පුතා ඔය කවුද වඩාගෙන ඉන්නෙ? විනිසුරු අසයි. චූටිදුව හිනාවුනා මුලු උසාවියම නොපෙනෙන්න ඇඩුවා. නමුත් කැමති නැද්ද දෙන්නත් එක්ක සමාදන වෙලා මේ චුටි දරුවත් වඩාගෙන ගෙදර යන්න.

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
විනාඩියක් අරම් කියවලා බලන්න 😍😍
මාරවිල උසාවියේ වෙච්ච සංවේදී සිදුවීමක් 2019.08.07.

තරුණ අම්ම කෙනෙක් තමාගේ අවුරුදු දෙකක් පමණ වෙන වූටි දුවට නඩත්තු ඉල්ලන්න උසාවි ඇවිත් හිටියා. තාත්තා තරුණ හාදයෙක්. චූටි දුව තාත්තා පැත්තට අතදික් කරල හිනා වුනා😍😍. අවුරුද්දකින් තාත්තා එයාව බලන්න ඇවිල්ලා නෑ😢. නඩත්තුවට සත පහක්වත් දීලත් නෑ. අම්මා තාත්ත අතර ආරවුලක්. නීතිඥවරියක් සහ වරයෙක් තමන්ගේ සේවාදායකයන් වෙනුවෙන් කරුණු දක්වනවා නඩත්තු ඉල්ලලා සහ ගෙවන්න බැරි හේතු කියල. ළමයා තාම තාත්තා දෙස බලාගෙන අම්මගේ අතේ. උසාවියම නිහඩව බලාගෙන ඉන්නවා. තරුණ විනිශ්කාරවරයා තාත්තගෙන් අහනව තමන් තාත්තා කෙනෙක් නේද? මේ දරුවා තමුන්ව බලන්න කතා කරන්න ආසාවෙන් ඉන්නවා නමුන්ට එක දැනෙන්නැද්ද? තාත්තා බිම බලාගෙන. තමන් දන්නවද අපේ ගදර බල්ලත් පුංචි පැටියකටින් අල්ලගෙන එහාට මෙහාට අරන් යනවා ආදරේට තිරිසන් සත්තුත් දරුවන්ට ඔයිට වඩා ආදරෙයි. අනිත් පැත්තෙන් එනවා විනිසුරු තුමා වග උත්තරකරුගෙත් ඉල්ලා සිටිනවා. දරුවව පොඩ්ඩක් වඩාගන්නවා තමුන්ට දැන් මොකද දැනෙන්නෙ? තාත්තා නිහඩයි. පුතා ඔය කවුද වඩාගෙන ඉන්නෙ? විනිසුරු අසයි. චූටිදුව හිනාවුනා මුලු උසාවියම නොපෙනෙන්න ඇඩුවා. නමුත් කැමති නැද්ද දෙන්නත් එක්ක සමාදන වෙලා මේ චුටි දරුවත් වඩාගෙන ගෙදර යන්න. කැමතී ස්වාමීනී තාත්තා කට ඇරියා. මම නඩුව බහා තියන්නම් නමුන්ල ඔහොම්මම දරුවත් වඩාගෙන ගෙදර යන්න. උසාවියම දිගු හුස්මක් හෙලුවා. කොළඹ ඉඳන් මාරවිල උසවියට මුල් වතාවට ගිය මම අනිත් පුටුවේ හිටපු නීතිඥ මහත්තයගෙන් විනිසුරුතුමාගෙ නම ඇහුවා. ඔහු #සිරිමෙවන් මහේන්ද්රරාජා.
මම දන්නෑ. තාත්තා කෙනෙක්ද කියලා වචනාර්ථයෙන්ම #නඩුකාරහාමුදුරු කෙනෙක්.ඔහුට ගෞරවයක් වශයෙන් share කරමු🙏
කියවන ගමන් හිතන්න..🤔🤔🤔

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI