ඉතිං හත්තිලව්වෙ ඒකට අර දෙයියනේ කියල මම ගිය පාර විසික් කරන්න ගියපු ජොකා තියෙන්නෙ.. ඒකෙං පොලොස් තාච්චිය උස්සන්න ගිහිං විසබීජයක් වත් ගියොත් අපිට වසූරිය හැදෙන්නෙ.. මෙන්න මේක පැත්තකිං තියපං..

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
අම්ම එක්ක ගෙදරක තියෙන අහක දාන්න වටින අයිටම් එකක් අහක දානව කියන්නෙ කරන්න පුලුවන් වැඩක් නෙමේ බැරි වැඩක්...
ගෙදරම අතු ගාගෙන කුණු ටික කුස්සියෙ දොර ගාවට ගෙනාව වත්ත පල්ලෙහා කුණු ගොඩට දාල පුච්චන අරමුනෙං...
අම්ම දුවගෙන ආව...
කො බලන්න කුණු ගොඩ.. උඹ එදත් මගෙ හොඳම පනාව කුණු ගොඩට දාල පිච්චුවනෙ...
ඒ උනාට අම්මෙ ඒකෙ දැති තිබ්බෙ නෑනෙ...
උඹට ඒවගෙං වැඩක් නෑනෙ..
හනේ.. මේ තියෙන්නෙ හොඳ කොණ්ඩ කට්ටක්නෙ...
ඕක ඇද වෙලානෙ..
(ගල් වංගෙඩියෙ මිරිස් ගල අරගෙන...තහ් තහ්...) දැං හරිනෙ.. ඇදේ ගියානෙ.. මේක තියන්න..
හුම්ම්
මේ පත්තරේ ගිනි තියල කොහොමද... මේව එක පාර ගිනි තිබ්බම මම හදිස්සියකට කොළ ගොඩ ගිනි තියාගන්නෙ කොහොමද...
ඒ උනාට අම්මෙ ඔය පත්තර ගොඩක් තියෙන්නෙ ඒකට වෙනම... (අදාලපොට් එක පෙන්නමින්...)
වැඩි වෙන්නෑ..
හුම්ම්...
මේ අලුත්ම තිලකවර්දන කවරයක්නෙ... මේව තියන තැන උඹ දන්නෙම නැද්ද.. ඒකත් අතු ගාගෙන යන්නෙ..
එතන මේව අට සීයක් විතර තියෙනවනෙ අම්මෙ. එකක් හරි විසික් කරමුකො...
උඹල බෝඩිං වලට යනකොට බත් බැදල ඔතන දෙන්න ඕව තියන්න ඕනෙ.. අන්න අරහෙං තියපං...
රෙදිවැල ගැටගහගන්න ගියපාර උඹ අතු ගාගෙන ආපු වයර් කෑල්ලට තව අඩියක් මදි වෙලා හිටියෙ.. අර මොකක්ද...
ඒ මේ කැඩිච්ච චාජර් එකේ වයර් එකක්. ඒක වැඩක් නෑ අම්මෙ.. හයියත් නෑ.. වැනුවට පස්සෙ රෙද්ද බිම...
කමක් නෑ... බල්ල නාවල පිහින ටවල් එක වනන්න වැලක් බැඳගන්න ඕනෙ. ඕක පැත්තකිං තියපං..
මේකගැන නං කතා කරන්න එපා අම්මෙ.. මේ බෝතලේ හිලක්... කිසිම වැඩක් ගන්න විදියක් නෑ...
බෝතලේ හිල් උනාට බෝතල් මූඩිය හිල් වෙලා නෑනෙ ගොනෝ.. උඹ ඊලඟ පාර හිල් වෙච්චි මූඩියක් තියෙන බෝතලයක් අතුගාගෙන ආවම මේ මූඩිය ඒකට සෙට් කරතැහැකි
අයියෝ ඕක හිස් පෑන් බටයක්... ඕකෙ කාබන් බටේවත් නෑනෙ අම්මේ.. දෙයියනේ කියල ඕකවත් විසික් කරමු...
හවසට බණ අහන්න රේඩියෝ එක ප්ලග් එකට ගහගන්න මේ පෑන් බටේ මරු... අන්න අර ප්ලග් එකට ගහලම තියන්න...
මේ මේස් එක මොකෝ විසික් කරන්නෙ...
ඕකෙ අනිත් එක නැති වෙලා
ගෙදරම හෙව්වද...
ඔව්.. මෙහෙත් හෙව්ව බෝඩිමෙත් හෙව්ව... මං හිතන්නෙ බස් එකේ බෑග් එක අදිද්දි වැටෙන්න ඇති... ඕකෙං අම්මට කිසිම වැඩක් නෑ...
දර ලිපේ පොලොස් තාච්චිය උස්සන්න අස් රෙද්දක් නැතුව හිටියෙ...
ඉතිං හත්තිලව්වෙ ඒකට අර දෙයියනේ කියල මම ගිය පාර විසික් කරන්න ගියපු ජොකා තියෙන්නෙ..
ඒකෙං පොලොස් තාච්චිය උස්සන්න ගිහිං විසබීජයක් වත් ගියොත් අපිට වසූරිය හැදෙන්නෙ.. මෙන්න මේක පැත්තකිං තියපං..
හරි... මෙන්න මේක විතරයි ඉතුරු... මේක කොන්ක්‍රීට් ඇණයක්... මේ ඇණේ දැං අංශක අනූවට ඇද වෙල තියෙන්නෙ.. මේකෙං මේ ලෝකෙ ඉන්න කිසිම ජීවියෙක්ට කිසිම ප්‍රයෝජනයක් නෑ... දණ ගහල වැඳල කියන්නම් අම්මෙ... පිං සිද්ද වෙයි... මට මේ ගෙදර කුණු වලින් මෙන්න මේ ඇණේවත් එලියට විසික් කරන්න චාන්ස් එකක් දෙනවද ඒකත් ආයෙම ගේ ඇතුලෙ කොහෙ හරි මුල්ලකට ගහන්නෙ නැතුව.... ප්ලීස්....
උඹ දන්නවද දැං යකඩ බඩු ගන්න මනුස්සය දැං කිලෝ එකට කීයක් දෙනවද?
ඒත් අම්මෙ මේක ග්‍රෑම් 5ක් වත් නෑනෙ...
උඹ තව සිය පාරක් ගේ අතු ගාල ඉවර වෙනකොට මම කිලෝ එක හදාගන්නං.. පණ්ඩිතය නොවී මේක අතනිං තියපං..
දැං එතකොට අම්මෙ මම මොකක්ද ගිනිතියන්න ඕනෙ.. කුණු ගොඩේ මුකුත්ම නෑනෙ...
ගිණි තියාගන්නම ඕනෙ නං උඹට ගිණි තියාගනිං.. මෙච්චර මේ වැඩකට ගන්න පුලුවන් බඩු ටික පුච්චන්නෙ නැතුව...
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI