❤️😍 වැලන්ටයින්_දිනයේ_ඔවුන්ගේ_ගමන😍❤️ 🔴 විනාඩ්යක්_නැවතිලා_කියවලා_යන්න_හිතට_ගොඩක්_දැනෙයි

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
""අනේ අයියේ මාව කොහෙද මේ එක්කන් යන්නේ...? අනේ මට බයයි දෙයියනේ...😢😢""
"" අනේ නංගි කෑ ගහන්න එපා. මිනිස්සු බලනවනේ... ""
"" ඒත් ඔයා මෙහෙම ගමනක් යනවා කිව්වේ නෑනේ අයියේ... ""
ඒ ඔවුන්ගේ ආදර කතාවේ වැලන්ටයින් දවසයි.. ඇය සහේළි අංජනා විජේතුංග , තවමත් අධ්යාපනය හදාරන ඇය ඉතාමත් රූමත් අහිංසක සුන්දර තරුණියකි.. ඔහු නිසල් මිහිරාන් රාජපක්ෂ , පුද්ගලිග රැකියාවක් කරන ඔහු සහේළිගේ ලස්සනට ගොඩක් වශී වුණා.. මේ ඔහුන්ගේ ආදරේ කතාවේ පළමු වැලන්ටයින් සැමරුමයි...
📞
👩 " සුදු අයියේ කොහෙද ඉන්නේ....? "
👨 " මං මේ ගෙදර යන ගමන් පැටියෝ... "
👩 " අනේ බයික් එකේ නේද මහත්තයෝ..."
👨 " ඔව් මැණික.. "
👩 " එහෙනම් ගෙදර ගිහින් ගන්න සුදු අයියේ.. "
👨 " නෑ... නෑ... කියන්න මැණික..මං බයික් එක නැවැත්තුවා... "
👩 " අයියේ හෙට නිවාඩු දැම්මද ඔයා..? "
👨 " ඔව් මැණික නිවාඩු දා ගත්තා ඉතින් මං පැටියා වෙනුවෙන්ම... "
👩 " හෙට අපි කොහෙද අයියේ යන්නේ...? "
👨 " ම්ම්ම්ම්ම්ම්.... ඒක කියන්නේ නෑ... "
👩 " අනේ ප්ල්ස් කියන්නකෝ අයියේ... ?? "
👨 " ඇයි බයද පැටියෝ...? මාව විශ්වාස නැද්ද...? "
👩 " අනේ විශ්වාසයි අයියේ ඔයාව... "
👨 " අපි මෙච්චරකාලයක් නොගිය තැනකට යමු පැටියෝ , එතන්දී මං ඔයාව මගේම කරගන්නවා.. "
නිසල්ගේ ඒ වචන ටිකටනම් සහේළිට දැණුනේ ලොකු බයකි... ඒත් ඇය නිසල්ව ගොඩක් විශ්වාස කරා..
👩 " හරි මහත්තයෝ මං ඔයාව ගොඩක් විශ්වාස කරනවා , ඔයා දැන් පරිස්සමින් යන්නකෝ ගෙදර.. "
සහේළිට මුළු රෑ පුරාම නින්දක් නැති තරම් ය...
"" කොහේටද මාව එක්කන් යන්නේ.. ? ""
"" අපි කවදාවත් නොගිය තැන මොකද්ද...? ""
"" මාව එයාගේම කර ගන්නවා කිව්වා ඒ කොහොමද....? "
ඇය ඇයගෙන්ම ඒ ප්රශ්න වලට උත්තර හෙව්වත් උදේ වන තුරුම උත්තර නම් ලැබුනේ නැත....
👨 " කොහෙද මැට්ටි ඉන්නේ....? මං මේ ඔයාලගේ ගෙවල් වලට හැරෙන තැන... "
👩 " අනේ ඉන්න අයියේ කළින් එන්න බෑනේ ගෙදරින් වෙනද වෙලාවටම එන්න ඔනී.. නැත්නම් අම්මා බලයි කළින් ඇයි කියලා.. "
නිසල් බයික් එක මත වාඩි වී පාර දෙස බලා සිටියේ සහේළි එනවාදැයි කියාය.. මද වෙලාවකට පසු ඈතින් සහේළි එන බව දුටු නිසල්ගේ ඇස් නිලංකාර විය.. වැලන්ටයින් නිසාම ඇය ඇගටම තද වූ රතු පාට බ්ලවුස් එකක් සහ ඩෙනිමක් ඇද ගෙන පැමිණියාය.
👨 " අම්මෝ අද මගේ කෙල්ලගේ ලස්සන... "
👩 " අනේ යන්න බොරු කියන් නැතුව , කෝ ඔයාගේ රතු පාට ට් ශර්ට් එක මොකද මේ සුදු පාට... "
👨 " අනේ ඒක අම්මා හොදලා වේලිලා නෑ පැටියෝ... එකට කමක් නෑ ඔයා රතු පාටනේ.."
හෙල්මට් එක දා ගත් සහේළි බයික් එකට නැග නිසල්ව හයියෙන් තුරුල් කර බදා ගත්තා....
👩 " අයියේ අපි කොහෙද යන්නේ... "
👨 " හරි හරි ඔහොම ඉන්නකෝ අපි තැනකට යන්නේ...."
ටික දුරක් ප්රධාන පාරේ බයික් එකේ ගොස් නිසල් එකවර ඇතුල් පාරකට බයික් එක දැම්මා.. සහේළි එවිට දැඩි ලෙස බිය වූවා...
👩 "අනේ අයියේ මාව කොහෙද මේ එක්කන් යන්නේ...? අනේ මට බයයි දෙයියනේ...😢😢"
👨 "අනේ නංගි කෑ ගහන්න එපා. මිනිස්සු බලනවනේ... "
👩 "ඒත් ඔයා මෙහෙම ගමනක් යනවා කිව්වේ නෑනේ අයියේ... "
ඇතුල් පාරේ ටික දුරක් පැමිණ නිසල් ගියේ විශාල වත්තක් මැද තිබූ ගෙදරකටය...
" ආ... නිසල් මචං වෙලාවටම ඇවිත් උඹ , රූම් එක ලැස්ති කරලා තියෙන්නේ...."
ඒ නිසල්ගේ යාලුවෙක් වන රමේශ් ය.... සහේළි ඇස් වල කදුලු පුරවන් නිසල්ගේ අත හයියෙන් අල්ලාගෙනම සිටියා.. නිසල් සහේළිත් කැටුව නිවස තුලට ගොඩ වුණා...
" අහ්... එන්න එන්න නිසල් අයියේ.... "
ඒ නිසල්ගේ යාලුවා රමේශ්ගේ බිරිදය..
👨 " නංගි මෙයාව රූම් එකට එක්කන් යන්න."
නිසල් ඇයට කිවේ ය... සහේළිද ඉතාමත් බයකින් වුවත් ඇය සමග ඇතුළට ගියේ ඇයත් ගැහැණියක් නිසාමය...
නිසල් රමේශ් සමග කතා කරමින් සිටින විට මොහොතකට පසු සහේළි කෑ ගසන්නට පටන් ගත්තා.....
👩 " නිසල් අයියේ..... අනේ...... එන්නකෝ දෙයියනේ... "
නිසල් වහා සහේළි සිටිනා රූම් එකට දිව ගියේය...
නිසල් රූම් එක ඇතුළට යනවාත් සමගම සහේළි නිසල් ළගට පැමිණ ඔහුව හයියෙන් තුරුල් කර ගත්තේ මහ හයියෙන් අඩමිණි....
👩 " මට සමාවෙන්න සුදු මහත්තයෝ , ඔයාව වැරදියට හිතුවට.. දහස් වතාවක් සමාවෙන්න.. මං හීනෙන්වත් හිතුවේ නෑ මෙහෙම දෙයක් දෙයියනේ... මේ සුදු ඇදුම් ටික මට අන්දවන්න ද මෙහෙම දෙයක් කරේ මට දෙයියෝ... "
ඔව් ඒ සුදු බ්ලවුස් එකක් හා සුදු කලිසමකි.. ඒ ඇයටය.. නිසල් මේ සියල්ල කරේ ඇය සමග මේ ආදරණීය දවසේ පන්සල් යාම සදහාය...
👨 " හරි මැණික , මටත් සමාවෙන්න කියන් නැතුව මෙහෙම දෙයක් කරාට , දැන් කදුලු පිහ දාල ලැස්ති වෙන්න ඉක්මණට... "
සහේළි ලැස්ති වූ පසු ඔවුන් දෙදෙනාම ගියේ ඉතාමත් ලස්සන පන්සලකටය... පන්සලේ සිටි සියලු දෙනා නිසල් දෙසත් සහේළි දෙසත් බැලුවේ ඉතාමත් විශ්මයකිනි.. මොකද එදා වගේ දවසක පන්සලකට පැමිණි එකම යුවල ඔවුන් නිසාමය.... සහේළිද ඉතාම ආදරයෙන් හා ආඩම්බර කමෙන් නිසල් සමග පන්සල් බිමට ගොඩ වූවා....
දෙදෙනාම පහන් පත්තුකර මල් පුජා කොට වැද බෝ මළුවේ ඉදිරිපස වාඩි වූවා...
👨 " සුදු නංගි ඔයාට සතුටුයි නේද මැණික....?"
👩 " ඇත්තටම මහත්තයෝ මං තරම් සතුටු වෙන මං තරම් වාසනාවන්ත කෙල්ලෙක් මේ ලොකේ කොහෙවත් නෑ.. "
👨 " ආදරෙයි සුදු මැණික ගොඩක්... 😍😍 "
👩 " මාත් ආදරෙයි සුදු මහත්තයෝ ගොඩක්.... ගොඩක්.... ගො......ඩ.....ක් 😍😍 "
අපි ආදරය කරන අපේම අයව සතුටු කරන්න මහාලොකු තෑගි දෙන්න ඕනී නෑ... එයාලා සතුටු වෙන විදිහේ දේවල් කරාම හොදටම ඇති.... හැමෝම කියයි මේවා බොරු කතා විතරයි කියලා... නෑ මෙහෙම ආදර කතා ගොඩක් තියෙයි.. ඒ ආදර කතා පිටට පෙන්නන් නෑ , හරිම සුන්දර විදිහට හොර රහසේ ගලාගෙන යන සුන්දර කතා...
මේවා කතාම විතරයි කියන හිතන ඇය උත්සහ කරන්න තමන්ගේ ආදර කතාව මේ වගේ හැබෑවක් කරන්න.. ඒ සතුට කොච්චර වෙයිද කියලා හිතන්නත් බැරි තරම්...
ප්රර්ථනා කරනවා හැමෝගෙම ආදර කතා සුන්දර ලස්සන එකක්ම වෙන්න කියලා... ❤️
Share this post :
--------------------------
---------------------------------

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI