දෙහිතකට රහසේ
( කෙටි කතාවක්..)
"යිෂි.. බබා මොකද කරන්නේ මන් ආවා..? ඉක්මනට නාගෙන එන්නම්.."
හිරාන් මැසේජ් එකක් දැම්මෙ වැඩ ඇරිලා ඇවිත්.. මැසේජ් එක දාපු ගමන් කොල්ලා මෙච්චර වෙලා ක්ලාස් එක ඇතුලෙ, පාරෙ, බස් එකේ, දාඩියට තැම්බිච්ච ඒ හැඩිදැඩි තාරුණ්‍ය වතුරමල යට නිරුවත් කළේ ලොකු සැනසුම් හුස්මක් එක්ක..
හිරාන්ගෙ කූරු කූරු කොණ්ඩ ගස්වලත්, සෘජු උල් නහයෙත්, තොල් දිගෙත් වතුර බින්දු දග කරේ හරිම අකීකරු විදියට..
විනාඩි හතළිස් පහක්, නෑ ඊටත් විනාඩි දෙකක් වත් වැඩිපුර හිරාන් ඒ සීතල පහස විදින්නැතී.. ඇත්තටම වතුර කියන්නෙ කලබල හිතකට හොද මත්ද්‍රව්‍යක්.. නාලා ආපු ගමන් ෆෝන් එක අතට ගත්ත කොල්ලා දැක්කා යිෂීගෙන් මැසේජ් හතරයී..
( MN PADAM KARANAWA MANIKA. MM.. NAALA ENNA IKMANTA.. )
( AWITH UMMA 1K ONI.. OLUKATTA PALANAWA DUN NATTHAM UDHEE IDAN PALUWEN HITIYE MN..
)
( MATTA APO THAAMA NAANAWADA..? )
( ADO DIYAWEI MNUSSAYO.. )
මැසේජ් ටික එකින් එක බලද්දි හිරාන්ට තනියම හිනා.. ඒ හන්දා රිප්ලයි එකක් නොයවම යිෂිනි ට කෝල් එකක් ගත්තෙ ආදරේ වැඩිකමටමයී..
" පිස්සා...... බාත් රූම් එකේ පැල උනාද..?
"
" ආදරෙයි යිෂී "
කෙල්ලගෙ බොරුවට මවාගත්ත කේන්තිය එහෙම්පිටින්ම නැති උනා..
" මන් දන්නවා මැට්ටො ආදරෙයි මාත්.."
" කෝ කෝ එන්න එහෙනම් උම්මා එකක් දෙන්න.. "
" ඊයා"
" මොකෝ "
" තාම ටවල් එක පටින්ද කොහෙදෝ.. ලැජ්ජාවෙ බෑ.. ඕක කැඩිලවත් ගියොත් උම්මා දෙන්ඩ ගිහින් "
යිෂිනි කියන්නෙ කටත් උල් කර කර..
" යකෝ මේකි ඇත්තටම දෙනවා වගේ හරියට ෆෝන් එකෙන්නෙ දෙන්නෙ. අනික ටවල් එක කැඩුනත් මොකෝ උඹ මේවා දකින්නෙපැයි දවසක "
යිෂිනිගෙ කට ලොක්වෙන්න ඒ ටික හොදටම ඇතී.. සද්දයක් නෑ ඉතින් එහා පැත්තෙන්..
" අනේ මගෙ හුරතලෙ ඇද්ද කටගහගෙන ආවා උඹට මම..... උම්මා උම්මා උම්මා.. බායි මැණික කෑම කාලා එමූ.."
හිරාන් රෑ කෑමට ගියෙ කෙල්ල ලැජ්ජාවට කටවහගද්දිමයී..
එකටම කන බොන එකටම නාන එකම විදියට අදින පළදින බොළද ආදරයක් ඒ හිත්වල නොවුනට.. හිරාන්ගෙ හිතේ යිෂිනිගෙ ආදරේට විතරමයි ඉඩ තිබුනේ.. යිෂිනිගෙත් එහෙමයී..
අපේ කතා නායකයා.. හිරාන් තේනුවර අවුරුදු විසි දෙකක තලෙලු කඩවසම් කොල්ලෙක්.. පෞද්ගලික සමාගමක සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්.. තාත්තා නැති උනාට පස්සෙ කොල්ලට උගන්නන හිරාන්ගෙ අම්මා # සුධීරා ගොඩක් දුක් වින්දා.. ඒ දුක් මහන්සියෙ ප්‍රතිපල හිරාන් අපතෙ යැව්වෙ නෑ.. මහන්සි වෙලා ඉගෙනගෙන ජොබ් එකට ගිහින් මාස ගානක් උනත් මේ වෙද්දි බයික් එකකුත් අරන්..
සුධීරාගෙ නිහතමානී සතුට හිරාන්.. පුන්චියට පුන්චියට තමන්ගෙ එකම පුතා දියුණු වෙද්දි ඒ අම්මගෙ ජීවිතේ හීන ගොඩගැහෙනවා.. සතුටු මල් පිපෙනවා..
ලස්සන ලේලියෙක් ගේමු කියලා සුධීරා හිරාන්ට විහිලු කරනවා වෙලවකට.. දවසක් ඒ විහිලුව වෙලාවෙම කොල්ලා යිෂිනි ගැනත් අම්මට කියලා දැම්මා.. ඒ ආරන්චිය සුධීරගෙ ඇස්වලට තවත් සතුටු කදුලු එකතු කරා.. තමන්ගෙ පුතා ආදරේ කරනවා.. ඒකත් පුන්චි කෙල්ලෙක්ට..
යිෂිනි මන්දාරා.. අවුරුදු 18 යී.. කෙල්ල බයෝ වලින් ඒලෙවල් කරනවා.. හ්ම් පුන්චියි තමා වයස හිරාන්ගෙ හැටියටනම්.. ඒත් හිරාන්ගෙ හිතේ කෙල්ලගැන තියන ආදරේ තවත් වැඩිවෙන්න හේතුවක් උනා වයසෙන් පොඩි හුරුබුහුටිකම.. වෙලාවකට දෛවය ජීවිත කතා ලියන්නෙ හරි අමුතු විදියට.. අවාසනාවකට වගේ යිෂිනිටත් පිය සෙනෙහස අහිමි වෙලා තිබුණෙ ඉපදෙන්නත් කලින්.. යිෂිනිගෙ, කදුලු, දගකාරකම්, කටකාරකම්, සමහර දේවල් ගැන තියන නොදැනුවත්කම්, හිරාන්ගෙ ආදරේ, බැදීම ශක්තිමත් කරා.. කොල්ලා ඒ ආදරේට පිස්සෙක් වගේ ආදරේ කළා..
හිරාන්ගෙ හැඩිදැඩි අතක ඇගිලි අතරෙ පැටලිච්ච කෙල්ල කොල්ලගෙ පපුව ලගටවත් නැති තරම්.. පේරාදෙණිය මල්වත්ත පුරා කියව කියව ඇවිදිනවා උදේ ඉදන්.. ගෙවල්වලින් කිසිම විරුද්ධත්වයක් නොතිබිච්ච මේ ආදරේට තිබුන එකම පුන්චි හරි බාධකේ හිරාන්ගෙ ජොබ් එක.. ඒ හන්දා ඉරිදට ලැබෙන නිවාඩුවෙ මුලු දවසම හිරාන් යිෂී වෙනුවෙන් ගතකරනනෙ සතියටම හරියන්න..
මල්වත්ත පුරා ඇවිදින්න, රෙස්ටුරන්ට් එකකින් ලන්ච් ගන්න, වැව රවුමෙ කෙල්ලව පපුවට තුරුල් කරගෙන අයිස් ක්‍රීම් කන්න, ඕවා තමා ඉරිදා රාජකාරී.. ඉතින් හිරාන් හරි බිසී.. යිෂීගෙ කටත් හරි බිසී.. සතියක ඕපාදූප පිළිවෙලට කියනවා කෙල්ල..
ඉස්කෝලෙ IT සර්ට උගන්නන වෙලාවෙ පඩයක් ගියොත් ඒකත් පළවෙනි පියවරේ ඉදන්ම වෙච්ච හැටි හිරාන්ට කියනවා.. ගෙදර බලු පැටියා කෝට්ටක් විසි කලාම ඒක අරන් ආවානම් විස්තරේ කියන්න පටන් ගන්නෙ විසි කරන්න කෝට්ටක් හොයාගත්ත තැන ඉදන්මයී..
හිරාන් හැමදේම අහන් ඉන්නෙ උවමනාවටමත් නෙමෙයී.. හැබැයි කෙල්ලගෙ හුරතල් කටට කොල්ලා හරි ආසයී.. කච කචේ නවතින්නෑ හරහට මොනවා හරි නොකිව්වොත්.. වෙලාවකට කෙල්ල ඔහේ කියවද්දි ඒ හීනි තොල්වලට නුවර වැවේ හුළගට එහෙමෙහෙ වෙන සිනිදු කෙස්ගස් ගිහින් වදිනවා.. හිරාන් හරි ආදරෙන් ඒ කොණ්ඩ කෑලි අයින් කරන්නෙ තොල්වලින්.. ඒවත් නෙමෙයි ඉතින් යිෂී රොමෑන්ටික් වෙන්නේ.. කච කච කච කච..
හවස් වෙන්න කලින් ගෙදරටම ගිහින් දාලා යන්න කලින් බලෙන්ම ඇදලා ලගට අරන් කෙල්ලගෙ දවසම එක දිගට කියවපු ඒ කටකාර තොල්, පපුවට පිරිච්ච ආදරේ දරාගන්න බැරුව ලෝබකම් කරද්දි චුට්ටක් රිදෙන්න හපලා කිස් කරන්නත් හිරාන් අමතක කරන්නෑ..
දෙන්නගෙ ආදරේට ඒ සිපගැනීම හරි ලස්සන මතකයක් වගේම සෙනෙහස පිරිච්ච දවසකට ලස්සන නිමාවක්..
" අම්මා.. හෙට වැඩනෙ අප්පා ආපහූ.. එපා වෙනවා.. හ.... ඉරිදා ඉක්මනට යනවා.. "
හිරාන් කියන්නෙ කුස්සියෙ රෑ කෑම හද හදා ඉන්න සුධීරට තුරුල් වෙලා..
" යසයි කපටි නරියා.. දවසකටවත් පුතා තමා මගෙ පුතා.. ඉරිදා ගානට බෙදා ගන්න හැටි අර කෙල්ලටයි මටයි "
" විහිලු නෙමෙයි අම්මා අම්මයි යිෂිනියි ඇරුණහම මට ඊට එහා දෙයක් නෑ..
" දන්නවා පුතේ.. ඒකනෙ මගෙ රත්තරන්ගෙ සතුට ගැන මන් හිතන්නෙ.. "
හරි අපූරුයි අම්මගෙ ආදරේ.. ඒ ඇස්වලට අඩන්න ළූනු කපන්නම ඕනි නෑ.. තමන්ගෙ පුතා අම්මෙක්ට රටක් රාජ්‍යක් වගේ.. දරුවගෙ වචනයක් දෙකක් ඇති අම්මා කෙනෙක්ගෙ සෙනෙහස පිටාර ගලන්න.. සුධීරාගෙත් ඇස්වල කදුලූ..
" අප්පෝ ඉතින් ටැප් එක ඇරියා.. දැන් චිකන් එකට ලුණු වැඩි උනොත් ඕන් මන් කන්නෙත් නෑ.. රෑට.."
" පලයන් මෙතනින්.. නාකි කෝළම.. "
සුධීරා බොරුවට හිරාන්ට ගහන්න වගේ හැන්දක් ගන්නෙ ඇස් අග තිබ්බ කදුලු හිනාවෙවීම පිහගෙන..
එදත් තමන්ගෙ අම්මගෙ ආදරෙත්, යිෂිනිගෙ ආදරෙත් ජීවිතේම කරගෙන හිරාන් වෙනදා වගේම වැඩට ගියපු දවසක්..
දවල් දොළහ පහු උනා විතරයී.. කොල්ලගෙ ෆෝන් එක රින්ග් උනේ ජීවිත තුනක ඉරණම් වෙනස් කරමින්..
" හෙලෝ.. මිස්ටර් හිරාන් තේනුවර"
" යස් හිරාන් ස්පීකින්.."
"____________________________"
එහා පැත්තෙන් ඇහුනෙ කොල්ලා හීනෙන්වත් අහන්න බලාපොරොත්තු උන දෙයක් නෙමෙයී.. සුධීරා හොස්පිට්ල් එකේ.. දවස් පහක් යන්න කලින් වත් හදවතක් බද්ධ නොකළොත් ඒ ආදරණීය ජීවිතේ අනතුරක.. කකුල් දෙක හිටගන්නවත් පණ නැතුව වෙව්ලද්දි හිරාන් පුටුවෙන් නැගිට්ටෙ මැරිච්ච ගානට.. මේ තරම් දුකක්, අවදානමක්, රත්තරන් අම්මෙක්ට..? පුතෙක් කොහොම දරාගනියිද..
ඇස් අගට එකතු වෙච්ච කදුලු මහපටැගිල්ලෙනුත් දබරැගිල්ලෙනුත් මිරිකලා වැටෙන්න ඇරලා බොස්ගෙන් නිවාඩුවකුත් අරන් හිරාන් ගියෙ හොස්පිට්ල් එකටමයී.. අම්මා.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය අම්මා.. තමන්ට ජීවිතේ දීපු වස්තුව අම්මා.. ICU එක ඇතුලෙ හුස්ම රැකගන්න ලොකු සටනක.. උනේ මොකද්ද කියන එක නෙමෙයි දැන් කොල්ලට ප්‍රශ්නේ.. කරන්නෙ මොකද්ද කියන එක..
කරන්න කිසිම දෙයක් නෑ.. ආයෙ ආයෙ කඩාවැටෙන පපුව අමාරුවෙන් හයිය කරන් කොල්ලා හොස්පිට්ල් එකෙන් එළියට ආවේ ඒ එනවත් එක්කම හදිසි ඇම්බියුලන්ස් එකකින් තවත් ලෙඩෙක් ගෙනාවා..
කොල්ලට ආයෙම ආපු කෝල් එකක් හන්දා ඇම්බියුලන්ස් එකේ වදින්න ගිහින් බේරුනේ අනූනවයෙන්..
" පුතේ.."
ඒ යිෂිනිගෙ අම්මගෙ කටහඩ..
" අම්මා.. කියන්න"
" ____________________________"
අමාරුවෙන් හයිය කරගත්ත පපුව ආයෙ ගොඩගන්න බැරිවෙන්නම කඩාවැටෙන්න ගියෙ තත්පරයයී.. යිෂිනි ඉස්කෝලෙ ඇරිලා පාර පනිද්දි වාහනේකට හැප්පිලා.. අහින්සකීට හදවතක් බද්ධ නොකලොත් ජීවිතේ අනතුරේලූ..
දෙවියනේ මේ තරම් පරීක්ෂණ ඇයි ජීවිතේකට.. මේ තරම්ම තේරීමක් ඇයි ජීවිතේකට..?? හිරාන්ට දැනුනෙ මුලු ඔලුවම පුපුරන්න යනවා වගේ..
බිම වැටිලා කෑලි කෑලි විසිරුණ ෆෝන් එක ගානකටවත් නොගෙන කොල්ලා හොස්පිට්ල් එකේ බැම්මට බර දුන්නෙ අඩියක් වත් ඉස්සරහට තියන්න බැරි තරම් කකුල් අඩපණ වෙලා යද්දී..
කොච්චරවෙලා එහෙම හිටියද කියන්න හිරාන්ට මතකයක් තිබුණෙ නෑ.. ආපහු හොස්පිට්ල් එක ඇතුළට ගිහින් යිෂිනිත් ඇදක් උඩ පණ අදිනවා බලන්නත් කොල්ලට ඕනි උනේ නෑ.. දෙන්නගෙන් කාගෙමහරි ජීවිතයක් බේරගන්න පුන්චි වෙලාවයි තියෙන්නෙ කියලයි ඒ පිරිමි හිතට හිතුනේ..
වෙව්ලන දෑතින් සාක්කුවේ තිබුන පර්ස් එක අතට අරගෙන අම්මගෙත්, යිෂිනිගෙත් ෆොටෝ දෙක දිහා එකපාරක් බලපු කොල්ලා මූණු දෙකම ආදරෙන් පිරිමැදලා පපුවට තුරුල් කරගත්තෙ එක දිගට වැටෙන කදුලු වලින් ඇස් නොපෙනෙන තරමට බොද වෙලා යද්දී..
" අම්මා.. මට ඔය හුස්ම දුන්නට, ඔය පාට දුන්නට, ඔය ගතිගුණ දුන්නට, ගොඩක් පින් මගෙ අම්මා..
මගෙ හුස්ම නවතියි මේ දුකට..
ආදරෙයි රන්කද ඔයාටත්.. ඔය පුන්චි ජීවිතේ තාම පටන් ගත්තා විතරයි යිෂී.. සතුටින් ඉන්න මැණික් කැටේ.. දරාගන්න බෑ තමයි මටත් බෑ..
දහස්වාරෙයක් සමාවෙන්න ඔයාලා දෙන්නම මට.. අසරණයි දෙයියනේ මන්.. මන් පව්කාරයෙක්..
# මගෙ_හදවතින්_ඔයාලා_දෙන්නගෙන්_කෙ
නෙක්_හරි_ජීවත්_වෙයී .. # ඒ_ඇති_මට .. "
තවත් තත්පරයක්වත් නොඉද නැගිටපු හිරාන් අඩපණ නොවී ඉන්න ගත්තෙ ලොකු ධෛර්යක්.. ඉස්සරහට එන කිසිම කෙනෙක් නොතකා පාරටම ගියපු කොල්ලා වටපිටවත් නොබලා කහ ඉරට එහායින් පාරට පැන්නෙ වේගෙන් ආපු ටිපර් එකක් ඉස්සරහට......
වසර හයකට පසු..
හිරාන්ගෙ හදිසි මරණයෙන් ලැබිච්ච # හදවතින් අදටත්
# යිෂිනිගෙ_පණ_ගැහෙනවා ..
එදා කොල්ලා ඇක්සිඩන්ට් වෙච්ච ගමන්ම අක්‍රීය නොවුන ඒ හදවත රෝහලේ ඒ වෙලාවෙ හිටපු අසාධ්‍යම හදවතක් අවශ්‍යම රෝගියාටයි බද්ධ කළේ..
ඒ වෙනකවුරුත් නෙමෙයි යිෂිනී.. මහනුවර මහ රෝහලේදි කෙල්ලට සාර්ථකව හදවත් සැත්කම කරා.. ජීවිතේ රකින්න ඒ පණගැහෙන හදවත යිෂිනිට ලැබුනෙ කාගෙන්ද කියන එක අදටත් කෙල්ලට රහසක්.. ඒත් කෙල්ල දන්නවා හිරාන් ජීවිතේ නැති කරගත්තා කියලා.. ඒ මොන හේතුවකටද කියන්න යිෂිනිට තාමත් හිතාගන්න බෑ.. තමන්ට ජීවිතේ වගේ ආදරේ කරපු හිරාන් නැති අඩුව කෙල්ලට දැනෙනවා.. මදි නොකියන්න දැනුනා.. විදවව්වා.. ඒත් ඒ කිසිම දේක තේරුම කෙල්ල ජීවිත කාලෙම තනිකඩව ඉන්න ඕනි කියන එක නෙමෙයී.. එහෙම උනොත් හිරාන්ගෙ කැපකිරීමෙනුත් වැඩක් නැති වෙනවා..
මේ වෙද්දි යිෂිනි අම්මා කෙනෙක්.. හ්ම් පුන්චි කොලු පැටියෙක් ඉන්නවා.. යිෂිනි පණ වගේ හිරාන්ට ආදරේ කරපු බව ඇත්තයී.. අකමැත්තෙන් වෙනකෙනෙක්ව කසාද බැන්දත් යිෂිනි දැන් සතුටින් ජීවිතේ ගෙවනවා.. තමන්ගෙ පුතයි මහත්තයයි කෙල්ලට මුලු ජීවිතේම..
ඔව්, ඒ රත්තරන් අම්මා ගැනත් කියන්නම්.. හිරාන් වගේ උතුම් පුතෙක් මේ ලෝකෙට බිහි කරපු අම්මාත් ජීවතුන් අතර.. ඇයව කොළඹ රෝහලට මාරු කරලා යැව්වට පස්සෙ ඇයට හදවත් සැත්කමට හදවත් ලැබුනා.. ඒ මරණාසන්න රෝගියෙකුගෙ පරිත්‍යාගයකින්..
හරිම පින්කාර අම්මෙක්.. ඇත්ත.. හිරාන් රටක් රාජ්‍යක්.. අම්මා අද ඉන්නෙ ගෙදරමයී.. ඒ ඇස් තෙමෙනවා පුතා වෙනුවෙන්.. හැම දවසකම.. හැම මොහොතකම.. හැබැයි හරි ආඩම්බරෙන්.. අම්මා ඇත්ත දන්නවා.. යිෂිනිගෙ ජීවිතේ රැකුණ එක මේ රත්තරන් අම්මට ලොකු සතුටක්....
රහසක් කියන්නද.. යිෂිනිගෙ පුතා හිරාන් වගේමයී.. වෙන්න බෑ තමයී.. ඒත් හාස්කමක්.. ඒ හිරාන්ම කෙල්ලගෙ කුසේ ඉපදුනා වෙන්නත් පුලුවන්..
තවත් දෙයක්..
" ඔබ මා හමුවුණ මේ ඉර හද යට
කොතැනක සිටියත් මා මළ දවසට....
මේ සින්දුව වැරදිලා හරි යිෂිනිට ඇහෙන වාරයක් ගානෙම පොඩි එකාට දෙන්න කිරි පිරුණ පපුවට යටින් ගැහෙන ඒ හදවත වේගෙන් ගැහෙන්නෙ කෙල්ලගෙ මුලු ඇගම හිරිවැටිලා යද්දී......
පසුව ලියමි,
සියදිවි නසාගැනීම ත්රෙන්ඩ් එකක් වෙච්ච කාලෙක මේ කතාවෙන් කියන්නෙත් තවත් එක සියදිවි නසාගැනීමක් ගැන නම් නෙමෙයී..
අවබෝධයෙන් දකින්න.. ඒ ආදරේ සෙනෙහස.. අම්මගෙ අපරිමිත සෙනෙහස, පෙම්වතියගෙ අසීමිත ආදරේ.. ගිරයකට අහු උන පුවක් ගෙඩියක් වගේ හිරාන්ගෙ ජීවිතේ..
ඔහු තමන්ගෙ ජීවිතේ දුන්නෙ මරණයට අතවනපු තමන්ගෙ ආදරණීයන් දෙන්නම වෙනුවෙන්. දෙන්නම සමව හිටියා ඒ හදවතේ..
හිරාන් විශ්වාස කරා තමන්ගෙ හදවත දෙන්නගෙන් කෙනෙකුට ලැබෙයි කියලා..
පණිවිඩයක් ගන්න මේ වචනවලින්.. ජීවිතේ පරීක්ෂණයක්.. හැම වෙලාවෙම අපෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා මේ ජීවිතේ.. හරිම අසාධාරණ විදියට.. ඉවසීමෙන් මුහුන දෙමූ.. ආදරේ කරන්න ජීවිතේට.. වගේම අනිත් අයගෙ ජීවිත වලට..
දෙහිතකට රහසේම
සැගව යමි නොදොඩාම
පණ මගේ දෙදෙනාම
දිවිය ඇති තුරාවට..
නොහැගෙන්න වේදනා..
දෙන්න මට චෝදනා
අගෙයි මට නුඹෙ සේම
ඇගේ හුස්මත් සදා..
දිනක ඔබ කියාවී
මා දුර්වලයි කියා,
නැහැ දිනක වැටහේවි
මා නිවැරදියි කියා....
ආදරනිය සදාට ලියමි ආදරෙන්...
ගිනියමි ඔබෙි හිතට
සිසිලසත් දැනේවි යමි දිනක
බිදිවි ඔබම ඔබෙි අකිකරැ හිත
දැවටෙිවි ආදරෙන් මාලග හැමදාම.
🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚
මං පවන් හෙට්ටිආරච්චි
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.