් යන්තම් සෙලවුනා...

ඇස් වලින්ම ඇයි කියලා අහන්න හිතුනා..

ම්ම්ම්ම් පින්

එදා ඔයා මාව බේරගත්තට

එක දෛවය
විශ්වාසයි
එදා මාව එව්වෙ
මගේ #දෛවය

ඔව්

ඒ ඔයාව මට මුණගස්සන්න

මන් හිනා උනා...
ඔයත් ඇස් වලින් හරි අපූරුවට හිනා උනා

හැමදේම හරියයි
මන් ඉන්නවා ඔයා ළගම...
ඔයා මගේ හුස්ම

මන් ආයෙමත් අර පුරුදු හාදුව දුන්නා
ඉස්සර වගේමයි
ඇස්පියන් ඔයා වින්දා ඒ මොහොත...

#හින්දු_හිතක්_තමා_ඒත්_මේ_මගේ_හුස්ම

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කරකවන බෝල ඇස්
සෙලවෙන රෝස දෙතොල්
දග කරන කෙහෙරල්ල
උමතු කරා එක හිතක්...

හුරතලෙට දැවටෙමින්
අරතොරක් නැති වදන්
නිසොල්මනේ මන් ඕහේ
බලන් උන්නා නුඹ දිහාම...

සෙලවෙන පාද සලඹට
සීත අරණෙදි දුන්න
නුඹේ ඔය හිනා මල්
ඇරයුම් කලාදෝ පෙමකට ...

සීත පිනි බින්දු - පිච්ච මල් පොහොට්ටු
මීදුම් බාන කන්ද - හූ තියන යකඩයකා
පිළිඅරංදෝ කොහෙද
මගේ පෙම් ඇරයුම...

හින්දු හිතක් තමා - ඒත් මේ මගේ හුස්ම

❤️ සමාප්තයි ❤️

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI