" කොහෙද මෝඩියෙ යන්නෙ එයාලට නිදහසෙ ඉන්න දීලා එනවා යන්න මාත් එක්ක."

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
My lover ( කෙටි කතාවකි.)
( එක දෙයක් 😒 දාන දාන හැම එකම මගෙ කතා නෙවෙ අප්පා 😪😪😪 සමහර සමහර අය ගොඩක් කතා වලදි අහනවා මේක මගෙ කතාව නේද කියලා. ලියන හැම කතාවක්ම මගෙ අත්දැකිම් වෙන්නෙ නැ. සමහර විට යාලුවෙක්ගෙ කතාවක් එහෙමත් නැත්තම් නිකම් හිතට දැනිච්ච කතාවක් වෙන්නත් පුලුවන්. 😒 හැමදේම මගෙ කතා නෙවෙ මේක අවස්තවක් කරගන්නවා ඒක කියන්නත්. කලින් කතා වලදි ඇහුව නිසා ඔන්න දැන් කිව්වා..)
කියවල ඔබගෙ අදහස් වචන කරන් යන්න 😍😘 හොරෙන් යන්න එපා ඔන්න.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඕලෙවල් ඉවර වෙලා ඒලෙවල් කරන්න යනවා කියන්නෙ ලොකු වැඩකට මුල පිරීමක් තමා ඉතින්😒 පාසල් ජීවිතෙ සුන්දරයි කිව්වාට ඒ කාලෙදි ඒම තෑරෙන්නෑනෙ. ඕන්න ඉතින් හා හා පුරා කියලා ආර්ට් විශය තෝරගෙන අමතර ක්ලාස් එකකුත් හොයගෙන ස්කෝලෙත් ගිහින් යුද්දෙ වගෙ තමා ඉතින් එලෙවල් පටන් ගත්ත කාලෙ.
" දිල් "
" කියහන් බං"
" ක්ලාස් එක හොදයි නේද"
" ඔව් ඔව් අපි මිලා ට කියමු පොඩ්ඩක් එයා ක්ලාස් යද්දි අහන් එන්න කියලා හොද ක්ලාස් එකක් . සෙව් ඔයා එයාට කියනවද "
සෙව් කියන්නෙ මාත් එක්ක ආර්ට් ක්ලාස් එකට යන මගෙ හොද යාලුවෙක්. ඕලෙවල් කාලෙ ඉදන් පොඩි ෆිට් එකක් තිබ්බා. එතකොට මිලා කියන්නෙ මගෙ පොඩි කාලෙ ඉදලා යාලුවෙක්. එයා නම් කොමස් ඒම උන කියලා අපේ යාලු කම නැති උනාද නෑනෙ නෑනෙ.😏
ඔන්න අපිටත් හොද ක්ලාස් එකක් සෙට් උනා. අපි ක්ලාස් ගියා. පොඩි ජොලියක් තිබ්බ මුල් කාලෙ. අපෙ විශයන් වලට ගොඩක්ම හිටියෙ නැ ලමයි. 1000 ක් විතර ඉන්න පන්තිකයකට ගියෙ නෑ. ඒත් 100ක් වගෙ ඉන්න ඇති කියලා මං හිතනවා.
" මේ පොඩ්ඩක් ඔයාගෙ පොත දෙන්න පුලුවන්ද?"
" ඇයි"
මම ඇහුවෙ පුදුමයෙන් 😱😱 මෙයාට මොකටද මගෙ පොත 😒 කොල්ලෙක්ගෙන්ම ඉල්ලගන්න බැරියැ. අහ් අමතක උනානෙ මේ පොත ඉල්ලන්නෙ කොල්ලෙක්🙄
" මේ නෝට් එක නෑ ඔයා ගාව තියෙනවද?"
" අහ් ඔව් තියෙනවා මේ ටික නම්"
" මගෙ යාලුවත් එදා ඇවිල්ල නැ😩 පුලුවන්ද දෙන්න නෝට් එක"
" හරි අහ් නෝට් එක ලියාගෙන දෙන්න"
එහෙම කියලා සෙව් එක්ක මං කතාවට වැටුනා. විනාඩි 15කට විතර පස්සෙ එ කොල්ලා පොත දුන්න මං දිහ බලල ලස්සනට හිනා වෙන ගමන්. මාත් ඉතින් මගෙ ලස්සන හිනාවෙන් සංග්රහ කලා😂😂
මං ටිකක් ලස්සනයි🙈🙈 ලොකු කමට කිව්වෙ නැ හරිද😣😣 චුට්ටයි වැඩිය නෑ. කොල්ලො බලනවනෙ එයාලා තමා කියන්නෙ.😂😂
" ඒ අද ස්කෝලෙ වැඩ කලාද බං"
" නෑනෙ යකො😱😱😱"
" මටත් අමතක උනා කියහන්කො😪😪"
" සට ගාලා කරමු දැන් ටීච එන්න කලින්"
අපෙ තත්වෙ ඕකයි😂😂 . හැමදාම අර ක්ලාස් එකෙදි කොල්ල පොඩ්ඩක් බලනවා වැඩිය නැ. කෙල්ලොන්ගෙ තියෙන තෙවැනි ඇසෙන් දැක්කා ඕවා 😂😂.
" ආදිත්ය"
" අහ් මචන්"
" අද හවසට අපෙ ගෙදර යන්ද බං"
" යමන් යමන්"
එහෙම කියන ගමන් එයා මගෙ දිහත් බැලුවා🙄.
මේ මොන විගඩමක්ද😂 මූගෙ වැඩෙ බලන එක. මොනා උනත් මෙයාගෙ නම ආදිත්ය නෙ😂😂.
මෙහෙම කාලය ගෙවිලා යද්දි ටිකෙන් ටික ආදි අපේ යලුවෙක් උනා. කාලය හිමීට ගෙවීගෙන ගියා. යාලු කමට අමතර මුකුත් දෙන්නම හිතුවෙ නම් නැ. අපි ඉතින් කතා බහ කරගෙන හිටියා. සර් අපිව කන්ඩායම් කරා . ඒ වෙලේ දී ආදී වැටුනෙ අපෙ එකට. සෙව් යි මායි එකට තමා සර් දාන්නෙ දන්නවා ඉතින් මං නැත්තම් සෙව් නැ සෙව් නැත්තම් මං නෑ කියලා😂
" ඒක නෙවෙ අදුරනවා උනාට අපි ඔයාලගෙ නම දන්නෑනෙ.🙄"
" මේ ඉන්නෙ සෙව්වන්දි "
මම පැනලා ඉස්සෙල්ලාම කිව්වෙ සෙව් ගැන😏
" එතකොට ඔයා "
මගෙ නම කිව්වෙ නැති නිසා ආදී ඇස් ලොකු කරන් ඇහුවා
" මං දිල් "
මම ඉතින් නිකම් කියලා දැම්මා.
" මං ආදි "
එයා එහෙම කියද්දි මං නම් හිතින් හිතුවෙ මං දන්නවා කියලා
" මෙයා සහස්ර"
එයා නම් වැඩි කතා බහක් නැ හින උනා විතරයි.
ඒලෙවල් ඉවර වෙන්න ආසන්න වෙද්දී ආදි නම් ක්ලාස් ආවෙ නෑ ගොඩක් අය ඇයින් වෙලා හිටියේ. සර්ට අසනීප වුන නිසා දිගටම ක්ලාස් තිබ්බෙ නැ.. අපිත් නැවතුනා. ඒලෙවල් කලා අපි අවුරුදු දෙකක් ගෙවිලා යනවා අපිටවත් තේරුනෙ නෑ. ඒලෙවල ඉවර වෙලා මාස දෙකක් යද්දි හිතාගන්න බැරි දෙයක් සිද්ද උනා. Fb එකෙ රික්වෙස්ට් ගොඩ බලද්දි දැක්කෙ හුරුපුරුදු මූනක්. ඒ වෙන කවුරුත් නෙවෙ ආදි..😱😱
" හායි"
රික්වෙස්ට් එක ගත්තා විතරයි msg එකක් එනවා හායි කියලා ආදිගෙන්.
" හායි ආදි"
" මාව මතකයි නේ"
" නැතුව යාලුවො අමතක වෙනවද එහෙම"
" අහම්බෙන් ඔයාගෙ fb අකවුන්ට් එක දැක්කා රික්වෙස්ට් එකක් දැම්මා ඉතින්"
" හොදයි හොදයි කෝමද ඉතින් ජීවිතෙ"
" වරදක් නැ මෙයා"
හුගකාලෙකින් හම්බුන පලවෙනි දවසනෙ . අපි හුගක් මැසෙජ් කලා. කෝමත් යාලුවොනෙ.
දවස් දෙකක් යනකම් අපි මැසෙජ් කරෙ නම් නෑ. මං ඉතින් ඔහේ වැඩ කරගෙන හිටියා .
" කෙල්ලට අපිව මතකවත් නැ නෙ මැසේජ් එකක් දාන්න"
" එහෙම නැ අනෙ"
මං එහෙම කියල දැම්මා ඉතින්
"ඉතින් මොකද කරන්නෙ"
ඔහොම ඉතින් දවස් කිහිපයක්ම ගෙවිලා ගියා. එයා මාසයක් විතර ආවෙ නෑ fb ඊට වැඩිද කොහෙද. කෝම හරි ඒලෙවල් රිසාල්ත් ඇවිල්ලා. මං දැක්කා එයාගෙන් මැසෙජ් එකක් ඇවිල්ල තියෙනවා.
" අහ් ආදි මොකු කාලයක් පේන්න හිටියෙ නැත්තෙ "
"4න් එක කැඩුනනෙ සුදු😒😒"
" සුදූ😏😏"
" ඇයි අවුල්ද"
" ඔව් මං සුදු නෑ"
" මොකද නැත්තෙ"
" සුදු නෑ කිව්වනෙ😒"
" සුදුයි කිව්වනෙ"
" හා හා ඉතින්😒😒😒"
" රිසාල්ට් කොහොමද"
" ඔයාගෙ කෝමද😏😏"
මං එයාගෙන් පෙරලා ඇහුවා.
" මට C1 S2"
" අහ් හොදයි... මට C3"
" අහ් මරු මරු.. "
දැන් හැමදාම වගෙ මැසෙජ් කරනවා. ගොඩක් හොදට අදුන ගත්ත අපි. එයාගෙ බූට් කතා මගෙ බුට් කතා😏😏හෑම දෙම කතා කරා.
" දවසක මං ඔයාව බලන්න එන්නම්."
එයා එහෙම කිව්වාම මට පුදුම හිතුන 😲
" ඒ මොකටද😒 "
මං ඇහුවෙ ටිකක් තරහෙන්.
" නෑ නිකම් හුග කාලෙකින් දැක්කෙ නෑනෙ."
" හේ හී හරි හරි..."
" එහෙනම් දවසක මීට් වෙමු නේහ්"
" හරි ඉතින්"
එහෙම ගෙවෙද්දි එයා දවසක් මං එලියට යාලුවො එක්ක යද්දි එයා එන්න ඇහුවා. මාත් හා කිව්ව. ඈතදිම මට එයාව අදුරගන්න පුලුවන් වුනා.
" අහ් දිල් අදුරගත්ත නේහ්"
" ඔව් ඔව්"
මං එහෙම කියලා හැරුනෙ සෙව් දිහාට.
" මතකද මෙයාව "
" අඩෝ මතකයි මතකයි.."
" කට්ටියටම මතකයි නේ මාව"
ආදි හිනා වෙන ගමන් කිව්වා.
" කෝ සෙව් උබෙ මිනිහා නැද්ද තාම. "
" අර එන්නෙ බං"
" අහ් යමං යමං "
සෙව් ගෙ කොල්ලා එනකම් තමා බලාගෙන හිටියෙ. එයාලා බස් එකේ පාර්ක් එකට යන්න ලෑස්තිය. ආදිත් දන්නවා ඒක .
" ආදි ඔයා මොකද කරන්නෙ කොහෙද යන්නෙ දැන් ඔයා."
" ඔයාලගෙ යාලුවො යන තැනටම තමා"
කටකොනින් ලස්සනට හිනා වෙන ගමන් කිව්වා.
" අහ් ඇත්තද. පාර දන්නවද😏 එහෙනම් යන්න මං එයාල එක්ක එන්නම් බස් එකෙ."
එහෙම කියලා හැරෙන්න යද්දිම.
" කොහෙද මෝඩියෙ යන්නෙ එයාලට නිදහසෙ ඉන්න දීලා එනවා යන්න මාත් එක්ක."
අතින් අල්ලගෙන බයික් එකට නගින්න කිව්ව ගමන් මන් බැලුවෙ වටපිට කවුද ඉන්නෙ කියලා.
" අත අරිනවා කවුරු හරි දැක්කොත් හිතයි මොනා හරි"
" කමක් නැ අපි යාලුවොනෙ නගිනවකො "
අදුරනවනෙ කියලා හිතාගෙන නැග්ගා ඉතින්. කොම හරි අපි එතනට ගියා. කතා බහ කර කර ඉදලා කාලා බිලා අපි ආවා.
දවස් දෙක තුනක් වෙනදා වගෙම ගෙවිලා ගියා.
" දිල්"
" කියන්න "
" දෙයක් අහන්නද"
" මොකක්ද"
" මං ඔයාට කැමති කිව්වොත් මොකද කරන්නෙ"
" අහ්"
මං බය වෙලා වගෙ බලාගෙන හිටියෙ..
" මොනා කියන්නද "
" ඇයි උත්තරයක් දෙන්නැද්ද"
" ඒවා හිතන්න ඕනෙ"
" එහෙනම් හිතලා කියන්න"
" මොනාද"
" කැමතිද කියලා"
මොනාද මෙ ආදී කියන්නෙ පිස්සුද කියලයි මට හිතුනෙ.
" ඔයා විහිලු කරනවද ආදි "
" නැ ඇත්තට කිව්වෙ"
" හ්ම්"
මට කට උත්තර නැ😏😏 වෙනද වගෙම යාලුවෝ වගෙ අපිකතා බහ කරා..කාලයක් යද්දි මගෙ හිත එයා ගාවට ඇදිලා ගියා. ඒක එයත් දන්නවා. ඔහොම ගිහින් අපෙ ආදර කතාව ඇරබුනා. මාස ගානක් ගිය. අපි සතියට එක පාරක් මීට් වෙනවා. ක්ලාස් ගිය නිසා මං. අපි පාර්ක් ගියා ගොඩක් ආදරෙන් හිටියා .
" අපි ලබන සතියෙ ෆිල්ම් එකක් බලන්න යමු"
" අහ්😱😱 මං කොල්ලෙක් එක්ක ෆිල්ම් බලන්න ගිහින් නෑ😱"
" එහෙනම් මාත් එක්ක යන් පලවෙනි වතාවට"
" ම්ම්"
" අකමැතිද"
" ඒම නැ"
" බය වෙන්න එපා බොක්ස් යන්න නෙවෙ අඩගන්නෙ"
මගෙ මුන අල්ලලා හොලවන ගමන් කිව්වා
" හරි මෝඩයො මං ඒම කිව්වද?"
" නැ කියන්න බෑනෙ එහෙම හිතනවද කියලා"
එහෙම කියලා ශේප් එකෙ මගෙ කම්මුල කිස් කරා .
හිතන්නෙත් නැති තරම් මං එයාට ආදරෙ කරන්න ගත්තා. එයාගෙන් ලැබුනු ආදරේට ගොඩක් ලෝබ හිතුනා . එයා මට කලින් ඉදන්ම කියල තිබ්බෙ මොනම දෙයක් නිසාවත් මගේ වටිනම දෙ නම් මැරි කරනකම් ගන්නෙ නෑ කියලයි. වෙන කපල් වගෙන හැනදාම රන්ඩු
" මේ "
" කියන්න මැට්ටො"
" මං රූම් යන් කිව්වොත් එනවද?"
" අහ් පිස්සුද"
" හරි හරි එනවද කියන්නකො"
" මොකටද අපි රූම් යන්නෙ ඔයා කිව්වානෙ ඒවා කරන්නෑ කියලා"
මං හිටියෙ පුදුම වෙලා..
" නෑ නෑ මං වැරැද්දක් කරන්න නෙවෙ එක ඇහුවෙ. ඔයා මං එහෙම නොකරයි කියලා විශ්වාස කරලා එනවද කියලා ඇහුවෙ "
" මං දන්නැ "
" හරි. නිකම් හරිද ඇහුවෙ."
" ඒත් ඇයි එහෙම ඇහුවෙ"
" නිකම් අනෙ දැනගන්න "
එහෙම ගෙවිලා ගියත් මට එයා ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. එයා රූම් යන එක ගැන ඇහුවෙත් වැරදි අදහසකින් නෙවෙ කියලත් මං දන්නවා ...
****
මං එයාට ඇත්තටම ආදරෙ කරන නිසා මං හිතුවා මේ සම්බන්දෙ ගැන අම්මාට කියන්න. අම්මාත් විස්තර ඇහුවා. ඒ එක්කම එයත් එයාගෙ අම්මාට කියලා තිබ්බා. ඔහොම ඉද්දි අපි ගියේ ලස්සන දිය ඇල්ලක් බලන්න. පැය දෙකක් විතර මෙහෙම ඉද්දි එක පාරටම මහ හයියෙන් වහින්න ගත්ත. අපි දුවගෙන ගියෙ එතන තිබ්බ ගෙයක් ගාවට. ඒකෙ රූම්ස් එහෙම දෙන එකක්. එ දිගටම ඒ වගෙ ඒවද කොහෙද තිබ්බෙ . මාව තෙමෙන්නෙ නැති වෙන්න කුඩේ අල්ලලා එයා හොදටම තෙමිලා😂 පවු.
විනාඩි 30ක් විතර බලන් හිටියා වැස්ස පායන පාටක් නෑ.
" අපි මේකෙන් රුම් එකක් ගමුද"
" අහ් "
" වැරදියට හිතන්න එපා මේ වැස්ස නවතිනකම් විතරක් ඉමු."
" හරි "
එහෙම කියලා අපි රූම් එකක් ගත්තා .
ටික වෙලාවක් හිටියා😂😂 මුකුත් වුනේ නම් නෑ😂😂 හොද කොල්ලා කියලා හිතුන ඉතින්😒😒
අපි දෙන්න රූම් එකෙ හිරියට හිටියේ ඉතින් පර්ක් එකෙ වගෙ තමා කත කර කර අතින් අල්ලගෙන😂😂 ඔහොම කතා කර කර ඉද්දි පොඩි රන්ඩුවකුත් ගියා දන්නෝනෙ ඉතින් අපෙ හැටි😂😂. තරහ වෙලා හිටියෙ මං😒😒
" අනෙ මැට්ටි යාලු වෙනවාකො"
" මට බැ"
" එහෙනම් කිස් කරනවා"
" දෙන්නෙ පයින්😒😒"
" එහෙනම් වෙන මොනා හරි කරනවා 😒"
" ඒවට ආවෝත් මං යනවා යන්න"
එහෙම මං කිව්වා . හිතුන්නත් කලින්. ආදි බර වුනෙ මගෙ තොල් වලට.🙈🙈 විනාඩි කිහිපයක්ම ඔහුගෙ ග්රහනයට නතු වෙලා හිටිය මං පියවි සිහියට ආවෙ ඒ ග්රහනයෙන් මිදුනු පසුවයි🙈🙈 දැන් ඉතින් ලැජ්ජාවෙ බෑ. හිනාවෙන් ඉන්න ආදි දිහා බලාගෙන මං ඒක අමතක වෙන්නත් එක්ක වෙන කතාවක එල්ලුනා.
" මේ"
" ඕ"
" ඔඩොක්කුවෙ දොයියගන්නද මං"
හරි අහින්සක විදිහට එයා මගෙන් ඇහුවා . ජනේලේ දිහා බැලුවාම තාම හයියෙන් වහිනවා...
" නිදගන්න ඉතින්🙈"
ඔන්න ඉතින් ඔඩොක්කුවෙ සැපට නිදි.. මාර නිදිකුම්බරයෙක්. මෙන්න මේක නිදි😒😒 පැය භාගයක් විතර ගිහින් ඇහැරුනේ තව නිදිමතායි කියාගෙන්😂. එහෙම්මම මාව තුරුල් කරගෙනම මෙයා නිදාගන්න ගත්ත😱😱😱 මට මේ නුහුරු අත්දැකිම් නිසා පපුව වේගෙන් ගැහෙන්න ගත්තා..
" බය වෙලා නෙ ඉන්නෙ"
ආදි මගෙ මූන බලාගෙන ඇහුවා .
" අනෙ මන්ද"
කියන්න දෙයක් නෑ ඒ නිසා මං එහෙම කිව්ව ඒත් මගෙ විශ්වාසයක් තියෙනව ආදි මට වැරැද්දක් නොකරනව කියලා.
"මෙතන මරු නේද"
" අහ් මරුද"
මං ඇහුවෙ කොන්ඩෙන් අදින ගමන්.
" නැ ඉතින් නිදහස් නිසා කිව්වෙ😒😒"
" හී"
එහෙම කියලා ආදි නැවත බර වුනේ මගෙ තොල් වලට🙈🙈 ..
වැස්ස පෑව්වට පස්සෙ අපි ගියා.😏 අහ් තාම මං කෙල්ලෙක් ඕකේ. මගෙ හිතේ තිබ්බෙ එයා ගොඩක් හොද කෙනෙක් කියන එක.
" මෙ දෙයක් අහන්නම්"
" අහන්න"
ගෙදර ගියාම ආදිගෙන් මං ඇහුවා ..
" ඔයාට හිතුනෙ නැද්ද වැරැද්දක් කරන්න"
" මාත් මනුස්සයෙක්. මටත් හැගීම් තියෙනවා. ඒම උනත් මට ඔයාට එහෙම දෙයක් කරන්න බැ. මං ඔහොම කරලා අපි රන්ඩු උනම හරි මොකක් හරි දෙයක් වුනොත් හරි කොහොමද ඔයා වෙන කෙනෙක් ගාවට යන්නෙ. ඔයා හොදටම මං ගැන දන්නවනෙ. මට බැරි කමක් නැ ඔයාට එහෙම දෙයක් කරන්න. නොකරන්නෙ මට මොනා හරි උනොත් හරි ඔයාට කිසි බයක් නැතුව වෙන කෙනෙක් ගාවට යන්න පුලුවන් වෙන්න. නැත්තම් මං බලෙන් හරි ඔයාව රූම් අරන් ගිහින් මොනවා හරි කරනවනෙ. කොල්ලෙක් හිතන්නෙ ඒ දේ කරන්න දෙනව නම් කෙල්ල ඇත්තටම ආදරෙයි කියලා. කෙල්ලෙක් බය වෙන්නෙ ඒක කරොත් දාලා යයි කියලා එක එකකෙනාගෙ සිතුවිලි හැමෝම එක වගෙ නෑනෙ. අපි ආයෙ රුම් ගියත් මට මොනා හරි කරන්න හිතුනත් කරන්නෙ නැ ඒක මං මටම දුන්න පොරොන්දුවක්. කවදවත් එහෙම කරන්නෙ නැ මං මැරි කරලා මගෙම වෙනකම්"
" ම්ම්ම්"
මං එච්චරයි කිව්වෙ. මං එයා ගැන හොදට දන්නවා. එයා කොයි වගෙ කෙනෙක්ද කියලා.
****
අද මං මංගල පෝරුව උඩ ඉන්නවා මගෙ ආදි එක්ක 😍 මෙ ඉන්න වෙලාවේ මගෙ ජිවිතෙන් කොටසක් මතක් කරේ අද විශේෂ දවසක් නිසා. අද මං මගෙ ආදිවම කසාද බදිනවා..... මගෙ ආදි හැමදාටම මගෙ වෙනවා.. හැම දේම ඉවර වෙලා දැන් ඉතින් ටිකෙන් ටික ලං වෙන්නෙ හනිමූන් එකට 😂😂
ඉස්සෙල්ලාම කටු ගලවන්න එපෙයි ඉතින්. එ තරම් ඔලුව බරයි කටු වලින්ම. හම්බෙ ඔලුව බදාගෙන නිදගන්න තිබ්බ නම් කියලයි හිතෙන්නෙ. වොශ් එකක් දාගෙන ඇවිල්ලා ආදි එනකම් බලාගෙන හිටියා . දෙන්නාම හෙම්බත් වෙලා වගෙ තමා😂.
පලවෙනි වතාවට අම්මලා නැතුව රැයක් ගත කරනවා😱😱. ටික වෙලාවක් ගෙවිලා ගියා මාවත් තුරුල් කරගෙන ආදි අපේ ආදරෙ ගැන කතා කරා.හීනයක් වගෙ දැනුනෙ ආදි අද ඉදන් මා එක්ක කියලා දැනුනාන. ටික වෙලාවකින් ආදි මගෙ දෙතොල් මත හාදුවක් තැබුවෙ හරිම ආදරණීයව. කෙමෙන් කෙමෙන් අනුරාගි හෝරාවන් ගෙවි ගිහින් ...
උදෑසන ලැජ්ජාවෙන් පිරිච්ච මුනෙන් මං නැගිට්ටත් වෙලාවට ආදි තාම නිදි. ඇදෙන් බහිද්දි ... ඇද මත තියෙන සුදු රෙද්දෙ මත ඇති අපේ ආදරෙ පිවිතුරු බවෙ සංකේතය දැකගන්න ලැබුනා..........................................................
නිමි.....❤️❤️❤️
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI