සංසාරයේ පතාන ආපූ දෙන්නෙක් කවදා කොතැනකදී හෝ හමුවෙනවා.සමහරක් අය මඟදී වෙන් වෙනවා.ඒ දෛවය එයාලව මුණ ගැස්සුවා විතරයි.රැදෙන්න පිනක් එයාලට නැ.

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
"සුදු පුතේ....මෙහාට ආවානම්....ඔක්කෝටෝම කලින් මේ කහට එක බීලා හිටින්.බඩගින්නේ ගිහින් හරියට උගන්වන දෙයක්වත් තේරෙන්නේ නෑනෙ....."
දිග කොණ්ඩ කරලක් පිළිවෙළකට ගොතමින් හිටපු මට අම්මා කතා කළා ම මාව ගැස්සිලා ගියා.මොකද මං උන්නේ සිහියකින් නෙවෙයි ⁣නිසා...උදේ ඉදන් රෑ වෙනතුරු ආයෙත් රෑ ඉදන් උදේ වෙනතුරු මං කල්පනා කළේ ස්කෝලේට ආපු සර් ගැන...රූපයෙනුත් අඩුවක් නැති හොඳ ගතිගුණවලින් අඩුවක් නැති අනූපම සර් දකිද්දී මගේ හිතට නුහුරු හැඟීමක් එනවා....දවසකට එක පාරක් හරි සර් ව දකින්න තදබල ආශාවකින් මගේ හිත පෙළෙනවා.මම අනූපම සර්⁣ට ආදරය කරන්න පටන් අරන්...මුලින් ම සර් ස්කෝලෙට ආපු දවසේ ඉඳන් මේ හිත නිතර ම සර්ව හොයනවා.
"කෝ ....මේ ⁣කෙල්ල...ඇයි උඹට කන් ඇහෙන්නේ නැද්ද?...මොන සිහියකින් ද ඉන්නේ?..."
අම්මා මගෙන් ප්රශ්න වැලක් අහද්දී ඒ ප්රශ්න ඉස්සරහ මම නිරුත්තර වුනා.උත්තරයක් දෙන්න මං ළග තිබුණේ නැ...මම අම්මා අත තිබුණු කහට කෝප්පය මම එක උගුරට ම බිව්වා.අම්මට දණ ගහලා වැදපු මම බෑග් එකත් දාගෙන ගුරු පාරට වැටුණා.
" තුණුරුවන්ගේ සරණයි.."
අම්මගේ ආශිර්වාදය ගොඩක් බලගතු වුනා.කොච්චර දුප්පත් වුනත් මගේ ස්කෝලේ වැඩ මම අතපසු කරගත්තේ නැ.ඒත් අනූපම සර් ස්කෝලෙට ආපු දවසේ ඉදන් ඒකාකාරී ව තිබුණු හිත වෙනස් වුනා.
මම ගුරු පාර දිගේ ම මහා පාර දක්වා ඇවිදන් ගියා.දිගු කොණ්ඩ කරල් දෙක පැත්තකට කරගෙන මම තනිව ම ස්කෝලෙට ගියා.
"ගුඩ් මෝනින්ග් චේතනා.."
චමිඳු මාව ඇමතූවේ ගේට්ටුව ළඟදී.දින ගණනක් මගේ ආදරය පතාන ආ චමිඳු ඉදිරියේ නොවූ ලෙන්ගතුකමක් මට අනූපම සර් ළඟ තිබුණා.
"ගුඩ් මෝනින්ග් චමිදු.."
මං එහෙම කියාගෙන ම චමිදු ව මගෑරලා පන්ති කාමරයට ගියා.චමිදු එක්ක කුළුපග වෙන්ව හිතක් මට තිබුණේ ම නැ.
"ආ. .උඹ අද කලින්...මොකෝ ප්රේම භෘංග රාජයා මඟවත් රැකගෙන හිටියද?.."
මගේ හොඳ ම යාළුවා බිම්සරණී මගේ පිටට තට්ටු කරලා කියද්දී මට හිනා ගියා.මාව බලන්න,මාව බැහැ දකින්න තවමත් මට කව්රුත් උන්නේ නැ.ඇයත් කිව්වේ හීනියට හිනාවෙලා විහිළුවට....
"උඹ නොදන්නවා වගේනේ කතාව..."
"උඹ පාර බලන් හිටියට අනූපම සර් තාම ආවේ නැ....."
මම අරලිය ගස් හෙව⁣ණේ ඉදන් ඈත පාර දිහා බලාන උන්නේ බිම්සරණී කියනවාත් වාගේ අනූපම සර් එනකල්...ඇත්ත..අනූපම සර් එනකොට ස්කෝලෙට පටන් ගන්නත් අාසන්න වෙනවා.සර් එන්නේ නැ කියලනම් මේ හිත පිළිගන්නේ නැ...සර් එයිම කියලයි මට හිතෙන්නේ...
"මට උඹව තේරුම් ගන්න බැ චේතනා...උඹ මේ බලන් ඉන්නේ ලැබෙන කෙනෙක් වෙනුවෙන් ද?..සර්ගෙයි උඹගෙයි පරතරය දුරයි බං...පුදුම තරම් දුරයි.සර්ව උඹට අයිති වෙයි කියලා හිතෙනවද චේතනා....එහෙම හිතෙනවනම් ආදරේ කරපන්....ඔව් මැරීගෙන ආදරේ කරපන්...."
"අනූපම සර්...මං අහසයි පොළොවයි වගේ ..ඒත් මේ අවුරුදු දහඅටට ම මගේ හිත හෙල්ලුනානම් ඒ අනූපම සර් නිසා...සර් මට අයිති වෙයිද නැති වෙයිද කියලා මං දන්නේ නැ බිම්.....ඒත් මං ආදරෙයි ....මේ ලෝකේ එක ම පිරිමියෙක් ට...ඒ අනූපම සර්...."
මම ඈත පාර වෙතින් ඇස් අහකට අරගෙන බිම්සරණී දිහා බැලුවා.ඒ ඇස්වල තිබුණේ අනපේක්ෂිත බැල්මක්...දුක ම ජීවිතය කර ගත් මට අනූපම සර් ගැන හිතන එක පුදුම විදියට අස්වැසිල්ලක් වුනා.අනූපම සර් ගැන මම නොහිතා ඉන්න මැළි වුනේ හිතේ ආදරය ගෙවෙන තත්පරයක් ගානේ හිතේ ආදරය දළුලාපු නිසා වෙන්නැති...
"උඹට වරදින්නේ නැත්තම් එච්චරයි ..හැබැයි ටිකක් කල්පනාවෙන් හිටපන් චේතනා..මොකද ආදර මායාවේ පැටලුණා ම හැබෑ ලෝකයේ හැබෑ දේවල් පේනවා අඩුයි..."
"අනේ බං...මාව බය කරන්න එපා..."
සීරුවට පොළොවට වැටුණු අරලියා මලක් මං අහුලගෙන පන්තියට ගියේ ස්කෝලේ පටන් ගන්න බෙල් එක ගහපු නිසා.පන්සිල් ගද්දී අපේ පන්තියට එහායින් තියෙන ලැබ් එක පැත්තේ මේ ඇස් දෙකත් හිතුමනාපෙට කරක් ගැහුවා.අනූපම සර් අවුරුදු භෞතික විද්යා ගුරුවරයෙක්.තාම අවුරුදු විසි හතරක කඩවසම් සර් කෙනෙක්.අනූපම සර් නිතරම උන්නේ ලැබ් එකේ .සර් එන්නැති කියලා මාට හිතුනේ මේ හිතේ හදගැස්ම වැඩි වෙද්දීයි.
"ගුඩ් මෝනින්ග් දූලා පුතාලා..."
මුලින් ම සර් ආවේ අපේ පන්තියට.ගල් ගැහුණා වගේ බලන් උන්නු මං හීන් සීරුවේ පුටුවෙන් වාඩි වුණා.
"මේ දවස්වල හරියට පායනවා නේද?..වැස්සක් ළඟ පාතකවත් නැ..ඉර දෙයියන්ට හිතෙන්න ඇති බ්රයිට්නස් ⁣වැඩි කරන්න ඕන කියලා...ඒකනේ මෙච්චර ගිනියම..."
පන්තියේ හැමෝම කොක් හඬ නගලා හිනා වෙද්දී මම සර් දිහා ම බලන් උන්නා..මං හිනා වුනේ හදවතින්.හිනාවටත් වඩා ඇස්වල ආදරේ පිරුණා.අනූපම සර් පන්තියට ඇවිත් උගන්වන්න කලින් ආගිය තොරතුරු කතා කළා...ජීවිතේ කියා දුන්නා......
"පුතාලා මේ බලන්න...අතේ ඇඟිලි පහක් තියෙනවා.ඇඟිලි පහම එකිනෙකට සමානද?..නැ නේද?..ඔයාලා දැන් වයසින් ලොකු දරුවෝ.හැබැයි ජීවිතේ දකින්න ඕන පුංචි ම දේක ඉදන්..ඉතින් එකිනෙකට අසමාන ඇඟිලි පහා වගේ මිනිස්සුත් විවිධාකාරයි ...මෙතැන කියන දේ නෙවෙයි තවත් තැනක..මේ ඇහිපිල්ලම් ගහන සැණින් මිනිස්සු වෙනස් වෙනවා....අන්න ඒ හින්දා පරිස්සමින් මිනිස්සු ව ආශ්රය කරන්න...."
අනූපම සර් කියන වචන අහන් ඉන්නත් ලෝභයි.ඒ තරමට ම දැහැන්ගත වෙලා අහන් ඉන්න හිතෙනවා.'ඇයි සර් මෙච්චරට ම මාව පිස්සු වට්ටන්නේ ...බලන්න මේ හිත ඔයාට පුදුම විදියට පිස්සු වැටිලා..'මට එහෙම කියන්න හිතුණා....ඒත්,එහෙම කියන්න ශක්තියක තියෙනවා කියලා හිතන්නත් අමාරුයි ..භෞතික විද්යාව පාඩම උගන්වන අතරතුර සර් ගොඩක් වෙලාවට බැලුවේ මගේ ඇස් දෙක දිහා.'ඇයි සර්...මං දිහා ඔහොම බලාගෙන ඉන්නේ...මාව පිච්චෙනවා වගේ...'මට හිතුණා.'සර් ඔයත් මට ආදරේ කරනවද?.මං සර්ට ආදරේ කරනවා වගේ ම...'මම දහඅතේ කල්පනා කළේ ඒ ගැන..
තත්ත්පරයෙන් තත්පරය පැයෙන් පැය දවසින් දවස ගෙවී ගියේ උසස්පෙළ කඩඉමට දින ළං කරමින්..විභාගය වෙනුවෙන් බයක් නැතුවම නෙවෙයි.පාඩම් කරන්න පොත අතට ගත්තත් මට මතක් වුනේ අනූපම සර් ව...ඒ තරමට මගේ හිතේ මුල් බහින්න අනූපම සර් ට පුළුවන් වෙලා තිබුණා..
"දැන් කීප විඩක් ම මං බලාගෙන..කල්පනා කරනවා කල්පනා කරනවා ඉවරයක් නැ...විභාගේ අත ළග..මොනවද පුතේ ඔච්චර කල්පනා කරන්නේ ?.."
මම ගැස්සුනේ අම්මගේ කියවිල්ල නිසා.හිතේ තියෙන දේවල් මං කොහොම අම්මට කියන්නද?..මම පොතට එබීගෙන ම උන්නා.
"මුකුත් නැ අම්මා.."
"මුකුත් නැ කියලා විභාගේ එහෙම කාගන්නේ නැ..."
මම පොත දිහා බලාගෙන හීල්ලුවා.අනූපම සර් කියන්නේ කිසිම දවසක මට අයිති කරගන්න පුළුවන් කෙනෙක් නෙවෙයිද?.එහෙනම් අැයි මං මේ තරම් උන්මන්තියක වෙලා...මං මගේ හිතෙන් ම ප්රශ්න කලා...සර් අහස නම් මම පොළොවද?..අසීමාන්තික දුකක් ඉස්සරහා මට වෙන්නේ ම නිහඬ වෙලා දුක විඳින්නද?.මගේ මුල් ම ආදරය උපන් ගෙයිම වැළලිලා යනවද?...
මම ස්කෝලේ ගියේ වෙනදටත් වඩා උදෙන්..අනූපම සර්ගේ මූණ බලන්නත් එක්ක..ගුරු පාර දිගේ ස්කෝලෙට දුවන් යද්දී පුදුමෙකට වාගේ අනූපම සර් ඇවිදින්...අඹ ගහ මුල පොඩි ළමයි එක්ක බර කතාවක...ඒ මුහුණ හිතුමනාපෙට බලාගෙන මම අඩිය තිබ්බේ පන්තියට යන්න.
"චේතනා ...ගුඩ් මෝනින්ග් දරුවෝ..."
'ඔයා කොහොමද දැන් මාව දැක්කේ...සර් ඔයා හිටියේ අර පොඩි ළමයි එක්ක බර කතාවක...ඔයාට මාව දැනුණද අනූපම සර්....වෙනදට මමනේ ගුඩ් මෝනින්ග් කියන්නේ ..අද ඔයා ඉස්සර වෙලා...' මම එහෙම හිතුවට කියන්න ගියේ නැ.කියන්න වචන පිටවෙන්නේ නැ කියලා විශ්වාසයක් තිබුණා.
"ගුඩ්...මෝ...නි...න්..ග්...ස..ර්."
මම වචන ගලපමින් සර්ගේ මූණ දිහා බැලුවා..ඒ මූණ හරි පින්වන්තයි කියලා මට හිතුණා.
"මොකෝ ගොත ගහන්නේ.."
"නි..කම්..ස.ර්."
"ඔයා මොකක් හරි හිතේ තියාන විඳවනවද චේතනා..මට හිතෙනවා ඔයාගේ හිතේ තියෙන දෙයක් ඔයාට හරියට වද දෙනවා කියලා.."
සර් මේ කියවන්නේ මගේ හිතද?අනේ සර්...මගේ ආදරේ ඔයාට දැනෙනවද?..හිත තව තවත් මාව අසරණකමින් ගිල ගනිද්දී මට සර්ගේ මූණ බලන්න ලැජ්ජා හිතුණා..
"න් ..නැ සර්.."
"ඔයා මට මොනාහරි හංගනවා දරුවෝ.."
"නැ..නැ සර්.."
මම පය ඉක්මන් කරලා පන්තියට ගියේ තවත් සර්ගේ මූණ බලන්න ලැජ්ජා හිතුණු නිසා.මේ හිත වචනයක් පිට කරගන්න බැරි තරම් අසරණ කරපු නිසා...යකඩ කම්බි අතරින් මම සුළඟට ළෙලදෙන මෑකරල් කොළ වැඩුණු පාත්තිය දිහා බලාන උන්නා.'කියන්න රත්තරන් ...ඔයා මට ආදරේ කරනවද?..එහෙනම් ඇයි නොකියා ඉන්නේ ....මං විඳවනවා බලන්න ආසයිද?..' බිම්සරණී එනකල් මම කළේම කල්පනා කරපු එක.
"මොකෝ චේතනා කම්බි වැට බදාගෙන ...ඇනෙයි.."
බිම්සරණී කියද්දී මම ඈ දිහාට හැරුණා.
"චේතනා උඹ කවදා වෙනකම් විඳවන්නද?.මේ විඳවන එකේ ඉවරයක් වෙන්නේ නැද්ද?.."
මැරීගෙන ආදරේ කරපන් කියපු බිම්සරණී ම මේ විඳවීමේ අවසානය කොතනද කියලා අහනවා.
"කියන දෙයක් තේරෙන්න කියපන්..."
"අර ශයිනි දන්නවා නේද?.."
"කොයි අර...අපිට නැති වැරදි කියලා බැනපු..."
"ඔව්...එයා තමයි....එයා සයුරි මිස්ට කියලා ඔයා අනූපම සර්ට ආදරේ කරනවා කියලා...අද අඹ ගහ මුලදී ඔයා අනූපම සර් එක්ක කතා කර හිටියා කියලත් සයුරි මිස්ට කියලා...."
"ශයිනි මොකටද ඒවා සයුරි මිස්ට කියන්නේ .."
"සයුරි මිස් කියන්නේ අනූපම සර් බඳින්න ඉන්න කෙනාලූ...මටත් අර මාත් එක්ක ස්කෝලේ එන සදුනි කිව්වේ.....සදුනිත් ශයිනිත් එක පන්තියේනේ..."
මගේ මුළු ඇඟ ම සීතල වෙලා ගියා.අනූපම සර් සයුරි මිස්ට අයිති වෙනවා බලන් ඉන්නේ කොහොමද?.ශයිනි නම් එදා ඉදන් ම මා එක්ක තරහයි.....ඇය මට ඊර්ෂ්යා කරනවා කියලයි හැමෝම කිව්වේ..
"චේතනා...උඹම කියපන් උඹට කරන්න මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කියලා....උඹ වැරදි.ඒත් උඹ පව්..කවදාවත් ලැබෙන්නේ නැති කෙනෙක්ට උඹ ආදරේ කරේ...."
"මට අනූපම සර් ව අමතක කරන්න බැ බිම්...ඒ මගේ ආදරේ ....මාව ජීවත් කරපු මගේ ආදරේ ..."
මම කඳුළු පිරිලා ඉතිරිලා යනකල් ඇඩුවා.හුස්මක් පවා ගන්න අමතක කරපු ලෙන්ගතුකම මගෙන් ඈතට යනවා කියලා දැනෙද්දීත් මට රිදුණා..හිතට උල් පිහියකින් අනින්න තරම් ඒ වේදනාව බලගතු වුණා.
"දැන් කඳුළු පිහිඳාගනින් රත්තරන් ..අපි දෙවියන්ගෙන් ඉල්ලන හැමදේම අපිට ලැබෙන්නේ නැ..ඒ නොලැබීමටත් අපි හුරු වෙන්න ඕන...උඹ ඔහොම හූල්ල හූල්ල ඇඩුවොත් මොකද වෙන්නේ ...උඹේ හීන..ඒ හීන කුඩුපට්ටම් වෙලා යයි.."
"මං..මං සර්ට ආදරෙයි ...සර් කවදා මොන තත්වෙක හිටියත් මං සර්ව බාරගන්නවා..මේ පපුව පුරා ම තියෙන්නේ සර්ට පිරිච්ච ආදරේ ...ඒ ආදරේ කාටවත් දෙන්න බැ.....
හීන මවපු ඒ දවස්වලට අමතරව මට වැඩිපුර ම සිද්ධ වුනේ දුක් වෙන්න.අඩන්න,වැළපෙන්න..නොලැබෙන ආදරයක් හිතේ තියාගෙන විඳවන්න.
මම ගලහිටියාව පාර දිගේ ඇවිදෙන් ගියේ ඇවිදින මල මිණියක් ගානට...මදි නොකියන්න හිත පුරා ම දුක වැපිරිලා තිබුණා...
"චේතනා ..ඔහොම ඉන්නවා.."
අනූපම සර්ගේ අතින් ඇඳගෙන මං දිහාවට ආවේ සයුරි මිස්...මම අනූපම සර් දිහා බැලුවේ අපමණ දුකකින්.ඒ මුහුණෙන් මට දැනුණේ අසරණකමක්.මා ළගට ආපු සයුරි මිස්ගේ දකුණත නැවතුනේ මගේ කම්මුලක..ඇස් දිගේ ගලා වැටුණු කඳුළු පොළොවට රූරා වැටෙද්දී මං කම්මුල මත ම අත තියාගත්තේ කම්මුල ඇඳුම් කද්දී....
"සයුරි...තමුන් මේ මොනවද කරේ..."
අනූපම සර් සයුරි මිස්ට තදින් බැන්නා.
"තමුසේ පැත්තකට වෙනවා අනූපම.."
"චේතනා....තමුසේ හිතාන ඉන්නේ මං කව්රු කියලද...මං අනූපම ව මැරි කරන්න ඉන්න කෙනා..අනූපම ආදරේ මට..තමුසෙට නෙවෙ.දාගෙන යන්න හරියට සපත්තු දෙකක් නැ... ඒකට ප්ලෑන් එක ලොකු ලොකු අතුවල එල්ලෙන්න..එදා වේල කන්න නැ..ඒ තරමට හිඟමනේ.⁣මේකිගේ අම්මා අප්පා මේකිව හදලා නැ..නහදලා...ආයේ මගේ මිනිහා පස්සෙන් ආවොත් උඹට වෙන්නේ ඉක්මනට ම පරලොව යන්න.."
සයුරි මිස් ඇඟිල්ල උරුක් කරමින් මට හොඳටෝම බැන්නා.
"සයුරි...මේ ළමයා මට ආදරෙයි කිය කියා පස්සෙන් ආවේ නැ..මට ආදරේ කරනවා කියලා හැමතැන ම ගිහින් කිව්වේ නැ.මෙහෙමද මේ ප්රශ්න විසඳෙන්න ඕන..කෑ ගහලා රණ්ඩු කරලා ප්රශ්න විසඳගන්න බැ සයුරි..දෙයක් තේරුම් ගන්න බැරි පොඩි දේකටත් ඇන කොටා ගන්න හදන ගෑණියෙක් මට ඕන නැ සයුරි.."
අනූපර් සර් සයුරි මිස්ට බිඳුවක්වත් කැමති නැ කියලා මට දැනුණා.මං අනූපම සර්ගේ කකුල් දෙක අල්ලලා ඇඩුවා.මගේ කඳුළු ඒ පයට තෙතමනයක් එක් කරන්න ඇති.
"සර්...මං.....මං නිසා..ඔයාලා අතරේ ප්රශ්නයක් ඇති කරගන්න එපා.මං නිසයි මේ හැමදේම..සර්..සයුරි මිස්ව බලාගන්න..සයුරි මිස්ට ආදරේ කරන්න.."
පුදුමයකට වාගේ අනූපම සර් මගේ දෙවුරෙන් අල්ලලා මාව නැගිට්ටුවා.
"අපි අතර තියෙන ගැළපීම් නොගැළපීම් ඔයා දන්නේ නැ පුතේ..මං ඒවා ඔයාට කියන්නෙත් නැ..ඔයා දන්නවා ඇති...හිතේ එක්කෙනෙක් තියාගෙන තවත් කෙනෙක්ට ආදරේ කරන්න බැ කියලා..ආයේ මං ගැන හිතන්න එපා..ඔයා හොඳට එක්ස්සෑම් එක කරගන්න පුතේ.."
සර් මං දිහා බලාන ම කියද්දී මට හොඳටෝම ඇඩුනා.කඳුළු පිහි දදාම මං ගුරු පාර දිගේ ගෙදරට දිව්වා.
ජීවිතයට දැනුණේ පුදුමාකාර තනිකමක්.මොන දේ වුනත් සයුරි මිස් අනූපම සර්ගේ වෙන්නැති කියලා මට හිතුණා.ඒ දුකත් හිතේ රුවා ගෙන ම මං විභාගයට ලිව්වා.
කාලය ගෙවුණේ හීයක වේගයෙන්.පුදුම තරම් ඉක්මනින්.උසස් පෙළ ප්රතිඵල පිටවුනේ මාව වෛද්ය විද්යාලයට තෝරා ගනිමින්.'හීම්බිච්චි වාගේ ඉදන් ලොකු අතු අල්ලන්න ගිහින් ....පව් බිමට ම වැටුණා...'එහෙම කියපු හැමෝමත් මට සුභ පැතුවා.අනූපම සර් මටත් වඩා සතුටු වෙනවා කියලා මට හිතුණා.මට මං ගැන ම පුදුම හිතුණා.අහිමියි කියලා මාව හංවඩු ගහපු ආදරේත් තියාගෙන මේ තරම් දුර ආපු මට මං ගැන ම සියුම් ආඩම්බරයක් දැනුණා.
අවුරුදු පහකට පස්සේ දඹුල්ලේ මහා රෝහලට මට පත්වීම ලැබුණා.විවාහ යෝජනා කීපයක් ම ආවත් මම කැමති වුනේ නැ.මට හිතුණෙම අනූපම සර් දවසක එයි කියලා.
වැසි වැටුණු ඉරිදාවක මම රෝහලට ගියේ කහපාට සිල්ක් සාරිය ඇදන්..
"චේතනා.."
මම පිටුපස හැරිලා බැලුවා කව්ද කියලා.උන්නේ සයුරි මිස්.හිත චකිතයෙන් රිදුම් කද්දී මම හිටපු තැන ම නැවතුනා.
"සයුරි මිස්.."
"මට සමාවෙන්න චේතනා.."
"ඇයි සයුරි මිස්.."
"අනූපම සර් ආදරේ කෙරුවේ මට නෙවෙයි චේතනා...එයා ආදරේ කරේ ඔයාට..ඒත් එයා ඔයාට කිව්වේ නැ..ඔයා ඉගෙන ගන්න එක අතපසු කරගනී කියලා.මං හිතුවේ එයා මට ආදරේ කරනවා කියලා.මං එයාට ආදරේ කරා.හැමදේම කරේ එයාව මගේ කරගන්න ..මං වැරදි චේතනා..මට කල් ගිහින් තේරුනේ අයිති නැති දෙයක් බලෙන් ලබා ගන්න බැ කියලා.."
"කෝ ..දැන් අනූපම සර්.."
මට ඕන වුනේ අනූපම සර්ව දකින්න.
"එයා රට ගියා චේතනා.එයාලගේ ගෙදරටත් හොරෙන් රට ගියා.."
මම කඳුළු පුරවන් සයුරි මිස් දිහා බැලුවා.
"එයා ඉන්නේ කැනඩා.මගේ හස්බන්ඩ් ට කියන්නම් අනූපමට එන්න කියන්න කියලා."
"ඔව් අනූපම සර්ට එන්න කියන්න..."
සර්ව දකින්න ලොකු ආශාවක් මේ හිතේ පළපැදියම් වෙලා තිබුණා.
අනූපම සර් එයාගේ පවුලේ අය එක්ක අපේ ගෙදරට ආවේ මට ඉහේ මලක් පිපුණා වාගේ සතුටක් දැනෙද්දී...සර්ගේ කොණ්ඩේ,රැවුල අපිළිවෙලට වැවිලා තිබුණා.
"අපේ පුතාව අපිට තේරුම් ගන්න බැරි වුනා චේතනා දූ..අනූපම ආදරේ කරේ ඔයාට.සයුරිට අකමැති නිසයි අනූපම අපිටත් නොකියා රට ගියේ...දැන්වත් මගේ පුතාව පිළිගන්න චේතනා.."
අනූපම සර්ගේ තාත්තා මගෙන් අයැදියා..වෙනදා වගේ ම අනූපම සර්ගේ ඇස් ආදරණියම පාටින් දිළිසුනා..මම හිතේ උතුරා යන සතුට නිසාම අනූපම සර් ලඟට ගිහින් දණ ගහලා වැන්දා...පෙර පිනකට වාගේ අනූපම සර් මගේ ලග ආදරේ අයැදියා.හිත පෙරුම් පුරාගත් සතුටකින් සැණකෙළියක් වෙද්දී අනූපම සර් එක්ක මං ආදරෙන් යා වුනා.
ලස්සන පින්බර දවසක උඩරට චාරිත්රානුකූලව අනූපම සර්ගේ නීත්යානුකූල පතිනිය වෙද්දී මට දැනුණේ ලෝකෙම මම ජයගත්තා කියලා.
ආයෙමත් ජීවිත කතාව ලියන්න පටන් ගත්තේ හැමෝගෙ ම ආශිර්වාදයෙන්.
පොල් රුප්පාවක් ,වෙරළක් ආසන්නයේ තිබුණු ලස්සන ම හෝටලයකට ගියේ ජීවිතේ අළුතින් ලියන්න හිතාගෙන.
"පින් මහත්තයෝ ...මගේ ආදරේ මට දුන්නට.ඔයාව මට අයිති නැ කියලා දැනුණම මට හුස්ම ගන්නත් අමතක වුනා.දැන් මේ මුළු පපුවම ආදරෙන් පිරිලා මගේ සර්.."
මම අනූපම සර්ගේ දෙපා මුල වැටිලා කිව්වම සර් හරි ආදරෙන් මාව නැගිට්ටවලා ඒ පපුවට තුරුල් කරගත්තා.
"මේ ආදරේ එදත්,අදත් ,හෙටත් ඔයාට ම විතරයි.."
සඳ පායා ඇති ලස්සන රාත්රියක අනූපම සර් ළගින් මම ඇළවුණේ ඒ පපුවට මගේ පපුවම බර කරගනිමින්.....අනන්ත ආදර අනුරාගී සිප ගැනීම් එක්ක ම අනූපම සර්ගේ ශක්තිමත් බාහුවෙන් මගේ උරපටි ගවුම ගැලවී ගියේ ගතින් ද මං අනූපම සර්ට ම ලියලා දෙමින්......
නිමි.
*ආදරේ කියන්නේ සුන්දත් අසුන්දරත් ,දුකත් සතුටත්,ලැබීමත් නොලැබීමත් අතර දෝලනය වෙන දෙයක්.සංසාරයේ පතාන ආපූ දෙන්නෙක් කවදා කොතැනකදී හෝ හමුවෙනවා.සමහරක් අය මඟදී වෙන් වෙනවා.ඒ දෛවය එයාලව මුණ ගැස්සුවා විතරයි.රැදෙන්න පිනක් එයාලට නැ.
*ආදරේ කරන දෙන්නෙක් වෙන් කරන්න එපා.ඒක ලොකු පවක්.ඒ වගේ ම අයිති නැති දෙයක් බලෙන් ලබා ගන්න බැ.ලබා ගත්තත් නැති වෙලා යනවා..
💖💖💖💖💖💖💖💖
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI