((((කෙටි කතාවක්))))
මනුල උඹ කොහෙද වස්සෝ ඉන්නේ??බලපන් මං දැන් කීයේ ඉඳන් උඹ එනකන් මෙතන කට්ට කනවද
සහනා මේ මම ළඟ,සුටුස් ගාද්දී මම ඔතන.
මනුල වික්‍රමරත්න,පෞද්ගලික ආයතනයක පරිඝණක ඉංජිනේරු වරයෙක්.හිනා වෙද්දි හීනි වෙන ඇස් දිගැටි මුහුණ ඔහුට රැගෙන ආවේ දඟකාර කඩවසම් පෙනුමක්,
ආ මල්ලී කෙල්ල එනකන්ද මේ පාර අයිනට වෙලා.මනුල සහන්ව තවත් තරහගස්සවන්නයි මේ විදියට ඇහුවෙත්...
මනුල තෝ පාර මැද්දෙ තියලා මරන්නේ දැනගනින්.බුරැවා.. මු පරක්කු වෙලා ඇවිත් දැන් මගුලක් කතා කරනවා.
සහන් එහෙමම ඇවිත් බයික් එක්කට නැග්ගා.
කොච්චර රණ්ඩු කරත් බැන ගත්තත් මනුලයි සහනුයි සහෝදරයෝ වගේ.හැම දේකදිම මනුලට උදව් කරන්නේ සහන්.
මචං සහනා බොසා කිව්වා අර අනිත් කම්පැනියේ තියන කම්පියුටර්ස් ටික චෙක් කරන්න කියලා.ගිහින් බලල එමු මොනව හරි බඩට දා ගෙන.
මනුලත් සහනුත් බයික් එකේ නැගලා යන්න පිටත් වුනා,බයික් එක ගේට්ටුවෙන් එලියට දාද්දිම වුනේ නොහිතපු දෙයක්.
දඩාස්....
මනුලගේ බයික් එකේ වැදිලා බිම වැටුනේ තරැණියක්.මනුලයා මොකද්ද බං ඒ කරේ බලපන් අර කෙල්ල තාම යහතින්ද කියලා,
මනුලට ඒත් එක්කම බයික් එක කෙලින් කරලා ඉක්මනට ගියේ අර තරැණිය ළඟ ට,
අනේ සොරි ඔයාට කරදරයක් නෑ නේද?එහෙම අසමින් ඇයව නැගිට්ටවනකොටයි ඇයගේ අතින් ලේ ගලන තුවාලය මනුල දැක්කේ.
"දෙයියනේ ඔයාට තුවාල වෙලා නේද.අනේ නංගි අපි ඕකට බෙහෙත් දා ගමු.ෂික් මට තව පොඩ්ඩක් බලලා දාන්න තිබ්බේ"මේ විදියට මනුල නවත්තන්නේ නැතිව එකදිගටම කියවන් ගියා.ඒත් ඇය හෙමින් සීරැවේ නැගිටලා වැටුනු පොත් ටික අහුලා ගත්තේ මේ වෙද්දිත් හොඳටම පරක්කු වෙලා තියන පංතියට යන්න.ඇය කිසිවක්ම නොකියා අතට ලේන්සුවත් තියා ගෙන එතනින් යන්න හැරැනා.
මාර කෙල්ලෙක් නේ,මනුල පුදුම උන ඇස් දෙකෙන් ඇය යනකන්ම ඇය දෙස බලන් හිටියා.ඒ මොකද්ද බන් ඒ වුනේ,හැප්පුන විදියට නම් වෙන කෙනෙක් මේ වෙද්දි
උඹව පොලිසිය ටත් අරන් ගිහින් විනයක් නොමැතිව ගොන් විදියට රිය පැදවීමට උඹට නඩුත් දායි.සහනුත් එසේ
කියමින් මනුල ළඟ ට ආවේ
පුදුමෙන්....
මනුල කොච්චර අමතක කරන්න හැදුවත් අද වුන සිදුවීම ඔහුට අමතක කරන්නම බැරි වුනා.ඇයගේ අහින්සක මූණ,කිසිත් නොකියා ඇය ආපහු ගිය හැටි මනුලට මැවිලා පේන්න ගත්තා.
ෂික් මං වගේ හරකෙක්.අච්චර දෙයක් වෙලා තියෙද්දිත් මං ඒ ළමයට යන්න දුන්නනේ.මට තිබ්බේ බලෙන් හරි බෙහෙත් දාන්න අරන්
යන්න.කොහෙද ඉතින් මටත් ඉන්නේ බුරැ යාළුවෙක් නේ.ඌටවත් තිබ්බ නේ ඒක මට කියන්න.
සතියක් දෙකක් ගත වුනත් මනුලගේ මතකයෙන් ඇයව ඈත් වුනේ නෑ.ඒ හැඟීම මොකද්ද කියලා මනුලට තේරැනේ නැතත් ඇයව නැවත දැක ගැනීමේ ආශාවක් හිතේ පැල පදියම් වෙන්න ගත්තා.
සහන්ව ගන්න බස් හෝල්ට් එකට මනුල ආවේ වෙනදට වඩා වේලාසනින්.මනුල සහන් එනකන් බයික්
එක නවත්වා හෙල්මට් එක ගලවලා අතින් කොණ්ඩේ හැදුවේ බයික් එකේ සයිඩ් කණ්ණාඩිය දිහා බලන්.එතකොටයි මනුල දැකලා හුරැ රැවක් කණ්ණාඩියෙන් දැක්කේ,ඔව් ඒ ඇය.මනුලට ඇති වුනේ කියාගන්න බැරි සතුටක්.ඔහු බයික් එකෙන් බැහැලා ඇය ළඟට ගියේ වචනයක් හරි කතා කරන්න හිතලා,
"එක්ස්කියුස්මී නංගි,ඔයාට මතකද මාව"ඇය ගැස්සිලා මනුල දෙසට හැරැනා.ඇය මද සිනහවකින් මුව සරසා ගත්තේ ඔහුව මතකෙන් කියලා මනුලට දැනුනා.නමුත් ඇයගෙන් උත්තරයක් නම් මනුලට ලැබුනේ නෑ.මනුල දාහක් සිතුවිලි අතරේ තනිවෙද්දි ඇය හෝල්ට් එකට ආව බස් එකේ නැගලා යන්න ගියා.
මනුල හැමදාමත් ඒ වේලාවට ඒ හෝල්ට් එකට එන්න ගත්තා.ඒත් මනුල ඇය දිහා බලන් හිටියේ ඇයට නොපෙනෙන දුරකින් ඉදන්.මනුලට ඕන උනා මේ වෙනස් තරැණිය ගැන විස්තර හොයා ගන්න.ඔය අතරතුර තමයි මනුල ඇය එක්ක යන ඇයගේ යෙහෙලියව දිනක් දැක්කේ,මනුලට ඕන වුනා එම යෙහෙලියගෙන් ඇය ගැන තොරතුරැ දැන ගන්න.
මනුල ඇය ළගට ගහින් බයික් එක නැවැත්තුවේ මොනවා හරි තොරතුරක් දැන ගන්නයි.
"නංගි මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද?
"ඔව් අයියේ කියන්න"
"නංගි අර
ඔයත් එක්ක යන යාළුවා ගැන මට දැන ගන්න ඕන,හුගක් කල් තිස්සේ මම එයා ගැන හොයන්නේ,එයා මාව දන්නවා ඒත් මං එක්ක වචනයක්වත් කතා කරන්නේ නෑ නේ"
"අයියා අහනවා ඇත්තේ අහිංසා ගැන"එයාට කතා කරන්න බෑ උපතින්ම ගොළුයි අයියේ.
මනුලට කියා ගන්න බැරි දුකක් දැනෙද්දී ඔහුට මැවිලා පෙනුනේ ඇයගේ අහිංසක හිනාවයි,නම වගේමයි එයත්.මනුල එසේ සිතමින් එම යෙහෙලියට ස්තුති කර එතනින් පිටත් වුනා.
මනුල මේ හැමදෙයක්ම සහන්ටත් කිව්වේ තමුන්ගේ සහෝදරයාටත් යහළුවා ටත් ඉන්න එකම කෙනා ඔහු නිසා.
"මනුල මට කියපන් උඹ ඒ කෙල්ලට ආදරේ කරනවද කියලා.සහන් බැරෑරුම් විදියටයි මනුලගෙන් ඒ දේ ඇහුවේ.
"මට උඹට හන්ගන්න දෙයක් නෑ සහන්,මම ඇත්තටම අහිංසා ට ආදරෙයි,ඒ අහින්සක කමට ඒ චාම්කමට මම හරි ලෝබයි සහනා,මට පුළුවන් එයාව බලා ගන්න.මට උදව් කරපන්"
සහන් මනුලගේ පිටට තට්ටු කරමින්,
උඹේ ඕනම දේකට මම ඉන්නවා,මම දන්නවා උඹ ඒ කෙල්ලට වැරැද්දක් කරන්නේ නෑ කියලා.මම අහිංසාගේ ගෙදර හොයාගන්නම්.අපි කෙලින්ම ගෙදරට ගිහින් ඒ අම්මලා තාත්තලාගෙන් අහමු.මොකද උඹ වගේ කොල්ලෙක්ට දුව දෙන්න අකමැති වෙන්නේ නෑ එයාලා.
මනුල එදා දවසම ගත කරේ හරිම සතුටින්.ඉස්ඉස්සේලාම මනුලට දැනුන කුළුදුල් ආදරේ මේ.පපුව අමුතුම හැඟීමකින් වෙලී යද්දී මනුල නොඉවසිල්ලෙන් ගත කරේ පසුදා පහන් වනතුරැ,
මනුල උදේ ගැස්සිලා ඇහැරැනේ එක දිගටම ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත නිසා.නිදිමතේම ඔහු ෆෝන් එක කන මත තියාගද්දි එහා පැත්තෙන් මනුලට ඇහුනේ සහන්ගේ කලබල වුනු කටහඬයි.
"මනුල ඉක්මනට ලෑස්තිවෙලා මගට වරෙන්"
සහන් ගෙන් මනුලට ඇහුනේ ඒ වචන ටික විතරයි.
මනුල ඉක්මනට ලෑස්තිවෙලා බයික් එකත් අරන් ගියේ සහන්ව හොයාගන්න.ටික දුරක් යද්දිම සහන් මනුලට හමුවුනා.මට බයික් එක දීලා උඹ පස්සට පලයන් කිව්ව සහන් කිසිවක් නොකියා බයික් එකත් ධාවනය කරගෙන වේගෙන් ගමන් කරා.වෙන්නේ මොකද්ද කියලා මනුලට හිතා ගන්න බැරැවම නිහැඩියාව සමග මනුලත් ගමන් කරා.ඒත් එක්කම සහන් මහ පාරෙන් ඇතුල් පාරකට බයික් එක දැම්මා.මුළු පාරේම සුදු කොඩි දාලා තිබුනත් මනුල මේ කොහෙද යන්නේ කියලවත් දැනන් හිටියේ නෑ.ඒත්එක්කමයි සහන් නිවසක් ලගින් බයික් එක නතර කරේ,බයික් එකෙන් බැස්ස සහන් මනුලගේ අත හයියෙන් මිරිකමින් කිව්වේ
"මොන දේ උනත් මම උඹට ඉන්නවා හිත හයිය කරගනින් කියලා"
කිසිවක් සිතා ගත නොහැකි මනුලගේ සිතට යම් කිසි අමුත්තක් දැනෙද්දීම ඔහු ඒ නිවස ඇතුලට ගියේ ගැහෙන දෙපා වලින්.
මුලින්ම දකිද්දී මුනේ තිබ්බ ඒ අහිංසක කමත් ඒවිදියටම තියෙද්දි සුදු වතින් සරසා තිබුනු ඇයගේ සිරැර මනුලට දකින්න ලැබුනා.වචනයක්වත් කතා කරගන්න මනුලට බැරි උනා.
ඔහුට මුළු ලෝකෙම අදුරැ වෙනවා දැනුනා.
"පව් අහින්සක දරැවා,මේ වගේ කාලකණ්ණි මිනිස්සුන්ව එල්ලලා මරන්න ඕන.
මේ විදියට කතා ඇහෙද්දි මනුල ගැහෙන අතින් අන්තිම පාරට ඒ සුදුමැලි මුණ අතගාන්නට වුනා.
"අයියේ අහිංසා ඔයාට හිතින් ගොඩක් ආදරේ කරා.ඒත් ඔයාට කියන්න පුළුවන් කමක් එයාට තිබ්බේ නෑ.ඔයා එන හැම දවසකම අහිංසා ඔයාව දැකලා තිබ්බා.එයා මාව හම්බුන ගමන් හරි සතුටෙන් ඔයාව දැක්කා කියලා අතින් කියලා පෙන්නුවා.ඇයි අයියේ මෙහෙම දෙයක් වුනේ..
තමන්ගේ ආදරේවත් කියාගන්න බැරි වුන දුක මනුලව අසරණ කරද්දි මනුල හිස බදාගෙන ඇයගේ දේහය අසල වැටුනා.පෙරැම් පුරලා හිතට දැනුනු ආදරේ මේ විදයට දකින්න වෙයි කියලා මනුල කවදාවත් හිතුවේ නෑ.
මනුලව නැවත යතා තත්වයට ගන්න කිසිවකට නොහැකි වුනා.ඔහු මානසික රෝගියෙක් බවට පත් වුනා.එමෙන්ම පොලීසියද අහිංසා ගේ මිනීමැරුම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් පැවතුනා.ඒ අතරතුර අහිංසාගේ දේහය වළදමන අවස්ථාවේදී ඇයගේ පියා ඇය ගැන කියවමින් ඇයගේ ශරීරය ගැන කියවමින් හැඩීම පිළබඳව අහිංසාගේ මවට ඇති වු සැකය කරණකොටගෙන අහිංසා ගේ පියාගෙන් පොලීසිය ප්රශ්න කරන විට,ඇය අහිංසා විකෘති ලෙස දුෂණය කල ආකාරයත් ඇයගේ ගෙල තදවීමෙන් ඇයව මරණයට පත් වුන ආකාරයත් පාපොච්චාරණය කරන ලදී.
පසුව ඔහු පිළබඳව පරීක්ෂණ කරද්දි සහ බිරිඳ ගෙන් ප්රශ්න කිරීමේදී ඔහු විකෘති මානසික ආශාවන් ඇති පුද්ගලයෙක් බවත් තහවුරු විය.
මේ ආකාරයෙන් එක්
මිනිසෙකුගේ විකෘති ආශාවන් ජීවිත දෙකක ඉරණම තීරණය කරේය.
නිමි.

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.