ඇස්දෙකේ තියාගෙන කරපු ආදරයට කලේ හරිදේද සුද්දි.....දවසක තැවෙයි විදවයි.දුක්වෙයි.මතක්වෙයි...එදාට මං ඔයාලග නැ.....
" නිවාඩුවකට ආවමවත් උබට ගෙදර ඉන්න බැරිද කොල්ලෝ....?"
" අනේ අම්මේ ඉතින් කෙල්ල බලාගෙන ඉන්නවනේ මං එනකම්...මං ඉක්මනට එනවා සුදු නෝනව බලලා..."
" ලොකු පුතේ....ඒ ළමයා ගැන අහන්න ලැබෙන ආරංචි නම් එච්චර හොඳ නෑ...වත්තේ හැම එකාම කියන්නේ ඒකි උබව රවට්ටනවා කියලා..."
" මල විකාර...මාව රවට්ටන්න මොමකෝ මං බබෙක්ද...වත්තේ උන්ට ඊරිසියායි අම්මේ...සුදු නෝනා වගේ ලස්සන කෙල්ලෙක් මට මෙහෙම ආදරේ කරනකොට උන්ට බලාගෙන ඉන්න බෑ..."
තිවංක කණ්ණාඩියෙන් පෙනෙන තමන්ගේ තද කලු මුහුණ දිහා බැලුවා..වගීෂා වගේ ලස්සන හුරුබුහුටි කෙල්ලෙක්ගේ ආදරේ ලබන්න තරම් තමන් වාසනාවන්තයි කියලා හිතුණ පලවෙනි වතාව නෙමෙයි මේ.යුධ හමුදාවේ රාජකාරියේ නියුතු තිවංක පවුලේ වැඩිමහල් දරුවාය..තිවංකට බාල නැගණියන් දෙදෙනාගේ බරත් කරට අරගෙන වගීෂගේ හැම වියදමක්ව බැලන්ස් කරගෙන ගියේ තිවංකගේ පඩියෙනි.
සමහර මාසයන්හි මුලු පඩියම වගීෂා වෙනුවෙන් වියදම් කරන්න වුනු අවස්ථාද එමටය.කැලණි විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන වගීෂාට අඩු පාඩුවක් නොදැනෙන තරමට තිවංක කෙල්ලට අත දිග ඇරලා වියදම් කලා..
" සුදු අයියේ....පොත් ගොඩාක් ගන්න තියෙනවා...මට නම් දැන් මේ කැම්පස් ජීවිතේ ඇති වෙලා තියෙන්නේ අයියේ...මං කැමති නෑ අයියට බරක් වෙන්න..ඒත් මං කාටද මේවා කියන්නේ ? අම්මාටත් හොදටම අසනීපයිලු...මං හිතුණොත් මේ හැමදේම නවත්තලා ගාමන්ට් එහෙකටවත් යනවා දෙයියෝ..."
වගීෂාගේ හැඩුම අහන් ඉන්න තිවංක හැමදාමත් කදුලු බිව්වේ හොර රහසෙය.දුක් විදින කෙල්ලව සතුටින් තියන්න පුලුවන් හැමදේම ඔහු කලේ පුදුමාකාර උනන්දුවකින්..මුලු පඩියම කෙල්ලගේ බැංකු ගිණුමට දාපු දවස් වලට තිවංක ගෙදරට වියදම් කලේ ගිණි පොලියට සල්ලි අරගෙනය...ඒ කිසිවක් අදටත් දන්නේ තිවංකම පමණි....
" නාඩා ඉදපං සුද්දි...මං සල්ලි දාන්නම්..උබ හොදට ඉගෙන ගනින්...චූටි ටීචර් කෙනෙක් වෙලා අයියට ආදරේ කරපං..මට ඒ ඇති..."
" අනේ දෙයියෝ...පපුව පැලෙන්න එනවා ඔහොම කියද්දි...මං ආදරෙයි අයියේ...චූටි බොරුවක්වත් කරන්නේ නෑ ඔයාට මං.."
වගීෂගේ වචන තිවංක පණ වගේ විශ්වාස කලා..මේ අද ඔහු යන්නේ වගීෂාව පුදුම කරන්නටය.මාස ගාණකින් තමන්ව දැක්කම කෙල්ල උඩ පනිවි සතුටට..එහෙම හිතලා තිවංක ලෑස්ති වෙලා පාරට බැස්සා..
" පරිස්සමෙන් යමං ලොකු පුතේ...රෑ වෙන්න කලින් වරෙන්..."
තිවංක අම්මාට වැදලා එන්න ආවා..කොළඹ බස් එකට නැගලා කොල්ලා ෆෝන් එක අතට ගත්තේ වගීෂගේ මුහුණ බලන්න..එක්කෝ ඕනේ නෑ..ගිහින්ම කෙල්ලව බලනවා..නුවර පාරින් බැහැලා කඩවත බස් එකට නැග්ග තිවංක හීන දාහක් මැව්වේ කෙල්ලව සතුටින් තියන්නේ කොහොමද කියලා.ගිය ගමන් සුදු නෝනව පොඩ්ඩක් වඩාගන්න ඕනේ...එක්කෝ ඕනේ නෑ..ඒකිට ලැජ්ජා හිතෙයි..නෝමල් එකේ අතකින් අල්ලන් යන්න ඕනේ..කැම්පස් එකේ උන් දැනගන්න ඕනේ ඒකි මගේ කියලා..
හීන කෝටියක් හිතේ තියන් තිවංක කැම්පස් එක ලගින් බැස්සේ හරියටම ඔරලෝසුවේ වෙලාව හතරේ කනිසම වැදෙනකොට.කොල්ලෝ කෙල්ලෝ පොකුරු පිටින් ගේට්ටුවෙන් එපිටට ආවත් වගීෂාගෙ රුව ඒ අතර නොවිනි..තිවංක ඉක්මනට කෙල්ලට කෝල් කලේ බය වැඩිකමට..නමුත් කෙල්ලගේ මොබයිල් එකද ක්‍රියා විරහව තිබිනි...
" නංගී...නංගී ඔයා වගීෂව දන්නවද...සෙකන්ඩ් ඉයර් වල ඉන්නේ..."
" අහ් ඔව් අයියේ...එයාව දන්නවා...ඇයි මොකක්ද ප්‍රශ්නේ...?"
" එයා මේ අද කැම්පස් ආවද කියලා දැනගන්න..."
" ආවා ආවා...අද වැලන්ටයින් හින්දා කපල් එක කලින්ම ගියානේ අයියේ...අයියා වගීෂාගේ අයියා ද...?"
ඒ වචන වලට තිවංකගේ බෙල්ල නිරායාසයෙන්ම හෙලවිණි.පපුව කෙනිතිනි.එතනම වැලලෙන්නට හිතුණත් කොල්ලා අඩන හිත හයිය කරගත්තේ වගීෂා එලෙස නොකරාවි කියන විශ්වාසෙට..යන්නේ කොහෙටද කියලවත් හිතාගන්න බැරුව තිවංක පාර දිගේ පිස්සෙක් වගේ ඇවිද්දා.ඇස් වලට කදුලු උනන වාරයක් ගාණෙම වගීෂා එහෙම නැතැයි කියලා හිතලා ඔහු හිත හදාගන්න වෑයම් කලා...
" අඩෝ...තිවංකයා....උබ මෙහෙ මොනවද කරන්නේ...?"
තිවංක ලගම නතර කරපු කාර් එකේ හිටියේ පාසල් කාලේ එකටම ඉගෙන ගත්තු වජිර..
" වජිරයා....මං මේ කෙල්ලව බලන්න ආවා බං..."
"අප්පට... වැලන්ටයින් නේ නේද...එල එල...කෝ දැන් කෙල්ල ?"
" කෙල්ල...කෙල්ල බං බෝඩිමට ගිහින්...මං එන්න පරක්කු වුණ හින්දා මමමයි කිව්වේ බෝඩිමට යන්න කියලා බං..පව් නේ රස්තියාදු වෙනවා..."
" හරි හරි නැගපංකෝ...කාලෙකට හම්වුන එකේ මොනවා හරි බීලම කතා කරමු..."
වජිරගේ ඉල්ලීමට තිවංක ඔලුව වැනුවා.ආගිය විස්තර කතා කරගෙන ඔවුන් ආවේ කොළොංපුරේ තිබුන ප්‍රසිද්ධ හෝටල් සංකීර්ණයකට...
" වරෙන්...උබගේ පෙනුමෙන් නම් උබ හොදින් නෙමෙයි වගේ ඉන්නේ..."
" එහෙම දෙයක් නෑ බං...මේ කොහෙද යන්නේ..?"
" මෙහෙ වරෙන් බං...උබලා ඉතින් අව්වේ වේලි වේලි ඉන්නවා මිසක් ජීවිතේ විදින්න දන්න උන් නෙමෙයි නේ...පොඩ්ඩක් වියදම් කරලා ජීවිතේ විදපං..."
" මට තේරුණේ නෑ...උබ මොනවද කියන්නේ ?"
" වරෙන්කෝ...අද වැලන්ටයින් එකේ උබට ආතල් එකක් ගන්නත් බැරි උනානේ...අනුන්ගේ පහනෙන්වත් එලිය බලපංකෝ...වරෙන්කෝ.."
කියලා වජිර තිවංකව හෝටල් සංකීර්ණය ඇතුලට එක්කගෙන ආවේ වදෙන් පොරෙන්.වගීෂා ගැන හිතමින් උන්නා විනා කොල්ලට සිහියක් පතක් තිබ්බේ නෑ..වජිර හෝටල් කාමරේකට ඇවිත් ටීවී එක ඔන් කරලා බියර් ටින් එකක් තිවංක අතෙන් තිබ්බත් තිවංක මොබයිල් එක දිහාම බල බල වගීෂාගේ ඇමතුමක් හෙව්වා..
" අද හෝටලේ පිරෙන්නම කපල්ස් ඉන්නවා බං...රූම්ස් සේරම බුකින්...කෙල්ලෝ අද උන්ගේ ඔක්කොම පූජා කරන දවසනේ...බලපංකෝ මේවා..."
" ෂික්...මේ මොනවද යකෝ..."
" ඇයි බං...රූම්ස් වල කැමරා දාලා තියෙන්නේ...උනුත් ආතල් ගන්නවා අපිත් ආතල් ගන්නවා අවුලක් නෑනේ..."
කියලා වජිර වීඩියෝ පෙලක්ම තිවංක ඉදිරියේ දිග ඇරියා.ඒ අතර පුංචි කෙල්ලෝ වේදනාව කාගෙන පිරිමි ඇගවල් වලට යටවෙලා ඉන්න අසික්කිත වීඩියෝ දර්ශන දැකලා කොල්ලා දෑත මිටි මොලව ගත්තා..ඒත් එක පාරටම දැකපු හුරු පුරුදු රුවට කොල්ලා ගැස්සිලා ගියා..
" සු...සුදු නෝනා....?"
තිවංකගේ ලේ පවා රත් වෙලා ගියා.දෙවියනේ වගීෂා..හැඩි දැඩි කොල්ලෙක්ගේ ඇග උඩට වෙලා නිරුවතින් උන්නේ වෙන කවුරුත් නෙමෙයි කොල්ලගේ පණ හා සමාන වෙච්ච වගීෂා..වගීෂාගේ නිරුවත රහ කරගෙන විදින වජිරට කණට පහරක් දුන්නු තිවංක ඉක්මනින්ම හෝටල් කාමරෙන් එලියට ආවා.ඉන්නවද මැරෙනවද කියලා හිතුන වාර අපමණය..
පණ දෙවැනි කර ආදරේ කල කෙල්ල වෙන කොල්ලෙක් එක්ක එක ඇදක දගලනකොට තිවංකට තමන් ගැනම ඇති වුණේ අපුලක්..කොල්ලා කොළඹින් බැහැලා වහ කුප්පියක් ගත්තේ ගෙදර ගිහින් බීලා මැරෙන්නටය.ජීවත් වී පලක් නෑ...ජීවිතේම ඒකිගේ ආදරේට වෙන්දේසි කරලා ආදරේ කරපු ඔහුට වෙච්ච වංචාව තිවංකට දරාගන්න බැරි වුණා..
බස් එකේ එනකනුත් කොල්ලා මහ හුගක් ඇඩුවේ හැම පිරිමි ගාම්භීර කමක්ම පැත්තකට විසික් කරලා.ෂර්ට් කොලරයේ කදුලු ටික පිහදුව තිවංක ගේ ලගින් බැහැලා ගෙට ගොඩ වුණා.අම්මත් නංගිලා දෙන්නත් තමන් එනකම් දොරකඩ ලග බලං ඉන්නවා දැක්කම කොලු හිත අලු වෙලා ගියේ සත්තකින්මයි..
" ලොකූ....සුදු අක්කිව බැලුවද...ඔයා මොනවද එයාට අරං දුන්නේ...කෝ ෆොටෝ පෙන්නන්නකෝ..."
ලොකු නංගී අහනකොට තිවංක කිසිත් නොකියා කාමරේට වැදිලා දොර වහගත්තා..ෂර්ට් එක උනලා දාලා වගීෂාගේ හැම පින්තූරයක්ම මොබයිල් එකෙන් මැකුව තිවංක වහ කුප්පිය අතේ මිටි කරගත්තේ මැරෙන්න ධෛර්යය ගනිමිනි...
" ලොකු පුතේ...මයේ අම්මා කෑම කෑවද....කෙල්ල හිත රිද්දුවා නම් අමතක කරලා දාපං පුතේ..උබට ආදරේ එකියක් ලැබෙයි..."
තිවංක පුදුම වුණේ අම්මා කියපු දේවල් වලට.කොල්ලව ඉක්මනට තේරුම් ගන්න ඇයට පුලුවන් වුනා.ඒත් හිතේ වේදනාව වැඩි නිසාම කොල්ලා වහ බෝතලේ ඇරලා මුවට ලං කරගත්තා..
" කාලත් නෑ රත්තරනේ අපි...දැන්වත් වරෙම් බත් ටිකක් කන්න...බඩගින්නේ බෑ...."
ඒ වචන ටික ඇහුන ගමන් කොල්ලා වහ කුප්පිය ජනේලයෙන් එලියට විසික් කරලා දොර ඇරගෙන ඇවිත් අම්මාගෙ උකුලේ හිස හොවාගත්තේ කදුලු වගුරමින්...
" මං රැවටුණා අම්මේ...මං මං මොනවද ඒ දැක්කේ...මට හිතාගන්න බෑ අම්මේ ඇයි සුදු නෝනා එහෙම කලෙ...."
" නාඩා ඉදින් වස්තුවේ....කෙල්ලෙක් හින්දා උබ විදවන්න එපා..මේ අම්මාගේ ආදරේ මදිද උබට...."
" අම්මා...."
" ජීවිතේ කවුරුත් අපිට ආදරේ නෑ පුතේ අම්මා තාත්තා වගේ...පිටින් ලැබෙන ආදරේ විශ්වාස කරලා ජීවිතේ කැපකරන්න තරම් මෝඩ වෙන්න එපා උබ...මේ අත් වල කර ගැට හැදෙනකම් හේන් කොටලා උබව ලොකු මහත් කලේ කෙල්ලෙක් නිසා මැරෙන්න නෙමෙයි සුදු පුතේ...උබ වහ කුප්පිය අරන් යනවා මේ අම්මා දැක්කා..ඒත් උබට කියන්න ඕන හොදම විදියට තමයි මම උබව බේරගත්තේ..."
" රත්තරං අම්මේ..."
" අම්මා ඉන්නවනේ මගේ පුතේ...කෙල්ලෝ කොල්ලෝ ජීවිතේ විනාස කරගන්න අද වගේ දවසක උබත් ඒ ගොඩටම වැටිලා මේ අම්මට නිගා කරන්න එපා..වරෙම් යන්න බත් ටිකක් කවන්න..."
තිවංකව වාරු කරගෙන අම්මා යනකොට ලොකු නංගිත් පොඩි එකිත් අඩාගෙන කොල්ලව බදාගත්තා....
__________________________ ____________________
උබේ ආදරේ ලග මම කොච්චර රැවටුණාද කියලා මට තේරුණා..ඒත් මතක තියාගනින් නංගියේ බදින්න කලින් ඇදක් උඩ දාගෙන උබේ යටි බඩ අත ගාන්න කොල්ලෝ දාහක් ආවත් ගැලවුණු රෙදි අන්දන්න පුලුවන් අවංක කොල්ලෙක්ට විතරයි...ජීවිතේ ආදරේ ලග පැරදුණාම කොච්චර හිතුණත් මැරෙන්න ,ඉවසපං එක මොහොතක්.මතක් කරපං රත්තරං අම්මව මතක් කරපං රත්තරං තාත්තාව...එතකොටත් උබලට මැරෙන්න හිතුණොත් මැරියව්...මොකද උබලා වගේ උන් ඉන්නවට වඩා හොඳයි මැරෙන එක....රූම් යන නංගිලාට එක දෙයක් කියන්න තියෙනවා...ආදරේ තරම පෙන්නන්න උබ ඇදකට නැග්ගට උබේ තරම බලාගෙන දාහක් මල පෙරේත හැත්ත බලාගෙන ඉන්නවා..උන් නිරුවත බල බල උන් වෙනමම වින්දනයක් ගන්නවා...
වැලන්ටයින් කියලා ඇදකට සේන්දු වෙන්න බලාපොරොත්තු වෙන ඔක්කොටම කියන්න හිතුණා මේක...ආදරේ තියෙන්නේ උබේ යටි බඩේද නැත්තම් හිතේද.....?
හිතන්න යමකට වඩා යමක්

__________________________