රූපවාහිනී
තිරයක් මත නැවතුන තරුන දීප්තිමත් ඇස්දෙකක්. කලු පාට ජැකට් එක්කින්,කලු
තොප්පියකින් හා කලු කලිසමක්න් වැහිල ගිය දේහයක්. තරමක් අදුරු කාමරයේ කුඩා
ස්ටූලයක් මත දිග හැරුන දෙපයක්. හිද සිටි කුඩා සෝෆාව මත පසෙකින් කලු
ලේන්සුවක්. ඒ ඩී.පී.
රූපවාහිනී තිරය මත නතර වෙලා තිබුනත් ඒ දුබුරු පාට ඇස් කොහෙදෝ තැනක මතකයක නතර වෙලා. ඒ හින්දමද කොහෙද රූපවාහිනී තිරය මත දිග හැරුනු පෙම් ජවනිකාවෙ පෙම් වදන් ඒ ඇස් වලට ඇහුනෙ නෑ .ටිකෙන්ටික ඒ දුබුරු ඇස් වල පිරෙන්නෙ වේදනාව, කෝපය විතරමයි. ඒ ආවේගෙන්මයි ඩී.පී අතට අහු වුන කුඩා වීදුරු මල්බදුන ටී වී එක හරි ආදරෙන් සිපගත්තෙ.
'ස්ලාං' හඩින් ටී වී තිරය බිදී යද්දි කඩන් බිදන් එහි දුව ආවේ තවත් තරුනයෙක්. කලු පැහැ ටී ශර්ටයත් කලු පැහැ කලිසමත් ඔහුට ලබා දීල තිබ්බෙ අමුතු ම CID පෙනුමක්.
"ඩී.පී? මොකද වුනේ?"
තරුනයාගෙ හඩින්වත් කෝපයේ උපරුමයේ හිටි ඩී.පීගේ කෝපාග්නිය නිමුනෙ නෑ. මිටි මෙලවුනු ඒ දෑත් වෙව්ලන විදිහෙන්ම තරුනයාට තේරුනා මේ ඩී.පීගේ රතු කට්ට පනිනා තරමට යමක් සිදු වී ඇති බව.
තරුනයාට පිටු පාල හිටි ඩී.පී ඒ පැත්තට හැරුනෙ හිස රැදි කැප් එක ගලවන ගමන්. ඒ එක්කම තොප්පියට යට කර තිබ්බ වැලමිට තරමට දිග කොන්ඩයක් හීන් සීරුවෙ පහලට කඩන් වැටුන. ඒ දුබුරු ඇස් වලට තද කලු කොන්ඩය ගෙනාවෙ හරි ගුප්ත පෙනුමක් . ඔව් ඒ කෙල්ලෙක්. ජීවිතේ දෛවයත් එක්ක දාපු සෙල්ලමකින් අමුතුම තැනකට හිර වුන කෙල්ලෙක්.
"ඩී.පී?"
තරුනයා අයෙත් ඇහුවෙ ඩී.පී දිහාට විමසුම් බැල්මක් හෙලමින්.
"සී.ජේ.... අර...පා...ද..ඩ.. ඇමතියගෙ ගෝලයො අදත් කෙල්ලෙක්ව ඉස්සුවා..."
ඩීපීගෙ වෙව්ලන හඩේ තිබ්බෙ පුදුම තරහක් වේදනාවක් . සී.ජේ නොහොත් ඒ තරුනයාගෙ ඇස් වලටත් ඒ හා සමාන කෝපයක් නැගුනෙ
ඉබේටම.
"ශිට්....."
සීජේගෙ මිට මෙලවුනු දකුනත වේගෙන් බිත්තියට පතිත උනා.
"ඒත්... කෙල්ල බේරෙයි"
ලොකු හුස්මක් අරන් ඩීපී සෝෆාවෙ ඉදගත්ත. සීජේගෙ ඇස් වල අමුත්තක් .
"මොකද උනේ?"
"මන් විතරක් නෙමේ ඒ ගැන ඇහැ ගහගෙන හිටියෙ. "
"කවුද? එයාද?"
"ඔව්.... CID ඔෆිසර් ,විනෝද් රාජපක්ෂ "
යාන්තමට ආලෝකයක් දුන් විදුලු බුබුල මත දෙනෙත රදවා ගත් ඩීපීගෙ ඒ ඇස් වල ලියවිච්ච කතාව දැනන් හිටියෙ කීප දෙනෙක් විතරයි
"ඩී...පී...."
ඒ එක්කම එතනට කඩන් බිදන් දුව ආවෙ තව කෙල්ලෙක්. ඒ තමා දිල්.
"අක්කෙ...අර කෙල්ලට...සිහිය ආව"
"හ්ම් බබා යන්න මන් එන්නම්..."
සීජේ දිහාටත් ඔලුව හරවල සන් කරපු ඩීපී කලු ලෙන්සුව අරන් මූන බැදගත්තෙ ඇස් විතරක් පේන විදිහට. කොන්ඩෙත් ගුලි කරල කැප් එක දාගත්ත ඩීපී දැන් තනිකර කොල්ලෙක්...
❤❤❤❤❤❤❤❤
"අ..අනේ...හ්...මට යන්න දෙන්න...සර්... මන්...මන් .... මුකුත් දන්නෙ නෑ ....මිස්..."
පුටුවක ඉදගෙන බයවෙච්ච ඇස් දෙකෙන් බලන් හිටි කෙල්ල කීවෙ කෙල්ල දිහාම බලන් හිටි තවත් කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි.ඒ ඉමල් හා මදූ.
" හරි මන් ඉතුරු ටික බලාගන්නම්"
ඩීපී කීවෙ පිරිමි කටහඩක් වෑයමින් ආරූඪ කරන්.
"දැන් කියනව හැමදේම ...."
කෙල්ලට ඉස්සරහ තිබ්බ පොඩි මේසෙ උඩ පිහියක්, තුවක්කුවක් ලනුවක් තිබ්බ ඩීපී කිව්වෙ සන්සුන් හඩින්.ඉතිරි සගයො හතර දෙනා මූනෙන් මූන බලන් ඉගි කරගත්ත.
"ම...මන්...මන්..."
"ඔව් ඔයා ඇතිවෙනකන් ගොතගහල කියන්න. අපි කට්ටියම ඉන්නව අහගෙන. හැබැයි ඇත්ත....ඇත්ත විතරක් කතා කරනව. ගෞරවනීය ජයවන්ශ මන්ත්‍රීතුමාගෙ සෙකට්‍රි පිහි ඇනුමකින් පරලොව ගියා කියල හෙට් උදේ පත්තරේ තිබ්බොත්? "
ඉදන් හිටි පුටුවෙන් කකුලක් නමල තියාගන්න ගමන් ඩීපී ඇහුවෙ.
"ම...මන්...මන්...කියන්නම්. ..මන්.කියන්නම්ම්...."
"ඕකේ...."
"මන්...ජයවන්ශ මන්ත්‍රී තුමා ලගට ඇවිත් අවුරුදු දෙකක් විතර . ඒ කාලෙදි තමා සර්ගෙ කුඩු බිස්නස් පටන් ගත්තෙ. ඒකෙන් සර්ට හොද ආදායමක් ලැබුනත් සර්ට ඕන වුනේ තව සල්ලි. ඒවගෙ හැම ගිනුමක්ම චෙක් කරන්නෙත් මම.
ඊටපස්සෙ තමා අලුත් ඩ්‍රග්ස් වර්ගයක් ලන්කාවට ගෙන්නන්න හදන්නෙ. ඒක හුගක් රටවල් ව්ල තහනම් කරල තියෙන්නෙ දෝර්ග කාලීන පාවිච්චියෙන් මොලයෙ ස්නායු ආබාද ඇති කරවල පිස්සු හැදෙන හින්ද. ඒත් මන්ත්‍රීතුමා වැඩි ගානක් හොයන්න ගෙන්නනව. ඒක ගෙන්නනෙ ලබන ඉරිද. එච්චරයි මන් දන්නෙ මන් අය දන්නෙ නෑ ... දන්නෙ නෑ ..."
කෙල්ල පිස්සුවෙන් වගේ මොර දෙද්දි ඩීපී නැගිට්ට.
"යන්න දෙන්න.... ඔය පුන්චි කිරිල්ලිට. කට්ටිය එන්න හෙඩ් රූම් එකට. වැඩ තියෙනව."
කට්ටියම ඇස් ලොකු කරන් පුදුමයෙන් බලන් ඉද්දි ඩීපී කාමරෙන් එලියට ගියා..පැයකට පස්සෙ කට්ටියම කාමරේට ආව.
"ඇයි අක්කෙ යන්න දුන්නෙ ඕකිව තියාගන්න තිබ්බෙ."
මදූ කියද්දි අනිත් කට්ටියත් ඔලුුව වැනුවෙ ඒක අනුමත කරල.
"ඉදගන්නකො සෙට් එකම ඔන්න ඔය හත් අට පොලකින්..."
කෙල්ල කීවෙ කාමරේ මැද තිබ්බ තාක්ශනික උපකරන කීපයක් එහෙ මෙහෙ කරල.
"ඉමල්....පටන් ගන්නකො මල්ලි...."
ඉමල් ඒ එක්කම ඉදගත්තෙ කාමරේ විසල් පරිගනකය ඉස්සරහ. ටික ව්‍ර්ලාවකින් එහි තිරය මත දිස් වුනේ මාලගාවක් වගේ ගෙදරක්.
"මේ ජයවන්ශගෙ ගෙදර..."
දිල් කීවෙ ඇස් විසල් කරගෙන
"ඔව් මන් කිව්ව වගේ කැමරාව හයි කලාද?"
"ඔව් එයාගෙ බ්ලවුස් එකේ බොත්තමක"
ඒ එක්කම කට්ටිය නිසොල්මන් උනේ කැමරාවෙ ඊලගට දර්ශනය වෙච්ච එක හින්ද.ඒ ජයවන්ශගෙ කාමරේ. ඒ නාකියා අඩ නිරුවතින් කෙලෙක් එක්ක ඇද උඩ සෙල්ලම.
"උබට පිස්සුද බැල්ලියේ...."
ජයවන්ශ ගුගුරගෙන ඇදෙන් නැගිටිද්දි ඒ හිටි කෙල්ල ඇදෙන් බැහැල ගියේ නිරුවත් සිරුර බෙඩ් ශීටයෙන් වහගෙන.
"ස...සර්...ඌ...මාව අල්ලගත්ත..."
"ඩීපී??? උබ දැක්කද ඌව? මොන වගේද ඌ? උබ ඌව දැක්කද?"
"නෑ සර්...."
"ඉදකින්...හරි...හරි ..උබ මන් කියන්න කියපුව සේරම කීවද?"
"ඔව් සර් උන් හිතන් ඉන්නෙ ඒ ඕඩර් එක එන්නෙ ඉරිදට කියල..."
"නියමයි කෙල්ලෙ නියමයි... ආ මෙන්න... මේක ගනින්... බලමුකො උන් දැන් මාව අල්ලන්න එන හැටි... මන් ඕකව අල්ලන එක අල්ලනව . ඌ ලස්සනට මගෙ ඇම කාල තියෙන්නෙ....ආ අද් රෑට වරෙන් මගෙ කාමරේට . "
සල්ලි මිටියක් විසි කරන ගමන් ජයවන්ශ මන්ත්‍රී තුමා කියද්දි කෙල්ල ඒක අත දික් කරල ගත්ත.
"මට තේරුනා මේක මුගෙ හොරයක් කියල. ඒ හින්දමයි මන් කීවෙ කැමරාස් හයි කරන්න කියල.බලනකොට අපි නෙමෙයි ජයවන්ශයයි හොදට මේ නූල ගිලල තියෙන්නෙ. දැක්කනෙ?"
ඩීපී කට්ටියටම කීවෙ තිරය පෙන්නල... කට්ටිය තාමත් ඇස් තඩි කරන් බලන් ඉන්නව.
"මේකිව තක්කාලි සෝස් කරන්න ඕන..."
දිල් කීවෙ තරහින් පුපුර පුපුර...
"ඇයි ඔයාට රෑට පාන් කද්දි ගන්නද?"
සීජේ ඇහුවෙ දිල්ව අවුස්සන ගමන්
"නෑ ඔයාට පොවන්න... ඔය මූලග්ගින්න යන්න...."
ඒ ඉතින් වලියක ඇරබුම. ඕක නතර වෙන්නෙ දිල් සීජේට කොස්සක් අරන් පන්නන්න ගත්තම. ඩීපී හිනාවෙවීම් නැගිට්ටෙ කාමරෙන් යන්න...
"බබාල කන්න ... දැන් දවල් වෙලා හොදටම...."
"එතකොට අක්ක?"
ඒ ඇහුවෙ ඉමල්. සීජේ දිල් එක්ක තාම වලි. මදූ දෙන්නව කොටවනව.
"මට බඩගිනි නෑ බන්... පස්සෙ එන්නම්ම්ම්"
කෙල්ල හෙමිහිට කාමරේට ආවෙ කට්ටිය දිහාම තව බැල්මක් හෙලල ලාවට හිනාවේගෙන. අවසානෙ තමන්ට ඉතුරු මෙච්චරයි කියල කෙල්ලට හිතුන.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
කෙල්ල ඉබේම ගිහින් හිට්ටවුනේ කන්නාඩිය ඉස්සරහ. කැප් එක , ජැකට් එක පැත්තකට විසි කල කෙල්ල ඉස්සරහ හිටියෙ මීට අවුරුදු පහකට කලින් තමන්ගෙ දෛවය විසින්ම විහින්ම මරල දාපු අහින්සකකෙල්ලෙක්ගෙ ඡායාව. ඩීඔඊට තාමත් බැරි උනා තමන් ඇතුලෙ හිටි ඒ අහින්සක කෙල්ලව මරන්න.
කෙල්ලගෙ හිත අතීතයේ එක දවසකට දුවන් ගියේ කෙල්ලටත් හොරෙන්...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ධ්‍යානි ප්‍රහර්ශා , ශ්‍යානි ප්‍රහර්ශා .....රනසින්හ
යුවලට ඇස් දෙක වගේ හිටි දරුවො දෙන්න. ඊටත් වඩා මේ කතාව ලස්සන ඒ දෙන්නම නිවුන්නු නිසා.
"අනෙ අම්මා....අක්කිව යවන්නෙපා..."
ධ්‍යානි කීවෙ අම්මට තුරුල් වෙලා කදුලු පුරෝගෙන.ඒ දුබුරු ඇස් ඒ කාලෙ හිතා ගන්න බැරි තරම් අහින්සකයි. කොට සාය ඇදල බඩ පේන්න ටී ශර්ට් එකක් ඇදගත්ත ශ්‍යානිට වඩා ධ්‍යානිගෙ තිබ්බෙ පුදුම සරල සන්වර බවක්.
"ඒම බෑනෙ දෝනි. අක්කට ඔයාට වගේ කැම්පස් යන්න තරම් හොද රිසාල්ට් එකක් නෑනෙ. එයාම තමා කීවෙ මේ ර්ටේ එය්ට් ඉගෙන ගන්න බෑ කියල. ඔන්න ඔහෙ කොහේ හරි රටකට ගිහින්වත් හරියට ඉගෙන ගනියිනෙ."
ධ්‍යානි එදා ඉදන් හිටියෙ මූන පුලුටු කරගෙන. එක කුසක තප්පර ගානක වෙනසකින් ඉපදුනත් දෙන්නම අහසට පොලව වගේ කියල අම්මල දන්නව. එකෙක්ව හරි තමන් ලග තියාගන්න් දගලන්නෙ පපුවේ තියන් හදපු දරුවො නාස්ති වෙනවට බයට.
"අඩී.... සුන්දරී .....උබ යන්නෙ නැද්ද? "
ධ්‍යානිගෙ යාලුවා ලක්ශි ගේට් එක ලග ඉදන්ම බෙරේ ගහන්න ගත්ත. ධ්‍යානි එලියට දුවන් ආවෙ සෙරෙප්පු දෙකත් අතේ අරන්. දනහිසෙන් පහලට ටිකක් උසට ඇන්ද ස්කර්ට් එක නෝමල් බ්ලවුස් එක ටනි පාට ස්ලිපර්ස් දෙක තනි කරලට ගොතපු ඉන ගාවට දිග කොන්ඩෙ ඒ තමයි ධ්‍යානි ප්‍රහර්ශා . පෙනුම වගේම හිතත් පුදුම අහින්සකයි
"හරි....යන්න්න්"
කෙල්ලො දෙන්නම පාරට බැස්සෙ ටවුන් එකට යන්න. ඒ ලක්ශිගෙ පෙරැත්තයට. නැත්තන් කෙල්ල ලේසියකට එලියට බහින්නෙ නෑ . හෙට අනිද්දට කැම්පස් යන්න තියෙනව කියල හිතද්දිත් කෙල්ලට දැනෙන ලොකුම ප්‍රශ්නෙ ගෙදර අය නැතුව ඉන්න එක. වයස විස්සක් උනත් කෙල්ල තාමත් ගෙදරට පොඩි එකී.
"අයියෝහ්...."
කෙල්ලට ඉබේටම කෑ ගැහුන. කෙල්ල හිටියෙ ඔලුවේ ඉදන් මඩ නාගෙන. ලක්ශි කරේ කෙල්ලව මඩ වලින් නාවන් ගිය කාර් එකට මහ හයියෙන් බනින එක.
"ඕයි....උලමා...කෝ දීපන් උබෙ ඔය ස්ලිපර් එකක්... මගෙ එක බර මදි"
එක පාරටම ධ්‍යානිගෙ සෙරෙප්පුවක් දෙකට නැමිල ගලවගත්ත ලක්ශි ඒක දමල ගැහුවෙ කාර් එකට. ර්ර්ක එඇදුනෙ කාර් එකේ කන්නාඩියක. එක පාරටම කාර් එක නතර උනා. ධ්‍යානි හොදටම බය වෙලා බලන් ඉද්දි කාර් එකෙන් එලියට බැහැල ආව කෙනා ආවෙ බිම තිබ්බ සෙරෙප්පුවත් අරන් තරහෙන් රතු වුන මූනෙන්...
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
වාහනෙන් බැහැල එන තරුනයා දිහා බලන් හිටි ලක්ශිිටත් හීන් දාඩිය දාද්දි ධ්‍යානි හිටියෙ බයටම සීතල වෙච්ච අත් දෙකින්ම ලක්ශිගෙ අතක් අල්ලගෙන.
"මේක තමුන්ගෙද?"
සෙරෙප්පුව ධ්‍යානිගෙ මූනට ල්න් කරල ම අහද්දි කෙල්ලගෙ උගුර හිර වුනා වගේ උනා.කියාගන්න වචනයක් හොයාගන්න බැරි උන කෙල්ල කලේ ඔව් කියල ඔලුව වනපු එක.
"නැහැදිච්ච කෙල්ලො"
ධ්‍යනිගෙ මූනට නපුරු හඩින් මුමුනපු ඔහු යන්න හැරෙද්දිම ලක්ශි අමාරුවෙන් වුනත් කට ඇරියෙ අහින්සකී වෙනුවෙන්.
"ඕයි මිස්ට... මමයි ඔයාගෙ අර දඩුමොනරෙට සෙරෙප්පුවෙන් ගැහුවෙ. ඒකට මේ අහින්සකීට පුප්පල වැඩක් නෑනෙ. ඇයි අප්පච්චි නාග වන්ශෙද? අපිත් රාක්ශ වන්ශනෙ යකො එහෙනම්... මේක මෙයාලටම ගිය පාර..."
"අ...අනේහ්...ක්...කෑ ගහ්න්නෙපා ල..ක්...ශි..."
ධ්‍යානි කෙල්ලව නතර කරන්න දගලන ගමන් කියද්දි ලක්ශි කෙල්ලටත් සැර දැම්ම.
"කට වහන් හිටු මන් අමතනකන්... ඔන්න ඕම..."
ධ්‍යානිගෙ අතක් අරන් කට වැහෙන්න තිබ්බ ලක්ශි අයෙත් රවාගෙනම හැරුනෙ කොල්ල දිහාට...
"ආ...කොහෙන්ද...නැවැත්තුවෙ?
රාක්ශ වන්ශෙ.... ? ආ හරි .... දැන් මිස්ට...ඔයා මේ පාර බදු ගත්තෙ කොයි
කාලෙද? දැන් එතකොට අපි යන්න ඕනෙ අහසෙද? ඈ? මට චුට්ටක් පැහැදිලි කරනවද?"
කොල්ල දෙන්න දිහාම දෙමාරුවට බලල රවද්දි ධ්‍යානි හිටියෙ බයටම අඩන් කදුලු පුරෝගෙන.
"තමුන්ගෙ කට වැඩී හොදටම නේද? අහුවෙන එව්වගෙන් දමල ගහන්නත් ආස ඇතිනෙ...සෝ???? අයිල් හෙල්ප් යූ ෆෝර් දැට්..."
එහෙම කියපු කොල්ල කෙලින්ම නැමුනෙ ධ්‍යානිගෙ කකුල ලගට . එහෙමම තනි සෙරෙප්පුව දාගෙන හිටි කෙල්ලගෙ අනිත් සෙරෙප්පුවත් බලෙන්ම ගලවල ගත්ත කොල්ල සෙරෙප්පු දෙකම අත් දෙකට අරන් මූනට ගත්තෙ දඩබ්බර හිනාවක්
"හෑව් අ නායිස් ඩේ ගර්ල්ස්..."
"අ...අනේහ් ලක්ශි...බලන්නකො... මගෙ...මගෙ ස්ලිපර්ස් දෙකත් අරන්නෙ යන්නෙ..."
ධ්‍යානි එලෝ මෙලෝ නැතුව කියද්දි ලකශිත් හිටියෙ මොනා කරන්නද හිතා ගන්න බැරුව. ලක්ශි අයෙත් තමන්ගෙ සෙරෙප්පුව ගලවල ගද්දිම...
"අනෙ..අනෙ...ඇති...ඔයාගෙ ස්ලිපර්ස් දෙකත් අරන් යයි.. ඔහෙ ගියාවෙ .... භූතයා..."
ධ්‍යානි කීවෙ ඈතට යන කාර් එක දිහා ඔරවන් බලාගෙන
💃❤💃❤💃❤
"කෙල්ලෙ...."
ඩී.පී මතක ලෝකෙන් එලියට ආවෙ ඒ කටහඩින්... කෙල්ල හැරිල බලද්දි දොරකඩ හිටන් හිටියෙ කෙල්ලගෙ ජිවිතේටම බද්ද වුන තවත් චරිතයක්
"ලක්ශියෝ????"
කෙල්ල කෙලින්ම දුවන් ගිහින් ලක්ශිව වැලදගත්තෙ පුදුම තරම් ආදරෙන්. මේ වෙද්දි තමන්ගෙ කියන්න ඉතිරි උන කීප දෙනාගෙන් එක්කෙනෙක් තමයි ලක්ශි.
"ඇති ඇති උබ මාව පොඩි කරා..."
"උබට කොච්චර කීවත් අහන්නෙ නෑ මෙහෙ එන්නෙපා කියල"
"මට උබව මතක් වෙනව බන්. "
"ඒක උබට හොද නෑ බන්. උබෙ ආරක්ශාවට හොද නෑ .... කෝ දරු පැට්ටා?"
"පුතා එශාන් එක්ක . කාර් එකේ ඇති. මන්මේ පචයක් ගහල දුවන් ආවෙ උබව බලන්න... "
"උබ නම්ම්ම්ම්"
"හරි හරි උබ ඒක කියන්න ඕන නෑ ... මන් දන්නව. මන් ලක්ශි නෙමේ යක්ශි කියල"
ලක්ශි කීවෙ හිනාවෙවී...
"ආ මන් මේ කලබලේ දුවන් ආවෙ මෙන්න මේක උබට දෙන්න... කිරි ටොෆි වගයක්... හදද්දි උබවමයි මතක් උනේ.. අර පොඩි උන්ටත් දීපන්...ඒනම් මැනිකේ මන් ගියා... මන් අනිද්ද එනව පුතත් එක්ක අපෙ මනුස්සයා බිස්නස් වැඩකට දුර යනව...කියලවත් කරගන්ඩ බෑ... ඔන්න උම්ම මෙන්න ගියා..."
"පරිස්සමින් කෙල්ලෙ බුදු සරනයි..."
ඩීපී නොහොත් ධ්‍යානි හනික දුව යන තම මිතුරිය දිහා බලන් හිටියෙ හිතේ මොනාදෝ හැගීම් ගොඩක් තරග කරද්දි....තමන්ට මග ඇරුනු ජීවිතේ කොච්චර දේවල් තියෙනවද කියල කෙල්ලට හිතුන.
❤💃❤💃❤💃❤💃❤
විනෝද්ගෙ ඇස් නතර වෙලා තිබ්බෙ තමන්ගෙ මේසෙ උඩ තියල තිබ්බ පින්තූර කීපයක් උඩ. එකක මූන වහගෙන ඇස් විතරක් පේන කෙල්ලෙක්ගෙ පින්තූරයක්. තවත් පින්තූරයක කඩවසම් තරුන කොල්ලෙක්. තවත් පින්තූරයක කෙල්ලො දෙන්නෙක් හා කොල්ලෙක්... ඒත් කොල්ල දන්න හැටියට මේ අයගෙන් එක්කෙනෙක් ඇර ඉතිරිහතර දෙනාම මැරිල.
"මේ මූන වහන් ඉන්න මිනිහ කව්ද??"
කොල්ල අත් දෙකම මිටි මොලවන් කල්පනා කරන්න අරන් දැන් පැයකට වැඩී. කොල්ලගෙ ඔලුවට පුදුම තරම් විඩාවක් දැනෙද්දි පින්තූර වෙතින් ඇස් ඉවත් කරගත්ත විනෝද් බැලුවෙ මේසය මත වූ තරුනියකගෙ පින්තූරය දිහා
" උබ නැතුව මට තාමත් පාලුයි කෙල්ලෙ..."
කොල්ල කීවෙ තමන්ටම මුමුන ගනිමින් උනත් ඒ ඇස් වල ලියවිච්ච මොකක්දෝ දිග කතාවක් තිබ්බ. ඒ එක්කම අම්ම කාමරේට ආවෙ පුරුදු විදිහටම කොල්ලගෙ තේ එකත් අරන්..
"පුතේ...."
තේ එක අතට දීලා අම්ම ඔලුව අත ගාන ගමන් කියද්දිම කොල්ලට හිතුනා මොකක් උනත් වැදගත් දෙයක් කොල්ලට කියන්න යන්නෙ කියල
"ඇයි අම්මා..."
"අවුරුදු පහක් පුතේ දැන්.... "
"මන් දන්නව අම්මා..."
"ඔය ඇති මගෙ පුතේ....ඔයාටත් ජීවිතයක් තියෙනවනෙ... දැන් 28ක් සෙල්ලම් වයසක්ද? කසාදයක් කාරිය කරගෙන දරුවො හදන් සතුටින් ඉන්න ඕන කාලෙ.. රස්සාවටම දිය කරල හරියනවද? "
"අම්මා.. අම්ම දන්නව මන් හැමදාමත්දුන්න උත්තරේ.... මට එයාව අමතක කරන්න බෑ මගෙ අම්මා.... ඒකි...ඒකි....මගෙ මේ පපුව පුරාම...අම්මා...."
"ඒට් ඒ දරුව නැති වෙලා දැන් අවුරුදු පහක් මගෙ පුතේ.... නාස්ති වෙන්නෙ උබේ ජීවිතේ..."
ඒ ගමන නම් අම්ම කීවෙ තවත් ටිකක් තරහින්. කොල්ල කටපියාගෙනම හිටියෙ අම්මගෙ හිත රිදෙයි කියන බයට. අම්ම යද්දි කොල්ල ලොකු හුස්මක් අරන් ආපහු ඔලුව යෙදෙව්වෙ තමන්ගෙ වැඩට... කොල්ලට මතක් උනේ කොල්ලගෙ ලොක්ක කියපු දේවල්.
💃❤💃❤💃❤💃❤💃❤💃
"කාලෙකට පස්සෙ ඔයාට ලැබෙන හොදම මිශන් එක මේක වෙයි විනෝද්... මොකද මේ ඩීපී කියන්නෙ ලේසි පාසු කෙනෙක් නෙමේ... මේ වෙද්දි ඇමතිල දෙන්නෙක්ව පරලොව යවල මැරයො හතර දෙනෙක්ව අබ්බගාත කරල අපට අල්ලන්නම බැරි උන පාතාල නායකයො අට දෙනෙක් මරපු මනුස්සයෙක් මේ... "
"එහෙනම් හොදයිනෙ සර්..."
"කොහෙ හොදක්ද මනුස්සයො? අරහෙ ඇමතිල මන්ත්‍රීල මගෙ ඔලුව කන්න හදනව මේ යකාව අල්ලපන් අල්ලපන් කියල. සේරම කට්ටිය හොදටම බය වෙලා ඉන්නෙ. ඊලග තොන්ඩුව කාට වැටෙයි ද කියල. විශේශෙන්ම අර ජයවන්ශ මන්ත්‍රී තුමා."
"එහෙනම් වැඩේ සීරියස් නේද සර්..."
"නැතුව .... ඕකේ දෙන්... මෙතන ඉදන් මේ කේස් එක විනෝද්ට බාරයි... එහෙනම් කන්ග්‍රැජුලේශන්ස්..."
💃❤💃❤💃❤💃❤💃
"අතීතය සිහිනයක් පමනයි
සැබෑ සුවදක් නෑ
එදා සෙනෙහෙන් නොබැදුනානම්
මෙදා වියොවක් නෑ ......."
ඒ සින්දුව ඇහෙද්දිම කොල්ලට හිතුන තවත් නම් ඇහැරල ඉන්නම බෑ කියල.කොල්ල හෙමිහිට ඇදෙන් ඇලවෙද්දි වෙලාව පාන්දර 2යි. කොල්ල ඇදට යන්නෙ නිදිමරගාතෙට නෙමෙයි. කල්පනා කරන්න තියෙන ආසාවට කොල්ලගෙ හිත ඉබේම දිව්වෙ අවුරුදු පහකට පෙර ඒ අතීතයට.
🌹💃🌹💃🌹💃🌹
ඒ ජනවාරි මාසෙ මැද හරිය වගේ. අලුතින්ම කැම්පස් එකට ෆස්ට් ඉයර් එක සදහා අලුත් ලමයි බාරගෙන දවස් දෙකයි. සීනියර් අයියල අක්කල පෙරුම් පුරාගෙන බලන් ඉන්නෙ මොකටද කියල දන්නවනෙ.
"ඒයි ඔහොම ඉන්නව...."
ඒ විනෝද්ගෙ හොදම යාලුව රන්ග. කැම්පස් එකේ විනොද්ගෙ දකුනු අත වගේ.රන්ගගෙ කෑ ගැහිල්ලට ඉස්සරහින් යමින් හිටි කෙල්ලො දෙන්න නතර උනේ ඉද්ද ගැහුව වගේ.
විනෝද්ට ඒ ගැන වැඩි ගානක් තිබ්බෙ නැත්තෙ වෙනත් කොල්ලො තුන් දෙනෙක්ව රැග් කරමින් හිටි හින්දා කොල්ලො තුන්දෙනාගෙ කන් දෙකේම මල් ගහල ඉස්සරහ හිට්ටෙව්ව.
"හරි...දැන් උබල තමයි තන්හා රති රගා මාර දූවරු තුන් දෙනා... දැන් නටපල්ල .."
කොල්ලො තුන් දෙනා දන්න තාලෙන් අත පය වනද්දි කොල්ලගෙ අවධානෙ බිදුනෙ සාදු සාදු කියන සද්දෙට.
කොල්ල හැරිල බලද්දි පොත් මිටියක් ඔලුවෙ තියන් හිටිය කෙල්ලක්ව මැදිකරගත්ත කෙල්ලො තුන් හතර දෙනෙක් මහ හයියෙන් සාදු සාදු කියනව.
"ඔහොමද යකෝ කරඩුව වඩම්මන්නෙ? බිම බලාගෙන? කෙලින් ඉස්සරහ බලපන්"
පොත් මිටිය ඔලුවෙ තියන් හිටි කෙල්ල ඔලුව උස්සද්දිම කොල්ලට මොකක්දෝ මතකයක ඡායාවක් දැනුන. හරියටම මතක් උනාම කොල්ල ඉදන් හිටි බෙන්ච් එකෙන් දඩස් ගාල නැගිට්ට.
"සෙරෙප්පු කෙල්ල?"
කෙල්ල හරි අමාරුවෙන් ඔලුව උස්සගත්තෙ. කැම්පස් එකට බයෙන්ම අඩිය තිබ්බ කෙල්ලට වෙච්ච දෙයක් කියල හිත හුතම ලක්ශි තවත් ටිකක් හයියෙන් සාදු කිව්ව. එතකොටම තමයි කෙල්ල විනෝද්ව දැක්කෙ.
"ලක්ශි....ලක්ශි...."
පොත් මිටිය ඔලුවෙ තියාගෙනම කෙල්ල ලක්ශිට යන්තම් ඇහෙන හඩින් කතා කලා..
"සාධු...සාධු... ඈ...ඇයි බන්..සාධු...සාධු..."
"අර...අරය...."
" සාදු ...සාදු ....කෝ.කව්ද...සාදු සාදු...සාදු ..."
"අර....මගෙ...ස්ලිපර්ස් දෙකම..."
"සාදු...සාදු...කෝ...ඔය...ස ාදු...දේවදත්තයා...සාදු සාදු ...සා....."
"අර...අර ඉන්නෙ... කලු ශර්ට් ...එක..."
"හුටා....සාදු....සාදූ... ඌ...සින්නෙක්...සාදු...සාදු ...ඌ.."
කෙල්ලො දෙන්නම හිටුයෙ හොදටම තක්බීරි වෙලා.. විනෝද් කටින් එලියට පනින්න දගලන හිනාව වහගත්තෙ හරි අමාරුවෙන්...
💃🌹💃🌹💃🌹💃🌹💃
"අම්මෝ බන්...සාදුකාර දීලම හක්ක පැනල වගේ...."
ලක්ශි කම්මුල් දෙකම අත් දෙකින් තද කරන් කියද්දි ධ්‍යානිට හිනා ගියා.
"ඒයි මෙහෙ එනව... ඔය... කහ පාර ඇදුම... මෙහෙට ..මෙහෙට..."
එක පාරම කොහෙදෝ ඉදන් ආව සින්නෙක් ධ්‍යානිට කතා කරද්දි කෙල්ල උඩ ගියා.. කෙල්ල එක්කම ලක්ශිත් නැගිටිද්දි සින්න රවල බැලුව.
"මන් කීවෙ කහ පාට .... තමුසෙ කොල පාට.. ඇයි වර්ණ අන්ධතාවයද? මෙහෙ එනව ඉක්මනට ගාටන්නෙ මොකද?"
කෙල්ල සින්න පස්සෙන් ගාට ගාට යන්න ගියේ ලක්ශි දිහාට අසරන බැල්මක් පා කරල.. කෙල්ල එලියට එද්දි බිත්තියට හේත්තු වෙලා බලන් හිටිය රූපෙ දැක්කම කෙල්ලට උන් හිටි තැන් අමතක වෙලා දාඩියත් දැම්ම.
"හරි ලස්සනට රග පානව නේද? "
කෙල්ල ඇස් ලොකු කරල බැලුව ඒ ඇස් දිහා. කෙල්ලගෙ දුබුරු පාට ඇස් වල ලියවුන හැගීම තේරුම් ගන්න වගේ විනෝද් විනාඩි කීපයක් ඒ ඇස් දිහාම බලන් හිටිය.
" අනික..."
එකපාරටම කොල්ල කට වහගත්තෙ ඈතින් එන රූපයක් දැක්ක නිසා. ඒ ප්‍රොෆෙසර් ජයනාත්. නවක වදය කියන එකට උපරිම විරුද්ද කෙනෙක්. කොල්ල එක විනාඩියකට වට පිට බලල කෙල්ලගෙ කට අතකින් තදකරන් මුවා වුනා
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🍁🍁🍁🍁🍁 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
මූනත් රතු කරන් අඩාගෙන එන කෙල්ලව දැක්කම ලක්ශිගෙ පපුව පිච්චිලා ගියා. මොකද ලක්ශි ද්න්නව ධ්‍යානි කොයි තරම් නම් අහින්සක ද කියල.
"මොකද බන් උනේ?"
ලක්ශි ඇහුවෙ කඩන් බිදන් දුවන් ආව කෙල්ලව අත් දෙකින්ම අල්ලගෙන. කෙල්ල ඉකි ගගහ වෙච්ච දේවල් කියද්දි ලක්ශිගෙ ඇස් උඩ ගියා.ලක්ශි කෙල්ලගෙ බාහු දෙකෙන් අල්ලගෙන තදින් හෙල්ලුවෙ ඉහ වහා ගිය තරහකින්.
"මේ බලපන් ධ්‍යානි... ඔය සේරටම මුල උබ..."
ලක්ශි එහෙම කියද්දි බිමට හැරවිල තිබ්බ ධ්‍යානිගෙ ඔලුව ඉස්සුනෙ කරන්ට් එක වැදුන වගේ.
"දැන් උබ ඇස් වොලි බෝල් කරන් බලල වැඩක් නෑ . උබ හින්ද, උබෙ ඉවරයක් නැති අහින්සක කම හින්ද මේ සේරම වෙන්නෙ. ඕකට කනට එකක් අතාරින්න තිබ්බෙ නැද්ද උබට? ඇයි ඌ ඩොනල්ඩ් ට්‍රම්ප් ද? මේ දැන් ඉදන් උබෙ ඔය අහින්සක කම හෝදල දාපන්. එච්චරයි . අය මට කියන්න තියන්නෙපා. දැන් වරෙන් යන්න. හොස්ටල් එකට. මෙතන ඉදන් රටකජු විකුනන්නයැ"
ලක්ශි කෙල්ලවත් ඇදන් යද්දි ඉස්සරහට ආපු ඒ රූපෙ දැකල ලක්ශිගෙ ඇස් වල කෝපය නටද්දි කෙල්ලගෙ ඇස් වල නැවතුන හැගීම විස්තර කරන්න බැරි එකක්.
"ධ්‍යානි... අයි නීඩ් ටු ටෝක් විත් යූ"
විනෝද් කියද්දි ධ්‍යානි මුකුත් නොකියා නිසොල්මනේ බලන් උන්නා. ඒ ඇස් වල ඒ හැගීම් කොල්ලගෙ හිතේ ඇති කලේ චකිතයක්.
"අ...අපි යමු...ලක්ශි..."
ධ්‍යානි කියද්දි ලක්ශිටත් දැනුනෙ පුදුමයක් ලක්ශිගෙ අතේ එල්ලිල වහන් වුන කෙල්ල අඩියක් දෙකක් ඉස්සරහට යද්දි විනෝද් කෙල්ලගෙ අතින් ඇදල ගත්තෙ හැමෝගෙම අවදානෙ ඒ පැත්තට වැටිල තියෙද්දි.ඒත් වුනේ නොහිතපු දෙයක්.
"අතෑරපන් මාව"
ධ්‍යානි අත දිගෑරල දුන්න කම්මුල් පාර විනෝද්ට නොරිදුනත් කොල්ලගෙ හිතේ වේදනාව ලැජ්ජාව අපහසුතාව අපූරුවට ඒ ඇස් වල නතර වෙලා තිබ්බ.තරහෙන් රතු කරගත්ත මූනෙන් හිටියත් කොල්ල හිටියෙ මේ මොකක්ද වුනේ කියල හිතා ගන්න බැරුව.
"හොදයි...සොරි කියන්න ආපු මට උබ මෙහෙමනෙ සැලකුවෙ. බලන් හිටපන් "
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
"අක්කෙ අපි දැන් මොකද කරන්නෙ?"
දිල් ඇහුවෙ ඩී.පී ලග වාඩි වෙලා.
"ඌවත් ඉවරයක් කරමු. අය මොනවද?"
සී.ජේ කීවෙ වැඩි ගනනක් නැතුව.
"මේ මැරුව ඇති වගේ මට හිතෙනව"
ඩී.පී කීවෙ අනිත් කට්ටියගෙම ඇස් නලලට යද්දි
"එත...එතකොට..."
"මරණය කියන්නෙ මිනිහෙක්ට දෙන්න පුලුවන් ලේසිම දඩුවමක්. ඒත් සමාව ඊට වඩා ප්‍රබල දඩුවමක්... "
"අක්කෙ ඔයා...ඔයා... මොනවද මේ?"
යුගාන් ඇහුවෙ බැරිම තැන.
"ඔව් අක්කෙ ඔයා අද වෙනස්..."
ශානි කීවෙ නෝක්කාඩු හඩකින්.
"ඔයා කියන්නෙ මේ වැඩේ නතර කරන්න කියලද?"
ඩීපීට කවදත් අවනත සීජේ අහද්දි ඩීපීගෙ මූනෙ ඇදුනෙ අමුතු මන්දහාසයක්.
"කොහෙත්ම නෑ .... අපි මේ ක්‍රමේ වෙනස් කරනව විතරයි..."
ඩීපී කියද්දියි කට්ටියට යාන්තන් හුස්ම වැටුනෙ.
"කෙනෙක්ව මැරුවොත් ඒක එතනින් ඉවරයි. ඒත් ඒ කෙනාව බේරෙන්න බැරි තරමට බෙල්ලෙන් හිර කරොත්? ජීවිත කාලෙම දඩුවම් විදිනව . අපිත් දැන් කරන්න ඕන ඒක. මතකද ඒකනායක මන්ත්‍රීතුමාට කරපු දේ? ඒ මිනිහගෙ ජීවිතේම අපායක් කරා වගේ මේ ජයවන්ශගෙ තුප්පහි ජීවිතේම අපි අපායක් කරන්න ඕන.... එච්චරයි ...."
"අක්කෙ? උන් දැන් හිතන්නෙ අපි අනිවාර්යයෙන්ම ඉරිදට එනව කියල. "
"ඔව්... අපි ඉරිදට යනව... "
ඩීපීගෙ ඇස් වල අමුතු බැල්මක් ඇදෙද්දි ඒ කියපු වචන ටික සෙට් එකටම ගෙනාවෙ අමුතු ගතියක්. දැන් කට්ටියම දන්නව.
'අලුත් මිශන් එකක් අත ලග....."
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
"අනෙහ්... අම්මි... ම...මට .... බෑ ... මන්... කැමති නෑ ..."
ධ්‍යානි කීවෙ පුදුම වේදනාවකින් අම්ම දිහා බලන් නිවාඩුවට ගෙදර ආවෙ පුදුම තරම් සතුටින්. ඒත් ඒ සතුට මහ නපුරු විදිහට දිය වෙලා ගියා.
"කරන්න දෙයක් නෑ පුතේ.. ඒ තාත්තිගෙ හොදම යාලුවනෙ? "
"මට රමේශ්ව නම් එපා අම්මි. රස්තියාදුකාරයෙක්නෙ අම්මි...බලන්නකො..."
"අක්ක ගියා ගියාමයි ... අපට කතාවත් කරන්නෙ නෑ ... දැන් එයා අපෙන් ඈතටම ගිහින්... අපි අමාරුවෙන් හරි හිත හදන් ඉන්නෙ ඔයා ලග හින්ද .... විශේශෙන්ම තාත්ති..... එයා ඔයා ගැන ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නෙ..."
කෙල්ල බිම බලාගත්තෙ අත් දෙකේම ඇගිලි තදින් මිරිකාගෙන.
"අනෙ මන් දන්නෑ අම්මි..."
කෙල්ල ආපහු කැම්පස් එකට ගියේ තෝන්තුවාවෙන් වගේ. ඒ මදිවට රමේශ් කෙල්ලව ගෙනත් ඇරලිය එක කෙල්ලගෙ තරහ දෙගුන කලා. කොයි තරමක් රමේශ් කතා කලත් කෙල්ල නෙමේ කට ඇරියෙ.
"බායි බබා.... ඔයා අය එද්දි මට කියන්න ... මන් එන්නම් එක්ක යන්න..."
කෙල්ල බායිවත් නොකිය එද්දි ලක්ශි මගට දුවන් ගියේ එක පිම්මට.
"අඩෙ අප්පේ.... කවුද බන් ඒ ඉලා......න්දාරියා...."
"වරෙන්කො... උබට කියන්නම්ම්ම්ම්"
කෙල්ල හිස්ටල් එකට යන ගමන් සේරම කිව්ව. ඒක අහල ලක්ශිගෙ මූනෙ ඇදුනෙත් තරහක්.
"මේ අහින්සකීව අර නරියට දෙන්න ආන්ටිල කෝම හිතුවද මන්ද"
ලක්ශි එහෙම හිතුව විතරයි. ඒත් කෙල්ල එන දිහා තවත් නපුරු බැල්මකින් කෙනෙක් බලන් හිටි බව කෙල්ල දැක්කෙ නෑ .
පහුවදා පුරුදු විදිහට කෙල්ල ලක්ශි එකා ලෙක්චර්ස් ආවත් ඒ හිතේ තිබ්බෙ ලොකු බරක්... මුලු දේශනය පුරාම කෙල්ල හිටියෙ එලොවටත් මෙලොවටත් නැති ගානට. ලක්ශි කීප වතාවක්ම ධ්‍යානිගෙ අතට ඇන්නෙ බැරිම තැන.
"සිහියෙන් හිටපන්..."
ලක්ශි යාන්තමට කෙල්ලට මිමිනුව. කෙල්ලගෙ ඔලුවට දැනුනෙ දරාගන්න බැරි බරක්.හරියට කලු ගලක් ඔලුව උඩි ගෙනත් අතෑරිය වගේ.
"මොකෝ බන්..."
"මගෙ ඔලුව පැලෙන්න වගේ එනව බන්න්න්න්"
"කෝ බලහන්න්න්න් ...අඩෙ ගිනි කබල වගේ...තව විනාඩි පහයි ... ඕමම හිටහන් කෙල්ලෙ... අපි හොස්ටල් එකට යමු.."
කෙල්ලගෙ නලලට බෙල්ලට අත තියල බලපු ලක්ශි කිව්වෙ හොදටම බය වෙලා. කෙල්ලගෙ ඇග අසාමාන්‍ය විදිහට උනුසුම්.
"වරෙන් කෙල්ලෙ... අපි යන්කො..."
ලක්ශි ධ්‍යානිගෙ අතකුත් තදින් අල්ලගෙන එලියට ආවෙ. කෙල්ල ආවෙ අතේ එල්ලිල වගේ. ඒ තරමට ඇගට අමාරුවක් අපහසුවක් දැනුන.
"අන්න ඔයාට ශක්ති මැඩම් එන්නලු. ඉකමනට යනව."
සීනියර් උත්ට්ගමයෙක් ඇවිත් කියද්දි ලක්ශිගෙ ඇස් උඩ ගියා. මොකද ඉස්කෝලෙ කාලෙවත් වැරදිලාවත් පන්තියෙ මිස් කෙනෙක් කතා කරොත් කරන්නෙ මොකක් හරි කරපු මගෝඩි වැඩක් අහු වුනාම.
"අන්න ලයිබ්‍රියේ ඉන්නව. යනව ඉතින්. නැත්ට්‍යන් දන්නවනෙ හැටි?"
එහෙම කියල සින්නා යද්දි ලක්ශි වට පිට බැලුවෙ හදිස්සියෙන්.
"ඒ චතුවො? ධ්‍යානිව එක්ක යමන් ... පරිස්සමින් ඈ... මන් ටින් ගාල දුවල එන්නම්.. මැනිකෙ උබ පරිස්සමින් යමන් මන් සුටුස් ගාල එනව."
ලක්ශි කඩන් බිදන් ලයිබ්‍රිය දිහාට දුවද්දි ධ්‍යානි චතූ එක්ක හොඅටල එක පැත්තට අඩිය තිබ්බ . හැම තැනම ලමයි. කෙල්ලට ඒක දැකල තවත් විකාරයි වගේ.
එක පාරටම කෙනෙක් කෙල්ලගෙ අතින් අල්ලල ඇදල ගත්තෙ පරඩැලක් වගේ කෙල්ල ඇදිල ගිහින් ඒ හැඩිදැඩි පිරිමි පපුවෙ හිරවෙද්දි.ඒ විනෝද් .
"පිස්සුද ..."
කෙල්ල දෑතින්ම කොල්ලව තල්ලු කරත් කෙල්ලගෙ සිරුරේ දුර්වල බව ඒ හැඩි දැඩි සිරුර යන්තම්වත් හෙල්ලුවෙ නෑ . ඊලග තත්පරේදි කෙල්ලගෙ බද වට යදමක් මෙන් වමත යැවූ විනෝද් ඒ උනුසුම් දෙතොල් තම දෙතොලින් අල්ලා ගත්තේ කෙල්ලට හෙල්ලෙන්නවත් බැරි වෙන්න තදින් බෙල්ල පිටුපසින් අල්ලාගෙන.
වටපිටේ හිටි හැම කෙනාගෙම ඇස් නලලට යන්න වැඩි වෙලා ගියේ නෑ . හැම තැනම අනම් මනම් කසු කුසු හඩ ඔච්චම් හඩ පැතිරෙද්දි පුරුදු කදුලම කෙල්ලගෙ මූන තෙත් කරල තිබ්බ. ඒත් එතනදි විනෝද් තමන් ලැබූ කනේ පහර වෙනුවෙන් අපූරුවට
පලිගනිමින් හිටියෙ හිත්පිත් නැති මිනිහෙක් වගේ.
කොල්ල කෙල්ලට රිදෙන තරම් තදින් ඒ සියුම් තොල් තම ග්‍රහනයට ගෙන උන්නා. ඒ සිප ගැනීමෙහි අන්ශුමාත්‍රයක් හෝ සෙනෙහසක් තිබ්බෙ නෑ . පලිගැනීමම විතරයි .
කෙල්ලගෙ දෙතොලින් සිය දෙතොල් මුදා ගත් විනෝද් තවත් විනාඩි කීපයක් කෙල්ලව තදින් පපුවට තුරුල් කරගෙන හිටියෙ හැමෝටම පේන්න වගේ. කෙල්ල තවත් කීප වතාවක් ඒ පපුවෙන් ගැලවෙන්න උත්සාහ කලත් කෙල්ලට බැරි උනා
අමුතුම තද උනුහුමක් කෙල්ල ලගින් දැනුනත් කොල්ල ගනන් ගත්තෙ නෑ . කෙල්ලගෙ දැගලිල්ල නතර උනා. කෙල්ල නිසොල්මන්. කොල්ල ලාවට කෙල්ලගෙ කන් පෙති වලට තමන්ගෙ දෙතොල ලන් කලා. තාමත් හැම කෙනාම පුදුමයෙන් බලාගෙන.
"උබ ඉවරයි.... අය කිසිම කොල්ලෙක් උබ දිහා හැරිලවත් බලන එකක් නෑ ... උබව කොයි මිම්මෙන් උන් මනියිද? උබ පව්... හොදටම පව්.. මට දුන්න කම්මුල් පාරෙ පලිය සැර මදි නම් කියපන්. මීට වඩා දෙයක් වුනත් කරන්න පුලුවන්. "
කෙල්ලව පපුවෙන් ඉවතට තල්ලු කරපු කොල්ල පුරුදු විදිහටම කලිසම් සාක්කුවට අතක් ඔබාගෙන යන්න හැරෙද්දිම ඇහුනෙ චතූගෙ කෑ ගැහිල්ලක්.
" ධ්‍යානි...."
කොල්ල ආපහු හැරිල බැලුවම දැක්කෙ බිම ඇදවැටෙන්න යන කෙල්ලව. විනෝද්ට් එක තත්පරෙන් ඒ පලිගැනීම අමතක වුනේ එහා පැත්තෙ තිබ්බ කලු ගල් පෝලිම දකිද්දි. කෙල්ලව ඒ උඩ ඇද වැටුනෙත් ඒ ඇස් වල භීතියක් ඇදුනෙත් එකම විනාඩියක. ඊලග තත්පරේදි එක කලු ගලක් තෙමාගෙන කෙල්ලෆෙ නලලෙන් ගලන් ගියේ රත් පැහැ රුධිර ධාරාවක්.
"මයි..ගෝඩ්... ධ්‍යානි.... ධ්‍යානි....."
විනෝද් කෙල්ලව දෝතටම උස්ස ගත්තෙ පපුවෙ අමුතු වේදනාවක් දලුලද්දි.
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
"දැන් සතුටුද ඔහෙට? නින්ද යයිද ආ? තමුන් මහ ජරා මිනිහෙක් ඕයි . කොච්චර ප්‍රශ්න අස්සෙද ඒකි ඔහොමවත් ඉවසන් ඉන්නෙ. උන හැදිල අඩිය තියාගන්නවත් බැරුව හිටි ඒකිව හැමෝගෙම ඇස් ඉස්සරහ බැල්ලියක් ගානට දැම්ම . ඕක නෙමේ බන් පිරිමි කම . නෙදකින්...."
ලක්ශිගෙ බැනුම් ඉස්සරහ විනෝද් නිහඩවම හිටියෙ තමන් වැරදි බව දැනුන. හින්ද බිම බලන් හිටි විනෝද් දැක්කම කලක්ශිගෙ යකා තවත් ටිකක් කර උඩටම නැග්ග . බනින්න කට අරිද්දිම...
"ඒ බන් විනුව....කෙල්ලට අවුලක් නෑලු. ටිකක් තුවාල වෙලා විතරයි... ඇග දුර්වලයි කියල කියල තියෙන්නෙ. උනත් තිබිල.. වරෙන්කො මන් එක්ක.."
විනෝද්ගෙ යාලුවා චමිල කොල්ලගෙ කරට අතක් දාගෙන පැත්තකට අරන් යද්දි කොල්ල චමිලට අවනත උනේ ශර්ට් අතෙන් ඇස් පිහ දාන ගමන්. ඒ ඇස් හිදටම රතුවෙලා. ඒක දැක්කම ලක්ශි ට බනින්න ගත්ත එකත් අමතක උනා.
"යකෝහ් මූ??"

"ඔව් සර්... අපට ඔත්තුවක් ලැබිල තියෙනව අද ඩී.පී එයාර්පෝට් එකට එනව කියල. "
විනෝද් තමන්ගෙ රතයට නැගුනෙ බ්ලූටූත් එක අස්සෙන් ඇහෙන ප්‍රධානියාගෙ හඩට සවන්දෙමින්.
විනෝද් එක්ක තවත් විස්සක කන්ඩායමක් රාත්‍රියේ ගුවන්තොටුපළ වට කලේ වෙස් වලාගෙන. ඒත් තමන්ගෙ පරන මතකයක ජීවී සාක්ශියක් ද එහෙ ඉන්න බව විනෝද් දැනන් හිටියෙ නෑ .
"ජයවන්ශට ඕන උනේ මාව එතනට ගෙන්න ගන්නනෙ... ඉතින් මන් එතනට යනව. මට විශ්වාසයි... ජයවන්ශ එතනට එනව...."
ඩී.පී කීවෙ ඒ දුඹුරු ඇස් අපේක්ශාවෙනුත් කෝපයෙනුත් දිලිසෙද්දි.
"එතකොට???"
"බලන් ඉන්න..."
ඩීපී කිව්වෙ සුපුරුදු හිනාව මූනෙ නවත්තගෙන .
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
"සර්...ජයවන්ශ ඇමති තුමා කීව වගේම එතන බෑග් එකක් තියනව. "
"ඕකේ.. මන් කියනකන් කවුරුත් ඉස්සර වෙන්නෙපා ..."
ඒ එක්කම එතනින් ගියේ පාට කල කැරලි කොන්ඩයක් සමග නවීන පන්නයේ කොට ඇදුමක් ඇදගත් ලස්සන යුවතියක්...
"සර්...සර්...අර කෙල්ල බෑග් එක ගත්ත..."
එක ක්ශනයෙන් බෑග් එක අතුරුදන් වෙලා තිබ්බෙ කවුරුත් නොහිතපු විදිහට. බෑග් එක ගත්ත ඩී.පී රින්ගුවෙ බාත්රූම් එකට.
"කමෝන්... ෆයින්ඩ් හර්... "
"සර් ඒ කෙල්ල ලේඩීස් බාත්රූම් එකට ගියා . අපට ඒ කෙල්ලව ඇරෙස්ට් කරන්න බෑ ... WPCලා නැතුව."
"නෝ...වී හැව් ටු ඩූ සෝ..."
එකපාරම කඩන් වැදුන පිරිමින් නිසා කලබල වෙච්ච කාන්තාවන් පිටට දුවද්දි බොරු කොන්ඩය ගලවන්න ඔලුවට අත තියන්න ගිය ඩීපී විනාඩියකට නැවතුනෙ ඒ කෑ ගැහිල්ලට.
"හෑන්ඩ්ස් අප්"
පිටුපසින් ඇහුන ඒ හඩට කෙල්ලගෙ ඇග වෙව්ලල ගියා. අවුරුදු ගානකට පස්සෙ වෙනස්ම මුහුනුවරකින් ඒ හ�
රූපවාහිනී තිරය මත නතර වෙලා තිබුනත් ඒ දුබුරු පාට ඇස් කොහෙදෝ තැනක මතකයක නතර වෙලා. ඒ හින්දමද කොහෙද රූපවාහිනී තිරය මත දිග හැරුනු පෙම් ජවනිකාවෙ පෙම් වදන් ඒ ඇස් වලට ඇහුනෙ නෑ .ටිකෙන්ටික ඒ දුබුරු ඇස් වල පිරෙන්නෙ වේදනාව, කෝපය විතරමයි. ඒ ආවේගෙන්මයි ඩී.පී අතට අහු වුන කුඩා වීදුරු මල්බදුන ටී වී එක හරි ආදරෙන් සිපගත්තෙ.
'ස්ලාං' හඩින් ටී වී තිරය බිදී යද්දි කඩන් බිදන් එහි දුව ආවේ තවත් තරුනයෙක්. කලු පැහැ ටී ශර්ටයත් කලු පැහැ කලිසමත් ඔහුට ලබා දීල තිබ්බෙ අමුතු ම CID පෙනුමක්.
"ඩී.පී? මොකද වුනේ?"
තරුනයාගෙ හඩින්වත් කෝපයේ උපරුමයේ හිටි ඩී.පීගේ කෝපාග්නිය නිමුනෙ නෑ. මිටි මෙලවුනු ඒ දෑත් වෙව්ලන විදිහෙන්ම තරුනයාට තේරුනා මේ ඩී.පීගේ රතු කට්ට පනිනා තරමට යමක් සිදු වී ඇති බව.
තරුනයාට පිටු පාල හිටි ඩී.පී ඒ පැත්තට හැරුනෙ හිස රැදි කැප් එක ගලවන ගමන්. ඒ එක්කම තොප්පියට යට කර තිබ්බ වැලමිට තරමට දිග කොන්ඩයක් හීන් සීරුවෙ පහලට කඩන් වැටුන. ඒ දුබුරු ඇස් වලට තද කලු කොන්ඩය ගෙනාවෙ හරි ගුප්ත පෙනුමක් . ඔව් ඒ කෙල්ලෙක්. ජීවිතේ දෛවයත් එක්ක දාපු සෙල්ලමකින් අමුතුම තැනකට හිර වුන කෙල්ලෙක්.
"ඩී.පී?"
තරුනයා අයෙත් ඇහුවෙ ඩී.පී දිහාට විමසුම් බැල්මක් හෙලමින්.
"සී.ජේ.... අර...පා...ද..ඩ.. ඇමතියගෙ ගෝලයො අදත් කෙල්ලෙක්ව ඉස්සුවා..."
ඩීපීගෙ වෙව්ලන හඩේ තිබ්බෙ පුදුම තරහක් වේදනාවක් . සී.ජේ නොහොත් ඒ තරුනයාගෙ ඇස් වලටත් ඒ හා සමාන කෝපයක් නැගුනෙ
ඉබේටම.
"ශිට්....."
සීජේගෙ මිට මෙලවුනු දකුනත වේගෙන් බිත්තියට පතිත උනා.
"ඒත්... කෙල්ල බේරෙයි"
ලොකු හුස්මක් අරන් ඩීපී සෝෆාවෙ ඉදගත්ත. සීජේගෙ ඇස් වල අමුත්තක් .
"මොකද උනේ?"
"මන් විතරක් නෙමේ ඒ ගැන ඇහැ ගහගෙන හිටියෙ. "
"කවුද? එයාද?"
"ඔව්.... CID ඔෆිසර් ,විනෝද් රාජපක්ෂ "
යාන්තමට ආලෝකයක් දුන් විදුලු බුබුල මත දෙනෙත රදවා ගත් ඩීපීගෙ ඒ ඇස් වල ලියවිච්ච කතාව දැනන් හිටියෙ කීප දෙනෙක් විතරයි
"ඩී...පී...."
ඒ එක්කම එතනට කඩන් බිදන් දුව ආවෙ තව කෙල්ලෙක්. ඒ තමා දිල්.
"අක්කෙ...අර කෙල්ලට...සිහිය ආව"
"හ්ම් බබා යන්න මන් එන්නම්..."
සීජේ දිහාටත් ඔලුව හරවල සන් කරපු ඩීපී කලු ලෙන්සුව අරන් මූන බැදගත්තෙ ඇස් විතරක් පේන විදිහට. කොන්ඩෙත් ගුලි කරල කැප් එක දාගත්ත ඩීපී දැන් තනිකර කොල්ලෙක්...
❤❤❤❤❤❤❤❤
"අ..අනේ...හ්...මට යන්න දෙන්න...සර්... මන්...මන් .... මුකුත් දන්නෙ නෑ ....මිස්..."
පුටුවක ඉදගෙන බයවෙච්ච ඇස් දෙකෙන් බලන් හිටි කෙල්ල කීවෙ කෙල්ල දිහාම බලන් හිටි තවත් කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි.ඒ ඉමල් හා මදූ.
" හරි මන් ඉතුරු ටික බලාගන්නම්"
ඩීපී කීවෙ පිරිමි කටහඩක් වෑයමින් ආරූඪ කරන්.
"දැන් කියනව හැමදේම ...."
කෙල්ලට ඉස්සරහ තිබ්බ පොඩි මේසෙ උඩ පිහියක්, තුවක්කුවක් ලනුවක් තිබ්බ ඩීපී කිව්වෙ සන්සුන් හඩින්.ඉතිරි සගයො හතර දෙනා මූනෙන් මූන බලන් ඉගි කරගත්ත.
"ම...මන්...මන්..."
"ඔව් ඔයා ඇතිවෙනකන් ගොතගහල කියන්න. අපි කට්ටියම ඉන්නව අහගෙන. හැබැයි ඇත්ත....ඇත්ත විතරක් කතා කරනව. ගෞරවනීය ජයවන්ශ මන්ත්‍රීතුමාගෙ සෙකට්‍රි පිහි ඇනුමකින් පරලොව ගියා කියල හෙට් උදේ පත්තරේ තිබ්බොත්? "
ඉදන් හිටි පුටුවෙන් කකුලක් නමල තියාගන්න ගමන් ඩීපී ඇහුවෙ.
"ම...මන්...මන්...කියන්නම්.
"ඕකේ...."
"මන්...ජයවන්ශ මන්ත්‍රී තුමා ලගට ඇවිත් අවුරුදු දෙකක් විතර . ඒ කාලෙදි තමා සර්ගෙ කුඩු බිස්නස් පටන් ගත්තෙ. ඒකෙන් සර්ට හොද ආදායමක් ලැබුනත් සර්ට ඕන වුනේ තව සල්ලි. ඒවගෙ හැම ගිනුමක්ම චෙක් කරන්නෙත් මම.
ඊටපස්සෙ තමා අලුත් ඩ්‍රග්ස් වර්ගයක් ලන්කාවට ගෙන්නන්න හදන්නෙ. ඒක හුගක් රටවල් ව්ල තහනම් කරල තියෙන්නෙ දෝර්ග කාලීන පාවිච්චියෙන් මොලයෙ ස්නායු ආබාද ඇති කරවල පිස්සු හැදෙන හින්ද. ඒත් මන්ත්‍රීතුමා වැඩි ගානක් හොයන්න ගෙන්නනව. ඒක ගෙන්නනෙ ලබන ඉරිද. එච්චරයි මන් දන්නෙ මන් අය දන්නෙ නෑ ... දන්නෙ නෑ ..."
කෙල්ල පිස්සුවෙන් වගේ මොර දෙද්දි ඩීපී නැගිට්ට.
"යන්න දෙන්න.... ඔය පුන්චි කිරිල්ලිට. කට්ටිය එන්න හෙඩ් රූම් එකට. වැඩ තියෙනව."
කට්ටියම ඇස් ලොකු කරන් පුදුමයෙන් බලන් ඉද්දි ඩීපී කාමරෙන් එලියට ගියා..පැයකට පස්සෙ කට්ටියම කාමරේට ආව.
"ඇයි අක්කෙ යන්න දුන්නෙ ඕකිව තියාගන්න තිබ්බෙ."
මදූ කියද්දි අනිත් කට්ටියත් ඔලුුව වැනුවෙ ඒක අනුමත කරල.
"ඉදගන්නකො සෙට් එකම ඔන්න ඔය හත් අට පොලකින්..."
කෙල්ල කීවෙ කාමරේ මැද තිබ්බ තාක්ශනික උපකරන කීපයක් එහෙ මෙහෙ කරල.
"ඉමල්....පටන් ගන්නකො මල්ලි...."
ඉමල් ඒ එක්කම ඉදගත්තෙ කාමරේ විසල් පරිගනකය ඉස්සරහ. ටික ව්‍ර්ලාවකින් එහි තිරය මත දිස් වුනේ මාලගාවක් වගේ ගෙදරක්.
"මේ ජයවන්ශගෙ ගෙදර..."
දිල් කීවෙ ඇස් විසල් කරගෙන
"ඔව් මන් කිව්ව වගේ කැමරාව හයි කලාද?"
"ඔව් එයාගෙ බ්ලවුස් එකේ බොත්තමක"
ඒ එක්කම කට්ටිය නිසොල්මන් උනේ කැමරාවෙ ඊලගට දර්ශනය වෙච්ච එක හින්ද.ඒ ජයවන්ශගෙ කාමරේ. ඒ නාකියා අඩ නිරුවතින් කෙලෙක් එක්ක ඇද උඩ සෙල්ලම.
"උබට පිස්සුද බැල්ලියේ...."
ජයවන්ශ ගුගුරගෙන ඇදෙන් නැගිටිද්දි ඒ හිටි කෙල්ල ඇදෙන් බැහැල ගියේ නිරුවත් සිරුර බෙඩ් ශීටයෙන් වහගෙන.
"ස...සර්...ඌ...මාව අල්ලගත්ත..."
"ඩීපී??? උබ දැක්කද ඌව? මොන වගේද ඌ? උබ ඌව දැක්කද?"
"නෑ සර්...."
"ඉදකින්...හරි...හරි ..උබ මන් කියන්න කියපුව සේරම කීවද?"
"ඔව් සර් උන් හිතන් ඉන්නෙ ඒ ඕඩර් එක එන්නෙ ඉරිදට කියල..."
"නියමයි කෙල්ලෙ නියමයි... ආ මෙන්න... මේක ගනින්... බලමුකො උන් දැන් මාව අල්ලන්න එන හැටි... මන් ඕකව අල්ලන එක අල්ලනව . ඌ ලස්සනට මගෙ ඇම කාල තියෙන්නෙ....ආ අද් රෑට වරෙන් මගෙ කාමරේට . "
සල්ලි මිටියක් විසි කරන ගමන් ජයවන්ශ මන්ත්‍රී තුමා කියද්දි කෙල්ල ඒක අත දික් කරල ගත්ත.
"මට තේරුනා මේක මුගෙ හොරයක් කියල. ඒ හින්දමයි මන් කීවෙ කැමරාස් හයි කරන්න කියල.බලනකොට අපි නෙමෙයි ජයවන්ශයයි හොදට මේ නූල ගිලල තියෙන්නෙ. දැක්කනෙ?"
ඩීපී කට්ටියටම කීවෙ තිරය පෙන්නල... කට්ටිය තාමත් ඇස් තඩි කරන් බලන් ඉන්නව.
"මේකිව තක්කාලි සෝස් කරන්න ඕන..."
දිල් කීවෙ තරහින් පුපුර පුපුර...
"ඇයි ඔයාට රෑට පාන් කද්දි ගන්නද?"
සීජේ ඇහුවෙ දිල්ව අවුස්සන ගමන්
"නෑ ඔයාට පොවන්න... ඔය මූලග්ගින්න යන්න...."
ඒ ඉතින් වලියක ඇරබුම. ඕක නතර වෙන්නෙ දිල් සීජේට කොස්සක් අරන් පන්නන්න ගත්තම. ඩීපී හිනාවෙවීම් නැගිට්ටෙ කාමරෙන් යන්න...
"බබාල කන්න ... දැන් දවල් වෙලා හොදටම...."
"එතකොට අක්ක?"
ඒ ඇහුවෙ ඉමල්. සීජේ දිල් එක්ක තාම වලි. මදූ දෙන්නව කොටවනව.
"මට බඩගිනි නෑ බන්... පස්සෙ එන්නම්ම්ම්"
කෙල්ල හෙමිහිට කාමරේට ආවෙ කට්ටිය දිහාම තව බැල්මක් හෙලල ලාවට හිනාවේගෙන. අවසානෙ තමන්ට ඉතුරු මෙච්චරයි කියල කෙල්ලට හිතුන.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
කෙල්ල ඉබේම ගිහින් හිට්ටවුනේ කන්නාඩිය ඉස්සරහ. කැප් එක , ජැකට් එක පැත්තකට විසි කල කෙල්ල ඉස්සරහ හිටියෙ මීට අවුරුදු පහකට කලින් තමන්ගෙ දෛවය විසින්ම විහින්ම මරල දාපු අහින්සකකෙල්ලෙක්ගෙ ඡායාව. ඩීඔඊට තාමත් බැරි උනා තමන් ඇතුලෙ හිටි ඒ අහින්සක කෙල්ලව මරන්න.
කෙල්ලගෙ හිත අතීතයේ එක දවසකට දුවන් ගියේ කෙල්ලටත් හොරෙන්...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ධ්‍යානි ප්‍රහර්ශා , ශ්‍යානි ප්‍රහර්ශා .....රනසින්හ
යුවලට ඇස් දෙක වගේ හිටි දරුවො දෙන්න. ඊටත් වඩා මේ කතාව ලස්සන ඒ දෙන්නම නිවුන්නු නිසා.
"අනෙ අම්මා....අක්කිව යවන්නෙපා..."
ධ්‍යානි කීවෙ අම්මට තුරුල් වෙලා කදුලු පුරෝගෙන.ඒ දුබුරු ඇස් ඒ කාලෙ හිතා ගන්න බැරි තරම් අහින්සකයි. කොට සාය ඇදල බඩ පේන්න ටී ශර්ට් එකක් ඇදගත්ත ශ්‍යානිට වඩා ධ්‍යානිගෙ තිබ්බෙ පුදුම සරල සන්වර බවක්.
"ඒම බෑනෙ දෝනි. අක්කට ඔයාට වගේ කැම්පස් යන්න තරම් හොද රිසාල්ට් එකක් නෑනෙ. එයාම තමා කීවෙ මේ ර්ටේ එය්ට් ඉගෙන ගන්න බෑ කියල. ඔන්න ඔහෙ කොහේ හරි රටකට ගිහින්වත් හරියට ඉගෙන ගනියිනෙ."
ධ්‍යානි එදා ඉදන් හිටියෙ මූන පුලුටු කරගෙන. එක කුසක තප්පර ගානක වෙනසකින් ඉපදුනත් දෙන්නම අහසට පොලව වගේ කියල අම්මල දන්නව. එකෙක්ව හරි තමන් ලග තියාගන්න් දගලන්නෙ පපුවේ තියන් හදපු දරුවො නාස්ති වෙනවට බයට.
"අඩී.... සුන්දරී .....උබ යන්නෙ නැද්ද? "
ධ්‍යානිගෙ යාලුවා ලක්ශි ගේට් එක ලග ඉදන්ම බෙරේ ගහන්න ගත්ත. ධ්‍යානි එලියට දුවන් ආවෙ සෙරෙප්පු දෙකත් අතේ අරන්. දනහිසෙන් පහලට ටිකක් උසට ඇන්ද ස්කර්ට් එක නෝමල් බ්ලවුස් එක ටනි පාට ස්ලිපර්ස් දෙක තනි කරලට ගොතපු ඉන ගාවට දිග කොන්ඩෙ ඒ තමයි ධ්‍යානි ප්‍රහර්ශා . පෙනුම වගේම හිතත් පුදුම අහින්සකයි
"හරි....යන්න්න්"
කෙල්ලො දෙන්නම පාරට බැස්සෙ ටවුන් එකට යන්න. ඒ ලක්ශිගෙ පෙරැත්තයට. නැත්තන් කෙල්ල ලේසියකට එලියට බහින්නෙ නෑ . හෙට අනිද්දට කැම්පස් යන්න තියෙනව කියල හිතද්දිත් කෙල්ලට දැනෙන ලොකුම ප්‍රශ්නෙ ගෙදර අය නැතුව ඉන්න එක. වයස විස්සක් උනත් කෙල්ල තාමත් ගෙදරට පොඩි එකී.
"අයියෝහ්...."
කෙල්ලට ඉබේටම කෑ ගැහුන. කෙල්ල හිටියෙ ඔලුවේ ඉදන් මඩ නාගෙන. ලක්ශි කරේ කෙල්ලව මඩ වලින් නාවන් ගිය කාර් එකට මහ හයියෙන් බනින එක.
"ඕයි....උලමා...කෝ දීපන් උබෙ ඔය ස්ලිපර් එකක්... මගෙ එක බර මදි"
එක පාරටම ධ්‍යානිගෙ සෙරෙප්පුවක් දෙකට නැමිල ගලවගත්ත ලක්ශි ඒක දමල ගැහුවෙ කාර් එකට. ර්ර්ක එඇදුනෙ කාර් එකේ කන්නාඩියක. එක පාරටම කාර් එක නතර උනා. ධ්‍යානි හොදටම බය වෙලා බලන් ඉද්දි කාර් එකෙන් එලියට බැහැල ආව කෙනා ආවෙ බිම තිබ්බ සෙරෙප්පුවත් අරන් තරහෙන් රතු වුන මූනෙන්...
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
වාහනෙන් බැහැල එන තරුනයා දිහා බලන් හිටි ලක්ශිිටත් හීන් දාඩිය දාද්දි ධ්‍යානි හිටියෙ බයටම සීතල වෙච්ච අත් දෙකින්ම ලක්ශිගෙ අතක් අල්ලගෙන.
"මේක තමුන්ගෙද?"
සෙරෙප්පුව ධ්‍යානිගෙ මූනට ල්න් කරල ම අහද්දි කෙල්ලගෙ උගුර හිර වුනා වගේ උනා.කියාගන්න වචනයක් හොයාගන්න බැරි උන කෙල්ල කලේ ඔව් කියල ඔලුව වනපු එක.
"නැහැදිච්ච කෙල්ලො"
ධ්‍යනිගෙ මූනට නපුරු හඩින් මුමුනපු ඔහු යන්න හැරෙද්දිම ලක්ශි අමාරුවෙන් වුනත් කට ඇරියෙ අහින්සකී වෙනුවෙන්.
"ඕයි මිස්ට... මමයි ඔයාගෙ අර දඩුමොනරෙට සෙරෙප්පුවෙන් ගැහුවෙ. ඒකට මේ අහින්සකීට පුප්පල වැඩක් නෑනෙ. ඇයි අප්පච්චි නාග වන්ශෙද? අපිත් රාක්ශ වන්ශනෙ යකො එහෙනම්... මේක මෙයාලටම ගිය පාර..."
"අ...අනේහ්...ක්...කෑ ගහ්න්නෙපා ල..ක්...ශි..."
ධ්‍යානි කෙල්ලව නතර කරන්න දගලන ගමන් කියද්දි ලක්ශි කෙල්ලටත් සැර දැම්ම.
"කට වහන් හිටු මන් අමතනකන්... ඔන්න ඕම..."
ධ්‍යානිගෙ අතක් අරන් කට වැහෙන්න තිබ්බ ලක්ශි අයෙත් රවාගෙනම හැරුනෙ කොල්ල දිහාට...
"ආ...කොහෙන්ද...නැවැත්තුවෙ?
කොල්ල දෙන්න දිහාම දෙමාරුවට බලල රවද්දි ධ්‍යානි හිටියෙ බයටම අඩන් කදුලු පුරෝගෙන.
"තමුන්ගෙ කට වැඩී හොදටම නේද? අහුවෙන එව්වගෙන් දමල ගහන්නත් ආස ඇතිනෙ...සෝ???? අයිල් හෙල්ප් යූ ෆෝර් දැට්..."
එහෙම කියපු කොල්ල කෙලින්ම නැමුනෙ ධ්‍යානිගෙ කකුල ලගට . එහෙමම තනි සෙරෙප්පුව දාගෙන හිටි කෙල්ලගෙ අනිත් සෙරෙප්පුවත් බලෙන්ම ගලවල ගත්ත කොල්ල සෙරෙප්පු දෙකම අත් දෙකට අරන් මූනට ගත්තෙ දඩබ්බර හිනාවක්
"හෑව් අ නායිස් ඩේ ගර්ල්ස්..."
"අ...අනේහ් ලක්ශි...බලන්නකො... මගෙ...මගෙ ස්ලිපර්ස් දෙකත් අරන්නෙ යන්නෙ..."
ධ්‍යානි එලෝ මෙලෝ නැතුව කියද්දි ලකශිත් හිටියෙ මොනා කරන්නද හිතා ගන්න බැරුව. ලක්ශි අයෙත් තමන්ගෙ සෙරෙප්පුව ගලවල ගද්දිම...
"අනෙ..අනෙ...ඇති...ඔයාගෙ ස්ලිපර්ස් දෙකත් අරන් යයි.. ඔහෙ ගියාවෙ .... භූතයා..."
ධ්‍යානි කීවෙ ඈතට යන කාර් එක දිහා ඔරවන් බලාගෙන
💃❤💃❤💃❤
"කෙල්ලෙ...."
ඩී.පී මතක ලෝකෙන් එලියට ආවෙ ඒ කටහඩින්... කෙල්ල හැරිල බලද්දි දොරකඩ හිටන් හිටියෙ කෙල්ලගෙ ජිවිතේටම බද්ද වුන තවත් චරිතයක්
"ලක්ශියෝ????"
කෙල්ල කෙලින්ම දුවන් ගිහින් ලක්ශිව වැලදගත්තෙ පුදුම තරම් ආදරෙන්. මේ වෙද්දි තමන්ගෙ කියන්න ඉතිරි උන කීප දෙනාගෙන් එක්කෙනෙක් තමයි ලක්ශි.
"ඇති ඇති උබ මාව පොඩි කරා..."
"උබට කොච්චර කීවත් අහන්නෙ නෑ මෙහෙ එන්නෙපා කියල"
"මට උබව මතක් වෙනව බන්. "
"ඒක උබට හොද නෑ බන්. උබෙ ආරක්ශාවට හොද නෑ .... කෝ දරු පැට්ටා?"
"පුතා එශාන් එක්ක . කාර් එකේ ඇති. මන්මේ පචයක් ගහල දුවන් ආවෙ උබව බලන්න... "
"උබ නම්ම්ම්ම්"
"හරි හරි උබ ඒක කියන්න ඕන නෑ ... මන් දන්නව. මන් ලක්ශි නෙමේ යක්ශි කියල"
ලක්ශි කීවෙ හිනාවෙවී...
"ආ මන් මේ කලබලේ දුවන් ආවෙ මෙන්න මේක උබට දෙන්න... කිරි ටොෆි වගයක්... හදද්දි උබවමයි මතක් උනේ.. අර පොඩි උන්ටත් දීපන්...ඒනම් මැනිකේ මන් ගියා... මන් අනිද්ද එනව පුතත් එක්ක අපෙ මනුස්සයා බිස්නස් වැඩකට දුර යනව...කියලවත් කරගන්ඩ බෑ... ඔන්න උම්ම මෙන්න ගියා..."
"පරිස්සමින් කෙල්ලෙ බුදු සරනයි..."
ඩීපී නොහොත් ධ්‍යානි හනික දුව යන තම මිතුරිය දිහා බලන් හිටියෙ හිතේ මොනාදෝ හැගීම් ගොඩක් තරග කරද්දි....තමන්ට මග ඇරුනු ජීවිතේ කොච්චර දේවල් තියෙනවද කියල කෙල්ලට හිතුන.
❤💃❤💃❤💃❤💃❤
විනෝද්ගෙ ඇස් නතර වෙලා තිබ්බෙ තමන්ගෙ මේසෙ උඩ තියල තිබ්බ පින්තූර කීපයක් උඩ. එකක මූන වහගෙන ඇස් විතරක් පේන කෙල්ලෙක්ගෙ පින්තූරයක්. තවත් පින්තූරයක කඩවසම් තරුන කොල්ලෙක්. තවත් පින්තූරයක කෙල්ලො දෙන්නෙක් හා කොල්ලෙක්... ඒත් කොල්ල දන්න හැටියට මේ අයගෙන් එක්කෙනෙක් ඇර ඉතිරිහතර දෙනාම මැරිල.
"මේ මූන වහන් ඉන්න මිනිහ කව්ද??"
කොල්ල අත් දෙකම මිටි මොලවන් කල්පනා කරන්න අරන් දැන් පැයකට වැඩී. කොල්ලගෙ ඔලුවට පුදුම තරම් විඩාවක් දැනෙද්දි පින්තූර වෙතින් ඇස් ඉවත් කරගත්ත විනෝද් බැලුවෙ මේසය මත වූ තරුනියකගෙ පින්තූරය දිහා
" උබ නැතුව මට තාමත් පාලුයි කෙල්ලෙ..."
කොල්ල කීවෙ තමන්ටම මුමුන ගනිමින් උනත් ඒ ඇස් වල ලියවිච්ච මොකක්දෝ දිග කතාවක් තිබ්බ. ඒ එක්කම අම්ම කාමරේට ආවෙ පුරුදු විදිහටම කොල්ලගෙ තේ එකත් අරන්..
"පුතේ...."
තේ එක අතට දීලා අම්ම ඔලුව අත ගාන ගමන් කියද්දිම කොල්ලට හිතුනා මොකක් උනත් වැදගත් දෙයක් කොල්ලට කියන්න යන්නෙ කියල
"ඇයි අම්මා..."
"අවුරුදු පහක් පුතේ දැන්.... "
"මන් දන්නව අම්මා..."
"ඔය ඇති මගෙ පුතේ....ඔයාටත් ජීවිතයක් තියෙනවනෙ... දැන් 28ක් සෙල්ලම් වයසක්ද? කසාදයක් කාරිය කරගෙන දරුවො හදන් සතුටින් ඉන්න ඕන කාලෙ.. රස්සාවටම දිය කරල හරියනවද? "
"අම්මා.. අම්ම දන්නව මන් හැමදාමත්දුන්න උත්තරේ.... මට එයාව අමතක කරන්න බෑ මගෙ අම්මා.... ඒකි...ඒකි....මගෙ මේ පපුව පුරාම...අම්මා...."
"ඒට් ඒ දරුව නැති වෙලා දැන් අවුරුදු පහක් මගෙ පුතේ.... නාස්ති වෙන්නෙ උබේ ජීවිතේ..."
ඒ ගමන නම් අම්ම කීවෙ තවත් ටිකක් තරහින්. කොල්ල කටපියාගෙනම හිටියෙ අම්මගෙ හිත රිදෙයි කියන බයට. අම්ම යද්දි කොල්ල ලොකු හුස්මක් අරන් ආපහු ඔලුව යෙදෙව්වෙ තමන්ගෙ වැඩට... කොල්ලට මතක් උනේ කොල්ලගෙ ලොක්ක කියපු දේවල්.
💃❤💃❤💃❤💃❤💃❤💃
"කාලෙකට පස්සෙ ඔයාට ලැබෙන හොදම මිශන් එක මේක වෙයි විනෝද්... මොකද මේ ඩීපී කියන්නෙ ලේසි පාසු කෙනෙක් නෙමේ... මේ වෙද්දි ඇමතිල දෙන්නෙක්ව පරලොව යවල මැරයො හතර දෙනෙක්ව අබ්බගාත කරල අපට අල්ලන්නම බැරි උන පාතාල නායකයො අට දෙනෙක් මරපු මනුස්සයෙක් මේ... "
"එහෙනම් හොදයිනෙ සර්..."
"කොහෙ හොදක්ද මනුස්සයො? අරහෙ ඇමතිල මන්ත්‍රීල මගෙ ඔලුව කන්න හදනව මේ යකාව අල්ලපන් අල්ලපන් කියල. සේරම කට්ටිය හොදටම බය වෙලා ඉන්නෙ. ඊලග තොන්ඩුව කාට වැටෙයි ද කියල. විශේශෙන්ම අර ජයවන්ශ මන්ත්‍රී තුමා."
"එහෙනම් වැඩේ සීරියස් නේද සර්..."
"නැතුව .... ඕකේ දෙන්... මෙතන ඉදන් මේ කේස් එක විනෝද්ට බාරයි... එහෙනම් කන්ග්‍රැජුලේශන්ස්..."
💃❤💃❤💃❤💃❤💃
"අතීතය සිහිනයක් පමනයි
සැබෑ සුවදක් නෑ
එදා සෙනෙහෙන් නොබැදුනානම්
මෙදා වියොවක් නෑ ......."
ඒ සින්දුව ඇහෙද්දිම කොල්ලට හිතුන තවත් නම් ඇහැරල ඉන්නම බෑ කියල.කොල්ල හෙමිහිට ඇදෙන් ඇලවෙද්දි වෙලාව පාන්දර 2යි. කොල්ල ඇදට යන්නෙ නිදිමරගාතෙට නෙමෙයි. කල්පනා කරන්න තියෙන ආසාවට කොල්ලගෙ හිත ඉබේම දිව්වෙ අවුරුදු පහකට පෙර ඒ අතීතයට.
🌹💃🌹💃🌹💃🌹
ඒ ජනවාරි මාසෙ මැද හරිය වගේ. අලුතින්ම කැම්පස් එකට ෆස්ට් ඉයර් එක සදහා අලුත් ලමයි බාරගෙන දවස් දෙකයි. සීනියර් අයියල අක්කල පෙරුම් පුරාගෙන බලන් ඉන්නෙ මොකටද කියල දන්නවනෙ.
"ඒයි ඔහොම ඉන්නව...."
ඒ විනෝද්ගෙ හොදම යාලුව රන්ග. කැම්පස් එකේ විනොද්ගෙ දකුනු අත වගේ.රන්ගගෙ කෑ ගැහිල්ලට ඉස්සරහින් යමින් හිටි කෙල්ලො දෙන්න නතර උනේ ඉද්ද ගැහුව වගේ.
විනෝද්ට ඒ ගැන වැඩි ගානක් තිබ්බෙ නැත්තෙ වෙනත් කොල්ලො තුන් දෙනෙක්ව රැග් කරමින් හිටි හින්දා කොල්ලො තුන්දෙනාගෙ කන් දෙකේම මල් ගහල ඉස්සරහ හිට්ටෙව්ව.
"හරි...දැන් උබල තමයි තන්හා රති රගා මාර දූවරු තුන් දෙනා... දැන් නටපල්ල .."
කොල්ලො තුන් දෙනා දන්න තාලෙන් අත පය වනද්දි කොල්ලගෙ අවධානෙ බිදුනෙ සාදු සාදු කියන සද්දෙට.
කොල්ල හැරිල බලද්දි පොත් මිටියක් ඔලුවෙ තියන් හිටිය කෙල්ලක්ව මැදිකරගත්ත කෙල්ලො තුන් හතර දෙනෙක් මහ හයියෙන් සාදු සාදු කියනව.
"ඔහොමද යකෝ කරඩුව වඩම්මන්නෙ? බිම බලාගෙන? කෙලින් ඉස්සරහ බලපන්"
පොත් මිටිය ඔලුවෙ තියන් හිටි කෙල්ල ඔලුව උස්සද්දිම කොල්ලට මොකක්දෝ මතකයක ඡායාවක් දැනුන. හරියටම මතක් උනාම කොල්ල ඉදන් හිටි බෙන්ච් එකෙන් දඩස් ගාල නැගිට්ට.
"සෙරෙප්පු කෙල්ල?"
කෙල්ල හරි අමාරුවෙන් ඔලුව උස්සගත්තෙ. කැම්පස් එකට බයෙන්ම අඩිය තිබ්බ කෙල්ලට වෙච්ච දෙයක් කියල හිත හුතම ලක්ශි තවත් ටිකක් හයියෙන් සාදු කිව්ව. එතකොටම තමයි කෙල්ල විනෝද්ව දැක්කෙ.
"ලක්ශි....ලක්ශි...."
පොත් මිටිය ඔලුවෙ තියාගෙනම කෙල්ල ලක්ශිට යන්තම් ඇහෙන හඩින් කතා කලා..
"සාධු...සාධු... ඈ...ඇයි බන්..සාධු...සාධු..."
"අර...අරය...."
" සාදු ...සාදු ....කෝ.කව්ද...සාදු සාදු...සාදු ..."
"අර....මගෙ...ස්ලිපර්ස් දෙකම..."
"සාදු...සාදු...කෝ...ඔය...ස
"අර...අර ඉන්නෙ... කලු ශර්ට් ...එක..."
"හුටා....සාදු....සාදූ... ඌ...සින්නෙක්...සාදු...සාදු
කෙල්ලො දෙන්නම හිටුයෙ හොදටම තක්බීරි වෙලා.. විනෝද් කටින් එලියට පනින්න දගලන හිනාව වහගත්තෙ හරි අමාරුවෙන්...
💃🌹💃🌹💃🌹💃🌹💃
"අම්මෝ බන්...සාදුකාර දීලම හක්ක පැනල වගේ...."
ලක්ශි කම්මුල් දෙකම අත් දෙකින් තද කරන් කියද්දි ධ්‍යානිට හිනා ගියා.
"ඒයි මෙහෙ එනව... ඔය... කහ පාර ඇදුම... මෙහෙට ..මෙහෙට..."
එක පාරම කොහෙදෝ ඉදන් ආව සින්නෙක් ධ්‍යානිට කතා කරද්දි කෙල්ල උඩ ගියා.. කෙල්ල එක්කම ලක්ශිත් නැගිටිද්දි සින්න රවල බැලුව.
"මන් කීවෙ කහ පාට .... තමුසෙ කොල පාට.. ඇයි වර්ණ අන්ධතාවයද? මෙහෙ එනව ඉක්මනට ගාටන්නෙ මොකද?"
කෙල්ල සින්න පස්සෙන් ගාට ගාට යන්න ගියේ ලක්ශි දිහාට අසරන බැල්මක් පා කරල.. කෙල්ල එලියට එද්දි බිත්තියට හේත්තු වෙලා බලන් හිටිය රූපෙ දැක්කම කෙල්ලට උන් හිටි තැන් අමතක වෙලා දාඩියත් දැම්ම.
"හරි ලස්සනට රග පානව නේද? "
කෙල්ල ඇස් ලොකු කරල බැලුව ඒ ඇස් දිහා. කෙල්ලගෙ දුබුරු පාට ඇස් වල ලියවුන හැගීම තේරුම් ගන්න වගේ විනෝද් විනාඩි කීපයක් ඒ ඇස් දිහාම බලන් හිටිය.
" අනික..."
එකපාරටම කොල්ල කට වහගත්තෙ ඈතින් එන රූපයක් දැක්ක නිසා. ඒ ප්‍රොෆෙසර් ජයනාත්. නවක වදය කියන එකට උපරිම විරුද්ද කෙනෙක්. කොල්ල එක විනාඩියකට වට පිට බලල කෙල්ලගෙ කට අතකින් තදකරන් මුවා වුනා
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🍁🍁🍁🍁🍁 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
මූනත් රතු කරන් අඩාගෙන එන කෙල්ලව දැක්කම ලක්ශිගෙ පපුව පිච්චිලා ගියා. මොකද ලක්ශි ද්න්නව ධ්‍යානි කොයි තරම් නම් අහින්සක ද කියල.
"මොකද බන් උනේ?"
ලක්ශි ඇහුවෙ කඩන් බිදන් දුවන් ආව කෙල්ලව අත් දෙකින්ම අල්ලගෙන. කෙල්ල ඉකි ගගහ වෙච්ච දේවල් කියද්දි ලක්ශිගෙ ඇස් උඩ ගියා.ලක්ශි කෙල්ලගෙ බාහු දෙකෙන් අල්ලගෙන තදින් හෙල්ලුවෙ ඉහ වහා ගිය තරහකින්.
"මේ බලපන් ධ්‍යානි... ඔය සේරටම මුල උබ..."
ලක්ශි එහෙම කියද්දි බිමට හැරවිල තිබ්බ ධ්‍යානිගෙ ඔලුව ඉස්සුනෙ කරන්ට් එක වැදුන වගේ.
"දැන් උබ ඇස් වොලි බෝල් කරන් බලල වැඩක් නෑ . උබ හින්ද, උබෙ ඉවරයක් නැති අහින්සක කම හින්ද මේ සේරම වෙන්නෙ. ඕකට කනට එකක් අතාරින්න තිබ්බෙ නැද්ද උබට? ඇයි ඌ ඩොනල්ඩ් ට්‍රම්ප් ද? මේ දැන් ඉදන් උබෙ ඔය අහින්සක කම හෝදල දාපන්. එච්චරයි . අය මට කියන්න තියන්නෙපා. දැන් වරෙන් යන්න. හොස්ටල් එකට. මෙතන ඉදන් රටකජු විකුනන්නයැ"
ලක්ශි කෙල්ලවත් ඇදන් යද්දි ඉස්සරහට ආපු ඒ රූපෙ දැකල ලක්ශිගෙ ඇස් වල කෝපය නටද්දි කෙල්ලගෙ ඇස් වල නැවතුන හැගීම විස්තර කරන්න බැරි එකක්.
"ධ්‍යානි... අයි නීඩ් ටු ටෝක් විත් යූ"
විනෝද් කියද්දි ධ්‍යානි මුකුත් නොකියා නිසොල්මනේ බලන් උන්නා. ඒ ඇස් වල ඒ හැගීම් කොල්ලගෙ හිතේ ඇති කලේ චකිතයක්.
"අ...අපි යමු...ලක්ශි..."
ධ්‍යානි කියද්දි ලක්ශිටත් දැනුනෙ පුදුමයක් ලක්ශිගෙ අතේ එල්ලිල වහන් වුන කෙල්ල අඩියක් දෙකක් ඉස්සරහට යද්දි විනෝද් කෙල්ලගෙ අතින් ඇදල ගත්තෙ හැමෝගෙම අවදානෙ ඒ පැත්තට වැටිල තියෙද්දි.ඒත් වුනේ නොහිතපු දෙයක්.
"අතෑරපන් මාව"
ධ්‍යානි අත දිගෑරල දුන්න කම්මුල් පාර විනෝද්ට නොරිදුනත් කොල්ලගෙ හිතේ වේදනාව ලැජ්ජාව අපහසුතාව අපූරුවට ඒ ඇස් වල නතර වෙලා තිබ්බ.තරහෙන් රතු කරගත්ත මූනෙන් හිටියත් කොල්ල හිටියෙ මේ මොකක්ද වුනේ කියල හිතා ගන්න බැරුව.
"හොදයි...සොරි කියන්න ආපු මට උබ මෙහෙමනෙ සැලකුවෙ. බලන් හිටපන් "
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
"අක්කෙ අපි දැන් මොකද කරන්නෙ?"
දිල් ඇහුවෙ ඩී.පී ලග වාඩි වෙලා.
"ඌවත් ඉවරයක් කරමු. අය මොනවද?"
සී.ජේ කීවෙ වැඩි ගනනක් නැතුව.
"මේ මැරුව ඇති වගේ මට හිතෙනව"
ඩී.පී කීවෙ අනිත් කට්ටියගෙම ඇස් නලලට යද්දි
"එත...එතකොට..."
"මරණය කියන්නෙ මිනිහෙක්ට දෙන්න පුලුවන් ලේසිම දඩුවමක්. ඒත් සමාව ඊට වඩා ප්‍රබල දඩුවමක්... "
"අක්කෙ ඔයා...ඔයා... මොනවද මේ?"
යුගාන් ඇහුවෙ බැරිම තැන.
"ඔව් අක්කෙ ඔයා අද වෙනස්..."
ශානි කීවෙ නෝක්කාඩු හඩකින්.
"ඔයා කියන්නෙ මේ වැඩේ නතර කරන්න කියලද?"
ඩීපීට කවදත් අවනත සීජේ අහද්දි ඩීපීගෙ මූනෙ ඇදුනෙ අමුතු මන්දහාසයක්.
"කොහෙත්ම නෑ .... අපි මේ ක්‍රමේ වෙනස් කරනව විතරයි..."
ඩීපී කියද්දියි කට්ටියට යාන්තන් හුස්ම වැටුනෙ.
"කෙනෙක්ව මැරුවොත් ඒක එතනින් ඉවරයි. ඒත් ඒ කෙනාව බේරෙන්න බැරි තරමට බෙල්ලෙන් හිර කරොත්? ජීවිත කාලෙම දඩුවම් විදිනව . අපිත් දැන් කරන්න ඕන ඒක. මතකද ඒකනායක මන්ත්‍රීතුමාට කරපු දේ? ඒ මිනිහගෙ ජීවිතේම අපායක් කරා වගේ මේ ජයවන්ශගෙ තුප්පහි ජීවිතේම අපි අපායක් කරන්න ඕන.... එච්චරයි ...."
"අක්කෙ? උන් දැන් හිතන්නෙ අපි අනිවාර්යයෙන්ම ඉරිදට එනව කියල. "
"ඔව්... අපි ඉරිදට යනව... "
ඩීපීගෙ ඇස් වල අමුතු බැල්මක් ඇදෙද්දි ඒ කියපු වචන ටික සෙට් එකටම ගෙනාවෙ අමුතු ගතියක්. දැන් කට්ටියම දන්නව.
'අලුත් මිශන් එකක් අත ලග....."
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
"අනෙහ්... අම්මි... ම...මට .... බෑ ... මන්... කැමති නෑ ..."
ධ්‍යානි කීවෙ පුදුම වේදනාවකින් අම්ම දිහා බලන් නිවාඩුවට ගෙදර ආවෙ පුදුම තරම් සතුටින්. ඒත් ඒ සතුට මහ නපුරු විදිහට දිය වෙලා ගියා.
"කරන්න දෙයක් නෑ පුතේ.. ඒ තාත්තිගෙ හොදම යාලුවනෙ? "
"මට රමේශ්ව නම් එපා අම්මි. රස්තියාදුකාරයෙක්නෙ අම්මි...බලන්නකො..."
"අක්ක ගියා ගියාමයි ... අපට කතාවත් කරන්නෙ නෑ ... දැන් එයා අපෙන් ඈතටම ගිහින්... අපි අමාරුවෙන් හරි හිත හදන් ඉන්නෙ ඔයා ලග හින්ද .... විශේශෙන්ම තාත්ති..... එයා ඔයා ගැන ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නෙ..."
කෙල්ල බිම බලාගත්තෙ අත් දෙකේම ඇගිලි තදින් මිරිකාගෙන.
"අනෙ මන් දන්නෑ අම්මි..."
කෙල්ල ආපහු කැම්පස් එකට ගියේ තෝන්තුවාවෙන් වගේ. ඒ මදිවට රමේශ් කෙල්ලව ගෙනත් ඇරලිය එක කෙල්ලගෙ තරහ දෙගුන කලා. කොයි තරමක් රමේශ් කතා කලත් කෙල්ල නෙමේ කට ඇරියෙ.
"බායි බබා.... ඔයා අය එද්දි මට කියන්න ... මන් එන්නම් එක්ක යන්න..."
කෙල්ල බායිවත් නොකිය එද්දි ලක්ශි මගට දුවන් ගියේ එක පිම්මට.
"අඩෙ අප්පේ.... කවුද බන් ඒ ඉලා......න්දාරියා...."
"වරෙන්කො... උබට කියන්නම්ම්ම්ම්"
කෙල්ල හිස්ටල් එකට යන ගමන් සේරම කිව්ව. ඒක අහල ලක්ශිගෙ මූනෙ ඇදුනෙත් තරහක්.
"මේ අහින්සකීව අර නරියට දෙන්න ආන්ටිල කෝම හිතුවද මන්ද"
ලක්ශි එහෙම හිතුව විතරයි. ඒත් කෙල්ල එන දිහා තවත් නපුරු බැල්මකින් කෙනෙක් බලන් හිටි බව කෙල්ල දැක්කෙ නෑ .
පහුවදා පුරුදු විදිහට කෙල්ල ලක්ශි එකා ලෙක්චර්ස් ආවත් ඒ හිතේ තිබ්බෙ ලොකු බරක්... මුලු දේශනය පුරාම කෙල්ල හිටියෙ එලොවටත් මෙලොවටත් නැති ගානට. ලක්ශි කීප වතාවක්ම ධ්‍යානිගෙ අතට ඇන්නෙ බැරිම තැන.
"සිහියෙන් හිටපන්..."
ලක්ශි යාන්තමට කෙල්ලට මිමිනුව. කෙල්ලගෙ ඔලුවට දැනුනෙ දරාගන්න බැරි බරක්.හරියට කලු ගලක් ඔලුව උඩි ගෙනත් අතෑරිය වගේ.
"මොකෝ බන්..."
"මගෙ ඔලුව පැලෙන්න වගේ එනව බන්න්න්න්"
"කෝ බලහන්න්න්න් ...අඩෙ ගිනි කබල වගේ...තව විනාඩි පහයි ... ඕමම හිටහන් කෙල්ලෙ... අපි හොස්ටල් එකට යමු.."
කෙල්ලගෙ නලලට බෙල්ලට අත තියල බලපු ලක්ශි කිව්වෙ හොදටම බය වෙලා. කෙල්ලගෙ ඇග අසාමාන්‍ය විදිහට උනුසුම්.
"වරෙන් කෙල්ලෙ... අපි යන්කො..."
ලක්ශි ධ්‍යානිගෙ අතකුත් තදින් අල්ලගෙන එලියට ආවෙ. කෙල්ල ආවෙ අතේ එල්ලිල වගේ. ඒ තරමට ඇගට අමාරුවක් අපහසුවක් දැනුන.
"අන්න ඔයාට ශක්ති මැඩම් එන්නලු. ඉකමනට යනව."
සීනියර් උත්ට්ගමයෙක් ඇවිත් කියද්දි ලක්ශිගෙ ඇස් උඩ ගියා. මොකද ඉස්කෝලෙ කාලෙවත් වැරදිලාවත් පන්තියෙ මිස් කෙනෙක් කතා කරොත් කරන්නෙ මොකක් හරි කරපු මගෝඩි වැඩක් අහු වුනාම.
"අන්න ලයිබ්‍රියේ ඉන්නව. යනව ඉතින්. නැත්ට්‍යන් දන්නවනෙ හැටි?"
එහෙම කියල සින්නා යද්දි ලක්ශි වට පිට බැලුවෙ හදිස්සියෙන්.
"ඒ චතුවො? ධ්‍යානිව එක්ක යමන් ... පරිස්සමින් ඈ... මන් ටින් ගාල දුවල එන්නම්.. මැනිකෙ උබ පරිස්සමින් යමන් මන් සුටුස් ගාල එනව."
ලක්ශි කඩන් බිදන් ලයිබ්‍රිය දිහාට දුවද්දි ධ්‍යානි චතූ එක්ක හොඅටල එක පැත්තට අඩිය තිබ්බ . හැම තැනම ලමයි. කෙල්ලට ඒක දැකල තවත් විකාරයි වගේ.
එක පාරටම කෙනෙක් කෙල්ලගෙ අතින් අල්ලල ඇදල ගත්තෙ පරඩැලක් වගේ කෙල්ල ඇදිල ගිහින් ඒ හැඩිදැඩි පිරිමි පපුවෙ හිරවෙද්දි.ඒ විනෝද් .
"පිස්සුද ..."
කෙල්ල දෑතින්ම කොල්ලව තල්ලු කරත් කෙල්ලගෙ සිරුරේ දුර්වල බව ඒ හැඩි දැඩි සිරුර යන්තම්වත් හෙල්ලුවෙ නෑ . ඊලග තත්පරේදි කෙල්ලගෙ බද වට යදමක් මෙන් වමත යැවූ විනෝද් ඒ උනුසුම් දෙතොල් තම දෙතොලින් අල්ලා ගත්තේ කෙල්ලට හෙල්ලෙන්නවත් බැරි වෙන්න තදින් බෙල්ල පිටුපසින් අල්ලාගෙන.
වටපිටේ හිටි හැම කෙනාගෙම ඇස් නලලට යන්න වැඩි වෙලා ගියේ නෑ . හැම තැනම අනම් මනම් කසු කුසු හඩ ඔච්චම් හඩ පැතිරෙද්දි පුරුදු කදුලම කෙල්ලගෙ මූන තෙත් කරල තිබ්බ. ඒත් එතනදි විනෝද් තමන් ලැබූ කනේ පහර වෙනුවෙන් අපූරුවට
පලිගනිමින් හිටියෙ හිත්පිත් නැති මිනිහෙක් වගේ.
කොල්ල කෙල්ලට රිදෙන තරම් තදින් ඒ සියුම් තොල් තම ග්‍රහනයට ගෙන උන්නා. ඒ සිප ගැනීමෙහි අන්ශුමාත්‍රයක් හෝ සෙනෙහසක් තිබ්බෙ නෑ . පලිගැනීමම විතරයි .
කෙල්ලගෙ දෙතොලින් සිය දෙතොල් මුදා ගත් විනෝද් තවත් විනාඩි කීපයක් කෙල්ලව තදින් පපුවට තුරුල් කරගෙන හිටියෙ හැමෝටම පේන්න වගේ. කෙල්ල තවත් කීප වතාවක් ඒ පපුවෙන් ගැලවෙන්න උත්සාහ කලත් කෙල්ලට බැරි උනා
අමුතුම තද උනුහුමක් කෙල්ල ලගින් දැනුනත් කොල්ල ගනන් ගත්තෙ නෑ . කෙල්ලගෙ දැගලිල්ල නතර උනා. කෙල්ල නිසොල්මන්. කොල්ල ලාවට කෙල්ලගෙ කන් පෙති වලට තමන්ගෙ දෙතොල ලන් කලා. තාමත් හැම කෙනාම පුදුමයෙන් බලාගෙන.
"උබ ඉවරයි.... අය කිසිම කොල්ලෙක් උබ දිහා හැරිලවත් බලන එකක් නෑ ... උබව කොයි මිම්මෙන් උන් මනියිද? උබ පව්... හොදටම පව්.. මට දුන්න කම්මුල් පාරෙ පලිය සැර මදි නම් කියපන්. මීට වඩා දෙයක් වුනත් කරන්න පුලුවන්. "
කෙල්ලව පපුවෙන් ඉවතට තල්ලු කරපු කොල්ල පුරුදු විදිහටම කලිසම් සාක්කුවට අතක් ඔබාගෙන යන්න හැරෙද්දිම ඇහුනෙ චතූගෙ කෑ ගැහිල්ලක්.
" ධ්‍යානි...."
කොල්ල ආපහු හැරිල බැලුවම දැක්කෙ බිම ඇදවැටෙන්න යන කෙල්ලව. විනෝද්ට් එක තත්පරෙන් ඒ පලිගැනීම අමතක වුනේ එහා පැත්තෙ තිබ්බ කලු ගල් පෝලිම දකිද්දි. කෙල්ලව ඒ උඩ ඇද වැටුනෙත් ඒ ඇස් වල භීතියක් ඇදුනෙත් එකම විනාඩියක. ඊලග තත්පරේදි එක කලු ගලක් තෙමාගෙන කෙල්ලෆෙ නලලෙන් ගලන් ගියේ රත් පැහැ රුධිර ධාරාවක්.
"මයි..ගෝඩ්... ධ්‍යානි.... ධ්‍යානි....."
විනෝද් කෙල්ලව දෝතටම උස්ස ගත්තෙ පපුවෙ අමුතු වේදනාවක් දලුලද්දි.
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
"දැන් සතුටුද ඔහෙට? නින්ද යයිද ආ? තමුන් මහ ජරා මිනිහෙක් ඕයි . කොච්චර ප්‍රශ්න අස්සෙද ඒකි ඔහොමවත් ඉවසන් ඉන්නෙ. උන හැදිල අඩිය තියාගන්නවත් බැරුව හිටි ඒකිව හැමෝගෙම ඇස් ඉස්සරහ බැල්ලියක් ගානට දැම්ම . ඕක නෙමේ බන් පිරිමි කම . නෙදකින්...."
ලක්ශිගෙ බැනුම් ඉස්සරහ විනෝද් නිහඩවම හිටියෙ තමන් වැරදි බව දැනුන. හින්ද බිම බලන් හිටි විනෝද් දැක්කම කලක්ශිගෙ යකා තවත් ටිකක් කර උඩටම නැග්ග . බනින්න කට අරිද්දිම...
"ඒ බන් විනුව....කෙල්ලට අවුලක් නෑලු. ටිකක් තුවාල වෙලා විතරයි... ඇග දුර්වලයි කියල කියල තියෙන්නෙ. උනත් තිබිල.. වරෙන්කො මන් එක්ක.."
විනෝද්ගෙ යාලුවා චමිල කොල්ලගෙ කරට අතක් දාගෙන පැත්තකට අරන් යද්දි කොල්ල චමිලට අවනත උනේ ශර්ට් අතෙන් ඇස් පිහ දාන ගමන්. ඒ ඇස් හිදටම රතුවෙලා. ඒක දැක්කම ලක්ශි ට බනින්න ගත්ත එකත් අමතක උනා.
"යකෝහ් මූ??"
🍁🍁🍁🍁🍁 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
"ඔව් සර්... අපට ඔත්තුවක් ලැබිල තියෙනව අද ඩී.පී එයාර්පෝට් එකට එනව කියල. "
විනෝද් තමන්ගෙ රතයට නැගුනෙ බ්ලූටූත් එක අස්සෙන් ඇහෙන ප්‍රධානියාගෙ හඩට සවන්දෙමින්.
විනෝද් එක්ක තවත් විස්සක කන්ඩායමක් රාත්‍රියේ ගුවන්තොටුපළ වට කලේ වෙස් වලාගෙන. ඒත් තමන්ගෙ පරන මතකයක ජීවී සාක්ශියක් ද එහෙ ඉන්න බව විනෝද් දැනන් හිටියෙ නෑ .
"ජයවන්ශට ඕන උනේ මාව එතනට ගෙන්න ගන්නනෙ... ඉතින් මන් එතනට යනව. මට විශ්වාසයි... ජයවන්ශ එතනට එනව...."
ඩී.පී කීවෙ ඒ දුඹුරු ඇස් අපේක්ශාවෙනුත් කෝපයෙනුත් දිලිසෙද්දි.
"එතකොට???"
"බලන් ඉන්න..."
ඩීපී කිව්වෙ සුපුරුදු හිනාව මූනෙ නවත්තගෙන .
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
"සර්...ජයවන්ශ ඇමති තුමා කීව වගේම එතන බෑග් එකක් තියනව. "
"ඕකේ.. මන් කියනකන් කවුරුත් ඉස්සර වෙන්නෙපා ..."
ඒ එක්කම එතනින් ගියේ පාට කල කැරලි කොන්ඩයක් සමග නවීන පන්නයේ කොට ඇදුමක් ඇදගත් ලස්සන යුවතියක්...
"සර්...සර්...අර කෙල්ල බෑග් එක ගත්ත..."
එක ක්ශනයෙන් බෑග් එක අතුරුදන් වෙලා තිබ්බෙ කවුරුත් නොහිතපු විදිහට. බෑග් එක ගත්ත ඩී.පී රින්ගුවෙ බාත්රූම් එකට.
"කමෝන්... ෆයින්ඩ් හර්... "
"සර් ඒ කෙල්ල ලේඩීස් බාත්රූම් එකට ගියා . අපට ඒ කෙල්ලව ඇරෙස්ට් කරන්න බෑ ... WPCලා නැතුව."
"නෝ...වී හැව් ටු ඩූ සෝ..."
එකපාරම කඩන් වැදුන පිරිමින් නිසා කලබල වෙච්ච කාන්තාවන් පිටට දුවද්දි බොරු කොන්ඩය ගලවන්න ඔලුවට අත තියන්න ගිය ඩීපී විනාඩියකට නැවතුනෙ ඒ කෑ ගැහිල්ලට.
"හෑන්ඩ්ස් අප්"
පිටුපසින් ඇහුන ඒ හඩට කෙල්ලගෙ ඇග වෙව්ලල ගියා. අවුරුදු ගානකට පස්සෙ වෙනස්ම මුහුනුවරකින් ඒ හ�
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.