ආදරේ හරිම ලස්සනයි කසාද බැන්දට දැන් ටිකක් වයස උනාට ආදරේ අඩු කරන්න එපා සුදු නෝනලට ඒක දරුණුවටම දැනෙනවා

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
නාකි ජෝඩුව
__________
කොටුව කොටුව කොටුව
" සුදු නෝනා නගිනවකෝ එහෙනම් "
" මොකෝ පුප්පන්නෙ "
" අච්චර කාර් එකක් තීද්දි මේ මගුලෙ
යන්න ඕනේ කිව්වෙ "
" අනෙ මැට්ටෝ .. ගොඩ කාලෙකින්නෙ "
" හ්ම් හ්ම් පැයක් විතර යමන්කෝ දැන් "
________________________________
" මහත්තයෝ ..... 😐 "
" මොකො "
" අන්න නැග්ගා .... "
" මොකක් "
" අර ... අර ... "
" චහ් .. මොකෝ "
" කජු ඕනේ "
" කජ්ජක් ඇද්ද 😂 😂 "
" අනේ බබා රට කජු ඕනේ 🙄 "
" ඉන්නවා ඉන්නවා ඉතින් "
___________________________________
" ඕයී සුදු නෝනා හෙමින් හපනවකෝ "
" ම්ම්ම්ම්ම්හ්හ්හ්හ් 🙄 "
" කරස් බරස් ගගා පොඩි එකෙක් වගේනේ "
" හී හී මැට්ටා මගෙ "
" ම්ම්ම්ම් "
" හලි ඉතිම් "
__________________________________
" ඔලුව තියගාන්නද "
" මේ අපි දෙන්නා දැන් බැදලානේ "
" ඉතින් "
" ඉතින් බස් වල ලව් කර කර යන්න ඕනෙද "
" ආ එහෙමද "
" ඒඒ මැණික තරහ ගියාද "
අම්මා ගහයි බැට් එකෙන් කෑල්ල ජනේල්ලෙන් අහක බලාගත්තා ... මටත් මොකෝ ගෑනිනෙ 😐
" ඒයී සුද්දි "
" ම්ම් "
" බලන්නකෝ "
" මට බෑ "
" හැබැයි මං ඉස්සරහට යනවා වාඩිවෙන්න "
" ඉතින් යනවා "
" මැට්ටි.... දැන් හලිනේ "
" නෑ "
" සුදු නෝනා "
" ඔහේ නෙවෙයි මං යනවා ඉස්සරහට "
මොන නවනිංගිරාවක්ද මේ 😐 කෙල්ල ගිහින් මැද්දෙ සීට් එකක වාඩි උනා කියහන්කෝ
අප් පප්පෝ ඒ සීට් එකට පස්සෙන් කොල්ලො දෙන්නෙකුත් ඉන්නවා උන් මගෙ ගෑනිව ටෝක් කලොත් අම්මපා දතක් හලනවම තමයි ..
හුම් දැඩි අදිස්ඨානෙන් ඉන්න ඕනෙ 🙄
" ආව් ආව් නංගි අද නාලා නේ "
" චහ් "
" අප්පෙ මේකිගේ ගනන් "
" 😏 "
" ඔතන එහාපැත්තමටද "
මුන් දෙන්නා කෙල්ලගෙ සීට් එකට ඔලුව දාගෙන කෙල්ලට මොන මොනාද කියනවා මං දන්නැත්ද මගෙ යක්සනී ගැන කොයි වෙලේ ඕකුන්ට කෑගායිද දන්නෑ 🙄
" ම්ම්ම්ම්ම් "
" මහත්තයෝ "
" මොකෝ "
" මොකෝ ඉස්සරහට ආවෙ "
" ඉන්න බලන්න චුට්ටක් "
____________________________________
" ඒ මල්ලි මොකෝ ලෙඩක්ද "
" ඇයි ඇයි මොකෝ "
" ඒක තමයි මාත් ඇහුවෙ මොකෝ "
" අප්පට බොල මේ නාකියා බලහන්කො "
මුගෙ ආච්චිට බල්ලො පයින්න යකො අවුරුදු 28 උනා විතරයි මුන් මට නාකියලු
" තෝ මොකද දැන් කියන්නෙ "
" මෙ උබේ කෑල්ලද අංකල් කෑල්ල ඕන්නම්
පරිස්සම් කරලා තියගන්නව "
" තොගෙ අම්#$ $* න්ඩ "
මේකි අතින් කට වහගෙන හිනාවෙනවා කියහන්කො ඉතින් 😏 😏
" මෙහෙ එනවා "
" හී හි ..."
" බහින්න එනවා "
" මොකා 🙄😂 "
" එනවා මාත් එක්ක "
බැහැලා තිබ්බ මලට ඌබර් එකක් දාගෙන
විහාරමහදේවි පාක් එකට ගියා 🙄
" මොකෝ බුම්මන් ඉන්නෙ "
" තමුසෙ තමා ඔක්කොම කලේ "
" හී හි ... මං "
" මගුලකටද ඉස්සරහට ගියෙ "
" මතක් කරන්න "
" මොනාද "
" ඉස්සර හිටිය මගේ බූරු පැටියා තාම
ඔය නපුරු හිත අස්සෙ ඉන්නවා කියලා
මතක් කරලා දෙන්න "
" මැණික "
" ම්ම්ම්"
" මං ආදරෙයිනෙ චූටි නෝනා "
" දන්නවා ඒත් ඉස්සර වගේ
පිස්සු ආදරෙකට මේ දෝණි ආසයි "
" උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා "
" මිනිස්සු ඉන්නවා දැනුත් "
" ඉතින් "
" බස් එකේදි ඔයාමනෙ ලැජ්ජයි කිවෙ "
" ඒ .. ඒ ... දැන් ඉතින් ඉස්සර හිටිය බූරුවනෙ
ඉන්නෙ ඉතින් හී හී ... 😂 "
" උම්ම්ම්ම්ම්මා "
" හී හී ... මැට්ටි මගේ "
" ලිත්තන බෝට්ටු යන්න ඕනෙ "
" යමු යමු යමු ... "
ආදරේ හරිම ලස්සනයි කසාද බැන්දට දැන් ටිකක් වයස උනාට ආදරේ අඩු කරන්න එපා
සුදු නෝනලට ඒක දරුණුවටම දැනෙනවා
හොදේ 🙄
- මං ගිහින් එන්නම් අරකි ලිස්සන බෝට්ටුව උඩ බලන් ඉන්නවා මං අල්ලගන්න එනකම්
බායි
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI