පතිවත_පුදමි_ඔබේ_නමින්♥️•••••••••••••

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
•••••••••••••••••••#පතිවත_පුදමි_ඔබේ_නමින්♥️•••••••••••••

🔴#විනාඩියක්_නැවතිලා_කියවලා_ය්න්න

" අයියේ මේ සාරියේ කටු ටික ගලවන්නකෝ "🙁

" අනේ නංගි තමුසෙම ඕවා ගලවගන්නවකෝ"😡


ඇය විවාහ වූ දා සිට ඇයට මේ වගේ දේවල් ඔහුගෙන් නිතර අසන්නට ලැබුණි..ඇය දැහැමි වර්ශා නානායක්කාර දැනට වසරකට පෙර ඇය විවාහ වුනේ යෝජිත විවාහයකින් ය..

ඔහු සෙනුර ආකාශ් විතාණගේ , ඔහු දැහැමි සමග විවාහ වුනත් එතරම් කැමැත්තක් නොතිබුණත් පවුලේ අයගේ බල කිරිමට එයට එකග වන්නට ඔහුට සිදු විය...

එදා දෙදෙනාගේ විවාහ උත්සවය නිම වී මධුසමය සදහා හොටෙල් එකට පැමිණියේ හොදටම හෙම්බත් වෙමිණි...

👸 " අයියේ මේ සාරියේ කටු ටික ගලවන්න උදව් කරන්නකෝ..."

👱 " අනේ නංගි තමුසේම ඔවා ගලව ගන්නවා මං යනවා වොශ් දා ගන්න..."

👸" අනේ අයියේ මට තනියම අමාරුයි ප්ල්ස්"

දැහැමි එසේ කියද්දී සෙනුර වොශ් රූම් එක තුළට ගියා..

👸 " අනේ තනියම ගලවගන්නත් බෑ අෆ්ෆා...සැලෝන් එකේ අක්කිට තිබ්බේ නැද්ද පොඩ්ඩක් මේක ගලවන්න ලේසි වෙන්න කටු ගහන්න....😠

අහ්හ්.....කොහොමත් මේ කටු ගහන්නේ හස්බන්ඩ්ට කියලා ගලවන්නනේ 😃"

ඇය තනියම කියවමින් සාරියේ කටු ගලවද්දී සෙනුර වොශ් රූම් එකේ සිට එළියට ආවා..

👸 " අනේ අයියේ මේ පිටිපස්සේ කටු දෙක විතරක් ගලවන්නකෝ..."

👱 " තමුසේ හරි වදයක් හලෝ..."

සෙනුර ඇයට බනිමින් සාරියේ කටු ගලවා ඇදට වැටුනේ නිදා ගන්නයි...

👸 " අයියේ ඔයා නොකාද නිදා ගන්නේ...? කෝ ඔයාගේ ඇදුම් ටික..."

එසේ කියමින් ඇය වොශ් රූම් එකට ගියාය...

👸 " අනේ මේ මැට්ටා ඇදුම් ටික වොශ් රූම් එකේම දාල "

ඇය වොශ් රූම් එකේ සිට එළියට එන විටත් සෙනුර නිදිය..

"""අනේ කන්නේ වත් නැතුව නිදි...මෙයා නැතුව මට කන්නත් බෑ,දවල් හරියට කන්නත් බැරි වුනා 😭 , බඩගිනි අෆ්ෆා මටත් ඔන්න ඔහේ මාත් නිදා ගන්නවා..."""

හැමෝටම තමන්ගේ ජිවිතේ සුන්දර දවසක් වුණ විවාහ දවස ඒ වගේම මදුසමය දැහැමිට නම් එතරම් සුන්දර වූයේ නැත...

දැහැමි එක වරම පාන්දර නැගිට්ටුනේ ඇති වූ විශාල බඩ ගින්න නිසයි...ඒ නැගිටින විටත් සෙනුර ඇදේ හිටියේ නෑ..ඒ වන විට්ත් වේලාව පාන්දර තුන පමණ වී තිබුණි...

👸 ""අනේ කෝ සෙනුර අයියා...? කෝහේ ගියාද...?""

කාමරය පුරා සොයා නැති නිසා ඇය කාමරයෙන් එළියට ආවේ සෙනුර සොයාය..එළියේ තිබූ පුටුවක් උඩට වී සිගරැට් එකක් බොමින් සිටි සෙනුර දුටු දැහැමි දිව ගොස් ඔහුගේ සිගරැට් එක විසිකර දැම්මා...

👱 " මොකද හලෝ ඒ කරපු බලු වැඩේ....?"

👸 "අනේ අයියේ සිගරැට් බොන්න එපා හොද නෑ ප්ල්ස් මං නිසාවත් නවත්තලා දාන්න..."

👱 "තමුසේ නිසා තමයි මං මේ සිගරැට් බොන්නේ..."

👸 " මොකක්ද අයියේ ඒ කතාව..? මොකක්ද මේ වෙනස අයියේ , ආපු වෙලාවේ ඉදන්...? මොකක්ද ප්රශ්නේ....? ආපූ කපුමහත්තයා වුනත් කිව්වේ ඔය සිගරැට් අරක්කු බොන් නෑ කියලනේ..."

👱 " මං අරක්කුත් බොනවා සිගරැට් බොනවා හැමදේම කරනවා.."

👸 " මට අකැමැත්තෙන්ද අයියේ බැන්දේ...?"

👱 " ඔව් අකැමැත්තෙන් තමා..මන් ආදරේ කරපු කෙල්ලව මට බදින්න දුන් නෑ ගෙදරින්...."

👸 " ඉතින් ඒ දේවල් වලට මගෙන් පළි ගන්නෙ ඇයි....? ඇයි මාව බදින්න කැමටි වුණෙ...?"

👱 " තමුන්ට මං කැමති නොවුනනම් මට ගෙදරින් තව ඒව හොයයි මට ඒක ලොකු වදයක්..."

👸 " හරි අපි ඕවා පස්සේ කතාකරමු..දැන් යමු නිදා ගන්න..."

👱 " ඔයා යන්න මං එන්නම්..."

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

දෙදෙනාම විවාහයෙන් පස්සේ ජිවත් වුනේ වෙනම ගෙදරක තනියම...උදෑසනම වැඩට යන සෙනුර නැවත ගෙදර එන්නේ ඔහු එනකම් මග බලන් ඉන්න දැහැමිටත් නින්ද ගියාට පසුවයි......

👸 " අම්මෝ අද නැගිටින්නත් පරක්කු වුණා..මට සෙනුර එනකම් බලන් ඉදලා මේ පුටුවෙම නින්ද ගියානේ...මෙයා ආවද දන් නෑ......?"

ඇය දිව ගියේ කාමරය දෙසටයි.....

👸 " අහ් මේ නිදා ගෙන ඉන්නේ මැට්ටා....පව් චූටි හා පැටියෙක් වගේ නිදි..."

සෙනුරට ඔෆිස් යාම සදහා ඉක්මනින් කෑම ලැස්ති කර ඔහු කෑම මෙසයට එනතුරු බලන් හිටියත් සෙනුර ආවේ නෑ.....

👸 " අයියේ එන්නකෝ කන්න..."

👱 " බෑ මට පරක්කු වෙලා...."

👸 " එතකොට කවුද මේව කන්නේ...? "

👱 " ඔයාම කන්න මං යනවා බායි..."

👸 " අයියේ මේ..... කෑම එකවත් අරන් යන්නකෝ..."

👱 " එපා මං අද පිටින් කන්නේ..."

තම ආදරණිය බිරිද උදෑසන නැගිට සදා දෙන කෑම ටික කන්න හෝ ඔහුට වගක් නැත...

📞

👸 " හලෝ..."

👱 " ඔව් කියන්න"

👸 " කොහෙද අයියේ ඉන්නේ..."

👱 " ඔෆිස් එකේ ඉන්නේ වැඩ වැඩ...."

👸 " කන්න අයියේ හොද ද...?"

👱 " හා... හා.... මං තියෙනවා...."

ඇයට සෙනුර කෙතරම් වෙනස්කම් කරත් ඇය ඔහුට ගොඩක් අවංකව ආදරේ කරා....

ඇය වැඩිය සමාජෙට නොගිය කෙනෙක්,ගෙදර වැඩ කරන් ඇය ඇයගේ පාඩුවේ හිටියේ පමණි..

වෙනදා මෙන් මහ රෑ වී පැමිණි සෙනුර නිදා ගන්නා විටත් දැහැමි ඇදේ නිදිය.වෙනදා ඔහු එන තෙක් සෙටියට වි ඉන්නා ඇය අද ඇදේ නිදා ගෙන සිටිම සෙනුර එතරම් තැකීමකට ගත්තේ නෑ..පසුදා උදෑසන දැහැමි නැගිටන විටත් සෙනුර වැඩට ගොසිනි...

""" අනේ දෙයියනේ වෙලාව නවයත් වෙලා...කොහෙද මේ ඔලුව කැක්කුමක් නිසා ඊයේ රෑ නින්ද ගියානේ...උදේට කන්නෙත් නැතුව අයියා යන්න ඇති...කෝල් එකක් අරන් බලමු.."""

📞

👸 " හලෝ ගුඩ් මොර්නින් අයියේ "

👱 " ආ... මැඩම් නැගිට්ටද..? "

👸 " අනේ නින්ද ගියා මගෙ ඔලුව රිදෙනවා අයියේ... ඔයා උදේට කැවද අයියේ...? අනේ කඩෙන් කන්න මහත්තයෝ අදට විතරක්......"

👱 " හා හා මං තියෙනවා වැඩ.."

👸 " අයියේ මං බෙහෙත් ගෙ....."

ඔහු දුරකථනය විසංදි කර හමාරයි...ඇය ලැස්ති වී බෙහෙත් ගැනීම සදහා පිටත් වුනා...

බෙහෙත් ගෙන ඇය ගියේ නගරයේ ඇති විශාල උද්‍යානයට ගියේ ටිකක් නිදහසේ ඉන්නටයි...

බංකු වල තුරුල් වී සිටින පෙම්වතුන් අම්මා තාත්තා එක්ක සෙල්ලම් කරන කුඩා දරුවන් දෙස බලා සිටි ඈ නැවත යන්නට පිටත් වුණත් ඇය දුටු දෙයින් ඇස් වලට කදුළු පුරවන් ගෙදර යන්නට විය....

මෙසේ දින ගනන් ගෙවී ගොස් දෙදෙනාගේ පළමු විවාහ සංවත්සර දිනයත් උදාවිය...

📞

👸 " අයියේ අද ටිකක් කලින් එනවද ගෙදර....?"

👱 " ඇයි ඒ බලමුකො...."

ඔහුට මේ දිනය අමතක ගොස්‍ ය..ඉතා ලස්සනට නිවස අලංකාර කර ඒ වගේම ලස්සන චුටී කේක් එකක්ද ගෙන සෙනුර ආසම කෑමත් සදා ඔහු එනතුරු දැහැමි මග බලා සිටියා.වෙලාවත් ප්‍රමාද නිසා දැහැමි ඔහුගේ දුරකථනයට කෝල් ගත්තත් එය ඒ වන විට ක්‍රියාවිරහිත වී තිබුණා....

සෙනුර නිවසට පැමිණෙන විට වේලාව පාන්දර දෙක පමණ වී තිබුණු අතර ඔහු නිවස තුළට එනවිට ලේ විලක් මැද දැහැමි බිම වැටි සිටියා......

👱 " අනේ දැහැමි නංගි මොකද මේ කතාකරන්නකෝ......නංගි........?

ඒ වන විටත් ඇය මෙලොව හැර ගොස් අවසානයි..මේස උඩ ලේ ගැවී තිබු ලිපියක් දුටු සෙනුර ඒ වෙත දිව ගියේය.....

මගෙ මහත්තයෝ....... ,


මට සමාවෙන්න මගේ මහත්තයෝ මගේ ලෙඩේ ඔයාට හැංගුවට... එදා මං බෙහෙත් ගන්න ගිය වෙලාවෙයි දැන ගත්තේ මට පිළිකාවක් කියලා.. ඒ වෙනකොට මගේ ලෙඩේ උපරිම තැන තිබ්බේ.. මං ඔයාට කිව්වේ නැ‍ත්තේ මේ මං ඉන්න ටික කාලේ ඔයාට තවත් එක වදයක් වෙන්න බැරි නිසයි.. මාව බැන්ද දවසේ ඉදන් ඔයාගේ සතුට මේ ගේ ඇතුලේ නොවුනට ගෙදරින් පිට ඔයාට ඒ සතුට තිබ්බා කියලා මං එදා හොදටම දැක්කා මහත්තයෝ , ඔයාගේ ලස්සන සුරංගනාවි එක්ක පාර්ක් එකේ බංකුවේ තුරුල් වෙලා අයිස්ක්‍රීම් කෑව නේද මහත්තයෝ ...... ? මං එක බලන් හිටියෙ ලොකු වේදනාවකින්....මං හිතන්නේ ඒ ඔයා මට එදා කිව්ව ඔයා ආදරේ කරපු කෙනා වෙන්න ඇති..

ඒ දේවල් හැමදේම ඉවසුවේ මං මේ ඉන්න දවස් ටික ඔයාගේ හෙවනේ ඉන්න ආස නිසා මහත්තයෝ ..... තව දවසක් මං දැක්කා එයාට ලස්සන ගවුමක් ඔයා අරන් දෙනවා..ඒක නම් ගොඩක් ලස්සනයි ..... එයා මට වඩා ගොඩක් ලස්සනයි නේද......? ඔයාගේ ඔෆිස් එකේමයි කියලත් මං හොයා ගත්තා..ඒ වගේම එයා එක්ක හොටෙල් වලට ගිහින් ඒ සාරිය හරි ආදරෙන් ගලවද්දී ඒදා මගේ සාරියේ කටු දෙක තුන කේන්තියෙන් ගලවපු හැටි මට මතකයි රත්තරන්

මේක ලියන මොහොතේ මගේ ඇස් වලින් කදුළු වැටෙන් නෑ රත්තරන් වැටෙන්නේ ලේ...මට දැනෙනවා තව මට තියෙන්නේ ටික වෙලාවයි කියලා එත් මං උත්සහ කරන්නම් ඔයා එනකම් ඉන්න අපේ මේ චූටි කේක් එක කපන්න රත්තරන්...

මං අද මැරුණාම ඔයාට ඔයාගේ ඒ සුරංගනාවි ගෙන්න පුලුවන් වෙයි අයියේ..... ඔයා ගෙදර අයට මං නැති දුක පෙන්නලා ගෙදර අයට බල කරලා එයාව ගෙදර එක්කන් එන්න අයියේ...

මට එක සතුටක් තියෙයි සුදු අයියේ ජිවිතේ කවදාහරි මගේ මහත්තයට පුදන්න තිබ්බ මගේ පතිවත තාමත් නොලැබෙන ඔයාගෙ නමින් ලියවිලා තියෙන්නේ.... ඔයාගේ සුරංගනාවි එක්ක සතුටින් ඉන්න අයියේ ,මං නවතිනවා...ආදරෙයි රත්තරන් මහත්තයෝ ගොඩක්...
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI