මම හැම ආත්මෙම පතන්නේ ඔයාව, රත්තරන් ඔයාගේ ආදරේ... මම වෙනුවෙන් ඔයා කල හැමදේටම ගොඩක් පිං මගේ වස්තුව ... මගේ ආදරේ හැමදාම ඔයාටයි තරූ.....

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
#සිත්_සංවේදී_කරන_ සත්ය #ආදර_කතාවක්

#උරුම_නැති_ ❤️
#ආදර_කතාවක්❤️

ඔයාලා touch කරන පොඩි like button එකෙන් තමයි යාලුවේ අපි කතා ලියන්න දිරිමත් වෙන්නේ. ඒ හින්දා පේජ් එකටත් like එකක් දාලම කියවන්න 🙏🙏🙏

.සීතල මීදුමත් එක්ක ගෙවූ සුන්දර ජීවිතේට සමු දෙමින් නුවරඑළියේ පිහිටි මගේ සිත්ගත් සොදුරු ගම් පියස වූ සදගලතැන්නෙන් තාවකාලිකව නික්මුණේ මගේ උසස් අධ්යාපනය වෙනුවෙනි... කොළඹ ගැන අසා සිටියට පලමු වරට ගියේ එදාය...
අලුත් පංතියට යද්දි හිතට පොඩි තිගැස්මක් දැනුනත් හිත හදන් ගියේ මගේ දුප්පත් අම්මාගේ හීන සෑබෑ කරන්නයි...😇

ගිය පළවෙනි දවසේම මට දැනුනෙ නොදන්නා ලෝකෙක අතරමං වුනාවගේ හැගීමක්.එහෙම උනත් මම වගේ ම තව යාළුවෙක් ෆිට් වුන නිසා හිතට පොඩි සැනසීමක් දැනුනා..කොල්ලා නුවර, ඌ ඉන්නවා කොල්ලෝ දහයකටම හරියන්න...

.කාලය ගෙවීයත් ම අපි හොදම යාලුවෝ වුණා..අපි දෙන්නගෙ සෙට් එකට තව තුන් දෙනෙක් එකතු වුණා..අපි සෙට් එක පුදුම සතුටකින් හිටියේ.ඒ හැමෝගෙම ඉගෙනීමේ වැඩ ටිකත් හොදට කෙරුනු නිසා.. ඒ වගේ ම අපි පස්දෙනාම තනිකඩ වීමත් අපේ සතුටට හේතු වුණා..

"මචං සංක..."යාළුවෝ මට කතා කලේ එහෙමයි.හෙට අලුත් බැජියො එනවා... "අනේ මට හෙට හොද කෙල්ලෙක් සෙට් වෙන්න දෙයියනේ 🙏" එසේ කීවේ මගෙ පිස්සු යාලුවා චමිත් ය.චමිත් තමා මගේ බොක්ක නුවර කොල්ලා..👬 ඌ පිස්සෙක් වගේ හැසිරුනත් කොච්චර කියෙව්වත් හිත හොද කොල්ලා...

"අලුත් බැජ් එකේ ලස්සන කෙල්ලෝ ටිකක් ඉන්නවා බන්. බලපන්කෝ...😍 දැලක් දාමුද බන්. ඇයි බන් උබට ආදරේ හිතෙන් නැද්ද යකෝ කේන්තියෙන් ඇසූ චමිත් ඇසිපිය නොහෙලා බලන් ඉන්නවා"

*ඉදකින් පෙරේතයා ඔය කට වටේ පිහද ගනින්*මූ නම් හදන්නම බෑ.

මම ආදාරෙන් පැරදුනු කෙනෙක් මගේ ආදර හිමිකාරී වෙන කෙනෙක්ගේ..ආදරේ කියන අකුරුවලත් මම වෛර කලේ පලවෙනි ආදාරේම බොරුවක් නිසාවෙනී.ඒත් මම එයාට වෛර කලේ නෑ...... මම තනියම හිටියේ පැරදුන ආදරේ නිසයී💔💔....

අනේ වරෙන් යන්න මෙතන පැණි හලන් නැතිව.සර් පංතියට ඇවිත්.

මචං සංක. අර කෙල්ලෝ ඇයි බන් උබ දිහා ඔය තරන් බලන්නේ..... බලපන්කො...

පිස්සුද චමිත් මට පේන් නෑ...මම කිසි කෙනෙක් දිහා බැලුවේ නෑ.....

*අර boyගේ හිනාව..👨👨. අහිංසක ඇස් දෙක ඒ ලස්සන මූන... කෙල්ලෝ කිව්වේ මට ඇහෙන්නයි... මම නොඇසුනා වගේ ගියත් ඒ ගෑනු ලමයි අතරේ මම අහම්බෙන් වගේ ලස්සන ඇස් දෙකක් දැක්කා..අම්මෝ ඒ ඇස් මාව පිස්සු වැට්ටුවා…හිනා වෙද්දි හීනි වෙන ඒ කතා කරන ඇස් දෙක මොහොතකටවත් හිතෙන් අයින් කරන්න බැරි තරම් මගේ හිතට කා වැදිලා තිබුනා.ක්ලාස් එකේ වාඩි වෙලා හිටියත් මගේ හිත තිබුනේ ඒ ඇස් ලග

ඒ කොහොම වුනත් ඒ කෙල්ල මට නිතරම ක්ලාස් එකේදී දකින්න ලැබුනත් එයා දිහා කෙලින් බලන්නවත් මට බැරි වුනා..ඒ ඇස් දකිද්දි මගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා..

ඔහොම කාලයක් ගෙවිලා ගියා..දවසක් fb එකට මැසේජ් එකක් ඇවිල්ලා තිබුනා

"ඒයී ආඩම්බරකාරයා මොකද ඔච්චර ගණන්"

කියලා.මම ඒ ප්රොෆයිල් එක check කරා….දෙවියනේ අර ලස්සන ඇස් දෙක 😮 මම මේ දකින්නේ හීනයක්ද…අර මගේ හිත ගත්ත ඒ කතා කරන ඇස් දෙකේ අයිතිකාරී මට මැසේජ් කරලා.අපි පාන්දර වෙද්දී අපි ගැන ගොඩක් දේවල් කතා කරා...

ඇය නමින් තරූ.....
කටකාර කටක් වගේම ගොඩක් හුරතල්.... මාව පිස්සෙක් වගේ ඒ හුරතල් කමට ලන් වුනේ ඇය නොදැක මොහොතක්වත් ඉන්න බැරි තරන්ය.... දවසින් දවස අපි දෙන්න ලං වුනේ අපිට අපි බැරුවම බැරි තරම්ය....

එයාටත් මාව නොදැක එක දවසක් වත් කතා නොකර ඉන්න බැරි වුනා..
අපි දෙන්නට දෙන්නා හිතින් ආදරේ කලත් ඒ ආදරේ කියාගත නොකිවයි හිටියේ....දවසක කතා කර කර ඉන්න ගමන්. *ඒයී මැට්ටී වයස කියද කියලා ඇහුවා* වයස කියද්දී මගේ මුලු ලෝකේම කඩන් වැටෙනවා වගේ හැගීමක් දැනුනා.මට ..මම මෙච්චර දවසක් ආදාලේ කලේ අක්කි කෙනෙක්ට කියලා.....😩😩😩😩😩😩

..වෙන දෙයක් වුනාවේ කියලා මම එයාට ආදරේ කීව්වා..ඒයාට අපේ වයස ගැටලුවක් නොවුනේ මගේ ආදරේ ඒ තරන් එයාට වටින නිසයි...වයස ප්රශ්ණයක් වුනත් අපි දෙන්නට දෙන්නා පිස්සුවෙන් වගේ ආදරේ කලා. මගේ යාලුවාගේ උදව් නිසා අපි ගොඩක් ලං වුනා නිතර නිතර meet වුනා 👫👫....

තරූ මාත් එක්ක ඉද්දින් ඒයා ගොඩක් හුරතල් වුනා පිස්සියෙක් වගේ මාව කොනිත්තනවා හපනවා...ඒ වගේ ආදරේ හිමි වෙන්නත් පින තියෙන්න ඕන....

කාලයත් සමග අපි හිතුමතේ ඇවිද්දා ඒ වගේම අපේ ඉගනීමට එය බලපැමක් නොවුනේ අක්කිගේ උනන්දුකිරිමත් අම්මගේ ආශිර්වාද නිසත් මට ඉහලම ලකුණු ලැබුනා.....🙋🙋🙋🙋🙋🙋

දවසක් තරූ මාත් එක්ක ඉද්දි
**බබා මට ටිකක් සනීප නෑ වගේ ඔලුව පැලෙන්න වගේ වස්තු කියලා මගෙ උරහිසට බර වුනා....දවසක් හදිසියේම අසනීප වුනා.එයා Hospital Admit කලා.සතියක් Hospital ඒ සතියම මාත් නොකා නොබී එයා ලගට වෙලා හිටියා.ඒ හැම වෙලාවෙම එයා කිව්වේ මේක සාමාන්ය හිසරදයක් බය වෙන්නනෙපා මැට්ටෝ කියලා😵😵...

මම හිතුවට වඩා එයා ලොකු පොහොසත් පවුලක කෙල්ලෙක්…මම ඒක දැනගත්තෙ hospital ඉන්න දවස් වල.මම මෙච්චර කාලයක් ආදරේ කරලා තියෙන්නෙ රටේ පිලිගත් ඇමති කෙනෙක්ගෙ දුවෙකුටයි..

තරූ hospital ඉදලා ගෙදර ගිහිල්ලා ටික දවසකින් මායි චමියයි දෙන්නා තරූලගේ ගෙදර ගියා තරූ එන්න කියපු නිසා.එදා එයාගෙ ගෙදර අයට මාව හදුන්වලා දුන්නේ එයාගේ BF කියලයි..ඒ වෙලාවේ මට දෙලොව රත් වුනේ මොනවා කරන්නද මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුවයි..

චමියත් හොදටම බයවෙලා.."මචං සංක අපි මෙතනින් පැනගමු"කිව්වේ දාඩියත් පෙරාගෙන…😨

ඒත් මම තරූ වෙනුවෙන් හිතට හයිය අරං තරූගේ තාත්තා එක්ක කතා කලා..තාත්තා වැඩි කතාබහක් නැතත් යාන්තමට හිනා වුනේ මම ගමේ සාමාන්ය කොල්ලෙක් නිසා වෙන්න ඇති…

දවසින් දවස තරූ වෙනස් වෙනවා කියලා මට හිතුනා..මාව බලන්න ආවෙත් නෑ..කතා කරන්නෙත් නෑ වැඩිය..අර දගකාර කටකාරකම් අඩුවෙලා..මට හිතුනේ තාත්තාගේ බලපෑම් නිසා කියලා..

දවසක් .තරූ මට call කරලා කිව්වා.. ."පැටියෝ මට ඔයාව බලන්න ඕන.අපේ ගෙදර එනවද.".මාත් පුදුම ආසාවෙන් ගියේ ඒ රෝස මුහුණයි කතා කරන ඇස් දෙකයි දැක ගන්න.මම ඒ වෙලාවෙම තරූලගේ ගෙදර දිව්වා....

මම තරූව දැක්ක ගමන් හිත පිච්චිලා ගියා.ඒ ලස්සනට තිබුන රොස මුහුන කලු වෙලා.ඇස් වල ගැහිලා. ඒත් ඒ මුහුන ගොඩක් වෙනස් වෙලා .. මට විශ්වාස කරන්නම බැරි වුනා මේ මගේ මැනිකද කියලා....

මම එයා ලගින් වාඩි වුන ගමන් තරූ මාව පිස්සුවෙන් වගේ බෙල්ල බදා ගෙන ඉඹගෙන් ඉඹගෙන ගියේ මගේ මූන රතු කරමිනි....
මැට්ටි හෙටත් ඉබින්න මගෙ මූන තියන්න කිව්වම හිනාවෙලා කියනවා.....* අනේ කොල්ලෝ අද අවසන් වතාවද දන් නෑනේ කියමින් ඇස් හීන් කරලා හිනාවුනා...*

විකාර කියවන්න එපා තරු පැටියෝ මම එහෙම කිව්වම එයා මගේ මූණ දිහා බලන් ඉදලා

සුදු මට දෙයක් කියන්න තියනවා....
*පේනව නේද ඔයාගේ පනගේ මූණ ගොඩක් වෙන්ස් වෙලා නේ... මේ ලස්සනයි මූන නැතුව ඔයා මට ආදරේ කරනවද ?මගෙ හදවතට ආදරේ කරනවද? * අනේ පන මම ඔයට ගොඩක් ලං වුනේ ආදාරේ කලේ ඔය හුරතලේටයී කටකාර කමටයී මැනික..ඒ මොනවා නැතත ඔයාගේ හදවතේ තියෙන අවංක ආදරේට මම පන වගේ ආදරෙයි රත්තරන් ..

* අහන්න පන මම ඔයගෙ ඔලුවේ අත තියලා දිවුරන්නේ මගේ මේ මූණ මෙහෙම නැති වෙලාම ගියොත් මම ඔයා වෙනුවෙන් #මැරෙනවා....ඒ ඔයාට ලං වෙලා ඔයාට දුකක් දෙන්න බෑ දෙයියෝ....ඔයා කවදාවත් මාව දාලා යන් නෑ කියලා දන්නාවා.... ඔයා වගේ හැන්සම් කොල්ලෙක් මේ කැත මූණ එක්ක ඉන්න ඕන නෑ බබෝ..මොන දේ වුනත් ඔයගේ අම්මගේ හීන සැබෑ කරන්න...*

ඒ වචන ටිකත් එක්ක මට ඉකි ගහල අඩන්න හිතුනත් ආමාරුවෙන් නවතන් හිටියේ අක්කිගේ ඇස් වලට කදුලු දෙන්න බැරි නිසයි......
අනේ මගේ පිස්සි හිතන්න එපා ඔයාට ඉක්මනින් සනීප වෙනවා මම ලග ඉන්නවනේ.....

දවසින් දවස ප්රෙතිකාර කලත් ඒ ලෙඩේවත් හොයා ගන්න බැරි වුනා..අක්කිගෙ අම්මයි තාත්තයි නිතරම මට call කරලා කියනවා ලෙඩේ එන්න එන්න වැඩි වෙනවා කියලා... මම නිතරම අක්කි ලගින් ඉදන් එයාගේ හිත හැදුවත් වැඩක් නෑ.ඒ හිත මානසිකවම වැටිලා..මම එයාව ....ආදරේ kiss කරලා කාමරෙන් එලියට ඇවිත් කෑගහල අඩපු වාර අනන්තයී..ඒ දවස් ටිකේ කැමක් නින්දක් නැතිව දවස ගත කලේ තරූගේ වේදනාව දරා ගන්න බැරුවයි...

මේ වගේ දවසින් දවස ජිවත් වෙද්දි හවසක mag එකක් ආවා.....

💘💘මගේ පන මට ඔයාගෙන් තොර ලෝකයක් නෑ.... මම මගේ පනටත් වඩා ආදරේ කලා...ඒ ආදරේ හැම ආත්මයකම හැමදාම තියෙයි මගේ දෙයියෝ .... මම අද ගියත් ඔයාගේ හැම හුස්මක් ගානේම මම ඉන්නවා....💘💘

Mag එක බලලා ඉවර වුනා විතරයි තරූගේ අම්මගෙන් call එකක්...එයා අඩ අඩ කිව්වා.....

😭😭පුතේ අපේ පණ අපි දාලා ගියා😭😭

ඒ වචන ටිකත් එක්කම මම සිහිසුන්ව ඇද වැටිලා..... මට සිහිය එනකොට මම හිටියේ මගෙ තරූගේ ගෙදරයී... සිහි ආව සැනින් මම සෙනග අතුරින් දුවගෙන ගියේ අක්කිගේ කාමරේටයී .....

ඒ දැක්ක දේත් එක්කම ඔලුවට අකුනක් වගේ වැදුනා.. මුලු කාමරේම රතු පාටින් I LOVE YOU SHANKA කියල ලියල,මම මෙච්චර කල් ආදරේ කල මගේ පන ,මගේ දගකාරීය ෆෑන් එක උඩ එල්ලිලා ඉන්නවා.... එයා විසින්ම සියදිවි හානී කරගෙන...මම එයාගේ කකුල් දෙක අල්ලන් කෑ ගහලා අඩන්න ගත්තා .මම දැම්ම පා සලබ සිලි සිලි ගාල හෙලවෙනකොට මගේ මුලු ජීවිතේම නැති වුනා වගේ දැනුනා. මට මතක් වුනේ එයා දුන්න ඒ පොරොන්දුව විතරයි... කිව්වා වගේම මගේ රත්තරන් මාව මේ ලෝකේ තනි කරලා යන්න ගියා....

එයා ගියත් එයාගේ කතා කරන තරු ඇස් දෙකෙන් අද පුංචි ගෑනු ලමයෙක් ලෝකය දකිනවා... ඒ ඇස් දෙකෙන් මම එයාවමයි දකින්නේ.... ටික කාලයක් යනකන් මම ඒ ගෙදර එයාගේම කාමරේ හිටියේ මට එයාවයි එයාගේ ආදරෙයි අමතක කරන්න බැරි නිසා😓

ඒ අම්මයි තාත්තයී හැම දේම අතාරලා විදෙස් ගත වුනා...මම මේ ලෝකෙ තනියෙන් වගේ දැනුනත් ඒ හුරතල් මැට්ටි හැමදාම රෑට ලගට ඇවිත් මාත් එක්ක කතා කරනවා.... මාව හැම කරදරයකින්ම බේරගන්නවා..... මාව සනසනවා..මගේ ලගම එයාගේ ආත්මේ ජීවත් වෙනවා.. මගේ හැම හීනයකම ඉන්නෙ එයා... ඒ ආදරේ වෙන කාටවත් දෙන බැරි තරන් ආදරයක් මේ..... නිතරම ඔයගේ සොහොනට ඇවිත් කෑ ගහල අඩන්නේ ඔයාගෙන් තොර ලෝකයක් නැති නිසයි

අදට අවුරුදු 3ක් වෙලත් තාමත් මාත් එක්ක ඉන්නවා වගේ.... ඇති මගේ රත්තරන් දැන් ඔයා හොද තැනකට යන්න..හැමදාමත් මෙහෙම ඉන්න බෑ ඔයට අක්කී. මම ඔයා වෙනුවෙන් පිං දහම් කරනවා රත්තරන් ...

මම හැම ආත්මෙම පතන්නේ ඔයාව, රත්තරන් ඔයාගේ ආදරේ... මම වෙනුවෙන් ඔයා කල හැමදේටම ගොඩක් පිං මගේ වස්තුව ... මගේ ආදරේ හැමදාම ඔයාටයි තරූ.....

මේ වගේ වේදනාවක් කාටවත්ම ලැබෙන්න එපා දෙයියනේ... ....

💓💓💓💓හැමදාමත් හැම ආත්මයකම මම ආදරෙයි තරූ..💓💓💓💓💓💓

(අම්මේ තාත්තේ මේ කතාව දැම්මට සමා වෙන්න)

**ඔයාගේ ආදරේ වෙනුවෙන් මං අසරන වෙලා ඉන්න තරම් මතක් වෙනකොට මං ගැන මටම දුක හිතෙනවා.ඒත් මුලු ලෝකේ ඉස්සරහම මම අඩන්නේ නෑ..හැමෝටම හොරෙන් මං කදුලු හංගගෙන හිනාවෙලා ඉන්නවා**

(( නම් ගම් මනක්කල්පිතයී ))

(😭😭සත්‍ය සිදුවීමකි😭😭)
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI