"ස්...ස්... සුමංගි.."
රහසින් වගේ මට කතා කරන්නේ රමිත කියලා මං දන්නවා. මොකද මේ හැමදාම මට පුරුදු දේනේ.
"මේ ඕයි බලනෝකෝ පොඩ්ඩක්"
රමිතගෙ කරදරේ ෆස්ට් පීරියඩ් එක ඉවර වෙනකන්ම නවතින්නෙ නෑ. ඒත් මට බලන්නත් බෑ. එතකොට ඒ ඇස් දෙක දකිනවා එතකොට පාඩමක් නම් මට කරගන්න වෙන්නැහැ.
'ඕනි තරම් සූ ගාපුදෙන් මන් බලන්නැහැ..'
මන් හිතාගත්තා.
" සුමංගි......."
මගේ ඉස්සරහ පේලියෙ ලමයිනුත් රමිතගෙ සද්දෙට හැරිල බලනවා. මිස් උගන්වනවා.
"මේ සුමෝ අරූ කෑගහනා මිස්ට ඇහෙන්න කලින් චුට්ටක් ඒ පැත්ත බලපං."
ඒ පාර දෙව්නි පටන් ගත්තා.
" අනේ බෑ බං."
"ඇයි බැරි."
" මට බෑ බං."
"අපෝ උබ නම්.?"
"උබට ඕනි නම් බලපන්. මට නම් බෑ"
"උබ බයයි නේද?"
"ඒ මොකටද?"
"කල්හාරට පෙනෙයි කියලා."
මගේ මූනින් මං හිතන ඒවා පේනවද කියලා මට බය හිතුනා. එහෙම පේනවා නම් මන් කල්හාරට ආදරෙයි කියල එයාටත් පේනවා ඇති. ඒක නිසාද දන්නැහැ මෙච්චර එපා කියද්දිත් පස්සෙන්ම එන්නෙ.
"එහෙම එකක් නෑ බං. උබට පිස්සුද ?"
"අනේ නිකන් ඉදපං. උබේ මූන දැක්කම මට ඒක හොදටම තේරෙනවා."
"ඔය මොකද? ඔතන වෙනම පාඩමක්ද?"
ගීතා ටීචර්ගෙ සද්දෙට මං උඩ ගියා. ටීච ඇස් දෙක පොල් ගෙඩි සයිස් කරගෙන අපි දෙන්නා දිහා බලන් හිටියේ. මට තරු පෙනුනා. මොකද කවදාවත් මෙහෙම අවස්තාවකට මුහුන දෙන්න වෙලා නැති හින්දා.
"අහ් කතා කරනවා නැගිටිනවා දෙන්නාම."
ටීච අන කලා.
" එනවා මෙහෙට."
මං හෙල්ලුනේවත් නෑ බයටම.හෝ ගාලා කදුලු වැක්කෙරෙන්න ගත්තා.
" යමං යකෝ. ඇවිල්ලා ගුටි දෙනකන්ද බලන් ඉන්නේ."
දෙව්නි මාවත් තල්ලු කරන් ඉස්සරහට ආවා.
"මං මෙහෙ උගුර ලේ රහ වෙනකන් කෑගහනවා. මෙයලා වෙනම සාකච්චාවක්. සුමංගි මං හිතන් හිටියෙ හොදට හැදිච්ච ලමයෙක් කියලා. බලන් ගියාම සේරටම හපන්නෙ. "
ටීච චෝදනා කරද්දි ලැජ්ජාවට බයට දෙකටම මට හොදටම ඇඩුනා.
'දැන් සේරම ලමයි ම්ං දිහා බලන් ඇති' කියල හිතෙද්දි පුදුම තරම් ලැජ්ජ හිතුනා.
"අහ් ඒ පාර අඩන්න ගත්තද?. දඩුවම් විදින්න බැරි නම් වැරදි නොකර ඉන්නෝනි. ඉස්කෝලෙට ආවා විතරයි. සෙල්ලම් දාන්න තියාගත්තද. ඒවා මේ ඉස්කෝලේ බෑ. මේක හොද වැදගත් පාසලක්. අන්න ඒක මතක තියාගන්නවා. "
ටීච හරිම තරහින් කියාගෙන කියාගෙන ගියා. මදුශී එයාගෙ සෙට් එකත් එක්ක හිනා වෙවී බලන් ඉන්නව දැක්කම් මට ආවේ පුදුමාකාර ලැජ්ජාවක්. ඒ වගේම කල්හාර එක්ක තරහක්.
"හ්ම් හ්ම් යනවල. දොරකඩින් දනගහගන්නවලා."
මං ඉකි ගගහම දනගහ ගත්තා. ටීච ගියාට පස්සෙ අපි නැගිටල පංතිය ඇතුලට ආවා.
"මොකෝ සුදූ කකුල් සිදෙනෝද?"
මදූශිගෙ සෙට් එකේ කෙල්ලෙක් කෑ ගහල අහද්දි ආපහු ඇස් දෙකට කදුලු පිරුනා.
මං ඩෙස්ක් එකට ඔලුව තියාගෙන උන්නේ ලමයින්ට මූන දෙන්න ලැජ්ජාවට. දෙව්නිත් සද්ද නෑ. මං දන්නෝ ඒකිත් දුකින් කියලා.
පාසල් ජීවිතෙ පලමු වතාවටයි මේ වගේ දඩුවමක් වින්දේ. මං හැමදාම පංතියෙ කැපී පෙනෙන දක්ශම කෙනෙක් උනු නිසා.
"මං සුමංගි දෙව්හාරා ලියනගේ. අම්මා තාත්තා දෙන්නගෙ එකම වස්තුව. පුංචි කාලෙම එයාලා ලගින්ම තියන් මාව බලාගත්තා. මගේ තාත්තා රජයේ කොන්ත්‍රාත්කරුවෙක් වසර ගනනාවක් කොලඹ සේවය කරපු තාත්තාට හම්බන්තොට වරායේ ඉදිකිරීම් කොන්ත්‍රාත් වලට දකුනට එන්න සිද්ද උනා. මං එතෙක් කල් ඉගෙන ගත් පාසලෙන් සමු අරන් මේ පාසලට මට එන්න සිද්ද උනෙත් ඒ නිසයි. මං ඇවිත් තවම සති 2ක් වගේ. මං ඉස්කෝලේට ආපු දවසේ ඉදන්ම පංතියේ පිරිමි ලමයෙක්ගේ වැඩි අවදානයට ලක් උනා. එයා කල්හාර. හැමදාම මං පංතියට එනකන් බලන් ඉදලා
"ගුඩ් මෝර්නින් සුම්"
කියන පුරුද්දක් එයා හදාගත්තා.
"මේ දවස් වල මගේ දවස ඉතා හොදයි මචං. සුරංගනාවියක් ගුඩ් මෝර්නින් කියනවානෙ"
කල්හාර දවසක් යාලුවො එක්ක කියනව මං අහගෙන. ඒ කියන්නෙ මට ඇහෙන්න බව මං දැනන් හිටියා. ඒ දගකාර හැසිරීම් වලට හිත චුට්ට චුට්ට ඇදි ඇදී යද්දිමයි හැමදේම විනාස උනේ.
එදා ඉන්ටවල් එක වෙලාවෙ මමයි දෙව්නි කැන්ටිමෙන් කිරි පැකට් දෙකකුත් අරන් පංතියට එන ගමන් හිටියෙ.
"සුමංගි"
කවුරු හරි මට කතා කරපු හින්දා මං හැරිලා බැලුවා.
"ඇයි තාරිකා"
මං වෙනුවට උත්තර දුන්නේ දෙව්නි. මොකද මං ආපු දවසෙ ඉදන් තාරිකාලා මට ඒ තරම් කැමති නොවුනු නිසා. කොටින්ම කියනව නම් හොදටෝම අකමැති නිසා. ඒකට හේතුවක් තිබුනා. ඒ තමයි මදූශි.
මදූශි කියන්නේ හුගාක් ලස්සන කෙල්ලෙක්. එයාට ලොකූ යාලුවො සෙට් එකක් හිටියා. ඉස්කෝලෙ ගොඩක් කොල්ලො එයාට ට්‍රයි. හැබැයි ඉගෙනගන්න නම් ගොඩක් දක්ශ නෑ. එයා ආපු දවසෙ ඉදන් මට අකමැති. දෙව්නි නම් කියන්නේ වෙනම දෙයක්.
"ඒකි උබත් එක්ක තරහ උබ එන්න කලින් ඒකි තමා මේ පංතියෙන් ලස්සනම කෙල්ල. ඒත් උඹ ඒකිට වඩා ලස්සන නිසයි ඒකි තරහා."
දෙව්නි එහෙම කිව්වත් මට නම් මදූශිව හුගක් ලස්සනටයි පෙනුනෙ.
තාරිකා මට කතා කරත් උත්තර දුන්නෙ දෙව්නි හින්දා තාරිකාගේ මූන ටිකක් ඇඹුල් උනා.
"දැන් කව්ද ඔය දෙන්නගෙන් සුමංගි."
තාරිකා ඉනට අත් දෙක තියන් ඇහුවා.
"මමනෙ ඉතින්"
දෙව්නිට කලින් මං කිව්වා. නැත්තන් මේකි තව මොනා හරි කිය්ලා දුර දිග යන කතාවක් ඇති වෙයි කියලා.
" අහ් එහෙනම් සුමංගිට විතරක් මදූශි චුට්ටක් එන්න කිව්වා. "
" ඒ මොකටද?"
ආපහු දෙව්නි ඉස්සර උනා. ඒකි දන්නවා මං හුගක් අහින්සකයි කියලා. ඒ නිසා මගේ ආරක්ශකයා වගෙ දෙව්නි මාව ආරක්ශා කලා
"මොනාද දෙන්නලු."
තාරිකා කිව්වා.
" එහෙනම් යන්. "
කියලා දෙව්නි ඉස්සර උනා.
" නෑ නෑ සුමංගිට විතරයි එන්න් කිව්වේ. ඔයා පැන පැන දෙන්නැතුව පැත්තකට වෙලා ඉන්න දෙව්නි"
එහෙම කියපු තාරිකා මගේ අතින් අල්ලන් ශාලාව පිටිපස්සට ගියා. පිටිපස්ස හැරිල මං දෙනිට යන්න කියල කිව්වා.
ශාලාව පිටිපස්සට යද්දී මදූශි එයාගෙ යාලුවො ටිකයි එතන හිටියා.
"අහ් ආවද නංගී"
මං එනවා දැකපු ගමන් මදූශී මූන ඇද කරල කිව්වා. මං හිනා උනා.
" මොකද හිනා වෙන්නෙ. ඔහොම හිනා වෙලා තමා කොල්ලො දැලේ දාගන්නෙ. මේ නෝනා හොදට අහගන්නවා කල්හාර කියන්නෙ මගේ බෝයිෆ්‍රෙන්ඩ්. එයා මගේ. අගර දගර පාලා එයාව අල්ලගන්න නේද හදන්නෙ"
මොනාද අනේ ඔයා මේ කියන්නේ"
අසරනකමත් එක්කම මට එහෙම කිය උනා.
"ඇයි විස්වාස නැද්ද. මේ මුලු ඉස්කෝලෙන්ම අහල බලනවා. කල්හාර කාගෙද කියල. උබ මින් පස්සෙ මගෙ කොල්ලා දිහා බලලා තිබුනොත් හොද වැඩක් කරනවා මං. දැනගන්නවා මේ මදූශි කියනදේකට බෑ කියන කිසිම කෙනෙක් මේ ඉස්කෝලෙ නෑ. මං කියනදේ නොකලොත් මේ ඉස්කෝලෙන් එලියටම යන්න සිද්ද වෙයි . නිකන් නෙවෙයි. හොදටම ලැජ්ජ වෙලා."
එහෙම කියපු මදූශි මාවත් තල්ලු කරන් යාලුවො ටිකත් එක්ක යන්න ගියා.
එදා ඉදන් කල්හාරගෙ ගුඩ් මෝර්නින් එක මට වදයක් උනා. හිතින් කොච්චර කැමති උනත් එයා දිහා බලන්නවත් මගේ හිත බය උනා. එයාගෙ ගුඩ් මෝර්නින් එකෙන් බේරෙන්න බෙල් එක ගහන්න ඔන්න මෙන්න තියලා ඉස්කෝලෙට එන්න මං පුරුදු උනා. ඒත් මං පංතියේ වාඩි උනු වෙලේ ඉදන් එක එක්කෙනා ලවා මට කතා කරවන්න එයා උත්සහ ගත්තා. ඒ වගේ මට රමිත කල්හාර වෙනුවෙන් කතා කරපු අද දවසෙ තමා ගීතා ටීචට මාව අහු වෙලා දඩුවම් විදින්න සිද්ද උනේ.
ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න වෑන් එක එනකන් මන් ගේට් එක ගාවට වෙලා ඉන්නකොටයි කල්හාර මං ලගට ආවේ.
" සුම්...."
මං හුගක් බය උනා. ඉක්මන්ට වට පිට බැලුවේ මදූශි ඉන්නවද බලන්න.
" අනේ මට සමාවෙන්න සුම්. මං හින්දා ඔයාට අද දනගහගෙන ඉන්නත් උනා. ඒත් ඔයා මං දිහා නොබලද්දි හින නොවෙද්දි මට හරි පාලුයි සුම්. මේ අහන්න. මං ඔයාට හරි ආදරෙයි සුම්.සත්තයි. කියන්න ඔයත් මට ආදරෙයි නේද.හ්ම්ම්"
ඒ වචන ටික ඇහෙද්දි හිත පුපුරල ගියා. හිත කල්හාරට ආදරේ කරද්දි මුලු ඉස්කෝලෙම ආදරේ කරන ජනප්‍රිය දගකාරයා මගෙන් ආදරේ ඉල්ලද්දි අනේ මං හොදටෝම අසරන උනා. ඒත් එයාට ආදරේ කරන්න මට බෑ. ප්‍රින්සිපල් මාව ඉස්කෝලෙන් එලියට ඇදලා දානවා මට මැවිල වගේ පෙනුනා. අද උදේ පන්තිය ඉස්සරහ ලැජ්ජ උනු හැටි ඇස් ඉස්සරහ පෙනුනා.
'කල්හාර නිසයි මේ හැමදේම උනේ.'
ඒ සිතුවිල්ල ආදර සිතුවිලි වලටත් වඩා වේගයෙන් හිත වටේ දිව්වා.
" සුම් කතා කරන්නකෝ. කියන්න මට ආදරෙයි නේද."
කල්හාර මගෙන් ආපහු අහද්දි හිටට ධෛර්ය අරන් මං ඔලුව උස්සල එයා දිහා බැලුවා
" ඔව් මං ආදරෙයි. හැබයි ඔයාට නෙවෙයි. මොකද මට හුගක් ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා. එයාව හුගක් දුරක තනි කරලයි මං ආවේ. ඒ එනකොට මං එයාට පොරොන්දු උනා. එයා වෙනුවෙන් ඉන්නවා කියල. ඒ නිසා මට ඒ පොරොන්දුව කඩන්න බෑ. මගෙන් තවත් ඕක අහන්නෙපා මොකද මං ඔයාට ආදරේ නෑ."
මං ඒ ටික කියල ඉවර වෙද්දී කල්හාරගෙ මූන වෙනස් උනා ඇස් දෙකේ කදුලු පිරුනා. තප්පර කීපයක් මං දිහා බලන් හිටිය එයා
"ඔයාට ඔහොම නපුරු වෙන්න පුලුවන් කියල මං දැනන් හිටියෙ නෑ සුමංගි."
කියලා එතනින් යන්න ගියා. එදා ඉදන් සතියක් විතර යනකන් කල්හාර ඔහේ හිටියා. ඒත් ඒ සිදුවීමෙක් සතියකට විතර පස්සෙ මං ඉන්ටවල් එක වෙලාවේ කැන්ටිමට ගිහින් එද්දි දැකපුදෙ මට ගිතා ගන්න බැරි උනා. පංතියේ කොනේම ඩෙස් එකේ කල්හාර මදූශි එක්ක හිනා වෙවි කතා කර කර හිටිය. හදවත රිදුන උනත් මං දරාගත්තා.
"ඒක තමයි වෙන්නෝනිදේ බං"
දෙව්නි කිව්වේ මගේ හිත තේරුම් අරන් වගේ.
ඔය විදිහට දින සති මාස ගෙවිලා ගියා. මගේ ඇස් ඉස්සරහම එයාලා ආදරේ කරන එක මට අරුමයක් උනේ නෑ. ඒත් දකින වාරයක් ගානෙ හිත කෑ ගහල ඇඩුවා. ඒත් මං ඉවසුවා. මදූශිත් කල්හාරත් ඉස්කෝලෙ ජනප්‍රිය චරිත දෙකක් උනු නිසාම එයාලගේ ආදරේත් මුලු ඉස්කෝලෙම ලේසියෙන්ම දැනගත්තා.
"අරුන් ලව් කරන විදිහට නම් මට හිතෙන්නෙම අපේ ඉස්කෝලෙ ලේබර් රූම් එහෙකුත් දාන්න වෙයි කියල බන්."
ශාලාවක් පිටිපස්සෙ රූස්ස ගහක් යට මදූශියි කල්හාරයි ඉන්න හැටි පෙන්නලා පහල පංතියක කොල්ලෙක් කියනව මට ඇහුනා.
කාලය ගත උනා.A/L වලින් බෙස්ට් රිසල්ට්ස් තිබ්බේ මට. මං සතුටු උනා. ඒත් මදූශිත් කල්හාරත් දෙන්නම ෆේල්. කල්හාර ගැන මට දුක හිතුනා. ඒත් මං මොකක් කියල කරන්නද. මගේ විභාගේ රිසල්ට්ස් ඇවිත් මාසයක් යන්නත් කලින් තාත්තාගෙ කන්ට්‍රැක් එක ඉවර කරල නිසා අපිට ආපහු කොලඹ එන්න සිද්ද උනා. ඉතින් මගේ පාසල් ජීවිතයේ අවසානයත් මගේ ප්‍රතම ප්‍රෙමයේ ඒක පාර්ශවික මතකයත් අරන් මං ආපහු කොලඹ ආවා.
-----------------------------------------
අවුරුදු 3කට පසු
"ට්‍රීං..... ට්‍රීං......"
"සුදු දූ..... ඇහෙන්නේ නැද්ද ඔය ෆෝන් එක ගන්නකෝ."
අම්මා කුස්සියෙ ඉදන් කෑගහනෝ.
"අනේ අම්මා ගන්නකෝ...."
"මගේ අතේ පිටි දරුවො අත සෝදන්න වෙනවා."
"අනේ අම්මා ගන්න. කොහොමත් අත සෝදන්න වෙනවනෙ. ඔයකට කෝල්ස් එන්නේ අම්මට විතරනෙ."
"අනේ මංදා තියෙන කම්මැලිකම"
අම්මා බැන බැනම සාලෙට එනවා මං අහගෙන. ඒත් ඉතින් මං ඇත්තනෙ කිව්වේ. මට කෝල් කරන්න කියලකවෘත් නැහැනෙ. කෝල්ස් එන්නෙ අම්මටම නිසා අම්මම අන්ස්වර් කරන එක හොදයි. නැත්තන් මං කොහොමත් 'අම්මේ... කෝල් එකා....ක් " කියල කෑගහන්නත් එපැයි. අනික නිවාඩු දවසෙ ඇදෙන් බහින්නවත් මං කැමති නෑ.
"සුදු දූ ඔයාට."
අම්මා සාලෙ ඉදන් කෑගැහුවා.
'අහ්.. කව්ද බොලේ මට කෝල් කරන්නේ'
කියල හිත හිතම මං ෆෝන් එක ලගට ගියා.
" හෙලෝ...."
"හෙලෝ. සුමංගි. මේ මං බං. දෙව්නි"
"අනේ දෙව්නි කොහොමද බං. කොච්චර කාලෙකින්ද"
මං කොලබ ආවට පස්සෙ දෙව්නි මට කතා කලත් දිගටම සම්බදකම් තියාගන්න බැරි උනේ අපි දෙන්නම රැකියාවන් එක්ක කාර්‍යබහුල උනු නිසයි.
" ඉතින් කියපන් දෙව්නි කොහොමද විස්තර."
"හොදයි බන් ඉතින්. මං මේ ගත්තේ පුංචි පනිවිඩයක් දෙන්න. අපේ බැජ් එකේ කට්ටිය බැජ් පාර්ටි එකක් ඇරේන්ජ් කරල බන්. පෙබරවාරි 14 තියෙන්නෙ. උබත් අනිවාර්‍යෙන් එන්නෝනි හොදේ."
ඉස්කෝලේ ගැන කියද්දිම මට මතක් උනේ කල්හාරව. ඉතින් පුන්චි ආසවක් ආවත් පාර්ටි එක ගැන ඒකත් එහෙම්ම නැති වෙල ගියා.
"අනේ මට බෑ බං."
මං කිව්වා
"අනේ බෑ කියන්න නම් එන්නෙපා මාත් හුගක් ආසාවෙන් ඉන්නෙ යන්න හැබැයි උබ නාවොත් මං යන්නෙත් නෑ."
"අනේ බං... උබ දන්නෝනෙ ඉතින්."
"මොන පිස්සුවක්ද බං. දැන් අවුරුදු කීයක් උනාද.ඔය රෙද්ද අමතක කරපං. මං වෙනුවෙන් වරෙන්. අනික කල්හාර රටෙත් නැද්ද කොහෙද. පාර්ටි එක ගැන කතා කරන්න දාගත්තූ මීටින් එකට ආවෙත් නෑ. ඌ පාර්ටි එකට එන්නෙත් නෑ. උබ වරෙන්."
"හ්ම්ම්ම්. කොහෙද බන් තියෙන්නෙ"
"හොටෙල් වයිට් පැලස් එකේ බං. ඩ්‍රෙස් කෝඩ් එක රෙඩ් ඇන්ඩ් බ්ලැක්."
" හරි බං මං එන්නම්."
" හොද ලමයා. එහෙනම් මං තියන්නම් බන්. වැඩ කරන ගමන්."
කෝල් එක කට් කරාට පස්සෙත් මං හුගක් කල්පනා කලා.
"ඔන්න ඔහේ යනවා"
මං හිතාගත්තා.
14 වෙනිදා උදෙන්ම නැගිට්ටෙ ලෑස්ති වෙලා හම්බන්තොටට යන්නත් ඕනි නිසා. අලුතෙන් ගත්තු රෙඩ් ෆ්‍රොක් එක ඇදලා හීල් එකත් දාලා පිට මැදට තිබ්බ කොන්ඩේ දීපිකා පදුකෝන් වගේ පෝනිටේල් එකක් දැම්මා. සිම්පල් මේකප් එහෙකුත් දාගත්තා.
"අම්මේ මෙයාගෙ ලස්සන. ශුවර් එකටම බැජ් පාර්ටි එකට නේද යන්නේ."
අම්ම අහන්නෙ අද වැලෙන්ටයින් නිසා වෙන්නැති. ඒත් මගේ වැලන්ටයින් නැති වෙලා අවුරුදු දෙකකටත් වැඩි අම්මේ. මං හිතින් කිව්වා.
" ඔව් ඔව් අම්මා. ෆොටෝස් අරන් එන්නම්කෝ මං."
මට යන්න කැබ් එකක් ඇවිල්ලයි තිබුනේ. මං අම්මටත් වැදලා පිටත් උනා. එන ගමනෙදි මට මතක් උනේ මගේ ජීවිතේ ගැන. මේ අවුරුදු තුනටම ආදර යෝජනා කීයක් ආවද. ඒත් කව්රු ආදරෙයි කිව්වත් ඒ වෙලාවට මට මතක් වෙන්නෙ කල්හාරගේ කදුලු පිරුනු මූන. ඒ නිස මේ වෙනකන් ආදරේක රසයක් විදින්න මට පුලුවන් උනේ නෑ.
වයිට් විලා හොටෙල් එක ලස්සනට සරසලා තිබුනා. මං ඇතුලට ගිහින් කොනේම මේසෙකින් වාඩි උනා. ටික වෙලාවකින් දෙව්නිත් ආවා. හුග කාලෙකින් දැකපු මගේ මිතුරිය එක්ක හුගක් වෙලා කතා කර කර හිටියා.
" සුම්..."
ඒ ඇහුනු හඩට මගේ පපුව නැවතුනා පිටිපස්ස හැරිලා බලන්නෝනි උනත් මට හෙල්ලෙන්නවත් බැරි උනා.
"සුම් කොහොමද ඔයාට"
එයාම ඇවිත් අපේ ටේබල් එකේ මගේ ලගින්ම වාඩි උනා."
"හො හො හොදයි කල්හාර"
"කෝ මහත්ත"
"මොන"
"ඔයාගෙ මහත්තයා. අර එයා එයා ඉන්නව කියල මාව එපා කිව්වේ. "
"අහ් එ එයා ඉන්නවා"
"හ්ම්ම් මැරි කලාද.?"
"න් නෑ තාම"
"කෝ මදූශි."
මං එහෙම ඇහුවාම එයා හිනා උනා.
"ඇයි කල්හාර"
"මදූශි නෑ."
"ඇ ඇයි මොකද උනේ."
"මොනා වෙන්නද සුම්.... මං කවදාවත් එයාට ආදරේ කලේ නෑ."
එයා එහෙම කියද්දි හයියෙන් හයියෙන් පපුව ගැහෙන්න ගත්තා.
"ඔයා මාව එපා කිව්ව නිසයි මං ඔයාට පේන්න එයා එක්ක හිටියේ. ඒත් ඒ සංකර ආදරේට මං කවදාවත් ආදරේ කලේ නෑ. ඒත් පස්සෙ මට ඒකෙන් මිදෙන්න බැරි උනා. ඔය මෙහෙන් ගියාටත් පස්සෙයි මට දැනගන්න ලැබුනෙ එයා ඔයාට තර්ජනය කරපු නිසයි ඔයා මගෙන් ඈත් උනේ කියලා. ඒ දැනගත්තු ගමන් මං එයාව අතෑරියා. ඔයාට වෙන කොල්ලෙක් නෑ කියල මං දන්නව සුම්. ඒ නිසා ඔයාව මට කවද හරි හම්බෙයි හියල හිතන් මං ජීවිතේ හදාගන්නව සුම්. මං දැන් ඉන්නෙ ඕස්ට්‍රේලියා වල. ඩිග්‍රී එකක් කරනව. ඊට පස්සෙ හොද ජොබ් එකක් කරල සදහටම ඔයාව බලාගන්න මට පුලුවන් සුම්. අදවත් කියන්න මට ආදරෙයිද. මං ඔයාට හරි ආදරෙයි සුම්..."
කල්හාර එදා වගේම ඇස් දෙකේම කදුලු පුරවන් කිව්වා. මගේ ඇස් දෙකෙනුත් කදුලු කැට වැටෙද්දි මං මගේ ජීවිතේ උතුම්ම සම්පත දෝතින්ම පිලිගත්තා.
"ඒ මගේ මහත්තයගෙ ආදරේ."

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.