එහෙම කොහොමද පිනිදී..මන් මෙච්චර කල් හොදින් කිව්වා තමුසෙට...තමුසෙව මන් බලෙන් හරි බදිනවා..ඒක මතක තියාගන්නවා...කොල්ලා තර්ජනය කරලා ගියා...

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
🐎🐎 පෝනි කෙල්ල 🐎🐎

තාත්තී අදත් අපි දෙන්නා පෝනියො පදිමුකෝ

අනේ චූටික්කියෝ අද තාත්තිට අද tea street යන්න වෙලා අද සැලරි දෙන දවසනේ..විල්සන් අන්කල් එක්ක යන්නකො..😘😘

කෙල්ල මූන ඇඹුල් කරන් ඔලුව වැනුවා ..කෙල්ලගෙ නලලත් සිප ගෙන තාත්තා ජිප් එකේ නැගලා යන්න ගියා...

තාත්තිගෙයි අම්මිගෙයි සුරතලී තමයි මෙන්න මේ දග මල්ල ... පිනිදි අශ්ලේශා... ව්යාපාර කිහිපයකටම හිමිකම් කියන මනුක රණබාහුගේ එකම දියණිය..කෙල්ලගෙ අයියා තමයි දෙව්මිණ සුවහස් රණබාහු...

කෙල්ලගෙ ආසම දේ තමයි උදේටයි හවසටයි පෝනි පිටේ රවුමක් දාන එක..අනිත් දවස්වල තාත්ති එක්ක යන කෙල්ල අද පෝනි අන්කල් එක්ක යන්න ලැහැස්තිය..

වොශ් එකක් දාගෙන ඇවිත් කෙල්ල ටවල් එක පිටින්ම කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ක්රීම් ගගා හිටියා..

අද අර ශෝර්ට අදින්න ඕනෙ.එක පාරයිනෙ ඇන්දෙත්..🤔🤔🤔🤔

කෙල්ල ගත්තෙ දනහිසටත් උඩට වෙන්න තියෙන කලු පාට ශෝටයි ලා රෝස පාට සැහැල්ලු බ්ලව්ස් එකයි.. ලොකූ මලක් තියෙන හැට් එකකුත් දාගෙන සපත්තු දෙකත් දාන් කෙල්ල ගියා පෝනියො ලගට

චුක්කී අද තාත්ති නෑ අනේ. අන්කල් එක්ක තමයි යන්න වෙන්නෙ ..
කෙල්ල එහෙම කියලා පෝනියගෙ ඔලුව සිනිදු අතින් අත ගෑවා.කෙල්ල හරි ආදරෙයි පෝනින්ට...

අන්කල් යමුද මන් රෙඩී

යන් බේබි..

කෙල්ල පෝනියගෙ පිටේ නැගන් යන්න ගියා.වින්සනුත් පෝනියෙක් පිටේ ඒ එක්ක ගියා..

අන්කල් ඔයා මෙහෙම ඉන්න මන් වැව ලගට ගිහින් එන්නම්

හා බේබි හැබැයි පරිස්සමින් ..

කෙල්ල වැව වටේට පෝනියා පිටේ ගියා....

🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎

මචන් අර බලපන්කෝ...විසල් ඇගිල්ල දිගු කරලා තමන්ගෙ පෙන්නුවෙ තමන්ගෙ බොක්කෙ ෆිට් එක උන විදස්ට

කොල්ලා හැරිලා බලද්දි දැක්කෙ පෝනියගෙ පිටේ යන ලස්සන පිනිදිව...කලිසම් කොටේකුත් ගහන් පොඩි එකෙක් වගේ පෝනියව අත ගගා යන කෙල්ලව

අඩෝ උබේ කට වහගනින්.නැත්තන් බ්රේක් නැති මැස්සො රින්ගයි

අනේ පලයන් විසලා යන්න.උබට ඉතින් ජෙලනෙ මන් කා දිහා හරි බලද්දි

අනේ මේ මේ මට වෙන වැඩක් නෑනෙ තිට ජෙල කර කර ඉන්න.මට පේන්නෙ මල්ලිට හිත ගිහින් වගේ පෝනි කෙල්ලට..

කොල්ලා මුකුත් නොකියා කෙල්ල දිහාම බලන් හිටියා.මේ මුකුත් නොදන්න කෙල්ල වින්සන් එක්ක යන්න ගියා..

🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳

ගෙදර ගිය ගමන් පීනු වොශ් දාන් ගවුමක් දාන් පහලට ආවා

අම්මා අයියයි තාත්තයි තාම නෑනෙ.කෙල්ල ඔරලෝසුව දිහා බලලා කිව්වෙ වෙනදා එන වෙලාවත් පහු වෙලා නිසයි

අද හදිසි මීටින් එකක් වැටිලා චූටික්කි ඒකයි.මන් කෝල් කලා ත්ව පොඩ්ඩෙන් එයි..

හුම්..කෙල්ල ගාඩ්න් එකට ගිහින් එල්ලෙන ඔන්චිල්ලාවෙ චුට්ටක් හාන්සි උනා...ටිකකින් ලොකු ගේට්ටුවෙන් ජිප් එක ඇතුලු උනා.කෙල්ල පොඩි එකෙක් වගේ දුවගෙන ගියා...කෙල්ලට දැන් 22ක්..ඒත් හුරතල් වැඩී

අයියා බබී මට මොනාද ගෙනාවෙ...කෙල්ල ඇහුවෙ කොල්ලගෙ අතින් එල්ලිලා

අපෝ පෙරේති මොනාහරි ගිලින්න කට හදන්මයි ඉන්නෙ.අපේ අම්මිගෙයි තාත්තිගෙයිනම් වෙන්න බෑ චූටික්කි ඔයා..
කොල්ලා කිව්වෙ හයියෙන් හිනා වෙලා රණබාහු දිහා බලන ගමන් 😂😂😂

අනේ තාත්ති බබීට කියන්නකො.කුනු ලෝබයා

ආ ගන්නවා මේ අයිස් එක ...

වාව් උම්මා ටන්කුයි ..කෙල්ල උස්සන් දිව්වා..

පවුලක තියෙන්න ඕන සහයෝගය ආදරය නොදඩුව මේ පවුලේ තිබ්බා....එක්කෙනාට එක්කෙනා නැතුව බෑ...

පහුවෙනිදා උදේම කෙල්ල ඇහැරිලා දුහුල් නයිට් ඩ්‍රස් එක පිටින්ම පඩිපෙල බැහැ බැහැ කෙල්ල ආවා...

කෙල්ල උඩ ගියෙ පහල දොර ලග ඉදන් බලන් ඉන්න එකාව දැක්කාම..
ඔව් ඒ මනුරන්ග.කෙල්ලගෙ මස්සිනා..ගිලින්න වගේ බලන් ඉන්න කැත විතරක්.මටනම් පේන්න බෑ ගෝතයව..කෙල්ල හිතින් බැන බැන තව පඩියක් බහිද්දි දැක්කෙ අයියා බබී පහල ඉදන් කේන්තියෙන් පුපුරනවා

මොකද මගෙ අයියා පනට උදේම ඩෝන් ගිහින්..හප්පට ඇදුම නිසානෙ දැන්නෙ මතක් උනේ..කෙල්ල ආපිට හැරිලා දිව්වා කාබරේට..කෙල්ල මනුරන්ග ගියාට පස්සෙ තමයි පහලට ආවෙ ඇදුමක් දාන්

චූටික්කි මෙහෙ එනවා....අදනම් පිනිදියෝ උබ ඉවරයි...

ඇයි බබී
ඇයි තමයි.තමුසෙට මන් කී පාරක් කිව්වද ඔහොම පහලට එන්න එපා කියලා.බලනවා ඔක්කොම එලියෙ.මෙහෙට එක එකා නිතරම එනවා..කොල්ලා සැරෙන් උනත් කිව්වෙ ඇත්ත..කොල්ලා පිනිදිට ඒ තරම් ආදරෙයි.පන උනත් දෙයි

කෙල්ලගෙ අකීකරු කදුලු කම්බුල් දෙකේ ගලාගෙන යද්දි අයියා ලගට ඇදලා අරන් ඔලුව අත ගෑවා..කෙල්ල දන්නවා අයියා ආදරේ බව..

හා හා දෙන්නා හුරතල් උනා ඇති එන්න කෑම කන්න..
කට්ටියම කෑවා...කුමරි රෑට මනුරන්ග පුතාලා එනවා කිව්වා වැදගත් දෙයක් කතා කරගන්න..එයාලට එක්ක කෑම ටිකක් හදන්න..රණබාහු එහෙම කියලා ගියා...

අම්මා දවල්ට මගෙ යාලුවො දෙන්නෙක් එනවා මෙහෙ.කෑම ටිකක් හදනවද

ඕක මොකක්ද පුතා ඒත් ඒ කවුද

අම්මා මන් ඩිග්‍රි එක කරද්දි සෙට් උනේ විසලුයි තිවන්කයි මතකද
ඔව් ඔව්

අන්න උන් දෙන්නා එනවා..තිවන්කයා ජපන් ගිහින් පෙරේදා ආවෙ..ඒකයි

හරි පුතා..කෙල්ල කාබරේට ගිහින් නවල් එකක් කියව කියව හිටියා කම්මැලිකමට..නාගෙන එහෙම කෙල්ල ගියා පහලට
ටීවී එකත් දාන් කකුල් දෙකත් උඩ තියන් වන වන හිටිය කෙල්ලට ඇහුනා වාහනයක් එන සද්දෙ.....
අයියා බබී වෙන්න ඇති මගෙ හිතේ

චූටික්කි

කෙල්ල බැලින්නම් තව කොල්ලො දෙන්නෙක් එක්ක අයියා බබී..

මේ මගෙ යාලුවො දෙන්නා.

අම්මට තිවා පෝනි කෙල්ල...විසල් හිමීට කිව්වත් ඒක ඇහුනා පීනුට

දැකලා නැති උනාට මන් ඔයාට විස්තර එහෙම කිව්වෙ..මේ විසල් . කොල්ලා අතට අත දිලා hello කිව්වා..මේ තිවන්ක...කෙල්ල කොල්ලා දිහා බැලුවා. Curly hair එකයි දිගටි ඇස් දෙකයි , හරියට කෙල්ලෙක්ගෙ ඇස් දෙකක් වගේ ලස්සනයි..hello නිරායාසයෙන්ම අත දුන්න මන් ලාවට හිනා උනා..

අම්මා අම්මා එන්නකෝ

ආ පුතාලා ආවද

ඔව් ආන්ටි කාලෙකින් දැක්කෙ ආන්ටිව.තවත් කෙල්ල වගේ වෙලා...ඒ කටකාරයා තමයි තිවන්ක..

පුතාට විතරයි මගෙ ලස්සන පෙනුනෙ.බලන්නකො ඉතින්....එන්න බීම එකක් බීලම ඉමුකො..

ඔහොම ඉදපු මෝඩ ජෝඩුව ගියෙ හවස් වෙලා.තිවන්ක අයියනම් ශෝයි අප්පා.ජොලි පොර..ඒත් මන් මොකටද මේ මෙච්චර හැපි එකේ..පිස්සුද මන්දා මටත්.....

දූ පහලට එන්න

ඇයි තාත්තී

ඔයාගෙ නැන්දී මායි පොඩි තීරණයක් ගත්තා .

මන් බලන් හිටියෙ ඒ ගමන මොකක්ද වෙන්න යන්නෙ කියන කුතුහලයෙන්...මට පොඩි කාලෙ ඉදන්ම නැන්දිවයි මනුරන්ග අයියවයි පේන්නම බෑ..

මොකක්ද තාත්ති

මන් තීරණය කලා ඔයාව මනුරන්ගට බන්දලා දෙන්න.නොදන්න කෙනෙකුත් නෙමෙයිනෙ...ඊට පස්සෙ මන් නිදහස් මනුරන්ගටයි ලොකූටයි මන් මේවා පවරනවා

ම්මොකක් ඒත් තාත්තී

දූ මන් ඒක තීරණේ කරලා ඉවරයි

මන් මුකුත් නොකියම නැන්දිලා යන්නත් කලින් උඩට ගිහින් නිදාගත්තා..

අනෙ මට බෑ අර රකුසව බදින්න.ඌ හෙන වනචරයත් එක්ක.බලන හැටි මාව ගිලින්න වගේ.ඌට ඕනෙ මගෙ ඇගයි සල්ලී..

පහුවෙනිදා මන් තනියමම පෝනියා පිටේ ගියෙ තරහටමයි..

චූටික්කි ...
වැව ලග බිම වාඩි වෙලා දනිස් දෙකත් නමන් මූන තියන් හිටපු මම ගැස්සිලා බැලුවෙ ඒ නම කිව්වෙ කවුද කියලා..

තිවන්ක අයියා

චූටික්කි මාත් මෙතනින් වාඩි වෙන්නද
මන් ඔලුව වනලා හා කිව්වා.

මොකෝ මූන එල්ලන් පෝනි කෙල්ල....

බලනවකො හලෝ අපේ තාත්ති මාව අර උණහපුලුවට බන්දලා දෙන්න යනවනේ.මන් සීන්කෝන් එක කිව්වා
ඉතින් ඔයා කැමති නැද්ද

පිස්සුද හලෝ ඌව මට පේන්න බෑ වනචරයා..
මන් ඔයාට උදව් කරන්නම්...

කොල්ලා එක්ක කතා කලාට පස්සෙ කෙල්ලගෙ හිත හරි සැහැල්ලුයි.පොඩි සතුටක් හිතේ තිබ්බා..

කාලය හෙමි හෙමීට ගෙව්නා...ඒ අතරෙ වරින් වරේ මනුරන්ග අයියා ඇවිත් මාව බලෙන්ම කතාවට අල්ලගන්න හදනවා..

පිනිදී ඇයි ඔයා මාව මෙහෙම මගාරින්නේ.. මන් ඔයාට කොච්චර ආදරේද
ප්ලීස් මනුරන්ග මන් ඔයාට කැමති නෑ .මට පාඩුවෙ ඉන්න දෙන්න..

එහෙම කොහොමද පිනිදී..මන් මෙච්චර කල් හොදින් කිව්වා තමුසෙට...තමුසෙව මන් බලෙන් හරි බදිනවා..ඒක මතක තියාගන්නවා...කොල්ලා තර්ජනය කරලා ගියා...

ඌ මට ඇති ආදරේකට නෙමෙයි මේ සල්ලිවලට කෑදරේ.මන් එහෙම වෙන්න දෙන් නෑ ....

දවස් දෙකකට පසු......

Hello පෝනි ඔයාව මීට් වෙන්න ඕනෙ අද හවස
හරි වැව ලගට එන්න හවසට..

මායි තිවන්කයි කලින් දවසෙ හම්බුන වෙලාවෙ කතා උන විදිහට තිවන්ක ඌ ගැන මොනාහරි හොයන් ඇති...

අයියේ මොනාද විස්තර...කෙල්ල නොඉවසිල්ලෙන් අහුවා

තිවන්ක ජයග්‍රාහී හිනාවක් දැම්මා

කූල් ඩවුන් පෝනි කෙල්ලෙ..බලන්න මේ ෆොටෝස්
කෙල්ල කවරෙ ඇරලා ෆොටෝස් ටික එළියට ගත්තෙ කුතුහලයෙන්.

Wooooooow superb ....
මන් එහෙම්මම තිවන්කගෙ ඇගී එල්ලිලා කම්බුලට කිස් එකක් දුන්නා...මට ඒ කරපු දේ බරපතලකම තේරුනේ තිවන්ක පැණි හල හල බලන් හිටිය නිසා..

Thnq අනේ මන් ඉක්මනටම යන්නම් එහෙනම්

යන්න පෝනිගෙ පිටේ නැගලම
අයියේ ඇයි ඔයා මට මෙහෙම හෙල්ප් කරන්නෙ.මගෙ අයියවත්මෙච්චර උනන්දු නෑ

ම් මේ මන් නන්ගි ආ මගෙ බොක්කනෙ ඔයාගෙ අයියා බබී.ඉතින්න් ඔයත් මගෙ නන්ගි වගේනේ...


මට එච්චර ඒ කතාව ඇල්ලුවෙ නෑ..ඕක ගොත ගගහ කියන්න දෙයක්‍යෑ

මන් ඉක්මනටම ගෙදර ගිහින් හිටියෙ තාත්ති එනකන්..පැය භාගයක් යද්දි තාත්ති ආවා..

අම්මි තාත්ති මේ බලන්න.මන් ඔයාලට කිව්වා මනුරන්ග අයියා හොද එකෙක් කියලා..කෙල්ල ෆොටෝස් ටික දුන්නා.

ඒවා බලපු රණබාහු කෝපයෙන් වෙව්ලුවා..කෙල්ලෙක් එක්ක රූම් එකක් අස්සෙ ගහපු ෆොටෝස් ඒ තිබ්බෙ.වරදකාරී හැගීමක් හිතෙ ඇති උනා..

කෙල්ල අඩ අඩාම කාබරේට දිව්වා ..
ටික වෙලාවකින් පැමිණි රණබාහු කෙල්ලගෙ ඔලුව හිමීට අත ගෑවා..

දූ මට සමාව දෙන්න පුතේ.මන් ඇනන් හිටියෙ නෑ එහෙම දෙයක්

බලන්න තාත්ති තිවන්ක අයියා නොහිටියනම් එහෙම මගෙ ජීවිතේම ඉවරයි...
කෙල්ලට කොල්ලගෙ නම කිය උනා....කෙල්ලට පස්සෙ මීටර් උනේ

කෙල්ල ශේප් එකේ තාත්තිගෙ කකුලෙ මූන හන්ග ගත්තා

චූටික්කී මගෙ පුතා ඒ ළමයා ගැන හිතනවද

අනේ මන්දා තාත්ති මට තේරෙන් නෑ.හැබැයි එයාව නිතරම මතක් වෙනවා

හ්ම්ම්ම්.....

සතියකට පසු 🐾🐾🐾🐾🐾🐾🐾🐾🐾

දූ පහලට එන්න..තාත්තිගෙ සද්දෙට මන් පහලට බහිද්දි සාලෙ පැත්තින් හක හක ගාන සද්ද ඇහුනා
ආ මේ එන්නෙ චූටික්කි

තිවන්ක අයියත් හිටියා අයියා බබි ලගින් වාඩි උනා....
ඔන්න චූටික්කියෝ මූ මගෙ මස්සිනා වෙන්න හදන්නෙ....මේකා ශේප් එකේ අපේ නගාට පැණිය හලලා

අයියා බබී හිනා වෙවී කියෝනවා..
පුතේ මන් ඔයාලා දෙන්නගෙ කරන්න කැමතී...

ඒක ඇහුනම මාව නිකන් පා උනා වගේ...

දෙන්නා කතා කරගන්නකො එලියට ගිහින්

මායි තිවන්කයි එලියෙ ඔන්චිල්ලාවෙ වාඩි උන ගමන් කෙල්ලව තුරුල් කරන් මෙහෙම කිව්වා...මගෙ පෝනි කෙල්ල මන් ඔයාව කාටවත් දෙන් නෑ...

නිමි....
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI