#නිමා_වූ_වසන්තය
" යෙනු.. අර "
අකලංක. මැත්ස් කරන අයියා කෙනෙක්. නිකන්ම නෙවෙයි මුළු නුවර ඉස්කෝල වල ඉන්න ගැනු ළමයි හැමෝම පිස්සු වට්ටන පෙනුමක් තියන ආඩම්බරකාරයෙක්. අපේ ඉස්කෝලේ ඉස්සරහට ඇවිත් . හැම ගැනු ළමයෙක්ගේම ඇස් එයා ලග.
" එයා දෙව්ළි අක්කට කැමතියිලු.."
දෙව්ළි. ඇත්තටම එයා සුරංගනාවියක් වගේ . අද වෙනකම් මම දැකපු ලස්සනම ගැනු ළමයා එයා. අපි ඉස්කෝලෙදි නිතරම කතා උනේ එයා කොහොමද ඒ තරම් ලස්සන උනේ කොහොමද කියලා. මට මතකයි අවුරුදු ගානක්ම ස්පෝර්ට් මිට් එකේ ඔලිම්පික් ගිනි සිළුව දල්වන ග්‍රීක දෙවුදුව එයා. ස්පෝර්ට් මිට් දවසට සුදු පාට සාරි එකක් ඇදලා ග්‍රවුන්ඩ් එකේ ටිකක් උස තැනක ඉන්න එයාව ඇත්තටම පෙන්නේ දෙවගනක් වගේ. අයියලා මල්ලිලා ඔක්කම හින දැක්කේ එයා ගැන. අපි ඒ ගැන නම් දෙව්ළි අක්කා එක්ක හිටියේ තරහින්. මොකද අපි කැමති වෙන කොල්ලොත් කැමැති එයාට.
" ඒ දෙන්නා නම් නියමෙට මැච් වෙනවා"
දෙව්ළි අක්කා හැමදාම වගේ එදත් ආඩම්බරකමින්ම කාවවත් ගණන් ගන්නේ නැති බැල්මෙන් එතනින් ගියා. මේ දෙන්නා දිහා බලාගෙන ඉන්න අනිත් අයට වගේම මටත් දෙව්ළි අක්කා එක්ක ආවේ තරහක්. පව් අකලංක අයියා.
" ඔය පණ්ඩිත දෙව්ළි නම් කාටවත් කැමති වෙන්නේ නැ"
" එක්කෙනෙක්ට කැමති වෙලා වටේම ඉන්න අනිත් කොල්ලෝ ටික මිස් කරගන්න කැමති නැ එයා"
" මොකෙක්ට හරි කැමති උනා නම් ඉවරයි. නැත්නම් අපිටත් හැමදාමත් එයා දිහා බලාගෙන ඉන්න කොල්ලෝ දිහා බලාගෙන ඉන්න තමයි වෙන්නේ"
හැමෝම කතා උනේ ඒවගේ දේවල්. අපි ඊට පස්සේ ආව හැම දවසකම අකලංක අයියව ඉස්කෝලේ ඉස්සරහා දැක්කා. එයාගේ ඉස්කෝලේ ඉවර වෙන්නෙත් අපේ ඉස්කෝලේ වෙලාවටම උනත් අපි එලියට එද්දී එයා ඉන්නවා. කාලේ හරහා යන්න පුළුවන් කෙනෙක්.එයාව දකින්න අපිත් පුරුදු උනා. එයා එක දවසක් හරි ආවේ නැත්නම් අපිට පාලුයි. ඒ ආදර කතාව පටන් ගන්නකම් අපිත් බලාගෙන හිටියා. හරියට ෆිල්ම් එකක නළුවයි නිළියයි සෙට් වෙනකම් බලාගෙන ඉන්නවා වගේ. දෙව්ළි අක්කා පස්සෙන් එන අනිත් අයියලාට අපිත් රවන්න පටන් ගත්තා. අපි දෙව්ළි අක්කට ගොඩක්ම කැමතිත් නැ. අකලංක අයියා අපෙත් හීන කුමාරයා. එත් අපි ආසයි ඒ දෙන්නා ආදරේ කරනවා බලන්න. ෆිල්ම් වගේ.
" අර දෙන්නා සෙට් වෙලා"
අන්තිමේදී දෙව්ළි අක්කා අකලංක අයියට කැමති උනා. මාසයක් විතර යනකම්ම එක තමයි හොට් නිවුස් එක උනේ. එතොකොට අපි හිටියේ දහය වසරේ. එයාලා දහ තුන වසරේ. එයාලා ඉස්කෝලෙන් ගියපු නිසා අපිට ගොඩක් දවස් ඒ ආදර කතාව බලන්න බැරි උනා. නිකන් ගොඩක් ෆිල්ම් වල වගේ ෆිල්ම් එක ඉවර වෙනකොට දෙන්නා සෙට් උනේ.
.......................... ............
" දෙව්ළි අක්කා නේද"
පළවෙනියටම ක්ලාස් කට් කරලා මාලිගාවේ ගියපු දවසේ අපි ආයෙමත් දෙව්ළි අක්කව දැක්කා. අවුරුදු තුන හතරකට පස්සේ. එයා දෙව්ළි අක්කමද කියලා හිතන්නත් බැ. සුදු දිග ස්කර්ට් එකයි සුදු දිගම දිග බ්ලවුස් එකයි ඇදලා අද එදා හිටිය ග්‍රීක දෙවුදුව නම් නැ. සුදු ගවුමේ වාටිය ලගටම දිගට තිබුන කොන්ඩේ මහෙනින් වහන්සේ කෙනෙක් වගේ මුඩු කරලා. ආඩම්බර දිලිසෙන ඇස් මලානික වෙලා. ඒ බැල්ම කිසිම හැගීමක් නැති බැල්මක් වෙලා.
" එයාමද "
අපි එයා නෙවෙයි කියලා හිතුවත් අපි දැකලා පුරුදු මුහුණක් එයාගේ ලගම හිටියා. දෙව්ළි අක්කගේ අම්මා. දෙව්ළි අක්කගේ ලස්සන නිසා එයාගේ අම්මත් ඒ කාලේ ප්‍රසිද්ධයි ඉස්කෝලේ. එයාගේ අම්මත් හරිම ලස්සනයි.
" එයාට මොකද වෙලා තියෙන්නේ. ලෙඩ වෙලාද"
අපි හැමතැනම බැලුවා අකලංක අයියාව. එත් එයා නැ. ෂුවර් එකටම අක්කට අසනීප වෙලා අකලංක අයියා දාලා යන්න ඇති. අපි කතා උනේ එහෙම. එත් ඉතින් කෙල්ලොනේ. අපිට හරිම විස්තරේ හොයන්නේ නැතිව ඉන්න බැනේ. මාලිගාව උනත් ඉතින් ඕපාදුප හොයන්නේ නැතිව ඉන්න බැ.
" ආන්ටි .."
කවදාවත් කතා කරලා නැති ඒ ආන්ටිට අපි කතා කරා. අපි ලගට ගියත් දෙව්ළි අක්කන්ම් ඇස් ඇරලා අපි දිහා බැලුවේ නැ. එයා වදිනවා.
" දෙව්ළි අක්කා නේද"
ආන්ටි අපිත් එක්ක ටිකක් එහාට ආවා. ලොකු කතාවක් කියන්න වගේ. මම දෙව්ළි අක්කා ලගින් ඇස් අහකට ගන්නේ නැතිවම එයා දිහා බලාගෙන හිටියා. ඒ මුහුණ පන්සලක් වගේ. හැමෝම පිස්සු වැටුන ඒ මුහුණ හැමෝගෙම හිත නිවන මුහුණක් වෙලා.
" අකලංක පුතා නැති උනා කැන්සර් එකක් හැදිලා"
මොහොතකට මට හුස්ම පිට කර ගන්නත් බැරි උනා. අකලංක අයියා. හැමෝගෙම හීන කුමාරයා වුනු එයාට මොකද උනේ.
" ලන්ග් කැන්සර් එකක්. හැදිලා"
" මොකක්ද "
" අකලංක පුතා සිගරට් බොන කෙනෙක්. අපි දැනගත්තේ පුතා අසනීප උනාට පස්සේ. දෙව්ළි දැනගෙන හිටියෙත් නැ. කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ තමයි අසනීප උනේ. මාස හයක් මහරගම හිටියා. කරන්න තියන ඔක්කම දේවල් කරා. එත් හොද කර ගන්න බැරි උනා."
ආන්ටිගේ විතරක් නෙවෙයි අපෙත් ඇස් වලට කදුළු පිරුනා.
" දෙව්ළි කැම්පස් යන එකත් නතර කරා. අවුරුද්දක් විතරම පිස්සුවෙන් වගේ හිටියේ. ලස්සනට හිටපු මගේ දුව දැන් දිරලා ගිහින්"
දෙව්ළි අක්කා දැක්කම දුක් නොවන කෙනෙක් නැතිව ඇති.
" හන්තානේ මෙහෙණින් වහන්සේ කෙනෙක් නිසා තමයි මෙහෙමවත් ඉන්නේ. බොහොම අමාරුවෙන් හිත ටිකක් හැදුවේ."
ආන්ටි අඩනවා. ගොඩක් සංවේදී කෙනෙක් නෙවෙයි උනත් මගෙත් කදුළු ආවා. ඒ වගේම මට තරහයි අකලංක අයියා ගැන.
" එයාට මහන වෙන්න ඕන කියනවා. දිගට තිබ්බා කොන්ඩේ එයාම කපාගෙන."
.......................... ...................නිමි ....
ඉතින් මේ කතාව ඇත්ත කතාවක්. නම් වෙනස් කරලා තියෙන්නේ. දැනුත් මේ කතාව ලියද්දි මට ගොඩක් දුකයි. දෙව්ළි අක්කාට ඊට පස්සේ උනේ මොකක්ද කියලනම් මම දන්නේ නැ. එත් එයා මාලිගාවේදී එදා දැකපු විදිහ මට අදත් මතකයි. සිගරට් බොන කෙනෙක් දැක්ක ගමන් මට මතක් වෙනවා ඒ කතාව. මේ කතාව හිතට වදින විදහට ලියන්න නම් මම දන්නේ නැ. එත් සිගරට් බොන අයට මම කියන්නේ තමන්ගේ ලගින් ඉන්න අයට ඇත්තටම ආදරේ නම් එයාලට සිගරට් බොන්න බැ. මොකද දවසක එයාලගේ මෝඩ වැඩ නිසා දුකෙන් ඉන්න වෙන්නේ එයාලට ආදරේ කරපු අයට.
උදේම දුක හිතෙන කතාවක් කියලා බනින්න නම් එපා. මට මේක ලියන්නම හිතුනා. ලියන්නම හිතෙන දෙයක් උනා.

..........................

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.