කසාවතට පෙම් බැන්දෙම් .

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
කසාවතට පෙම් බැන්දෙම් .

බහිනවා වාහනේන් 😠😠😠

මහාත්තයා ආවා වගේ............

යන්න කිව්වේ ගෙට

අනේ අම්මා.....😭😭😭😭

මොකද වුනේ මහාත්තයා මේ කවදාවත් නෑතුව

මෙකි අපේ පාරම්පාරාවේ නම්බුව කනවා

මොකද මහාත්තයා වුනේ
තෙරෙන සින්හලේන් කියනවාද මට

මොකද වුනේ🤔🤔🤔

මේකි අපේ ගෙදර වැඩ කරන සුමනාගේ කොල්ලා එක්ක යාලුවෙලා

මොනවද
මහාත්තයා ඔය කියන්නේ............😱😱

මැණිකේ මං කියන්නේ ඇත්ත

මේකිය සුරියආරච්චි පරම්පරාවේ
නම්බුව කනවා
අනේ මන්දා
ජාතියක් ජම්මයක් නැති හැත්ත

අපේ ඉදුල් හෝදලා ජීවත් වෙන හැතිකරේ

මං හොඳ වැඩක් කරනවා
ඔකාට.........😠😠😠

මහාත්තයා කොහේ යන්නද මේ හදන්නේ

කලබල වෙලා මේ ප්රශ්න විසදන්න බැනේ
ටිකක් ඉවසන්න.

අපි සුදු මැණිකේ ව අපේ අයියා ලාගේ ගෙදර යවමු.

පස්සෙ හිමිට කරන දෙයක් කරමු

ම්ම්ම්ම්😴😴😴😴😴
හා මැණිකේ

අපේ සන්තකේටම ඉන්නේ කෙල්ල විතරනේ

එක ඇත්ත මැනිකේ

ගහලා බැනලා හදන්න පුලුවන් වයසක
නේමේ නේ ඉන්නේ

ඔව් ඒක නම් ඇත්ත .......

සුදු මැණිකෙට මොනව උනද දන්නෑ
හමුමහාත්තයා ගැහුවා දන්නෑ
මැණිකේ ට.............

අනේ මන් දන් නෑ මොනවා වෙයිද කියලා ඉස්සරහට
මං කොහොමද
සුදු මැණික නැතුව ජීවත් වෙන්න

😴😴😴😴😴

මම පාරින්දි සුරියආරච්චි

මම ආදරේ කරන්නේ අමිත් අයියාට

එයා දුප්පත් වුනාත් හොද මනුස්සයෙක්
අපේ ආදරේ ට අවුරුදු 3 විතර වෙනවා

මෙච්චර කාලයක් අපේ සම්බන්දෙ ගෙදරට රහසක් වෙලා තිබුනේ

එත් අද අපි දෙන්නා කතා කර කර හිටපු තැනට
අප්පච්චි ආවේ අපි නොහිතපු වෙලාවක

අප්පච්චි එද්දි අයියා මගේ අතින් අල්ල ගෙන හිටියේ.......

මොකද උඹ බේබිගෙ අත අල්ලන් ඉන්නේ
අතහැර පිය
පාහරයා බේබිගෙ අත................................................

චාටස්........

අප්පච්චි අයියාගේ කම්මුල්ටත් පාර ක් ගැහුවා.........

මැණිකේ

අනේ අම්මා😥😥😥😥😥

අඩන්න
එපා
මැණික

ඔයා මොනවද මේ කරගත්තේ
ඔයා හෙට ලොකු මාමාලාගේ ගෙදර යන්න ලෑස්ති වෙන්න.

ඔයාට වටින්නෑ
අපේ ගෙදර වැඩ කරන ගෑනි ගේ කොල්ලා එක්ක සම්බන්ධයක් ඇති කර ගත්ත එක

අනේ අම්මේ
මට බෑ ලොකු මාමලාගේ ගෙදර යන්න

ඔයා අනිවාර්යෙන්
යන්න ඕනෙ
අපි කියන දේවල් අහන්න ඔනේ

ඔයා මේ කිසි වැඩකට නැති මිනිස්සුත් එක්ක සම්බන්ධකම් ඇති කරගෙන

මේ ගමේ මිනිස්සු දැන ගත්තොත් අපිට හිනාවෙයි
අපේ නම්බුවට මොකද වෙන්නේ ආ........

ලෑස්ති වෙන්න හෙට යන්න

ම්ම්ම්ම්ම්

මං මොකද දැන් කරන්නේ

මං මේ ගෙදරින් ගියොත් අප්පච්චි අයියට මොනවා කරයිද
දන්නේ නෑ

අප්පච්චිලාය ඕනේ මාව සඳුන් අයියා ට කසාද බන්දලා දෙන්න
මම එහේ ගියොත් මාව සදුන් අයියා ට බන්දලා දෙයි

දැන් මොකද කරන්නේ.................................................

මොකද සුදු කිව්වේ

අයියලාගේ ගෙදර යන්න බැහැල්ලු

එයාට ඕන විදිහට මේ ගෙදර වැඩ කරන්න බෑ
මේ ගෙදර වැඩ වෙන්නේ අපිට ඕන විදිහට එයාගේ හිතුවක්කාරකමට අපිට ඉඩ දෙන්න බෑනේ 😠😠😠😠😠

සුදුට එන්න කියන්න කෑම කන්නේ

මහත්තයා පොඩ්ඩක් ඉවසන්න
මේ වගේ ප්රශ්න කෑගහාලා විසඳගන්න බැරි ඒවා
දුවට හිමිට ම තේරුම් කළා දෙමු

තමා පොඩිනේ තව අවුරුදු 18 ලැබුවා විතරයිනේ

ම්ම්ම්ම්

දුව යම් කෑම කන්න

මොකද කරන්නේ ....

.මොනවද මෙයා කල්පනා කරන්නේ ..

මට බඩගිනි නෑ අම්මා

යම් පුතේ කෑම කන්න නැත්තංඅප්පච්චිට තරහ යයි

යන්කෝ කෑම කන්න

අම්මා යන්නකෝ මම එන්නම්

මොකද කිව්වේ දු

මහත්තයත් දූ එනවා මොකුත් කියන්න එපා
සද්ද නැතිව ඉන්න.හරි ද

ම්ම්ම්ම්ම්
මට අයියා නැති ජිවිතයක් හිතා ගන්නත් බෑ
මම අද ම අමිත් අයියා එකක කොහෙහරි යනවා

මම කැම කන්න ගියත් අප්පච්චි මුකුත් කිව්වේ
නෑ
සද්ද නැතුව හිටියා

මට අප්පච්චි ගේ මුන බලන්නත් බයයි.

සුදු

ම්ම්ම්ම්😴😴😴😴😴

හෙට ලොකු මාමාලාගේ ගෙදර යන්න ලැස්තිද

ම්ම්ම්ම්😴😴😴😴😴

මම කලා සද්ද නැතුව කාමරය ට ආවා

අම්මායි අප්පච්චි නිදා ගත්තට පස්සේ මම අයියා ලාගේ ගෙදර යන්න හිතා ගත්තා.

මම රැ දෙකට විතර ගෙදරින් ආවේ

බයක් දැනුනත් අයියා මට
නැතිවෙයි කියන බය ඉට වඩා වැඩි වුනා

අයියේ අයියේ

කවුද පුතේ දොරට තඩි බන්නේ
මේ වෙලා වේ
ඉන්න අම්මා මම බලන්නම්

නෑ මම බලන්නම්
උබ හිටපන්කෝ

යක්කු ගස්නගින වෙලා වේ මොකා එනවාද මන්දා

අනේ බෙබ් ඔයා මෙහේ😱😱😱😱

අනේ සුමනා නැන්දේ 😥😥😥😥

අනේ බෙබ් ඇයි මේ අඩන්නේ

කවුද අම්මා

අනේ මැනික ඇයි ඔයා මෙහේ මේ රෑ 😱😱😱

අනේ අයියේ මට ඔයා නැතුව ඉන්න බැ අම්මලා මාව ලොකු මාමලාගේ ගෙදර ගිහින් දන්න හදන්නේ😥😥😥😥

ම්ම්ම්ම්ම්ම්😣😣

අඩන්න එපා මැනික
අපි
මොකද කරන්නේ දැන්

ම්ම්ම්ම්ම්

අපි කොහේ හරි යන් අයියේ

ම්ම්ම්ම්😴😴😴😴😴

කොහෙද මැනික අපි යන්නේ

අනේ මන්ද අයියේ
අම්මලා මාව ලොකු මාමලාගේ ගෙදර යවන්න හදන්නේ
එහේ ගියොත් මට සදුන් අයියා ව මැරි කරන්න වෙයි.😥😥😥😥😥😥

ම්ම්ම්ම්ම්

අනේ බෙබ් කලබල වෙන්න එපා ලමයෝ
හ්ම්
මගේ යලුවෙක් නුවර ඉන්නවා අපි එහේ යමු

අයියා මාව තුරුළු කරගත්තාම මගේ කදුලු අයේ අලුත් වුනා.😘😘😘😘😥😥😥😥

අපි පාන්දර බස් එකේන් යමු
මැණිකේ .

අඩන්න එපා මැනික .
මම ඔයාව කටවත් අයිති වෙන්න දෙන්නේ නෑ

එත් මැනික

ඇයි අයියේ

මට ඔයාට සැප දෙන්න බැරි වෙයි

එකට කමක් නැ අයියේ
මට ඔයා ඉන්නවානේ.

සුමනා නැන්දා අඩද්දි අපි පාන්දර බස් එකෙන් නුවර අවා

නුවර ට එද්දි උදේ 9 පහු වෙලා

කෙල්ල හොදටම නිදි
පව්
මන් නිසා දුක් විඳින්න වෙනවා

මැණිකේ අපි ආවා නැගිටින්න.

අපි නුවරින් බැහැලා කටුගස්තොට අය්යාගේ යලුවගේ ගෙදර ට ගියා
...................................................................................................

අනේ මහාත්තයා දු නැනේ😥😥😥😥😥😥

මොකක් 😱😱😱😱

කො මගේ කෙල්ල
අරුන්ගේ ගෙදර වෙන්න ඇති

අනේ මහාත්තයා😥😥😥😥😥

සුමනා කෝ උබේ කොල්ලා

අනේ හාමු එයා ගෙදර නෑ
කොහෙද උ මගේ කෙල්ල අරන් ගියේ

මම දන්නේ නැ මහාත්තයා
ඔකට මම යහතින් ඉන්න දෙන්නේ නැ මේ කරපු පාහර වැඩෙට 😠😠😠😠😠😠
..............................................................................................

අපි කමල් අයියා ලාගේ ගෙදර නතර වුනා

පහුවදා අපි කසාද බැන්දා

අපි දෙන්න සතුටින් ජිවත් වුනා
අපි දෙන්නා වෙනම ගෙදරක ජිවත් වුනා
කමල් අයියලාගේ අම්මාත් ඉදලා හිටලා මේ පැත්තේ ආවා

ටික කාලයක් යද්දී අපේ පුන්ච් කැදැල්ල ට
පුන්ච් පැටියා එන්න කාලේ ලන් වුනා.😘😘😍😍😍

දවසක්

අයියේ
ම්ම්ම්ම්

අපි ගමේ යමුද


😱😱😱😱
අනේ යමුකෝ අයියේ අපි
බබා හම්බ වෙන්න කලින් යමු

තව මාස3 නේ මැණිකේ තියෙන්නේ
අපි පස්සෙ යමූ

අනේ අයියේ යමුකෝ

මගේ කන්කෙදිරිය නිසා
අයියා මාව ගමේ එක්කන් යන්න කැමති වුනා

අපි පහුවදා ම උදෙන්ම ගමේ
ගියා

මැණිකේ ඔයා යන්න ගෙදරට
මම ගෙට්ටුව ගාව ඉන්නම්

අනේ අයියේ එන්නකෝ
යන්කෝ..................

අනේ මට බැ මැණිකේ

හාමු මා එක්ක තරහෙන් ඇත්තේ

ඔයාට ඔන නිසානේ ආවේ ගිහින් එන්න.

ම්ම්ම්ම්

මට අම්මායි අප්පච්චි යි බලන්න ඔන වුනාත්
මට එයාලාට
මුන දෙන්න ශක්තිය ක් තිබ්බේ නෑ😨😨😨

ආපු හැරෙන්න බැරි නිසා
මම වලව්ව පැත්තට ගියා

මුලු වත්තම කැලේ වෙලා
ගෙත් පාලුවට ගිහින්

මම හිමිට ගේ ඇතුලට ගියා

අම්මා අම්මා

අම්මා...............................

මගේ මැණිකේ උබ ආවද

කොහෙද වස්තුවෙ උබ හිටියේ
අපි කොච්චර බය උනාද ලමයෝ
...................................................
....................................

දැන් මම ඇවිත් නේ අම්මා ඉන්නේ

බබාට මාස කීයද පුතේ
දැන් මාස හයක් වෙනවා අම්මා

කො අම්මා අප්පච්චි

ම්ම්ම්ම්
එයා කාමරේ

මම යන්නද බලන්න

ම්ම්ම්ම්

මම බයෙන් බයෙන් අප්පච්චි ගාවට ගියා

අප්පච්චි
මම එන්නද

හාමිනේ හාමිනේ😠😠😠😠

ඇයි අපේ මහාත්තයා
කො
අර හිගන්නත් මෙහෙට ආවාද

නෑ අප්පච්චි අයියා එලියේ

ම්ම්ම්ම්ම්

අප්පච්චි මට සමාවෙන්න .
ම්ම්ම්.
අම්මා මම යන්නම්

අනේ දරුවෝ ආපු ගමන් කොහේද යන්නේ

බත් ටිකක් කාලා යමු.

අප්පච්චි අපිට සමාව දුන්නෝත්
විතරක් අපි දෙන්නම ඇවිත් කලා යන්නම්

හාමිනේ දුට කියන්න එයාට මම සමාව දුන්නත්
අර හිගන්නව මගේ බෑනා විදියට පිලිගන්නේ නෑ කියලා.

අනේ මහාත්තයා .........😭😭😭😭😭😭

මම යන්නම් අම්මා

කෙල්ල දරුවෙක් ලැබෙන්නනේ මහාත්තයා ඉන්නේ ඔය තරහා අමතක කරන්නකෝ

අප්පච්චි කාමරේ ජනේලය දිහා බලන් දිග හුස්මක් ගද්දි මම කාමරේ න් පිටවුනා

.....................................................................................

මම අයියාත් එක්ක අයියලාගේ ගෙදර ගියා
සුමන නැන්දා ගේ කිමට අපි එහේ නතර වුනා
අයියා ත් මගේ ආරක්ෂාව ගැන හිතලා ගෙදර නතර වුනා.
අයියා ගිහින් නුවර තිබ්බ බඩුයි අරගෙන ආවා

අම්මාත් සැරින් සැරේ මාව බලන්න අවා

අප්පච්චි ගෙනම් තරහා අඩු වෙලා තිබ්බේ නෑ
එත්
අප්පච්චි ගෙන අපිට කිසි කරදරයක් නම් වුනේ නැ

එත් එක දවසක්

අයියේ අද වැඩට යන්න ඕනෙම ද

ඔව් මැණිකේ
ඇයි
අදනම් මගේ හිතටත් හරි නෑ

හ්ම් හ්ම්

මම යනවා පරිස්සමට ඉන්න මැණිකේ
අයිය මගෙ නළලට හාද්දක් දුන්නා

පැටියො මන් යනවා
අම්මාව බලා ගන්න

මොනවද අයියේ මේ ඔයා කියන්නේ
කවදාවත් නැතුව

ඉතින් මැණිකේ
මම නැති ටිකේ මැණිකේ බලාගන්න කියලානේ මම කිව්වේ .............................................

වැඩට ගියපු අයියා රැ වෙද්දී ගෙදර ආවේ නෑ

අනේ නැන්දේ අයියා තාම නැනේ

එකනේ සුදු මැණිකේ
මගේ කොල්ලට කරදරයක් වත් වෙලාද🤔🤔🤔

කොල්ලට කොල් එකක් දුන්නාද මැණිකේ

ඔව් නැන්දේ අයියා පොන් එක ගන්නේ නැ

ම්ම්ම්ම්😴😴😴😴😴

ආදරයේ උනුසුම් සුසුම්
සොදුරු ද මෙතරම්..................................................................

අන්න මැණිකේ පොන් එක රින වෙනවා

අයියාගෙන් නේද

හෙලෝ අයියේ
ඔයා කොහෙද අනේ ඉන්නේ😍😍😍

මේ අමිත් මල්ලිලාගේ ගෙදර ද

ආ ඔව් අයියේ

කො අපේ අයියා

ඔයා කවුද එයාගේ

නොනා

අනේ නන්ගි ඔයා කලබල වෙන්න එපා

මල්ලිට පොඩි කරදරයක්

මොකක්

අනේ මැණිකේ

මොකොද පුතේ මගේ කොල්ලට උන්නේ

එයා හවස වැඩ ඇරිලා එද්දි
බයිසිකලේ වාහනේක හැප්පිලා .

එයා ඉස්පිරිතාලෙ ඉන්නේ

කොහේ ඉස්පිරිතාලෙ ද පුතා ඉන්නේ

මාතලේ අම්මේ

සුදු මැණිකේ
නැගිට්න්න කො ලමයෝ

නැන්දේ අයියා
බය වෙන්න එපා ලමයෝ

ඔය බඩේ ඉන්න

ලමයාට හොද නැ

අපි අප්පච්චි ගේ වාහනේ ඉස්පිරිතාලෙට

ගියා
එත්

අයියා ඒ වෙද්දි අපිව දාලා ගිහින් තිබුනා

මම මහා හයියෙන් ඇඩුවා

අයියාගේ මිනිය බදාගෙන ඇඩුවා

එත් අයියා නැගිට්ටේ
නෑ

අයියා දරැවාගේ මුන බලන්න ගොඩාක් ආසාවෙන්
හිටියේ
එයාව හුරතල් කරන්න
අපි දෙන්නගේ හින
ඒ හැම දෙම හිනයක් විතරක් වුනා

ම්ම්ම්ම්ම්ම්...................

අයියාගේ හත් දවසෙන් පස්සේ

අම්මායි අප්පච්චි මාව ගෙදර එක්කන් යන්න හැදුවාත්

සුමන නැන්දා නිසා

මම අයියාලාගේ ගෙදර නැවතුනා......

එත් බබා හම්බ වුනාට පස්සෙ
අපි තුන් දෙනාම වලව්වේ පදින්ච් යට
ගියා

.................................................................................................

අප්පච්චි නිසා පුතාට
එයාගේ තාත්තා ගේ අඩුව
දැනුනේ නෑ

දවසක් ලොකු මාමා අපේ ගෙදර ඇවිත් ගියා

සුදු මැණිකේ ඔහොම ඉදලා බැනේ
අයේ කාසාදයක් කරගමු නේ

අනේ මට බැ අම්මා

අනේ දරුවෝ අපි නැති කාලේට
ඔයාලා දෙන්නව බලා ගන්නේ කවුද

මට පුලුවන් අම්මා තනියම ජිවත් වෙන්න.

අනේ පුතේ ලොකු අයියා කැමති ඔයා සදුන් පුතා බදිනවට

මට බැ අම්මා අම්ත් ට මගේ ජිවිතේ දුන්න තැන මට වෙන කෙනෙක්ට දෙන්න බෑ.
😥😥😥😥😥😥

කාලය ගත වුනා

පුතත් ටික ටික ලොකු වුනා

සුමනා නැන්දත් නැති වුනා

යොජනා 2,3 ක් ආවත් මම එවට කැමති වුනේ නෑ

මම අයියා ගේ මතකයන් එක්ක ජිවත් වුනා

පුතා ට දැන් අවුරුදු 5 කුත්
සම්පුර්ණ වුනා

එත් දවසක්
ඒ මගේ ජිවිතේ හැරවුම් ලක්ෂය
පුතා නසරි ගිහින් ඇවිත් කන්නේත් නැතුව
එදා නිදා ගත්තා

සුදු මහාත්තයා නැගිට්න්න කො බයි කන්න

මට බයියන් එපා අම්මා
මගේ ඔලුව රිදෙනවා

පුතා ටිකක් නිදා ගම්මකෝ එහෙනම්

මොකද දරුවෝ
පොඩ්ඩා නිදි

අනේ මන්දා අප්පච්චි

පුතාගේ ඔලුව රිදෙනවා කියන්නේ
ටිකක් නිදාගත්තාම ඔක හැරිලා යයි

පුතාගේ ඔලුව කොහේහරි වැදුනද දන්නේ නැහැ

ම්ම්ම්ම්

නැගිට්ටම අහන්න ඔනේ අප්පච්චි .......

අම්මා අම්මා

මොකද දරුවෝ කැගහන්නේ

අම්මා මගේ ඔලුව රිදෙනවා ඉන්න බෑ😥😥😥😥😩😩😩😩

අනේ පුතේ ඉන්නකො අපි ඩොක්ටර් අන්කල්
ගාවට යමු

අපි පුතාව අරගෙන ඩොක්ටර් ගාවට ගෙනිච්චා

පුතා වමනේ දාපු නිසා එයාව ඉස්පිරිතාලෙ ට ගෙනි යන්න
කියලා ඩොක්ටර් කිව්වා
අපි
පුතාව අරන් ගියා එයාගේ තාත්තා වගේම මාතලේ ඉස්පිරිතාලෙට

එත් පුතාත් තාත්තා වගේම ආයේ ගෙදර ආවේ නැ පනපිටින්

ඔව්

මගේ පුතා මාව දලා ගිහින් තිබුනා

නසරි එකේදි
ඔලුව බිත්තියේ වැදිලා
මොලේට ලේ බැහැලාලූ

මන් ඇඩුවා පුතාව බදා ගෙන
එයත් තාත්තා වගේ
මාව තනිකරලා
යන්න ගියා

පුතාගේ හත් දවසෙන් පසේ
මම ගෙදරින්
ආවා

මට මේ ජිවිතේ එපා උනා

මට ජිවිතේ ගැන කලකිරීමක් තිබුනේ

මමත් ආදරේ කලා එක වින්දා
අම්මා කෙනෙක් වුනා
දරුවෙක් හැදුවා

එත් ඒ වෙද්දි මම තනිවෙලා හිටියේ
මගේ පවුල කැටිලා විසිරිලා ගිහින්
ආයි කැදැල්ලක් හදන්න මට ඔන වුනේ නෑ

ඉපදිම දුකක්
හැමදෙම වෙනස් වෙනවා

මම සසරෙන් එතෙර වෙන්න හිතාගෙන මම මහන උනා.

මාතලේ උත්පලවන්නා තෙරනිය ලෙස

මම අද මගේ ගිහි කල දරුවාගේ අවුරුද්දේ බනට වඩිනවා

අම්මායි අප්පච්චි යි මම මහන වෙනවාට කැමති උනේ නෑ

එත් මගේ කැමැත්ත ට එයාල ඉඩ දුන්නා

ඒදා මම අම්මා කෙනේක් , බිරිදක් විදියට
ගොඩක් අසරණ වුනා.

මම එක දෙයක් මේ ජිවිතේ න් මම ඉගෙනගත්තා

ජිවිතේ හැම දුකකටම ,සතුටකටම එකම හේතුව බැදිම්

බැදිම් ඇති වෙන්නේ අපි මේ භවයේ ඉපදෙන නිසා

හිස් අතින් මේ ලොකේට එන මිනිස්සු බැදිම් කියන දම් වැලේ පැටලිලා දුක් විදිනවා.

ජාතිය,කුලය,ආගම,දුප්පත්කම ,පොසත්කම මිනිස්සු තමන් ඉපදෙන්න පරිසරය ට අනුව ආරොපිත කර ගන්නවා.

මේ සසරෙන් එතෙර වෙන්න පුලුවන් තරම් බැදිම් වලින් ඇත් වුනොත් විතරයි.

මම ,මගේ කියන හැගිම් නැති කරගැනිමෙන්
මේ සසරෙන් එතෙර වෙන්න පුලුවන්
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI