" මලී, නැගිටපං කෙල්ලෙ. අද වලව්වට යන්න ඕන උදේම. සුදු බේබි එනවාලු රට ඉදං. "
අම්මා කුස්සියේ ඉදන්ම කෑ ගහන සද්දෙට මං පුදුමෙන් ඇහැරුණේ කවදාවත් නැතුව අද මට වලව්වට යන්න කතා කරන නිසා .
"මේ මොකද අම්මෙ, වෙනදට මාව වලව්වට තියා පාරටවත් එක්කගෙන යන්නෙ නෑ . අද මොකද කෑ ගහන්නෙ?"
"උඹට ඒවයින් වැඩක් නෑ . නැගිටලා ලෑස්ති වෙයං. උඹව එක්කං ගිහින් කොහොමද කියලා තමයි මාත් මේ අහස පොළොව ගැට ගගහා කල්පනා කරේ. ලොකු නෝනාගෙ වචනෙට පිටුපාන්න බෑ නෙ මොනදේ උනත් . දෙවියො වගේ උඹටයි මටයි පිහිටට ඉන්නෙ ඒ මිනිස්සු විතරයි . "
"අම්මා......"
"ඒපාර මොකද?"
"ඇත්තටම ඇයි අම්මා මාව කොහෙවත් එක්කන් යන්නෙ නැත්තෙ? මට තනියෙම ගෙදරින් එළියට බහින්න දෙන්නෙ නැත්තෙ? අඩුම තරමෙ මං මේ ගමේවත් ඇවිදලා තියෙද හරියට මතක ඇති කාලෙක??"
"උඹ දැන් මෙතන ප්රශ්න අහ අහා හිටියොත් මං අදත් එක්කගෙන යන්නෙ නෑ මලී. හනිකට ගිහින් ලෑස්ති වෙයන්."
"හ්ම්ම්...." මං පුරුදු විදිහටම අම්මට අවනත වුනේ මේ ප්රශ්න කවදා ඇහුවත් අම්මා මොකක් හරි කියලා මගාඅරින නිසා.
ආහ් පුංචි බේබි අමතකම වුනානෙ. දැන් නම් රාජකුමාරයෙක් වගේ ලස්සන ඇති . බේබි රට යද්දී මට අවුරුදු 12. බේබිට අවුරුදු 15 යි. ඒ මීට අවුරුදු දහයකට කලින්නෙ. දැන් නම් මාව අමතකත් ඇති .
ලොකු නෝනා උනත් මට සැලකුවේ තමන්ගෙම දරුවෙක්ට වගේ. වලව්ව ගැන මට තිබුනෙ සුන්දර මතක විතරමයි.
බේබි රට ගියත් හරි මං වලව්වට පයගහන්නෙ අද.
අම්මා මාව ගමේ අයට පේන්න කොහෙවත් අරන් ගියේ නෑ . අසල්වැසි කවුරුත් නැති හුදෙකලා ජීවිතයකට අම්මා මාව හුරු කලේ ඇයි කියලා මමවත් දන්නෙ නෑ .ගමේ මනුස්සයෙක් එක්කවත් වචන දෙක තුනකට වඩා කතා නොකරන අම්මා ගැන මට පුදුමත් හිතුනා වෙලාවකට .
ඒත් මට දැනුන එකදෙයක් තිබුණා . තාත්තත් නැති මාව අම්මා මැණිකක් රකිනවා වගේ පරිස්සම් කරා. ලොකු නෝනලා ඇරෙන්න ගමේ අනිත් හැමෝම දිහා අම්මා බැලුවේ සැකෙන්. මහා බයකින්.
"හරිද? උඹ ලැහැස්ති උනාද? හනික යමු එහෙනං එළිය වැටෙන්න කලින්. ගමේ එවුන් පාරට එන්න කලියෙන්."
"මොකද අම්මා මේ? මාත් මනුස්සයෙක්නෙ. පොඩි කාලෙ මං සුදු බේබිගෙ දිහා ගිහින් කොච්චර සෙල්ලම් කරාද? ඇයි ඉතිං දැන් මේ ගමේ මිනිස්සු දැක්කහම මොකද ? "
"නොතේරෙන කාලෙ ඉදලා උඹව හැමතැනම අරන් ගිය එක තමයි මං කරපු වැරැද්ද . අර ලොකු ආතාගෙ දිහාවට හරි පිටමං කරා නම් ඉවරයි ඒ කාලෙම. දෙයියනේ කියලා යමං දැන් වත් හරස් ප්රශ්න අහන්නෙ නැතුව . බේබි නම් මෙච්චර උදෙන් එන්නෙ නෑ ."
"අර කටු ලන්ද ගාවින් ගිහින් ඇළෙන් එගොඩට යමු. පාරෙන් යන්න ඕන නෑ . "
අම්මා මාවත් ඉස්සර කරන් කැලෑ පාරකින් යන්න හැරුනෙ මොනවා හිතේ තියාගෙනද කියලා මමවත් දන්නෙ නෑ .
"ආ........සුමනා නැන්දා , කොහේද මේ පාන්දරම ? "
විනාසයි. මේ අර වසවර්තියා නේද. මොන කරුමයක්ද දෙයියනේ මේ උදේ පාන්දරම කඩා පාත් උනේ.
"කෙල්ලෙ, වහංවෙයන්. අඩිය ඉක්මන් කරලා බිම බලාගෙන වරෙන්. "
"ආ.....අපි මේ ළඟට යනවා. "
"ආහ්.....මේ මලී නංගි නේද? අදුරන්නත් බෑ දැන් . ඈ නැන්දෙ, නංගි අපේ ගමේ නෙමෙයිද ඉන්නෙ? මං මේ මේකිව දැක්කෙ අවුරුදු ගාණකින්. "
"අ......අ..අපි ගිහින් එන්නම්." අම්මා මාවත් ඇදගෙන ඇළෙන් එගොඩ වුනේ වෙවුලමින්.
"අනේ ඇයි අම්මෙ මේ?"
"ඇයි , ඇයි නෙමෙයි . අර ඕදිරිස් ගුරුන්නාන්සෙගෙ පුතා ඒ. ඒකවම මුලිච්චි වුනානෙ. මොන විපත්තියක් වෙන්න යනවද මන්දා . "
.......................... ...
"තාත්තේ........තාත්තේ..... ....."
"මොකද බං මේ ? උදේම බෙරිහන් දෙන්නෙ? "
"අර අර සුමනා නැන්දා ඉන්නෙ."
"ඔව් ඉතිං ?"
"ඒ කෙල්ල කවුද ? "
"මොන කෙල්ලද?"
"සුමනා නැන්දගෙ දුව . ඇයි ඒකි ගමේ පේන්න නැත්තෙ ? "
"උඹ ඒකිව දැක්කද? "
"දැක්ක නිසානෙ ඇහුවෙ . අන්න උදේ පාන්දරම සුමනා නැන්දා ඒකිව අරගෙන කැලේ පාරෙන් වලව්ව පැත්තට ගියා .
මං ඒකි ගැන අහද්දි නැන්දා බය වුනා . මොකක් හරි රහසක් තියෙනවා ."
"ඒකත් එහෙමද? ඔතනින් වාඩි වෙයංකො. උඹ දන්නවද ඇයි සුමනා ඒකිව ඔච්චර පරිස්සම් කරන්නෙ කියලා ?"
"නෑ . ඇයි ?"
"ඔය කෙල්ලට අවුරුදු 12 දී කේන්දරේ බලවගන්න මං ළඟට අරන් ආවා. උඹ දන්නවද ඒක මහා බලගතු කේන්දරයක්. මං මෙතුවක් කාලෙකට එච්චර බලගතු කේන්දරයක් දැකලා නෑ . ඒකෙ හොඳ පැහැදිලියට නිධන් වාසනාවක් පෙන්නුම් කරනවා. මං ඒ විස්තර ඒකිට කිව්වෙ නෑ . ඒත් අර එහා ගමේ සේතුංගෙන් ගෑණි විස්තරේ දැනගෙන .
අනිත් වැදගත්ම දේ තමයි ඔය දැරිවි තුන්කුළුදුල්. "
"උඹ දන්නවා නේද අර දොළකන්ද පන්සල පිටිපස්සෙ තියෙන මුරගල ගාව වලදාලා තියෙනවා කියලා ගම්මු කතා වෙන නිධානෙ ගැන. ඕක බොරුවක් කියලා හාමුදුරුවෝ ප්රචාරෙ කරාට මොකද, මාත් මෙච්චර කාලෙකට හිතන් හිටියෙ එහෙම තමයි . ඒත් හැබෑවටම ඒක එහෙම නෙමෙයි ."
"එ..ඒ කියන්නෙ එතන නිධානෙ තියෙනවද තාම? "
"නැතුව . එදා මං නිකමට ඔය මුරගල පැත්තෙ ගියා. මේං එතන තියෙන අර ගල්තලාවෙ සුදු පාට ලොකු නයෙක් ඉන්නවා දරණ ගහගෙන මුරගල දිහාට පෙනේ පුප්පන්.පස්සෙ එතනින් ඇතුලට ඇදිලා ගියා. "
"මං උඹට ඕක කියන්න තමයි හිටියෙ. අපිට පුළුවන් ඔය කෙල්ලව පාවිච්චි කරලා මේ නිධානෙ ගන්න. ඔය සුමනා කියන ගෑණි ඔය කෙල්ලව ඇස් දෙක මායිමෙන් පිට නොයවා පරිස්සන් කරන්නෙ කාගෙවත් බැල්මක් වැටෙන්න නොදී. "
"දැන් උඹ ඒකිව දැක්කනෙ? අපි කොහොම හරි මේක කරමු. උඹ තව දෙතුන් දෙනෙක් එක්ක එකතු වෙලා කෙල්ලව අරං වරෙන් .මේ දවස් දෙක තුන ඇතුළත වැඩේ කරොත් අපේ හත්මුතු පරම්පරාවම ගොඩ."
.......................... .....
"අප්පේ ....සුමනො, මං හිතුවෙ උඹ එන එකක් නෑ කියලා . "
"එහෙම නෑවිදින් අරිනවද ලොකු මැණිකෙ මම . මං මේ ආවෙත් මැණිකෙ ගේ වචනෙට පිටුපාන්න බැරි නිසා. මේං මේකි ලේස්ති කොරං එළියට බහිනවා කියන්නෙ ඉතිං ආයි අහන්න දෙයක් නෑ . "
"අනේ කෙල්ල දැක්ක කල්. කොහොමද මලී? හරියට පින්න මලක් වගේ. ඇස්වහක් නම් වදින්න එපා කෙල්ලට. උදේ හවස නොදකින නිසාමද කොහෙද කොච්චර උඹ දිහා බලන් හිටියත් එපා වෙන්නෙ නෑ . "
"අනේ ලොකු නෝනා , එහෙම අමතක වෙලා නෙමෙයි මං ආවෙ නැත්තෙ . කොහෙද මේ අම්මා මට එලියට බහින්නවත් දෙන්නෙ නෑ නෙ. " මං ලොකු නෝනාගෙ දෙපා වදිනගමන් කිව්වා.
"ඒ ඉතිං ඔය දරුවගෙම හොඳටනෙ. ම්ම් ........ඒක නෙමෙයි ,දැන් සුදු බේබිත් එයි. ගමේ යාළුවා අමතක වෙලාද දන්නෙත් නෑ නේද කෙල්ලෙ දැන් ?
බලමුකෝ අපි ආවහම."
"සුමනා......."
"ලොකු නෝනෙ,"
"මේහ් .....පුතා ආසකරන විදිහට කිරිකොස් මාලුවක් හදලා කජු කරියකුයි, අඹ මාලුවයි එක්ක අර මාළු ටික ඇඹුල්තියල් කරලා හදමු. කොල්ලා ගමේ රහට සුමනා අම්මා අතින් කෑම වේලක් කන්නෙ ඔය අවුරුදු දහයකින්නෙ. "
"අනේ හා මැණිකෙ. කෙල්ලෙ , උඹ උඩට ගිහින් බේබිගෙ කාමරේ අස්කරලා දාපන් පොඩ්ඩක් නිකං ඉන්න එකේ. හැබැයි එළිපහළියට එහෙම බහිනවා නෙමෙයි තනිපංගලමෙ."
"හා අම්මෙ. "
"මේ සුමනා , ඇත්තමයි බං කෙල්ල කුමාරිකාවක් වගේ ලස්සනයි දැන් . ඒක නෙමෙයි උඹ මොකද මේ ආපු වෙලේ ඉදන් අද බයෙන් ඉන්නෙ? "
"අනේ ලොකු නෝනා, මං මේ කියන්න කියලා හිටියෙ. අද එද්දී උදේම අර පෝරිසාදයා මුලිච්චි උනානෙ. කෙල්ල දිහා කන්න වගේ බලන් හිටියා. "
"කවුද ?"
"අර ඕදිරිස් ගුරුන්නාන්සෙගෙ පුතා . "
"සීවරන්දෙයිහාමුදුරුවනේ! ......."
"අනේ ඔව් මැණිකෙ, මාත් මේ පණ බයේ ගැහි ගැහි ඉන්නේ. අවුරුදු 22 ලැබුවා විතරයි . සේතුං ගුරුන්නාන්සෙ ඒ දවස් වල කිව්ව දේවල් මතක් වෙද්දී මාව හීතල වෙනවා මැණිකෙ."
"මං නිසා තමයි මේ කරදර . සුමනට එන්න කියලා පණිවිඩ ඇරියෙ මමනෙ.අර කොල්ලා රට ඉදන් ඇවිත් කෙල්ලව හොයන නිසාමයි මං කෙල්ලව එක්කං එන්න කිව්වෙ. අනේ දෙයියනේ......''
"අනේ මැණිකෙ,මම එහෙම අහිතක් හිතලා කිව්වා නෙමෙයි ......ඕකිත් නාහෙන් අඩ අඩ උන්නෙ එලියට බහින්න දෙන්නෙ නෑ ගමේ තොටේ ඇවිදලා නෑ කියලා . වෙන්න තියෙන දෙයක් නම් අපිට වලක්වන්න අමාරුයි මැණිකෙ, මං කෝකටත් ගෙදර ගිහින් පඩුරක් ගැට ගහන්නම්....."
"අම්මා..............."
"ආන් ලොකු මැණිකෙ සුදු බේබි ඇවිත් ,.."
"අම්මා, "
"අනේ මගේ දරුවා! කොච්චර කාලෙකින්ද ? කොල්ලා මගේ උස ගිහින් තව ටිකක් . ලස්සන වෙලා.....මේ බලන්නකො අපේ මහත්තයා ."
"ම්ම්ම්........මගේ අම්මා නම් තාම කෙල්ල කාලෙ වගේමයි . මේ සුවද. ඉස්සර වගේමයි . කිසිදෙයක් වෙනස් වෙලා නෑ . ඔන්න අද ඉදන් මං කවාගන්නෙ අම්මට කියලා . "
"හරි හරි ඒක නෙමෙයි , බලන්නකො කවුද මේ ඇවිත් ඉන්නෙ කියලා ."
"ආහ්........සුමනා අම්මා."
"සුදු බේබි,"
"සුමනා අම්මත් ඉස්සර විදිහමයි තාමත් . මේ ...."
"අනේ නැගිටින්න බේබි , දණගහන්න එපා දෙයියො ..දැන් ලොකු මහත්තයෙක්නෙ." අම්මා අඬ අඩාම කිව්වෙ ලොකු සතුටකින්.
"ආහ්........මේ කවුද අම්මා, ආ අර ළඟදි වැඩට ගත්තා කිව්ව සර්වන්ට් ගර්ල්ද මේ ? අනේ අප්පච්චිට ගන්න වෙන අය හිටියෙම නැද්ද අප්පා මෙයාව ගත්තෙ වැඩට. බලන්නකො හැටි...."
"ස්......සු.....සුදු බ්....බේබි ?....ම් මං ."
මං අඩාගෙනම එළියට දිව්වෙ හිතාගන්නත් බැරුව .
මං අවුරුදු දහයක් බලාගෙන හිටියා ඒ මූණ දකින්න ......ඒත් බේබිට මාව අමතකයි. මං ඉකිගගහා වත්ත කෙළවරේ බංකුවෙන් වාඩි වුණේ ඇස් වලින් කඳුළු බේරෙද්දි.
"කෝ මේ සර්වන්ට් , ........"
මං ගැස්සිලා බැලුවේ පිටිපස්සෙන් ආපු කටහඬට.
"බ්...බේබි ,"
"ආ............මේ ඉන්නෙ, මොකද මේ ඇස් රතුවෙලා හොඳටම ? ඊයා මූණෙ හැටි , හොටුත් බේරෙනවා මේ........."
මං ගවුම් කරෙන් මූණ පිහිදා ගත්තෙ ලාවට ඉකියක් පිටවෙද්දි.
"හයියෝ මේ කෙල්ල, තාම ඉස්සර වගේමයි . මොන බොරුව කිව්වත් රැවටෙනවා. කෝ..........මේ බලන්න , හිතුවෙ මට අමතක වෙලා කියලද?
හිත ඇතුලෙම තියාගෙන පරිස්සම් කරන මතක එහෙම කොහොමද මලී අමතක වෙන්නෙ, ම්ම්........? "
"න්.......නෑ සුදු බේබි . මං තරහා නෑ . අපි දැන් ලොකුයි , බේබිට මං වැඩකාරි වගේ පෙනුන එකේ වරදක් නෑ . "
"අයියෝ.............පිස්සු කෙල්ල , මෙන්න මෙහාට එනවා. කොච්චර කාලෙකින්ද මං ආවෙ. ආපු ගමන් පටන් ගත්තා......."
"අ.....අනේ බේබි , අත අරින්න "
"ඇයි ? මොකද ?"
"මොකද අහන්නෙ ලොකු මහත්තයා හරි නෝනා හරි ආවොත් ? "
"ඉතිං ......."
"හරි නෑ බේබි ."
"ඇයි තමුසෙ පොඩි කාලෙ මං වඩාගෙනත් ගේ වටේ දුවන්නෙ..........?"
"අනේ ඒ පොඩි කාලෙනෙ බේබි , "
"ආ........දැන් තමුසෙ පොඩි නැද්ද එතකොට ? "
"නෑ බේබි . අපි දෙන්නම දැන් ලොකුයි . අවුරුදු දහයකට කලින් දැන් ඉන්නෙ."
"පේනවා පේනවා මං කෙසේ වෙතත් මේ ඉස්සර හිටපු පොඩි කෙල්ල නං හොඳටම වයසට ගිහින් කියලා .පණ්ඩිත ආච්චි ."
"ඇත්තමයි බේබි , සුදු බේබි රට ගියාට පස්සෙ මං අදමයි මේ වලව්වට පය ගැහුවෙ . ගමේ ඇවිදපු මතකයක්වත් නෑ මේ කාලෙට."
"හරි හරි දැන් මාත් ආවනෙ.අද ඉදන් මලී කියන ඕන තැනක එක්කගෙන යනවා හරිද? යමු ඇතුලට . හොටු පෙරාගෙන අඩනවා මෙතන විහිලුවක් කරත්....."
"ඈ......." මං දිව ඇදලා ඇතුලට දිව්වෙ හිනා වෙවී.
"ආ........දෙන්නා යාළු උනාද? තාම පොඩි ළමයි වගේ. එන්න එන්න සුදු පුතා , කෑම කමු. මහත්තයා , වාඩි වෙන්න .......මලී දූ, එන්න මේසෙට කාලා ඉමු. "
"මං පස්සෙ කන්නම් ලොකු නෝනා ,..."
"අනේ මෙන්න මෙහේ එන්න දරුවො, සුමනා ඔය කෑමටිකත් මේසෙට ඇරලා ඔයත් ඇවිත් වාඩි වෙන්න . මෙහෙම්මම කාලා ඉමු. "
අනේ ලොකු නෝනයි, මහත්තයයි නම් ඇත්තටම දෙවිවරු . කිසිම ලොකුකමක් නෑ . අම්මා කදුලු පිහිදාන ගමන් කිව්වා.
අපි ගෙදර එන්න පිටත් උනෙත් හොඳටම කරුවල වැටිලා. මං සුදු බේබිගෙන් සමුගත්තෙත් මහා ලෝභ කමකින්.......
.......................... ...
"මචං , කෙල්ලවත් අරගෙන ගෑණි වලව්වෙන් පිටත් වුනා . ඇළ ගාව කටුකැලේ හැංගිලා ඉදපන්. කෙල්ලව උස්සගෙන කතා කරගත්තු තැනට අරන් පලයන් ඉක්මණට . "
.......................... ....
"යමං කෙල්ලෙ , ඉක්මණට . රෑ වුනා දන්නෙත් නැතුවම."
"අ......අම්මා, කැලේ පාරෙන් යන්නෙ නැතුව පාරෙන් යමු. දුර උනාට කමක් නෑ "
"අනේ කෙල්ලෙ මගේ කකුල් දෙකත් කැක්කුමයි.ගම වටෙන් රවුමක් ගහලා යනවට වඩා මෙතනින් පනිමු. තව පොඩ්ඩකින් ගෙදර . "
"හ්ම්ම්........හා අම්මෙ, "
"දුවේ...........
මං පිටිපස්ස හැරිලා බලද්දිම දැක්කෙ අම්මා කොන්දත් අල්ලගෙන බිම වැටෙනවා. ......"
"අම්මේහ්........." එච්චරයි මට කියන්න හම්බුනේ, මාව සිහි නැතුව වැටෙනවා මට යාන්තම් මතකයි.
.......................
"අනේ දෙයියනේ මගේ කෙල්ල.............ආහ්, අනේ ලොකු නෝනා ............ , මහත්තයා ........"
"මොකද සුමනා මේ ගිය පයින්ම ? කෝ කෙල්ල? මොකද්ද දෙයියනේ වුනේ........."
"කෙල්ල අරන් ගියා......."
"පුතා, .......අපේ මහත්තයා ........සුමනා සිහි නැතුව වැටුණා.ඉක්මණට එන්න.........."
"අම්මේ , ගෙට අරන් යමු"
"නෝනා , වතුර එකක් ගේන්න . සුමනා , සුමනා ඇස් අරින්න . "
"අනේ නෝනා , කැලේ පාරෙදි කවුද මන්දා මගේ කොන්දට පොල්ලකින් ගහලා කෙල්ලව අරන් ගියා දෙයියනේ........මගේ දරුවා . "
"අම්මෙ, සුමනා අම්මා බලා ගන්න. මං මලීව හොයන්න යනවා. "
"යමු පුතා , මාත් එනවා. ඉස්සෙල්ලාම පොලීසියට දන්වලා ඉමු. නෝනා , ගෙයින් ඉන්න. සුමනගෙ තත්වෙත් හොඳ නෑ .කෙල්ලව අපි හොයං එන්නම්."
.......................... ......
"ඔය වැඩේ කරලා තියෙන්නෙ කොල්ලො තිතට. අර ගෑණිට පොලු පාර වැදුන විදිහට නම් ආයෙමත් නැගිටිනවා බොරු . මේකිට සිහිය එන්න කලින් ආන් අර ගල්තලාවෙ මං රතු පාට කතිරයක් ලකුණු කරලා ඇති . එතනින් තියපං. මං බඩු ටික ලෑස්ති කරලා ඇත්තෙ. ඉක්මන් කරපන් වැඩි වෙලා නෑ . ලොකු හාමුදුරුවෝ බැහැරට වැඩියෙත් අපේ වෙලාවට. "
"මතක ඇතුව ගල වටේම කහ දියර ඉහපන්. ඔය සුදු රෙද්ද අන්දලා අර මල් මාලෙත් දාපන්. අපි ආරක්ෂා වෙලා ඕන ඔක්කොම කරන්න . මං ජප කරද්දිඅත උස්සලා උඹට ඉගියක් දෙන්නම් ආන් එතකොට මං කිව්ව විදිහට වැඩේ කරන්නයි තියෙන්නෙ. "
..........................
"අනේ මලී. ඇස් අරින්න ............
මලී............ඔයාට මුකුත් වෙන්නෙ නෑ . අපි ආවා.....මලී, ඔයාට බෑ මට මෙහෙම කරන්න . මං ලංකාවට ආවෙ ඔයා ඔහොම ඉන්නවා බලන්න නෙමෙයි මලී.......නැගිටිනවා..."
"පුතා , කෙල්ලට සිහි නැති කරලා. කලබල කරන්න එපා අපි මෙහෙම්මම මෙයාව හොස්පිට්ල් එකට ගෙනියමු. "
"ඉන්ස්පෙක්ටර්, ඔය පව්කාරයොන්ව දාගන්න වාහනේට. පොලිස් රථයට නගින ඕදිරිස් ඇතුළු තරුණයන් සිව්දෙනා දෙස කෝපයෙන් බලමින් සැරයන් වරයා ඇහුවේ තව විනාඩියක් හෝ පරක්කු වුනානම් අද මෙතැන මලගමක් වන බව දන්නා නිසාමයි ."
"සර්ලා වෙලාවට ක්රියාත්මක වුනේ නැත්නම් මේ දරුවා අද".........තාත්තා කදුලු පිහිදාන ගමන් කිව්වා.
"කවුරු කොහොම කිව්වත් තරාතිරම නොබලා පිහිට වෙන එකට තමයි මහත්තයෝ මනුස්සකම් කියන්නෙ.ඒක අපේ යුතුකම. පුදුමෙ කියන්නෙ මේ මිනිස්සු මේ හණමිටි අදහස් තාම විශ්වාස කරන් එකනෙ.
ජීවිතයක් නැති කරලා සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා හිතන එකනෙ.
ඒක් නෙමෙයි පුතා මෙහෙම්මම අපිත් එක්ක එනවද? තාත්තා එක්ක ගෙදර ගිහින් එනවද? "
"නෑ සර්, මගේ කෙල්ලට සිහිය එනකං මං ළඟ ඉන්නවා. තාත්තා ගිහින් සුමනා නැන්දවයි අම්මයි එක්කන් එන්න. මං මෙහෙම්මම යනවා"
"පරිස්සමින් පුතේ........"
.......................... .......
"මලී, ........ඇස් අරින්න , අර බලන්න ඔයාගෙ අම්මා පිස්සියෙක් වෙලා මලී. ඔයා ඔහොම ඉන්න ඕන නෑ . නැගිටින්න . ඉස්සර වගේ අඩන්න එහෙනං. .........."
"ස්........සුදු අය්.......අයියෙ , "
"අනේ මලී,.........මේ බලන්න ඩොක්ටර්, මලීට සිහිය ඇවිත් . අම්මේ,........."
"අනේ මගේ පුතේ, ඔයාට කොහොමද දැන් ? මං බය වුනා පුතේ, ඔයා මට නැති වුනා කියලා ,........දෙවියො ඉන්නවා පුතේ......අසරණ අපිට පිහිට වෙන්න , දෙවියො අපි දිහාම බලන් ඉන්නවා. මගෙ පුතාව මං පරිස්සම් කරේ ඇයි කියලා මගේ මැණික දන්නවා නේද දැන් . උන් මහා තිරිසන්නු පුතේ........"
"මලී, මේ බලන්න . ......මට සමාවෙන්න ඔයාව පරිස්සම් කරගන්න බැරි වුනාට. ආයෙමත් මං ඉන්නකං ඔයාට කිසිම කරදරයක් වෙන්න දෙන්නෙ නෑ . සමාවෙන්න මැණික මට . මගේ මලී. බේබි මාව තුරුල් කරගන්න ගමන් කිව්වෙ කදුලු අතරින්.ඇත්තටම ඒ උණුසුමේ මට දැනුනේ තාත්තා ගාව තරම් ලොකු ආරක්ෂාවක්..............."
# කුඩා කල පටන් නුඹේ
හුස්ම මෙන් ළඟ රැඳී
මගේම පින්න මල
මටම විතරක් හිමී
අමතකව ගිය ලෙසින්
රැවටුවත් හිතවතී
සමාවෙයං මට
නුඹ මගේ පොඩි එකී.....
දිවිය මගෙ දෙවෙනි කොට
රකිමි මගෙ සදවතී.....
වෙන නිධන් කුමට මට
නුඹ මගෙම කුමාරී........💖
......................-නිම ි- ................
අම්මා කුස්සියේ ඉදන්ම කෑ ගහන සද්දෙට මං පුදුමෙන් ඇහැරුණේ කවදාවත් නැතුව අද මට වලව්වට යන්න කතා කරන නිසා .
"මේ මොකද අම්මෙ, වෙනදට මාව වලව්වට තියා පාරටවත් එක්කගෙන යන්නෙ නෑ . අද මොකද කෑ ගහන්නෙ?"
"උඹට ඒවයින් වැඩක් නෑ . නැගිටලා ලෑස්ති වෙයං. උඹව එක්කං ගිහින් කොහොමද කියලා තමයි මාත් මේ අහස පොළොව ගැට ගගහා කල්පනා කරේ. ලොකු නෝනාගෙ වචනෙට පිටුපාන්න බෑ නෙ මොනදේ උනත් . දෙවියො වගේ උඹටයි මටයි පිහිටට ඉන්නෙ ඒ මිනිස්සු විතරයි . "
"අම්මා......"
"ඒපාර මොකද?"
"ඇත්තටම ඇයි අම්මා මාව කොහෙවත් එක්කන් යන්නෙ නැත්තෙ? මට තනියෙම ගෙදරින් එළියට බහින්න දෙන්නෙ නැත්තෙ? අඩුම තරමෙ මං මේ ගමේවත් ඇවිදලා තියෙද හරියට මතක ඇති කාලෙක??"
"උඹ දැන් මෙතන ප්රශ්න අහ අහා හිටියොත් මං අදත් එක්කගෙන යන්නෙ නෑ මලී. හනිකට ගිහින් ලෑස්ති වෙයන්."
"හ්ම්ම්...." මං පුරුදු විදිහටම අම්මට අවනත වුනේ මේ ප්රශ්න කවදා ඇහුවත් අම්මා මොකක් හරි කියලා මගාඅරින නිසා.
ආහ් පුංචි බේබි අමතකම වුනානෙ. දැන් නම් රාජකුමාරයෙක් වගේ ලස්සන ඇති . බේබි රට යද්දී මට අවුරුදු 12. බේබිට අවුරුදු 15 යි. ඒ මීට අවුරුදු දහයකට කලින්නෙ. දැන් නම් මාව අමතකත් ඇති .
ලොකු නෝනා උනත් මට සැලකුවේ තමන්ගෙම දරුවෙක්ට වගේ. වලව්ව ගැන මට තිබුනෙ සුන්දර මතක විතරමයි.
බේබි රට ගියත් හරි මං වලව්වට පයගහන්නෙ අද.
අම්මා මාව ගමේ අයට පේන්න කොහෙවත් අරන් ගියේ නෑ . අසල්වැසි කවුරුත් නැති හුදෙකලා ජීවිතයකට අම්මා මාව හුරු කලේ ඇයි කියලා මමවත් දන්නෙ නෑ .ගමේ මනුස්සයෙක් එක්කවත් වචන දෙක තුනකට වඩා කතා නොකරන අම්මා ගැන මට පුදුමත් හිතුනා වෙලාවකට .
ඒත් මට දැනුන එකදෙයක් තිබුණා . තාත්තත් නැති මාව අම්මා මැණිකක් රකිනවා වගේ පරිස්සම් කරා. ලොකු නෝනලා ඇරෙන්න ගමේ අනිත් හැමෝම දිහා අම්මා බැලුවේ සැකෙන්. මහා බයකින්.
"හරිද? උඹ ලැහැස්ති උනාද? හනික යමු එහෙනං එළිය වැටෙන්න කලින්. ගමේ එවුන් පාරට එන්න කලියෙන්."
"මොකද අම්මා මේ? මාත් මනුස්සයෙක්නෙ. පොඩි කාලෙ මං සුදු බේබිගෙ දිහා ගිහින් කොච්චර සෙල්ලම් කරාද? ඇයි ඉතිං දැන් මේ ගමේ මිනිස්සු දැක්කහම මොකද ? "
"නොතේරෙන කාලෙ ඉදලා උඹව හැමතැනම අරන් ගිය එක තමයි මං කරපු වැරැද්ද . අර ලොකු ආතාගෙ දිහාවට හරි පිටමං කරා නම් ඉවරයි ඒ කාලෙම. දෙයියනේ කියලා යමං දැන් වත් හරස් ප්රශ්න අහන්නෙ නැතුව . බේබි නම් මෙච්චර උදෙන් එන්නෙ නෑ ."
"අර කටු ලන්ද ගාවින් ගිහින් ඇළෙන් එගොඩට යමු. පාරෙන් යන්න ඕන නෑ . "
අම්මා මාවත් ඉස්සර කරන් කැලෑ පාරකින් යන්න හැරුනෙ මොනවා හිතේ තියාගෙනද කියලා මමවත් දන්නෙ නෑ .
"ආ........සුමනා නැන්දා , කොහේද මේ පාන්දරම ? "
විනාසයි. මේ අර වසවර්තියා නේද. මොන කරුමයක්ද දෙයියනේ මේ උදේ පාන්දරම කඩා පාත් උනේ.
"කෙල්ලෙ, වහංවෙයන්. අඩිය ඉක්මන් කරලා බිම බලාගෙන වරෙන්. "
"ආ.....අපි මේ ළඟට යනවා. "
"ආහ්.....මේ මලී නංගි නේද? අදුරන්නත් බෑ දැන් . ඈ නැන්දෙ, නංගි අපේ ගමේ නෙමෙයිද ඉන්නෙ? මං මේ මේකිව දැක්කෙ අවුරුදු ගාණකින්. "
"අ......අ..අපි ගිහින් එන්නම්." අම්මා මාවත් ඇදගෙන ඇළෙන් එගොඩ වුනේ වෙවුලමින්.
"අනේ ඇයි අම්මෙ මේ?"
"ඇයි , ඇයි නෙමෙයි . අර ඕදිරිස් ගුරුන්නාන්සෙගෙ පුතා ඒ. ඒකවම මුලිච්චි වුනානෙ. මොන විපත්තියක් වෙන්න යනවද මන්දා . "
..........................
"තාත්තේ........තාත්තේ.....
"මොකද බං මේ ? උදේම බෙරිහන් දෙන්නෙ? "
"අර අර සුමනා නැන්දා ඉන්නෙ."
"ඔව් ඉතිං ?"
"ඒ කෙල්ල කවුද ? "
"මොන කෙල්ලද?"
"සුමනා නැන්දගෙ දුව . ඇයි ඒකි ගමේ පේන්න නැත්තෙ ? "
"උඹ ඒකිව දැක්කද? "
"දැක්ක නිසානෙ ඇහුවෙ . අන්න උදේ පාන්දරම සුමනා නැන්දා ඒකිව අරගෙන කැලේ පාරෙන් වලව්ව පැත්තට ගියා .
මං ඒකි ගැන අහද්දි නැන්දා බය වුනා . මොකක් හරි රහසක් තියෙනවා ."
"ඒකත් එහෙමද? ඔතනින් වාඩි වෙයංකො. උඹ දන්නවද ඇයි සුමනා ඒකිව ඔච්චර පරිස්සම් කරන්නෙ කියලා ?"
"නෑ . ඇයි ?"
"ඔය කෙල්ලට අවුරුදු 12 දී කේන්දරේ බලවගන්න මං ළඟට අරන් ආවා. උඹ දන්නවද ඒක මහා බලගතු කේන්දරයක්. මං මෙතුවක් කාලෙකට එච්චර බලගතු කේන්දරයක් දැකලා නෑ . ඒකෙ හොඳ පැහැදිලියට නිධන් වාසනාවක් පෙන්නුම් කරනවා. මං ඒ විස්තර ඒකිට කිව්වෙ නෑ . ඒත් අර එහා ගමේ සේතුංගෙන් ගෑණි විස්තරේ දැනගෙන .
අනිත් වැදගත්ම දේ තමයි ඔය දැරිවි තුන්කුළුදුල්. "
"උඹ දන්නවා නේද අර දොළකන්ද පන්සල පිටිපස්සෙ තියෙන මුරගල ගාව වලදාලා තියෙනවා කියලා ගම්මු කතා වෙන නිධානෙ ගැන. ඕක බොරුවක් කියලා හාමුදුරුවෝ ප්රචාරෙ කරාට මොකද, මාත් මෙච්චර කාලෙකට හිතන් හිටියෙ එහෙම තමයි . ඒත් හැබෑවටම ඒක එහෙම නෙමෙයි ."
"එ..ඒ කියන්නෙ එතන නිධානෙ තියෙනවද තාම? "
"නැතුව . එදා මං නිකමට ඔය මුරගල පැත්තෙ ගියා. මේං එතන තියෙන අර ගල්තලාවෙ සුදු පාට ලොකු නයෙක් ඉන්නවා දරණ ගහගෙන මුරගල දිහාට පෙනේ පුප්පන්.පස්සෙ එතනින් ඇතුලට ඇදිලා ගියා. "
"මං උඹට ඕක කියන්න තමයි හිටියෙ. අපිට පුළුවන් ඔය කෙල්ලව පාවිච්චි කරලා මේ නිධානෙ ගන්න. ඔය සුමනා කියන ගෑණි ඔය කෙල්ලව ඇස් දෙක මායිමෙන් පිට නොයවා පරිස්සන් කරන්නෙ කාගෙවත් බැල්මක් වැටෙන්න නොදී. "
"දැන් උඹ ඒකිව දැක්කනෙ? අපි කොහොම හරි මේක කරමු. උඹ තව දෙතුන් දෙනෙක් එක්ක එකතු වෙලා කෙල්ලව අරං වරෙන් .මේ දවස් දෙක තුන ඇතුළත වැඩේ කරොත් අපේ හත්මුතු පරම්පරාවම ගොඩ."
..........................
"අප්පේ ....සුමනො, මං හිතුවෙ උඹ එන එකක් නෑ කියලා . "
"එහෙම නෑවිදින් අරිනවද ලොකු මැණිකෙ මම . මං මේ ආවෙත් මැණිකෙ ගේ වචනෙට පිටුපාන්න බැරි නිසා. මේං මේකි ලේස්ති කොරං එළියට බහිනවා කියන්නෙ ඉතිං ආයි අහන්න දෙයක් නෑ . "
"අනේ කෙල්ල දැක්ක කල්. කොහොමද මලී? හරියට පින්න මලක් වගේ. ඇස්වහක් නම් වදින්න එපා කෙල්ලට. උදේ හවස නොදකින නිසාමද කොහෙද කොච්චර උඹ දිහා බලන් හිටියත් එපා වෙන්නෙ නෑ . "
"අනේ ලොකු නෝනා , එහෙම අමතක වෙලා නෙමෙයි මං ආවෙ නැත්තෙ . කොහෙද මේ අම්මා මට එලියට බහින්නවත් දෙන්නෙ නෑ නෙ. " මං ලොකු නෝනාගෙ දෙපා වදිනගමන් කිව්වා.
"ඒ ඉතිං ඔය දරුවගෙම හොඳටනෙ. ම්ම් ........ඒක නෙමෙයි ,දැන් සුදු බේබිත් එයි. ගමේ යාළුවා අමතක වෙලාද දන්නෙත් නෑ නේද කෙල්ලෙ දැන් ?
බලමුකෝ අපි ආවහම."
"සුමනා......."
"ලොකු නෝනෙ,"
"මේහ් .....පුතා ආසකරන විදිහට කිරිකොස් මාලුවක් හදලා කජු කරියකුයි, අඹ මාලුවයි එක්ක අර මාළු ටික ඇඹුල්තියල් කරලා හදමු. කොල්ලා ගමේ රහට සුමනා අම්මා අතින් කෑම වේලක් කන්නෙ ඔය අවුරුදු දහයකින්නෙ. "
"අනේ හා මැණිකෙ. කෙල්ලෙ , උඹ උඩට ගිහින් බේබිගෙ කාමරේ අස්කරලා දාපන් පොඩ්ඩක් නිකං ඉන්න එකේ. හැබැයි එළිපහළියට එහෙම බහිනවා නෙමෙයි තනිපංගලමෙ."
"හා අම්මෙ. "
"මේ සුමනා , ඇත්තමයි බං කෙල්ල කුමාරිකාවක් වගේ ලස්සනයි දැන් . ඒක නෙමෙයි උඹ මොකද මේ ආපු වෙලේ ඉදන් අද බයෙන් ඉන්නෙ? "
"අනේ ලොකු නෝනා, මං මේ කියන්න කියලා හිටියෙ. අද එද්දී උදේම අර පෝරිසාදයා මුලිච්චි උනානෙ. කෙල්ල දිහා කන්න වගේ බලන් හිටියා. "
"කවුද ?"
"අර ඕදිරිස් ගුරුන්නාන්සෙගෙ පුතා . "
"සීවරන්දෙයිහාමුදුරුවනේ! ......."
"අනේ ඔව් මැණිකෙ, මාත් මේ පණ බයේ ගැහි ගැහි ඉන්නේ. අවුරුදු 22 ලැබුවා විතරයි . සේතුං ගුරුන්නාන්සෙ ඒ දවස් වල කිව්ව දේවල් මතක් වෙද්දී මාව හීතල වෙනවා මැණිකෙ."
"මං නිසා තමයි මේ කරදර . සුමනට එන්න කියලා පණිවිඩ ඇරියෙ මමනෙ.අර කොල්ලා රට ඉදන් ඇවිත් කෙල්ලව හොයන නිසාමයි මං කෙල්ලව එක්කං එන්න කිව්වෙ. අනේ දෙයියනේ......''
"අනේ මැණිකෙ,මම එහෙම අහිතක් හිතලා කිව්වා නෙමෙයි ......ඕකිත් නාහෙන් අඩ අඩ උන්නෙ එලියට බහින්න දෙන්නෙ නෑ ගමේ තොටේ ඇවිදලා නෑ කියලා . වෙන්න තියෙන දෙයක් නම් අපිට වලක්වන්න අමාරුයි මැණිකෙ, මං කෝකටත් ගෙදර ගිහින් පඩුරක් ගැට ගහන්නම්....."
"අම්මා..............."
"ආන් ලොකු මැණිකෙ සුදු බේබි ඇවිත් ,.."
"අම්මා, "
"අනේ මගේ දරුවා! කොච්චර කාලෙකින්ද ? කොල්ලා මගේ උස ගිහින් තව ටිකක් . ලස්සන වෙලා.....මේ බලන්නකො අපේ මහත්තයා ."
"ම්ම්ම්........මගේ අම්මා නම් තාම කෙල්ල කාලෙ වගේමයි . මේ සුවද. ඉස්සර වගේමයි . කිසිදෙයක් වෙනස් වෙලා නෑ . ඔන්න අද ඉදන් මං කවාගන්නෙ අම්මට කියලා . "
"හරි හරි ඒක නෙමෙයි , බලන්නකො කවුද මේ ඇවිත් ඉන්නෙ කියලා ."
"ආහ්........සුමනා අම්මා."
"සුදු බේබි,"
"සුමනා අම්මත් ඉස්සර විදිහමයි තාමත් . මේ ...."
"අනේ නැගිටින්න බේබි , දණගහන්න එපා දෙයියො ..දැන් ලොකු මහත්තයෙක්නෙ." අම්මා අඬ අඩාම කිව්වෙ ලොකු සතුටකින්.
"ආහ්........මේ කවුද අම්මා, ආ අර ළඟදි වැඩට ගත්තා කිව්ව සර්වන්ට් ගර්ල්ද මේ ? අනේ අප්පච්චිට ගන්න වෙන අය හිටියෙම නැද්ද අප්පා මෙයාව ගත්තෙ වැඩට. බලන්නකො හැටි...."
"ස්......සු.....සුදු බ්....බේබි ?....ම් මං ."
මං අඩාගෙනම එළියට දිව්වෙ හිතාගන්නත් බැරුව .
මං අවුරුදු දහයක් බලාගෙන හිටියා ඒ මූණ දකින්න ......ඒත් බේබිට මාව අමතකයි. මං ඉකිගගහා වත්ත කෙළවරේ බංකුවෙන් වාඩි වුණේ ඇස් වලින් කඳුළු බේරෙද්දි.
"කෝ මේ සර්වන්ට් , ........"
මං ගැස්සිලා බැලුවේ පිටිපස්සෙන් ආපු කටහඬට.
"බ්...බේබි ,"
"ආ............මේ ඉන්නෙ, මොකද මේ ඇස් රතුවෙලා හොඳටම ? ඊයා මූණෙ හැටි , හොටුත් බේරෙනවා මේ........."
මං ගවුම් කරෙන් මූණ පිහිදා ගත්තෙ ලාවට ඉකියක් පිටවෙද්දි.
"හයියෝ මේ කෙල්ල, තාම ඉස්සර වගේමයි . මොන බොරුව කිව්වත් රැවටෙනවා. කෝ..........මේ බලන්න , හිතුවෙ මට අමතක වෙලා කියලද?
හිත ඇතුලෙම තියාගෙන පරිස්සම් කරන මතක එහෙම කොහොමද මලී අමතක වෙන්නෙ, ම්ම්........? "
"න්.......නෑ සුදු බේබි . මං තරහා නෑ . අපි දැන් ලොකුයි , බේබිට මං වැඩකාරි වගේ පෙනුන එකේ වරදක් නෑ . "
"අයියෝ.............පිස්සු කෙල්ල , මෙන්න මෙහාට එනවා. කොච්චර කාලෙකින්ද මං ආවෙ. ආපු ගමන් පටන් ගත්තා......."
"අ.....අනේ බේබි , අත අරින්න "
"ඇයි ? මොකද ?"
"මොකද අහන්නෙ ලොකු මහත්තයා හරි නෝනා හරි ආවොත් ? "
"ඉතිං ......."
"හරි නෑ බේබි ."
"ඇයි තමුසෙ පොඩි කාලෙ මං වඩාගෙනත් ගේ වටේ දුවන්නෙ..........?"
"අනේ ඒ පොඩි කාලෙනෙ බේබි , "
"ආ........දැන් තමුසෙ පොඩි නැද්ද එතකොට ? "
"නෑ බේබි . අපි දෙන්නම දැන් ලොකුයි . අවුරුදු දහයකට කලින් දැන් ඉන්නෙ."
"පේනවා පේනවා මං කෙසේ වෙතත් මේ ඉස්සර හිටපු පොඩි කෙල්ල නං හොඳටම වයසට ගිහින් කියලා .පණ්ඩිත ආච්චි ."
"ඇත්තමයි බේබි , සුදු බේබි රට ගියාට පස්සෙ මං අදමයි මේ වලව්වට පය ගැහුවෙ . ගමේ ඇවිදපු මතකයක්වත් නෑ මේ කාලෙට."
"හරි හරි දැන් මාත් ආවනෙ.අද ඉදන් මලී කියන ඕන තැනක එක්කගෙන යනවා හරිද? යමු ඇතුලට . හොටු පෙරාගෙන අඩනවා මෙතන විහිලුවක් කරත්....."
"ඈ......." මං දිව ඇදලා ඇතුලට දිව්වෙ හිනා වෙවී.
"ආ........දෙන්නා යාළු උනාද? තාම පොඩි ළමයි වගේ. එන්න එන්න සුදු පුතා , කෑම කමු. මහත්තයා , වාඩි වෙන්න .......මලී දූ, එන්න මේසෙට කාලා ඉමු. "
"මං පස්සෙ කන්නම් ලොකු නෝනා ,..."
"අනේ මෙන්න මෙහේ එන්න දරුවො, සුමනා ඔය කෑමටිකත් මේසෙට ඇරලා ඔයත් ඇවිත් වාඩි වෙන්න . මෙහෙම්මම කාලා ඉමු. "
අනේ ලොකු නෝනයි, මහත්තයයි නම් ඇත්තටම දෙවිවරු . කිසිම ලොකුකමක් නෑ . අම්මා කදුලු පිහිදාන ගමන් කිව්වා.
අපි ගෙදර එන්න පිටත් උනෙත් හොඳටම කරුවල වැටිලා. මං සුදු බේබිගෙන් සමුගත්තෙත් මහා ලෝභ කමකින්.......
..........................
"මචං , කෙල්ලවත් අරගෙන ගෑණි වලව්වෙන් පිටත් වුනා . ඇළ ගාව කටුකැලේ හැංගිලා ඉදපන්. කෙල්ලව උස්සගෙන කතා කරගත්තු තැනට අරන් පලයන් ඉක්මණට . "
..........................
"යමං කෙල්ලෙ , ඉක්මණට . රෑ වුනා දන්නෙත් නැතුවම."
"අ......අම්මා, කැලේ පාරෙන් යන්නෙ නැතුව පාරෙන් යමු. දුර උනාට කමක් නෑ "
"අනේ කෙල්ලෙ මගේ කකුල් දෙකත් කැක්කුමයි.ගම වටෙන් රවුමක් ගහලා යනවට වඩා මෙතනින් පනිමු. තව පොඩ්ඩකින් ගෙදර . "
"හ්ම්ම්........හා අම්මෙ, "
"දුවේ...........
මං පිටිපස්ස හැරිලා බලද්දිම දැක්කෙ අම්මා කොන්දත් අල්ලගෙන බිම වැටෙනවා. ......"
"අම්මේහ්........." එච්චරයි මට කියන්න හම්බුනේ, මාව සිහි නැතුව වැටෙනවා මට යාන්තම් මතකයි.
.......................
"අනේ දෙයියනේ මගේ කෙල්ල.............ආහ්, අනේ ලොකු නෝනා ............ , මහත්තයා ........"
"මොකද සුමනා මේ ගිය පයින්ම ? කෝ කෙල්ල? මොකද්ද දෙයියනේ වුනේ........."
"කෙල්ල අරන් ගියා......."
"පුතා, .......අපේ මහත්තයා ........සුමනා සිහි නැතුව වැටුණා.ඉක්මණට එන්න.........."
"අම්මේ , ගෙට අරන් යමු"
"නෝනා , වතුර එකක් ගේන්න . සුමනා , සුමනා ඇස් අරින්න . "
"අනේ නෝනා , කැලේ පාරෙදි කවුද මන්දා මගේ කොන්දට පොල්ලකින් ගහලා කෙල්ලව අරන් ගියා දෙයියනේ........මගේ දරුවා . "
"අම්මෙ, සුමනා අම්මා බලා ගන්න. මං මලීව හොයන්න යනවා. "
"යමු පුතා , මාත් එනවා. ඉස්සෙල්ලාම පොලීසියට දන්වලා ඉමු. නෝනා , ගෙයින් ඉන්න. සුමනගෙ තත්වෙත් හොඳ නෑ .කෙල්ලව අපි හොයං එන්නම්."
..........................
"ඔය වැඩේ කරලා තියෙන්නෙ කොල්ලො තිතට. අර ගෑණිට පොලු පාර වැදුන විදිහට නම් ආයෙමත් නැගිටිනවා බොරු . මේකිට සිහිය එන්න කලින් ආන් අර ගල්තලාවෙ මං රතු පාට කතිරයක් ලකුණු කරලා ඇති . එතනින් තියපං. මං බඩු ටික ලෑස්ති කරලා ඇත්තෙ. ඉක්මන් කරපන් වැඩි වෙලා නෑ . ලොකු හාමුදුරුවෝ බැහැරට වැඩියෙත් අපේ වෙලාවට. "
"මතක ඇතුව ගල වටේම කහ දියර ඉහපන්. ඔය සුදු රෙද්ද අන්දලා අර මල් මාලෙත් දාපන්. අපි ආරක්ෂා වෙලා ඕන ඔක්කොම කරන්න . මං ජප කරද්දිඅත උස්සලා උඹට ඉගියක් දෙන්නම් ආන් එතකොට මං කිව්ව විදිහට වැඩේ කරන්නයි තියෙන්නෙ. "
..........................
"අනේ මලී. ඇස් අරින්න ............
මලී............ඔයාට මුකුත් වෙන්නෙ නෑ . අපි ආවා.....මලී, ඔයාට බෑ මට මෙහෙම කරන්න . මං ලංකාවට ආවෙ ඔයා ඔහොම ඉන්නවා බලන්න නෙමෙයි මලී.......නැගිටිනවා..."
"පුතා , කෙල්ලට සිහි නැති කරලා. කලබල කරන්න එපා අපි මෙහෙම්මම මෙයාව හොස්පිට්ල් එකට ගෙනියමු. "
"ඉන්ස්පෙක්ටර්, ඔය පව්කාරයොන්ව දාගන්න වාහනේට. පොලිස් රථයට නගින ඕදිරිස් ඇතුළු තරුණයන් සිව්දෙනා දෙස කෝපයෙන් බලමින් සැරයන් වරයා ඇහුවේ තව විනාඩියක් හෝ පරක්කු වුනානම් අද මෙතැන මලගමක් වන බව දන්නා නිසාමයි ."
"සර්ලා වෙලාවට ක්රියාත්මක වුනේ නැත්නම් මේ දරුවා අද".........තාත්තා කදුලු පිහිදාන ගමන් කිව්වා.
"කවුරු කොහොම කිව්වත් තරාතිරම නොබලා පිහිට වෙන එකට තමයි මහත්තයෝ මනුස්සකම් කියන්නෙ.ඒක අපේ යුතුකම. පුදුමෙ කියන්නෙ මේ මිනිස්සු මේ හණමිටි අදහස් තාම විශ්වාස කරන් එකනෙ.
ජීවිතයක් නැති කරලා සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා හිතන එකනෙ.
ඒක් නෙමෙයි පුතා මෙහෙම්මම අපිත් එක්ක එනවද? තාත්තා එක්ක ගෙදර ගිහින් එනවද? "
"නෑ සර්, මගේ කෙල්ලට සිහිය එනකං මං ළඟ ඉන්නවා. තාත්තා ගිහින් සුමනා නැන්දවයි අම්මයි එක්කන් එන්න. මං මෙහෙම්මම යනවා"
"පරිස්සමින් පුතේ........"
..........................
"මලී, ........ඇස් අරින්න , අර බලන්න ඔයාගෙ අම්මා පිස්සියෙක් වෙලා මලී. ඔයා ඔහොම ඉන්න ඕන නෑ . නැගිටින්න . ඉස්සර වගේ අඩන්න එහෙනං. .........."
"ස්........සුදු අය්.......අයියෙ , "
"අනේ මලී,.........මේ බලන්න ඩොක්ටර්, මලීට සිහිය ඇවිත් . අම්මේ,........."
"අනේ මගේ පුතේ, ඔයාට කොහොමද දැන් ? මං බය වුනා පුතේ, ඔයා මට නැති වුනා කියලා ,........දෙවියො ඉන්නවා පුතේ......අසරණ අපිට පිහිට වෙන්න , දෙවියො අපි දිහාම බලන් ඉන්නවා. මගෙ පුතාව මං පරිස්සම් කරේ ඇයි කියලා මගේ මැණික දන්නවා නේද දැන් . උන් මහා තිරිසන්නු පුතේ........"
"මලී, මේ බලන්න . ......මට සමාවෙන්න ඔයාව පරිස්සම් කරගන්න බැරි වුනාට. ආයෙමත් මං ඉන්නකං ඔයාට කිසිම කරදරයක් වෙන්න දෙන්නෙ නෑ . සමාවෙන්න මැණික මට . මගේ මලී. බේබි මාව තුරුල් කරගන්න ගමන් කිව්වෙ කදුලු අතරින්.ඇත්තටම ඒ උණුසුමේ මට දැනුනේ තාත්තා ගාව තරම් ලොකු ආරක්ෂාවක්..............."
# කුඩා කල පටන් නුඹේ
හුස්ම මෙන් ළඟ රැඳී
මගේම පින්න මල
මටම විතරක් හිමී
අමතකව ගිය ලෙසින්
රැවටුවත් හිතවතී
සමාවෙයං මට
නුඹ මගේ පොඩි එකී.....
දිවිය මගෙ දෙවෙනි කොට
රකිමි මගෙ සදවතී.....
වෙන නිධන් කුමට මට
නුඹ මගෙම කුමාරී........💖
......................-නිම
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.