❤මමයි💕 ඔයාගේ 💕මනමාලි❤

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
"චූටී..... චුට්ටක් පහලට ගිහින් බලන්න අක්ක පරක්කු මොකද කියල"
"අනේ අම්මා මං මේ ඇග සෝදගත්තා විතරයි. පහලට බැහැල ආපහු නැග්ගම දාඩිය නාන්න වෙනවා."
"ඇයි ආපහු ඇග සෝදගන්න බැරිද? ලිදේ වතුර හිදිලද?.අහ්...ගුටි නොකා බලල එනවා අක්කව."
සුමේධා සැර උනා.
සුමේධා නුවර පලාතේ ලස්සන ගම්මානෙක චුටි කදු ගැටයක් මුදුනෙ තියෙන ලස්සන හුරුබුහුටි ගෙදරක ජීවත් වෙන මධ්‍යම පාන්තික පව්ලක කාන්තාවක්. සුමේධාට දූවරු දෙන්නෙක් හිටියා. ලොකු දූ ස්නේහා. චූටි දූ සිතුම්‍යා.
චූටි දූට අවුරුද්දක් පිරෙද්දිම වගේ සුමේධාගෙ මහත්තයා රස්සාව කරපු කර්මාන්ත ශාලාව ගිනි අරන් ඒ ගින්නෙන් පිලිස්සිලා මිය යනවා. එතැන් ඉදන් පුංචි දරුවො දෙන්නෙක් හදාගෙන ජීවත් වෙන්න සුමේධා නොවිදිනා දුක් විදිනවා. අදටත් එහෙමයි. ලොකු දූ ස්නේහා උසස් පෙල ලියලා ප්‍රතිපල අපේක්ශාවෙන් ඉන්නවා. ස්නේහා හරිම ලස්සන යුවතියක්. ඇත්දල පාට හම. කලුම පාට දිග කොන්ඩේ, ඇවිදින තාලෙට නැලවෙන උකුල වගේම ආකර්ශනිය හිනාව ඇගේ රූමත්කමට සාක්ශි උනා. සුමේධාත් හරිම ප්‍රියමනාප කාන්තාවක්.
"අනේ සුමේධෝ ලොකු කෙලී නම් ඇරපු අතක් නෑ උබේ කපාපු පලුව.සුරංගනාවියක් වගේ."
හිතවත් උදවිය නිතරම ස්නේහගේ සුන්දරත්වය වර්නනා කලා.
ඒත් සිතුම්‍යා එයාගෙ තාත්තා වගේ. ඇයට තිබුනෙ තලෙලු හමක්. කොච්චර සාත්තූ කලත් කොන්ඩය දිගට ලස්සනට හදාගන්න සිතුම්‍යාට පුලුවන් උනේ නෑ. මේ නිසාම පුංචි කාලෙ ඉදන්ම අක්ක ගැන ඉරිසියාවක් වගේ හැගිමක් සිතුම්‍යාගෙ හිතේ තිබ්බා. වයසින් වැඩෙත්ම ඒ සිතුවිල්ල තව තවත් වැඩි උනේ උදේ පීදෙන මලක් වගෙ දවසින් දවස ස්නේහා ලස්සන උන හින්දා.ඒ නිසාම පොඩි පොඩි හැල හැප්පිම් නිතරම දෙන්න අතර උනා. ඒත් අහින්සක ස්නේහා තමන්ගෙ චූටි නංගිට හුගක් ආදරේ කලා. අදත් මල් ටිකක් කඩන්න පහලට ගියපු ස්නේහා පරක්කු මොකෝ කියල බලන්න උනාට සිතුම්‍යා හිටියෙ පුපුර පුපුර.
"මෙයාගෙන් නම් තියෙන්නෙ මල වදයක්. දැන් දාඩිය පෙරාගෙන යන්නෙපැයි රූප සුන්දරීව හොයන්න."
අම්මගෙන් බැනුමුත් අහගත්තු හින්ද තරහ පිට කරගත්තෙ මග දිගට තනියෙම බැන බැන ගිහින්.
කදු ගැටේ කෙරවලටම වගේ යනකොට සිතුම්‍යා දැක්කා මල් ගහ ලග ස්නේහා ඉන්නවා. තනියම නෙවෙයි සිතුම්‍යා කිසිදා දැක නැති තරුණයෙක් එක්ක කතා කර කර. සිතුම්‍යාට තරහා පාලනය කරගන්නම බැරි උනේ ඒ කොලු ගැටයාගෙ කඩවසම් බව දැකලා.
"අක්කෙ..... මොන මගුලක් කරනවද මෙතන්ට වෙලා. අම්මා මැරෙන්න යනවා මෙයා නෑ කියලා. මෙයා මෙතන මගුල් නටනවා"
සිතුම්‍යා කෑගහද්දී ස්නේහාගේ මූණ ලැජ්ජාවෙන් රතු උනා. ඒත් නංගිගෙ හැටි දන්න හින්දා මුකුත් කියන්න ගියේ නෑ.
" එහෙනම් සර් මං යන්නම්. කැලේ පංසලේ හාමුදුරුවො බැහැදැක්කනම් සේරම විස්තර දැනගන්න පුලුවන්.".
" හොදයි මිස්. කරපු උදව්වට බොහොම ස්තූති."
එහෙම කියල කොල්ල යන්න ගියා. ඒ දිනුල. අග නුවර මධ්‍යම පෙලේ ව්‍යාපාර පව්ලක දරුවෙක්. විශ්ව විද්‍යාල ශිශ්‍යයෙක්. විශ්ව විද්‍යාලයේ ව්‍යාපෘතියකට තොරතුරු හොයන්න ගලේ පංසලට යන අතරමගදි තමයි ඔහු මල් කඩමින් සිටින ස්නේහාව දකින්නේ. ඒ සුන්දරත්වය දිනුලගේ සිත සොරාගන්නේ ඔහුටත් නොදැනීමයි. ඇයටත් හොරෙන් ඇගේ අපූරු චායාරූප කිහිපයක්ම ඔහු තම කැමරාවෙන් ලබාගෙන ඇයත් සමග ගලේ පංසල ගැනත් නුවර පලාත ගැනත් තොරතුරු අසන්නේ ඇයත් සමග දොඩමලු වෙන්න ඕනි නිසාමයි. ඒත් හදිස්සියේ කඩාවදින සිතුම්‍යා නිසා ඇයට සමුදෙන්නට ඔහුට සිදුවෙනවා.
"ඉන්නවකො ගෙදරට යනකන්. මල් කඩන්න යනව කියල ගිහින් පාරවල් ගානෙ මගුල් නටනවා."
"මොනාද නංගි මේ කියන්නෙ ඒ මනුස්සයා පාරක් ඇහුවෙ මගෙන්."
"අනේ ඔව්... මෙච්චර වෙලා ඒකද කලේ. ඉන්නවකො මං අම්මට කියන්නම්කො. "
ගෙදරට යනකන්ම ස්නේහාට බැනුම් අහන්න උනා. සිතුම්‍යා අම්මට මොනා කියයිද කියල දෙගිඩියාවෙන් ස්නේහා හිටියෙ.
" අම්මා .... අම්මා..... ඔයා මාව යැව්වා හොයන්න කියල. මෙයා මල් ගහ අස්සෙ කොල්ලෙක් එක්ක මුකුලු කරනවා. කවුරුහරි දැක්කනම්. මෙයා නිසා අපිටත් ලැජ්ජ වෙනව අම්මා."
සිතුම්‍යා කියවගෙන කියවගෙන ගියා. සුමේධාගෙ හිතේ පුංචි තිගැස්මක් ඇති උනත් ලොකුදූ ගැන තිබ්බ විස්වාසය නිසා ඒක සමතයක්ට පත් උනා. ඒත් ඒකටත් සිතුම්‍යගෙ හිතේ ඇති උනේ තරහක්.
දිනුලට එදා මුලු රෑම නින්ද ගියේම නැති තරම්. ඒ සුන්දර හිනාව මතක් වෙන්න ගත්තා. ඔහු පහුවදාත් ඒ වෙලාවටම ඇය දකින්න ගියා. දින කිහිපයක්ම ඇය බලන්නට ගියේ නොදැක ඉන්නට ඔහුට  බැරි උනු නිසාමයි. ටික දිනකට පස්සේ ඇයත් එක්ක කතා කරන්න ඔහුට හිතුනා. ඉතින් මෙ විදිට හවසට මල් ගහ ගාවදී දෙන්නා හමු උනා. කතා කලා. දිනුලගෙ හිතේ ආදරේ උතුරද්දී ස්නේහාත් හිතෙන් උපදින අපූරු හැගීමක් රස විදිමින් උන්නා.
 "ස්නෙහා. පුංචි දෙයක් කියන්න තියෙනවා ඔයාට. ඒත් මේදේ අහල මාත් එක්ක තරහ වෙන්න නම් බෑ. හරිද"
"හරි.. හරී... කියන්නකෝ මං තරහ වෙන්නැහැ."
"ඔයා දැක්ක දවසෙ ඉදල මගෙ හිත ඔයාවම ඉල්ලනව නංගි. මං ඔයාට ආදරෙයි. ඔයා මාව මැරි කරනවද ?"
දිනුල එහෙම අහද්දි අහිංසකී නිරුත්තර උනා. හිතේ ආදරෙ පිරිල තිබ්බත් ස්නේහට මුලින්ම මතක් උනේ අම්මව. පුංචි කාලේ ඉදන්ම අම්ම දුක් විදපු හැටි මතක් උනා.
"මගෙන් උත්තරේ ලබන්න නම් මගේ අම්මගෙන් උත්තරේ ලබන්නෝනි අයියේ. එයාගෙ වචනෙ තමා මගෙත් වචනේ."
"හරි ස්නේහා. යං මං දැන් අහන්නම් අම්මගෙන්. අම්මගෙ මේ සුරංගනාවි මට දෙනවද කියල."
"දැන් කරුවල වැටෙන්නත් ලගයි අයියේ. දැන් ඔයා යන්න හෙට ඇවිත් අහන්න. මේ වෙලාවට ගෑනු තුන්දෙනෙක් ඉන්න ගෙදරකට එන එක හරි මදි නේද."
"ඒත් හෙට මං කොලඹ යනවා නංගි. සතියකින් තමයි ආපහු එන්න වෙන්නේ."
"එතකන් ඉවසන්න අයියේ. ඔයා සතියක් පරක්කු උනා කියලා මං වෙන කාගෙවත් වෙන්නැහැ."
"ඒ කියන්නෙ ඔයා මගේද ස්නේහා."
කොල්ලා ඒ ටික ඇහුවෙ පුදුම තරම් ආදරේකින්.
"හ්ම්ම්ම්ම් ඒත් අයියේ අමතක කරන්නෙපා අම්මගෙ වචනෙ තමා මගේ වචනේ."
කෙල්ල ආපහු ඒක මතක් කරල දුන්නා.
"මං එහෙනම් ගිහින් එන්නම් නංගි. පරිස්සමින් ඉන්න."
 ආදරෙන් ඔලුවත් අතගාල දිනුල යන්න ගියා. කුලුදුලේ පෙම්වතියක් වීමේ සතුර හිතේ තද කරන් ස්නේහා කොල්ල යන දිහා බලන් ඉදල ගෙදර යන්න හැරුනා.
මේ හැමදේම කන්දේ මුදුනේ ඉදන් කැලෑ පාරෙන් සුමේධාව එක්කන් ඇවිත් සිතුම්‍යා සුමේධාට පෙන්නුවා. කතා කරපු දේවල් ඇහුනෙ නැතත් ඔලුව අතගාලා ගියපු හැටි ආදරෙන් කතා කරපු හැටි දැකපු සුමේධාට හොදටම තරහ ගියා. ඒත් සිතුම්‍යා නම් එයින්  කුරිරු සතුටක් වින්දා.
"දැක්කනෙ අම්මා. මං අම්මට කිව්වනෙ ඔය ටික"
ඇස් දෙකෙන් වැටුනු කදුලු බිංදු දෙක ගව්ම් කරින් පිහදල දාපු සුමේදා අඩියට දෙකට ගෙදරට ගියේ දිග කෝපි කෝට්ටකුත් කඩාගෙනමයි.
ගෙදරට ගියපු ගමන් ස්නේහාට ගුටි පාර දෙක තුනක්ම ලැබුනා. සිතුම්‍යට දැනුනෙ ජයග්‍රාහී හැගීමක්.
එදා රෑ සුමේධාලගේ ගෙදර බත් ඉදුනෙත් නෑ. තාත්තත් නැතිව ස්නේහාව ආම්බාන් කරන්න බැරිවෙයි කියල සුමේදා හිතුවා.
"කොල්ලෙක් එක්ක පැටලුනා නම් ඌත් එක්ක යන එක මහ ලොකු දෙයක් නෙවෙයි. තාම ඉගෙනගන්න වයස."
මුලු රෑම කල්පනා කරපු සුමේධා තීරනයක් ගත්තා. රෑම ස්නේහාගේ ඇදුම් ටික බෑග් එහෙකට දාලා ලෑස්ති කරපු සුමේදා උදේන්ම ස්නේහාව සුමේදාගේ නංගිගේ ගෙදර ගිහින් ඇරලුවා. ස්නේහා අම්මට කොච්චර කියන්න උත්සහ කලත් සුමේධා ස්නෙහාගෙ කතා විස්වාස කලේ නෑ.
" අවුරුදු 20ක් මං උබව හැදුවා. තාමත් මට අයිතිය තියෙනවා උබ ගැන තීරන ගන්න."
සුමේධාගේ තීරනය අන්තිම තීරනය උනා.ස්නේහා පොල්ගහවෙල ඇයගේ පුංචිගෙ ගෙදරට වෙලා කුලුදුලේම අහිමිව ගිය ආදරේ වෙනුවෙන් ඇඩුවා.
සතියකට පස්සෙ ආපු දිනුල දින කිහිපයක්ම කලුවර වැටෙනකන්ම මල් ගහ ලගට වෙලා බලන් හිටියත් ස්නේහා ආවේ නෑ.
"ශිට් ගේ තියෙන තැනක් අහගන්නත් බැරි උනානේ".
දිනුල ඒ ගැන පසුතැව්නා.
දවසක් කොල්ලා මල් ගහ ලගට එද්දී ඇයව දැක්ක මුල්ම දවසෙ ඇයට බැනපු ගෑනු ලමයා මල් කඩනවා. සිතුම්‍යාව දැකලා කොල්ලට හරි සතුටුයි. මොකද කෙල්ල ගැන විස්තරයක් දැනගන්න පුලුවන් වෙන නිසා.
" නංගි චුට්ටක් කතා කරන්නෝනි."
දිනුලව දැක්කම සිතුම්‍යාට අදසක් ආවා.
"ඇයි ?"
සිතුම්‍යා ඇහුවෙ දන්නෙ නෑ වගේ.
"අනේ නංගී මට සිතුම්‍යාව පොඩ්ඩක් හම්බවෙන්නෝනි."
"එයාව හම්බවෙන්න වෙන්නැහැ දැන් ඔයාට. එයා දැන් සතියකට විතර කලින් කොල්ලෙක් එක්ක පැනල ගියා. නුවර එලිය පැත්තෙ ඉන්නව කියල තමා ආරංචිය.".
සිතුම්‍යා ලොකු බොරුවක් කිව්වා.
"ඔයා ඔය ඇත්තමද නංගි කියන්නෙ."
දිනුල ඇහුවෙ විස්වාස කරගන්න බැරුව"
"නැතුව් මගේ අක්ක ගැන ඒ වගේ බොරු කියන්නෙ නැහැනෙ මං."
'ඔව් ඒකත් ඇත්ත දිනුල එහෙමත් හිතුවා.'
ඒත් මේ සහෝදරීට එහෙම බොරු කියන්න පුලුවන්. ඒත් ඒ බවක් කොල්ල දැනන් හිටියෙ නෑ. ස්නේහා තමාව රැවටීමෙන් පස්සෙ කොල්ලට නුවර ඉදිල්ලත් එපා උනා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉවර උනු ගමන්ම කොල්ලා කොලඹ ඇවිත් පව්ලේ ව්‍යාපාර කටයුතු බාර ගත්තා. කාලය ටිකෙන් ටික ගෙවී ගියා. ස්නේහා පුංචිගෙ ගෙදරට වෙලා අගිමි ආදරය වෙනුවෙන් හැමදාම ඇඩුවා.
"අනේ අයියා අම්මගෙන් අහන්න යන්න හිතන් දවස් කීයක් මල් ගහ ලග ඉන්න ඇතිද".
කෙල්ල අනුමාන කලා. අවුරුදු 3ක්ම ගෙවිලා ගියා ඒත් දෙන්නගෙම හිත්වල කුලුදුල් ආදරේ මතකයන් නැති උනේ නෑ.
නිතරම ඇඩීම නිසාත් හරියට කෑම ගන්නේ නැති නිසාත් ස්නේහා බොහෝ දුර්වල උනා. දින ගනන් ඉස්පිරිතාලේ ගත කරන්න උනා. රෝහල් ඇද උඩට වෙලාත් අහිමි ප්‍රේමය ගැන සිත සිතා උන්නු හින්දා ඇය සනීපයක් නොලැබූ තරම්.
"මචං තාරුකී ඇක්සිඩන්ට් වෙලා ටික්ක් අමාරුයිලු බලන්න යමන් නේද"?
ඒ කොල්ලට හදිස්සියෙ ආපු කෝල් එකක්. තාරුකී කැම්පස් එකේ මිතුරියක්. කැම්පස් එකේ යාලුවොත් එක්ක දිනුල පොල්ගහවෙල ඉස්පිරිතාලෙට එන්නෙ තාරුකීව බලන්න. ඇයව බලන්න ඉස්පිරිතාලෙට ඇතුල් වෙද්දි කොල්ලා දකින්නෙ සිතුම්‍යාව.
ඇයව දැක්ක ගමන් දිනුලට එක එක සිතුවිලි එනවා.
'මෙයත් එක්ක ස්නේහත් ඉන්නවද දන්නැහැ.'
කෙල්ලව දකින්න දිනුලට ආස හිතෙනවා. ඒ නිසයි සිතුම්‍යාගෙ පස්සෙන් ඇය යන වාට්ටුවටම යන්නේ.
එවෙලෙ සිතුම්‍යාත් සුමේධාත් ස්නේහාව බලන්න ඉස්පිරිතාලේට ඇවිත් හිටියේ. තමන් කරපු වැරැද්ද නිසා ස්නේහා දුක් විදින හැටි අවුරුදු ගනනක්ම දැකපු සිතුම්‍යා ඒ ගැන අද පසුතැවෙනවා. ඒ වගේම ඉක්මන් තීරන ගත්තු එකට සුමේධාත් පසුතැවෙනවා.
කොල්ලා සිතුම්‍යාගේ පස්සේන්ම යන්නේ ස්නේහගේ මූන දැක ගන්න ආසාවෙන්. එත් සිතුම්‍යා ගිහින් නතර උනු ඇදේ හිටිය ස්නේහාව දැක්කාම දිනුලට ඉහිලුම් නැති උනා.
"ස්නේහා නංගී."
ඇයට කතා කරගෙනම ඔහු ඇය ලගට ගියා. ඇයත් ඔහුව දැක්කා. අවුරුදු ගනනක් සිරකරගෙන සිටි ආදරේ දෙන්නටම දැනුනා.
"ඇයි නංගි මේ. ඔයා වැහැරිලා."
කෙල්ල හිනා උනා.
' ස්නේහා වෙන කෙනෙක්ගේ.'
ඒ හැගීම දිනුලට දැනෙද්දි ඔහු ඇයගෙන් ඈත් උනේ ඇගේ ජීවිතයට ඔහු නිසා නරකක් වෙයි කියල හිතලයි.
ස්නේහා හිතින් කලබල උනා.
'එයාට ඉස්සර වගේ මාව ඕනි නැතුව ඇති. මමනෙ එයාව දාලා ගියේ.'
ස්නේහට එහෙමයි හිතුනෙ.
ඒත් ඇත්තමදේ තේරුනේ මෙතන හිටිය එක්කෙනෙක්ට විතරයි. ඒ සිතුම්‍යා ඇයටත් ආදරේ වටිනාකම සහෝදරයෙකුගේ වටිනාකම තේරුම්ගන්න පුලුවන් උනු නිසාම ඇය කියපු බොරුව පිලින්න පුලුවන් උනා. ඒ වගේම සමාවත් ගත්තා.
ගෙවිල ගියේ ටික දවසයි. ස්නේහා හොදටම සනීප උනා. අවුරුදු ගනනාවක්ම ආදරේ අහිමිව ඉන්න සිද්ද උනු නිසාම ඉක්මන්ටම විවහ වෙන්න ස්නේහාටත් දිනුලටත් ඕනි උනා. විවහ උත්සවය දවසෙ සිතුම්‍යාව හුගක් කැපිල පෙනුනා. මනාලියගේ යෙහෙලිය උනේ ඇය. නරක සිතුවිලි ඉරිසියාව තරහව හිතේ නැති උනාම ඕනෑම මුනක් එලිය වැටෙනවා.සිතුම්‍යාගෙ සුන්දරත්වයට හේතුවත් ඒකයි.
මංගල උත්සවය දවසේ ස්නේහාව පෙනුනේ රාජ කුමාරිකාවක් වගේ. උත්සව ශාලාව ඇතුලෙදි කෙල්ලව මනාලියක් වගේ මුලින්ම දකිද්දී කොල්ලගෙ ඇස් වලට ක්දුලු පිරුනා. කොල්ල හිමින් සැරේ කෙල්ලට ලං උනා.
"ඔයා අද මගේ මනමාලි"
කොල්ල කෙල්ලට රහසින් වගේ කිව්වෙ.
"මං මේ අවුරුදු ගානටම ඔයා ගැන හිතුවා අයියේ. ඒත් ඔයාගෙ මනමාලි වෙන්න පුලුවන් වෙයි කියල හිතුවෙ නෑ."
" ඒත් ඔයා අද මගේ මනමාලි"
කොල්ලාගෙ මූන සතුටින් පිරිලා. තප්පරයක් ඒ කඩවසම් මූන දිහ බලන් ඉදපු ස්නේහා හිනා උනා.
"ඔව් අයියේ. මමයි මනාලී."
කෙල්ල එහෙම කියද්දි ඒ දෑසට පුංචි කදුලු බිංදුවක් නැගුනා.
නිමි
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI