#ආත්මීය_මධුසමය 💕
""" වීරක්කොඩි ආරච්චිලාගේ මන්දීරා අරුණලු වීරක්කොඩි වන මම අද පටන් මෙහි සිටින ගජවීර මුදියන්සේලාගේ රකිත හර්ෂනාත් ගුරුසිංහ යන අයව මාගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා වශයෙන් බාරගන්නා බවට මෙහි සිටින සියලු දෙනා ඉදිරියේ දිවුරා පොරොන්දු වෙමි...."
මාස පහක ඉතා කෙටි ඇසුරකට පස්සෙ මම ප්‍රසිද්ධ තරුණ ව්‍යාපරික රකිත ගුරුසිංහගෙ නීත්‍යානුකූල පතිනිය වුණේ යෝජිත විවාහයකින්....
මම වගේම රකිතත් ආදරෙන් පැරදිලා ඉන්න කෙනෙක් කියලා විතරයි මම ඒ වෙනකොටත් දැනගෙන හිටියෙ...ඒ ඇරෙන්න හරිහමන් විදියට අදහසක් ප්‍රකාශ කරගන්නවත් අපිට කාලයක් වගෙම අවස්තාවක් ලැබුනෙත් නෑ...
මං වගෙම රකිතත් ඒකට උනන්දුවක් කලෙත් නෑ...අඩුම තරමෙ අපි වචනයක් දෙකක්වත් කතා බහ කලේ ලෝකෙට පේන්න වගෙම අපේ දෙමාපියන්ව සතුටු කරන්න ගත්ත අපේ විවාහ උත්සවයෙ වැඩ කටයුතු වලදි විතරයි......
" මන්දී..රා.. මන්දීරා අපි ආවා නැගිටින්න...."
කාර් එකේම මට නින්ද ගිහින් කියලා මම දැනගත්තේ රකිත මගේ කම්බුල් වලට හෙමි හිමින් තට්ටු කර කර මාව ඇහැරවන්න උත්සාහ කරද්දි...මං කාර් එකේ ශීට් එකටම තව තවත් ඔලුව තද කරගෙනම ටික වෙලාවක් එහෙමම නිදිවගේ හිටියෙ ඇස් අරින්න තිබුනු ලැජ්ජාවට....
විවාහයට කලින් කවදාවත් කිසිම දවසක දැකපු නැති මිනිහෙක් එක්ක පවා තරුණියක දීග දෙන්න තරම් ශ්‍රී ලාංකික සංස්කෘතිය එදත් කුරිරු වුණා....
එහෙමත් නැත්තං හිතේ ඇබින්දකවත් ආදරයක් නැති මිනිහෙක් එක්ක මදුසමයට යවන්න තරම් රෙද්දෙ සංස්කෘතිය එදා වගෙම අදත් බලවත් වුණා.....
තමන් කැමති කෙනාව..එහෙමත් නැත්තං තමන් ආදරේ කරන කෙනාව කසාද බදින්න ඉඩ ලැබෙන්නෙ කීයෙන් කීදෙනාටද....ඒ එහෙමත් මිනිස්සු මේ ලෝකෙ තවත් ඉතුරුවෙලා හිටියොත් විතරයි.....
" මන්දීරා ....මොනවද කල්පනා කරන්නෙ... ඇතුළට එන්න....මිනිස්සු ත් බලාගෙන ඉන්නව..."
රකිතගෙ පස්සෙන් වැටුණු මම දන්නෙම නැතුව හෝටලේ අපි වෙනුවෙන් වෙන්කරලා තිබුන කාමරයෙ දොර ලඟටම ඇවිත් තිබුනා....
" මන්දීරා එන්න ඇතුළට...."
රකිත කාමරේ ඇතුළට ගිහිල්ලා මට ඇතුළට එන්න කියලා දොරත් අල්ලගෙනම ආරාධනා කලා...හදවත අමුතු චකිතයකින් ගැහෙද්දි පලවෙනි වතාවට මම රකිත එක්ක කාමරයක් ඇතුලෙ තනිවුණා....
" මං වොශ් එකක් දාගෙන එන්නම් මන්දීරා..."
තුවායකුත් ඇදුමකුත් අරගෙන බාත් රූම් එක පැත්තට යන රකිත දිහා මම බලාගෙන හිටියෙ හිස් හැගීමකින්....
ඒ තරමට නැතත් චාමෙට සරසලා තිබුනු මහ විශාල කාමරේ ඇතුලෙ ඊට පස්සෙ මම තනිවුණා.....
කණ්ණාඩි මේසෙ ලඟම තිබ්බ ස්ටූල් එකෙන් වාඩිවෙලා මං තනියම මට වද දීපු මගේ කොණ්ඩ මෝස්තරයෙන් මගේ හිසකෙස් නිදහස් කරේ සෑහෙන තරඟයක් දීලා....
රකිත බාත් රූම් එකෙන් එලියට එනකොට යන්තමට මගේ ඒ තරඟෙ ඉවර වුණා විතරයි....
මනමාලියක් වෙන්න මගෙ අකමැත්තෙන්ම මට පළදපු ඒ ආභරණ එක්ක මට ඇතිවුණේ ඇත්තටම කියාගන්න බැරිතරම් පුදුම තරහවක්....
ඒත් ඒ හැමදෙයක්ම පිළිවෙලට ගලවලා පැත්තකින් අරන් තියන්න සිද්ධ වුණේ සැලූන් එකේ අක්කට ආපහු ඒ දේවල් බාර දෙන්න ඕන නිසා....ඔව් ඒ කැමැත්තකින් හරි අකමැත්තකින් හරි තවත් මං වගෙම කෙල්ලෙක්ගෙ දවස ලස්සන කරන්න....
හැමදේම පිළිවෙලකට අරන් තියලා මම ඇස් වලින් කාමරේ පුරා රකිතව හොයද්දි එයා හිටියෙ කාත් එක්කොදෝ මන්දා කෝල් එකක...තද නිල් පාට බතික් සරමට ලා කහපාටට හුරු කමිසයක් ඇදගෙන හිටපු රකිත ඇත්තටම හරිම කඩවසම් සැමියෙක් කියලා මට හිතුනා...
තවත් තත්පර කීපයක්ම මං හොරැහින් රකිත දිහා බලාගෙන ඉන්න ඇති....
සාම්ප්‍රදායික විදියට සාරි හැට්ටෙ පටිය ගලවන්න මම රකිතට ආරාධනා කලේ නෑ.....
හැට්ටෙ මගෙ නම් ඉරුණත් කාටවත් මොකද කියලා හිතාගෙන මම අත පිටිපස්සට දාලා ඉරෙන්නම හැට්ටෙ පටිය ඇදලා දැම්මා....
ඊට පස්සෙ තුවායකුත් මගෙ ඇදුමකුත් අරගෙන මං බාත් රූම් එකට යනකනුත් රකිත හිටියෙ අර කෝල් එකේම තමයි...
මැයි විසි පහ... මගේ දෛවයේ දවස..මගෙ විවාහය වගෙම මගෙ උපන්දිනෙත් අදම වුනා....
මගේ දෛවයේ දවස මේ තරමටම කාලකණ්ණි වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ....
මගේ උපන්දිනය දවස මගේ ජීවිතේ විනාස කරන දවසත් වෙයිකියලා උපන්දිනය සමරපු කිසිම දවසක මට හිතුනෙ නෑ.....
හැමදේටම මූණ දීලා ලැබිච්ච ජීවිතේ සතුටින් බාර ගන්නත් රකිත ට හොඳ බිරිඳක් වෙන්නත් මගේ ආත්මයෙන්ම මම මටම පොරොන්දු වුණා..
" මන්දීරා ....මන්දීරා .... මොකද ඔයා කරන්නෙ එලියට එන්න...ඔයා දැන් බාත් රූම් එකට ගිහිං පැය දෙකකටත් කිට්ටුයි."
රකිත දොරට ගහන සද්දෙටයි මම කලබල වෙලා ගැස්සිලා ගියෙ ...ඉක්මනටම ඇදුම් ඇදගත්තු මම බාත් රූම් එකෙන් එළියට ආවෙ රකිතගෙම පතිනිය වෙන ආදරණීය බලාපොරොත්තුවකින් හිත පුරවගෙන....
ඔව්....මට ආදරයක් නැතත් ආදරණීය බලාපොරොත්තුවක් තිබුණා....
" මො...මොකද මන්දී..රා මේ.. සීතලේ වෙව්ලන්නෙ...හොට් වෝටර් ශවර් එක තියෙද්දීත් ඔයා සීතල වතුර නෑවද...අය්යෝ ඔයා නම් පුදුම ලමයෙක්නෙ..."
රකිත කතා කරේ මගේ අතේ තිබුනු තුවාය එයාගෙ අතට අරගෙන මගේ තෙත කොණ්ඩෙ හොඳට පිහදාන ගමන්...
පොඩිකාලේ තාත්තත් මෙහෙම කරනවා මට මතකයි..පලවෙනි වතාවට රකිතගෙ නමින් මැවුණු අමුතු හැගීමක් මගෙ හිතේ කොනකින් යන්තමට වගේ කෙනිත්තුවා....
" එන්න....මං කෑම කාමරේටම ගෙන්න ගත්තා...උණුවෙන්ම කමු..දවල්ට හරියට කෑමකුත් නෑනෙ..."
ඇත්තටම බඩ කෑ ගහන තරමට කුසගින්නකින් මමත් හිටියෙ...සීතලට නාපු නිසා ඒ කුසගින්න තවත් දෙගුණ තෙගුණ වුණා....මේ තරමට හැමදෙයක් ගැනම හිතන සැමියෙක් ලැබීම ගැන මම හිත ඇතුලෙන් ආඩම්බර වුණා....
" මේ අහන්න මන්දීරා ... බය වෙන්න දෙයක් නෑ ..අපි තවම හරියට කතා කරලවත් නෑ...කැමති අකමැති දේවල් මොනවද කියලවත් දන්නෙ නෑ..ඔහොම හා පැටියෙක් වගේ බයේ ගැහි ගැහී මං ලග ඉන්න එපා මන්දීරා මට ඒක දරාගන්න බෑ..කොහොමවත් අපි දෙන්නට දෙන්න තේරුම් ගන්නකම් අපි අපිට ඕන වෙනකම් අපිට අපි ලන් නොවී ඉමු..."
හිතුවෙවත් නැති විදියට මගේ ඔලුව අතගාලා රකිත කියද්දි මගේ ඇස් වල කදුලු පිරුණා....
ඒ එක්කම වගේ තමයි රකිතගෙ මොබයිල් එක නාද වුණෙත්
" හාහ්...හරි මං දැන් එන්නම්..ඕකේ.."
" මන්දී..රා ඔයා බයවෙන්න එපා මං ඉක්මනටම එනවා...ඔයා නිදාගන්න එතකන්...මං ටෙන් මිනිට්ස් වලින් එනවා...මං ගිහින් එන්නම්."
මම වචනයක් වත් නොකියා හා කියන්න වගේ ඔලුව වැනුවෙ මාව දාලායන්න එපා කියාලා හිත දහස් වාරයක් කෑ ගහලා කියද්දියි....
රකිත ආපහු මගෙ ඔලුව අතගාලා මට පිටුපාලා යද්දි නම් මගෙ හිතට බයක් වගෙම කුතුහලයකුත් දැනුණා....ආදරය කෙසේ වෙතත් මට රකිත නිසා විරහව දැනෙන්න පටන් අරන් තිබුනා......
රූම් එකේ යතුරත් රකිත ලග තියෙන නිසා දැනුන මහන්සියටම මං නිදා ගන්න උත්සාහ කරත් රකිත එනකම්ම මට නින්ද ගියෙ නෑ.....
බිරිඳකගෙ වගකීම් යුතුකම් මගෙ හදවතට දැනෙමින් තිබුනා.රකිත ආපහු එනකම්ම මම කල්පනා කලේ රකිතගැන....
කිව්වා වගේම රකිත ආපහු ආවා...
හැබැයි විනාඩි දහයකට නෙවෙයි විනාඩි තිහකට විතර පස්සෙ...
යනකොට තිබුන සැනසීම සෙනෙහස වෙනුවට නොපෙනෙන කලබලයකින් ඒ මූණෙ ඉරියව් සැරසිලා පිරිලා තිබුනා....
" මන්දී..රා....මට ඔයාට දෙයක් කියන්න තියෙනවා මන්දීරා..."
කිසිම ඉවසීමක් නැතුව හරිම කලබලයකින් එකපාරටම මං ලඟට ඇවිත් රකිත වචන ගළපද්දි මගේ හදවත ගැහෙන වේගෙත් ඊට අනුලෝමව වැඩි වෙන්න ඇති...
මගෙ පපුව හිමි හෙමින් රිදෙන්න ගත්තා...
" අ..නේ...එපා රකිත....මං හොඳටම හිත රිදිලා ඉන්න කෙල්ලෙක්...තවත් මගෙ හිත රිදෙන දෙයක් නම් කියන්න එපා මහත්තයෝ..."
මං අත් දෙක එකතු කරලා රකිතට කියද්දී එයා බිම බලාගෙනම ගිහින් ඇදේ අනෙක් පැත්තෙන් දිගා වුනේ නිහඬවමයි...
තවත් දුකක් හිත අහලකටවත් වද්ද ගන්න බැරිතරමටම මම ආදරේ නිසා දුක් විඳපු කෙල්ලෙක් වුණා...ඒ නිසාම මට රකිත කියන්න හදන කිසිම දෙයක් අහන්න වුවමනාවක් තිබුනෙ නෑ.... අපි දෙන්නගෙම අතීතය අතීතයක් විතරක් කරන්නමයි මටඕන කලේ....
ඒ එක්කම වගේ ලාවට තිබුන පොද වැස්ස මහා දාරාණිපාත වර්ශාවකට පෙරලෙන්න ගියෙ තවත් තත්පර දෙක තුනක් විතරයි...
අකුණු වලට මම බය වුණත් මහ හයියෙන් කෑ ගහගෙන කාටවත් තුරුල් වෙන්න තරම් බයක් මට තිබුනෙ නෑ....පොඩි කාලෙ ඉදලම හැමදේම තනියම දරාගන්න උත්සාහ කරපු කෙල්ලෙක් මං.....
එකපාරටම විදුලිය විසංදි වුණ නිසා වෙන්න ඇති යන්තමට කාමරේ පුරාවට එළිය දුන්න මේස ලාම්පුවත් නිවිලා ගියා....
ඊටත් පස්සෙ කාමරේට එළිය දුන්නෙ වීදුරු ජනෙල් වල තිර රෙදි නොවැටී ඉතුරු වුණ කොනකින් ඉදලා හිටලාම වැටුණු අකුණක ආලෝකයක් විතරයි..
ඒ වගේ එළියක් කාමරේට වැටුණු එක වෙලාවක මටත් හොරා මගෙ ඇස් රකිතව හොයනකොට එයා හිටියෙ ඇදේ නිදාගෙන නෙවෙයි ඇඳ උඩ්න් වාඩි වෙලා...හරියට ලොකු කල්පනාවක වගේ.
" ර..රකිත..ඇයි ඔයා ඔහොම...නින්ද යන්නෙ නැද්ද ඔයාට...."
මං ප්‍රශ්න කලත් රකිතගෙන් උත්තරයක් ලැබුනෙ නෑ....ඒ වෙනුවට එයා නිහඬවම නැගිටලා ඇවිදගෙන ඇදේ මං හිටපු පැත්තට ආවා...
" ර...රකිත..ඇයි...ඇයි මේ..ක..කතා කරන්නකො රකිත..ර.කි..."
වචනයක් වත් කතා කරන්න ඉඩ නොතියාම රකිත මගේ සීතල දෙතොල් එයාට නතු කරගනිද්දි බලහත්කාරයෙන් වුණත් මගෙ මුලු සිරුරම එයාට ග්‍රහණය වුනේ හරිම අසාමන්‍ය විදියට....
මොහොතකට කලින් තේරුම් ගන්නකම් ලං නොවී ඉමු කියපු රකිතමද මේ කියලා හිතාගන්න බැරි තරමට ඒ හැම ස්පර්ශයක්ම හරිම වේදනාකාරී වුණා....තොල් වලින් පැනපු මගේ ලේ රස මටම දැනෙන තරමට රකිත වියරුවෙන් හිටියෙ...
මුලු සිරුරම රකිතගෙ නිය පහරවල් සපාකෑම් වලින් අඩපණ වෙලා තියෙද්දි ඉර එලියත් එක්කම මුලු රෑ පුරාම මම විදපු දුක නිමාවෙලා තිබුනෙ අවුරුදු ගණනාවකම වටිනාකම රකිතගෙ දෙපා පාමුල පූජාවක් වෙද්දි...
හැමදේකම අමිහිරි මතකයකට පස්සෙ මම ඇස් ඇරලා බලද්දි රකිත කාමරය ඇතුලෙ කොහෙවත්ම හිටියෙ නෑ....නැගිට ගන්න බැරිතරමට අඩපණ වුණ මගේ නිරුවත් සිරුර පමණක් බ්ලැන්කට් එකෙන් ආවරණය වෙලා තිබුනා....සිරුර වටේටම බ්ලැන්කට් එක ඔතාගෙන මම බාත් රූම් එකට ගියේ කියාගන්න බැරිතරම් වේදනාවකින් සිරුර ඇවිලෙද්දි...
සීතල වතුර පහරට නිරාවරණය වුණ සීරීම්,සැපීම් තුවාල ඒ වේදනාව තවත් දෙගුණ තෙගුණ කලා විතරයි....
ගවුමකුත් ඇදගෙන මං කාමරේට එනකොටත් රකිත කාමරේට ඇවිත් තිබුනෙ නැහැ...
රකිත ට කෝල්කරලා බලන්න කියලා මගේ හිත මට බල කලා....බෑග් එක අස්සෙ හොයලා හොයලා මං මගේ පෝන් එක අතට අරගන්නකොටත් ඒක ඕෆ් වෙලා තිබුනෙ...
පෝන් එක ඔන් කරලා මම රකිතගෙ මොබයිල් එකට කෝල් එකක් අරගත්තා ..
" ඔබ ඇමතූ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත.."
රකිතගෙ මොබයිල් එකත් ක්‍රියා විරහිත වෙලා තිබුනෙ...මොකක්දෝ අමුතු පාලු මූසල හැගීමක් මගේ හිත පුරවගෙන තිබුනා....
ඒ එක්කම වගේ තමයි මගේ ෆෝන් එකට කෝල් එකක් ආවෙ...ඒ රකිතගෙ අම්මගෙන්....
" අ..ම්..මේ ....."
" අ..ම්..මා...අ..ම්..මා තමයි...මට අම්මා කියන්න එපා පරට්ට බැල්ලී....කසාද බැදලා දවසක් වත් ඉන්න වාසනාවක් නැතුව මගේ පුතාව මරා ගත්ත කාල කණ්නි ගෑනි.....මම උබව මරනවා...තෝ..####$$$ ### ...."
කිසිම දෙයක් මට හිතා ගන්න පුළුවන්කමක් තිබුනෙ නෑ.....තවත් ඒ වචන අහගෙන ඉන්න බැරිකමට අත වෙව්ලලා ෆෝන් එක බිම වැටිලා කෑලි ගැලවෙන සද්දෙ ඇහුනා මට මතකයි....
" සමාවෙන්න මිස්ටර් වීරක්කොඩි....ඔයාගෙ දුවව අපිට මානසික රෝහලට ට්‍රාන්සර් කරන්න සිද්ධ වෙනවා..."
සිහිය ආපු එක දවසක යන්තමට වගේ ඇහුනා මට මතකයි...
රකිත මං ලග එදා රෑ හිටපු බව මං ඒ හැමදවසකම මුලු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා කිව්වත් කව්රුවත්ම පිලිගත්තෙ නෑ....
කව්රුවත්ම මාව විශ්වාස කරෙත් නෑ....
රකිතගෙ අම්මා හැමදාම වගේ මාව බලන්න ඉස්පිරිතාලෙට ඇවිත් සාප තියද්දි විතරයි මම නිහඬ වුනේ.....
අනෙක් හැම වෙලාවකම මම රකිතව හොය හොය කෑ,ගැහුවා...
සිරීම් තුවාල කැලැල් මං විසින් මටම සිදුකරගත්ත හානි විදිහට වෛද්‍ය වාර්තා වල ඇතුළත් වුණා...
ඒ වගේම මම තවමත් කන්‍යාවියක් බව ඒ වෛද්‍ය වාර්තාම තහවුරු කරලා තිබුනා.....
එදා රෑ සිද්ධ වෙච්ච හැමදෙයක්ම....හැම මතකයක්ම මට පිස්සු කියලා ලෝකයාට ඔප්පු කරන සාක්ෂි අතරට එක්වුණා..
.............අවසානයි...... ......
ප.ලි -
සිය බිරින්දගේ උපන්දිනය සැමරීම සදහා ඇයව පුදුමකිරීම වෙනුවෙන් සූදානම් කල තෑගි රැගෙන ඒමට අදාළ ආයතනය වෙත යාම සදහා රාත්‍රි 7.30 ට පමණ හෝටලයෙන් පිටත්ව ගිය රකිත ගුරුසිංහ තරුණ ව්‍යාපාරික මහතා හෝටලය වෙත ආපසු එන අතරතුරදී හදිසි අනතුරකින් එදින රාත්‍රි 7.55 ට පමණ මියගොස් තිබුනා..
උපුටාගැනීමකි.

.............අවසානයි......

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.