අනේ..මගෙ රත්තරන් තනියම හිටියා නේද.අප්පච්චි හොදට දොයියගනෙ.. කසුන් දිලිනිව තුරුල් කරගත්තෙ හරි ආදරෙන්..

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

#සිහින"

අප්පච්චී.. මගෙ මැනික නැගිටින්න.. ගොඩක් දවල් වෙලා..
හ්ම්ම්... ඇග අහාට මෙහාට අබරමින් කසුන් ඇදේ පෙරලන හැටි දිලිණි බලන් හිටියෙ හරි ආදරෙන්..මේ තමා දිලිණිගෙ ආදරේ.. ලෝකෙම එක්ක සටන් කරලා දිලිණි ලබාගත්ත ආදරේ..
සුදු දෝණි.. අප්පච්චී ගොඩක් වෙලා දොයියගත්තද..
හ්ම්ම්..
අනේ..මගෙ රත්තරන් තනියම හිටියා නේද.අප්පච්චි හොදට දොයියගනෙ..
කසුන් දිලිනිව තුරුල් කරගත්තෙ හරි ආදරෙන්..
අනේ නෑ වස්තුව..ඔයා ගොඩක් රෑ වෙලා ආවෙ. ගොඩක් මහන්සි වෙනවා මං නිසා.මට දුකයි..
-------------------------------------------------
කසුන් වෘතීමය පොටෝග්‍රැපර් කෙනෙක්.. දිලිණි කසුන්ව අදුනගන්නෙ කසුන්ගෙ අයියා කෙනෙක් මාර්ගෙන්.දිලිනියි කසුන්ගෙ අයියයි වැඩකලේ එකම කම්පනි එකේ.. කසුන්ගෙ අයියා දිලිනිට සහෝදරයෙක් වගේ. අයියා හැමදාම දිලිනිට කසුන් ගැන විහිලුවෙන් හෝ කීවත් දිලිනිට එහෙම දෙයක් හිතන්නවත් අවශ්‍යතාවයක් තිබුනෙ නෑ. මොකද දිලිනි ඒ වෙනකොටත් අවුරුදු පහක ප්‍රේමයක අයිතිකාරියක්.

අවුරුදු පහක් ආදරය කලාට හැමදාම තනිකමෙන් ජීවත් වෙන්න දිලිනි පුරුදු වෙලා හිටියා. දිලිනිට හැමදාම බොරු කියපු ඒ බොරුවලට හැමදාම රැවටුන ආදරයක් දිලිනි ලග තිබුනෙ. දිලිනි කලේ හැම රෑකම තනිකමෙන් අඩපු එක.ඒ වගේම හැමදාම විදවන දෙයක් දිලිනිගෙ හිතේ තිබුනා.ඒ දිලිනිට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ කියලා දිලිනි ඉස්කෝලෙ යන කාලෙ ඔපරේශන් එකකට මූන දුන්න වෙලේ ඩොක්ටර් කියපු එක. ඒ නිසා සතුට හීන කියන දේවල් දිලිනිට හොරා දිලිනෙගෙ ජීවිතෙන් ඈත් වෙලා තිබුනා.
--------------------------------------------------
Hi
Hello
kohomada
Hodai.. oya..? damith ayyage malli neda?
Hmm ow.adunagaththa neda..
----------------------------------------------------
දිලිනි කසුන්ට මුලින් කතා කරනකොට මේ විදියට ජීවිතේ වෙනස් වෙයි කියලා හිතුනෙ නෑ.. හැමදාම රෑට තනියම අඩන දිලිනි කසුන් එක්ක අදහස් බෙදා ගත්තා. සුන්දර අදහස් හැම දෙයක්ම..ඒ හැම රැයකම දිලිනි ජීවත් වෙනවා කියලා දිලිනිට දැනුනා.. කසුන් දිලිනිගෙ ජීවිතේට එන්න අවසර ඉල්ලුවා.ඒත් දිලිනි ඒ දේවල් වැරදි කියලා කසුන්ට තේරුම් කරන්න හැදුවත් මේ ජීවිතේ මට බාර දෙන්න රත්තරන්..කිසිම දවසක මං ඔයාට වැරැද්දක් වෙන්න දෙන්නෑ කියලමයි කසුන් හැමදාම කීවෙ..ඉතින් කාලයත් එක්ක කසුන් දිලිනි ලෝකෙටම හොරෙන් ආදරවන්තයෝ උනා. අතිමේදි ඒ හැම රහසක්ම එලි උනා. දිලිනි තම හිටපු පෙම්වතාගෙ,දෙමව්පියන්ගෙ නෑදෑයින්ගෙ අවමාන මැද්දෙ කසුන්ගෙ ආදරය වින්දා..ඒ හැම දෙයක්ම දිලිනි ඉවසන් හිටියෙ මේ ආදරේ දිලිනිගෙ ජීවිතේට ආය නැති කරගන්න බැරි නිසාමයි අන්තිමට හැමදේකම අවසානෙ.. දිලිනි කසුන් සමග විවාහ උනා..
--------------------------------------------------
දැන් දිලිනි කසුන්ව මැරි කරලා අවුරුදු දෙකක්...
සුදු දෝනි..අප්පච්චී ඔෆිස් එකට ගිහින් එන්නම්.. කපල් එකක් එනවා කීවා වෙඩින් එක බාර දෙන්න.ඒක කරලා අප්පච්චී සුටුස් ගාල දූන් එන්නම් මගෙ දෝනිට තුරුල් වෙන්න..හ්ම්ම්..
හ්ම්ම් පරිස්සමින් අප්පච්චී..

කසුන් ඔෆිස් එකට ගියාට පස්සෙ දිලිනි හිටියෙ දෙගිඩියාවෙන්. ඊයෙ උන දේ කසුන්ට කියනවද කියලා දිලිනි හිතාගන්න බැරුව හිටියෙ.කමක් නෑ.මං යනවා..ගිහින්ම බලනවා.. එහෙම හිතාගෙන දිලිනි ගෙයින් එලියට බැස්සෙ තමන්ගෙ ජීවිතේ සතුට නැති කරන්නෙපා කියලා දෙවියන්ගෙන් ඉල්ලමින්..
--------------------------------------------------
දිලිනි කසුන්ගෙ ඔෆිස් එකේ පඩිපෙල නැග්ගෙ පිස්සියක් වගේ.. කසුන්ගෙ ඔෆිස් එකේ දොර වහලා..ඇතුලෙ කස්ටමර් කෙනෙක් එක්ක කසුන් කතාවක.. ඒත් කරන්න දෙයක් නෑ.. දිලිනි දොර ඇරගෙන ඇතුලට ගියා..

අප්පච්චී.....
දෝනී..?? ඇයිමේ.. දිලිනි අඩ අඩ කසුන් දිහා බලන් ඉන්නවිදියට කසුන්ට පුටුවෙන් නැගිට්ටුනා.. කපල් එක කසුන් දිහායි දිලිනි දිහා බය වෙලා බලන් ඉන්නවා..

අනේ අප්පච්චී.... දිලිනි හයියෙන් කෑ ගහලා අඩනකොට කසුන් දිලිනි ගාවට දුවන් ගියේ පිස්සෙක් වගේ..
අප්පච්චී...
දෙයියනේ දෝනි ඇයි මේ..කියන්න මගෙ රත්තරන්...
අප්පච්චි..අප්පච්චී..මේ.. දිලිනිට වචන පැටලුනා.. කසුන් දිලිනෙගෙ අතේ තිබ්බ කොල කෑල්ල අරන් බැලුවෙ කිසිම දෙයක් හිතාගන්න බැරුව.. අප්පච්චී... මං.. ප්‍රෙග්න්න්ට්..
කසුන් ඉකි ගගහා අඩන්න ගත්තා.. දෝනී.. දෙයියනේ මේක ඇත්තක්ද..මගෙ සිහින...
ඔව් අප්පච්චී ඔයාගෙ සිහින දැන් සුදු දෝනිගෙ බන්ඩිය ඇතුලේ..කසුන් දිලිනිව බදාගෙන අඩන්න ගත්තා..

මේ දිලිනි කවදාවත් හැබෑ වෙන්නෑ කියල හිතුව දිලිනිගෙ ජීවිතේ " සිහින"...දැන් දිලිනි ජීවිතේ ජීවත් වෙනවා.. අවුරුදු පහක් නෙමේ අවුරුදු දහයක් ලගින් හිටියත් ආදරේ නැත්නම් ඒ ජීවිතෙන් පලක් නෑ කියන්න දිලිනි දැන් දන්නවා. කසුන්ගෙයි සිහිනගෙයි ආදරේ තුරුල් කරන් දිලිනි දැන් ජීවිතේ විදිනවා..

-සදනි-
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI