එයා දෙනවා වගේ ආදරයක්නම් මට එයාට දෙන්න බැරි වුණත් මට පුලුවන් උපරිම ආදරේ මං එයාට දුන්නා.

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
#එදා_උඹේ_වෙඩිමට_ගිහින්_ආපූ_මං😔😢❤️

🔴#විනාඩියක්_නැවතිලා_කියවලා_යන්න_මේ_තවත්_එක්_ඇත්ත_කතාවක්

එදා උඹේ වෙඩිමෙන් මං ආවා සුදු මහත්තයෝ උඹවයි උඹෙන් මට වෙච්ච දේවලුයි ගොඩක් වගේ අමතක කරලා. පොඩි කාලයක් නෙමෙයි අවුරුදු පහක මතක මං අමතක කරන්න හදන්නේ මේ , ඔව් ඒක අමරුයි ගොඩක් මගේ කොට්ටේට කතා කරන්න පුලුවන් නම් කියයි මං වට්ටපු කදුලු වල තරම , මගේ හිතට කතා කරන්න පුලුවන්නම් කියයි මගේ හිත රිද්දිලා තියෙන තරම.


මං අවුරුදු ගානක් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වලින් ගත්ත මගේ ලස්සන චේන් එක සින්න වුණා රත්තරන් අයියේ. ඒ වගේම මට මගේ ජොබ් එකත් නැති වුණා අන්තිමේ උඹ නිසා.. මට මගේ හැමදේම නැති වෙද්දී ඒකත් එකක් කියලා හිත හදන් පැත්තකට වුණා , උඹ ඉල්ලන ඉල්ලන වෙලාවට සල්ලි දෙන්න මං ගත්ත ලෝන් වාරික දෙක තුන ඇරියස් වෙද්දී ඒවා ගෙවන්න මං සල්ලි පොළියට ගත්ත තැන් වල පොළි සල්ලි ඉල්ලන් ගෙදරට මිනිස්සු එන්න ගත්තේ තවත් ජිවිතේ එපා කරවලා..

කාලය ටික ටික ඔහොම මං අමරුවෙන් ගෙවද්දී හැමෝම මට කිව්වා දුක නැති වෙන්න ෆ්බ් එකක්වත් හදන් use කරන්න කියලා. උඹ මත්තෙම නැහි නැහි ඉදලා ඉදලා ඔය මගුල් මට වැඩක් නැති දේවල් වෙලා තිබ්බේ.. ඒත් මොනව කරලාහරි දුක නැති කර ගන්න හිතුව මම fb use කරන්න පටන් ගත්තා.. ඔහොම ඔහොම මං පුලුවන් හැමවෙලාවෙම ෆ්බ් එකේම ඉන්න පටන් ගත්තා උඹවයි උඹ දුන්න දුකයි අඩු වෙන්න , ෆ්බ් එක හදපු දවසේ ඉදන් එක එක කොල්ලන්ගෙන් හායි හූයි ගගා එන්න පටන් ගත්තා ඒත් ඒ එකකටවත් රිප්ලයි කරන්න තරම් හොද මානසික මට්ටමක් මට තිබ්බේ නෑ...

ඒත් එක දවසක මගේ හිත එක තැනක නතර වුණා..

👦 Hi nangiyooo..😊

👩 Hi

👦 Kohomada nangiyo

👩 Hm hodai , oyata..?

👦 Man nam godak hodin innawa , mokada nangiya dukin wage😔

👩 Ehema deyak ne

👦 Neththe ne mokakhari deyak thiyey kiyala mata denenawa..

මං ඉන්න වේදනාව ළග ඉන්න අයටවත් නොතේරෙද්දී කිසිදාක දැක නැති කතා නොකළ ඔහුට දැනුනේ කෙසේද..? ෆ්බ් එකේ නොදන්නා කිසිම පිරිමියෙක් සමග චැට් නොකෙරූ මං අද ඔහු සමග මගේ ජිවිත කතාව කියා අවසන් විය..

👩 awrudu 5k man eya ekka hitiya ayye , eyata oni une sex vitharai..

👦 hmm

මටත් නොදැනිම මං ඔහුට සියල්ල කියා අවසන් ය. ඒත් මං ඒ කිව්ව දේට ඔහුගේ හිත රිදුනාදෝ කියා මට සිතුණි , ඒත් මං අවංක වැඩි මට හංගන්නට දේවල් නැති නිසාම එයත් එඹේම පිට වුණි.අවසානයේ කිසිදා හැබැහින් දැක නැති ඔහුත් මාත් ආදරය කරන්න පටන් ගත්තේ මගේ හිත ආයෙත් ආදරෙන් පුරවමිණි..

ඒදා මං උඹට වරදක් නොකරත් උඹ මාව දාල ගියේ මට කවදාවත් උඹ වගේ හොද එකෙක් හම්බවෙන්නේ නෑ කියලා. නෑ බන් අයියේ උඹට එදා වැරදුණා , මට තමා මේ ලෝකේ හොදම පිරිමියා හම්බ වුණේ.. ඇත්ත උඹ තරම් සුදු නම් නෑ , උඹගේ වගේ සික්ස් පැක් නෑ , උඹ තරම් ලස්සන නෑ ඒත් උඹගේ වගේ හිත කැත නෑ බන්.. උඹගේ ලස්සනට රැවටිලා ආදරය කරලා මොනවද මට ලැබුණේ , ඒත් මගේ මුළු ජිවිත කතාවම දැන ගෙන ආදරය කරන ඌ මට දෙයියෙක් ඒත් මට ඒ ආදරේට දේට දෙන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ...

මට ජොබ් එකකුත් නැති නිසා ඒ අයියව හම්බවෙන්න යන්නවත් විදිහක් මට තිබුණේ නෑ , ඒත් මං උඹත් එක්ක කොච්චර නිදහසේ හැමතැනම ගියාද..? අවංක ආදරයක් මට ලැබිලා තියෙද්දී ඒ ආදරේ සතුටින් විදින්න මට විදිහක් නෑ අද.. ඒකම එක දවසක් ගෙදරට බොරුවක් කියලා කොහොමහරි එයාව හම්බ වෙන්න මං ගියා , අපි ගොඩක් කතා කරා , එයා ගොඩක් වෙනස් කෙනෙක් හිතා ගන්නවත් බෑ.

ඉස්සර මං උඹට මට උඹව දකින්න ඕනී හම්බවෙන්න ඕනී කියද්දී උඹ ගත් කටටම බෑ කිව්වා. ඒත් අද එයා මාව දකින්න ඕනී බලන්න ඕනී කිය කිය පෙලක් වෙලාවට වැස්සෙම ඇවිත් මාව බලලා යනවා පාරට ඇවිත් , ඒ වෙලාවට ළගට ගිහින් ඒ තෙමුණ ඇග පිය දාන්නවත් හයියක් මට නෑ.. ඉස්සර අපේ ගෙදර මොකක්හරි කෑමක් හැදුවම උඹට නොදී මං කෑවේ නෑ.. ඒත් අද මට මැරෙන්න ආදරේ කරන එකාට හදන දෙයක් දෙන්න එන්න කියන්නවත් බෑ ගෙදරට , මොකද උඹ මගේ ජිවිතේ කාලා ගියේ අපේ ගෙදරින් මට තිබ්බ නිදහසත් නැති කරලා දාල..


කොහොමින් කොහොමින් හරි මං ගෙදරට එයා ගැන කිව්වා. එයාට එන්න කියන්න කිව්වා. ඔව් එයා ආවා අපේ ගෙදර , මුළු ගමම එයා එනවා දැක්කා , ගමේ අය කිව්වේ..,

"අන්න පොන්නයෙක් ඇවිත් අර බඩුව බලන්න" කියලා

ගමේ මිනිස්සුන්ට මාව හරිගියේ නෑ මොකද මං මගේ පාඩුවේ ජිවත් වුණ නිසා. ඒ කතා කිව්ව මිනිස්සුන්ට ඒ මණුස්සයා පොන්නයෙක් වෙන්න ඇති ඒත් මට එයා දෙයියෙක්. අපේ ගෙදර හැමෝම එයාට කැමැති වුණා , එයාගේ කතාව හිනාව හැමදේකටම.. අපේ ගෙදරින් කිව්වේ ඉක්මණට එයාගේ ගෙදරෙනුත් එන්න කියලා.


මගේ දුක හිමින් හිමින් මැකිලා ගිහින් සතුටින් පිරිලයි තිබුණේ , අපි පැය ගනන් පෝන් එකෙන් කතා කරා , මං එච්චර කාත් එක්කවත් කතා කරලා නෑ මීට කළින්. පෝන් එකෙන් විතරයි අපිට ළං වෙන්න තිබ්බේ , එයාට පුලුවන් වෙලාවට ඇවිත් මාව බලලා යනවා , ඒත් අපිට කොහෙවත් යන්න අවසර තිබුණේ නෑ. අපේ ගෙදරින් කිව්වෙ එයගේ ගෙදර අයට එන්න කියලා , ඒත් එයා ඒකට බය වුණා මොකද කවදහරි ගෙදර අය අපේ ගෙදර ආවාම ගමේ අය එයාගේ අම්මට තාත්තාට මං ගැන ගොඩක් වැරදි දේවල් කියයි කියලා. පව් දෙයියනේ ඒ අහිංසකයා උඹ නිසා , මාව ජිවිතේ කරන් ආදරේ කරන ඌ පව්...

අර අවුරුදු පහටම නොවින්ද සුන්දර ආදරයක් මං එයාගෙන් වින්දා එයා දුන්න ඒ ආදරේ මට කිසිම වෙලාවක දරා ගන්න පුලුවන් වුනේ නෑ. මගේ අම්මා තාත්තාවත් මාව පරිස්සම් නොකරපු විදිහට එයා මාව පරිස්සම් කරා. එයා දෙනවා වගේ ආදරයක්නම් මට එයාට දෙන්න බැරි වුණත් මට පුලුවන් උපරිම ආදරේ මං එයාට දුන්නා.

👦 " රත්තරන් ඔයා මං ගාවට එනවද..? "

👩 " ඔව් දෙයියෝ මං ඔයා ළගට එනවා.. "

👦 " කවදද එන්නේ රත්තරන්...? "

👩 " ඔයා මාව මගේ ළගට ගන්න දවසට වස්තු..."

වෙඩින් එකක් ගන්න හීනයක් තිබුණට එහෙම දෙයක් කරන්න මටවත් අපේ ගෙදර අයටවත් හයියක් තිබුණේ නෑ , ඒත් මගේ රත්තරන් කොල්ලා මට වෙඩින් එකක් ගැන හීන මැවුවා. අපි අපේ අනාගතේ ප්ලැන් කරා , ඒදා උඹත් එක්ක අනාගතේ ප්ලැන් කරන්න හදද්දී උඹට ඒක විකාරයක් වුණා. මගේ ජිවිතේ කාපු උඹවයි මට ජිවිතේ දුන්න මගේ රත්තරන් කොල්ලයි මට සන්සන්දනය කරන්න තරම්වත් මං කැමති නෑ.

උඹට බනින සැරයක් ගානේ එයා මට බනිනවා දවසක් හරි ආදරේ කරපු උඹට බනින්න එපා කියලා. එයාගේ ගෙදරින් ආවේ නැති නිසා අපේ ගෙදරින් මට බනින්න පටන් ගත්තා බොරුකාරයෙක්ද කොහේ මිරුගුවක් පස්සේ යන්න එපා කිය කිය.. අනේ එයා කල්පනා කරේම මොකක්ද මේකට කරන්නේ කියලා , ඒ වගේම මගේ ලෝන් ගැන පොළියට ගත්ත සල්ලි ගෙවන්නේ කොහොමද කිය කිය.

අවසානයේ එයා තීරණය කරා මාව කොහොමහරි මගේ ළගට ගන්න , ඔව් මං එයා ළගට ගියා ගෙදරටත් හොරෙන් , එදා උඹට මාව ළගට ගනින් ගනින් කියද්දී බෑ කිව්වා. එත් මගේ අහිංසකයා මාව ළගට ගත්තා ප්රශ්න ගොඩකුත් එක්ක. අනේ එයා වගේම එයාගේ අම්මා තාත්තා හරිම හොදයි. මාව පිළිගත්තේ මාව භාරගත්තේ එයාලගෙම දුවෙක් වගේ.. අපි බැන්දා. ඒත් එයා කිව්වා ඉක්මනින් කිව්වා වගේම වෙඩින් එකක් ගන්නවා කියලා.. ඒක මගේ හීනයක් විතරක්ම වුණාට කවදාවත් හැබෑ වෙයි කියලා මං හීනකින්වත් හිතුවේ නෑ.. මං අහිංසකයා අහිංසකයා කියලා කිව්වට ටිකක් විතර නපුරුයි මගේ කළු මහත්තයා..😊😊

අපේ පවුලේ නෑදයන්ටයි ගමේ අයටයි අයියගේ නැදෑයෝ යාලුවෝ හැමෝටම කියලා අපි හිතුවා වගේම ලස්සන වෙඩින් එකක් ගත්තා , මගේ ලෝන් පොළී සල්ලි එයා ගෙවලා ඉවර කරා ඒත් කවදාවත් ඒ දේවල් මට මතක් කරේ නෑ.. මට බඩුව බඩුව කිව්ව මිනිස්සු මගේ රත්තරන් මහත්තයට පොන්නයා පොන්නයා කිව්ව මිනිස්සු හැමෝටම අද අපිට කියන්න වචනයක් ඉතුරු වුණේ නෑ...

#අවුරුදු_දෙකකට_පසු

👩 " මහත්තයෝ මෙන්න මෙයා පයින් ගහනවා බඩට.."

👦 " අනේ කෝ... කෝ.... මගේ කෙල්ල දගයිනේ..."

👩 " තාත්තා වගේම දගයි තමා.. "

👦 " ඉන්න මං ඔයාගේ රෙදි ටික හෝදලා එන්නම් , ඇදට වෙලා ඉන්න වස්තු.. "

මගේ මහත්තයා නිසා අද මං අම්මා කෙනෙක් , එයා ඉස්සර ඉදන් ආස වුණේ දුවෙක්ට ඒ වගේම මට දුවෙක් ඉපදෙන්න ඉන්නේ.. අවුරුදු පහක් මාව කාපු එකා අද පාරේ බොනවලු මොකද බැන්ද කෙල්ල වෙන එකෙක් එක්ක යන්න ගිහින්. හොද වැඩේ කියන්නේ නෑ මං , පව් කියලා විතරයි මට කියන්න තියෙන්නේ.. ඒ දුක් විදපු අවුරුදු පහට වඩා මේ අවුරුදු දෙක තුන මගේ ජිවිතේ පුදුම විදිහට වෙනස් කරා.. ආදරෙයි මගේ සුදු මහත්තයෝ ගොඩක් ❤️❤️
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI