නොලැබුන ඔබ..

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
නොලැබුන ඔබ..
සත්ය කෙටි කතාවකි..
ඇය මල්කි සදමිනි.. සමන්ය පව්ලක දෙවනි ලමයා.. එයාට හිටියේ අක්කා විතරයී.. සහොදරයන්ට.. අම්මා පිට රට සේවය නියුතු අතර පියා කම්කරුවෙකි..
සෙනෙහස් ජයවිතාරන.. රත්නපුර මැනික් කඩේක අයිති කරුගේ පුතා.. මව ඔහු කුඩා කාලයේ ලියුකේමියා රෝගය වැලදි මිය ගොස් ඇත..
අනේ බන් තාම මල්කි නෑනේ.. බස් එක යන්නත් රෙඩි වෙලා..
එකනේ බන් කෙල්ල එන්නේ නැතිවද දන්නේ නෑ..
ලමයි ඔක්කොම හරිද සදුනි.. අනේ මිස් තාම..
කියනකොටම මල්කි පැමිනියේය.. හරි මිස් ඔක්කොම හරි.. ලමයිනේ අපි මේ යන්නේ උතුම් ගමනක් හැමෝම සාදු කාරයක් දෙන්න..
මල්කි කියන්නේ මේ අවුරුද්දේ ol ලියන්න ඉන්න ලමයෙක් මේ එයාලා යන්නේ සිරීපාදේ වන්දනා කරන්න මොකද ඒ ගොල්ලෝ මේ අවුරුද්ශෙන් ඉකෝලේ ඇවිත් ඉවර නිසා මේකට සහභාගි උනේ ol පන්ති වල අය විතරයි..
කොහොමින් කොහොම හරි බස් 3 පෙරලෙන්න කෙල්ලො කොල්ලෝ කෑ ගහගා සිංදු කිය කියා නවාතැන් පලට ආවා.. ඊට පස්සේ ගිමන් හැරලා මුලින්ම නගින අය ඉන්නවා නම් වත් පිලිවෙත් කරලා සුමන සමන් දෙවි පිහිට පතලා නගින්නයි ලෑස්තිය.. ඔය අතරේ ලමයි ගාවට ආපූ කුසුම් ටීචයි ප්රින්සිපල් මැඩනුයි කිව්වේ.."ලමයිනේ ඔයාලා කට වරද්ද ගන්න එපා.. අපිව මග හැරෙන්න දෙන්නත් එපා.. එහෙම උනොත් උඩට ගිහින් වැදලා ආයි පහලට අවිත් මෙතනම ඉන්න ඔයාලා කවුරුත් අපි දාලා ය්න්නේ නෑ භය වෙන්න එපා"..
ඉතින් දැන් කට්ටිය නගිනවා විහිලු කර කර නරක විහිලු නෙමේ ඔය එක එක බූත සීන් එහෙම කියනවා..
දන්නේ නැද්ද ඉතින් අපි යන කලෙත් ස්කෝලේ අපිත් එහෙමනේ😂😂
ඉතින් ඔය අතරේ මල්කිට වෙන්නේ මාරම වැඩේ මල්කිට නැග ගන්න ආමාරුයි.. ඉතින් කෙල්ල යාලුවොන්ට ඉන්නත් එපා කියලා බොහොම අමාරුවෙන් නගිනවා පන්ඩිත කමනේ ඔය වයසේ කෙල්ලන්ගේ😂😂😂
ඉතින් දැන් යන්නම බෑ කෙල්ලට ඒත් කෙල්ලට තාත්තා කියපු දෙයක් මතක් වෙනවා "මගේ දූට නැග ගන්න බැරි උනොත් සුමන සමන් දෙවි හාමුදුරුවනේ මට උදව් කරන්න කියලා ඉල්ලන්න" කියල ඉතින් කෙල්ලත් එහෙම ඉල්ලලා නග්ගා පඩි 3,4ක් විතර..
ආයි නැවතුනා කෙල්ල.. මෙ අතරේ ලගට ආපූ කොල්ලෙක් මෙහෙම අහනවා..
නංගිට අමාරුයි වගේ මන් දැක්කා හරි අමාරුවෙන් නගිනවා මන් කැමති නම් උදව් කරන්නම්..
කෙල්ලට දැන් මොකක්ද වගේ උදව් ගන්නත්.. කෙල්ල බලනවා කොල්ල දිහා උසට හරියන මහත සුදු කොන්ඩේ ටිකක් වවලා කන්නාඩි දාපූ කොල්ලෙක්.. කෙල්ලටත් ඉතින් අවුලක් නෑ කෙල්ලත් ලස්සනයි සුදුයි කොන්ඩේ කඩලා දැම්මාහාම බිමත් දිගා වෙනවා කෙල්ල හැබැයි උසයි කොල්ලා තරමටම (5,8) වගේ හිතා ගන්නකෝ කොල්ලා ඊට චූට්ටක් උසයි ඉතින්..
කෙල්ල ඉතින් කොල්ලගේ පිහිටෙන් නගිනවා මේ තමයි මන් කියපු කෝටි පති ව්යාපාරිකයාගේ පුතා සෙනෙහස්..
ඉතින් දෙන්නා පව්ලේ විස්තර හුවමාරු කර ගත්තා.. නැගලා ඉවර වෙලා කොල්ලා ප්රාර්ථනාවක් කරා ඒ මේ සුලු කාලෙකින් අදුර ගත්ත කෙල්ල තමන්ගෙම වෙන්න කියලා.. කොල්ලාට එතකොට 23යි තාම නීතී විද්යාලේ ඉගෙන ගන්නවා කොල්ලා.. ඒ කියන්නේ නීතී සිසුවෙක්..
කොහොම හරි දෙන්නත් එක්ක පහලට බහිනකොට නම්බර්සුත් හුවමාරු කරන්..
කොහොම හරි චාරිකාවත් ඉවර වෙලා දෙන්නා ඉතින් මාසයක් විතර කතා කරා දවසක් කෙල්ලගෙන් සෙනෙහස් ආදරේ ඉල්ලුව.. කෙල්ලත් කොල්ලට හඩවතින් බැදිලායි හිටියේ.. ඉතින් කෙල්ල එක පයින් කැමති උනා.. ඔහොම තව මාසයක් යනකොට කෙල්ල ගෙදරට කිව්වා මේ ගැන.. කොල්ලත් කිව්වා දෙපැත්තෙන්ම කැමති නිසා කෙල්ලව බලන්න එන්න දින දා ගත්තා.. ඊට පස්සේ ඉතින් එදා මල්කිගෙ ගෙදර හෙන කාල ගොට්ටිය එහෙන් සෙනෙහසුයි.. තාත්තායි.. පිට උනා කියපු වෙලාවෙ ඉදල එයාලට දවල් කෑම හදනවා.. මේ අතරේ මල්කිට කෝල් එකක් එනවා ඒ එක්කම සිහිය නැතිව කෙල්ල වැටෙනවා..
කෙල්කට සිහිය ආපූ ගමන් පිස්සුවෙන් වගේ කියවනවා..
ඒ කෝල් එක එන්නේ පොලිසියෙන්.. සෙනෙහස් අන්තිමට අරන් තියෙන්නේ මෙයාට නිසා තමයි පොලිසියෙන් මෙයාට කෝල් කරන්නේ.. එයාලා ආපූ කාර් එක ඇක්සිඩන්ට් වෙලා සෙහෙහස් එතනම නැති වෙලා එයාගේ තාත්තා හොස්පිටල් ගෙනියනකොට මගදි නැති වෙලා..
මල්කිට මේ මුකුත් හිතා ගන්න බැරි උනා ඇය මානසික ලෙඩෙක් උනා.. අන්තිමේදී ඇයට හොද උනත් සෙනෙහස් ආදරේ කරපු ඒ කොන්ඩේ කොට වෙන්නම කපලා දැම්මා..
අදටත් ඇය කසද බැදලා සෙනෙහස්ගේ මතක එක්ක ජිවත් වෙනවා..
සමාප්තයි
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI