නිරාශා - සතුටු වෙනවා ඔයාගේ අවංක උත්තරේට .එතකොට ඒ girls ල කවදාවත් කසාද නොබැඳ ඉන්න ඕනෙද? ඔයා එක්ක sex කලා කියල .

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
විවාහයට කන්යාවක්....

පේජ් එකටත් #like එකක් දාලම කියවන්න යාලුවනේ ♥️♥️

චුටි දුව ,ඉක්මනට ලෑස්ති වෙන්න .කට්ටිය මග එනවත් ඇති මෙලහකට.

දැන් මන් ඔසරියක් ඇඳගෙන බුලත් හෙප්පුවක් එහෙම අරගෙනද මනමාලයාගේ ඉස්සරහට එන්න ඕනේ ? හා හා ..😊

අනේ මේ විකාර කතා නොකර ගිහින් මොකක් හරි පිලිවල ඇඳුමක් ඇඳගන්නවා.ඒ ළමය පිටරට හොඳට ඉගන ගත්ත දරුවෙක් නිසා ඔය පරණ හන මිටි අදහස් නම් ගෑවිලවත් නැතුව ඇති.

පුහ්හ් ..අම්මෝ අම්මට දැම්මම හිතට අල්ලලා වගේ වෙන්ඩ බෑනා ?? මේ.. එක නෙමෙයි අම්මේ දැන් ඔය අම්මගේ වෙන්ඩබෑනා අවරුදු ගානක් පිටරට ඉගන ගෙනත් ඇයි එහෙන් සුද්දියෙක් බඳින්නේ නැතුව මේ ලංකාවෙන් මනමාලියෝ හොයන්නේ?..

එහෙම තමයි උගත් වැදගත් ළමයි.ඔයා ඔය නොහොඹිනා ප්රශ්න එහෙම අහනවා නෙමෙයි ඒ දරුවගේ දෙමව්පියෝ ඉස්සරහ, මන් දන්නවනේ ඔයාගේ කට..

25 වයසැති නිරාශා විදායක ක්ෂේත්රයේ රැකියාවක් කරන තරුණියක් වන අතර හිත ගිය තැන කිහිපයක්ම තිබුනද මාලිගාව සැදීමට තරම් සුදුසු කෙනෙක් හමු නොවූ නිසා තවමත් අවිවාහකය.

තරමත් ධනවත් පව්ලක එකම දරුවා වන අශාන් , පවුලේ හිතවතෙකුගේ මාර්ගයෙන් දැන හැඳිනීමකින් විවාහ යෝජනාවක් ඉදිරිපත් කර අද මනමාලිය බැලීමට පැමිණෙන දවසයි.

පෙරවරු 10.30පමණ වන විට දෙමව්පියන් සමග අශාන් ,නිරශාගේ නිවසට පැමිණි අතර දුටුවනම හිත බැඳගන්නා කඩවසම් පෙනුමකින් හබි අශාන් හට නිරශාගේ මව් පියන්නම් එක පයින්ම කැමති විය.

කළු පැහැති දිග කලිසමින් සහ , සැහැල්ලු බ්ලව්සයකින් සැරසී පැමිණි නිරශාගේ සුන්දර රුව , අසේල ඇතුළු පව්ලේ සියල්ලන්ගේද බලාපොරොත්තු වැඩි කරලීමට තරම් සමත් විය.

ආගිය තොරතුරු කතා කරමින් සිටි දෙපාර්ශවයම මංගල්යයට එක පයින්ම කැමති බව නම් පැහැදිළිය .

ආ දැන් ඔය දෙන්නා ටිකක් කතා බහ කරලා තීරණය කරන්න ,මොකද ඔයගොල්ලොනේ එකට ජීවත් වෙන්න ඕනේ අපි නෙමෙයිනේ...ඒ කිව්වේ අශාන්ගේ මවය.

මිදුලේ කොනකට වෙන්නට අඹ ගස යට තිබු බැංකුව ඉදිරියේ හිඳගත් අශාන් සහ නිරාශා ආගිය තොරතුරු කතා බස් කරමින් සිටියේය.

නිරාශා - ඉතින් ඇයි අශාන් ඔයා ලංකාවේ ගර්ල් කෙනෙක්ව මැරී කරන්න හිතුවේ, ඔය රටවල වල කොච්චර ලස්සන ගර්ල්ස්ල ඉන්නවද? අනික ඒ ගොල්ලෝ අපි වගේ නෙමෙයි හරි forward නේ ..ඔයා වගේ උගත් බුද්ධිමත් posh කොල්ලෙකුට මාව ගැලපෙනවද මන්දා?

කොහොමත් කටකාර නිරශාගේ කටට අදවත් බ්රේක් නම් නැත.අසන්නට සිතුනු සියල්ල ඇය ඔහේ ඇසුවාය.

අශාන්- ඔව් එක ඇත්ත තමයි.එහෙදි ඉතින් මන් ගත කලේ හරිම enjoyfull life එකක් .එත් බඳින්න මතක් වෙනකොට මට ලංකාව මතක් උනා .

අශාන්- මොකද එහෙ virgin ගර්ල් කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.

නිරාශා - what ??? virgin girl කෙනෙක්,

අශාන්- ඔව් , ඇයි ?

නිරාශා - මට හරියට තේරුනේ නෑ ,අශාන් , මොකක්ද ඔයා virgin කියන එකෙන් අදහස් කලේ..

අශාන්- අයියෝ ඔයාට ඒක වත් තේරෙන්නේ නැද්ද?

නිරාශා - තේරුනේ නෑ... මන් එකට උත්තරයක් දෙන්න කලින් ප්රශ්නේ තව ටිකක් පැහැදිලි කරගන්න ඕනේ

ඒ කියන්නේ ඔයා මැරි කරන්න හොයන්නේ virgin ගැහැණු ළමයෙක් .

අශාන්- ඇත්තටම ඔව් ..

නිරාශා - කොහොමද ඔයා එක චෙක් කරලා බලන්න හිතන් ඉන්නේ ..

අශාන්- අයියෝ නිරාශා මෙච්චර වෙලා ඔයා සමාජේ ගැන හොඳ අවබෝධෙන් කතා කරලා මොනවද මේ අහන ප්රශ්න, ඔය දන්නැද්ද virginity එක බලන විදිහ.

නිරාශා - හරි ඔයාම කියන්නකෝ බලන්න,ඔය කොහොමදඒක බලන්න හිතන් ඉන්නේ කියල.

අශාන්- එක බලන්න ඉතින් honeymoon night වෙනකන් ඉන්න වෙනවනේ..හා හා ...

නිරාශා - ආ..දැන් තේරුනා.ඔය මේ මගේ virjinity එක ලේ බිඳුවකින් test කරන්නද හදන්නේ ..හා හා ...

අශාන්- ඇයි ?හිනා වෙන්නේ..

ටික වෙලාවක් අශාන් දෙස සමච්චලයෙන් බල සිටි නිරාශා ...

නිරාශා - අශාන් ඔයා virjin ද?

අශාන්- what ? are you mad ?

එවරනම් ඔහුට තරමක් තරග ගිය වගක් පෙනුනි.

අශාන්- මොකක්ද ඒ අහපු මෝඩ ප්රශ්නේ ?

නිරාශා - ඔයා දැන් ටිකකට කලින් , මගෙන් අහපු මෝඩ ප්රශ්නෙම තමයි මාත් ඇහුවේ අශාන් ?

අශාන්- මොන ලෝකෙද කොල්ලෝ virjin ද කියල බලන්නේ? අනික කොහොමද ඒ ක හොයන්නේ ?

නිරාශා - අන්න හොඳම තැන,එක ඇත්ත කොල්ලෝ virjin ද කියල හොයන්න විදිහක් වත් නෑ ,

නිරාශා - එතකොට තමන්ට එහෙම දෙයක් තියනවද කියලවත් දන්නේ නැති ඕගොල්ලෝ ගෑනු ළමයින්ගෙන් මොනවද මේ බලාපොරොත්තු වෙන දේවල්?

නිරාශා - අද දිනේ කවද්ද අශාන් ?

අශාන්- ඒ පාර මොකක්ද අහන්න යන්නේ ?

නිරාශා - කියන්නකෝ දිනේ ..

අශාන්- 2019-ජුලි ..

නිරාශා - ආ ...මේ 2019 අව්රුද්ද කියල ඔයා දන්නවා නේද? මන් බැලුවේ ඔයා තාම ගල්යුගයේ අදහස් තියන කෙනෙක් හින්ද..

නිරාශා - ඔන්න දැන් මන් උත්තරේ දෙන්නම් ඔයාගේ ප්රශ්නෙට ,

නිරාශා - ඔය විර්ජිනිට්ය් එක බලන්නේ ලේ බිඳුවකින් නම් ඔය තියා මන් වත් දන්නේ නැහැ මන් virjin ද කියල.මොකද ඒක එක ශාරීරික පිහිටීමක් විතරයි,
ඉතින් මන් කොහොමද මගේ ඇඟ ඇතුලේ තියන පටලයක් තියනවද නැද්ද කියල ඔයාට කියන්නේ ?
උපතින්ම කන්යා පටලය ඇතුව වගේම නැතුවත් ගැහැණු ළමයි ඉපදෙනවා අශාන් ,සමහර විට සිනිදුව නැත්තම් ඝනකම්ව පිහිටනවා. හරියට ඇස් කන් ,නාස් ,අත ,පය ඔය අනිත් අවයව වගේ තමයි.

නිරාශා - හැමෝගෙම නහය කට එක වගේ පිහිටන්නේ නෑ ඒ වගේම ඇස් පෙන්නේ නැති කන් ඇහෙන්නේ නැති මිනිස්සුත් උපදිනවා.
එතකොට මේ ඇඟ ඈතුලේ තියන සියුම් දේකුයි විවාහය යි අතර කොහොමද සම්බන්දයක් හැදුනේ.. කියන එකනම් ප්රශ්නයක් ..

නිරාශා - උපතින්ම මේක නැති අය වගේම දරුවෝ හම්බුනාටත් පස්සේ අයෙත් පොඩි ගානක් වියදම් කරලා ඔපරෙෂන් එකකින් ඕව හදාගත්ත ගැණු අයත් ඕන තරම් ඉන්නවා. දැන් එතකොට බැඳලා දරුවෝ එහෙම හිටියට ඔයාට අව්ලක් නෑ පටලය තිබ්බොත් එහෙම නේද? කියමින් නිරාශා හයියෙන් සිනහ විය .
අශාන් නම් එතරම් ඒ විහිලුවට කැමති බවක් පෙන්නුවේ නැතත් , අකමැත්තක් නොපෙන්ව සිටීමට උත්සාහ ගත බවක් හැඟුනි.

අශාන් - හරි හරි ඕව කතා කරලා වැඩක් නෑ .ඔයාට කලින් එහෙම දුරදිග ගිය affair තිබිල නෑනේ..එහෙනම් අව්ලක් වෙන්න විදිහක් නෑ ..

නිරාෂා - අප්පෝ එහෙම කියල බෑ .

නිරාශා - මෙහෙමයි,මට එහෙම sex expierince නෑ .ඒක මට වගකීමෙන් කියන්න පුළුවන්.

හැබැයි මන් virgin ද කියල මන් වත් දන්නේ නෑ ..

මේකයි අශාන්..මේ ප්රශ්නේ අදම කතා කරපු එක ගැන මන් සතුටු වනවා.

හැබැයි මේ ටිකත් ඔයාට කියන්නම වෙනවා.

ගැහැණු පිරිමි දෙගොල්ලොම එකම වගේ රස්සාවල් කරලා ජීවිතේ අභියෝග වලට එක වගේ මුණ දෙන මේ තරම් දියුණු සමාජෙක කොල්ලොන්ට විතරක කසාද බඳින්න කලින් ඕන තරම් ජීවිතේ හැම අත්දැකීමක්ම නිදහසේ විඳින්න පුළුවන් වෙලා ගැහැණු විතරක් හැම දෙයක්ම හංගගෙන තද කරගෙන ලෝකේ වටේම කරක් ගහල නටන්න තියන ඔක්කොම නැටුම් නටල කොහෙන් හරි තමන්ගේ හිමි කාරය එනකන් කියල හුලන් පොදක් වත් ඇඟට වැටෙන්න දෙන්නේ නැතුව තමන්ව පරිස්සන් කරගන්න ඕනේ කියල මන් නම් හිතන්නේ නැහැ.

නිරාශා - Have you had any previous sexual experiences?

අශාන්- yes some times

නිරාශා - සතුටු වෙනවා ඔයාගේ අවංක උත්තරේට .එතකොට ඒ girls ල කවදාවත් කසාද නොබැඳ ඉන්න ඕනෙද? ඔයා එක්ක sex කලා කියල .

නෑ මන් කිව්වේ එතකොට එයාලා තව දුරටත් virgin nemeyine .

මේ කසාදෙ උනත් නොවුනත් කමක් නෑ අශාන් ..මේ ටිකත් මට කියන්නම වෙනවා.

virjin කියන්නේ පිරිසිඳු කමනම් , එක මනින්න ඕනේ අපි දෙන්නගෙම නේද? ඉඳුල් වෙච්ච ඔයා , මන් නොඉඳුල් ද කියල හෙව්වම මට හරි අසදාරනයිනේ.අනික ඒක මොන තරම් බමුණු මතයක්ද විවාහය වගේ ජීවිතේ ගැන ගන්න තීරණයකදී...
වැදගත් වෙන්න ඕනේ ,විවාහයෙන් පස්සේ වෙන ලිංගික සම්බන්දත පවත්වනවාද නැද්ද කියල මිසක් ඊට කලින් මොනවද කලේ කියන එක නෙමෙයි අශාන්?

තමාට තියනවද නැද්ද කියලවත් දන්නේ නැති තිබ්බත් හොයාගන්න හරිහමන් මිනුම් දණ්ඩක් වත් නැති ඔය වගේ සංකල්ප ඔලුවඋඩ තියාගෙන ජීවත් වෙන මනුස්සයෙක් එක්ක මට ජීවත් වෙන්න අමාරු වෙයි ..

ඔයාගෙත් මුණ කඩවසම් උනාට හිත නම් තාම වැඩවසම් නේද? කොහොමත් තමන් සිදුහත් කුලයේ නෙමෙයි නම් යශෝදරාවෝ හොයන එක අසාදාරණයි අශාන් .

අනික මන් virjin උනොත් මාත් හොයන්නේ virjin බෝය් කෙනෙක් .( ඔයාගේ අදහස් වලට් අනුව හිතුවොත් )එතකොට එත් මේ කසාදෙ වෙන්නේ නැහැ ..මොකද ඔයා ..virjin නෙමෙයිනේ.... නිරාශා කිව්වේ ඔලොක්කුවට උනාට අශාන් ට කට උත්තර නැති විය.

මේ අතර වාරයේ මව්පියන් සිනැහ මුසු මුහුණින් ඔවුන් දෙදෙනා අතරට පැමිණියේ ''අම්මෝ දෙන්නා wedding එකත් plan කරනවද කොහෙද? කියමිනි.

නිරාශා - අප්පෝ නෑ අම්මේ.ඊට කලින් medical check ups වගයක් කරලා අශාන්ට දෙන්න තියනවා.

ආශාන්ගේ මව - මොකක් ???

නිරාශා - ඇන්ටි ,ආශාන් ඇහුව මන් virjin ද කියල , ඒ කට ඉතින් දොස්තර මහත්තයෙක් ලඟට ගිහින් චෙක් කරලා ,එහෙම එකක් උපදිනකොට පිහිටලා නැත්තම් මන් සල්ලි කීයක් හරි දීල ඔපරෂන් එකකින් හරි කන්යා පටලයක් එහෙම සෙට් කරගෙන කෝල් එකක් දෙන්නම්කො එහෙනම් හොඳේ ..

කියමින් සුපුරුදු සිනහවෙන් ගේ ඇතුලට දිව්වේ මේ නොකෙරෙන බමුණු මත දාරි මනමාලයට කුද ගහගන්න කියාය.

🔴 . 🔴. 🔴. 🔴 .🔴

❤️ලිංගිකත්වය කියන්නේ මානව සංහතියේ පැවැත්ම වෙනුවෙන් සොබාදහම විසින් මවන ලද අති සුන්දර අත්දැකීමකි . ලිංගිකත්වය මෙතරම් මිහිරි අත් දැකීමක් විදිහට මවල තියෙන්නේ ප්රජානනය සඳහා මිනිසුන්ම යොමු කරවීම සඳහායි. ඔය වැඩට යනවා, වගේ ලින්ගිකත්වයත් කම්මැලි අත් දැකීමක් උනානම් කිසිම විඳීමක් නැති දෙයක් උනානම් කව්රුවත් ඕක කරන්නේ නෑ .ඒ කියන්නේ ලෝකේ පැවැත්මක් නෑ .එක එක සංස්කෘතීන්ට අනුව මිනිසුන් විසින් ලිංගික අත්දැකීම් විඳිය හැකි සීමා ( විවාහයෙන් පසු පමණි ) මත ගොඩනැගුවද ප්රථම ලිංගික අත්දැකීම විවාහයෙන් පසු පමණක්ම යුතු බව සිතන පිරිසවල් සිටින්නේ අපි වැනි තුන් වන ලෝකයේ නොදියුණු රටවල් කිහිපයක පමණකි.

❤️පිරිමින්ට පමණක් විවාහයට පෙර හා පසු වලංගුය / කාන්තාවන්ට විවාහයෙන් පසු පමණක් වලංගුය. එහෙම නිර්නායකයක් ලිංගිකත්වයට නැත, බඩගින්න නිදිමත, හිසරදය, මුත්රා අවශ්යතාවය මෙන්ම ලිංගික අවශ්යතාවයද වැඩුණු මිනිසෙකු ගේ සාමාන්ය අවශ්යතාවයක් වෙයි.

❤️ප්රථම ලිංගික අත්දැකීම විවාහයෙන් පසුව පමණක්ද ඉන් පෙරද කියා පව්ද්ගලිකව තීරණය කිරීමට සැමටම සාදාරණ අයිතියක් තිබිය යුතුය.

❤️බෙල්ලෙන් පහල කිසි දිනක කිසිවෙකුත් නොදුටු එහෙත් මදුසමය දිනයේ , ලේ බින්දුවක් පිට නොවුණු , කාන්තාවන් සිය දහස් ගානක් ඇති අතර, විවාහයට පෙර දරුවන් පවා වදමින් , වෛද්ය විද්යාවේ පිහිටෙන් කෘතීම ලිංගික පටලයකින් වැදහත් කම පෙන්වූ කාන්තාවන්ද ඕන තරම් සිටිය හැක.

රැවටෙන්නේ කව්රුන් උනත් , සමහරෙක් මේ තමා වග කිව යුතු නොවන පිහිටීමක් නිසා මුළු ජීව්තේම ස්වාමියාගෙන් සහ ඒ පව්ලේ උදවියගෙන් නොහොඹිනා කතා අසමින් වේදනාකාරී ජීවිත් ගෙවන බිරින්දෑ වරුන්ද අප අතරය.

❤️මෙවැනි පදනමක් නැති බමුණු මත සමාජයෙන් උදුරා දැමීමට දැනටත් ප්රමාධ වැඩිය.නමුත් අපේ දරුවන්, සහෝදරයන්, මේ පිළිබඳව විවුර්ත මනසක් ඇත්තවුන් බවටපත් කරලීමට අපට තවම හැකියාව ඇත.

❤️විවාහ ජීවිතයේ සතුට , විශ්වාසය , දියුනුව , ලේ බින්දුවක් මත පදනම් කරගන්නා රටක් මේ වන තුරුත් දියුණුව කරා නොපැමිණීම පුදුමයට කාරණාවක් නම් නොවෙයි.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI