ගනිකාවක් නොවෙයි.මං පතිනියයි මං

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


💞#වෛශ්‍යාවකි_නමුදු_නොයිදුල්💞

"ආ මේකි තාම අලුත්,මරු ඇග ඔයා එක්කන් යන්න මහත්තයො"

කොනකට වෙලා ගුලි ගැහිලා හිටපු මාව මහත්තයෙකුට  පෙන්නලා අපේ මඩමේ ලොකු මැඩම් එහෙමයි කිව්වේ..

අනාත මඩමක් නෙමෙ,ගනිකා මඩමක් කෙල්ලන්ගේ ඇගවල් විකුනලා අද තිබිලා හෙට නැති වෙන සල්ලි කොල හොයන තැනක්..

කොලොම්පුරේට ආවේ රස්සාවක් හොයාගන්න උනත් අන්‍තිමට උනේ ගනිකා මඩමට බිලි වෙන්න

"නාඩා ඉදින් කෙල්ලේ දැන් ඉතින් ගැලවිමක් නෑ"

අද හෙටම නැති වෙන්න තිබෙන මගේ පතිවත ගැන හිතමින් අඩ අඩ ඉද්දි මන් ලගට ඇවිත් මගේ ඔලුව අත ගාලා මඩමේ හිටපු අක්කා කෙනෙක් එහෙමයි කීවේ..

මන් විතරක්ම නෙමෙ කොලොම්පුරේට ආව තවත් මන් වගේම කෙල්ලො නිස්කාරනේ බිලි වෙලා අද ඒ ජරා ගද ගහන රැකියාව මත්තෙම නැහෙන හැටි දැක්කාම මගේ කදුලු අතුරුදහන් උනේ

"උබටත් ඔය කලම තමා ඉස්සරහට "

කියලා මගේ හිත මුමුනද්දි....අවුරුදු විසි එකක් උනාට අවුරුදු පහලොවක විතර පෙනුමක් තිබ්බ මට අවුරුදු දහයක පොඩි එකෙක් එක්ක ගහගන්නවත් ඇගේ හයියක් නැති කොට මේ මහත්තයා සමග පොර බදන්නේ කොහොමද කියලා හිතමින්ම ඒ මහත්තයා සමග කාමරේට ගියේ වැටෙන්න ඕන අන්තෙමට වැටිලා ගොඩ එන්න බැරි බව දන්න නිසාමයි..

සුදු ලස්සන මහත්තයෙක්,ඇදන් හිටියේ කෝට් කිට් එකක්...අහන්න හිතුනා මට

 "උබට අක්කලා නන්ගිලා නැද්ද කියලා "

වහගත්තා කට ඒ සැනින්ම ලොකු මිනිස්සු එක්ක හැප්පෙන්න ගියොත් පොඩි මේ අපිවම තැලෙන බව දන්න නිසා..

පෙරලගත්තා ඔහු මාව දේවදාර විශාල ඇදක..බර උනා තොල් වලට ඔහු මන් හිතන්නත් කලින්

කෑ ගහලා අඩන්න හිතුනත්,අතාරින්න බුදු මහත්තයො කියලා...කොහෙන්ද ඒකටත් ඉඩක් ඒ වෙනකොටත් ඔහු මාව නිරුවත් කරලා හමාරයි

සුසුම් වැල් පොදි රහසේ වා තලයට මුසු වෙද්දි සිරුර වේදනාවෙන් දැවෙද්දි ඔහු මගේ සිරුර උඩ දැගලුවේ පනුවෙක් ගානට...

පිට කරගන්න බැරි තරහව, දුක ඔහුගේ පිටේ මගේ නියපොතු පහර වල් වලින් සිතුවම් කරේ තිරිසනෙක් ගානට ඔහු මගේ සියලුම යුශය  උරා බොද්දි

නැති වෙන්න දෙයක් නොමැති තැන වහල දෙස බලාගෙන උලු ගනන් කරේ මින් මතුවටත් මට හිමි රාජකාරිය එය බව දන්න නිසා..

"පැය දෙක ඉවරයි මහත්තයො,ඊලග කස්ටමර් බලන් ඉන්නවා ඉක්මනට එලියට එන්න "

ලොකු මැඩම්ගේ කටහඩ කාමරේ දොර ගාවින් ඇහෙද්දියි ඔහුගේ පනු ගාය නැවතුනේ...

සිරුරෙන් ඈත් උනා මගෙ, ඇදගත්තා ආයේමත් මහත්තයෙකු විලස....

ඔව් දැන් ඔහු මහත්තයෙක්,කෝට් කිට් එකකින් ආයේත් හැඩ වෙලා විලාසිතාවකට අනුව කොන්ඩේ කපලා නිරුවත්ව හිටිය ඔහු ආයේම ඇදුමින් විලි වසාගත්   ඔහු දැන්  මහත්තයෙක්...

නිරුවත්ව ඇදක් උඩ ඔහුගෙන් කෙලෙසුන  මන් දැන් වෛශ්‍යාවක්..

රෙදි කෑල්ලකින්වත් ආවරනය නොවුනු මගේ සිරුර දිහා තාමත් ඔහු බලන් හිටියත් නෑ තවත් මට ලැජ්ජ බයක් නම්..

"එනවා යන්න "

මහත්තයා කීවා එක පාරම එහෙම, අහන්නත් කලින් ඇයි කියා,ඔහුගෙ අතින් ගැලවුනු වත ඔහුම අන්දවා ඇදන් ගියා මාව එලියට..

හොර මාර්ගෙකින් පැන ගත්තු අපි දෙදෙන අන්තිමට නැවතුනේ රෙජිස්ට්‍රාර් ඔෆිස් එකේ..

බැලුනා එක වරම ඔහුගේ මුහුන...ලාවට ඇදුනු ලස්සන හිනාවක්,ඇස් වලින් නොකියා කීවා රහසක්...නෑ මට නම් වැටහුනේ ඔහුගේ ඒ බාසාව.....

නිත්‍යානුකූලව ඔහු ලියාගත්තා මාව...

ඔව් මන් දැන් පතිනියයි ඔහුගේ..තාමත් කිසි දෙයක් වටහාගන්න බැරුව ඉද්දි ඔහු එක්කන් ගියා මාව ඔහුගේ නිවසට...

දැකලා නෑ මීට පෙර මහල් හතරක ගෙයක්.ලස්සනයි, පියකරුයි කියලා හිතුනා මට ඒ නිවස දැක්ක විගසම...

අප දෙදෙන යද්දිම ඇස් විසල් කරගෙන ඔහුගේ මව පියා කියන්න පුලුවන්  මහලු දෙදෙනෙක් අප දෙසට ආවා

"අම්මා ඇවිත් විස්තරේ කියන්නම්"

එච්චරයි ඔහු කීවේ එක්කන් ගියා මාව ඔහුගේ කාමරයට...

ඇස් විසල් උනා මගේ..පුදුම ලස්සන කාමරයක්,තැනින් තැන ඔහුගේ පොටො එල්ලා තිබුනු බිත්තිය දෙස මන් ඇස් යොමු කරේ ඕන කමින්මයි..

ඒ විගසමයි මන් ඔහු දෙස බැලුවේ..උඩු හිසකේ ඉදන් කකුල දක්වා බැලුවා විමසිල්ලෙන්..

ලස්සනයි ඇත්තටම කඩවසම් තරුනයෙක්..පලවෙනි වතාවට මගේ හිත වර්ණනා කරා පිරිමි රුවක්..පුදුමයි මට මේ මන්මද කියාත් හිතුනා..

ගෙවුනා මාස දෙකක්ම, ඔහුගේ දෙමව්පියනුත් මාව පිලිගත්තා ඒ ටික කාලෙට ලේලියයි කියා මේ විසල් නිවසේ..

නෑ තවමත් මගේ පිලිතුරට ඔහු උත්තර දුන්නේ..ඇහුවා හැමදාම නිදි යහනට යද්දි මා එය...නිහඩයි ඔහු තවමත්

ගෙවිලා ගියා තවත් මාසයක්..ඒක දවසක් වමනෙ කරා මන් යහනේ ඔහු සමග වැතිරි සිටිද්දිම..

ඔහුගේ සිරුර පුරාම වමනේ වැගිරි තිබුනත් නෑ වචනෙකින්වත් බැන්නේ

"ඔහොම්ම ඇල වෙලා ඉන්න සුදු ඩොක්ටර් ඉක්මනට එයි"

එපමනයි ඔහු කීවෙ..හෙල්ලුනේ නෑ ඔහු මගේ ලගින් වෛද්‍යවරයා පැමිනෙනකම්

"කන්ග්‍රැජුලේසන්ස් මිස්ටර් අරුන ඔයා තාත්තා කෙනෙක්"

එම පුවත ඔහුගේ කනට වැටුනු ගාන්ම ඉදගත්තා ඔහු මන් ලගින්ම..

"ආදරෙයි සුදු මැනික මන් දැන් තාත්තා කෙනෙක් දැනෙන සතුට කියාගන්න බෑ.."

ඇස් වලින් කදුලු බේරමින් කිව්වා ඔහු එහෙම ගොත ගගහා..

නැ  මට නම් වගේ වගක්වත් තිබ්බේ මවක් කියලා..ඇහුවා ඔහුගෙන් එදත් සුපුරුදු ප්‍රස්නේ ඇයි මාව ඔහුගේ පතිනිය කරගත්තේ කියා..

------------*

සතුට නිම්හිම් නැතිව ගොස් ප්‍රතම වරට ආදරෙයි මගේ මහත්තයො කියලා ලේ කැටියා ඉන්න මගේ කුසත් අල්ලන් තුරුල් උනා ඔහුට...ඔයා හැමදාමත් ගනිකා මඩම් වලට යනවද  මහත්තයො කියලා අහන්න ඕන වෙලා තිබ්බත්,පරන කුනු වැලලිලාම තිබ්බදෙන් කියලා මගේ යටි හිත කිව්වා

හැමදාමත් ශාප කරපු මගේ දෛවයට මන් එදා ස්තූති කරා...

හැමදේම වෙන්නේ හොදට කියලා කලකට ඉහතදි මියගිය මගේ දෙමාපියන් කීවට නෑ මන් අද වෙනතුරු එය විශ්වාස කරේ...

ඔව් හැමදේම වෙන්නේ හොදට...අසුභ දෙයක් විම සුභ දෙයක පෙර නිමිත්තක්..අත් දැක්කා එය මගේ ජිවිතෙන්ම..

ඔහුගේ ඒ සුසුමට පවා ලෝභ වෙමින් ඔහුගේ පපු මත්තෙම මන් ගුලි වුනේ අනාගතය ගැන බලාපොරොත්තු ගොන්නක් ගොඩ ගැහුවේ #නොයිදුල්_වෛශ්‍යාවක් උනු මාව පතිනිය කරගත්තු මගේ මහත්තයාව මතු උපදින හැම භවේකම පැතුවෙ ඔහුගේ වචන කන තුල වියැකි යන්නට නොදි දෝංකාර දෙද්දියි...

"උබව දැක්ක වෙලේම මේ හිත ගැස්සුනා සුදු නෝනේ..එදා මන් එන්න යද්දි දැක්කා ඒ රෙද්දේ උබේ පිරිසිදුකමේ පැල්ලම තියෙනවා ඉතින් උබ කොහොමද ගනිකාවක් වෙන්නේ,උබ මගේ අතිනුයි සුදු නෝනේ ඉදුල් උනේ මන් ඉදුල් කරෙ මට මන් ගැනම ලැජ්ජ හිතුනා සුදු නෝනේ..ඒකයි මන් උබව එක්කන් ආවේ,ගනිකා මඩමක හිටියාට උබ ගනිකාවක් නෙමෙ සුදු නෝනේ,උබ පිරිසිදු කෙල්ලෙක්.."

💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
නිමි.

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI