සිතක ඉපදුණු සිතක මියැදුණු 😔😔කදුලු කතාවයි මේ අපේ.......😔😔

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
😜😜ඒයි නැගිටපන්...
ඇයි බන් තව ටිකක් නිදාගන්න දියන්කො .
අනේ මේ නැගිටපන් යකෝ. දැන් කොච්චර දවල් වෙලාද 8ත් පහුවෙලා.
මොකක්??? එච්චර දවල් වෙනකන් මොකද යකෝ ඇහැරෙව්වෙ නැත්තෙ??
. අනේ මගෙන් මොකුත් අහගන්නෙ නැතුව ගිහින් ලෑස්ති වෙයන් ලමා නිවාසෙට යන්න....🤨🤨.
අම්මෝ..... ඒ තමයි දෙව්මි. මගෙ හොදම යාලුවා. ඇත්තටම කිව්වොත් මගෙ අක්ක කෙනෙක් වගේ. හරිම සැරයි. හැබැයි මට අක්ක කෙනෙක් වගේ සැලකුවේ. මගෙ හැමදේම බලාගත්තෙ එයා තමයි. ඔය යටිගිරියෙන් බෙරිහන් දෙන්නෙ ලමා නිවාසෙට යන්න. මොකද අපි දෙන්නගෙම ගෙදර තමයි ඒ.. ආ මම හිමංසි නතාලියා. වයස අවුරුදු 22 යි, පොඩි කාලෙ accident එකකින් අම්මයි තාත්තයි දෙන්නම නැතිවෙලා. ෆොටෝ වලින් දැක්කා. ඒත් එයාලා ගැන මට ලොකු මතකයක් නෑ ආච්චි තමයි මාව බලාගෙන තියෙන්නේ. ඉතිං එයත් අසනීප වෙලා නැතිවෙලා. ඊට පස්සෙ ගෙවල් ලග කෙනෙක් මාව මේ ලමා නිවාසෙට ගෙනැත් බාරදීලා ගිහින්. කොහොම උනත් අනිත් ලමයින්ට ලැබෙන්න ඕන හැමදේම මට ලැබුණෙ නෑ. ඒත් ලමා නිවාසෙ හිටපු අහිංසකම ලමයා මම උන නිසාද කොහෙද එහෙ හැමෝම මට ආදරෙයි. අපිව බලාගන්න හිටපු අය අතරින් එක්කෙනෙක් ඉන්නවා මාවයි දෙව්මිවයි හොදට බලාගත්ත, ඉතින් අද අපි යන්නෙ එයාව බලන්න. Campus එකේ exam නිසා මම ගොඩක් Busy වෙලා හිටියෙ. ඒයි හිමෝ....... හරිද බන්, යමු නිෂී... aunty ව බලනකම් ඉන්න බෑ බන්,,,
ඇයි උබට විතරක් මටත් එහෙමයි.
ඒක නෙවෙයි නංගි සහස් එනවද උඹේ
ඔව් එනවා ඇයි කිව්වේ මං
. ආ නංගි මෙන්න උඹේ ප්රේම කුමාරයාගෙන් ඇමතුමක්.
එසේ කියා phone එක මට දීලා දෙව්මි දොරවහන්න යන්න ගියා.
"ඉතිං good morning මගෙ හඩ්ඩියේ"
"මොකක් කිව්වේ ??
අනේ මේ බූරුවෝ මම දැනුත් නාල ඉන්නෙ😕😕
එහෙමද මාසෙකින් නේද
ඔව් ඔව් යනවා යන්න
ආ මේ සුදූ අද එනව නේද?
එහෙනම් මම කෙලින්ම ලමා නිවාසෙට එන්නම් පොඩි එවුන්ටත් මොනවාහරි දෙන්න එපැයි
ආ හරි අයියේ බුදුසරණයි
ummmmmmmmmaaaa mge manikh 😘😘😍
ha hri bn😂😂
ahuweyn kelle aaaa
hkzz ha kolloo
ඒ සහස් විජේවර්ධන. විජේවර්ධන company එකේ අනාගත හිමිකරු.
එතකොට මගෙ මුලු ජීවිතේම. අදට අපේ ආදරේට අවුරුදු තුනයි.
(අවුරුදු 3ට පෙර),,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
අම්මෝ මගෙ අහිංසකීගෙ ලස්සන
බෝඩිම හොදයි නේද
ඔව් නිෂී ඇන්ටි .එතන හොදයි.
ඔව් ඔව් ඉතින් නිෂි ඇන්ටි මේකි අහිංසකයි නේද අපි තමයි නරක...
දෙව්මි මට ඔරවමින් කිව්වා
අනේ නෑ කෙල්ල උබ ඉතිං කොහොමත් කටකාරිනේ
ඒ ඇන්ටි දන්න තරම තමයි මේකි ඔක්කොටම වැඩිය කටකාරයි හරියට බෙලෙක්කෙ හොලවනවා වගේ.
කාගෙන්ද නංගි පුරුදු වුනේ මගෙන් නෙමෙයිනෙ.....
කියමින් දෙව්මි දිවගියා
අනේ මගේ රත්තරං කෙල්ලේ උඹ ඒකි එක්ක ඉන්න එක ගැන මට ගොඩක් සතුටුයි
"ඒකී උඹේම අක්කා කෙනෙක් වගේ."
ඔව් ඇන්ටි ඔහොම කියෙව්වට දෙව්මි ගොඩක් හොදයි
" මම උබලව බලා ගත්තේ මගේම දරුවො වගේ මට සතුටුයි උබල හොදට ඉගෙන ගත්තු එක ගැන "
"excuse me miss nisshiii"
"ලමා නිවාසෙට තෑගි අරන් මුලු විජේවර්ධන family එකම ඇවිත්"
ඕහ් මට ඒක අමතක උනානෙ. හරි මම එන්නම්
මම ගිහින් එන්නම් නිදහසේ කතා කරමුකෝ ......
. wijewardhana family මම මීට පෙර එම company එක පිලිබඳව අසා තිබුණත් වැඩි යමක් දන්නේ නැත.
මම දෙව්මි හොයන්න garden එක දෙසට දුවද්දී මගේ පය පැකිලී ආව්.........
වැටෙන්නට යද්දී ශක්තිමත් දෑතකින් මා ග්රහණය උනා.
මොන සිහියෙන්ද තමුසෙ දුවන්නෙ
මේකෙ පොඩි ලමයි ඉන්නවා හැප්පුනානම් එහෙම..
පාර බලාගෙන යනවා
ඔහු එසේ බැන ගෙන ගියා..
මගේ වරද නිසා මම බිම බලාගෙන හිටියා
ඊට පස්සෙ ඔහු දිහා බලමින් sorry කිව්වා
අම්මෝ....
හරිම නපුරු පෙනුමක්
මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා.
සොරි???
අනේ මන්දා දැන් ඉන්න කෙල්ලො??
මෙලෝ සිහියකින් නෙමෙයි ඉන්නෙ
ඒසේ කියමින් ඔහු යන්න ගියා
මමත් ආපහු garden එක දෙසට යද්දී පොඩි එවුන් සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරනවා. එතකොට තමයි මම දැක්කෙ නිෂී ඇන්ටි බර කතාවක අර ෆැමිලි එකේ අය එක්ක
ඒ හිමෝ උඹ දැක්කද mr, wijewardhana ගෙ එකම පුතාව
නෑ බන් ඇයි??
ඌ මාර ලස්සනයි ලු බන්..
මමත් මේ ඌව තමයි හොයන්නෙ
මම ආපසු යන්න හැරෙත්ම මෙන්න අර ගල් මූසලයා මෙතන
මොනවා උනත් මෙයා නැත්තම් මම බිම තමයි
මම දිහා කන්න වගේ බලන් ඉදලා මේකා නිෂී ඇන්ටි ගාවට ගියා.
කට්ටිය බරටම කතාව ඒ එක්කම
හිමා කෙල්ලේ ටිකක් මෙහෙට එන්නකෝ>>.
නිෂී ඇන්ටිගේ කටහඩින් මම ගල් ගැහිලා ගියා.
යකෝ මූ මන් සිහියක් නැතුව දුවගෙන ආවා කියල කිව්වවත්ද.??
මම බයෙන් බයෙන් ඇන්ටි ලගට ගියා.
මෙන්න ඒ පාර මූ කියපි
බලන්නකෝ ඇන්ටි.. දැන් කාලෙ කෙල්ලො මෙලෝ සිහියකින් නෙමෙයිනෙ වැඩ කරන්නෙ කියල මූ මට ඇහැක් ගැහුවා
මම පුලුවන් උපරිමයෙන් රැව්වා අහිංසක කම යකාට ගියදෙන් කියල
. ආ මේ ඉන්නෙ හිමා ..
මේ සහස් විජේවර්ධන
මගෙ ඇස් දෙක උඩ ගියා යකෝ මේ කොල්ලද කියල
මෙන්න මේකා අතට අත දෙනවා ..
. ආඅ පුතේ මෙයා මට මගෙ දුවෙක් වගේ දැන්නම් colombo campus එකේ ඔහොම නිෂී ඇන්ටි මගේ ජාතකේම ඒ මිනිස්සුන්ට කිව්වා
කොහොමින් හරි සහසුයි මමයි හොද යාලුවෝ උනා
ඔහොම මාස ගානකින් අපි ආදරේ කරන්න පටන් ගත්තා
එයාගෙ තාත්තගෙ අකමැත්තක් තිබුනෙ නෑ අම්මට නම් මාව ආනත කෙල්ලෙක් කියල ප්රශ්නයක් උනා
"මොකද๬ බන් කතා නැත්තේ... '
'මොකද මැණික කල්පනා කරන්නෙ'
නෑ ඉතින් ඔයාගෙ අම්මා මට අකමැති උනොත් ඔයා මාව දාල යනවද??
'ඔව්නෙ sudu ,...'😝😝
මෙච්චර වෙලා හංගන් ඉදපු කදුල කඩා වැටෙන්න ගත්තා😟😟😭😭
යකෝ මේකි..?
මේ අහපන් නංගියේ... උබ තමයි දැන් මගෙ මුළු ජීවිතේම උබව දාලා කොහේ යන්නද බන්?
උබ මගෙනෙ ඉතිං.
එසේ කියමින් ඔහු මාව වැළද ගත්තා
"මොනවද බන් ඔච්චර කල්පනා කරන්නෙ'
දෙව්මිගේ හඬින් තමයි මම පියවි සිහියට ආවේ...
"හා හා හීන දැකපන් අපටත් දවසක් එයිනෙ" මේකි මට ඔච්චමට හිනා වෙනවා
අපි ලමා නිවාසෙට ගිහින් නිෂී ඇන්ටිට කතා කරල එන්න පිටත් වෙද්දි හවස 3 විතර උනා
ආ මේ හිමෝ එහෙනම් උබල දෙන්න වරෙල්ලා මට බුක්ෂොප් එකට යන්න තියෙනවා"
කියමින් දෙව්මි අප මගහැරගියේ සිතා මතා බව මම දනිමි
අයියේ..... ඕ කියපන් බන්
ice කමු hee
බෑ බෑ උබට ලෙඩක් උනොත් මම එපැයි..
. යනව යන්න තරහයි මන්😠😠🥺🥺
හිටපන් හිටපන් මම අරගෙන එන්නම්
කියමින් සහස් මාව පාරේ එක් පසෙක තබා පාර පැන ice වෑන් එකක් ලගට ගියා
ඔන්න ඉතිං මටත් විසේනේ
අයියේ...........................................
ඉන්න ඉන්න මම අරන් එන්නම්...
ඕවා නෙමෙයි chocolate එක මට ඕනේ
මේකද...???
අසමින් ඔහු බෙරිහන් දෙන්න උනා..
ice විකුණන එකාටද මල පැන ඇති හැටි මට පෙනුනා...
ඒත් එකපාරටම
හිමාෂා............ අනේ දෙවියනේ... මේ මොකද උනේ හිමන්ෂා...
නැගිටින්න
මට මතක තිබුණෙ අනෙක් පසින් ඇසුනු වාහන ශබ්දයක් පමණි සහස් මගෙ නම කියවමින් කෑ ගසන ශබ්දය මගෙ කන පුරාරැව් දෙන්න උනා අනේ ඩොක්ටර් මගේ කෙල්ලව බේරලා දෙන්න
ප්ලීස් plzzzz
ඩොක්ටර් අනේ....
මගෙ සහස් ...කාටවත් second නොවුණු සහස් අයියා... අද හැමෝම ලග වැදවැටෙනවා මගෙ ජීවිතේ ඉල්ලලා
" ඒයි නැගිටපන් උබට බෑ මේ සහස්ව දාලා යන්න.. උබ මාව දාල යන්නෑ කිව්ව.. නේද නැගිටපිය ..
ඇහෙනවද..
" අනේ රත්තරං මට සමා වෙන්න මට පින් නෑ මේ ආත්මෙ උබේ වෙලා ඉන්න ඒත් ඊලග ආත්මෙ මන් පොරොන්දු වෙනවා හිතුවක්කාර නොවී ඉන්න මන් නැතුව උබට පාලු දැනෙයි එහෙම කියල විඳවන්න එපා ජීවිතේ ඉස්සරහටම යන්න. ලංකාවෙ හොදම company එකත් ඔයාගෙ ඒක කරගෙන යන්න.. මට යන්න වෙනවා ආදරෙයි වස්තූ හැමදාම...................
..........
සිතක ඉපදුණු
සිතක මියැදුණු
😔😔කදුලු කතාවයි මේ අපේ.......😔😔
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI