මුලින් කියන්න පුලුවන් බණ හැම එකක්ම කියලා යාලු වෙලා, රත්තරං පැටියො සුදු මැණික මගේ පන කියාගෙන හිමීට හිමීට ලං වෙලා ජීවිතේ මගේ විතරයි කියලා ලේබලයක් ගහ ගත්ත එකෙක් නේද උඹ?

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ආදරේ ඇලජික් වෙලා
ජීවිතේම එපා වෙලාද ඉන්නේ,
#කියෝපන්,❤️
මුලින් කියන්න පුලුවන් බණ හැම එකක්ම කියලා යාලු වෙලා,
රත්තරං පැටියො සුදු මැණික මගේ පන කියාගෙන හිමීට හිමීට ලං වෙලා
ජීවිතේ මගේ විතරයි කියලා ලේබලයක් ගහ ගත්ත එකෙක් නේද උඹ?
කැප කිරීම් කියන දේ වචනයේ පරිසාමර්ථ අර්ථයෙන්ම උඹ මුලු ජීවිතෙන්ම කැප කරලා උඹ බලාපොරොත්තු වෙන්න ඇත්තේ ආදරේ විතරක් වෙන්න ඇති,
ජීවිතේ හැමෝම බලාපොරොත්තු වෙන ලස්සනම බැදීම උඹත් ඇති වෙනකම් විදින්න ඇති,
ඒ මත්තේ නැහෙන්න ඇති,
අතින් අල්ලගෙන පාරක් පාරක් ගානේ රස්තියාදු ගහනකොට,
අතින් අල්ලගෙන දෙන්නා එක්ක ගමන් බිමන් යනකොට,
යාලුවෝ හම්බ උනාම හරි ආඩම්බරයෙන් මේ මගේ කෙනා කියලා අදුන්වලා දෙනකොට,
ඒ අම්මා තාත්තටත් එයාගෙම දරුවෙක් වෙලා හුරතලේ හැදෙනකොට,
උඹත් හිතින් අනන්ත අප්රමානවම ආදරේ විදින්න ඇති ජීවිතේ මහ මෙරක් කරගෙනම,
ඉඩක් ලැබුනු හැම වෙලාවෙම උඹ දාහක් රාජ කාරි තිබ්බත්
ඒ මූණ බලන්න දුවගෙන යන්න ඇත්තේ වෙනදටත් වැඩිය ආදරෙන් වෙන්න ඇති,
කප්පරක් හීන ඔලුවේ තියාගෙන කප්පරක් බලාපොරොත්තු එක්ක ජීවිතේ ගෙවනකොට,
මුලින් ඉදපු කෙනා ඩිංග ඩිංග වෙනස් වෙනකොට හිත ඇතුලේ එන දුක,
හිත ඇතුලෙන එන කලකිරීම,
කියන්න අමාරු වෙනකොට උඹ එක්කෝ ජීවිතේ නැති කරගන්න හදලා ඇති,
එහෙමත් නැත්නම් වෙනදයක් වෙන වාලේ නොකා නොබී හාමතේ ඉදලා පිස්සුවෙන් වගේ ඒ ගැනම හිත හිත ජීවත් වෙන්න ඇති,
වෙනදට උඹ වෙනුවෙන් වෙන් වෙලා තිබුන ඒ ෆෝන් එක උඹ ගන්න වාරයක් වාරයක් ගානේ කට් වෙන්න ඇති
එහෙමත් නැත්නම් වෙන ඇමතුමක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඇති,
පන යනකම් ආදරේ කරලා අවසානයේ හරි ලස්සනට හේතුත් හදාගෙන උඹව තට්ට තනියම දාලා යනකොට
උඹ මවපු හීන,
දුන්න පොරොන්දු එක්කම උඹ තනි වෙනකොට,
මහ හයියෙන් අඩ අඩ ජීවිතේ ගෙවන්න ඇති,
එහෙම නේද?
ආදරේ අවංකවම කලොත් ඒක දරා ගන්න හරිම අමාරුයි,
මොන අයියා මොන වැල් බයිලා ගැහුවත් තනි වෙච්ච වෙලාවට මතක් වෙන වාර අනන්තයි අප්රාමණයි,
ඔව් ඒක ඇත්ත,
ඒත් මට කියපන් උඹව දාලා ගිය එකෙක්,
උඹව විවේචන කරපු එකෙක්,
උඹව එපා කියපු එකෙක් මත්තේ උඹ නැහෙන්න ඕනිද?
දාලා යන්න හේතු කාරනා දාහක් තිබ්බත් රැදෙන එක තමා ප්රේමය,
හැබැයි වරක් දෙවරක් තුන්වරක් රැවටෙන්න පුලුවන්ද?
බෑ නේද?
දවල් වැටුන වලේ රෑ වැටෙන්න නරකයි,
එහෙම උනොත් ඒකේ පාඩුව උඹටයි,
තේරුම් ගනින්,
පන දීගෙන ආදරේ කලාට මිනිස්සු වෙනස් වෙන්න යන්න බොහෝම ටික කාලයයි,
බොහොම ටික වෙලාවයි,
යන යකා කොහොම උඹ නීරි රීති දාලා ඉදියත් ඌ යන එක යනවාම තමා,
ඉතින් උඹම කියපන්,
උඹට කප්පරක් දුක් දුන්න,
උඹට කප්පරල් බලාපොරොත්තු දීලා හැම එකක්ම බලාපොරොත්තු විතරක් වෙන්න ඇරලා උඹව තනි කරලා දාලා යන කෙනෙක් ගැන උඹට පුලුවන්ද තවත් හිත හිත දුක් වෙන්න,
අම්මා තාත්තා උඹ වෙනුවෙන් කරපු කැප කිරීම් හිතපන්,
පොඩි කාලේ ඉදන් උඹව හදා ගත්ත විදිය හිතපන්,
ලස්සන ඇදුම් අරන් දීලා ජැංඩියට අන්දගෙන උඹවත් ඉස්සර කරගෙන ගමන් ගිය හැටි හිතපන්,
ගෙදරින් පිට වෙලා ගමනක් ගියාම උඹ ගැන හොයන විදිය උඹ ගැන වද වෙන විදිය හිතපන්,
උඹ අවුලෙන් ඉන්න වෙලාවට අම්මා ඇවිත් ඔලුව අත ගාලා උඹව සනසන විදිය හිතපන්,
සතුටක් දැනුනහම ඒ ඇහෙන් පිටවෙන කදුළු බිංදුව ගැන හිතපන්,
ලෙඩක් දුකක් හැදුනහම උඹේ ලගින් හෙල්ලේ නැතුව උඹ එක්ක ඉන්න විදිය හිතපන්,
දෑතේ කර ගැට දාගෙන අවුවට වේලිලා වැස්සට තෙමිලා මේ සමාජෙ ඇතුලේ උඹව රියල් පොරක් කරන්න උන් දෙන්නම කැප වෙන කැප වීම ගැන උඹ හිතපන්,
ඒ හිතලා උඹම තීරණයක් ගනින්,
අවුරුදු ගානට ලං වෙච්ච එකෙක් නිසා ජීවිතේම විනාශ කර ගන්නවද?
ජීවිත කාලෙම උඹ වෙනුවෙන් කැප වෙච්ච අම්මා තාත්තා නිසා ජීවිතේ ලස්සන කර ගන්නවද?
උඹම හිතපන්,
උඹයි වෙනස් වෙන්න ඕනි,
උඹ අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනි,
උඹ උන් දෙන්නා වෙනුවෙන් වෙනස් වෙන්න ඕනි,
ඔව් උඹ අනිවාර්යයෙන්ම වෙනස් වෙලා ජීවිතේ දින්නම ඕනි,
අන්න එදාට උඹව විවේචන කරපු,
උඹ දාලා ගියපු
හැමෝම උඹව හොයා ගෙන එයි
උඹ දන්නෙවත් නැති වෙලාවක,
ඉතින් හිතපන් උඹම,
ජීවිතේ විදිනවද?
එහෙමත් නැත්නම් විදින්න ඕනි ජීවිතේ විදෝනවද කියලා...
උඹට ජය..
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI