දෙන්න පුතාට සමා...
✍️කෙටි කතාව✍️
"අනේ මල්ලී විමලා නැන්දට අමාරුයි...ඉස්පිරිතාලේ නතර කලා...අනේ ඉක්මනටවරෙන් මල්ලියේ..."
මට ඒ වචන ඇහුනේ හීනෙන් වගේ... බැංකුවේ වැඩ කරමින් උන් මට ඒ දේ ඇහුවා විතරයි උන් හිටි තැන් අමතක උනා..
මන් ඉක්මනට ස්වේතට කෝල් එකක් ගත්තා...
"හෙලෝ ස්වේතා අනේ මගේ අම්මා..."
"මොකෝ සුදූ වෙලා තියෙන්නේ...අනිත් එක මොකද දැන් ඔයා ඔය බබෙක් වගේ බොරුවට අඬන්නේ"
"අනේ ස්වේතා මගේ අම්මට අමාරුයිලූ...එයාව හොස්පිටල් ඇඩ්මිඩ් කරලලු..."
"අයියෝ සුදූ ඕකටද දැන් ඔයා ඔය හොටු පෙරාගෙන ඇඬුවේ...අම්මා හොස්පිටල්නේ ඇඩ්මිඩ් කරලා තියෙන්නේ...මැරිලා නැහැනේ..."
"කට වහගන්නවා ස්වේතා..මොනවද උඹ ඔය කියවන්නේ...ශික් මන් මේ දේවල් අහන්නද බන් උඹට කෝල් ගත්තේ"
මන් එහෙම කියලා කෝල් එක කට් කරලා දැම්මා...
මට මන් ගැනම දැනුනේ කේන්තියක්...මන් එහෙම්ම කාර් එක අරන් ගෙදරට ආවා...
"අනේ බබා ඔයා ආවද..."
මන් එන පෙර මගට පැමිනි ස්වේතා ගැන මට ඇත්තටම දැනුනේ අපුලක්...
මන් ඇය දිහාවත් නොබලා කාමරේට ගිහින් මගේ බෑග් එකට ඇදුම් කිහිපයක් ඇසුරුවා...
"ඔයා ඔය කොහෙ යන්නද බබා"
"ගමේ යන්න...ඔයත් යනවනම් යන්...ඉක්මනට ලෑස්ති වෙන්න..."
"අයියෝ මට නම් බෑ බබා ඔයාලගේ ගමේ යන්න...එහෙ ඉන්න ගොඩේ මිනිස්සුන්ව මට පේන්න බෑ...අනිත් එක ඔයාලගේ ගෙදර හරියට ඉන්න තැනැක්වත් නැහැනේ..."
"ඇති ස්වේතා නවත්ත ගන්න...මන් කිවුවේ එනවනම් එන්න කියලා..එන්න බැරි නම් ඉන්නවා..මන් තනියම යනවා...හැබැයි මේක අමතක කරන්න එපා...ඔයා ඔය කියන ගමේ ගොඩේ මිනිහෙක් එක්ක තමයි ඔයා පවුල් කන්නේ කියලා..."
මන් ස්වේතට එහෙම කියලා කාමරෙන් එන්න හැදුවේ...ඇත්තම මට ස්වේතා ගැන ලොකු කලකිරීමක් ඇති උනා...
"අනේ බබා ඔයා ගියාම මන් තනියෙන්නේ...අනිත් එක අම්මා හොස්පිටල්නේ ඉන්නේ...එයාට තනි නැහැනේ...එයාට හොඳ උනාම අපි මෙහෙ එන්න කියලා කෑමක් දීලා යවමු..ඔයා එහෙ යන්න ඕනේ නැහැනේ...එතකොට වැඩේ ශේප්නේ බබා..."
ස්වේතගේ මෙ වචන ඇත්තටම මට ලොකු තරහක් ගෙනාවා ..මන් මොකුත් නොකියම ගිහින් කාර් එකට නැග්ගා...ස්වේතා මගේ පිටුපසින් එනවා කියලා දැනුනත් මන් පිටුපසවත් නොබලා කාර් එක ගේට්ටුවෙන් එලියට දැම්මා
කාර් එක ඉදිරියට ගෙන යන මන් මගේ අතීතය සිහිපත් කලා...
-------------------------- ------------------------
"පුතා අනේ ඉන්නකෝ මේ කටත් කාලම යන්නකෝ..."
"අනේ මට පරක්කුයි අම්මේ...අම්මා කන්නකෝ...මන් යනවෝ.."
ඒ මගේ ආදරනීය අම්මා...අම්මට මට කොච්චර කැවුවත් මදි...අප්පච්චි නැති උනේ මට අවුරුදු දෙකේදිලු...එදා ඉදන් අම්මා ගොඩාක් මහන්සි වෙලා තියෙනවා මාව හදන්න...මාව තනියෙන් දාලා ජොබ් එකකට යන්න බැරි නිසාම උදේට කඩයප්පන් හදලා අම්මා කඩවල් වලට දාලා...ඒ වගේම දවස පුරා දිරලා පරන උන මැශින් එක පාග පාග රෙදි මහනවා...අප්පච්චි නැති වෙද්දි අම්මට ඒ තරම් වයසක් නැති උනත් අම්මා කවදාවත් දෙවෙනි කසාදයක් ගැන හිතලා නෑ...අම්මගේ එකම අරමුන උනේ මාව හොදින් උස් මහත් කරන එක...
තේරෙන කාලේ ඉදලම මට කිසිම අඩුපාඩුවක් අම්මා කරලා නෑ...මන් ඉල්ලන හැමදේම අම්මා මට පුලුවන් විදියට අරන් දුන්නා...
ශිෂ්යත්ව විභාගය ඉහලින්ම සමත් උන මට නගරයේ ලොකු පාසලකට යන්න වරම් ලැබුනත් මන් ගමේ පාසලටම ගියේ මට කවදත් අම්මා නැතුව ඉන්න බැරිනිසාමයි...
වසරෙන් වසර ඉහලට යද්දි මන් මගේ ඉගෙනීමත් ඉතාමත්ම හොදින් කර ගත්තේ මගේ රත්තරන් අම්මට පින්සිද්ධ වෙන්න...අම්මා මගේ ඉගෙනීමට අවශ්ය හැමදේම කිසිම අඩුපාඩුවක් නොකර අරන් දුන්නා...
"පුතේ උඹ හොඳට ඉගෙනගෙන ඉහලටම යන්න ඕනේ...මේ අම්මවත් උඹ ඇහැක් විදියට බලාගනින් ලොකු වෙලා"
අම්මා හැමදාමත් මගේ ඔලුව අතගාලා එහෙම කියනවා...
අම්මා රැයක් දවාලක් නොබලා මහන්සි උනේ මට හොදට උගන්වන්න...
"පුතා අර සදෙසි කෙල්ල අද දවල් මෙහෙ ආවා...උඹෙන් මොකක්ද පාඩමක් අහගන්න තියේ කියලා...මන් කිව්වා උඹට අද පන්ති කියලා...උඹ ආවම එන්නම් කියලා ගියේ..."
සදෙසි කියන්නේ මගේ පෙම්වතිය...හරි ලස්සනක් සදෙසිට තිබුනේ...ඒ වගේම කෙල්ල හරිම අහිංසකයි...අපෙ ගෙවල් දෙකෙන්ම අපේ සම්බන්ධයට අශිර්වාද ලැබිලා තිබුනේ අපි දෙන්නම ආදරය ඉගෙනීමට බාධාවක් කරගෙන තිබුනේ නැති නිසාමයි...
මන් උසස්පෙල සමත් වෙලා කියන ආරංචිය ලැබුන ගමන් අම්මා ඇඩුවේ පොඩි එකෙක් වගේ...ඒ අම්මගේ අවුරුදු ගානක මහන්සිය අපතේ නොගිය එකට සතුටින්...
"පුතේ මට උඹ ගැන ගොඩාක් සතුටුයි...මේ ගමේ එකෙක්ටවත් කරගන්න බැරි උන දේ උඹ කලා...
අම්මා එදා අඬ අඬ මගේ ඔලුව අත ගාල එහෙම කිව්වා...
"අම්මා මට කොලඹ කැම්පස් එක ඇවිත් තියෙන්නේ..."
"අනේ දෙවියන්ගේ පිහිටෙන් මගේ කොල්ලටත් ඉගෙන ගන්න කොලබ රටට යන්න පුලුවන් උනේ...උඹට කවදාවත් වරදින්නේ නෑ බන්...අප්පච්චි කොහෙට හරි වෙලා උඹ දිහා බලන් සතුටු වෙනවා ඇති පුතේ..."
"අනේ අම්මේ මට බැහැ යන්න...මන් අම්මා දාල යන්නේ නෑ...මොකක් හරි රස්සාවක් කරලා මන් අම්මව බලා ගෙන ඉන්නවා..."
"පිස්සුද බන් උඹට...මේ තරම් ලොකු අවස්තාවක් ලැබිලත් උඹ අහවල් එකක්ද කියවන්නේ...උඹ මාව ලොකු මහත්තයෙක් වෙලා බලාගනින්...එතකන් මට පුලුවන් උඹට උගන්වන්න...මගේ අත පයේ හයිය තියෙනවා තාමත්..."
එතනින් එහාට කිසිම දෙයක් මට කියන්න ඉඩදුන්නේ නෑ අම්මා...
මන් ඊලගට ගියේ සදෙසි ලගට...එයත් ඒ අරංචිය අහලා ගොඩාක් සතුටු උනා....
"මට ගොඩාක් සතුටුයි අයියේ...ඔයාට කවදාවත් වරදින්නේ නෑ..."
"ඒත් නංගා මන් කොහොමද ඔයාවයි අම්මවයි දාලා කොලඹට වෙලා ඉන්නේ...මට බැහැ නංගා ඒක කරන්න..."
"පිස්සුද අයියේ ඔයාට...මෙච්චර ලොකු චාන්ස් එකක් ඇවිල්ලත් ඔයා ඒක අත්හරින්නද හදන්නේ..."
එයත් මට කිව්වේ යන්නම කියලා...
ඔහොම මන් කොලඹ යන දවසත් උදා උනා...
එදා නම් අම්මා මට හොරෙන් හොරෙන් හරියට ඇඩුවා...
"පුතේ උඹ ගිහින් හොදට ඉගෙනගනින්...අවශ්ය දෙයක් තියෙනම් හංගන්නේ නැතුව මට කියපන්..."
"මන් යන්නම් අම්මේ...අම්මා පරිස්සමට ඉන්න ඕනේ...මොකක් හරි හදිසියක්නම් සදෙසි නංගාට කතා කරගන්න...'
"හරි පුතේ..මගේ පුතාට තුනුරුවන්ගේ පිහිටයි...ආ මේ සල්ලී ටික ව්යදමට තියා ගන්න..."
මන් අම්මට වැදලා ගෙදරින් එලියට එනකොටම සදෙසි දුවගෙන ආවා...
කෙල්ල හොදටම අඬලද කොහෙද...කෙල්ලගේ ඇස් දෙක හොදටම ඉදිමිලා...ඒ උනාට කෙල්ල මන් දැක්ක ගමන් හිනා උනා...ඒකි කවදත් ඔහොමයි...මගේ අනාගතේ ගැන විතරයි ඒකි හිතුවේ...
"අයියා යන්නද"
"ඔව් නංගා යන්න කියලා...ඔයා මන් එනකන් පරිස්සමට ඉන්න ඕනේ හොදද...අපෙ අම්මවත් ටිකක් බලන්න පුලුවන් වෙලාවට..."
"අයියත් පරිස්සමට ඉන්නගිහින්... එහෙ ගිහින් මාව අමතක කරන්නේ නැහැ නේද අයියා.."
"පිස්සී මන් යන්න බැහැ කියද්දිත් මාව බලෙන්ම යවන්නේ උඹයි අම්මයි නේද...උඹ කොහොමද හිතන්නේ මේ අයියා උඹව අමතක කරයි කියලා..."
"නැහැ ඉතින් එහෙ ලස්සන ලස්සන කෙල්ලෝ ඉන්නවලුනේ..."
කෙල්ල ඇස් වල කදුලු පුරවගෙන කියද්දිනම් සත්තයි මේ හිත හිර උනා වගේ...
"ඉතින් මගේ සදෙසි කෙල්ලත් ගොඩාක් ලස්සනයිනේ...මේ හරියට මලක් වගේ...මට මේ ලෝකේ කොයි කෙල්ලටත් වඩා උඹ ලස්සනයි බන්..."
එදා ඒහෙම කියලා ගමේන් කොලඹට ආපු මන් විශ්යවිද්යාලයටඇතුල් උනා...මුලදිනම් හැම සති අන්තෙම මන් ගෙදර ගියා...
ඒ ගියාම අම්ම්ගේ වැඩේම දවස පුරාම මන් ආස කෑම ජාති හද හද මට කවන එක...අම්මා දුකක් මට නොපෙන්නුවට අම්මා මන් නැතුව ලොකු දුකකින් ඉන්න බව මට නොතේරුනා නෙවෙයි...
මන් ගෙදර ගියාම සදෙසිව බලන්න යන්නත් අමතක කලේ නෑ...
කාල ටික ටික ගෙවෙද්දි අපේ බැජ් එකේම හිටිය ස්වේතට මගේ හිත මටත් හොරාම බැදුනා...
ස්වේතා කොලඹම පදිංචි කෙල්ලෙක්...සදෙසි තරමට ලස්සන නොවුනත් ඇගේ දඟකාර ගති පැවතුම් මගේ හිත හොරා ගන්න සමත් උනා...
අපි ඒ විදියට පෙම්වතුන් උනා...
සති අන්තේ ගෙදර යනවා වෙනුවට මන් ස්වේතා එක්ක ඇවිදින්න ගියා...ස්වේතගේ ආදරේ ලග මන් අන්ධයෙක් වගේ හැසිරුනේ...
ගෙදරට ලිව්මක්වත් ලියන්න මට අමතක උනා..ඒත් අම්මා හැම මාසෙම මගේ වියදමට සල්ලි එවලා තිබ්බා..
ගම එහෙම් පිටින්ම මට අමතක වෙලාම ගියා...කැම්පස් එකෙන් අවුට් උනාට පස්සේ මන් ගමට ගියත් අම්මා මගෙන් වචනයක් ඇහුවේ නෑ ඇයි උඹ නාවේ කියලවත්...
මන් ගමේ ඉන්න දවස් වල සදෙසි මාව බලන්න කිහිපවතාවක් ආවත් මන් එයාව මගහැරලා ඉන්න වගබලා ගත්තා...මට ඇත්තටම සදෙසිව වදයක් උනා...
ස්වේතා මට හැමදාම කෝල් කරලා කොලබ එන්න කියලා අඬනවා...මට ඇත්තටම ස්වේතා ගැන දුක හිතුනා...එයාගේ කදුලු දකින්න මට බැරි උනා...ඒනිසාම ආයේ රස්සාවකට කියලා කොලඹ ගියා...එදා අම්මගේ ඇස් වල තිබුනු කදුලුවත් මට පෙනුනේ නැහැ...ස්වේතා අඬ අඬ මට එන්න කියපු විදිය තමයි මට මතක් උනේ...
එදා මන් කොලඹ ආවට පස්සේ කවදාවත් ගමට ගියේ නැහැ...ඇත්තටම මට ස්වේතා ගමේ යන්න ඉඩ දුන්නේ නැහෑ...
මට බැංකුවක මැනේජර් විදියට රස්සාවක් ලැබුනා...මන් කොලබින් ගෙයකුත් හැදුවා....ස්වේතාව මන් පොඩි වෙඩින් එකක් අරන් මැරි කලා...ඒත් මගේ ලස්සනම දවසේ අම්මා මන් ලග හිටියේ නැහැ...ඇත්තටම ස්වේතා මට අම්මට වෙඩින් එක ගැන කියන්නවත් ඉඩ දුන්නේ නැ..ඒ එයාගෙ අම්මලා ඉස්සරහ එයාට මගේ අම්මා නිසා ලැජ්ජ වෙන්න වෙයි කියලා...
ඔය විදියට රාජකාරි වැඩත් එක්ක ගම අමතක වෙලාම ගියා...
-------------------------- --------------------
හොස්පිටල් එක ලගටම ආවට පස්සෙයි මන් පියවි සිහියට ආවේ...අවුරුදු කීයකින්ද මන් මේ ගමට අඩිය තිබ්බේ ..
මන් අම්මා ඉන්න වාට්ටුවට ගියේ හීනෙන් වගේ...
දෙයියනේ මගේ අම්මා එයා කොයිතරම් වෙනස් වෙලාද...මගේ අම්මා ගොඩාක් දුර්වල වෙලා...අම්මා ලගම හිටියේ සදෙසි...ඇයත් දැන් ඉස්සර වගේ ලස්සන නැහැ...
මන් හෙමින් හෙමින් අම්මා ඉන්න ඇඳ ලඟට කිට්ටු කලා...මන් යනකොටත් සදෙසි අම්මට සුප් එකක් පොවනවා...
"අම්මේ..."
මන් උගුරෙන් වගේ අම්මට කතා කලේ..
"අනේ මගේ පුතේ උඹ ආවද...කොහෙද රත්තරනේ මෙච්චර කල් හිටියේ..."
අම්මගේ ඇස් වල කඳුලු ඔහේ ගලාගෙන යනවා...අමාරුවෙන් අම්මා ඒ වචන ටික ගැටගහගත්තේ කියලා මට දැනුනා...
සදෙසි දිහා මන් බලද්දි ඒ ඇස් වලත් කදුලු...
"මොකෝ සදෙසි අම්මට උනේ..."
"උනේද...දැන්ද අහන්නේ අයියේ...අම්මට හන්සභාගේ හැදිලා මාස තුනක් වෙනවා...කොයි තරම් නම් ඔයාව හෙව්වද අපි දැනුම් දෙන්න...ඔයා නිසාම විතරයි අයියේ අම්මා අසනීප උනේ...දැන් මෙහෙම මැරෙන්න වැටිලා ඉන්නේ මේ මනිස්සයා ඔයා හින්දයි...අන්තිමට කුසුම් අක්කගෙ මහත්තයා ඔයාව කොලඹ බැන්කුවක ඉන්නවා දැකලා බැන්කුවෙන් තමයි ඔයගෙ නම්බර් එක හොයාගෙන කෝල් කලේ....ඔයා කොහොමද අයියේ ඔයා වෙනුවෙන් මෙච්චර කැප කිරිම් කරපු මේ මනුස්සයව අමතක කලේ..."
හිතුවෙවත් නැති විදියට සදෙසි මට මිනිස්සු ඉස්සරහම බැනගෙන ගියා...ඇත්ත මගේ වැරද්ද...මන් මගේ අම්මව අමතක කරලම දාලා අවුරුදු කීයක් හිටියද... සදෙසි එහෙම කියලා වාට්ටුවෙන් යන්න ගියා...
අම්මා මන් දිහා ඔහේ බලාගෙන හිටියා හැරෙන්න වචනයක් කතා කලේ නෑ...
"අම්මේ මට සමා වෙන්න... මට කොතනද වැරදුනේ කියලා තේරෙන්නේ නැහැ...ඒත් මගේ අම්මව අමතක කරලා දාලා හිටිය මේ පව්කාරයට සමාව දෙන්න අම්මේ..."
මන් අම්මගේ අත් දෙක අල්ලගෙන අඬ අඬ එහෙම කිව්වේ ඇත්තටම මට සමාවක් දෙන්න තරම් සුදුස්සෙක් නෙවෙයි කියලා දැන දැනමයි...
"මන් උඹට සමාව දීලාඉවරයි මයෙ අම්මා...පුලුවන්නම් දැන්වත් අර සදෙසි කෙල්ලව කසාද බැදලා සතුටින් ඉදහන්...ඒ කෙල්ල දැන් අවුරුදු කීයක් උඹ වෙනුවෙන් බලන් ඉන්නවද..."
අම්මා අමාරුවෙන් ඒ වචන ටික ගැටගහගද්දි ඇත්තටම මගේ හිස උඩ හෙන පුපුරනවා වගේ දැනුනේ මට...
සදෙසි සදෙසි තාමත් මන් වෙනුවෙන් බලන් ඉන්නවද ඒ කියන්නේ....
"අම්මේ මේ අම්මේ මන් කසාද බැදලා ඉන්නේ අම්මේ.."
මන් බිම බලාගෙනම ඒ වචන ටික කියලා දැම්මේ...
"මොනවා...උබ මොනවද බන් මේ කියවන්නේ...උඹෙන් මේ වචන ටික අහන්නද මන් ජීවත් වෙලා හිටියේ...උඹවත් මන් ලග නොහිටි කාලේ ඒ කෙල්ල මගේ කැත කුනු පවා අතගාලා මගේ හැමදේම කලා...හැමදාම කිව්වේ මන් මගේ අයියට පොරොන්දුවක් උනා අම්මව හොදින් බලාගන්න්වා කියලා...ඒක එයා මැරෙනකන් රකිනවාකියලා...උඹ මැනික් ගලකට බන් පයින් ගැහුවේ...දෙයියනේ මන් දැන් ඒ කෙල්ලට මොනවද කියන්නේ..."
අම්මා අඬ අඬඑහෙම කියද්දිම අම්මට කැස්සක් ඇවිත් අම්මට හොඳටම අමාරු උනා...
"මේ පේශන්ව වැඩිය මහන්සි කරන්න එපා කිව්වනේ...දැන් චුට්ටක් එහාට වෙල ඉන්න..."
නර්ස් කෙනෙක් ඇවිත් මට කෑ ගැහුවා...අම්මව දැඩි සත්කාරෙට දැම්මා....
දෙයියනේ මගේ අම්මා පනරැක ගන්න මැශින් ගොඩාක් මැද්දෙ ලොකු සටනක...
සදෙසි පුටුවකට බර වෙලා හොදටම අඬනවා...
ස්වේතා නිකමට කෝල් එකක්වත් දුන්නේ නැ අම්මටකොහොමද කියලා අහලවත්...
කොලඹට ආපු ගමනෙදි මට ගොඩාක් දේවල් මගහැරුනා කියලා දැනුයි තේරෙන්නේ මට....
දැඩි සත්කාරෙන් එලියට ඩොක්ටර් ආවා...ඒ මුහුන අදුරු වෙලා තියෙනවා දැක්කම සත්තයි මගේ හද ගැස්ම නැවතුනා වගේ දැනුනා...
"ඩොක්ටර් කොහොමද මගේ අම්මට"
"සොරි මිස්ටර් එයා නැති උනා..."
ඩොක්ටර් එහෙම කියලා යන්න ගියා....අම්මගේ නිසල සිරුර අරන් ආවා...
මන් පොඩි කාලේ ඉදලම ආදරයෙන් අම්මා මාව උස්මහත් කරපුහැටි ඇස් ඉස්සරහ මැවිලා පෙනුනා. .
"අනේ මගේ රත්තරන් අම්මේ මට සමාව දෙන්න...මට මගේ අම්මට මේ ආත්මයේදි නය ගෙවාගන්න බැරි උනා....මේ පව් කාරයට සමාවදෙන්න අම්මේ....අනේ මගේ රත්තරන් අම්මා මගේ දරුවෙක් වෙලා එන්න ආයේ අපි ලගට...මන් මගේ ඇස් දෙක වාගේ බලාගන්නව...සත්තයි....මට අම්ම කරපු කැපකිරිම් වලට නය ගෙවන්න නම් බැරි වෙයි කිසිම ආත්මෙක...අම්මව අමතක කරලා දාලා මන් කරපු පව ගෙවා ගන්න මට මේ සසරත් මදි වෙයි අම්මේ...
නිමි.....

--------------------------

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.