සමන්මලීගේ කතාව අසා සිටී ස්තානාධිපතිවරයාගෙ දැස්වලටද කදුලක් නැගුනි.. එහෙත් නීතියට අනුව සමන් මලී වරද කාරියකි.

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ජීවිතේ තනිමංසල අතරමං වෙලා
(සත්‍ය කෙටි කතාවකී)
___________________________
"මං මගේ මිනිහ මැරුව මහත්තයෝ..."
ලේ පෙරෙන මන්නා පිහිය අතේ ඇතතිව පොලිස් ස්තානාධිපතිවරයා හමුවේ ඈ කියන්නී ය.
"මො..මොකක් තමුන් කව්ද.."
කෝපයෙන් රත් පැහැ ගැන්වූ ඇගේ දෙනෙත් දෙස බලමින් ස්තානාධිපතිවරයා අසන්නට වූයේ ඔහු උන් අසුනෙන් නැගිටිමිනි...
කිසිත් නොකියා තම අත රැදි ලේ පෙරෙන මන්නා පිහිය මේසය මත තබමින් ඇය අසල අසුනකට බර විය..
"මහත්තයෝ මට වතුර එකක් දෙනවද..."
ආයාසයකින් ඇය තම දෙතොල් විවර කරහ...
"රත්නායක වතුර එකක් ගේන්න.."
ඒ ස්තානාධිපතිවරයාගේ හඩය..
සැරයන් රත්නායක යුහුසුලුව ඈ අත වතුර වීදුරුවක් තැබූ හ..
ඇය එක හුස්මට වතුර වීදුරුව පානය කරන දෙස ස්තානාධිපතිවරයා හා සැරයන් බලා සිටින්නට වූයේ මුහුනට මුහුන බලමින් ය...
"හරි දැන් කියන්න තමුන් කවුද මොකද වුනේ කියල..."
"මං ඌව මැරුව මහත්තයෝ..."
ඇය යලි කියන්නී ය..
"කවුද ඌ කියන්නෙ...තමුන් කව්ද මොකද උනේ කියල මුල ඉදන් කියන්න..."
ස්තානාධිපතිවරයා සංසුන්ව ඇයට කියන්නට වුනි..
මොහොතක් නිහඩව සිටී ඈ සියල්ල ස්තානාධිපතිවරයා හමුවේ කියන්නට සැර සුනී...
"මගේ නම සමන්මලී මහත්තයෝ...මගෙ පව්ලේ හිටියෙ අම්මයි තාත්තයි අයියයි..ඒ පව්ල ඇතුලෙ මං හරි ලස්සනට ජීවත් උනා..පව්ලේ එකම කෙල්ල නිසා හැමෝගෙම ආදරේ මට ලැබුනා...ඒත් ඒත් ගෑනු හිත හරි බොලදයි කියනවනේ ඒ දේ මටත් උරුමයි..පව්ලෙ ආදරේ ඇතුලේ මං මටම කියල ආදරයක් හෙව්ව මහත්තයෝ...."
ඇය දිගු හුස්මක් හෙලූ හ...
"ඔව් ඊට පස්සෙ..."
ස්තානාධිපතිවරයා ඇගේ නිහඩතාවයට තිත තබමින් ඇසූ හ..
"මං හෙව්ව වගේම ආදරයක් මට ලැබුනා..එයා තමා සංජීව....සංජීව මට මුන ගැහුනේ අපේ ගෙදර වැඩකරන්න ආව බාස් කෙනෙක්ගෙ අත් උදව් දෙන්න ආපු වෙලාවක....
සංජීව දැක්ක ගමන්ම මගේ ගෑනු හිත සංජීවට ඇදිල ගියා...සංජීව ඒතරම්ම ලස්සනයි...දවසක් දෙකක් යනකොට සංජීවත් මගේ දිහා බලන්න ගත්ත අපි එකිනෙකා හිනා උනා ඇස් වලින් කතාකරා....ඒ ඇස්වලින් මං දැක්කෙ ආදරේ විතරමයි...එතනින් එහාට වෙන මුකුත්ම හිතන්න මගේ හිත මට ඉඩ දුන්නෙම නෑ....දවසක් අපි දෙන්න කතා කරා..."
සමන්මලී තම අතීතය එකි නෙක මතක් කරන්නට විය..
"ගෙදර කවුරුත් නැද්ද...."
"නෑ අම්ම කඩේට ගියා..තාත්තයි අයියයි වැඩට ගිහින්...."
මම කියන්නට වූයේ ලැජ්ජාවෙන් ඇබරමෙනි..
"මං දැක්ක ඔයා මං දිහා බලන් ඉන්නව...."
සංජීව කියත්ම මම ඔහු දෙස බලන්නට වූයේ ලජ්ජාවෙන් මුහුන රතුවි යත්මය..
"මං විතරද ඔයත් මං දිහා බැලුවෙ.."
"ඔව්..ඒ ඔයා බලන නිසානේ.."
සංජීව කියත්ම මම සිනා සෙන්නට විමි..
"ලස්සනයි.."
"මොනවද.."
"හිනාව.."
"බොරු..."
"නෑ ඇත්තමයි...ජීවිතේට මං දැකපු ලස්සන හිනාව මේ...."
සංජීව කියන්නට වූයේ මගේ අතක් අල්ලමින් ය..ඒ ස්පර්සයෙන් තැති ගත් මා එක් වරම සංජීවගෙ ග්‍රහනයෙන් අත මුදවා ගත්තෙමි..
"සොරි..."
"ඇයි..."
"අහන් නැතිව අත ඇල්ලුවට..."
"න්..නෑ මට බය හිතුනා..."
"ඇයි බය..."
"කවුරුත් දකී කියල...කවදාවත් පිරිමියෙක් එක්ක මෙහෙම ලංවෙලා කතා කරල නෑ මං..."
"මාත් මේ විදියට ලං වෙලා කතා කරේ ඔයා එක්ක විතරයි...."
ඔහු කියත්ම මම සිනාසෙමින් බිම බලා ගත්තෙමි..
"ඇයි සංජීව ඔයා මේ අත් වැඩ දෙන්නේ...."
මෙතුවක් දිනක් මගේ සිතේ වද දුන් කරුන මම සංජීවගෙන් අසන්නට වුනෙමි...
"මං මෙහෙම අත් වැඩ දෙන්න ඕන කෙනෙක් නෙවෙ මලී...මගේ අප්පචිට සල්ලි තියෙනව අපිට පොල් වතු තියෙනව...එත් අප්පච්චිට ඔන මං හම්බකරනව බලන්න..නිතරම රංඩු මට බැරිමතැන ගෙදර එක්ක තරහා වෙලා මේ ආවෙ...."
සංජීව ඒ දෙවල් කියත්ම මගේ දෙනෙත් බොදවී ගියෙමි..
"ඇයි මලී අඩන්නේ..."
"ඔයා පව්...."
"ඇයි මං පව්..."
"දන්නෑ ඒත් මට හිතුනා...කො බලන්න ඔයාගෙ අත..."
සංජීව තම දෑත් මා වෙත දිගු කරහ..
"අතවල ගොරෝසු..කරගැට...ඔයා පව් සංජීව..."
සංජීවගේ දෑත් සියුම්ව ස්පර්ස කරමින් වේදනාවකින් වේදනාවකින් මම කිව්වෙමි..ඇත්තෙන්ම මට දුකය.
"මේව මට දැන් පුරුදුයි..."
"දැන් අම්ම එනවත් ඇති මං යන්නම්..."
මා යන්න හැරෙත්ම සංජීව මා තමා වෙතට ඇද ගනිමින් මගේ දෙතොල සිප ගන්නට විය...
සංජීවගේ නොසිතූ ක්‍රියාවෙන් බියටත් ලැජ්ජාවත් පත් මම ඔහුව පසෙකට තල්ලු කරමින් දිව යන්නට වුයෙ ලැජ්ජාවෙන් සිනාසෙමිනි..
ජීවිතේ පලමු වතාවට ලැබුනු පිරිමි ස්පර්සයෙන් මගේ හිත වගේම මුලු ගතම වෙලාගෙන තිබිනි...ඇත්තෙන්ම මට එය අමුතු හැගීමක් වුනෙමි..
ඉඩක් ලද සෑම විටම මමත් සංජීවත් මුන ගැසිනි..අපේ ආදරය කාටත් හොරා ගලාගෙන ගිය හ...
ඒත් නොසිතූ වෙලවක මගේ නිවසින් මට විවාහ යෝජනාවක් ගෙනෙත්ම මගේ ආදර ලෝකය කඩා වැටෙයිදොයන බියක් මට දැනුනි..මම කිසිවිටකවත් සංජීව අමතකරලීමට සුදානම් නොවිනි.එතරම්ම මම සංජීවට ආදරය කල හ..මගේ ලෝකය සංජීව විය..
"සංජීව.."
"ඇයි මලී..."
"මට කියන්න දෙයක් තියෙනව.."
"ඒ මොකක්ද මලී..."
"මුලින්ම කියන්න ඔයාට මාව අමතක කරන්න පුලුවන්ද මං නැතිව ඉන්න පුලුවන්ද...."
"ඔ..ඔයා මොනවද මලී මේ අහන්නේ..ඔයා දන්නව මට ඔයා නැතිව බෑ කියල...."
"එහෙනම් මාවත් අරන් කොහෙ හරි යන්න සංජීව..ඉහ්..ඉහ්.."
මම හඩමින් සංජීවගේ පපුවට බර වුනෙමි..
"ඔයා අඩන්නෙ ඇයි මලී...මොකද උනේ කියන්න..."
"ගෙදරින් මාව බන්දන්න යනව...අනේ මට ඔයා නැතුව බෑ සංජීව මාව අරන් යන්න...ඉහ්..ඉහ්..."
මම තවත් සංජීවගේ පපුවට තද වුනෙමි...
"මේ හදීසියේ ඔයාව මං කොහේ කියල අරන් යන්නද මලී...."
"කොහේ හරි කොහෙ හරි කොහෙර් හරි...."
මා දුකත් කේන්තිය සමගින් කිවෙමි..
"මං බලන්නම්..."
"බලන්නම්නෙවෙ සංජීව..මාව අරන් යන්න...අපි ඔයාලයි ගෙදර යමු...එයාල අපිව බාරගනී...ටික දවසක් යද්දී අපේ ගෙදර අයත් අපට එන්න කියයි...."
මා කියත්ම සංජීවට කරන්නට කිසිත් කල්පනා නොවුනු තැන ඔහු මගේ යෝජනාවට අකමැත්තෙන් වුවද කැමති විය..
එදින රාත්‍රියේම මගේ රන් ආභරනත් මුදලුත් ඇදුම් කිහිපයකුත් රැගෙන මම් සංජීව හා ගෙදරට හොර රහසේ පැන ආවෙමි...
මං ඒ තීරනය ගනිද්දි මට නිකමටවත් නොසිතුනි එ මං ජීවිතයේ ගන්න මහ කාලකන්නිම තීරනේ කියල...මගෙ ජීවිතේ වෙනස් වුනේ මං සංජීවත් එක්ක ආවට පසුවයි...
සංජීව සමග පැමිනි පසු දිනම අපිට පොලිසියට පැමිනෙන්නට විය..
ඒ අපේ ගෙදරින් කරල තිබුන පැමිනිල්ල නිසා...
මං සංජිව දාල එන්න බෑ කිව් නිසත් මං ඒ වෙනකොට වැඩිහිටියෙක් නිසත් මගේ ගෙදර අයට යන්න උනේ හිස් අතින්...පොලිසිය ඇතුලෙදිම අම්ම මාව බදාගෙන වැලහින්නක් වගෙ ඇඩුවත් මගේ හිත උනු උනෙ නෑ..
"උබට ලොකු උනේ මූවනේ...උබව අපිව සතේකට මායිම් කරෙ නෑනේ....මෙකත් අහගනින් නංගියේ...අද ඉදන් උබව අපිට මැරුන එකියක්...උබෙයි අපෙයි සම්බන්ධයක් අද ඉදන් නෑ....."
පොලිසියෙන් එලියට බහිත්ම මගේ අයිය මට කිව්වෙ එහෙමයි...
එවලෙත් මට මං ගැන ගෙදර අය ගැන දුකක් දනුන් නෑ...මොකද සංජීව මං ලග නේද කියල මං මගේ හිත හදා ගත්ත....
"අපි කොහෙද යන්නෙ සංජීව..."
සංජීව මාවත් අරගෙන ත්‍රීවිලයකින් යන ගමන් මම ඇහුව..
"මගේ යාලුවෙක්ගෙ කාමරයක් තියෙනව ටික දවසක් අපි එහේ ඉමු..."
සංජිව කියන කොට මම හිනාවෙලා සංජීවගේ උරහිසට හිස තියාගත්තේ උනු හැම දේම අමතක කරල සංජීව එක්ක අලුතින් ජීවිතේ පටංගන්න අදහසින්...
"මලී නැගිටින්න අපි ආව..."
සංජීවගෙ ස්පර්සයෙන් මා අවදි වී වටපිට බලන්නට වුනෙමි...
එක පෝලිමට තියෙන මුඩුක්කු ගෙවල් මගේ නෙත් ගැටිනි...
සංජීව කාත් එක්කදෝ මොනවදෝ කතාකරමින් මාලගට ආවෙමි..
"යමු මලී..."
"මෙ කොහෙද සංජීව..."
"අද ඉදන් අපි මෙහෙ තමා ඉන්නේ..."
"මෙහේ..."
"ඔව්.."
සංජිව යන්නට වුයෙන් මාද ඔහු පසු පස යන්නට වුනෙමි...
එහි සිටි පිරිමින් මදෙස බලන්නට වූයේ අහිංසක මුවෙක්ට කුරුමානම් අල්ලන ව්‍යාගරයො මෙනි...
"මේක තමා අපි ඉන්න කාමරේ.."
මේසයක් පුටුවක් ලෑලි ඇදක් තියෙන කුඩා කාමරයකට පැමිනි සංජීව කියන්නට වුනි..
"සංජීව...."
"ම්ම්ම්"
"කවදාවත් මාව තනිකරන්න එපා.."
ජීවිතයේ පලමු වතාවට අසරන කමක් දැනුන නිසාවෙන් මා සංජීවගේ පපුවට බර වුනි...
කාලය දින සති මාස ගෙවිල ගියේ හරි ඉක්මනට...මාද මේ නුහුරු පරිසරයට ටිකෙන්ටික හැඩ ගැසුනි...එහෙත් සංජීවත් මමත් අතර එන්න එන්නම ප්‍රස්න වැඩි විය..
"කෙල්ලේ...."
"ආ ඩොටි නැන්දා නේ මේ..."
"ම්ම් මොකද කෙල්ලෙ කරන්නේ.."
"මං මේ වතුර එකක් ලිපේ තිබ්බ නැන්දේ...."
"උබ හරි පව් කෙල්ලේ...."
"ඇයි නැන්දේ..."
"උබ වගේ ලස්සන අහිංසක එකියක් කෝහොම මෙ සංජීවය වගේ එකෙකුට අහු උනාද මංද...."
"ඇයි නැන්ද එහෙම කියන්නේ...."
"කෙල්ලෙ උබ සංජීවය ගැන දන්නෑ නේද...."
"දන්නව නැන්දේ...සංජීවගෙ ගම කුරුනෑගලනේ...ගෙදරින් තරහ වෙලා නේ මෙහෙ ඉන්නෙ...අපි ඉක්මනටම සංජීවලගෙ ගෙදර යන්න ඉන්නේ..."
මම කියත්ම ඩොටි නැන්දා මහ හයියෙන් සිනා සෙන්නට වුනෙමි..
"සංජීවයට කොහෙද බං ගෙවල්...මං හිතුව උ උබව රවට්ටල තමයි ගෙනත් තියෙන්නෙ කියල.."
"මො..මොකක්ද නැන්ද කියන්නේ..."
මගේ හිස ගිනිගන්නට මෙන් විය
"කෙල්ලෙ මං මෙව කියන්නෙ උබ අහිංසකියක් නිසා...සංජීවයට ඇති ගෙයක්වත් අම්ම තාත්තෙක්වත් නෑ...ඌ දන්න දවසෙ ඉදන් මේ වත්තෙ හැදුනේ..යන්තම් කුලි වැඩක් කරල ඔය දවසෙ ගාන හොයාගන්නව..ඒ හෙව්වත් ඌ එකෙන් කුඩු උරනව...."
"දෙයියනේ මොනවද මං මේ අහන්නේ....සංජීව කුඩ්ඩෙක්ද..නෑ ඒක වෙන්න බෑ.නැන්ද බොරු නේද කියන්නේ...."
"මං මොකටද බං කෙල්ලෙ උබට බොරු කියන්නේ...උබ නොදන්නව උනාට මේ මුලුවත්තම ඌ ගැන දන්නව....මං යනව බං කෙල්ලෙ යන්න...ඔව අහල ඌ එක්ක රංඩුවෙන්න එපා ඌ මොකෙක් උනත් උබේ මිනිහනෙ දැන්.."
ඒ වචන ඇසෙත්ම මුලු ලෝකයම මා වටේ කැරෙකෙන්නාක් මෙන් මට දැනිනි...මෙතරම් බොරුවක් වංචාවක් කිසිදිනක සංජීව මට කරයි කියා මා බලාපොරොත්තු නොවුනි...එහෙත් දැන් සියල්ල සිදු වී හමාරය...
"මලී....ඇයි මේ"
"සංජීව මට ඇත්ත කියන්න..."
"මොනවද...."
"ඇයි ඔයා මට බොරු කිව්වෙ..මාව රැවට්ටුවෙ...."
"මොනවද මලී ඔයා මේ කියන්නේ...."
"තවත් මට හංගන්න එපා සංජිව ඩොටි නැන්ද මට ඔක්කොම කිව්ව...."
"මං හිතුව ඔය ගෑනී ගිනි තියයි කියල...."
"දැන්වත් මට කියන්න සංජීව.."
මා සංජිවගේ සර්ට් කොරලයෙන් අල්ලා අදිමින් හඩන්නට වුනෙමි..
"මට සමාවෙන්න මලී...ඔයාට තියෙන ආදරේ නිසාමයි මං බොරු කිව්වෙ.මං ඇත්ත කිව්වනම් ඔයා මට නැති වෙයි කියල හිතුනා...ඔයා මට ලං වෙන්න වෙන්න මට ඇත්ත කියන්න ශක්තියක් නැති උනා..."
"ඔයා ඩ්‍රග්ස් ගන්නවද සංජීව..."
මා අසත්ම සංජීවගේ මුහුන අදුරු විය..
"ඔව්..ඔව්..ඔව්..මං කුඩ්ඩෙක් මං කුඩු ගහනව...උබට මොකද..."
සංජීවගේ ඇස් කෝපයෙන් දිලිසෙන්නට විය...ජිවිතයේ පලවෙනි වතාවට සංජිවගෙ කටින් උබ යැයි පිට වුනි...
"අනේදෙවියනේ...මං වැදල කියන්නම් ඕක නතරකරන්න සංජීව අපි අලුතින් පටං ගමු ජීවිතේ මට ඉන්නෙ ඔයා විතරයි අඩු ගානේ මේ බඩේ ඉන්න පැටිය ගැනවත් හිතල ඔක නවත්තන්න සංජීව......"
මා වැලහින්නක් මෙන් හඩා වැටෙන්නට වුනෙමි...
"මලී...."
මගේ කුස අතගාමින්සංජීව මදෙස බලන්නට වුනෙමි..
"ඔව් සංජීව..ඔයා තාත්ත කෙනෙක් වෙන්න යන්නේ..."
"මලී මට සමාවෙන්න මලී..ඔයා පල්ල මේ ලැබෙන්න ඉන්න දරුව පල්ල..මං කවදාවත් ආපහු ඒව කරන්නෑ...අපි අලුතින් පටංගමු ජීවිතේ..."
මං මත ලැබෙන්න හිටිය ඒ දරුවමත සංජීව පොරොන්දු වුනි...මගේ ජීවිතේ නැවත ලස්සන වෙයි කියන අහිංසක හීනෙ නැවත මගේ හිතේ ඉපදෙන්න ගත්ත...
මගේ රත්තරං බඩු උගස් කරල ගත්ත මුදලුයි පොලියට ගත්ත මුදලුයි දාල අපි ත්‍රීවිල් එකක් ගත්ත...
සංජීව උදේ හවස හයර් දුවන්න ගත්ත...ටික ටික අපේ ජීවිත් ලස්සන වෙන්න ගත්ත...ඒත් ඒ සතුට රැදිල තිබුනෙ හරිම පුංචි කාලයයි...
දවසක් කලබලේ සංජීව දුවන් ආව..
"සංජීව ඇයි මේ..කෝ ත්‍රීවිල් එක..."
"එව පස්සෙ කියන්නම් මලී..පොලිසියෙන් ඇවිත් මාව ඇහුවොත් ඉයේ රෑ ගිය ගමන් තවම ආවෙ නෑ කියන්න..."
"සංජීව මොකද උනෙ කියන්න..."
"කිව්ව දේ කරපං ගෑනියේ මුලින්..."
සංජීව කේන්තියෙන් කියමින් සැගවෙන්නට වුනි...
"කෝ සංජීව...."
"සර්..."
"ඇහුනෙ නැද්ද තමුන්ට කෝ සංජීව...."
"එ එයා ඊයේ රෑ ගිය ගමන් ආවෙ නෑ..."
"ආ එහෙමද...තමුන් කව්ද සංජීවගේ..."
"ම..මං..වයිෆ් එයාගේ..."
"වයිෆ්...සංජීව වෙනුවට හරිනම් තමුනුයි ගෙනියන්න ඕන ඒත් තමුන් ඉන්න තත්වෙ එක්ක මට ඒක කරන්න බෑ..."
පොලිසියෙ ඕ අයි සී මහත්තය කිව්වෙ තරමක් ඉදිරියට නෙරා ඇති මගේ කුස දෙස බලමින්
"ඇයි සර් සංජීව හොයන්නේ මොකක්ද එයා කරේ..."
"කරෙද මිනිහ තමයි මෙ ලයින් එකේ කුඩු ප්‍රවාහනේ කරන්නෙ අද අතටම අහු උනා...මිනිහ විල් එක දාල පැන්න...."
"දෙයියනේ...."
මගේ ලෝකය නැවත බිමට කඩා සමතලා වෙන්නට විය...පොරොන්දු පිට පොරොන්දු දුන්නත් සංජීව වෙනස් වී නොමති බව දැන ගත් විට මම කුමක් කරන්නද කියා මටම නොවැටහිනි..
"කෝ ගියාද...."
පිටු පසින් පැමින සංජීව අසත්ම මගේ කේන්තිය වැඩි උනි..
"තමුසේ තමුසේ වෙනස් වෙලා නෑඕයි..තමුසෙ දිවුරුව නේද මං මත මේ ලැබෙන්න ඉන්න දරුව මත...ඇයි දෙයියන්නේ මට මෙහෙම කරන්නේ...අමාරුවෙන් ගත්ත ට්‍රීවිල් එකත් දැන් නෑ කොහොමද මේ නය ගෙවන්නේ...ජීවත් වෙන්නේ...."
මා කෙන්තියෙන් සංජීවගේ පපුවට ගහගෙන ගහගෙන ගියෙමි..
"පැත්තකට වෙයන් මලී...."
"ආහ්..."
සංජීව මා තල්ලු කරත්ම මගේ කුස බිම වැදුනේ මට මහත් වේදනාවක් ගෙන දෙමින් ය.
"ආහ්...ස්...සං..ජීව..ම්..ම..ම..ට..අ..මාරු..යි...ආ..හ්.."
මා වේදනාවෙන් කෙදිරි ගෑවද සංජීව පිටවී යන්නට වූයෙ...මදෙස දෙස නොබලාමය...ටිකෙන්ටික මා දෑස් අදුරු වන්නට විය...
පියවි සිහිය ලැබෙත්ම මා සිටියේ රෝහල් සයනයක් මතය...
"දෙයියනේ මගේ දරුවා...කෝ මගේ දරුවා...අනේ මට මගේ දරුව ඕන...ඉහ්.ඉහ්...දරුව මගේ..."
මා රෝහල දෙවනත් වන්නට ඇඩුවෙමි..
"කලබල වෙන්න එපා ඔහොම ඉන්න...."
"කො නර්ස් මගෙ දරුවා..."
"ඔයා මෙහෙට ගෙනකොටත් ඔයාගෙන් ගොඩක් ලේ ගිහින් තිබුනේ...ඉතින් ඔයාගෙ කලලෙට ගොඩක් හානි වෙලා...අපිට බඩ සෝදන්න උනා...."
නර්ස් කියත්ම මගේ වේදනාව කොතෙකුත් ද යන්න මට වචන වලින් විස්තර කරන්න අමාරුයි...මගේ ජීවිතේ තිබුන එකම බලාපොරොත්තුවද මගේ ඇස් ඉසරහම බොද වෙලා ගොස් අවස න් ය..
මා හැඩුවෙමි...ඉකි ගසා හැඩ්වෙමි..වැලහින්නක් සේ හැඩුවෙමි...එහෙත් මගේ දුක නිවී නොගිය හ..ජිවුතේ මහ මෙරක් තරම් ආදරේ කරපු සංජීව ගැන පලමු වතාවට කේන්තියක් දැනිනි..අප්පිරියාවක් දැනිනි...කල කිරීමක් දැනිනි.....
සංජීව මා ඉදිරියේ වැද සමාවගත්තද මා තව දුරටත් ඔහුව විස්වාස නොකලෙමි..
විස්වාසය කඩකරපු සංජීව කෙසේනම් මා තව දුරටත් විස්වාස කරන්නද...නූපන් මා බිලින්දා අමු අමුවේ මරාගත් ඒ තිරිසනා කෙසේනම් විස්වාස කරන්නද...
හුස්මක් පාසා නහරයක් පාසා ලේ බිදක් පාසා ආදරය කර සංජීවට දැන් දැන් මසිතේ හට ගන්නේ මහත් කලකිරීමකි...
ජීවත් උනිද දෙදෙනා දෙදෙනෙක් මිස එක් අයෙකු නොවිනි...
මගේ ප්‍රතික්සේප හමුවේ සංජීව වඩවඩාත් මතු කුඩුවලට ඇබ්බැහි විය.....
මුදල් නොමැති විට සොරකම් කිරිමට පෙල බිනි...
එහෙත් මසිත ඔහු ගැන දුකක් අනුකම්පාවක් නොවිනි...
සියල්ල අතහැර මා දෙමාපියන් ලගට යෑමට සිතුනු වාර අනත්තය එත් කෙසෙනම් යන්නද...ඔවුන්ව ප්‍රතික්සේප කර සංජීව සමගින් ආ මං කෙසෙනම් යන්නද...ඔවුනට මා මැරුනු කෙනෙකි..
ජීවිතයේ මේ සා පොඩි වයසකින් මා සියල්ල අත් විද අවසන් ය..මා ජීවිතේ කාලකන්නි වී අවසන් ය...මෙයට වැරදි කරුද අන් කිසිවකු නොවද මා මය...
ජීවත් වන්නට කිසිදු ආසවක් බලාපොරොත්තුවක්ද නොවිනි..එහෙත් ජීවත් වෙමි...
"මලී අපි පොඩි ගමනක් යමු..."
දිනක් සංජීව පැවසුවෙ අන් කවරදාකවත් නැති ආදරයකිනි..
තවත් එක් අවස්තාවක් සංජීවට දෙන ලෙස මා සිතද නිතර ඇවටිලි කරහ..ඔහුද තම චර්යාවන් වෙනස් කරගෙන ඇති බව මට හැගිනි..
"කොහෙද..."
"ගොඩකාලෙකින් අපි කොහෙවත් ගියෙ නෑනේ...යමු අද අපි හොද රෙස්ටූරන්ට් එකකින් කාල ටිකක් ඇවිදල එමු..."
මගේ හිස අතගාමින් සංජිව කියත්ම..මාද ඔහුට අවනත විය..
"අර මං අරං දීපු ගවුම අදින්න..අර නිල් පාට එක..."
ඒ සංජීව මා වඩාත් දකින්න ආස ඇදුමය..තරම කෙටි අත් නිරාවරනය වූ ගව්මකි...එය ඇගලා පසු මගේ ඇගේ හැඩය මැනවින් කැපී පෙනුනි...
පිරිමි සිත් වසගයට ගත හැකි පෙනුමක් එ ඇදුමෙන් මට ලැබිනි......
සංජීව මා සමගින් පැමිනියේ
තරමක් විසාල හෝටලයක් වෙතය...
කලින්ම සංජීව එහි කාමරයක් වෙන්කර තිබිනි...
"අද ගොඩක් ලස්සනයි..."
කාමරයට ඇතුල් වෙත්ම සංජීව මා වැලද ගනිමි කියන්නට වුයේ මා දෙතොල් සිප ගනිමින් ය..
"ඔයා ඉන්න මං කෑම ඕඩර් කරල එන්නම්..."
සංජිව මා කාමරයේ තනිකර යන්නට විය..මා ඇදේ වැතිරෙන්නට වූනෙමි..
මා එක් වරම ගැස්සී අවදි වන්නට වූයේ මා ශරීරය පුරා වෙලුනු ස්පර්සය නිසාවෙනි....
"ක්..කව්ද උබ..."
නාදුනන මැදිවයසේ පුද්ගලයෙකු මා අසල සිටිනු දැකීමෙන් මා බිය වුනෙමි..
"කලබලවෙන්න එපා කෙල්ලෙ..."
ඔහු යලි මා හිස ස්පර්ස කරන්නට විය.
"ක්...කො..සංජීව...මට යන්න ඕන..."
"සංජීව තමයි මාව ඒව්වෙ...යන්න පුලුවන් දැම්ම නෙවෙ..මෙහෙට වරෙන් කෙල්ලෙ..."
ඔහු බලහත්කාරයෙන්ම මා සිපගන්නට විය..
"පැත්තකට වෙයන් වනචරයා...මට යන්න දීපං..නැත්නම් මං කෑගහනව..."
"කෑගහනව...වැඩක් වෙන්නෑ උබෙ කාගැගිල්ලට කවුරුවත් එන්නෑ..මෙහෙට වරෙන් කිව්වම..."
"එන්න එපා ලගට මාව අල්ලන්න එපා...."
"මෙන්න මෙහාට වරෙන්..."
ඔහු බලහත් කාරයෙන්ම මා ඔහුගෙ ග්‍රහනයට නතු කර ගත්තෙමි..ඒ හැඩි දැඩි පිරිමි අත් අතරේ මා සිර වුනෙමි...ඔහුගේ දෑත් වලින් මා නිරුවත් විය...ඔහුට ඔනෑ ලෙස ඔහු මා සමගින් යහන්ගත විය...රහසින් හඩනව හැර මට වෙන කිරීමට කිසිත් නොවිනි...
පාපතරයෙකුට ආදරය කිරිම නිසාවෙන් මා අද අතිනත යන ගැහැනියක් වුනි...සංජීව යලි මා විස්වාසය කඩ කලෙමි...
රැයක් පුරාවට මා කෙලි බඩුවක් වුනෙමි...යටි බඩ පුපුරු ගසන්නට තරම් වේදනාවකි...ඊටත් මසිත රිදුම් දෙයි ටිකක් නොව මහ ගොඩක්.....
සියල්ල සිතේ හිර කරගනිමින් මා යන්නට වූයේ සංජීව සොයාගෙනය...
ඔහු සැප නින්දේය...
මා විකුනා ගත් මුදලින් ඔහු මත් කුඩෙන් මත් වි ඇත...ඔහු දැකීමත් මට අප්පිරියාවක් ගෙන දුනි...
සිතේ දුක එන්න එන්නම කේන්තියකට හැරිනි...
මා නෙත දිව ගියේ මේසය යට තිබූ මන්නා පිහිය වෙතය...
කෙන්තියත් දුකත් කලකිරීමත් සමගින් යලි නොහිතාම මන්නා පිහිය ගෙන මගේ ජීවිතය අපායක් කර පාපතරයාගේ බෙල්ලට කොටා ගෙන ගියෙමි....
කලක් මා පනමෙන් ආදරය කර සංජීව ලේ පෙරාගෙන මරනය වැලද ගත් හ...
කරන්නට කිසිත් නැති කල මා මේ තිරනයට ආවෙමි...
මා වැරදි ඇත එහෙත් ගැහැනියකට ඉවසිය හැකි සීමාවක්ද ඇත....මට ජිවත් වෙන්නට ආසාවක් නොමැත මා කා වෙනුවෙන් නම් ජීවත් වෙන්නද...මා ජිවිතයේ ආදරය කල එකම පිරිමියාද මා රැවටු පසු යලි මා කාවනම් විස්වාස කරන්නද...
අතිනත යන ගැහැනියක් වනවාට වඩා ගැහුනුන් මෙවන් තත්වෙකට පත් කරන පිරිමින් මරා හිරගතවන එක මට සතුටකී...
"සාජන් මෙයාව ලොකප් කරන්න..."
සමන්මලීගේ කතාව අසා සිටී ස්තානාධිපතිවරයාගෙ දැස්වලටද කදුලක් නැගුනි..
එහෙත් නීතියට අනුව සමන් මලී වරද කාරියකි....
නිමි...
නම් ගම් මනංකල්පිතයි සත්‍ය කතාවකි...
============================
ප;ලි..
නීතීයට අනුව සමන්මලී වැරදිකාරියක් වුනි...ඇය මිනීමැරුම් චෝදනාව යටතේ වසර පහලොවක් සපිරි ගෙයට අච්චු කෙරිනි...
එයිනුත් දැන් වසර එකොලහක් ගෙවි අවසන් ය...තවත් වසර හතරකින් ඇය ඒ බිත්ති හතරෙන් නිදහස් වී මේ සමාජෙට එනු ඇත..
එහෙත් ඇය පිලිගන්නට කවුරුන් හෝ සිටීද?
ඇයට මෙ සමාජෙන් ලැබෙන පිලිගැනීම කුමක් වේද?
ඇය ඇයගේ ඉතිරි කාලය කෙසේනම් ජීවත් වේද?
ආදරය වෙනුවෙන් ජීවිතේ වරද්දාගත් තවත් සමන්මලීලා මේ සමාජයේ කොතෙකුත් ඇත්ද....
ගැහැනියක් වරදේ බැදේනම් ගැහැනියක් තම සීමාවන් පනීනන් නිතතුන්ම එයට පිරිමියා50%ක් වග කිව යුතුය...
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI