^ ~මරුකතර~ ^
කුටියට එපිටින් ළං ළංව ඇසෙන්නේ පා ගැටෙන හඩකි.. අතරින් පතර උදාසීන ලෙස අඩි තබන බොල් සපත්තු හඬකුත්, නොයිවසිලිවන්ත ලෙස පැතිරයන තවත් සපත්තු හඬකුත් කුටිය වෙත මදින් මද ළංවෙයි.. ඉතින් මා හඳුනයි, අලසව මේ දෙසට ළං වන්නේ කවරෙකු වූද, නොයිවසිල්ලෙන් මෙහි එන්නේ ඔහුම බව.. ඔහුටත් පෙර මවෙත ගලාඑන, ඔහුගේ විලවුන් සුවද ඒ ඔහුම බව සපථ කරන්නේ නොවේද.. ඒ බැව් දැන දැනත් මා තදකොට නෙත් පියාගත්තෙමි.. පා ගැටීම කුටිය අභියසින් නතර වීය..
" සර්, කතාකරගන්න දෙයක් ඉක්මනට කතාකරගෙන එන්න.."
" ඕකේ.. තැන්ක් යූ.. අයිල් කම් සූන්.."
අලස හඬ ඈතින් ඈතට ඇදී සවනින් ඈත්ව යද්දී, ඔහුගේ සිහින් දිගු අතැගිලි දොරෙහි වූ යකඩ කූරු ග්රහණය කරගන්නවා ඇස්කොනින් දුටීමි.. නමුත් මේ දෑස් නම් ඒ වෙත හැරෙනවා නොවේ..
" ආර්මා.. අපි කතා කරමු ටිකක්.. මට කියන්න එදා සිද්ද වෙච්ච දේ.. " ඒ කටහඬ ගැඹුරුය.. ඒ ස්වරය ස්පර්ශ කරන්නේ මේ හිතේ ගැඹුරුම තැනය..
ඉතින් ඔහු කෙලෙසක විමසූවද දීමට පිළිතුරක් මවෙත නැත.. සත්ය නම් මා අතින් ඈ දිවි තොරවූ බවය.. එය කිසිවෙකු නොදන්නේ නොවේ.. එසේනම් මේ නැවත නැවතත් අසන්නේ කුමක්ද?..
"ආර්මා.. ඔයාට එළියට එන්න ඕන නම් කතාකරන්නම වෙනවා.. මට ඇත්ත කියන්නම වෙනවා.." මගේ නිහඩ බව හේ නොරුස්සනා බවක් ඒ හඬෙහි වීය ..
මා හට එළියට යාමට අවැසි නැත.. ජීවත් වීමට එකදු බලාපොරොත්තුවක් හෝ ඉතිරිව නැත.. මා වෙනුවෙන් බලාහිදින කිසිවෙකුද නැත.. අඩුම තරමේ මේ තුළ සිටින තාක් මාගේ පණකෙන්ඳ හෝ රැකෙන්නේය.. ඉතින් මා හට කියන්නට දෙයක් ඇත්තේ නැත.. එළියට යාමට මට උවමනා වන්නේද නොවේ..
" ආර්මා.. ඔය තරම් මුරණ්ඩු වෙන්න එපා.. මාත් එක්ක කතාකරන්න.. මේක ඇතුළේ ඔයාගේ ජීවිතය වත් ශුවර් නෑ.. ඔයාගේ මානසික තත්වය නිසයි මෙහෙම තනි සිරමැදිරියක ඉන්නේ.. අලුත් මෙඩිකල් රිපෝට්ස් ආපු ගමන් මේකට එන්න ජිනාගේ ගෝලයෝ බලන් ඉන්නවා හරිද.. ඒ නිකමට නෙමෙයි කියලා දන්නව ඔයා.. එහෙම නේද.."
" මොකක් ?.. " එසේ නම් මා සිතුවා වැරදි නොවේද.. මෙහි මා තවදුරටත් සුරක්ෂිත නැත.. කොහි හිටියත් මරණින් ගැළවීමක් නැති බව සැබෑමුත් මරණය මා සොයා මෙහි පැමිණෙන බව සිත බියපත් කරයි.. රාහු සඳ ගිළගන්නනා සේ මහත් වූ අසරණකමක් සිත ගිලගන්නවා දැනේ.. දෙනෙතින් එකදිගට වෑස්සෙන කඳුළු කැට දෙඅතට වැටේ.. හිස ඔසවා ඒ උවන දෙස බැලූවෙමි..
ඔහුගේ දෙනෙත් එක එල්ලේ යොමුව ඇත්තේ
සිරකුටියේ මුල්ලකට වී එරමිණියා ගොතාගෙන දෙඅත් උකුළමත තබාගෙන සිටින මවෙතටය.. මා ගැනම මට ඇතිවනුයේ නොනිමි අනුකම්පාවකි.. මීට මාස කිහිපයකට පෙර සුරගනක් සේ සැරසී එහාමෙහා දුවපැනි ආර්මා තවදුරටත් මෙහි නැත.. පාර්ලිමේන්තු මන්ත්රී සාගර මුතුමානගේ පුතාගේ ගොඳුරක් වූ කරුමක්කාර ආර්මා මම වෙමි..
" ආර්මා.. ඔයාට තවදුරටත් මෙහෙම ඉන්න බෑ.. බලන්න දරුවෝ ඔයාගේ හැටි.. කොච්චර ලස්සනට හිටියද ඔයා.. තාම ඔයාට අවුරුදු 18යි.. ඉතුරු ජීවිත කාලෙම නොකල වරදකට මේක ඇතුලේ ජීවිතය දියකරන්නද මේ හදන්නේ.. "
මේ හිස් ජීවිතය දියවී යනවා නම් කමක් නැත.. නමුත් වේදනාව නම් එය තව තවත් රිදුම් දීමය.. යළි පෙරමෙන් ජීවත් වීමට මාහට හැකියාවක් නැත.. සුරඟනක් මෙන් ඉහළ රූ සම්පතකින්ද, ගංඟුලක් මෙන් කඩාහැලෙන නීල කේශ කලාපයකින්ද, වසර ගණනක් තිස්සේ බැලේ නර්ථනයෙන් හැඩ කලාවූ සිරුක් හිමිවූද ආර්මා තවදුරටත් ඇත්තේ නැත..
හැමතැනදීම කැපී පෙනෙන්නට ආභරණයක් වූ ඒ රූපයම , ඒ සුන්දරත්වයම හෙනයක් වී මුළු ජීවිතයම සුණුවිසුණු කරමින් පුපුරා ගිය හැටි.. ඉතින් මම මේ රූපයට වෛර කරන්නෙමි.. ඒ වෛරය මෙවන් රුවක් මට දායද කළ අම්මා දක්වාම විහිදේ..
කිමද..
සාගර මුතුමානගේ දෙවන බිරිය ඇයයි...
භාශිත මුතුමාන නම් ස්ත්රී ලෝලියාගේ කුඩම්මා ඇයයි..
කුමන හෝ පවකට සෙනධි ආර්මා වීරසිංහගේ වැදූ මව ඇයයි..
" ආර්මා.. අඩන්න එපා.. මම කොහොම හරි ඔයාව බේරගන්නවා.. මට බැහැ ඔයා මෙහෙම අඩනවා බලන්න.. මගේ පුංචි රෝසමල, මම ආදරෙයි ඔයාට.. මම ඔයාව කොහොම හරි බේරගන්නවා.. අඩන්න එපා ඉතින්..." ඔහු තවමත් යකඩ කූරු වල එල්ලී මට ආදරය ප්රකාශ කරන්නේය... වෙනත් මොහොතක නම් සතුටින් ඉපිලී යාමට මට ඒ වචන ප්රමාණවත්ය.. නමුත් මේ එයට වේලාව නොවේ.. මම #මරුකතරක අතරමංව සිටින්නෙමි.. ඔහුද මේ මායාවේ ගිල්වා ගැනීමට මට නොහැක..
" ඔයා මෙතනින් යන්න සර්.. ඔයාට බැහැ මාව බේරගන්න.. මං වටේ හිටපු හැමෝම විනාශ වුනා විතරයි.. ඔයත් විහින් විනාශ වෙන්න හදන්න එපා.. යන්න.. ඔයා යන්න.. " මේ සා ප්රේමයක් හමුවේ මුණිවත රැකීමට හැක්කේ කා හටද?.. මිනීමරු ගැහැණියක වූවත් මහද ප්රේමයට සංවේදීය නොවේද?..
නොහැක..
ඔහුවද මේ ගිණිගොඩට ඇදගැනීමට හැකි නොවේ.. අවුරුදු 18ක් පුරා සෑම රැයකම සිහිනෙන් පැතූ ප්රේමය අද සැබැවින්ම මා අභියසය.. නමුත් එය දෑතින් බදා වැළඳ ගැනීමට හැකියාවක් මවෙත නැත..
සියුම් සැතකින් කීතු කීතු කරන්නා සේ හදවත කෑලි කැපීයන වේදනාවක් දැනේ.. එය ඉවසිය නොහැකි කල දකුණතින් තදකොට මිරිකා පපුව අල්ලාගතිමි.. උරුමය මෙය නම් හැපී වැළපී ඵලක් නැත.. නහය දක්වාම ගිලී ඇති මේ මඩ ගොහොරුවේ ගිලී මියදෙනවා හැර, දෙනෙතින් දකිනා කිසිවකට බැදීමට පුළුවන් කමක් නැත..
ඔහු කෙසේ කීවත් සිදුවූ කිසිවක්, සිදු නොව්නා කරන්නට බැරිය.. දැනටමත් මා, පාසල් බෑගය තුළ සඟවා මත්ද්රව්ය ප්රවාහනයට වැරදිකරුය.. සිරකුටියක් තුළ පාතාල නායිකාවක් ඝාතනය කළ මිණීමරු ස්ත්රීය ය.. මා හට ප්රේමයට හිමිකමක් කිව නොහැක.. වසර දෙකක් තිස්සේ සිප්සතර ලබාදුන් මේ තරුණ ගුරුවරයා විනාශයට ඇදදැමීමට නොහැකිය.. පැහැදුන් ජලය සේ දිලිසෙමින් ඔහු ඉදිරිපිට ඇති සුභ අනාගතයට පයින් ගසා, මේ ගිණිගොඩටම පනින්නට හදන්නේ මන්ද..
නීතීඥ සතිරු විතානගේ.. ඔහු මගේ වසර දෙකක උසස්පෙළ, දේශපාලන විද්යා ගුරුවරයාය.. මේ මරු කටින් මා මුදවා ගැනීමට වෙහෙස වන්නේ ඔහුය.. සිරකුටිය අභියස හිද මා කෙරෙහි ඒ සිතේ වූ ප්රේමය පවසන්නේ ඔහුය.. නමුත් ඔහුකෙරෙහි වූ අප්රමාණ ප්රේමය අකුරු කරනු බැරිව ලතැවෙන්නේ මාය..
" ඔයා ඔහොම නෙමෙයි කොහොම කිව්වත් ඔයාව නිදහස් කරගෙන මිස මම නතර වෙන්නේ නෑ ආර්මා.. ඒ නිසා මට තවත් මේක අමාරු නොකර සිද්ධ වුනු දේ කියන්න.. මට ශක්තියක් නෑ ආර්මා අවුරුදු දෙකක් තිස්සේ ආදරේ කරපු මගේ රෝසමල මේ විදියට පරවෙලා යනවා දකින්න.. "
සියුම් කඳුළු පටලයක් ඒ දෙනෙතේ වේ.. දෙනෙත් ඇගිලි තුඩුවලින් තෙරපමින් කඳුළු මාගෙන් වසන් කිරීමට ඔහු වෙහෙසේ.. නමුත් මාගේ දෙනෙතට ඒ සියුම් කඳුළු පටලය ග්රහණය විය.. ඔහු නොදන්නවා ඇත.. ඒ කඳුළු දවන්නේ මගේ හදවතේ වූ ගැඹුරුම තැන බව.. ඔහු මට ප්රේම කිරීමට මොහොතකට හෝ ඉස්සරින් මම ඔහුට ප්රේමකිරීම ඇරඹි බව.. අසම්මත ගුරුගෝල පෙමට වැටකඩුළු බැඳ වෙහෙස වී රඳවාගත් ප්රේමය, ඒ කඳුළු අභියස සියළු බැමි මුදවාදැමීමට සටන් කරන බව..
නැත..
දැනෙන සියල්ල ඒ ලෙසටම කිවහැකි තැනක අද මා නැත.. බැමි පිට බැමි බැඳ හෝ මේ ප්රේමය සිත තුළම රඳවා තබාගත යුතුව ඇත..
" ඔයා මගේ ගුරුවරයා නේද?.. මොනවද මේ කියන කතා.. මොන ආදරයක් ගැනද මේ කියවන්නේ?.. මම මිනීමරු ගෑණියක් සර්.. මං වගේ කෙනෙක්ට ආදරේ කරන්නවත් හිතුවේ කොහොමද ඔයා.. "
" මම ආදරේ කලේ මිනීමරු.ගෑණියෙක්ට නෙමෙයි ආර්මා.. ඩ්රග්ස් ට්රාන්ස්පෝට් කරන කෙනෙක්ටත් නෙමෙයි.. මම ආදරේ කලේ පන්තියේ ඉස්සරහම පේලියේ ඉදන් ඇස් බෝල කරගෙන මගේ දිහා බලන් හිටපු මගේ අහිංසක රෝස මලට.. ඔයා කොච්චර කිවුවත් මට අදටත් පේන්නේ නෑ ඔයා මිනීමරු ගෑණියක් විදියට.. මගේ අහිංසක කෙල්ලට බෑ එහෙම වෙන්න.. "
" සර්... ඔයාට පේන දේ නෙමෙයි ඇත්ත.. මම ගහපු පාරක් නිසා ඒ ගෑණු කෙනා මැරුනා.. ඒ වගේම මගේ ස්කූල් බෑග් එකේ ඩ්රග්ස් තිබිලා හම්බවුණා.. ඒක තමයි ඇත්ත.. "
" මෙහෙමයි ආර්මා.. ඔයාගේ ස්කූල් බෑග් එකේ ඩ්රග්ස් තිබුණා කියන්නේ ඔයා ඒවා ට්රාන්ස්පෝට් කලා කියන එක නෙමෙයිනේ.. ඒ වගේම එදා රෑ සිද්ද වෙච්ච දේ ඔයා කියන්නේ නැතුව මම පිළිගන්නේ නෑ ඔයා ජිනාව මැරුවා කියලා.. "
" කියන්න තරම් දෙයක් නෑ සර්.. මම තමයි එයාව මැරුවේ.."
" ආර්මා.. නිකන් බොරු කියන්න එපා.. මම දන්නවා.. මම වගේම ඔයත් මට ආදරේ බව.. ඇත්තටම මට ආදරෙයි නම් ඇත්ත කියන්න ආර්මා.. මට දෙන්න ඔය උකුළ උඩ සැනසෙන්න එක මොහොතක්.. මට උදව් කරන්න.. මට ඕන ඔයාව බේර ගන්න.. මගේ රෝස මල.. මට බැහැ ඔයා නැතුව ජීවත් වෙන්න.. "
එසේ නම් කෙතරම් වැට කඩුළු බැන්දද, මා අසමත් වී ඇත.. මාගේ ප්රේමය ඔහු දැනසිට ඇත.. මේ තරම් ආදරයක් ඔහු මගෙන් කෙලෙස සඟවා සිටියාද.. පෝරකය මත මා සිටියද, සිත ඒ ආදරයට ලෝභවනු දැනේ.. එකම එක මොහොතක් ඒ ශක්තිමත් බාහු අතර සිරවී සිටින්නට ඇත්නම්... මසිත හඬාවැටේ..
අවාසනාව මා සොයා මෙතරම් ඉක්මනට පැමිණියේ කිමද.. මේ ආදරය එක් මොහොතක් හෝ විදින්නට ඉඩහසර මට ලබා නුදුන්නේ ඇයිද.. ඒ ගතට තුරුළුව, ඒ උණුසුම විදගන්නට අවස්ථාවක් නොදෙන්නට තරම් දෛවය කුරිරු වී ඇත.. දෙනෙත් පුරා ගලායන කඳුළු අතරින් බොඳවී පෙනෙන ඒ රුව දෙස බැළුවෙමි.. දොර වෙතට ළංව ඒ දෙඅත් මත සුරත තැබුවෙමි..
ඒ ස්පර්ශය උණුසුම්ය.. හැඟීම් උපද්දවන සුළුය.. ඇඟිලි තුඩු වලින් හටගත් හිරියක් වැනි යමක් සිරුර පුරා පැතිරෙනු දැනේ.. මගේ එක් අතක් ඒ දෙඅත් අතර මැදිවීය.. සිහින් ඉකිබිඳුමක් සමගින් උණුසුම් පිරිමි කඳුළක් පිටිඅල්ල මත වැටී විසිරී ගියේය.. දෛවය ඉතා කුරිරු අයුරින් අප සමග සෙල්ලම්කොට ඇත.. මටම අවසඟ දෙපා යාන්තමින් වත්තම් කරගෙන සිරකුටියේ දොරට හේත්තු වීමි.. කිසිවෙකුගෙන් කිසිදා ආදරයක් නොලද මට අවසානයේ ආදරය හිමිව ඇත.. සිත පුරා අතුරා රස විදීමට තරම් වත්, ගතපුරා ඒ උණුසුම තවරන්නට තරම්වත් ඉඩක් නැති ලොවක අප පෙම්වතුන් වී සිටියෙමු...
"සර්, දැන් ගියානම් හොඳයි.. "
බන්ධනාගාර නියාමක වරියගේ කටහඬින් මා ගැස්සී ගියෙමි.. ඒ දෙඅත් අතට සිරව තිබූ මාගේ සුරත මුදවා ගතිමි..
"හරි අපි යමු.. " එසේ පැවසූ ඔහු මා දෙසම බලාහිඳී.. ඉතින් ප්රේමය උපන්ගෙයිම අතැර දමා යාමට ඔහුට හිතක් නැති සේය..ඒ අත්දෙක දොරෙහි කම්බිකූරු අතරින් ඇතුළට දමා මගේ කම්මුල් වල වූ කඳුළු පිසලීය..
" මගේ රෝසමල මට ඔයාව දාලා යන්න හිතෙන්නේ නෑ.. මම හෙටත් එනවා.. ඔයා හැමදේම මට කියන්න හෙට.. මාව විශ්වාස කරන්න.. මම ඔයාව කොහොම හරි බේර ගන්නවා.. නිදහස් වුන ගමන්ම අපි යමු කැනඩා.. මම හැමදේම ලෑස්ති කරන්නම් ඒකට.. ආයේ මගෙන් ඔයාව වෙන් කරන්න කාටවත් බෑ.. පරිස්සමින් ඉන්න මගේ රෝස මල.. " ඉතින් මගේ බොළඳ පෙම්වතා අපේ එක්වීම වෙනුවෙන් පිඹුරුපත් සකසයි.. ගත ගිණිවැද්දවූ වේදනාව අතරින් මම සිනහා වීමි.. අවසන, වෙන්වීමේ සිපුමක් මා නළලත තැබිය නොහැකිව දෙඅත් පමණක් සිඹ ඔහු පිටවීය..
ඔහු තබාගිය බලාපොරොත්තු පොදිය එක්කාසු කරගෙන මම සිමෙන්ති පොලොවේ වැතිරීමි.. මනසෙහි වූ ව්යාකූලත්වය හේතුවෙන් නිරන්තරයෙන් වැඩිවී දැනෙන සිරුරේ උශ්නත්වය, සිමෙන්තියේ සීතල සනහාලයි.. හරියට ඒ ප්රේමය මගේ හදගිණි නිවා සනසන්නාක් මෙන්...
මේ සිරකුටිය තුළ ගෙවෙන්නේ දෙවැනි මාසයයි.. මානසික ආතතිය හේතුවෙන් මසක් පමණ ගෙවූවේ බන්ධනාගාර රෝහලෙහිය.. ඊටත් පෙර මා මෙහි ගෙන ආවේ මත්ද්රව්ය ප්රවාහනයට වැරදිකරු කියාය..
මෙහි පැමිණ ගතවූ මාස කිහිපයටම මා බැලීමට එකදු වරක් හෝ තාත්තා පැමිණියේ නැත.. ඔහු මා අතැර දමන්නට ඇත.. ව්යාපාරික ලෝකයේ විරාජමාන වූ වීරසිංහ ගෘප් වෙත මා නිසා සිදුවූවේ සුළුපටු කැළලක් නොවේ.. ඒ අභිමානය විනාශ වූවේ මා නිසාමය.. අම්මාගේ ක්රියාකළාපය නිසා දරදඬු සිතැත්තෙකු වූ තාත්තාට, මා අමතක කර දැමීමට වෙහෙසක් නොවන්න ඇත..
සිමෙන්ති පොළොවෙහි වකුටු වී ගුළිවී සිටියදී නිරායාසයෙන්ම අතීත මතක සිතට එබේ.. තාත්තා දියුණු වෙමින් සිටින කාලයේ මුදලට ලොල් වූ අම්මා සාගර මුතුමාන සමග පැන ගිය හැටි.. ප්රියමනාප විනෝදකාමී ගති ඇත්තෙකු වූ තාත්තා දරදඬු මිනිසෙකු වූ හැටි.. සියළු සැප සම්පත් වලින් අනූනව ගෙවූ දිවිය කණපිට හැරවූවේ විදෙස් ගතව සිට මෙරටට පැමිණි භාශිත මුතුමාන නිසාය.. ස්ත්රී ලෝලියෙකු වූ ඔහු වහ වැටුනේ මගේ රූපයටය.. ඉතින් ඔහුගේ ආශාවන් මාගේ ගතින් සන්තර්පණය කරගැනීමට නොහැකි වූ කෝපයෙන් මාගේ පාසල් බෑගයේ මත්කුඩු දමා මා නීතියට හසුකර දීමෙන් නොනැවතුණු ඔහු මා වෙනුවෙන් ඇප තැබීමට පවා කිසිවෙකු හට ඉඩලබා නොදුනි.. ඉතින් පළමු නඩුවාරයෙන්ම මා සිරගෙට නියම වීය.. සතිරු මා සොයාගත්තේද, මා සිරගෙට නියමවී සතියකට පසුය.. එදා සිට අද දක්වාම ගඟට ඉණි කපන්නා සේ මා දැකුමට එන්නේ ඔහුම පමණය..
.......................... .......💝💝💝........................ .....
පාන්දරම වතුර ටිකක් මුවග තවරා නියාමක වරියක් රැගෙන ආ සුදු සාය හා හැට්ටය ඇදීමි.. ඇපීල් කරන ලද මාගේ නඩුව අදදින නැවත කැඳවන්නේ සතිරුගේ උවමනාවටය.. නිදහසක් පිළිබඳ විශ්වාසයක් මසිත නැතත් ඔහු හා ජීවත් වීමේ නොනිමි ආශාවෙන් මා විත්ති කූඩුවට නැගීමි.. පෙරදා මේ තුළම බියෙන් වෙව්ලමින් රැඳී සිටි මා දෙපා ඒ ප්‍රේමයෙන් අද පණ ලබා ඇත...
නඩුව කැඳවූ අතර පුදුගලයෙකු විසින් මාගේ වැරදි පිළිබඳ වාර්ථාවක් කියවීය.. පාසලේදී කිසිදු වරදක් වාර්ථා නොවූ දැරියක වූ මම අද උසාවියක් ඉදිරියේ දඬුවම් අපේක්ෂාවෙන් රැදී සිටිමි.. දෛවය හරි අපූරුය.. සිදුවන්නේ සිහිනෙකින් හෝ සිතූව නොවේ.. මා පැතූ.කිසිවක් මෙතෙක් ඉටුනොවීය.. ඉතින් නිදහසක් ලැබීම පිළිබඳ වූ ආශාව මදින් මද දියාරුව යනු හැඟේ..
මා සතිරු දෙස බැලූවෙමි.. ඒ දෑස් අධිශ්ඨානයෙන් ඔදවැඩී ඇත.. බලාපොරොත්තුවකට ඇත්තේ ගතවූ කාලය තුළ සාගර මුතුමානගේ පක්ෂය බලයෙන් පහවීම පමණි.. නමුත් මිනීමැරීමේ චෝදනාව සියල්ලටම වඩා දැඩිය..
පළමුව විසදීමට ගැනුනේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධ නඩුවය.. මා දෑස් තිගස්සවමින් , සාක්ෂිකූඩුවේ සිටියේ බැලේ පාසලේ පිරිසිඳු කිරීම් සිදුකළ නාගම්මාය.. දෙනෙතෙහි කඳුළු පුරවාගෙන ඇය මදෙස බලාහිදී.. අසුනින් නැගීසිටි සතිරු ඈ වෙත පැමිණි අතර ප්‍රශ්න කිරීම් ඇරඹීය..
විත්තිකාරියව තමා හඳුනන බවත් මීට මාස 6කට පෙර තම දියණිය පැහැරගෙන ගොස් අපරාධ කරුවන්, ඇයව අවශ්‍ය නම් ඔවුන් ලබාදෙන පාර්සලය මාගේ බෑගයට දමන ලෙස ඇයට තර්ජනය කළ බවත්, දියණිය වෙනුවෙන් ඔවුන් ලබා දුන් පාර්සලය මාගේ බෑගයට දැමූ බවත්, ඈ පැවසීය.. ඉතින් ඇගේ දියණිය වෙනුවෙන් ඇය මා බිල්ලට දී ඇත.. කම් නැත ඇයගේ දියණිය සැපෙන් නම් කමක් නැත.. පණමෙන් හැදූ දියණියකට අනතුරක් වීම කිසිඳු මවක් නොයිවසනු ඇත..
දෙවනුව විමසූවේ මිනීමැරීම සම්බන්ධ නඩුවයි.. ඒ අඳුරු මූසල රාත්‍රිය යලිදු සිහිවේ.. එදින කුටියේ සිටියේ ජිනාත් මමත් පමණකි.. අනෙක් කාන්තාව රෝහල් ගත කර තිබිණි.. රාත්‍රිය මෝරත්ම මවෙත පැමණි ජිනා මගේ සිරුර අතපත ගාන්නට වීය .. පිළිකුල් සහත ස්පර්ශයන් හමුවේ අත්පා සොලවා බේරීමට හැකියාවක් මට නොවිනි.. සිරගතව සිටි කාලයේ නිසිලෙස ආහරක් නොගත් නිසා මා දුර්වලය.. පාතාල නායිකාවක වූ ජිනා හැඩිදැඩිය.. මුවින් නික්මුනේ අරක්කු ගන්ධයකි.. ඉතින් මනස විකල් වූ ඇය සමග පොරබැදීම මට කළ නොහැක.. ඇය මා බිම පෙරළා ගැනීමට වෙහෙස වුණි..
ඇගේ දෑතට හසුවී වේදනාවෙන් මිරිකී යන නොයිදුල් රණතිසරුද, දත් අතර තබා විකීමෙන් ලේ ගලන සියුමැලි දෙතොලද ඉවසිය නොහැකි ලෙස වේදනා දෙද්දී මරබියෙන් පීඩිතව සිටි මම, මගේ පාදයක් නවා ඇගේ කුසට ඇන්නෙමි.. කෑමොර දෙමින් බිම වැතිරගත් ජිනා රෝහල් ගතකළ අතර පසුදා මියගියේය..
සිදුවූව දරාගැනීමට නොහැකි වු මම පිස්සියක වීමි.. සෑම රැයකම මගේ සිරුර රිදවමින් රළුව මිරිකණු දැනී බියවී නින්දෙන් නැගිට්ටෙමි.. මාසකටත් වැඩි කළක් ලබා දුන් මානසික චිකිත්සාවෙන් පසුව යළිත් තනි සිරකුටියකට පැමිණියේ මිනීමරු ආර්මා ය.. දෙවතාවේම ගැහැණුන් නිසා මා අසරණ වීමි.. අද පිරිමියෙකු මා බේරා ගැනීමට ඉදිරිපත් වී ඇත.. තම පෙම්වතිය බේරා ගැනීමට පෙනී සිටින එකම පෙම්වතා ඔහුවිය යුතුය.. ඒ තරම් ඒ ආදරය ප්‍රභලය.. ඇතැරදැමූ බලාපොරොත්තු මසිතට කාන්දු කලේද ඒ ආදරයමය..
" ගරු අධිකරණයෙන් අවසරයි.. මේ අවස්ථාවේදි කුරුප්පු ආරච්චිගේ ජයන්ති නැතිනම් ජිනා යන අයගේ මරණ පරීක්ෂන වාර්ථාව හා මරණයට පෙර සිදුකළ සැත්කම් වාර්ථාවක් මා සතුව ඇත.. මේ වාර්ථා අනුව ජිනාගේ මරණය සිදුවී ඇත්තේ උදර කුහරය තුළ සිදුවූ අධික රුධිර වහනයක් හේතුවෙන්.. ඇය සිරගතවීමට දින කිහිපයකට ප්‍රථම ඇයගේ අක්මාවේ සැත්කමක් සිදුකර ඇති අතර විත්තිකාරිය එල්ල කළ පහරින් අක්මාවට හානි සිදුවී රුධිර වහනය සිදුවී ඇති බවට නිගමනය කර ඇත... තවද විත්තිකාරිය මෙම පහරදීම මීනීමැරීමේ චේතනාවෙන් නොව, අාත්ම ආරක්ෂාව සඳහා සිදුකළ බවද මෙහිදී පවසා සිටිමි.. එපමණයි ස්වාමීනි.. ස්තූතියි "
සතිරු නිහඬ වීය.. මුළු උසාවියම නිහඩය.. එසේ නම් ජිනා මියගියේ මාගේ පහර නිසා නොවේ.. එයට ඇයගේ සෞඛ්‍ය තත්වයද හේතු වී ඇත.. සිත තුළ දැල්වෙනුයේ අසීමිත බලාපොරොත්තුය.. ඒ බැල්මෙන්ම සතිරු දෙසම බලාසිටීමි.. ඔහු මා වෙනුවෙන් බොහෝ දෑ ඉටුකොට ඇත.. මගේම තාත්තා මා අතැර දමද්දීත් ඔහුගේ ආදරය වෙනුවෙන් ඔහු යුතුකම් ඉශ්ඨ කරඇත.. සියළු සාක්ෂි . එක්තැන් කොට ඇත..
සියළු කරුණු සළකා මා සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරමින් විනිශ්චය ලබාදුනි... සිතට දැනෙනුයේ නොනිමි සතුටකි.. ඉතින් මා නිදහස ලදීමි.. මා බේරාගත්තේ ඔහුය.. මට ශක්තියක් වූවේ ඔහුය.. ඔහුගේ ප්‍රේමයමය.. එකතැන ගල්ගැසී ගිය දෙපා ඔසවා ඔහු වෙතට පියවර තැබීමි.. ඉතින් මේ #මරුකතරින් මා බේරා ගත්තේ ඔහුය..
ඇසිල්ලකින් මා ඒ තුරුල්ලේ සුවවිදිමින් සිටියෙමි.. අප රැදී සිටියේ උසාවි මිදුලේය.. අපගේ පැමිණීම බලාපොරොත්තුවෙන් වෑන්රථයක් ගේට්ටුව අසළ විය.. ඔහු සියල්ල සූදානම් කර ඇත.. තවත් හෝරා කිහිපයකින් අප කැනඩාව බලා යෑමට ගුවන්තොටුපළේ සිටිය යුතුය..
" මගේ රෝසමල මම ආදරෙයි ඔයාට ගොඩාක්.. පොරොන්දු වෙන්න මගේ මැණික.. මොන දෙයක් සිද්ද වුනත් මගේ මහන්සිය අපතේ යවන් නෑ කියලා.. ලස්සනට ජීවත් වෙනවා කියලා.."
" මම ආදරෙයි.. ආදරෙයි ..මගේ සර්.. මම පොරොන්දු වෙනවා.. ඔයා එක්කම ලස්සනට හැමදාම මම ජීවත් වෙනවා.. " ඒ දෙඅත් මගේ බඳවටා එතී ඇත.. සියුම් සිපුමක් ඒ පපුතුරෙහි සැඟවූ මම ඔහු සමගින් ගේට්ටුව දෙසට හැරුනෙමි..
ගතවූවේ මොහොතකි.. කන් බිහිරි කරවමින් පැතිරි ශබ්දය සමගින් සතිරු මා ඉවතට තල්ලු කරදැමීය.. මා ඉළක්ක කරමින් ඇඳී ආ වෙඩි උණ්ඩයක් ඒ සිරුර තුළ නොපෙනී යනු යාන්තමට දුටුවෙමි.. අප්‍රාණිකව ගිය මගේ සිරුර සතිරු සමගින්ම බිම ඇදවැටිණි.. පොලීසියත්, වෙඩිතැබූ පිරිසත් අතර වෙඩි හුවමාරුවක් ඇරඹිනි.. මේ සිදු වූවේ කුමක්ද.. සතිරු ඔබ ඒ සිදු කළේ කුමක්ද... නැත නැත ඔබට කිසිවක් සිදුවන්නේ නැත..
මා මෙලෙස සිට බැරිය.. මා බේරා ගත් සතිරුව බේරාගත යුතුය.. අමාරුවෙන් නැගී සිටියෙමි.. මා අසලම වැතිර සිටින සතිරුව ඔසවා උකුළ මතින් තබාගතිමි.. ඒ දෙනෙත් යන්තමින් පියවී ඇත.. කළ යුත්ත නොවැටහේ.. ඔහු අහිමි කරගැනීමට නම් නොහැක..
ස.. ස..තිරු.. සති..රු.. අනේ...හ් ස..ර් කතාකරන්න..කෝ දෙයිය..නේ..
අ..අනේ...ඇස් පියවන්න එපා.හ් ස..ර්..
මට කව්රුත් නෑ දෙයියෝ... මේ..හ් අසරණීව තනිකරන්න එපා..හ් සර්..
අනේ..හ් ස..ර්..
මම විලාප තැබීමි.. ඒත් අසන්නට කිසිවෙකුත් නැත.. පොලිස් නිළධාරීන් වෙඩි තබයි.. උසාවි බිමේ කිසිවෙකුත් නැත.. සියල්ලෝම කොහේ හෝ මුවාවී ඇත.. මොහොතකට පෙර සතිරුට තුරුළු වී සිටි තැනම බිම වාඩිවී මම ඒ හිස උකුළ මත තබාගෙන හඬා වැටුනෙමි.. සා සිපුමක් සැඟවූ ඒ පපුවෙන් වැගිරෙන රුධිරයෙන් මගේ ශ්වේත පැහැ අැඳුම පෙඟී ගොස්ය.. යන්තමින් දෙනෙත් හැර ඔහු මදෙස බැලීය..
" ම..හ්.. ම..ගේ රෝ..සමල...
මේ..හ්..ක්..උකුළ හ..රී..හ් සනී...පයි..
ම..මම..හ් ආද...ආදරේ...යි ර්...රෝස මල..හ්..ග්‍ර්..ර් .."
ඉතින් ඒ දෙනෙත් පියවීය.. මගේ උකුළමත වූ එ් හිස පසෙකට කඩා වැටුණි.. ඔහු වෙනුවෙන් කිසිවක් කරගැනීමට නොහැකිව මා අසරණ වීමි.. ඉතින් මේ #මරුකතරේ මා තනිකර දමා ඔහු නික්ම ගියේය.. ප්‍රාණය නිරුද්ධ ඒ හිස පපුවට තුරුළු කරගනිමින් විලාප නැගූවෙමි..
නමුත් ඵලක් නැත.. මගේ උකුළෙහි සුව විදීමට පැතූ ඔහු මගේ උකුළ මතම අවසන් හුස්ම හෙළීය.. ඒ ආදරබර හදවත තවදුරටත් ගැහෙන්නේ නොවේ.. ඒ නෙත් තවත් ආදර බැළුම් හෙළන්නේ නොවේ.. ඒ දෙතොල් යළි මගේ අත් සිපගන්නේ නොවේ.. ඒ සිරුර යළි උණුසුම් වන්නේ නොවේ.. ඔහු නිකම ගොස්ය.. ජීවිතය පුරාවට සතුටින් සිටින්නට මගෙන් පොරොන්දු ගෙන ඔහු මගේ සතුටත් රැගෙන නොයෙන ගමන් ගොස්ය.. වේදනාව දරුණුව දැනෙන්නේ මා සොයා පැමිණි උණ්ඩයට ඔහු උවමනාවෙන්ම මුහුණ දීම ගැනය ..
සතිරු, මා නුඹට ප්‍රේම කරන්නට ඇත.. නමුත් නුඹ තරම් ප්‍රේම කිරීමට මට කිසිදිනක නොහැක.. ඉතින් මේ ජීවත් වීමෙන් ඵලක් වේද.. නැත තවත් ජීවත් වීමට මට අවැසි නැත.. සියළු වෙඩි වරුසා දැන් නතර වී ඇත.. සතිරුගේ හදවත සේම..
ඉතින් ඔහු මියගොස්ය.. පැමිණි ගිලන් රථයේ වූ වෛද්‍යවරයා ඒ බව තහවුරු කලේය.. නමුත් ඒ හදවත හැහෙනු මට දැනේ.. ඔවු මගේ හදවත සමගම එකටම ඒ හදවත ගැහෙනු ඇත.. මට ජීවය දුන් නුඹ මා තුළම හැමදාම ජීවත් වෙනු ඇත..
" මිස්.. අපි දැන් යන්න ඕන.. සර් කිව්වේ සර් නැතුව හරි මිස්ව මේ ගමන යවන්න කියලා.. මිස් දැන් යන්න එන්න ඕන අපි එකක්... ෆ්ලයිට් එකට වැඩිවෙලා නෑ.. සර්, මිස්ට අවශ්‍ය සියලුම දේ ලෑස්ති කරලා ඉවරයි මිස්.. අපි දැන් යමු.." කොහේදෝ සිට පැමිණි සතුරුගේ සේවකයා මා අභියස සිට පැවසීය..
එසේ නම් ඔහු මේ සියල්ල බලාපොරොත්තුව හිඳ ඇත.. එබැවින් මගෙන් පොරොන්දු සපථකර ගන්නට ඇත.. ඉතින් ඔහුට පොරොන්දු වූ ලෙසින් මා ජීවත් විය යුතුය.. ඉඳ සිටි තැනින් මා නැගිට ගතිමි... මිය ගියේ ඒ සිරුර පමණි.. ඒ ප්‍රේමයවත් ඒ හදවත වත් මියගියේ නොවේ.. ඒ හුස්ම මා අතැර ගියේ නොවේ.. ඉතින් මා ඒ ප්‍රේමය ජීවත් කළ යුතුය.. නමුත් එයට මේ #මරුකතර සුදුසු නොවේ.. එවන් ආදර හදවත් වලට ජීවත් වීමට මේ #මරුකතර ඉඩදෙන්නේ නැත..
පැය කිහිපයක ඇවෑමෙන් මා කැනඩාව බලා යාමට ගුවන්යානයට නැගුනෙමි.. ප්‍රාණය නිරුද්ධ ඒ සිරුර මම මෙහි අතැර යන්නෙමි.. ඔහුගේ ආදරයත් රැගෙන තවත් පැය කිහිපයකින් කැනඩාවට මම ගොඩබසින්නෙමි... මෙලොව කොහේ හෝ තැනක ඒ හදවත මාගේ හදවත සමග ස්පන්දනය වනුඇත... ඒ ආදරය ජීවමානව තිබෙනු ඇත.. එක් අයෙකුට සැමගේම ජීවිත වෙනස් කළ නොහැක..නමුත් එකම එක ජීවිතයක් වෙනස් කළ හැක.. සතිරු සිදු කලේ එයයි.. මම ඔහුගෙන් නැවත ජීවිතය ලද්දෙමි..
~ pawana~ ✍️✍️
____________________❤️____ ___________________
මම මුකුත් කියන්නෙම නෑ.. ඔයාලට දැනෙන දේ අනිවාර්යයෙන්ම මට කියාගෙන යන්න කමෙන්ට් එකකින්.. මම බලාගෙන ඉන්නවා..
උසාවි හා නඩු ඇසීම පිළිබඳ ලොකු දැනුමක් නෑ මට.. ඒ නිසාම කතාවේ යම් වරදක් වේ නම් එය නිවැරදි කරන්න..

..........................

____________________❤️____
මම මුකුත් කියන්නෙම නෑ.. ඔයාලට දැනෙන දේ අනිවාර්යයෙන්ම මට කියාගෙන යන්න කමෙන්ට් එකකින්.. මම බලාගෙන ඉන්නවා..
උසාවි හා නඩු ඇසීම පිළිබඳ ලොකු දැනුමක් නෑ මට.. ඒ නිසාම කතාවේ යම් වරදක් වේ නම් එය නිවැරදි කරන්න..
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.