සුදු දුව...ඔයා අපිට ඉන්න එකම දරුවා...මට ඕනි අපි වගේ වලව් පරම්පරාවකට ඔයාව දෙන්න...ඒක නිසා මෙි සම්භන්ධෙි වහාම නවත්තන්න...

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

අම්මේ... ඉක්මනට කාසල් එකට එන්න වර්ෂාට ගොඩක් අමාරුයි....
මම අම්මට කොල් කලේ වර්ෂාව හොස්පිටල් එකට අරන් යන ගමන්...ඇය තම ජීවිතයේ ලොකුම අභියෝගයට මුණ දීමෙන් සිටියා...ඒ කියන්නේ අපේ කුලුඳුල් දරු පැටියව මෙි ලෝකේට ගේන්න වර්ෂා ලොකු සටනක හිටියේ...ඇගේ වෙිදනාව මට දරාගන්න බැරි වුනා..වර්ෂා ඇරෙන්ට ගෑනු පුලුටක් නැති මෙි ගෙදර ඇය කෙඳිරි ගාමින් වැටි සිටි හැටි තාමත් මට මැවී පෙනුනා...ආ පයින්ම වර්ෂාව වහනයට දා ගත්ත මා කාසල් වීදියට වහනය හරව ගත්තේ හිතට ආපු දුක පාලනය කරගෙන..
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
වර්ෂා සූරිය බංණ්ඩාර...මගේ ප්රථම ප්රේමය...දිනක් මා මගේ යහලුවන් සමඟ දලඳා වදින්නට ගියේ ජොබ් එකත් එක්ක කාර්ය බහුල වෙලා තිබුණු මනස නිවෙන්නත් එක්ක...ඒත් එදා මට මගේ ජිවිතේට වටිනාම වස්තුව හම්බෙයි කියලා මම කිසි විටෙකත් බලාපොරොත්තු වුනේ නෑ...වර්ෂා කියන්නේ දැකපු ගමන් කොල්ලෙක්ගෙ හිත යන තරම් ලස්සනක් තියෙන කෙල්ලෙක්...ඒ නිසාමද මංදා වර්ෂා ව මගේ කරගන්න මට අවුරුදු දෙකක්ම දුක් විඳින්න වුනා...වර්ෂා⁣ ගේ අම්මයි අප්පච්චියි උඩ රට වලවි පැලැන්තියේ කට්ට්ය..එයාලා මගෙයි වර්ෂාගෙයි සම්භන්ධෙිට එක හෙලාම විරුද්ධ වුනා...
අනේ අප්පච්චි...මින්සරගේ මොකක්ද තියෙන අඩුපාඩුව....එයාට හොඳ ජොබ් එකක් තියෙනවා...යාන වාහන තියෙනවා...හොඳ ෆැමිලි එකක් තියෙනවා...
සුදු දුව...ඔයා අපිට ඉන්න එකම දරුවා...මට ඕනි අපි වගේ වලව් පරම්පරාවකට ඔයාව දෙන්න...ඒක නිසා මෙි සම්භන්ධෙි වහාම නවත්තන්න...
අප්පච්චිගෙ තීරණේ ඒකනම්...මටත් අයිතිය තියෙනවා තනි තීරණයක් ගන්න...මම දැන් පොඩි ළමයෙක් නෙමෙයිනේ...මම මින්සරව මැරි කරනවා...
චටාස්....තමුන් කාටද ඔය කතා කරන්නේ...ඒ තමුන්ගෙ අප්පච්චි...පොඩි කාලේ ඉදන් කිසිම දුකක් නොදි මටත් වඩා තමුන්ට ආදරේ කලේ ඒ මනුස්සයා...එහෙව් අප්පච්චිට වඩා පිට මිනිහෙක් ලොකු වුනාද...
මම අම්මටයි අප්පච්චිටයි ආදරෙයි...එත් ...ඒත් මම මින්සරටත් ආදරෙයි...ඔයාලා කියන්නේ මට එක පැත්තක් අරගන්න කියලනම් ...මම මැරෙන්නද අම්මා...
වර්ෂා දවස් ගනන් නොකා නොබී හඬා වැටුනා...අම්මයි අප්පච්චියි එක්ක කතා නොකර හිටි⁣යා...නමුත් අන්තිමෙිදි ඇය ජයගත්තේ දෙමාපියන්ට තම දරුවන්ගේ සතුට මිස අන් කිසිවක් නොවටිනා බව හැමදෙනාටම පසක් කරමිනි...
දෙපැත්තෙම නෑ හිත මිතුරන්ගෙ සහභාගිත්වයෙන් මින්සරගෙත් වර්ෂා ගෙත් වෙඩින් එක ගත්තේ නුවර ප්රධාන හෝටලයක...වර්ෂා ගේ අප්පච්චියි අම්මයි මින්සර ඉදිරියේ වැද ඉල්ලුවේ තම දියණිය ඔවුන්ගෙ එකම සම්පත බවත් ,ඇයව පන මෙන් සුරකින ලෙසටත්ය....මුලදි අකමැති වුනත් මින්සරව ඇසුරු කරද්දි සුරිය බණ්ඩර මින්සර ගැන බෝහෝ කරුණු කාරණා දැන ගත්තා..එම නිසා වර්ෂා ගේ ජීවිතේ මින්සර හා සතුටින් ගෙවෙන බව ඔහුට සක්සුදක් සේ පැහැදිලව පෙනුනා...
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
වර්ෂා ...
හ්ම්...
මට නම් විශ්වාස කරන්නත් බෑ...ඔයාව මට ලැබුනා කියලා...
ඉතින් ඇත්තටම ලැබුනනේ...
හ්ම්...අපි දෙන්නා දැන් චුටී කුරුලු ජොඩුවක් වගේ....
අනේ ...මෙි විදිහට අපිට හැමදාම ඉන්න පුලුවන්නම් නේද...
අපි කාටත් වරදක් කරලා නෑ නේ වර්ෂා ...ඒක නිසා දෙවියෝ අපිට නරකක් කරන් නෑ...
මට ඔනී...මැරෙනකම්ම මෙන්න මෙහෙම ඔයා ලඟට වෙලා ඉන්න...
කොහොමද...
මෙහෙම අනේ....ඔයාගේ පපුවට තුරුල් වෙලා...
එයි වර්ෂා..මෙි මොකක්ද..
කෝ ...මොනවද...
මෙි ඔයාගේ කකුලේ...මම මෙික දැකලා තිබුනේ නෑනේ...
ආ...මෙි මගෙ උපන් ලපයනේ...
මම කවදාවත් කොටට ඇන්දේ නෑනේ ..ඒක නිසා ඔයා දකින්න නැතුව ඇති ...
ඇගේ සුදු වන් පා වලට ඒ කලු ලපය ගෙන දුන්නේ පුදුමාකාර ලස්සනක්..අදින් පසු ඇය මගේම පමනක් යැයි සිතන විට මට මං ගැන දැනුනේ ජයග්රාහී හැඟීමක්..
ඇය මලක් මෙන් හැදි වැඩුනු කෙල්ලකි...ඒවගේ සංවරව හැදුනු කෙනෙකි...ඇය මා හට දිවි හිමියෙන් පේවී සිටින පතිනියක් වනවා නො අනුමානය...මතු දිනක ඇය නිසා මා හට පැසසුම් ලැබෙිවී...නිහතමානි ...නිරහංකාර කෙල්ලකු ලේලී කර දුන්නාට මගේ අම්මා තාතතා මට පිං දේව්...
මින්සර...මොනවද හිතන්නේ..
මොකුත් නෑ මැණික...කෝ එන්න...
මම ඇයව මගෙ තුරුලට ගත්තේ ආදරය උතුරා යද්දි...මෙි පිරිමි පපුව උණුසුම් කරපු එක ගැහුණු පහස ඇයම විය...
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
හවස පහ පසු වී තිබු නිසා කාසල් වීදියේ තරමක් වාහන තදබදයක් තිබුනි...වර්ෂා ව ඉක්මනින් රෝහල ඇතුලට අරන් යන්න ඔනි නිසා වාහන අස්සෙන් රිංග රිංග මම රෝහල් ප්රධාන දොරටුව ලඟින් වාහනය නවත්තා ට්රොලියක ආධාරයෙන් ඇයව ඇතුලට රැගෙන ගියා...
මින්සර...අනේ මට අමාරුයි මහත්තයෝ...
බයවෙන්න එපා මැණික...මහ ඉන්නවනේ...
මමත් ඇය පසු පසු ලේබිරූම් එක ලඟ වනතෙක්ම ගියා...
මිස්ටර් ...ඔයා එළියෙන් ඉන්න...
රොහල් හෙදියක් මට පැවසුවත් වර්ෂා ව දමා යාමට තරම් මට හිතක් තිබුනේ නෑ...මොකක්දෝ අනසි බියක් ..සංතාපයක් හිත ඇතුලේ දඟලනවා කියලා මට හිතුනා....
අනේ දෙවියනේ මගෙ කෙල්ලට කරදරයක් නම් වෙන්න එපා...එහෙම හිත හිතා රොහාලේ බුදු මැදුර ලඟට ඇවිත් මම පඬුරක් දැම්මා...
පුතේ .....වාහන ගොඩයි පාරේ එකයි ටිකක් පරක්කු වුනේ...
වර්ෂා ඇතුලේ අම්මා ....එයාට ගොඩක් අමාරුයි...
ඒක එහෙම තමයි පුතේ...ගෑනියෙක් වුනාම ඔය වෙිදනාව විඳින්නම ඔනි...දරුවගේ මූණ දැක්කම කෙල්ලට කිසිම අමාරුවක් නැති වෙයි...
ඒ වුනාට මට බයයි අම්මේ....
මම පත්තිනි දෙවියන්ට භාරයකුත් වෙලා මෙි ආවේ...තුරුණුවන් සරණින් ඉක්මනට බබා ලැබෙයි...
නුවරට කතා කරලා කිව්වද...
අනේ මට ඒක අමතක වුනා අම්මේ....
හා...හා..ඉන්න මම තාත්තට කියලා කතා කරවන්නම්...ඒ මනුස්සයෝ කොච්චර කිව්වද ඔයාලට එහේ එන්න කියලා...එහෙම නැත්තම් අපේ ගෙදර හරි...මෙි වගේ තත්වෙක ඉද්දි ගෙවල් වල තනියම ඉන්න හොඳ නෑ...
වර්ෂා ට ඔනිකම තිබුනේ මාත් එක්කම සිටීමටය...මමත් ඇය නුවර යනවට අකමැති වුවත් වැඩ ඇරි ගෙදර යනකොට ඇය වකුටු වී කෙදිරි ගාමින් හිටි හැටි මතක් වෙද්දි අම්මා කියු කතාව සත්ය බව වැටහෙන්නේ දැන්ය....
සර්.....හෙදියක් ඇවිත් කතා කරද්දි මම ටිකක් ගැස්සුනා...
වර්ෂා සුරිය බණ්ඩාර එක්ක ආවේ ඔයා නේද...
ඔවු..ඔවු...මිස්ට බබා ලැබුනද...
ඔවු ...දුවෙක් හම්බුනා...
වර්ෂා යි මමයි බලාපොරොත්තු වුනෙත් අපිට එකටම දුවෙක් ලැබනෙවටමයි....කල්තියාම අපි ඒ ගැන දැන ගත්ත නිසා වර්ෂා කලේම රෝස පාට චුටී චුටී ගවුම් පොඩි එයාගේ අතින්ම මහපු එක...
සර්...සර්ට ඩොක්ටර් ටිකක් හම්බෙන්න කිව්වා...
ආ...හරි..මම එන්නම්...
ඉන්න පු⁣තේ..තාත්තත් එක්ක යන්න..
මම තාත්තත් එක්ක ඩොක්ටර් නුවන් පතිරණගේ කාමරය තුලට ගියේ හිත දෙගෙඩියාවකින්...
ආ...එන්න...එන්න...
වර්ෂා ගේ හස්බන්ඩිද...
ඔවු ඩොක්ටර් ...මෙි මගෙ තාත්තා..
ඩොක්ටර් විමසිලි සහගතව තාත්තා දිහා බලපු නිසා මම ඔහුට තාත්තව හඳුන්වලා දුන්නා...
මිස්ටර්ගේ නම...
මම මින්සර ඩොක්ටර් ...
ඔහුගේ දෑස්වල තිබුනු සංවෙිගාත්මක බැල්ම මගෙ හිතේ චකිතය තව තවත් වැඩි කලා...
මෙිකයි මින්සර්...ඔයාට ලස්සන දුවෙක් ලැබුනා...ඒත් අපේ දෛවය මොන වෙලාවේ මොන පැත්තට පෙරලෙයිද කියලා අපි දන් නෑ...එන හැම ප්රශ්නෙකටම ඉවසීමෙන් ..බුද්ධිමත්ව මුහුණ දෙන්න අපි පුරුදු වෙන්න ඔනී...
ඩොක්ටර් මොනවද මේ කියන්න හදන්නේ...
කලබල වෙන්න එපා මිස්ටර් මින්සර...වර්ෂගේ bp ගොඩක් වැඩි වෙලා බයට...ඩිලිවරි එකේදි එයාට ගොඩක් ලේ ගිහින්...
ඉතින්...දැන් බබා හම්බුනානේ...
සොරි ...මින්සර අපි ගොඩක් උත්සහා කලා...අම්මවයි දරුවවයි දෙන්නවම බේර ගන්න...
මොකක්... මොකක්ද තමුසේ කිව්වේ...
I know your felling මින්සර...but...am so sorry......
පුතා මින්සර ...කෝ එන්න අපි යමු...
මට කිසි දෙයක් හිතාගන්න බැරි වුනා...ඒ මනුස්සයා මාත් එක්ක විහිලු කරනවද කොහෙද...මල මිනියක් වගේ වත්තන් කරගෙන තාත්තා මාව එළියට ගෙනාවෙි...
පුතා....මොකද වුනේ....ජයේ මොනවද ⁣ඩොක්ටර් කිව්වේ...
ඔක්කොම ඉවරයි නොනේ....මං දන් නෑ මෙි කොල්ලා කොහොම හිත හදා ගනියිද කියලා...
අනේ ඉතින් කියන්න මහත්තයා මොකද වුනේ කියලා....මගෙ පපුවත් ගැහෙනවා...
වර්ෂා ළමයා....
ඔවු ඉතින් වර්ෂා ට මොකද..
මින්සරව තනි කරලා ගිහින් නොනේ...
අනේ දෙවියනේ....මොන ශාපයක්ද මෙි...ඒ අසරණ කෙල්ලට දරුවගේ මූණවත් බලාගන්න බැරි වුනානේ....
මට වර්ෂා ව බලන්න ඔනී....නර්ස් මට වර්ෂා ව බලන්න ඔනි ..
ඉන්න චුට්ටක් අපි එයාව ලේබිරූම් එකෙන් එළියට ගේනවා...
ට්රොලියක් එනවා ඈත තියාම මම දැක්කා...මම එතනට දිව ගියේ වර්ෂා ගේ සුවඳ මට පුරුදු නිසා...අනේ ඒ මූණ....මට වාවගන්න බැරි වුනා...
ඇයි රත්තරනේ මාව දාලා ගියේ...මාත් එක්කම මැරෙනවා කියලා නේද කිව්වෙි ..අද මෙහෙම තනියම යන්න මම කරපු වැරැද්ද මොකක්ද සුදු නෝනා...මම දැන් තනියම ජීවත වෙන්නෙ කොහොමද...උඹ නැතුව ගෙදර හිස් වෙයි...සැනසුම කියලා නම තිබ්බ අපේ ගෙදර සැනසුම සදහටම අරන්ම ගියානේ....
අනේ අම්මේ....මට එයා නැතුව බෑ...මට ජීවත් වෙන්න බෑ...මටත් එයා එක්ක යන්න ඔනි...
අම්මත් මාව බදාගෙන අඬනවා...එසේනමි මා ඇය සනසන්ද..ඇය මා සනසන්නද...කිසිවෙකු මා සැනසුවාටද වැඩක් නැත...මගෙ සතුට...සැනසීම...පරවෙච්ච මලක් වගේ ඔහේ වැටී ඇත...මා සැනසිය හැක්කේ ඒ පරඩැල යලි විකිසිත වුවහොත් පමනී...
සර්....හෙදියක් පැමිණ මට කතා කලා..ඇගේ අතේ රෝස පාට කෙම්බල් එකකින් ඔතලා හිටියේ අපේ බබා කියලා මට තේරුණා...මම හෙමින් සැරේ ඇගේ මූණ පලවෙනි වතාවට බැලුවෙමි...පපුව හෝස් ගා ගියේ ඇය වර්ෂා මෙන් ලස්සන සිඟිත්තියක වු නිසාය...තුරුලට ගෙන ඇයව සිප ගන්නට සිතුනත් පෙරලා මගේ මතෙකට ආවෙි ඈ නිසා මා හට වර්ෂාව නැති වූ බවය... මම වහා ඉවත බලා ගත්තෙ ඇය ගැන හිතේ අැති වු කේන්තියත් සමඟය...
සියල්ල සිදු වී හමාරය...වර්ෂා ගේ අප්පච්චිත් අම්මාත් හඬා වැලපුනේ තම එකම දියනිය වුනේ ඇය නිසාත් ...ඇයට ඔවුන් පන මෙන් ආදරය කල නිසාත්ය...හඬා වැලපෙන ඔවුන්ගෙ සිත් සුවපත් වෙන එකදු වදනක්වත් දෙඩීමට මට නොහැකි වුනේ මා එලොවත් මෙලොවත් නැතුව ඔහේ හිටපු නිසාය...
වර්ෂා ගේ දේහය ලඟින් මා සෙලවුනෙවත් නෑ....විටින් විට අම්මා පැමිණ බොන්නට යමක් දුන්නද මා කිසිවක් කුසට දා නොගත්තාය...වර්ෂා සමඟම යාමට සිත දුන් වාර අනන්තයි...ඒත් මා එසේ කලහොත් වර්ෂා මා සමඟ උරන වෙනු ඇත....අන්තිම හුස්ම දක්වා දූව ජීවත් කරන්න මහන්සි වෙන්නට ඇත
ඒ මා ගැන විශ්වාස තබා වන්නට පුලුවන...එසේනම් මා ඇයට සත්ය ලෙසම ආදරය කරනවනමි දූට ආදරය, සෙනෙහස,රැකවරණය දී බලා ගත යුතුය...
මම පොරොන්දු වෙනවා සුදු මැණිකේ..එයාව මම බලා ගන්නවා...ඔයාගෙයි මගෙයි දෙන්නගෙම ආදරය මම එයාට දෙනවා...මම දන්නවා ඔයා කොහේ වුන්නත් අපි දෙන්නා දිහා බලන් ඇති...අම්මා අත හිටපු දියණියව අර ගත් මා ප්රථම වතාවට ඇයව මගෙ පපුවට තුරුලු කර ගත්තෙමී...ඇස් වලින් වැටුනු උණු කඳුලට බිය වී දියණිය ඇඹරි..ඇඹරි තව තවත් මා වෙත නතු වුයේ තම මවගේ උණුසුම සොයමින් සිටි චුටී ලේන් පැටියෙකු මෙන්මය...
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
(වසර විස්සකට පසු)
අප්පච්චී....අප්පච්චී ....ඔයා ඉන්නවදෝ....
ආහ් චුටී දෝණී...මොකද මෙි කෑ ගහන්නේ...
අප්පච්චී කෝ අත්තම්මේ...
අප්පච්චී කාමරේ ඇති...
ඇයි හදිස්සියෙම අප්පච්චි හොයන්නේ...
හරි අප්පච්චී ඔනා නෑ...එයාට පස්සේ කියන්නම්කෝ...එහෙනමි දැන් අත්තම්මට කියන්නම්...
හා එහෙනමි කියන්නකෝ බලන්න...
අත්තම්මා දන්නවද ...මගෙ යාලුවා නූවී...
නැතුව නැතුව අර රීජන්ටි එකේ හිටියේ පොඩි කාලේ ඉදන්ම...
අන්න හරි...
ඉතින් ...මොකද ඒ ළමයට...
මොකද නෙමෙි අයියෝ...එයාගේ නංගි ලෝචනා ස්විස් වලනේ හිටියේ ඉගෙන ගන්න ගිහින්...
හ්ම්...ඉතින්...
එයා ලංකාවට ඇවිත්...මට දැන් නූවී කෝල් කලේ...ඉතින් මං කිවිවා අද රෑට අපේ ගෙදර ඩිනර් එකට එන්න කියලා...
කමක් නෑ නේද අත්තම්මා...
අප්පච්චිගෙනුත් අහමු...
අනේ අත්තම්මා මම නූවිට එන්න කියලා ඉවරයි...
එන්න කියලයි අපෙන් අහන්නේ...
සොරි...සොරි ඉතිමි...මගෙ අත්තම්මා නේ...
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
වර්ෂා නැති වුනාට පස්සේ මගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුනා...ඔහේ ඉන්නන් වාලේ කල් ගෙවන්නට මම පුරුදු වුනා...දුවව රැක බලා ගන්න අම්මයි තාත්තයි ආපු නිසා ඒ බර ටිකක් අඩු වුනා...ඒත් තාත්තා නැති වුනාට පස්සේ මම වගේම අම්මත් තනි වුනා...දෝණි නොහිටින්න ජීවිතේ තවත් දුක්බර වෙන්න තිබුණා...ඇයට නමි හැමෝගෙන්ම ආදරය සෙනෙහස ලැබුනා..පවුල් දෙකේම එකම මිණිබිරිය නිසා කාගෙත් හුරතලිය වුනේ එයා...ඒත් ඇයව දකිව වාරයක් ,වාරයක් පාසා වඒෂාගේ රුව මගෙ මනසේ මැවී පෙනුනේ ඇය වර්ෂා මෙන්ම සුන්දර වූ නිසයි...
අප්පච්චී...
ආහ් දෝණි..
අප්පච්ගේ වැඩෙි කාමරේ ඇතුලට වෙලා කල්පනා කරනවා...
එහෙම මුකුත් නෑ දෝණි..
නෑ නෙමෙයි ඔවු...අම්මව මතක් කරනවා නේද...
අමතක කරන්න බෑනේ...ඒ ඔයාගෙ අම්මනේ...
මටත් අම්මව මතක් වෙනවා අප්පච්චි...මං දන් නෑ...වෙලාවකට මට හිතෙනවා මම හරිම අවාසනාවන්තයි කියලා...අම්මා නැති වුනේ මාව ගේන්න ගිහිල්ලනේ...
ඔයා අවාසනාවන්ත නෑ දෝණී...ඔයාට ඒ වගේ අම්මා කෙනෙක් ලැබුනේ ඔයාගේ වාසනාවට...
අප්පච්චිව ලැබුනෙත් මගෙ වාසනාවට...මට අප්පච්චියි අත්තම්මයි නැති වුනොත් නම් මොකවත් කරන්න බැරි වෙයි ....
එහෙම වෙන් නෑ දෝණි...දෝණිට හොඳ මහත්තයෙක් හම්බෙනකම් අපි ඔයත් එක්කම ඉන්නවා...
අනේ....අප්පච්චී ...
හරි..හරි දෝණිගෙ යාලුවෝ එනවා කියලා අත්තම්මා කිව්වා...
ඔවු අප්පච්චී ...අර නූවී...එයාගෙ නංගි ලංකාවට ඇවිත්නේ...
අප්පච්චිත් එන්න අපි ඔක්කොම එකට ඩිනර් එක ගමු හොඳද..
හා...එයාලා ආවාම කතා කරන්නකෝ...
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
සාහ් උඹලාගේ ගේ මාර ලස්සනයිනේ අයිෂු....
හ්ම්...අපේ අම්මි තමයි ප්ලෑන් කරලා ඩිසයින් කරලා තියෙන්නෙ...
මෙි.. අන්න අරයා එනවා...
නංගිද...
හ්ම්...හ්ම්...මෙි එයා ඉන්න තැන ටිකක් සංවරව කතා කරපන් හරිද...
ඇයි ඒ...
එයා හරි අමුතුයි බන්...ඒ වුනාට මාර නීට්...
දොර ලඟින් මතුවෙන රුව දිහා මම අෑත ඉදන් බලන් හිටියේ...දෝණිට හොඳ නැති නිසා....මගෙ ඇස් දෙක බොඳ වෙනවා වගේ...දෙපා පන නැතිවන්නට විය...වැටෙන්න ගිය මම දොර තදින්ම අල්ලා ගත්තේ කොයි මොහොතේ හෝ වැටේවි යැයි තිබු බියට...අඩියක් දෙකක් අමාරුවෙන් ඉස්සරහට තියපු මම රූපේ දිහා තවත් ඔන කමින් බැලුවා...ඒ ඇස් දෙක...ඒ කොණ්ඩෙි...ඒ හිනාව...චංචල වෙලා තිබුණු මගෙ හිත මටම පාලනය කර ගන්නට බැරි වුනා වගෙයි...
වර්ෂා...මගේ වර්ෂා....තනිවම මම මිමුණුවා....
දෝණි එක පාරට මා දෙස බැලුවෙි පුදුමයෙන් වගේ ...ඇයටත් තම අම්මාගේ රූප⁣ය සැබෑ ලෙසම අද දකින්නට පින තිබුණාය...
අප්පච්චී....
අම්මා....
කලු කොට සායකට තැඹිලි පාට කොටු වැටුන් බිලවුස් එකක් ඇද සිටි ඇයගේ දෙපා ආවරණය වී තිබුනේ දනහිසෙන් ඉහලට පමනී....මගෙ දෙනෙත් දිව ගියේ ඇගේ දෙපා මතටය...
ඔවු ඒ මගෙ වර්ෂා....ඒ කකුලෙම...ඒ ලපය...මම විතරක් දැකපු ඒ ලපය ඇගේ කකුලේද ඇත...එසේ නම් තර්ක විතර්ක අවශ්යම නැත මගෙ මැණික යලි මා වෙත පැමිණ ඇත...එකම භවයක දෙවතාවක් දෙවියන් ඇය මා වෙතට එවා ඇත...හදවත සතුටින් පිනා ගියේ මගෙ වර්ෂා මා ඉදිරියේ සිටීම නිසාය...
මින්සර....අම්මා මාවත් ඇදගෙන කාමරයට ආවෙි මාව කෝප කරමින්...
අම්මේ ඒ මගෙ වර්ෂා ...
පුතා ඒ ළමයා වර්ෂා වගේ තමයි...ඒත්ඒ ලමයා අපේ දෝණිටත් වඩා බාලයි...
ඉතින් මොකද...අම්මා දැක්කද අර කකුලේ තිබුණ ලපය ඒක තිබුනේ වර්ෂාට විතරයි...මගෙ වර්ෂට විතරයි...ඒ ඇවිත් ඉන්නෙ මගෙ වර්ෂා ...එයා මගෙම විතරයි...මම දුකින් ඉන්න නිසා එයා මාව හොයාගෙන ඉක්මනටම ඇවිල්ලා...
අනේ මංදා...මටත් පිස්සු හැදෙයි වගේ...
අම්මා කාමරෙන් පිටව ගියේ තනිව කතා කර කරය...
අප්පච්චී ...එන්න කෑම කන්න...
හරි දෝණි මම එන්නම්..
අනේ අප්පච්චි එතන මොකවත් කතා කරන්න එපා හොදද..ඒ නූවිගෙ නංගි...
දෝනි මට අවවාදාත්මකව පවසා නික්ම ගියේ ඉක්මනට පැමිනෙන්න කියලා...
වෙනදාට නැති තරමි පුදුම සතුටකින් මම හිටියේ...හරියට අලුතින් ජීවිතේ ලැබුනා වගේ...කණ්ණාඩිය ලඟට ගිහින් මූණ බැලුවෙි අවුරුදු ගානකට පසුවය...වර්ෂා නිසා දුක් වෙවි කප්පනා කර කර ගෙවපු කාලය නිසා වියපත් පෙනුමක් පෙනුනට මෙි රැවුල කපා ගත් කල මා තවමත් තරුණ පාටයි..කියලා මට හිතුනා...ඇද සිටි ඇඳුම ගලවා ...අල්මාරියෙන් අලුත්ම ඇදුමක් අරගෙන ඇදගත් මා ...මා තාමත් සුරකිව තබා සිටි වර්ෂා ගේ ආසම පිච්චමල් සුවඳ සෙන්ට් එක ගා ගත්තෙමී...දැන් මා නලුවෙකු මෙන් දිස්වේ....
හෙමින් සැරේ සාලය පසු කරමින් මා කෑම කාමරයට එන කොට සියල්ලන්ගෙම දෙනෙත තිබුනේ මා ලග බව මට නොතේරුනා නෙමෙයි. .ඒත් කිසිවක් මොළයෙන් සිතීමට නොහැකි තරම් හදවතින් මා බොළද තරුනයෙකු බවට පත්ව ඇත...වර්ෂා ලඟින්ම පුටුවක් ඇද මම ඉදගත්තේ ඇ⁣යට පිච්ච මල් සුවද වඩ වඩාත් දැනෙන්නටය...
දෝණි හරිම අපහසුවෙන් ඒ පැය කීපය ගෙවා දැමු බව මා දුටුවද...මා වර්ෂාගෙන් මදක්ව ඈත් වීමට සුදානම් වුයේ නැත...කිසිත් නොදත් ලෝචනා මා අසලම රැදී ගැවසුනේ අයිෂුට මෙන්ම ඇයටද මා දක්වන්නේ පිතෘ සෙනෙහස කියා රැවටෙමිනි...
නැත මා ඇයට ප්රේම කරන්නට ගත්තේ අයිෂු මෙලොව උපදින්නට ප්රථමය...මගේ ප්රණය බඳු වු වර්ෂා අද මෙලෙස මා ඉදිරියේ සිටියදි අන්ධ මිනිසෙකු මෙන්...හැඟීමි දැනීම් නැති මිනිසෙකු මෙන් සැඟවී සිටින්නට බැරිය....මට ඇය කෙරෙහි රාගයක් ඉපදෙන්නේ නැත....නමුදු මා ඇයට ආලය කරමී....අන්ධකාරයේ වෙලි නිරුත්තර වී සිටි මා හට ජිවිතේ ඉතුරු කාලය ගෙවා දැමීමට අරමුණක් දැන් ඇත....මා වර්ෂාව රැක ගමී....ඇයට කිසිවෙකුගෙන් දුක් පිඩාවක් වන්නට ඉඩ නොදෙමී...දිවි හිමියෙන් ඇයව ආරක්ෂා කරගනිමී...
උදේ සවස මා දෙවියන්ට ස්තූති කලෙමි..එදා වර්ෂා මිය යනදා කාසල් එකේ බුදු මැදුරට දාපු පඬුරේ බලය අවුරුදු ගානකට පසුව බල පෙන්නා ඇත...දුක්,සංකා,සංතාප සියල්ම මා සිතින් දුරු වී ගියේය...අම්මාත් දෝණිත් මා දෙස අනුකම්පාවෙන් බලා සිටියා පමනි...දෛව්ය අපිට ලබා දෙන දේ බාර ගැනීමට අප සුදානම් විය යුතුය...එදා ඩොක්ටර් නුවන් පතිරණ පැවසු දෙය කෙතරම් සත්යදැයි මම කල්පනා කරන්නට විය...එසේ දෛව්ය මා ලඟට ගෙනා සතුට කෙසේනම් අසතුටට පත් කරගන්නද...සැනසුමෙන් සැනසීම අරන් ගියෙත් ඔයා...ඒ සැනසීම ගෙනාවෙත් ඔයා වර්ෂා.....
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
මගේ පුංචී රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ සිහිනෙන්වත්
නොදකින කුමාරා....
කලුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්
ආසයි මං නොකී කවිය
නුඹට කියන්න...
තරහක් නෑ නුඹ බැස යන්න....
මගේ පුංචී නවාතැනේ
ඇවිදින් සැරි සරනවනම්
ආසයි මං කවුළු පියන්
ඇරලා තියන්න...
තරහක් නෑ නෑවිත් ඉන්න...
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
අවසානයි....
කර්තෘ අයිතිය සුරකින්න....
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
ප්රේම⁣ය හුදෙක් ආශාවන් අරඹයා පමනක් නොව.....(හිතන්නට යමක්)
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI