කෙල්ලෙක්ගෙ පිරිසිදුකම මනින්න ලේ පැල්ලමකට බෑ

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
❤️ මදුසමය ❤️
( කෙටි කතාව )

❤️❤️❤️ දෑඟිලි බැදුන ඒ ආදර හෝරාව ❤️❤️❤️

#පෙජ්_එකට_ලයික්_එකක්_දාල_කියවන්න පටන් ගන්න හොදද 😉

විවාහයේ සියලු චාරිත්‍ර වාරිත්‍ර අවසන් කරලා මව්පියන්ට වැදලා මංගල රථයට ගොඩ උන පහන්සිගෙ ඇස් වලින් කදුලැලි ගංගාවක් ගලා⁣ගෙන ගියේ ඇස් දෙකේ කදුලු පුරවගෙන හිනාවෙලා තමන්ගෙ දිහා බලාගෙන ඉන්න තමන්ගෙම අම්මව දැකලා

තමන්ගෙ පව්ලෙ අයගෙන් ඈත් වෙලා තමන්ගෙ සැමියා එක්ක ජීවත් වෙන එක හැම කෙල්ලෙක්ටම පොදු ඉරණමක්

පහන්සිත් මුහුණ දෙන්න යන්නේ ඒ දේට

තමන් පොඩිකාලේ ඉදන්ම හැදුන වැඩුන ගෙදර අම්මා තාත්තා අතෑරලා වෙනත් කෙනෙක් එක්ක ජීවිතේ වැඩි හරියක්ම ගෙවන එක කෙල්ලෙක්ට ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි

ඒත් ඒකයි හැම ගැහැණියකටම හිමි පොදු දේ

මංගල රථය ඉදිරියට ඇදෙනවත් එක්කම පහන්සි වීදුවෙන් එපි⁣ට බලාගෙන තමන්ගෙ දුක තුනී කරගත්තෙ ⁣ඇස්වලින් ගලන කදුලු කැට වලට ඔහේ වැටෙන්න දීලා

වීදුවෙන් එපි⁣ට බලාගෙන නිහඩව හඩන පහන්සි දිහා දිනිත්‍ර සැරින් සැරේ බැලුවත් කොල්ලා පහන්සිට ඇති තරම් අඩන්න ඉඩ දීලා බලාගෙන හිටියා

වයස අව්රුදු 23 ක් උන පහන්සි පෙර පාසල් ගුරුවරියක්
තමන්ගෙ යාලුවෙක් එක්ක⁣ මොන්ටිසෝරිය ලගට එන වයස අව්රුදු 25ක් වෙන දිනිත්‍රට පහන්සිව හම්බවෙන්නෙ හරි අහම්බෙන්
පොඩි ලමයි එක්ක හරි හරියට ඔට්ටු වෙන මේ චූටී ටීචගෙ කරුණාවෙන්තකම නිසාම දිනිත්‍ර කෙල්ලගෙ ගෙදරට යෝජනාවක් ගේන්නෙ කොහොම හරි මේ චූටී ටීචව තමන්ගෙ කරගන්නවා කියලා හිතලා

තරමක් හවස් වීගෙන එනකොට මදුසමය සදහා සූදානම් කරලා තිබුන හෝටලයට එන්න ඔවුන්ට පුලුවන් උනා

දිනිත්‍ර කාර් එකේ දොර ඇරගෙන එලියට යනකොට කල්පනා ලෝකෙක අතරමං වෙලා හිටපු කෙල්ල ගැස්සිලා ගියා

පහන්සි කාර් එකේ දොර ඇරගෙන ඔසරි පොට අතින් අල්ලගෙන එලියට ආවේ බිම බලාගෙන

අඩලම අයි මේකප් එක දියවෙලා ගිහින් තිබුන නිසා කෙල්ලගෙ ඇස් වටේටම කලුපාට වෙලා

දිනිත්‍ර කෙල්ල දිහා බලලා පොඩි හිනා පාරක් දාලා රිසෙප්ශන් එක ලගට ගියා

දිනිත්‍ර රූම් එකේ කී එක අරගෙන හෝටලේ අැතුලට යනකොට කෙල්ලත් බිම බලාගෙනම දිනිත්‍රගෙ පස්සෙන් ගියේ හදවත මහ වේගෙකින් ගැහෙනකොට

දොර ඇරගෙන රූම් ඇතුලට ගිය දිනිත්‍ර කෝට් එක ගලවල සෝෆා එක උඩින් තියලා ජනේලෙ ලගට ගිහින් ඈතින් පේන කදු දිහා බලාගෙන හිටියෙ පහන්සි ඇතුලට එනකල්

ගැහෙන පපුවට අතකුත් තියාගෙන කෙල්ල රූම් එකට ආවම රූම් බෝයි කෙනෙක් ඇවිත් දෙන්නගෙ බෑග් දෙක රූම් එකෙන් තියලා එලියට ගියේ දොරත් වහගෙන

දිනිත්‍ර බෑග් එකෙන් ඇදුමක් අරගෙන බාත්රූම් එකට යන්න ගියේ කෙල්ල ඒ විදිහටම හිටගෙන ඉන්නකොට

දිනිත්‍ර බාත්රූම් එකට ගියාට පස්සේ කෙල්ල කන්නාඩි ඉස්සරහට ගිහින් කොන්ඩ කටු ගලවන්න ගත්තේ  කොන්ඩෙට ගහල තියෙන විකාර ටික මහ හිසරදයක් නිසා

දිනිත්‍ර වොශ් එකක් දාගෙන රූම් එකට එනකොටත්  කෙල්ල කොන්ඩෙ කටු ගලවනව

දිනිත්‍ර එහෙම්මම බැල්කනි එකට ගියේ කෙල්ලට ටිකක් තනියම ඉන්න දෙන්න

දිනිත්‍ර බැල්කනි එකට ගිය අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත කෙල්ල කොන්ඩ කටු ගලවන එක පැත්තකින් තියලා ඔසරියයෙ කටු ටික ගලවලා ඇදුම් ටිකත් අරගෙන බාත්රූම් එකට දිව්වෙ ඇදගෙන හිටිය සාරි ජැකට් එකයි යට සායයි එක්ක

බාත්රූම් එක ඇතුලට ගිය කෙල්ලගෙ බඩ රිදෙන්න ගත්තා උනත් පාන්දර ඉදන් ඇගට හරියට කෑමක් වැටුනේ නැති නිසා කෙල්ල ඒක එච්චර ගනන් ගත්තේ නෑ

කොන්ඩ කටු ඔක්කොම ගලවලා දාලා  කෙල්ල  ශවර් එක ලගට ගියේ  මූන පුරා විතරක් නෙවෙයි බෙල්ලේ පිටේ වගේම අත් වලටත් දාපු මේකප් ටික හෝදගෙන හෙයා ස්⁣ප්රේ ගාපු නිසා ඇලෙන කොන්ඩෙ නිදහස් කරගන්න

ශවර් එක ඇරලා නාගන්න හදපු කෙල්ල දැක්කේ ටයිල් එක ⁣උඩ වැටිලා තියෙන ලේ බිංදු ටික


" දෙයියනේ ... "

 කෙල්ලගෙ කටින් ඉබේම පිට උනේ කෙල්ලට කියන්න වෙන වචන මතක්⁣ නොවුන නිසා

ඉක්මනටම නාගෙන ගව්මක් ඇදගෙන රූම් එකට ආව කෙල්ල හදිස්සියෙන් වගේ බෑග් එක පුරාම මොනවද හෙව්වත් කෙල්ලට මොකුත් හම්බුනේ නෑ

" අනේ දෙයියනේ .. කෝ මං බෑග්  එකට දාගත්ත ඇදුම් ටිකයි Sanitary Napkin එකයි නෑ නේ ... දැන් මොකද කරන්නේ මෙහෙම  ඉන්නත් බෑ ඇදුම් වල ගෑඋනොත් එහෙම  ... අම්මවත් නෑ නේ ... දිනිත්‍ර ට කියන්නේවත් කොහොමද ..... අනේ දෙවියනේ ... "

යෝජිත විවාහයක් නිසා කෙල්ල දිනිත්‍ර එක්ක වැඩිය කතා බහ කරලා නැති නිසාත් කෙල්ලට මේ ගැන දිනිත්‍රට කියන්න විදිහක් තිබුනෙ නෑ

කෙල්ල රූම් එක ඇතුලෙ එහා මෙහා ගියේ කරන්නෙ මොනවද කියලා කල්පනා කරන ගමන්

ඒ එක්කම වගේ කෙල්ල ඔලුව අල්ලගත්තෙ හිස කකියන්න ගත්ත නිසා

දවසෙම ගොඩක් මහන්සි උන නිසාත් හරියට බඩට කෑමක් නැති නිසා  කෙල්ල  කලන්තෙ දාලා වැටෙන්න ගියේ  දිනිත්‍ර බැල්කනි එකේ ඉදන් රූම් එකට එනකොටමයි

" පහන්සි ... "

දිනිත්‍ර දුවගෙන ඇවිත් කෙල්ලව අල්ලගත්තෙ නැත්නම් කෙල්ල බිම

 කොල්ලා පහන්සිව ඇදෙන් හාන්සි කරලා කෙල්ලගෙ මූන අල්ලගත්තෙ බයෙන්

" පහන්සි ... කතා කරන්න ... "

 කොල්ලා වතුර ටිකක් කෙල්ලගෙ මූනේ ගාලා බලාගෙන හි⁣ටියෙ කෙල්ලට සිහිය එනකල්

කෙල්ල යාන්තම් ඇස් ඇරලා බලනකොට දැක්කේ  තමන් දිහා බලාගෙන ඉන්න දිනිත්‍රව

" පහන්සි .. හොදින් නේද .. "

කෙල්ල හිමීට ඇදේ ඉදගත්තෙ දිනිත්‍ර දිහා බලාගෙන

ඒ එක්කම වගේ කෙල්ල දැක්කේ ගවුමෙ ගෑවිලා තියෙන ලේ පැල්ලම

ඒත් එක්කම වගේ දිනිත්‍රත් දැක්කේ කෙල්ලගෙ ගව්මෙ තියෙන ලේ පැල්ලම

දිනිත්‍ර මොනවත් හිතාගන්න බැරුව ඉන්නකොට පහන්සි දුවලා ගියේ බාත්රූම් එකට

" පහන්සි ... මොකද්ද ප්‍රශ්නේ .. "

 දිනිත්‍ර කතා කරත් පහන්සි හිටියෙ පිස්සු හැදිලා වගේ ..

ඒ එක්කම වගේ දිනිත්‍ර පහන්සිගෙ බෑග් එක ඇරලා බැලුව

ඒකේ තිබුණේ ගව්මකුයි කාන්තා යට ඇදුමකුයි විතරයි

දිනිත්‍රට තේරුනා මේක යාලුවන්ගෙ වැඩක් කියලා කොල්ලා පහන්සි රූම් එකේ දාලා⁣ දොර ලොක් කරලා එලියට ගියේ පහන්සිට මේ වෙලාවෙ අවශ්‍ය කරන දේ ගේන්න

" පහන්සි ... මේ දොර අරින්න ... මුලු දවසෙම ඕක ඇතුලට වෙලා ඉන්නද කල්පනාව .. "


දිනිත්‍රගෙ වචන ඇහුන කෙල්ල බාත්රූම් එකේ දොර ඇරගෙන එලියට ආවේ බිම බලාගෙන

" ආ .. මේක ගන්න ... "

 දිනිත්‍ර පහන්සිගෙ පැත්තට අත දික් කරනකොට ඔලුව උස්සලා බලපු කෙල්ල දැක්කේ දිනිත්‍ර අතේ තියෙන සනීපා⁣රක්ශක තුවා පැකට් එක

කෙල්ල ඇස් ගෙඩි දෙක ⁣ජිල්බෝල සයිස් ලොකු කරගෙන බලාගෙන ඉන්නකොට දිනිත්‍ර සනීපා⁣රක්ශක තුවා පැකට් එකයි කාන්තා යට ඇදුමකුයි කෙල්ලගෙ අත උඩින් තියලා බැල්කනි එක පැත්තට යන්න ගියා

කෙල්ල බෑග් එකෙ තිබ්බ අනිත් ගවුම අරගෙන බාත්රූම් එකට ගියේ දිනිත්‍ර බැල්කනි එකේ ඉදන් බලාගෙන ඉන්නකොට

" අැති යන්තම්  .. දිනිත්‍ර නම් ගොඩක් හොද කෙනෙක් ... "

කෙල්ල බාත්රූම් එකට ගිහිනුත් කල්පනා කරේ දිනිත්‍ර ගැන ඇත්තටම දිනිත්‍ර නොහිටින්න කෙල්ලට වෙන්නේ බාත්රූම් එකට වෙලාම ඉන්න තමයි

කෙල්ල ලැජ්ජාවෙන් බිම බලාගෙන රූම් එකට එනකොට දිනිත්‍ර කෑම ඕඩර් කරලා

" පහන්සි ... එන්න කෑම ⁣කන්න ... "

" ම්ම්ම් ... මට බඩගිනි නෑ ... මං ..පස්සේ කන්නම් .. "

" අනේ මේ ... නිකන් බොරු නොකිය මේ බත් ටික කනවා ... කලන්තෙ දාලා වැටුනෙත් බඩට හරියට කෑමක් නැති නිසා .. නේද .. "

දිනිත්‍ර ටිකක් සැරින් කතා කරපු නිසාම කෙල්ල බයටම ගිහින් බත් ටිකක් බෙදාගෙන කටවල් දෙක තුනක් කෑවේ බොහොම අප්පිරියාවෙන් ..

කෑවට වඩා කෙල්ල කරේ පිගානෙ තිබ්බ බත් ටික අනපු එක

" ඇයි දැන් කන්න බැරිද ... "

" න් ... නෑ ... මං කනවා "

කෙල්ල බිම බලාගෙනම කියනකොට දිනිත්‍ර කෙල්ලගෙ අතේ තිබුන බත් පිඟාන අරගෙන බත් කටක් අනලා කෙල්ලගෙ කටට ලං කරා

" කෝ ඉතින් ... කනවා මේක ... "

දිනිත්‍ර කේන්තියෙන් වගේ කිව්වම කෙල්ල දිනිත්‍රගෙ අතේ තිබ්බ බත් කට කෑවා

කෙල්ල දිනිත්‍ර ගැන වැඩිය දන්නෙ නැති නිසා දිනිත්‍රට ගොඩක් බයයි

කොල්ලත් ඒක ප්‍රයෝජනයට අරගෙන කෙල්ලට පිගානෙ තිබ්බ බත් ඔක්කොම කැව්වා

වෙනදා කන තරමටත් වැඩිය ගොඩක් දිනිත්‍ර කවපු නිසා කෙල්ලට බඩ උස්සගන්නත් බෑ

බොහොම අමාරුවෙන් වතුර උගුරු දෙකක් බීලා කෙල්ල ඇදේ හාන්සි උනේ යටි බ⁣ඩ ප්‍රදේශයෙන් දැනෙන වේදනාව නිසා

වෙනදා පුරුද්දටම වගේ කෙල්ල උදේම නැගිටලා මූන සෝදගෙන රූම් එකට එනකොට දිනිත්‍ර හොදටම නිදි

වේටර් කෙනෙක් ගෙනත් දුන්න තේ දෙකත් මේසේ උඩින් තියලා කෙල්ල බැල්කනි එකේ කර්ට්න් එක එහාට කරේ කොල්ලගෙ මූනට ඉර එලිය වැටෙන්න

එකපාරටම වගේ මූනට ඉර එලිය වැටුන නිසා ඇහැරුන දිනිත්‍ර දැක්කේ හිනා වෙවී තමන්ගෙ ඉස්සරහ ඉන්න කෙල්ලව

ඒ එක්කම වගේ කොල්ලගෙ ෆෝ්න් එකට කෝල් එකක් ආව නිසා කොල්ලා ෆෝ්න් එක අාන්ස්වර් කරේ පහන්සි දිහා බලාගෙන

කෝල් එක ඉවර වෙලා ෆෝ්න් එක මේ⁣සේ උඩින් තියලා නැගිට්ට දිනිත්‍ර බාත්රූම් එක පැත්තට ගියා

" තව ටිකකින් අපේ අම්මා එනවා කිව්වා ... "

එහෙම කියලා දිනිත්‍ර බාත්රූම් එකේ දොර වහගත්තම කෙල්ලට හීන් දාඩිය දැම්මේ දිනිත්‍රගෙ අම්මා ⁣එන්නෙ මොකටද කියලා මතක් උන නිසා

" අනේ දෙයියනේ ... මං දැන් මොකද කරන්නේ ... දිනිත්‍රගෙ අම්මට මොනවද මං කියන්නේ ... "

කෙල්ල සෝෆා එක උඩට වෙලා කල්පනා කරේ ඒ ගැන

ඒ එක්කම වගේ දිනිත්‍ර රූම් එකට ඇවිත් තේ එක ⁣බොන්න අතට ගත්තා

ටොක් ටොක් ...

කව්ද රූම් එකේ දොරට ගහන සද්දෙ ඇහුනම කෙල්ලගෙ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා

කෙල්ල බයෙන් බයෙන් දොර අැරලා බලනකො⁣ට එතන හිටියෙ දිනිත්‍රගෙ අම්මා

කෙල්ල දොර ඇරලා දිනිත්‍රගෙ අම්මට ඇතුලට එන්න කිව්වෙ බිම බලාගෙන

කෙල්ල දන්නවා ඊලගට සිද්ද වෙන්නේ හොද දෙයක් නෙවෙයි කියලා

" පහන්සි ... "

දිනිත්‍රගෙ අම්මගෙ සැර වචන වල සද්දෙට බය උන කෙල්ල  සොෆා එක අල්ලගත්තෙ බයට

දිනිත්‍රගෙ අම්මා ගිනි පිට වෙන ඇස් වලින් පහන්සි දිහා බලාගෙන ඉන්නකොට දිනිත්‍ර අම්මා දිහා බලාගෙන හිටියෙ පුදුමෙන්

" අනේ ඇත්තට මෙහෙමත් ගෑනූ ... ඉන්නේ පතිනි අම්මා වගේ .. ඒත් රෙද්දෙ තුත්තිරි ... "

 දිනිත්‍රගෙ අම්මගෙ දැඩි වචන වලට හිත රිදුන පහන්සිගෙ ඇස් වලට කදුලු ඉනුවේ කිසිම වැරැද්දක් නොකර මේ වගේ අවලාද අහන්න උන නිසා

" පුතේ ... මේ ගෑනීව ⁣දැන්ම ⁣ගෙදර යවපං .. මදෑ මගෙ කොල්ලා කරගත්ත කරුමෙ ... කොහෙවත් යන #ස ගෑනියෙක් බැදගෙන "



" ඇති අම්මා ... ඔය හොදටම ඇති ... මෙච්චර වෙලා මං ඉවසුවෙ ඔයා මගෙ අම්මා නිසා ... "

" උඹ කට වහගනිං .. බලෙං මගෙ කොල්ලගෙ ඇගේ එල්ලිලා කසාද බැදගත්තෙ .. උඹට වෙන මිනිහෙක් හිටියෙම නැද්ද ආ .... "

මේ වගේ නරක දේවල් තමන්ගෙ නැන්දම්මගෙ කටින් කසාද බැදලා පලවෙනි දවසෙම අහන්න උන එක ගැන පහන්සිට දැනුනේ ලොකු දුකක්

ඊටත් වඩා නිර්දෝශි තමන්ට මෙහෙම දේවල් කියනකොට කෙල්ලට දරාගන්න බෑ

මේ කලබලේ අස්සෙ රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ආවේ පහන්සිගෙ අම්මා

" ආ .. මේ ඇවිත් තියෙන්නේ මහ අම්මන්ඩිත් .. තමුන් මේකිට ඉගැන්නුවෙ මේ වගේ දේවල්ද ... "

රූම් එක ඇතුලට ආව ගමන් දිනිත්‍රගෙ අම්මා කියපු දේවල් මොනවද කියලා හිතාගන්න බැරුව කෙල්ලගෙ අම්මා බලාගෙන ඉන්නකොට කෙල්ල දුවලා ගිහින් අම්මව බදාගෙන අඩන්න ගත්තේ හිතේ තියෙන දුකට

" මගෙ දරුවො ... ඇයි මේ අඩන්නෙ⁣ ... මොනවද මේ වෙන්නෙ ... "

කෙල්ලගෙ අම්මා මොකවත් හිතාගන්න බැරුව ඉන්නකොට කෙල්ල අම්මව බදාගෙන ඇඩුවා උනත් කිසි දෙයක් කිව්වෙ නෑ

" හොද හිතින් තමුන්ගෙ ඔය ජරා කෙල්ලව මෙතනින් අරගෙන යනව "

" ඇයි මේ ... මොනවද මේ කියන්නේ .. "

" තමුන්ගෙ කෙල්ලගෙ පිරිසිදුකම නෑ  .. අරන් යනව ඔය ජරා ගෑනිව ... "

දිනිත්‍රගෙ අම්මා කියපු දේට තුශ්නිම්භූත වෙලා වෙලා ගිය කෙල්ලගෙ අම්මා පපුවත් අල්ලගෙන බිම වැටුනෙ කෙල්ල කෑගහනකොට

දිනිත්‍ර දුවගෙන ඇවිත් කෙල්ල එක්ක එකතු වෙලා කෙල්ලගෙ අම්මව සෝෆා එකෙන් තියලා මූනට වතුර ටිකක් ඉස්සෙ කෙල්ල හොදටම බය වෙලා අඩනකොට

තරහෙන් පුපුර පුපුර හිටපු දිනිත්‍රගෙ අම්මා මේ හැම දෙයක්ම බලාගෙන හිටියෙ කේන්තියෙන්

" වරෙන් පුතේ ගෙදර යන්න.. ඕකුන් ඕන දෙයක් කරගනි ... "

" ඇති අම්මා ... ඔය හොදටම ඇති ... දැන්වත් ඕක නවත්තන්න .. "

තමන්ගෙ අම්මා කියපු දේට කේන්ති ගිය දිනිත්‍ර කෑගැහුවෙ ගොඩක් තරහෙන්

"  පහන්සිගෙ කිසිම වැරැද්දක් නෑ අම්මා .. වැරැද්ද තියෙන්නේ ඔයාලා හිතන විදිහේ ... ඔය රෙද්දෙ ලේ පැල්ලමක් නෑ කියලා පහන්සි නරක කෙල්ලෙක් නෙවෙයි ... "

" උඹ මේ ගෑනිව සුද්ද කරන්න හදන්න එපා පුතේ ... මේ වගේ වනචර ගෑනුන්ට ගල් ගහලත් මදි ... "

" ඕක නවත්තන්න අම්මා .. ඔය හොදටම ඇති ... "

දිනිත්‍රගෙ අම්මා අඩ අඩ හිටපු පහන්සිට කම්බුල් පාරක් ගහන්න හදනකොට කොල්ලා අම්මගෙ අත අල්ලගත්තෙ කේන්තියෙන්


" අම්මා කියන්නේ මෙන්සස් හැදිලා ඉන්න මේ අහිංසක කෙල්ල එක්ක බුදියගන්න කියලද ... එහෙම කරන්න මං #න්නයෙක් නෙවෙයි අම්මෙ ... අද මට ඔයා ගැන කලකිරුනා අම්මෙ .. ඔයත් ගෑනියෙක් නේද ... ගෑනියෙක්ට පුලුවන්ද තවත් ගෑනියෙක්ට එහෙම අපහස කරන්න ... ඔයා මගෙ අම්මද කියලා මට සැකයි .. ලේ පැල්ලමකින් පුලුවන්ද කෙල්ලෙක්ගෙ පිරිසිදුකම මනින්න "

දිනිත්‍රගෙ වචන වලට කොල්ලගෙ අම්මගෙ වගේම කෙල්ලගෙ අම්ම⁣ගෙත් ඇස්වල කදුලු පිරුනා

" අනේ මට සමාවෙන්න දරුවො ... "

දිනිත්‍රගෙ අම්මා ගිහින් කෙල්ලව බදාගෙන අඩන්න ගත්තේ තමන් ගැනම දැනුන ලැජ්ජාවට

පහන්සිට උනා වගේ ⁣ඕන කෙල්ලෙක්ට වෙන්න පුලුවන් නේද
බැරිවෙලාවත් පහන්සි දිනිත්‍රව නැතුව කාම ආශාවන් විතරක් තියෙන කෙනෙක්ව බැන්දනම් මොන වගේ දෙයක් වෙයිද
කෙල්ලෙක්ගෙ පිරිසිදුකම මනින්න ලේ පැල්ලමකට බෑ


Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI