මල්ලි වෙනුවෙන් ගණිකාවක් වූ ඈ

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
මල්ලි වෙනුවෙන් ගණිකාවක් වූ ඈ සත්‍යය කතාවක් ඇසුරෙනි .

සැයු : මෙහි එන සියලු නම් ගම් ⁣මනඃකල්පිතයි .

මට රූපියල් තුන්දහක් හොයලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් ඉන්බොක්ස් එන්න . පැය දෙකක් රූම් යන්න වුනත් ලැස්ති...

මොකක් මේ කෙල්ලට මොකද වෙලා තියෙන්නෙ මොකක්ද මේ පොස්ට් එකෙ තේරුම මම මැසෙජ් එකක් දැම්මා..

මොකද හලො අර පොස්ට් එකෙ තේරුම...

ඇයි තේරෙන්නෙ නැද්ද මම රුපියල් තුන් දහකට ඇග විකුණනවා...

හරි දැන් මොකටද හදිස්සියෙ රුපියල් තුන්දහක් මීට කලින් මම මෙහෙම පොස්ට් එකක් දැකලා නෑ ඔයාගෙ...

දෙන්න බැයිනම් යනවා යන්න...

හරි දෙන්නම් ඒත් මට හේතුව දැනගන්න ඕනෙ...

මගෙ මල්ලිට බෙහෙත් ගන්න එයාගෙ හදවතෙ සිදුරක්..

ඉතින් දැන් සල්ලි නැති එකට ඇඟ විකුණලා හරි යනවද ?

මම වෙන මොනවා කරන්නද..

හරි මම සල්ලි දෙන්නම් මට මුලින්ම මල්ලි බලන්න ඕනෙ..

හරි එන්න එහෙනම් අපෙ ගෙදර...

මට ඇඩ්රස් එක එවන්න..

හ්ම් හරි...

එයා ඇඩ්රස් එක එව්වා . මම ඒවෙලාවෙම ගියා ඒ ඇඩ්රස් එක හොයාගෙන . අන්තිමට මට ඒ ගෙදර හම්බුනා ගේ ඉස්සරහා ලස්සන අවුරුදු දහ අටක දහ නවයක කෙල්ලෙක් ඉන්නවා..

මේ නදුලි ද ?..

ඕව් එතකොට ඔයා...

මම ⁣අරුණ ඔයාට ඒබී මැසෙජ් කරේ . මල්ලි බලන්න ඕනෙ මට .

හ්ම් එන්න...

එයා මල්ලි ලඟට මාව එක්කන් ගියා පව් අවුරුදු අටක නවයක පොඩි කොල්ලෙක් මම මල්ලිගෙ ඔලුව අතගාලා එළියට ආවා .

ඉඳගන්න මහත්තයා .. නඳුලි මට කිව්වා ...

කො අම්මා...

එයා නෑ අම්මයි තාත්තායි නැති වෙලා දැන් අවුරුදු තුනක් වෙනවා..

දැන් එතකොට ඔයා විතරද ඉන්නෙ..

හ්ව් මහත්තයා...

මට දෙයක් දැනගන්න ඕනෙ...

අහන්න මහත්තයා...

ඔයා මට ඇත්තම කියන්න ඔයා මීට කලින් මේ වැඩෙ කරලා තියෙනවාද...
මෙතන කියන්න බෑ මල්ලිට ඇහෙයි යමු මහත්තයා වත්ත පල්ලෙහාට..

මම නඳුලි එක්ක ගියා වත්ත පල්ලෙහාට...

හරි දැන් කියන්න..

මගෙ තාත්තා මට අවුරුදු දහහතරක් වෙද්දි නැති වුනා ඊට පස්සෙ අම්මා අපිව බලා ගත්තා ඒත් තාත්තා නැති වෙලා අවුරුද්දක් වෙද්දි අම්මා නැති වුනා එදා ඉදන් මගෙ ඉස්කොලේ ගමන නැවතුනා මගෙ මල්ලි අසනිප වුනෙ ඔය කාලෙමයි මම මේ පැත්තෙ තේ වත්තක තේ දලු කඩන්න ගියා එකෙන් හොයා ගත්තා චූටි ගාන මල්ලිට බෙහෙත් කරන්න මදි වුනා දවසක් මල්ලිට හොදටම අසනිප වුනා මම ඩොක්ටර් ලඟට එක්කන් ගියා ඩොක්ටර් බෙහෙත් එකක් දුන්නා පාමසි එකෙන් ගන්න කියලා ඒක රුපියල් හාර දහක් වෙනවා ඉතින් මගෙ ලඟ සල්ලි තිබූණේ නෑ .

ඉතින් ඊට පස්සෙ ඔයා මේ වැඩෙ පටන් ගත්තා .

නෑ . මම ගියා අපෙ අම්මාගෙ මල්ලි එහෙමත් නැත්නම් අපෙ මාමා හම්බෙන්න එයාගෙන් මම සල්ලි ඉල්ලුවා ඒත් එයා නෑ කිව්වා මම ගම වටෙම ගියා මට සල්ලි දෙන්න කවුරුත් හිටියෙ නෑ .

ඉතින්..

එදා හවස මාමා අපෙ ගෙදර ආවා එයා ඇහුවා සල්ලි හම්බුනාද කියලා මම නෑ කිව්වා එයා මට කිව්වා එන්න මම සල්ලි හොයලා දෙන්නම් කියලා මම මල්ලි එක්කන් යන්න හැදුවත් එයා කිව්වා මල්ලි තියලා එන්න කියලා එතකොට මල්ලිට අවුරුදු හතරයි මම මල්ලිව ලඟ ගෙදරක නවත්තලා ගියා මාමා එක්ක එද්දි මල්ල්ට බෙහෙත් අරන් එන්නම් කියලා . මාමා මාව එක්කන් ගියෙ පාලු ගෙදරකට මම ගේ ඇතුලට යන්න බෑ කිව්වා මාමා මාව බලෙන්ම ගේ ඇතුලට අරන් ගියා . ඒක ඇතුලෙ හිටියා මිනිස්සු දෙන්න තුන් දෙනෙක්ම එයාලාට මාව පෙන්නලා මාමා කිව්වා මෙන්න අලුත්ම බඩුවක් පැයකට රුපියල් පන්දාහක් දෙන්න කියලා ඒ මිනිස්සු මං දිහා හරි අමුතු විදියට බැලුවේ . එයාලා මාමාගෙ අතට සල්ලි දුන්නා . මාමා ඉස්සරහාම මාව විනාශ කරලා දැම්මා වුන් . පැය දෙකකට විතර පස්සෙ වුන් යන්න ගියා . ඊට පස්සෙ මාමා වැඩෙ පටන් ගත්තා මට නැගිට ගන්නවත් දුන්නෙ නෑ . රෑ අටට විතර එයා මගෙ අතෙ රුපියල් හාර දහක් තිබ්බා . දැන් පලයන් මල්ලිට බෙහෙත් අරන් දීපන් කියලා මාමා මාව එළියට දැම්මා . මම පාමසි එකට ගිහින් මගෙ මල්ලිට බෙහෙත් අර ගත්තා . එයාට බෙහෙත් අරගෙන ගියා මම අවුරුදු පහලවෙදි මගෙ කන්‍යා බාවය නැති කර ගත්තා . ඊට පස්සෙ මාස අවුරුදක් විතර යනකන් මාමා මාව එක එකාට විකුණලා සල්ලි හෙව්වා මම මල්ලි වෙනුවෙන් ඒ හැමදේම ඉවසුවා මාමා මැරුණා මම හිතුවේ මම බේරුනා කියලා ඒත් ඊට පස්සෙ මිනිස්සු මාව හොයාගෙන ඇවිත් මට කරදර කරන්න ගත්තා .

හ්ම් හරි ඉතින්...

පස්සෙ මම ඒ ගමෙන් ආවා මේ ගෙදර හිටපු නැන්දා මට මේ ගෙදර ඉන්න දුන්නා එයා මගෙ අම්මාගෙ යාලුවෙක් ඒ නැන්දා මාව හොදට බලා ගත්තා මට අඩුවක් කරේ නෑ ඒත් එයා ගිය මාසෙ මැරුණා මම වතු වල වැඩ කරා ඒත් මට මේ පාරත් මල්ලිගෙ බෙහෙත් වලට සල්ලි මදි වුනා එකයි මම facebook එකෙ අර විදිය පොස්ට් එකක් දැම්මේ .

හ්ම් හරි එතකොට කොහෙන්ද phone එකක් ගන්න සල්ලි

ඒක මට අරන් දුන්නෙ අර නැන්දා..

ඉතින් ඒක විකුණලා අරන් දෙන්නකො ඉවරයිනෙ..

ඉන්න මම phone එක පෙන්නනම් මේකට රුපියල් දහක් දෙන්නම් කිව්වා මේකට

පොන් එක හොදටම කැඩිලා තිබුණෙ .

හරි මම සල්ලි දෙන්නම් මට පොරොන්දුවක් වෙන්න .

මොකක්ද මහත්තයො ඕනෙ පොරොන්දුවක් වෙන්නම් .

ඔයා අදින් පස්සෙ මෙහෙම දෙයක් ආයෙ කරන්න බෑ එහෙම කරන්නෙ නෑ කියලා පොරොන්දු වෙන්න .

හරි මහත්තයා මම පොරොන්දු වෙන්නම් .

මල්ලි එක්කන් එන්න යමු එයාට බෙහෙත් අරන් එන්න..

හා මහත්තයා..

මල්ලිට බෙහෙත් අරන් දුන්න මම නදුලි ට කිව්වා " නංගි ඔයා දුක් විදින්න ඕනෙ නෑ මම උදව් කරන්නම් මල්ලි එක්ක එන්න අපෙ ගමට මම ගෙයක් අරන් දෙන්නම් ජොබ් එකකුත් දෙන්නම් " කියලා .

නඳුලි මගෙ ඒ අදහසට කැමති වුනා නඳුලි ආවා අපෙ ගමට මල්ලි එක්ක අද නදුලි එයාගෙම කියලා පොඩි කඩයක් කරගෙන සතුටෙන් ඉන්නවා . මල්ලි දැන් ටිකෙන් ටික සනිප වෙනවා .

නිමි

පසු වදන :

අපි අසරණ වුනාම උදව් කරන අය වගෙම එයාලාගෙ උවමනා එපාකම් ඉටුකර ගන්න උත්සහා කරන මිනිස්සුත් ඉනිනවා පරෙස්සම් වෙන්න .
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI