අනේ අම්මෙ මට වද දෙන්න එපා.මම කැමති නෑ.අනික එයා මට වඩා අවුරුදු හයක් වැඩිමල්.මට බෑ

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

**#සත්තමයි_ඔබ_මගේ**


අනේ අම්මෙ මට වද දෙන්න එපා.මම කැමති නෑ.අනික එයා මට වඩා අවුරුදු හයක් වැඩිමල්.මට බෑ.

අනේ දෝණි අවුරුදු හයක් කියන්නෙ වැඩි පරතයක් නෙවෙයිනෙ.ඒ මහත්තයා ඔයාට කොච්චර ආදරෙයිද?උබට ඉගෙන ගන්නත් උදව් කරනවා කිවුවනේ.අපි මේ ඉන්න තත්වෙ අනු⁣ව ඒ මහත්තයාට කැමති වෙයන් පුතේ.

පන්සලේදි දැකලා අමා ගැන ආදරයක් ඇති වුන රකිතට අවුරුදු 24.රකිත කොළඹ.කොල්ලගෙ තාත්තා විතරයි ඉන්නෙ.පොහොසත් පවුලක හැදුනු කොල්ලා පොළොන්නරුවෙ ආපු වෙලාවෙයි අමාව දකින්නෙ.

අමාගෙ පවුලෙ ඉන්නෙ අම්මයි අමායි මල්ලියි විතරයි.තාත්තා නැති වුනෙ කෙල්ලට අවුරුදු දහයක් වෙද්දියි.දැන් කෙල්ලට අවුරුදු 18.සාමාන්‍ය පෙළ ඉස්කෝලෙන් හොඳටම පාස් වුනෙ අමා.ඒත් වැඩි දුර ඉගනගන්න වත්කමක් නැතිනිසයි කෙල්ල ඇඟලුම්හලක සේවයට යන්නයි හදන්නෙ.

ආයිත් පාරක් හිතපන් මයේ අම්මා .

බෑ අම්මේ බෑ.මම පසිඳුව අමතක කරන්නෙ කොහොමද අම්මෙ.

පසිඳුලා සල්ලි තියෙන මිනිස්සු වෙච්චි කොට අපට කැමති වෙයිද දුවේ.

__________________

අනේ පසිඳු අයියෙ අපේ අම්මා අර මහත්තයාට මාව දෙන්න හදනවා අනේ අපි මොකක්ද දැන් කරන්නෙ.

අපේ අම්මව මම කැමති කරගන්න ගොඩක් උත්සහ කරා අමා ඒත් එයා කැමති නෑ.මම අපේ මාමගේ දූව බදිනවටයි එයා කැමති.

අනේ පසිඳු😢😢

මට ඔයාව ඕනා අමා.අපි පැනලා යමු.මට ඔයා නැතුව ඉන්න බෑ.

______________________

මම ඔයාට ගොඩක් ආදරේ කරනවා නංඟි.ඇයා ඔයා මට අකමැති.

අනේ මහත්තයා මම එකපාරක් කිවුවනෙ .මම කැමති නෑ ආයිත් මෙහේ එන්න එපා.මට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා ඒ නිසා වෙන කාගෙවත් ආදරේ මට ඕනෙ නෑ.

කෙල්ල එහෙම කියලා ගෙට දිවුවම රකිත ආයිත් කොළඹ ආවේ කියාගන්න බැරි තරම් දුකකින්.

ඊට සතියකට පස්සෙ කතාබහ කරගත්තු විදියට අමා පසිඳු එක්ක හෙරෙන්ම ගමෙන් ආවෙ අමාගෙ අම්මාගෙ ඇස් වලට කඳුලක් දීලයි

දෙන්න ටික දවසක් හිටියෙ පොළොන්නරුව ටවුන් එකේ පසිඳුගෙ යාළුවෙක්ගෙ ගෙදරක.

අමා නීතියෙන් වගේම ගතිනුත් පසිඳුගෙම වුනේ දෙන්නාගෙම හිතේ ආදරය වැඩි කරමින්.
දෙන්නා ගොඩක් සතුටින් ආදරෙන් ජීවත් වුනා.කෙල්ල පුළුවන් හැම වෙලාවකම පසිඳු එක්ක අම්මාවයි මල්ලිවයි බලන්න අාවා.

පසිඳුගෙ අම්මත් දෙන්නට කැමත්ත දු⁣න්නෙ දෙන්නාගෙ ආදරය දැකලා.

දැන් ඉතිං මේ සේරම ඔය දෙන්නට බාරයි.මේ දේවල් දියුණු කරගන්න කියලා මම ආශිර්වාද කරනවා දෙන්නටම.

අමා පසිඳු එක්ක සතුටෙන් සමගියෙන් අවුරුද්දක් යන්නත් කලින් තම වෙළඳසැල නගරයෙ තියෙන ⁣ලොකුම වෙළඳසැල බවට පත් කරනවා.

කොච්චර කාර්යබහුල වුනත් දෙන්නා නිතරම ආදරයෙන් සමගියෙන් හිටි⁣යා.⁣පසිඳුගෙ අම්මත් අමාගෙ අම්මත් දරුවන්ගෙ දියුණුව දිහා බලන් හිටියෙ සතුටින් .

ඊට මාස පහකට පස්සෙයි මේ පවුලට කනකොකා හඩලන්නෙ.

ඒ කොල්ලගෙ අම්මට පිළිකාවක් වැළඳිලා එක්තැන් වුනාමයි.ඒත් දෙන්නම අම්මව සනීප කරගන්න නොකරපු දෙයක් නෑ.

අවුරුද්දක්ම එක්තැන් වෙලා ඉඳලා කොල්ලගෙ අම්මා මෙලොව හැරයන්නෙ දරුවන්ගෙ ඇස් වල කඳුලක් ඉතිරිකරමින්.

මහත්තයෝ කොහෙද යන්නෙ උදේම.

මැණික මම කඩේට යනවා මාස දෙකකින්ම ගියේ නෑනේ.

හා මහත්තයෝ පරිස්සමෙන් .

කොල්ලා කෙල්ලගෙ නළලත සිලගෙන ගෙදරින් ගියත් එනකොට ආවෙ රෝදපුටුවකින්.

ඒ කොල්ලා මග යනකොට ඉස්සරහින් වේගෙන් ආපු බස් එකකට කොල්ලගෙ කාර් එක හැප්පිලා.පසිදුගෙ ජීවිතෙ ඒතරම් අනතුරකින් බේරෙන්නෙ පසිඳුගෙ පෙර පිනකට කියලායි අනතුර වෙනවා දැකපු අය කවුවෙ.

පසිඳුව සනීප කරන්න අමා නොවිදපු දුකක් නෑ.ඒත් එක්කමයි ව්‍යාපාර සේරම බිඳවැටෙන්නෙ.

දෙන්නා දැන් වේල් තුනවත් හරියට පිරිමසාගන්නෙ බොහොම අමාරුවෙන්

ඒත් මොනවා වුනත් හැමදාම එකට ඉමු කියන හැඟීම දෙන්නා ළඟම තිබුනා.

කොල්ලා කිහිලිකරුවකින් සිටගනිද්දි කෙල්ල නගරයෙ ඇඟළුම් හලක සේවයට යන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසාමයි.

ඇත්තටම කොහොම හිටපු දෙන්නෙක්ද බං උබයි පසිඳුයි.කාගෙ ඇස් වහක්ද බං උබලට වැදුනෙ.

හැමෝම කියනවා වගේ කෙල්ලගෙ හොඳම මිතුරියක් වුන පියුමිත් එහෙම කිවුවෙ කනගාටුවෙන් .

ඔහොම තමයි බං මොනවා කරන්නද ඉතිං.මොනවා නැති වුනත් අපේ ආදරේ නැති වෙන්නෑ බං කවදාවත්ම.

හ්ම්..මේ මම අඳුරන තැනක් තියෙනවා මේ දවස්වල එතනින් කට්ටිය රට යවනවා.යමුද අපි දෙන්නත්.උබලට ආයිත් ගොඩ යන්න පුළුවන්

පසිඳු කැමති වෙන එකක් නෑ බං.

ට්‍රයි කරමු.

අමා කොච්චර පෙරත්ත කරත් කොල්ලා අමාව රට යවන්න කැමති වුනේ නෑ.

මාස තුනකට පස්සෙයි කරන්න දෙයක් නැති කමටම පසිඳු අකමැත්තෙන් හරි කෙල්ලගෙ තීරනේට කැමති වෙන්නෙ.

අමා රට යන දවසෙ කවදාවත් අඬලා නැති විදියටයි කොල්ලා කෙල්ලව බදාගෙන ඇඬුවෙ.

දුක හිරකරගෙන මැලේෂියාවට එන කෙල්ල පියුමිත් එක්ක නවතින්නෙ එකම බෝඩිමක.

දෙන්නා ෂිෆ්ට් දෙකකට වැඩට යන්නෙ ෆුඩ් සිටි එකක.

අමා රට ආපු දවසෙ ඉදන් පසිඳු කරේ නොකා නොබී අඬපු එකයි.පසිඳුගෙ හිත සනසන්න ළඟින් හිටියෙ ⁣අමාගෙ මල්ලි විතරයි.

කෙල්ල රට ආපු දවසෙ ඉදන් නිතරම වගේ කොල්ත් එක්ක කතා කරා.ගෙදරට සල්ලි යැවුවා.

දැන් කෙල්ල ඇවිත් හරියටම මාස දෙකයි.

ආපු දවසෙ ඉදන්ම කෙල්ලගෙ ⁣ෆෝන් එකට නාදුනන අංකයකින් කෝල් ආවත් කෙල්ල කතා කරත් අනිත් පැත්තෙන් කිසිම කෙනෙක් කතා කරේ නෑ.

කවුද මන්දා බං කෝල් අරන් කතා කරන්නෑ.

ගොළුවෙක් වෙන්න ඇති බං.

කෙල්ල පියුමිත් එක්ක ඒ ගැන කතා වෙලා වැඩට ඇවිත් ටික වෙලාවකට පස්සෙයි ෆුඩ් සිටිය ඇතුලෙදි හුරුපුරුදු රුවක් කෙල්ලගෙ නෙත ගැටෙන්නෙ.

😱😱😱😱😱

රකිත මහත්තයා .

දෙන්නාගෙම ඇස් මෙහොතකට එක තැන නතර වු⁣නා.

ඔයා..

දෙන්නම කිවුවේ එකටයි.

ම්..මම මෙහෙ වර්ක් කරන්නෙ මහත්තයා .

මමත් දැන් මෙහෙ ඉන්නෙ අමා.

මහත්තයා මැරි කරාද?.

ඔව් අමා.
ඔයා වෙනුවෙන් මගේ හිතේ ආදරයක් තිබුනට ඔයා ආදරේ කරේ වෙන කෙනෙක්ටනෙ අමා ඉතිං ඔයා එයා එක්ක ගියා.මට තාත්ති ගෙනාපු ප්‍රොපෝසල් එකකට කැමති වෙලා මමත් මැරි කරලා වයිෆ් එක්ක මෙහේ ආවා.

රකිත එහෙම කියනකොට අමාගෙ හිතේ කොනක සියුම් දුකක් ඇතිවුනත් කෙල්ල ඒක පෙන්නුනෙ නෑ.

ඉතිං කෝ හස්බන්ඩ්.දෙන්නා එකටද ආවේ.

ආ..මේ..නෑ..එයා එනවා ලබන මාසේ.

හරි අමා මම යනවා එහෙනම් වයිෆ් එළියෙ.
දෙයක් කියන්නම් ඔයා ⁣තවත් ලස්සන වෙලා අමා

කොල්ලා එහෙම කියලා අහිංසක විදියට හිනා වෙලා කෙල්ල ළඟින් ගියාම ⁣කෙල්ල ඒ දිහා දිහා බලන් හිටියා.

අවුරුදු හතරකට පස්සෙත් රකිතව අඳුරගන්න අමාට බැරි වුනේ නෑ.රකිතත් ගොඩක් ලස්සන වෙලා කියලා අමාට හිතුනා.

කෙල්ල වැඩ ඇරිලා බෝඩිමට ගියපු ගමන් කරේ පසිඳුට කෝල් කරපු එක.

මට ඔයා නැතුව මෙහේ ඉන්න බෑ මැණික මාව පිස්සෙක් වෙයි.මමත් එනවා රට.ඔයා ළඟට එනවා මන්.

පසිඳුත් ඊට මාස දෙකකට පස්සෙ මැලේශියා එනවා.තුන්දෙනාම හිටියෙ එකම බෝඩිමක කාමර දෙකක.
අමා පසිඳු දෙන්නම වැඩට යන්නෙ එකට.

පසිඳු රට ආපු දවසෙ ඉදන් කෙල්ලට අර නාදුනන අංකයෙන් කෝල් ආවෙ නෑ.

දැන් පසිඳුත් රට අැවිත් මාස පහකටත් ළඟියි.සතියක ඉදන් කෙල්ලට පසිඳුගෙ අමුත්තක් පෙනුනත් අමා ඒක ගනන් ගත්තෙ නැත්තෙ දෙන්නගෙ තිබුන ආදරේ නිසා.

ඇයි මේ තාම දොයිගෙන.නැගිටින්න මහත්තයෝ අද වැඩට යන්නැද්ද.

අනේ මගේ ඇඟට හරි නෑ මැණික අද යන්න බෑ.

අනේ යමු බෙහෙත් ගන්න

නෑ නෑ ⁣ගෙදර තියෙන බෙහෙතක් දෙන්න ඒ ඇති අමා.

ම් එහෙනම් මේක බොන්න.අද මම වැඩට යන්නෑ.

අනේ මේක ඇරිලා යයි ඔයා වැඩට යන්න වස්තු.

කොල්ලා යන්න කිවුවත් කොල්ලගෙ තත්වෙත් එක්ක අද ඉන්නම කියලයි කෙල්ලගෙ නම් හිත කිවුවෙ.

වැඩට ගිහින් නිවාඩු දාලා කෙල්ල ගෙදර එන්න ආවෙ පසිඳුව මතක් වෙනකොට වැඩ කරන්න හිත දුන්නෙ නැති නිසයි.

කෙල්ල කාමරේ දොර ඇරන් එනකොට පසිඳු කාමරේ නෑ කියලා දැනුනම කෙල්ලගෙ හිතට දැනුනෙ බයක්.

කෙල්ල කොල්ලගෙ නම කියනගමන් ගිහින් අමාගෙ කාමරේ දොර අරින⁣කොටයි දැක්කෙ තමන් පනවගේ අාදරේ කරන පසිඳු තමන්ගෙ හොඳම යෙහෙළිය පියුමි එක්ක යහන මත පෙමින් වෙලී සිටිනවා.

කෙල්ලට කොල්ලගෙ රඟපෑම තේරෙන්නෙ ඒ වෙලාවෙයි.

ඒ දේ අදහගන්න බැරුව කෙල්ල පස්සෙන් පස්සට ඇවිත් තට්ටු හතරකින් පල්ලෙහාට වැටෙන්⁣නෙ තමන්ටවත් නොදැනීමයි.

ලේ විලක් මැද හිටපු අමාව එතන හිටපු කට්ටිය මැදිහත් වෙලා ඉක්මනින් රෝහල්ගත කරනවා.

සතියකට පස්සෙ කෙල්ලට සිහිය එනකොට කෙල්ලගෙ ළඟට වෙලා කෙල්ලගෙ අතින් අල්ලගෙන හිටියෙ වෙන කවුරුත් නෙවෙයි රකිත.

ඔ..ඔයා..

ෂ්...

මමයි කතා කරන්නෙ ඔයා අහන් ඉන්න අමා.

මම මැරි කරේ නෑ අමා.මම අවුරුදු හතරක් තිස්සෙම ඔයාගෙ ළඟින් ඔයාට නෙපෙනෙන්න හිටියා.ඔයාට සිද්ධ වුන කරදර සේරම මම දැක්කා.මම තමයි ඔයාව මේ රටට ගත්තෙ.මම තමයි ඔයාට කෝල් අරන් කතා කරනවා අහන් හිටියෙ.ඒකත් නැවැත්තුවෙ පසිඳු රට ආවාම ඔයාලා අතර ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතලා. මට ඕන වුනෙ ඔයා පසිඳු එක්ක සතුටින් ජීවත් වෙනවා බලන්න.දුක් විදිනවා බලන්න නෙවෙයි අමා සතියක්ම මම මෙතනට වෙලා බලන් හිටියෙ ඔයා ඇස් අරිනකන්.ඔයා පසිඳු එක්ක සතුටින් ඉන්නවා බලන්නයි මට ඕන වුන මට අන්තිමට දකින්න වුනේ.
රකිත කියපු දේවල් ඇහුවම අමාගෙ හිතට දැනුනෙ කවදාවත් නොදැනුන තරම් දුකක්.😢😢😢😢

එතකොටයි පසිඳු කෙල්ල⁣ගෙ කාමරේට අඬාගෙන ආවෙ.

අනේ මගේ රත්තරනේ මොකක්ද ඔයාට මේ වුනේ.

පසිඳු ආපු ගමන් රකිත කෙල්ල ළඟින් නැගිටලා යන්න හඳනකොට.⁣සේලයින් බට ගහලා තිබුන අමාගෙ ඒ අතින් අල්ලගත්තෙ රකිතගෙ අත.කෙල්ලගෙ ඇසඟින් කඳුළු ගලා ගියෙ රකිත තමන් වෙනුවෙන් විඳපු වේදනාවන් වලට.
_________________________________________
*වසර තුනකට පසු*

තාත්තියෝ..අම්මි කුනිත්තනෝ දූ පැටියව.

අම්මී මගේ දූ පැටියා පවු ඔදේ..

ආ දැන් තාත්තිත් අම්මිට වඩා ආදරේ දූ පැටියටනෙ.😏

අමා එහෙම කියලා ඇඳෙන් නැගිටලා යන්න හදනකොටයි කොල්ලා අමාව දෑතට වඩාගෙන ආයිත් ඇඳෙන් ගෙනත් තිබ්බේ.

තාත්තිගෙ පන ඔයාලා දෙන්නා විතරයි .හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉමු .කවදාවත් ඔයාලව මගෙන් ඈත් කරන්නෙ නෑ.මේ පපුව පිාරන්න තියෙන ආදරේ අබමල් රේණුවක් තරම්වත් අඩු වෙන්නෙත් නෑ.

රකිත කිවුවෙ තම ආදරණීය බිරිඳගෙත් දියණියගෙත් හිස මත අත තියලා දිවුරලා.

ආදරෙයි මගේ මැණිකට.

මමත් මගේ මහත්තයෝ .

අමා කිවුවෙ රකිතගෙ දෙතොල් සිප ගන්න ගමන්.

අමා රකිතගේම සදාදර පතිනිය වෙමින් තම දියණියත් සමග ජීවිතයේ උපරිම තෘප්තිය විදිද්දී,
පසිඳු තවමත් මැලේෂියාවට වෙලා පියුමිත් සමඟ සෙල්ලක්කාර ජීවිතයක් ගතකරනවා.

නිමි.


Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI