උඹෙන් ඈත් වෙනවා කියලා හිතන්න අමාරුයී දරාගන්න ඊටත් වඩා අමාරුයි..

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


💚#කෙටිකතාවකි💜️
#සමුගන්න_අවසරයි..
C O O L M A C H A N C O O L
..................................................
කෝ ඇති හුරතල් වුනා එහෙම කියපු උඹ මගෙ ඔලුව උඹේ උරහිස් වලින් ඈත් කරනකොටම මන් කළේ තව තවත් උඹට තුරුල් වුන එක.

ඇයි මැණික මේ?
මන් ඔෆිස් යන්න ඕන ෂෝට් ලිව් එකක් දාළනේ ආවේ මගේ කෙල්ල බලන්න..

උඹ මගේ මූන දෝතට අරන් කිව්වේ ඇස් වලටම එබිලා..
වෙනසක් නෑ එදා වගේම උඹේ ඇස්වල ආදරේ විතරමයි තිබුනේ. උතුරන ආදරේ විතරමයි තිබුනේ..

උඹෙන් ඈත් වෙන්න බැරි මහා ලෝබකමකින් වගේ මන් තව තවත් ගුලි වෙද්දී උඹේ තුරුලට උඹ මාව උරහිස් වලින් අල්ලලා නැගිට්ටෙව්වා..

චූටි මැණික මෙහෙම එපා රත්තරං..මන් නැති වුනොත් මයේ කෙල්ල කොහොමද තනියම ඉන්නේ ම්ම්..

උඹ එහෙම කියද්දී කොහොමද මම දරාගන්නේ..ඇස් වලට කඳලු එද්දී මන් මුවට ලේන්සුව තියන් එක පිම්මට දුවළා ඇවිත් එකසීය පහ බස් එකකට ගොඩ වුනේ උඹ ලඟ ඉන්න තරම් හයියක් තවත් මට නොතිබුන නිසා..

අඬාගෙන බස් එකට ගොඩවුන මන් දිහා පුදුමෙන් වගේ මිනිස්සු බලද්දී අමාරුවෙන් කඳුළු නවත්ත ගත්තේ උඹට තිබුන කප්පරක් සෙනෙහස නිසාමයි රත්තරං අයියේ.

පාර ලඟින් බැහැලා ගෙදරට යන අඩි දෙක තුනේ අමාරුවෙන් කඳුළු හංඟන් ගෙට ගියේ ලොකු අයියා අද ගෙදර ඉන්න වග දන්න නිසා..

චූටි ඇයි මොකෝ මේ අඬල වගේ..

එකපාරටම කාමරේට ආපු ලොකු අයියා ඇහුවේ මගේ හිසේ ඉඳලා දෙපතුල ලඟට යනකම් බලන ගමන්.මගේ අයියට පේන්න ඇති මගේ ඇස් වල තිබුනු වේදනාව..

ආයෙ ඔය මැහුම් පංති කෙරුවාව ඕන නෑ..චූටි දැන් පොඩි කෙල්ලෙක් නෙවෙයි. කාවහරි හොයලා බන්ඳන්න ඕන.මගේ යාළුවො දෙතුන් දෙනෙකුත් චූටි ගැන අහලා තියෙන්නේ මගෙන්..

ලොකු අයියා ඒක කිව්වේ අම්මටත් ඇහෙන්න වගේ හුස් හඬින්..

මොකෝ ලොකූ සද්දේ..

නෑ අම්මා මේ චූටිව ඉක්මනට බන්ඳවන්න ඕන..දැන් විසි හතරකත් ඉවර වීගෙන යන්නෙ.මැහුම් පංති ගියා ඇති..

ලොකු අයියා එහෙම කියලා කාමරෙන් එලියට ගියාම අම්මා මන් ලඟට ආවා..

අනේ අම්මේ..

මන් අම්මව බදා ගත්තා.

අඬන්න එපා චූටි..කවදා හිටියත් කෙල්ලෙක්ට විවාහ වෙලා දරුවෙක් මල්ලෙක් හදන් පව්ල් කන්න වෙනවා..

අම්මට හිතෙන්න ඇති මන් අඬන්නේ මේ ගෙදර දාළා යන්න බැරි වේදනාවට කියලා..ඒත් දෙවියනේ මන් අඬන්නේ තේෂාන් නිසා කියළා අම්මා දන්නවනම්.එයා කොහොම දරා ගනීවිද..

අඬ අඬාම ඇඳ උඩින් වාඩි වුන මන් ක්ලපනා කළේ තේෂාන්ගෙ මේ වෙනස් වීම.කවදාවත් වචනෙකින්වත් හිත නොරිදපු අවුරුදු පහක ආදරේ තේෂාන්..එකම එක හුස්මකින් වුවත් සැනසෙන, හද පිරිමැදපු,ජීවිතේ දීපු ඒ ආදරේ ටික ටික මගෙන් ඈත් වෙනවා කියලා මට දැනෙද්දී සත්තයි මම නොමැරී මැරුණා..

ඒලෙවෙල් ඉවර වෙලා ඉංඟ්රීසි කෝස් එකකට ගියපු කාලේ තේෂානුත් ක්ලාස් ආවා..මුලින් යාළුවො වුන අපි පස්සේ කාලෙක පෙම්වතුන් වුනේ කාටත් රහසේ..තේෂාන්ට එල්බී ෆිනෑන්ස් එකේ එකවුන්ටර් කෙනෙක් විදියට ජොබ් එක ලැබුනා.අපේ ආදරේ හැමදාම එහෙමමයි වැඩි වුනා මිසක අඩුවක් වුනේ නෑ කවදාවත්..

චූටි මැණික..

ම්ම්..

උකුලේ තියාගෙන හාදු වැස්සේ අතොරක් නැතිව තෙම්මන තේෂාන් මගෙන් ඈත් වෙන්නේ ලෝබ කමකින්. තේෂාන් මට ආදරේ කළා හැමදේටම වැඩිය..රැයක් දවාලක් නැතුව හොයලා බලන ඔයාව දැන් බලන්න ඕන කිය කියා දුවන් ආපු තේෂ් මේ ලඟදි ඉඳන් ඈත් වෙන්න පටන් අරන්..කොහොමද දෙවියනේ ආදරේ කරපු හිතක් දරාගන්නේ මේ වේදනාව..

රෑ පුරාවටම කළේ අඬපු එක..
උදේම ඇහැරිළා ඇඳුමක් දාන් පාරට ආවේ තේෂාන් හැමදාම උදේට මාව බලලා යන්න ගේට්ටුව ගාවට එන නිසා..
පැයක් දෙකක් තුනක් නෑ ඊටත් වඩා බලන් ඉඳපු මන් පපුවම හිර කරන වේදනාව අමාරුවෙන් දරාගෙන කාමරේට ඇවිත් ෆෝන් එක අතට ගත්තා..

හෙලෝ ..මන් අඬාගෙනමයි කතා කළේ..

ඇයි රත්තරං අයියේ මට මෙහෙම කරන්නේ..මේ අවුරුදු පහටම ඔයාව නොදැක ඉඳපු එකම දවස මේක..

චූටි මැණික.අහන්න මගෙ අම්මේ මට පරක්කු වුනා දෙයියෝ..කෝ අඬන්න එපා..

උඹ මාව නලවන්න දාහක් ජාති කිව්වත් නෑ මේ හිත සැනසුනේ..මන් අඬ අඬාම කෝල් එක කට් කළා..
ලොකු අයියයි අම්මයි උදේම පොලට ගියා තාමත් එන පාටක්වත් නෑ.ගමෙන් දුර බැහැර වැඩ කරපු තාත්තා ගෙදර ආවේ මාසෙකට වතාවයි..ඒ නිසා නිතරම ගෙදර රැඳුනේ මායි අම්මයි විතරයි..
අපේ තනි නොතනියට ගෙදර හිටියා බලු පැංචෙක් උගේ නම ටිකී..ඌත් ඊයෙ ඉඳන් පේන්න නෑ.වෙනද මන් ක්ලාස් ගිහින් එද්දී ටිකී දුවන් ඇවිත් කකුල් දෙකේ වෙලෙනවා..ඇඟපුරා මඩ ගානවා කෝලන් කරළා..

මට ඇහුනේ ගේට්ටුව ලඟින් ඇහෙන උඹේ බයික් එකේ හෝන් හඬ..මට හුරුයි ඒ හඬ..මන් දුවන් ආවේ එක පිම්මට..මටත් කලින් කොහේදෝ ඉඳන් ටිකී දුවන් ඇවිත් උඹේ කකුල ලෙවකකා කෙඳිරි ගානවා..හරියට ඌව වඩාගන්න කියන්න වගේ..

මන් පැනලා උඹට තුරුල් වුනේ අඬාගෙනමයි.උඹ මොකුත් නොකියම මගේ හිස අතගානවා..

ඇයි මැණික මේ චූටි බබෙක් වගේ පැටියෝ..
කෝ ඉතින් අඬන්න එපා ම්ම්..
මන් ආවනේ....

උඹ එහෙම කියළා මාව තවත් තුරුල් කර ගත්තා..
වෙනසක් නෑ උඹේ උණුහුම එදා වගේම දැනුනත් උඹේ හුස්මක වෙනසත් මට හොඳටම දැනුනා..

මොනවද අයියේ මට හංඟන්නේ?

මන් දරා ගන්න බැරිම තැන ඇහුවේ..

මොකුත් නෑ පැටියෝ..ම්ම්..
මගේ කෙල්ල මන් නැතත් කාලා බීලා සතුටින් ඉන්න ඕන. මේ ටිකියත් තනියට ඉන්නවනේ උඹ එහෙම කියලා යන්න ගියේ ඔෆිස් එකෙන් අමාරුවෙන් එලියට ආවේ කියන ගමන්..

උඹ ඈතට ගියේ මගේ ඇස් කඳුලින් බොඳ වෙද්දී මන් ගෙට ආවා.ටිකීත් මන් පස්සෙම ඇවිත් සාලේ පාපිස්සේ ගුලිවෙලා හාන්සි වෙද්දී මන් කාමරේට ආවා.හිසේ කැක්කුම පැලෙන්න වගේ ඔලුව..
පැනඩෝල් දෙකක් බීලා හාන්සි වෙද්දී ඇස් හෙමිහිට පියවිලා හිසට සහනයක් දැනුනා මතකයි..

🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤

චූටී...

අම්මා ඇවිත් කතා කරද්දී ඇස් ඇරියේ. ගොඩ වෙලාවක් නින්ඳ ගිහින්නේ මට..
කොට්ටේ පල්ලේ තිබුන ෆෝන් එක අරන් බැලුවේ වෙනදා උඹේ මැසේජ් වලින් පිරෙන ඉන්බොක්ස් එක බලන්න හිතාන..විස්වාස කරන්න දෙවියනේ එකම එක මැසේජ් එකක් මිස් කෝල් එකක් නෑ..මන් මැරුණ රත්තරං අයියේ..උඹ ටික ටික ඈත් වුනා මාව මගෑරියා බලන්න ආවෙ නෑ..තුරුල්ලේ තියන් ආදරේ කරපු උඹට පිං අයියේ ටික ටික මාව නොමරා එකම පාර මාව මරලා දැම්මනම්..සත්තයි ඒ මාසෙම ගෙවුනේ කොහොමද කියලවත් මතක නෑ මට..ඒ තරම් ඇඬුවා වැලපුනා කාටත් රහසේම..මට ඕන වුනා උඹව එකපාරක් දකින්න...ඉස්සර වගේ හමුවෙළා කතා කරන්න..මන් අමාරුවෙන් උඹට කෝල් එකක් අරන් උඹව කැමති කරව ගත්තේ අවසාන වතාවට උඹට වද දෙන්නේ කියලා පොරොන්ඳු වෙන ගමන්..
කොහොමද දෙවියනේ අවුරුදු පහක අතීතේ වලදාන්නේ..උඹ නැති හෙටක් ගැන හිතන්නේ..

උඹෙන් ඈත් වෙනවා කියලා හිතන්න අමාරුයී දරාගන්න ඊටත් වඩා අමාරුයි..
අඬ අඬාම බස් එකට ගොඩ වුනා..
හැමදම උඹයි මායි හමුවුන පාක් එකේ බංකුව වෙනදා වගේම අපිට වාඩි වෙන්න හිස් වෙලා..

වෙනදා මන් ඇවිත් විනාඩි දහය පහලවක් පරක්කු වෙලා එන උඹ අද මට කලින් ඇවිත් වාඩි වෙලා ඉන්නවා.පුදුමත් හිතුනා මට..
නාඳුනන උන් වගේ උඹයි මායි ඔහේ බලන් ඉන්නවා හිස් බැල්මකින්..කෝ එදා තිබුන හැඟීම්..හැඟීම් විරහිත උඹේ මූන දිහා මන් බලාගෙන හිටියා..හිස් කොලයක් වගෙයි.කියන්නෙ මොනවද කියලා හිතා ගන්න බෑ.උඹ දැන් දැන් කතා කරයි කියලා මාත් බලාගෙන ඉන්නවා..නෑ උඹ නිසොල්මන්..
දරාගන්න බැරි තැන නිහඬ බව බිඳෙන්න මම කතා කළේ..

අයියේ,

උඹ ගැස්සිලා වගේ මන්දිහා බැලුවා.

ඊටත් පස්සේ හෙමින් කතා කතා කළා..

මන්ඳාරා අපි මේ සම්බන්ඳෙ නවත්තමු..

හීනෙකික් වගේ ඇහුන හඬ..උඹේමද කියලා හරියට තෝර ගන්න වගේ මන් උඹේ ඇස් වලටම එබුනා..ඔව් ඒ උඹමයි කවදාවත් නම කියලා කතා නොකරපු මැණික,පන කියලා හුරතල් කරපු උඹමයි මේ..

පපුව හත් කඩකට පැලෙන්න වගේ එද්දී මන් උඹට කතා කළා.

ඇයි ඒ.

ගෙදරින් යෝජනාවක් ගෙනත් අම්මගෙ හිත රිද්දන්න බෑ නංඟි සොරි.

උඹ එච්චරයි කිව්වේ මගේ මූන දිහාවත් නොබලා යන්න ගියා..

මන් අඬ අඬාම පාර දිගේ ඉස්සරහට ආවා...

මාව මරළා දැම්මනම් උඹට පිං අයියේ මීට වඩා..
දරාගන්නෙ කොහොමද දෙවියනේ මේසාක් දුකක්..අවුරුදු පහක ආදරේ..
හෙට දවසේ වෙන කෙල්ලෙක්ට ඔය පපුව දෙනවා ,උණුහුම සුවඳ දෙනවා කියළා කොහොමද දෙවියනේ හිතන්නෙවත්..මගේ පන ඒ හුස්ම ඒ..

❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️

අඬ අඬාම කාලෙ ගෙවන අතරේ තනියට ලඟ හිටියේ ටිකී..ඌ මනුස්සයෙක් නොවුනත් ඌට මගේ හැඟීම් තේරුනා..මන් අඬන කොට ඌ මාව නලවන්න වගේ කෙඳිරි ගා ගා ඇඟ වටේ ගියා..

ලොකු අයියා මේ අතරේ විවාහ යෝජනාවක් ගෙනාවා මට..මට රිද්දපු තේෂාන්ට රිද්දන්න හිතලා මන් එක පයින් හා කිව්වේ..මන් හොයලා බැලුවම තේෂාන් තවමත් මැරි කරළ නෑ කියලා ආරංචි වුනා..

මාස හයකට පස්සේ මගේ වෙඩින් එක ගන්න ඔක්කම ප්ලෑන් කරළා තිබුනා.
ලොකු අයියා අම්මා වගේම තාත්තත් සතුටු උනා..ඒත් මට සතුටක් තිබුනෙ නෑ තවමත් හිතේ ඉන්නේ තේෂාන් විතරමයි.ඒ ආදරේ එහෙමමයි එදා වගේම..

ස්ටුඩියෝ හේමාල් එකෙන් ෆොටෝ ගහන්න ප්ලෑන් කරළා තිබුනේ අපි හැමදාම හමුවුන පාක් එකේ..පපුවම ඇදුම් කද්දී මන් කාර් එකෙන් බැස්සේ මගේ මනමාලයා උන නිර්වාන්ගේ අතේ එල්ලිලා..
වෙනසක් නෑ එදා වගේම මල් පිපිලා සුවඳ දෙනවා.අපි ආ ගිය තැන්වල වෙන පෙම්වතුන් සක්මන් කරණවා..

ආදරේ හිත පාරලා ඇස්වලට කඳුළු එද්දී මන් අමාරුවෙන් ඇස් පොඩි කරන් හිනාවුනා..
ටිකී කාර් එක පස්සෙන්ම දුවන් ඇවිත් මගේ වේල් එක ඇද ඇද සෙල්ලම් කරණවා..
එහෙට මෙහෙට වෙවී එක එක ඈන්ගල් වලට ඉඳන් ෆොටෝ ගහලා මහන්සියට නිර්වාන් බංකුවක වාඩි වෙද්දී ටිකී මගේ වේල් පොටින් ඇද ඇද බුරනවා.
මන් ඌව එහෙට මෙහෙට කරන්න වෑයම් කලත් ඌ බුරන එක නතර කලේ නෑ..මට තේරුනා ඌ මට මොකක් හරි කියන්න හදන්නෙ කියලා..මන් උගෙ පස්සෙන්ම පාක් එකේ ඉස්සරහට ආවේ වේල් එක අමාරුවෙන් අල්ලන්.

ටිකී බුර බුරා ඇවිත් නතර වුනේ සැරයටියකින් පාක් එකේ ඇවිදන් යන කාගේදෝ ලඟ..
පිටිපස්ස හැරිළා ඉඳපු නිසා මට මූන පෙනුනෙ නෑ..මන් හෙමින් හෙමින් ලං වුනා..විස්වාස කරන්න දෙවියනේ තේෂාන්..

මගේ රත්තරං අයියේ ඇයි මේ..

මන් ඒ අත්දෙක දෝතට අරන් ඇහුවේ..

මගේ මැණික..

ඔව් දෙයියෝ ඇයි මේ..

මගේ ඇස්වල ලොකු ලෙඩක් තිබුනා..මාස ගානකට කලින් මන් ඒක දැන ගත්තේ.මගේ කෙල්ල මේව දැනන් කොහොමද දරාගන්නෙ කියලා හිතුනා..ඒකයි මන් ඈත් වුනේ..මට ඕන වුනේ මගේ කෙල්ල කොහේ කා ලඟ කොතනක වුන්නත් සතුටින් ඉන්නවා දකින්න විතරමයි.මන් ඒක කළා මැණික..මන් දිනුම්....මගේ ඇස් දෙකම පේන්නෙ නෑ..මන් ජීවත් වෙන්නේ උඹ එදා මට දීපු ආදරෙන් මතකෙන්..ජීවිතේ වැඩි හරියක් ගෙවෙන්නේ මේ පාක් එකේ උඹෙයි මගෙයි මතකෙයි එක්ක..

අනේ උඹ එක පෙලට කියනවා..
මන් ඇඬුවා..උඹ නිසා මැරුණ අයියේ..ඇයි මට මෙහෙම දුකක් දුන්නේ..ඇස් දෙක නොපෙනුනාම උඹව දාළා යයි කියලා හිතුවේ කෝමද..මන් පනටත් වඩා ආදරේ කලානේ..

මන් අඬ අඬාම උඹේ හිස පාත් කරලා නලල ඉම්බා..මේ ජීවිතේ උඹට දෙන අවසාන හාදුව මේක.මන් දැන් වෙන කෙනෙක්ගේ පතිනියක්..උඹට රිද්දන්න ගිහින් රිදුනේ මට රත්තරං අයියේ..

උඹ වෙව්ලන අත්වලින් මගේ මූන දෝතට ගත්තා උඹේ ඇස් වලින් එක පෙලට කඳුළු කැට වැටෙනවා....උඹට නොපෙනුනත් හුරු ඇති මාව එදා වගේ..
දැනෙන්නත් ඇති එදා වගේම කප්පරක් සෙනෙහස.

මගේ මැණික..දන්නවද මගේ පැටියා."
සමහරු දාළා යන්නේ ආදරේ නැති නිසාම නෙවෙයි....""

_________නිමි_________

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💛❤️💛💚💛💚💛

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI