අනේ මගෙ රත්තරන් මට සමාවෙන්න මැණිකේ....මම ආයේ එහෙම කාලකණ්ණි වෙන් නෑ.....ඔයාලා දෙන්නගෙ ජීවිතේ අනාථ කරලා පවුකාරයෙක් වෙන්න මට බෑ...මෙි පැටියත් එක්ක ජීවත් වෙන්න මට ඔනි මගෙ මැණික....

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
කෙටි කතාවක්....🌷🌷🌷🌷🌷

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

මම තිළිණි හංසිකා....සදුන් අයියව මට හම්බෙන්නේ අපේ ගමෙි තිබුනු අවුරුදු උත්සවයකදී....සඳුන් අයියා අපේ ගමෙි කෙනෙක් නෙමෙයි...ගමෙි අයියා කෙනෙක්ගෙ යාලුවෙක්....කොහොම හරි මමයි සඳුන් අයියයි ගොඩක් ආදරේ කලා...සඳුන් ගොඩක් හොඳ පිරිමි ළමයෙක්...එයාගේ අම්මා හිටියේ රට...තව එයාට නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි හිටියා...තාත්තා හිටියත් එයා නැති ගානට තමයි හිටියේ....අපේ ආදරේ මාස ගානක් ලස්සනට ගලාගෙන ගියා..ඒත් අපේ ගෙදරින් දැනගත්තට පස්සේ එයාලා පොඩ්ඩක්වත් සඳුන්ට කැමති වුනේ නෑ...ඒ එයාලගේ පවුල් පසුබිම නිසා....ඒත් මට එවායින් වැඩක් වුනේ නෑ...මට සඳුන් අයියව නැතිවෙනවා බලන් ඉන්න බෑ....මමයි එයයි දෙන්නමනේ ආදරේ කලේ...දැන් මට ආපහු හැරෙන්න බෑ..ඒක නිසා මම සඳුන් අයියත් එක්ක පැනලා ගියා....අපි ගියේ එයාගේ ගෙදර ....නංගි මල්ලි මාව ආදරෙන් පිළිගත්තා...ඒ ගේ ඇතුලේ මම ලස්සන පවුලක් හදා ගත්තා...ඒත් ඒ ලස්සන අවලස්සන වෙන්න වැඩි කාලයක් ගියේ නෑ...

සඳුන් අයියේ...ඔයාට මෙි මොනවද වෙලා තියෙන්නේ...තනියම හිනාවෙනවා...ඇස් රතු වෙලා...

මොකුත් නෑ තිළිණි....හැබැයි මම මාර සතුටකින් ඉන්නේ...

ඇයි අද විතරක් අමුතු සතුටක්....ඔයා හැමදාම හොදටනේ හිටියේ...

කටවහන් පලයන් බන් ...

පලයන්....ඔයාගේ වචනත් දැන් වෙනස්...ඉන්නවකෝ මම හොයා ගන්න මෙි වෙනසට හේතුව..

තිළිණි සඳුන්ගෙන් කියන්න බැරි තරම් ලොකු වෙනසක් දැක්කා....වෙනදට වෙිලාසන වැඩට ගිහින් ගෙදර එන සඳුන් ගෙදර ආවේ රෑ දොළහට එකට...ඒ ආවත් නොකා නොබී නිදා ගත්තා...තිළිනි හිටියේ ගොඩක් දුකින්...ජීවිතේ සතුටින් ඉන්න කියලා හිතාගෙන ගෙදරත් අත් ඇරලා සඳුන් එක්ක ආවේ සතුටින් ඉන්න කියලා හිතාගෙන..ඒත් සදුන්ගෙ මෙි වෙනස තිළිනිව බය කලා...

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

තිළිනි අක්කේ....තිළිනි අක්කේ...

ඇයි ඇයි නංගි..මෙි හදිස්සියෙන්..

මාර වැඩෙි අක්කේ අයියව පොළිසියෙන් අල්ලා...

මොනවා...ඒ මොකටද ...

අයියා ටවුන් එකේ ෆිල්ම් හෝල් එක පිටිපස්සේ කොල්ලෝ ටිකකුත් එක්ක සිගරට් බිබී ඉදලා...

දෙයියනේ ...එතකොට සඳුන් වැඩට ගිහින් නැද්ද....

මම දන් නෑ ඒක ....

මම යන්නම් එහෙනම් නංගි ගෙදරට වෙලා ඉන්න....

මම ඉක්මනට ඇඳුමක් දාගෙන පොළිසියට දිව්වා...ජීවිතේ පලවෙනි පාරට පොළිසියක් ඇතුලට යන්නේ කියලවත් හිතට ආවේ නෑ...මට ඔනි වුනේ සඳුන් අයියව බලන්න...

අනේ සර් සඳුන් කියලා කෙනෙක්ව ගෙනාවද...

කවුද සඳුන් කියන්නේ .....

සර් අර ටවුන් එකේ ඉදන් අද ගෙනල්ලා තියෙන්නේ ...

ආහ් අර කුඩ්ඩෝ ටිකද...

කුඩ්ඩෝ...ඒ වචනෙට මගෙ ඇස් උඩ ගියා....

ඔය ළමයා ඒ කොල්ලගේ කවුද..

මම එයාගේ වයිෆ්...

වයිෆ්...ඕකුන්ට ඔනි වයිෆ්ලා නෙමෙයි...සිනි කකා හදපානේ පාවෙන්න...ඔය ළමයි මෙච්චරටම මෝඩද මෙි වගේ කාලකණ්ණිත් එක්ක පවුල් වෙන්න...

අනේ සර් මගෙ සඳුන් අයියා එහෙම නෑ...සර්ලට වැරදිලාද දන් නෑ...

හා...හා ...ගිහින් බලනවකෝ එහෙනම් තමුන්ගෙ මහලොකු අයියා කුඩුව අැතුලේ පාවෙන හැටි...

පොළිස් රාළහාමි පෙන්නපු හිර කූඩුව ලඟට මම ගියේ හිත ගැහෙද්දි...හතර පස් දෙනෙක් ඉන්න කූඩුව ඇතුලේ සඳුන් අයියා වකුටු වෙලා ඉන්නවා දැක්කම මට ඇඩුම් ආවා...මේකද මම මෙයාගෙන් බලාපොරොත්තු වුනේ...හිඟන්නෙක් වගේ ඉන්න ඔයා මෙි මොනවද කරගත්තේ දෙයියනේ...

සඳුන් අයියේ ....මාව දැක්ක ගමන් එයා ගොඩක් කලබල වුනා....

ති...තිලිණි ....ඔයා...මෙහේ..

ඔවු...මම තමයි ....

ඇයි මෙි.....සදුන් කතාවක් නැතුව ඔහේ හිටියා....

ඇයි මෙි සඳුන් අයියේ...මොනවද මෙි කරගත්තේ...ඔයා කවද ඉදන්ද මේවට පුරුදු වුනේ ....

දන් නෑ තිළිනි...කොල්ලො මාව එකට පුරුදු කලා...දැන් මට නැතුවම බෑ....මම ඒකට ඇබ්බැහිවෙලා...ඇස්වලින් කඳුලක් පනින්න ඔන්න මෙන්න කියා තියෙද්දි සඳුන් මට කියන ගමන් ඒවා පිහදගන්නවා මම දැක්කා...

ඔයා යන්න දැන් ....

එතකොට ඔයා....ඔයාට මොකද වෙන්නේ...

මාව මාසයක් දෙකකට ඇතුලට දායි...

ඇතුලට කිව්වේ ...

හිරගෙදරට ...

අනේ...මම කොහොමද ඔයාව හිරේට යවන්නේ ....මට බෑ එහෙම වෙන්න දෙන්න...

සඳුන් අයියා බලන් ඉද්දි මම එතනින් ආවේ කොහොම හරි සඳුන් අයියව නිදහස් කරගෙන අරන් යනවා කියලා හිතලා...

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

සඳුන් කුඩු බොන්න ගොඩක් ඇබ්බැහි වෙලා හිටියද කිව්වොත් තිලිණි උන්නද මලාද බැලුවේ නෑ ....ඒත් මම සඳුන්ගෙන් චුට්ටක්වත් ඈත් වුනේ නෑ...මට ඔනි වුනේ සඳුන්ව කොහොම හරි මේ නරකාදියෙන් බේර ගන්න....ඒ වෙනුවෙන් මම කරපු නැති දෙයක් නෑ....මම සඳුන්ට ජොබ් එකට යන්න දුන්නෙ නෑ...මම ටවුන් එකේ ජොබ් එකක් කලා..ඒත් ඒ සැරින් සැරේට ගෙදර ඇවිත් සඳුන්ව බලලා යනවා....සඳුන්ව හොයාගෙන එන හැම යාලුවෙක්වම එළියෙන්ම මම පිට කරලා දැම්මා....කොච්චර අමාරු වුනත් සඳුන්ව ඉස්සර තත්වෙට ගන්න පුලුවන් කියන විශ්වාසෙන් මම හිටියේ....

අපි මොනවා හරි දේකට ඇබ්බැහි වුනොත් ඒක අත්හරිනවා කියන එක ගොඩක් අමාරුයි...සඳුන්ටත් ඒ පුරුද්ද අත්ඇරගන්න බැරි වුනා...එයා කෑගැහුවා...බිම පෙරලි පෙරලි කෑගැහුවා....වෙලාවකට පිස්සෙක් වගේ...කටින් කෙල පෙරෙනවා....නාන්න වුවමනාවක් නෑ...ඒත් මම බලෙන්ම අරන් ගිහින් සඳුන්ව නාවනවා...කවන්න කියලා ගන්න බත් පිඟාන සඳුන් පොලවේ නොගහපු දවස් නැති තරම්..ඒත් කටක් හරි බලෙන්ම මම කටට එබුවා....කුඩු සික් එක හැදිලා කෑගද්දි මම එයාව තුරුල් කරගන්නවා...මගෙ ආදරේ ගැන කියනවා.. අපේ මවපු හීන ගැන කියනවා...ඒ වෙලාවට අපි දෙන්නම එකට අඬනවා...

මගෙ සඳුන් අයියේ...රත්තරන්...ඔයාට පුලුවන් නේද මං වෙනුවෙන් මෙික කරන්න...

ඔයා නිසා මෙි කෙල්ල හැමදේම අත්ඇරලා ආවේ මගෙ මහත්තයා ගැන ලොකු විශ්වාසෙකින් නේද...එහෙනම් මෙි ඇයි දෙයියෝ....මෙහෙම විනාශ වෙන්නේ....මතක නැද්ද අපි අපේ ලොකේ ගැන මවපු හීන .....ඔයා වගේ ලස්සන කොලු පැටියෙකුයි....මම වගේ චුටිටන් කෙලි පොඩ්ඩකුයි අරන් හැම පෝයටම පන්සල් යන්න අපි කතා කලා නේද...
දැන් ඔයාට ඒවා එපාද.....

කෝ එන්න...මම සඳුන්ගෙ ඔලුව අරන් මගෙ බඩ උඩින් තියා ගත්තා...

ඇහෙනවද ඔයාට....මෙි බංඩියේ ඉන්න ඔයාගේ චුටි පැටියගේ හුස්ම ඔයාට ඇහෙනවද.. ඒ පැටියට හුස්ම ගන්න ඔයාගේ හුස්මත් ඔනි මහත්තයෝ....

මගෙ පැටියා.....තිලිනි ඔයා මට කිව්වෙත් නෑ ...

කිව්වට වැඩක් තියෙනවද අහන්න තරම් සිහියක් ඔයාට නැති කොට...

අනේ මගෙ රත්තරන් මට සමාවෙන්න මැණිකේ....මම ආයේ එහෙම කාලකණ්ණි වෙන් නෑ.....ඔයාලා දෙන්නගෙ ජීවිතේ අනාථ කරලා පවුකාරයෙක් වෙන්න මට බෑ...මෙි පැටියත් එක්ක ජීවත් වෙන්න මට ඔනි මගෙ මැණික....

තිළිනි සඳුන්ව බදාගෙන කෑ ගහලා ඇඬුවේ සතුට වැඩි කමට...මතට ඇබ්බැහි වුන හැම කෙනෙක්ම කාලකණ්නි නෑ....කෙනෙක්ට අවශ්‍යනම් ...විශ්වාසයෙන් ඔහුව එයින් ගලවා ගැනීමට කැපවෙනවනම් අනිවාරයෙන්ම දිනුම අපටයි....තිලිනි හිතින් සිතුවා...

එදා තිළිනිගෙත් සඳුන්ගෙත් ආදර කතාව අලුත් පනකින් ආයෙමත් ආරම්භ වුනා...
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI