කෙල්ල එහෙම කියද්දි කොල්ලා කෙල්ලව පපුවට තුරුළු කර ගත්තේ මුළු හිතම ආදරෙන් පිරෙද්දී

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

🌺ආදරයද 🌺මේ 🌺දැනෙන්නේ


නෙතු එදත් උදෙන්ම නැගිට්ටෙ වැඩට යන්න.කෙල්ල හෙදියක් ඉතිං උදෙන්ම නැගිට්ටෙ හොස්පිටල් එකට යන්න.අම්මාටත් වැදපු කෙල්ල බත් එකත් අරන් එලියට බැස්සා .

බස් එක ආපු ගමන් කෙල්ල නැගලා ජනේලේ අයිනෙන්ම වාඩි උනා.ජනේලෙට ඔළුව තියාගෙන කෙල්ල එලිය බලාගෙන හිටියා.හෝල්ට් දෙකක් තුනක් යනකන්ම කෙල්ල එහෙම ඉදලා නිකමට වගේ ඔළුව උස්සලා බලද්දි කෙල්ල දැක්කේ කඩවසම් තරුණයෙක්ව.

අත් දිග ශර්ට් එක ඇදලා ශර්ට් එකේ අත් වැලමිට ලගට නවලා.ලස්සනට වවපු රැවුල .උස මහත සිරුර ඒ ආඩම්බර බැල්ම කෙල්ලගේ මුළු හිතම හෙල්ලුවා.කෙල්ල කොල්ලා දිහා බලන් හිටියෙ වශී වෙලා වගේ.ඒත් කොල්ලා නෙමේ කෙල්ලට එක ඇස් බැල්මක්වත් දුන්නේ.

බස් එකෙන් බහිනකන්ම කෙල්ල බලන් හිටියෙ කොල්ලා දිහා .ඒ කඩවසම් රූපය කවදාවත් නැති විදිහට ඒ මුලු හිතම හොල්ලලා.

" අනේ ආයේමත් දවසක එයාව දකින්න ලැබෙන්න දෙවියනේ"

කෙල්ල එහෙම හිතලා අඩිය ඉක්මනින් කලේ හොස්පිටල් එකට යන්න.

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

කෙල්ල ඊට පස්සෙ දවස් දෙක තුනක්ම කොල්ලව බස් එකේදි දැක්කා .ඒත් කොල්ලා කෙල්ල දිහා නිකමටවත් බැලුවේ නෑ .කෙල්ලගෙ හිත රිදුනත් කෙල්ල කොල්ලා දිහාම බලන් හිටියා .

දවසක් කෙල්ල හවස ඩියුටි ඕෆ් වෙලා බස් හෝල්ට් එකට ආවේ ගෙදර යන්න හිතාගෙන .එතකොට කෙල්ල දැකපු දෙයින් කෙල්ලගෙ මුළු හිතම දුකින් පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ .

කෙල්ල දැක්කේ කොල්ලව.කොල්ලගෙ අතේ එල්ලිලා හිටියෙ ලස්සන හුරුබුහුටි කෙල්ලෙක්.ඒ කෙල්ල පුංචි සුරංගනාවියක් වගේ .ඒ තරම් ලස්සනයි .කෙල්ලට හීල්ලුනේ තමන්ගේ රූපය මතක් වෙලා.

කෙල්ල ඒ තරම් ලස්සන නෑ .කෙල්ලට තිබුනේ චාම් ලස්සනක් .කෙල්ල ලොකු හුස්මක් අරන් අහක බලාගත්තේ හිතට දැනුනු වේදනාවට.

කෙල්ල ආයේ ආයෙමත් ඒ පැත්ත බැලුවා .කොල්ලගෙ මූණ අසනීප පාටයි .කෙල්ල හෙදියක් නිසා කෙල්ලට ඒක තේරුනා.

එක පාරටම කොල්ලා වමනේ දාන්න ගත්තෙත් කොල්ලගෙ අතේ එල්ලිලා හිටපු කෙල්ල කෑ ගහාගෙන එහාට පැන්නෙත් එක පාරටමයි.

" ඊයා..... ශික් මොනවද අනේ කරන්නේ???බලන්නකෝ ගද හොද වෙලාවට මං අහකට පැන්නේ නැත්තම් මගේ ඇගටයි ඕවා වැටෙන්නේ"

කොල්ලගෙ අතේ එල්ලිලා හිටපු කෙල්ල එහෙම කෑ ගහද්දි නෙතූට කොල්ලා ගැන ඇති උනේ දුකක්.ඒකයි කෙල්ල කොල්ලා ලගට ගියේ.

" ඔයා හොදින් නේද? ආ මේ වතුර ටිකක් බොන්න"

කෙල්ලගෙ කරුණාවන්ත කටහඬට කොල්ලා කෙල්ල දිහා බැලුවේ අසරණ වෙලා වගේ.ඒ ඇස් රතු වෙලා.වෙව්ලන අත් දෙකෙන් වතුර බෝතලේ අල්ලගෙන කොල්ලා උත්සාහ කලේ වතුර ටිකක් කටට හලා ගන්න .ඒත් කොල්ලට බැරි උනේ අත වෙව්ලන නිසා.

" මොනවද සහස් ඔයාට වතුර එකක්වත් බොන්න බැරිද හරියට .ඔයත් අනේ මන්දා මං ශොපින් කරන්න යමු කිව්වම තමා ඔයාට මේ ලෙඩ ඔක්කොම "

කොල්ලගෙ අතේ එල්ලිලා හිටපු කෙල්ල එහෙම කියද්දි කොල්ලා බැලුවේ කෙල්ල දිහා.

" අහසි ප්ලීස් මට මේ වතුර ටික පොවන්නකෝ.මට බොන්න බෑ මගේ අත වෙව්ලනවා"

" අනේ මේ සහස් ඔයාගේ මුළු ඇග පුරාම ජරාව ශික් මට නම් බෑ .අනේ ප්ලීස් මිස් මෙන්න මෙයාට වතුර ටිකක් පොවන්නකෝ.මට නම් බෑ මගේ ඇගෙත් ඔය ජරාව ගෑවෙයි"

අහසි එහෙම කියද්දි කොල්ලගෙ ඇස් වල කදුළු පිරෙනවා කෙල්ල දැක්කා .ඒ හිතට කොල්ලා ගැන ඇති උනේ ලොකු දුකක්.ඒ නිසාමයි කෙල්ල කොල්ලා අතේ තිබුන වතුර බෝතලේ අතට ගත්තේ .

" මෙතනින් වාඩි වෙන්නකෝ"

නෙතු එහෙම කියල එතන තිබුන බංකුවක් පෙන්නුවාම සහස් එතනින් වාඩි උනා.කොල්ලගෙ නිකටින් අල්ල ගත්තු කෙල්ල ටික ටික කොල්ලට වතුර පෙව්වා.එක පාරටම කොල්ලා ආයෙමත් වමනෙ කලේ කෙල්ලගෙ දිග සායෙන් බාගයක්ම වමනේ වලින් නාවමින්.

කොල්ලගෙ ඇගට පන නෑ .කොල්ලව දෙපැත්තට වැනෙද්දි කෙල්ල පැනලා කොල්ලව අල්ල ගත්තා .කොල්ලා කෙල්ලගේ පපුවට ඔළුව හේත්තු කර ගත්තේ ඇගට පන නැති නිසා.අතේ තිබුන ලේන්සුවෙන් කොල්ලගෙ කට දෙපැත්ත පිහදාද්දි කෙල්ලගෙ ඇහෙන් ගිලිහුනු කදුලක් කොල්ලගෙ කම්මුලට වැටුනා.

කොල්ලා අමාරුවෙන් ඇස් දෙක ඇරලා බැලුවේ කෙල්ල දිහා.කෙල්ලගෙ ඇස් දෙකේ කදුළු පිරිලා තියෙනවා කොල්ලා හොදටම දැක්කා .

" සොරි මිස් මං නිසා ඔයාගේ ඇදුමත් ජරා උනා.ම..ට අමා..රුයි."

" දෙවියනේ ගිනි කබල වගේ රස්නෙයි .මිස් අහසි අපි මෙයාව හොස්පිටල් එක්කගෙන යන්න ඕනේ'"

නෙතු එහෙම කියල අහසි දිහා බලද්දි අහසි පාරේ ගිය වීල් එකක් නතර කර ගත්තා .සහස්වත් එක්කගෙන දෙන්නත් එක්කම ආවේ කෙල්ල වැඩ කරන හොස්පිටල් එකටමයි.

ඒ නිසා ඉක්මනින් කොල්ලව හොස්පිටල් එකට ඇඩ්මිට් කරන්න පුලුවන් උනා.

" සහස් මං යනවා අනේ බලන්නකො ඔයා අද මගේ මුළු දවසම කෑවා .ශික් මං කොච්චර එන්ජෝයි කරන්න හිතාගෙනද ආවේ."

අහසිගේ ඒ කතාවට කොල්ලට හොදටම කේන්ති ගියා.කොල්ලා අහසි දිහා බැලුවේ ගිනි පිටවෙන ඇස් වලින්

" පලයං ඉතිං පලයං උබලා වගේ ගෑණු මට පොල්පිත්තකින් කපා ගන්න පුලුවන් .මතක තියාගනින් අහසි අදින් පස්සෙ අපි අතර මුකුත්ම නෑ "

කොල්ලා තරහින් එහෙම කියද්දි අහසි ගස්සගෙනම එතනින් යන්න ගියා.

🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄

කොල්ලට හැදිල තිබුනේ ඩෙංගු .කොල්ලට සනිප වෙනකන්ම කෙල්ල තමා කොල්ලව බලා ගත්තේ .සමහරවිට කෙල්ලගෙ කෑම එක පවා කෙල්ල කොල්ලට කැව්වා .

සහස්ට හොදටම හොද වෙනකම් කොල්ලව බලා ගත්තු කෙල්ල ගැන මේ වෙද්දි කොල්ලගෙ හිතට අමුතු හැගීමක් දැනෙන්න අරන්.හැමදාම ලෙඩ්ඩු බලන්න එන වෙලාවට වාට්ටුවේ දොර දිහා කොල්ලා බලන් ඉන්නේ කෙල්ල එනකම්.කෙල්ලගෙ රූපේ ඒ දොරින් මතු වෙද්දි කොල්ලගෙ මූණේ ඇදෙන්නේ ලස්සන හිනාවක් .

අද තමා කොල්ලව ඩිස්චාර්ජ් කරන දවස.කෙල්ල කොල්ලගෙ බෑග් එක ලෑස්ති කරන දිහා සහස් බලන් හිටියෙ ආදරෙන්.කොල්ලා ගේට්ටුවෙන් එලියට යනකන්ම කෙල්ල බලාගෙන හිටියා.ඒ හිතට දැනුනු ලොකු පාළුවක් එක්ක .

😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

ඊලඟ දවසේ කෙල්ල බස් හෝල්ට් එකට ආවේ බස් එකට නගින්න .කෙල්ල දැක්කේ බස් හෝල්ට් එකේ කොනක කොල්ලා හිටගෙන ඉන්නවා.කෙල්ල කොල්ලා ලගට ඇවිදන් ගියා.

" ඇයි සහස් මේ ඔයාට මහන්සි වෙන්න හොද නෑ .ඊයේ නේද ටිකට් කැපුවේ."

නෙතු එහෙම අහද්දි කොල්ලා කෙල්ල දිහා බලන් හිටියෙ හිනා වෙවී.

"මට මගේ නර්ස් නෝනව මතක් උනා ඉතිං බලන්න ආවා.අනේ මන්දා මේ නර්ස් නෝනා නම්ම්ම් මට මොනවදෝ කරලා "

කොල්ලා ඇස් වලිනුත් හිනා වෙවී කියද්දි කෙල්ල ලැජ්ජාවෙන් බිම බලාගත්තා.

" මං ආදරෙයි ගොඩක් '"

කෙල්ලගෙ කන ගාවින් ඇහුනු කටහඩට කෙල්ල ඉක්මනින් ඔළුව ඉස්සුවා .සහස් හිටියෙ කෙල්ලගෙ මූණටම ලං වෙලා.කොල්ලගෙ හුස්ම කෙල්ලගෙ මූණට වැටෙද්දී කෙල්ල ඇස් දෙක පියාගත්තා .

" කියන්න මැණික ආදරෙයි නේද මට ම්ම්ම්"

සහස් එහෙම අහද්දි නෙතු බිම බලාගෙන ඔළුව වැනුවා.

" මොකද මැට්ටි ඔළුව වනන්නේ.කියන්නකෝ ඉතිං "

" ඔව් මහත්තයෝ ගොඩක් ආදරෙයි .ඔයාව දැකපු මුල් දවසෙ ඉදන්ම"

කෙල්ල එහෙම කියද්දි කොල්ලා කෙල්ලව පපුවට තුරුළු කර ගත්තේ මුළු හිතම ආදරෙන් පිරෙද්දී .
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI