ඔන්න දරුවො ඔයා දැන් ලෑස්තිවෙන්න ඕස්ට්‍රේලියාවට යන්න මේ මොන හත්තිලව්වක්ද මිස් කියන්නෙ.මම උඩබිම විසිවුණා

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
එයා ආවට පස්සේ
මුන්ට කොච්චර කරත් මෙච්චර තමයි අන්තිමට.අනේ දෙයියනේ අර මිනාහත් නැතුන් දහ දුක් විඳලා විඳලා මුන්ට පොඩි දුකක්වත් නොදී හැදුවේ ඉගැන්නුවේ මේ ටික බලාපොරොත්තුවෙන්ද.උඹව හැදුවට වඩා හොඳයි ඇත්තමයි බං එළදෙනක් හද⁣ාගත්තනම්.උඹලට සැප වැඩිවුණා.මිනිහත් නැතිව ඉන්න වෙන ගෑනියෙක්නම් මේ වෙද්දි කසාදයක් කරගෙන ඉවරයි.ඒත් උඹ වෙනුවෙන් මං මගේ ජීවිතේම කැප කරා
හරිහරි අම්මේ.
හරි හරි තමයි.බලපං එහා ගෙදර කොල්ලා කොච්චර හොඳ තැනක අද ඉන්නවද,ඒත් උඹ..
ඒ තමයි අපේ අම්මා.හ්ම් අම්ම කිව්ව කතාව ඇත්ත.එදා අම්ම එහෙම කියද්දි මට පුදුම කේන්තියක් ආවේ අම්මත් එක්ක.
මම නවීන් චතුරංග කුමාර.පව්ලේ අම්මයි මමය විතරයි ඉන්නේ.තාත්ත මට අවුරුද්දක්වත් පිරෙන්න කලින් වෙන ගෑනු කෙනෙක් එක්ක අම්මවයි මාවයි තනිකරලා දාලා ගියේ බලු පැටවු මහ පාරෙ දාලායන සමහර මිනිස්සු වගේ.⁣ අම්මා මං නිසා නොවින්ද දුකක් නෑ.අම්මගෙ ජීවිතේ හොඳම කාලෙ මං නිසා අම්මට අහිමි වුණා කියලා දැනෙද්දිනම් මට ගොඩක් දුකයි.
පුතා...පුතා.....
ඇයි අම්මේ.මොනාට කෑ ගහනවද මන්දා උදේ පාන්දර
නැගිටලා ඇවිත් මේ තේක බීපන්.මං වැඩට යනවා.මං එනකං පරිස්සමෙන් ඉඳපන් ගෙදරටවෙලා..
අම්ම වැඩකරේ ටවුන් එකේ ගාර්මන්ට් එකක.උදේ හයට ගෙදරින් ගියාම එයා එන්නේ රෑ නවයට දහයට. සමහරදාට එයා එද්දි මම නිදි.
නවීන්...නවීන්
ඒ පාර මොකාද මේ උදේ පාන්දර කෑ ගහන්නේ.
ආහ් සුපුන් කියපන් මොකෝ මේ උදේ පාන්දරම
මම කෝස් එකකට යනවා බං අද ඉඳලා.උඹත් ගෙදරනේ ඉන්නේ වරෙන් යමු.
අනේ උඹ පලයන් බං ඕවට යටකරන්න කොහෙද බං සල්ලි තියෙන්නේ
හරි හරි බං උඹ යමන්කෝ අද සල්ලි දෙන්න ඕනි නෑ.අපි ගිහින් බලලා හොඳයිනම් දිගයම යමු
හා..හාා මල වදේ ඉඳපන් ලෑස්තිවෙලා එන්නම්.
එදා මමයි මගේ යාලුවයි කෝස් එකට ගිය⁣ා.මම නම් වැඩි කැමැත්ගකින් නෙවෙයි ගියේ.
මොකද බං හිතෙන්නේ කෝස්එක ගැන උඹට.උගන්නපු මිස් කොහෙමද.කෑල්ල නේ බං.
ඒක තමයි බං මටත් හිතුනේ.මේ ඒක නෙවෙයි කවද්ද ආයෙ ත්යෙන්න⁣ෙ බං.
ආහ් කොල්ලට මිස්ට හිත ගිහින් වගේ
ඔව් සුපුන් කිව්වදේ ඇත්ත.මට මිස්ව දැක්කම ඇතත්ටම ආස හිතුනා.මිස් ලස්සන තරුණ කෙනෙක්.එදා ඉඳලා මම කෝස් එකට ගියේ ඉගෙනගන්න නෙවෙයි මිස්ව බලන්න.ඔය විඳිහට කෝස් එක ඉවරවෙන්න තිබ්බ අන්තිම එක්සෑම් එකත් ලන් වුණා.
නවීන් මෙහෙ එනවා
ඇ ඇයි මිස්..මම ගොත ගැහෙන ස්වරයෙන් මිස්ගෙ මූණ නොබලම ඇහුවා.
ඇයි පුතා මොකක්හරි ප්‍රශ්නයකද ඉන්නේ.මම කිහිප දවසක්ම දැක්කා පුතා අමුතුවට මං දිහා බලන් ඉන්නවා.මොකක්ද පුතාට ත්යෙන ප්‍රශ්නේ.
අ අනේ නෑ මිස් එහෙම මොකුත.නෑ.මට මං ගැනම ලැජ්ජයි.ඇත්තටම මිස් දිහා ඕනි කෙනෙක් දෙපාරක් බලනවා.ඒක මටත් පොදුයි.
හොඳයි.පුතා ක්යනවනම් එහෙම දෙයක් නෑ කියලා අපි එහෙම හිතමුකො.
මේ වෙද්දි මිස් මගේ පවුල් පරිසරය ගැන පවා නොදන්න දෙයක් තිබුණේ නෑ.
පුතා මම දන්නවා පුතාගේ පවුලෙ හැමදේම පුතාට ලොකු වගකීමක් තියෙනවා.ඒ තමයි පුතේ පුතාගෙ අම්මව බලාගන්න එක.එක්සෑම් එකට තව දවස් තුනයි පුතේ තියෙන්නේ.ඒ නිසා හොඳට පාඩම් කරන්න.අම්මා ගැන හිතන්න.
ඔය විඳිහට මිස් මට ගොඩාක් අවවාද දුන්නා.
එක්සෑම් එක දවසේ මම මට පුලුවන් උපරිමේටම පේපර් එක ලිව්වා.
නවීන්,පුතා කොහොමද පේපර් එක.ලේසී නේද
ඔ ඔව් මිස් මම පුලුවන් උපරිමෙන්ම ලිව්වා.
පුතා දන්නවද මේ එක්සෑම් එක පාසු වුනොත් පුතාට ලැබෙන්නේ මොනාද කියලා.
අනේ නෑ මිස්.මං දන්නවා මිස් මේ එක්සෑම් එකත් මම ෆේල් කයිලා.මම යන්නම් මිස්.
මම ඔහේ ගිරවා වගේ ඒ වචන ටික මිස්ට කියලා එතනින් ආවේ ⁣මිස්ගේ මූණ බලන්න බැරි නිසා.
ඔය විඳිහට මාස තුනකින් රිසාල්ට් ආවා.පහුවදා උදේ පාන්දරම මිස් මාව හොයන් ගෙදර ඇවිත්
නවීන්,නවීන් පුතා
ආහ් මිස් කොහොමද.එන්න ඇතුලට
කෝ පුතේ අම්මා
අම්මනම් නෑ මිස් වැඩට ගිහින්.
ආ මේක ගන්න දරුවෝ
මෙ මේ මොකක්ද මිස්
දිගෑරලම බලන්නකො
මම බයෙන් බයේ වෙව්ලන දෑති⁣න් ⁣මිස් මට දුන්න ලියුම් කවරෙ දිගෑරලා බැලුවා.
අනේ දෙවියනේ මම පාස්වෙලා.මම මිස්ව පුලුවන් තරම් හයියෙන් බදාගත්තා.
හරි දරුවෝ මේ අහන්නකො දැන්
සතුටට ටැප් එක ඇරියා වගේ කඳුලු ගලන්න පටන්ගත්තා
ඔන්න දරුවො ඔයා දැන් ලෑස්තිවෙන්න ඕස්ට්‍රේලියාවට යන්න
මේ මොන හත්තිලව්වක්ද මිස් කියන්නෙ.මම උඩබිම විසිවුණා.
මම කිව්වනේද දවසක්ඔය ළමයට මේ විභාගෙ.පාස් වුණොත් ලැබෙන දේ ගැන.කොහෙද ඉතින් ඔය දරුවා මට ඒක කියන්න දුන්නෑ නේ.
ඒත් මිස් මම කෙ⁣ාහොමද අම්ම නැතිව ඉන්නේ.
හරි දරුවෝ අම්මත් එක්ක අපි ඉන්නවනේ.
කාලය ගෙවිලාගියේ හිතන්නවත් බැරි තරම් වේගයකින්.අද මම ලෝකයේ ඉන්න ප්‍රබලතම පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවෙක්.එයා ආවට ප්සසේ මම හිතුවේ මගේ ජීවිතේම ඉවරයි කියලා.ඒත් මම වැරදි.ඔව් එයා තමයි අද මගේ සාර්ථකත්වයට හේතුව.ඔව් ඒ වෙන කිසිම කෙනෙක් නෙවෙයි.එයා තමයි මගේ ඒ ලෙවෙල් රිසාල්ට් එක.ඩබ්ලිව් දෙකයි එස් එකයි.එයා න්සා මම අද ලොකු තැනකට ආවා.ඇත්ත විභාගෙකට පුලුවන්ද කෙනෙක්ගේ ජීවිතය තීරණය කරන්න.යන්න ඕනි තරම් පාරවල් තියෙද්දි වෙනස්ම පාරකට මාව ඇදලා දාපු මගේ යාලුවත් අද මං වගේම මෘදුකාංග ඉංජිනේරුවරයෙක්.අද මගේ අම්මත් මං ලඟ ගොඩාක් සතුටින්.ඒ විතරක් නෙවෙයි දැන් මට අවුරුදු දෙකක චූටි දෝණියෙකුත් ඉන්නවා.ජීවිතය කියන්නේ එක්සෑම් එකක්ම තමයි හැමදාම උත්තර හොයන
නිමි
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI