සුදු_මහත්තයෝ_ඔයාගෙ_වෙඩිමට_මම_ආවා😢😞💔

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

🔴#විනාඩියක්_නැවතිලා_කියවලා_යන්න

මට තියෙන ලස්සනම ඇදුම ඇදගෙන මම ආවා ඔයාව බලන්න. ඇතුල් වෙනවත් එක්කම උඹෙයි එයාගෙයි නම ලොකු බොඩ් එකෙ දකිනකොට වාව ගන්න අමාරු වුණා සුදු මහත්තයෝ මේ මට... ඔයාගේ අතේ එල්ලීගෙන අද වගේ දවසක ඔයාගෙම ගෙදරට යන්න ගොඩක් හින මැව්වා...මටත් වැඩිය ඔයා කිව්වා මතකද සුදු මහත්තයෝ...

මොනව වුනත් ඔයා දැන් මගෙ නෙමෙයි...ලස්සනට කොණ්ඩේ කපලා ආසම විදිහට කෝට් සූට් ඇදන් අද උඹ , ඒ හැම දෙයක්ම කාටත් වඩා ලස්සන්ටම පෙන්නෙ මට සුදු මහත්තයෝ.. වෙනදාට පොටො ගහමු කියනකොට මට බැන්න ඔයා අද ලස්සන ලස්සන පොටො ගහනවා සුදු මහත්තයෝ එක එක විදිහට.. මිනිස්සු ගොඩක් අතරින් හරි අඩම්බරයෙන් එහෙ මෙහෙ යනවා ඔයා ඔයාගේ ලස්සන මනමාලි එක්ක සුදු මහත්තයෝ.. ඔයා එයාව ඔයාගේ අතේම එල්ලගෙන ඔහොම යද්දී මට මැවෙන්නේ ඒ මං උනානම් කියලා.. ඔයයි ඔයාගෙ යාලුවොයි සේරම ඔයාගේ නෝනව වට කරගෙන නටනකොට මමත් දුරින් බලන් හිටියා සුදු මහත්තයෝ ඈත තියෙන කවුරුවත් නැති මේසේට වෙලා තනියෙම...

මට මතකයි ඔයාටත් ලස්සන හිනයක් තිබුනා මේ වගෙ දවසක් වෙනුවෙන්.. ඔයාගෙ යාලුවො නැදැයො ඉස්සරහ ඒ වගෙ දවසක් ගැන ඔයාගෙ හිතෙ තිබුනා.. ඒත් ඒ ආසාව හිනේ මාත් එක්ක ඉන්න නෙමෙයි තිබිලා තියෙන්නේ. මට දැන් ඔයාව කොහොමවත් අයිති නැ..මට ඇඩෙන එකක් නැ මොකද දුක කියන දේට දැන් හොදට හුරු වෙච්ච කෙල්ලෙක් මමත්.ඔයාගෙ සතුට දැකල මට දැන් හිනා වෙන්න පුලුවන් සුදු මහත්තයෝ...

"රත්තරන් මට මේ දවස් ටිකේ කන්න සල්ලි නෑ , බෝඩිමට දෙන්න සල්ලි නෑ" කියද්දී මං මගේ චේන් එක උගස් කරපු වාර අනන්තයි. එහෙන් මෙහෙන් ලෝන් අරන් ඔයාට සල්ලි දුන්නා සුදු මහත්තයෝ ඔයා නොදන්නවා වුණාට අදටත්.. යාලුවෝ ගෙදර අය කෝ චේන් එක කියලා අහයි කියලම ඉමිටේෂන් චේන් එකක් මං මගේ ළගම තියා ගත්තා. උඹ ටික ටික ගොඩක් වෙනස් වෙන්න පටන් ගත්තා රත්තරන් , ගෙදරදී ඔෆිස් එකේදී ඇස් වල කදුලු පුරවන් මං හිටියේ , කන්න ගන්න බත් එක පවා කන්න හයියක් මට තිබුණේ නෑ රත්තරන්.. " මැණික අපි හම්බවෙමුකෝ , කොහේහරි යමු , ඒත් අතේ සල්ලි නම් නෑ.. " ඔව් ඒ උඹ මට ආදරෙන් කතා කරපු එකම වතාව , අනේ මාත් මෝඩියක් වගේ කොහෙන්හරි සල්ලි හොයන් උඹත් එක්ක රූම් යන්න ආවා. ඒ මට තිබ්බ අමාරුවකටනම් නෙමෙයි සුදු මහත්තයෝ , තිබ්බ ආදරේටම විතරයි..හැමදාම ඔයාගේ සතුට සුදු මහත්තයෝ මං හෙව්වේ...


ඒත් අවසානයේ මං ඔයාගේ හැමදේම දැනගත්දී ගොඩක් පරක්කු වැඩී , මගෙන් සල්ලි අරන් ඔයා ඔයාගේ බඩගින්න නෙමෙයි බලලා තියෙන්නේ ඔයාගේ මනමාලිගේ සැප දුක.. අදටත් ඔයාට ඒ දෙන්න සල්ලි ගත්ත ලෝන් ගෙවන්න මං මහන්සි වෙන්නේ මගේ චේන් එකත් සින්න වෙන්න යද්දී.. කමක් නෑ තරහ නෑ සුදු මහත්තයෝ තියෙන්නේ කළකිරීමක් විතරයි..

මිනිස්සු හැමොම ඔයාල දෙන්නට ඇවිත් සුභ පතනකොට මාත් ඇවිත් ඔයාට සුබ පතන්නම් සුදු අයියේ.. ඔයාට නම් බැරි වෙයි මගෙ මුණ බලන්න මොකද ඒකට ඔයාට හයියක් නැති වෙයි. එත් මම ඔයාගේ ඒ හිනා වෙන මුන බලන්නම ඕනි සුදු මහත්තයෝ... වෙනදා වගෙම හිනා වෙලා ඉන්න අදත් සුදු මහත්තයෝ.. ඔයාට අවුල් යයි එත් ඔයා හිතන්න ඕනි දැන් ඔතන ඔය ඉන්න කෙල්ලගෙ සතුට ගැන විතරයි...

මෙ ටිකත් අහපන් සුදු මහත්තයෝ...,

මාව එපා කිව්වා වගෙ ඔයාට එ කෙල්ලව එපා කියන්න බැ..

මට කතා කරන්න එපා කිව්වා වගෙ එ කෙල්ලට කතා කරන්න එපා කියන්න බැ..

මාත් එක්ක රණ්ඩු වුනා වගෙ නිතරම එයා එක්ක රණ්ඩු වෙන්න බැ..

උඹලා දෙන්නා එක වහලක් යටට ගියහම ගොඩක් මිනිස්සු බලන් ඉන්නවා සුදු මහත්තයෝ ඒ නිසා සතුටින් ජීවත් වෙන්න. මොකද මම දන්නවා උඹ එ උඹේම කර ගත්තෙ උඹ වැඩියෙන්ම ආදරේ කෙනා කියලා. මම උඹේ මගුලෙන් එළියට යන්නෙ ඔයාගෙ තිබුන හැම මතකයක්ම මගෙ හිතින් අයින් කරලා රත්තරන්..
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI