පොඩි කාලෙනම් මම මාරම දගයා අහල පහල ඉන්න අයට මගෙන් හොද පාරවල් කන්න වුනා

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
මෙය සැබැම සිදුවිමක් අසුරෙන් ගොඩනගන ලද්දකි.....

කොහොම පටන් ගන්නද කියල හිතා ගන්න බෑ..... පොඩි කාලේ ඉදලා එකට හැදුනත් පහු වෙන්න වෙන්න ගොඩක් දේවල් වෙනස් වුනා......
මම මොර‍ටුවේ එයාලා මාතර. මාතර කිව්වට ටිකක් මාතරින් ඇතුලට යන්න ඔනේ.
එයා මගේ නැන්දගේ එකම දුව.නමින්නම් ඇය බාශි අමන්දි.පව්ලේම ආදරේ ලබමින් හැදුනු එකියක් වු ඇයට කිසිම අඩු පාඩුවක් නොවීය.
මම සනත් පෙරේරා.මගේ පවුලෙ හතර දෙනෙකි,අම්මා,තාත්තා,නන්ගී සහ මම.
සෑම පාසල් නිවාඩුවකටම මාතර යන එක අපේ පුරුද්දක් වුනා.
ඔහොම පොඩි කාලේ ඉදලම අපි එහේ යන එකත් එහේ අය අපේ ගෙදර එන එකත් නිතර නිතර සිද්ද වුනා
පොඩි කාලෙනම් මම මාරම දගයා අහල පහල ඉන්න අයට මගෙන් හොද පාරවල් කන්න වුනා එ අය අතරින් බාශි අක්කට තමයි සැරම පාරවල් කන්න වුනේ.
ඒත් එකි එවා ගනන් ගත්තේ නැ මට මතක විදියටනම්.ආ කියන්න බැරි වුනානේ බාශි මට වඩා අවුරුදු තුනක් වැඩිමල්.
පොඩි කාලේ ඉදලම නම කියල එයාට කතා කිරීම මගේ පුරුද්දක් වුනා.
කිසිම දේක තේරුමක් නැති මම ඉස්සර පිස්සු වැඩමයි කරන්නේ.... එයාව අඩවන එක තමයි මගේ හොබී එක වුනේ.ඉස්සර විතරක් නෙමෙයි දැනුත් එහෙමම තමයි ඒ වුනාට ඒකි අඩනකොට මටත් දුකයි
පස්සේ කොහොම හරි ශේප් වෙනවා. ඔහොම කාලය ගෙවුනා දැන් ඒ දගයා ලොකු කොල්ලෙක්.
දවසක් අපි එහේ party එකකට ගියා.අපි දැන් ඉන්නේ ලොකු අම්මලයි ගෙදර එහේ තමයි party එක තියෙන්නේ. ගිය ගමන් මට ඔන වුනේ බාශිවත් එක්කන් එන්න...
අම්මේ මම නැන්දලහට ගිහින් එන්නම් කියපු මම ගියේ බාශිව party එකට් කලින්ම ගෙන්න ගන්න ඕන නිසාය
නැන්දලයි ගෙදර යනකොට නැන්ද මිදුල අතු ගගා හිටියේ
නැන්දේ බාශි කෝ මම ඇසුවේ කෘතුහලයකිනි
අහ් ඔන්න නානවා........ කියු නැන්දා ප්‍රශ්න දෙක තුනක් ඇහුවේ ආ ගිය විස්තර ටිකක් අහගන්නටය.... පුතාලා දැන්ද ආවේ??? ඔව් නැන්දේ දැන් ඇවිල්ල ටික වෙලාවක් වෙනවා...
අම්මලා වැඩ, මම මේ බාශිව එක්කන් යන්න ආවේ....
හා පුතේ මම කියන්නම් ටග්ගාලා ඇදගන්න කියලා.....
බාශී අන්න සනත් මල්ලී ඇවිල්ලා ඔයාව party එකට එක්කන් යන්න....
නැන්ද කියන හඩ මට ඇසී ට්ක වෙලවකින්...,,
අහ් සනත් දැන්ද ආවේ..... ඒ බාශිය... නෑ බන් ටිකක් වෙලා වෙනවා...
ටග්ගාලා වරෙන් වැඩ තියෙනවා...
මම එසේ කිව්වේ ගෙදරින් එලියට බහින ගමන්ය.... ඒත් එක්කම වගේ එයා ලෑස්ති වෙලා අවා.... පාර දිගේ යන ගමන් මම එයාගෙන් විස්තර ඇහුවා....
කාතාවෙන් කතාවෙන් party එක තියන තැනට ආවා......
party එකේදි ලගින් ලගින් හිටියා
එයාට තියෙන්නේ ලස්සන ලොකු ඇස් දෙකක්.එයා බලන විදියට,කතා කරන විදියට මම ආස කරා බොක්කේන්ම..........
ඒත් අපි සහෝදරයෝ වගේ නිසා මම ඒ හැගිම් වලට ඉඩ නොදෙන්නට වග බලා ගත්තේ මාරම ගේමක් දීලා
ඒ වෙනකොටත් මට කෙල්ලෙක් එක්ක යාලු වෙන්න උවමනාවක් තිබ්බේ නැ....
මගෙන් යලුවො උබට කෙල්ලෙක් නැද්ද කියල ඇහුවම මගේ එකම පිළිතුර වුනේ.. පිස්සුද බන් ඕකුන් මාරම වදයක් ඊට වඩා මෙහෙම හොදයි......
කියපු මට මගේ පවුලේ අයගෙන් අසීමිත ආදරයක් ලැබීම එකම හේතුව වුනා....
පාටි එක ඉවර වෙනකොට ටිකක් රෑ වෙලා..... පහුවදා මම එයාලගේ ගෙදර ගියේ අද අපි මොර‍ටු යනවයි කියන්නටය
ටිකක් වෙලා එහේ ඉදලා එයත් එක්කම ලොකු අම්මලයි ගෙදර ආව ටිකක් දවල් වෙන්න ආව ගමන්ම අපේ නන්ගියා බාශිගෙන් අහුවා අපේ ගෙදර යමුද කියලා,,......
ඒ ගමන්ම බාශිගේ මුන දිහා බැලූ මට දකින්නට ලැබුනේ එයාගේ මුනේ ලස්සන හිනවයි.,එක වරම බාශි අහ් මරු යමු මම බඩු ටික ලෑස්ති කරන් එන්නම් කියලා එයා ගෙදර ගියා
මටත් ඉතින් පට්ටම සතු‍ටුයි......................ඒත් එයා එදා ආවෙ නැත්නම් මම මෙච්චර හිතින් දුක් වෙන්නේ නෑනේ, කියල දැන් මට හිතෙනවා..... මොකද එයාට දැන් අමතක වෙන තරමටම මාව එපා වෙලා
ටිකක් හවස් වෙන්න බස් එකේ නැග්ග අපි ගෙදරට එනකොට රෑ නවය පහු වෙලා
එහෙමම කාලා වොශ් එකක් දාගත්ත මම නිදා ගත්තේ ගමන් මහන්සියටය,ඒ පහුවදා උදේ මොකද කරන්නේ කියල කල්පනා කරමිනුයි
එදා උදේ මම ඇහැරුනේ අම්මගේ කටහඩින්ය.සනත්....... සනත්........ නැගිටින්න
මොකක්ද අම්මේ ටිකක් නිදාගන්න දෙන්නකො... කියූ මම අනිත් පැත්ත හැරුනේ නැවත නිදාගන්නටය.... එවෙලේ තමයි බාශි අපේ ගෙදර ආව බව මතක් වුනේ
අදෙන් නැගිට්පු මම මුන හෝදගෙන තේක බීලා ෆෝන් එක අතට ගත්තේ fb යන්නටයි..... බාශි මැසේජ් පහක් විතර එවලා තීනව මම දැක්කා

hey....
gm....
mokada thama nidida bn?..
kammaliya....
nagitinawa...
ko ithin....
sanath.....
මම එහෙමම සද්ද නැතුව හිටියා.... ටික වෙලාවකින් තව එකක් අවා
ah danda nagitte mata ahuna muuna hodhanna yanawa
ටික වෙලාවකින් මෙන්න මෙයා කාමරේට ඇවිල්ලා පිට මැද්දැවට ඩෝන් ගාලා එකක් ගැහුවා
මොකෝ කන්න ඕන වෙලාද හොද හෝටලේකින් කියල මම එකවරම ඇසුවේ තරහකින් නම් නෙවෙයි.....පස්සේ මම එයාට උදේට කන්න කියලා කිව්වා එත් එයා මාත් එක්කම කන්ව කියලා ටික වෙලාවක් කතා කරකර හිටියා ටික වෙලාවකින් මගේ
යාලුවෙක් msg එකක් දාලා මගේන් අහුවා හෙට clz යනවද කියලා... මම ඌට රිප්ලයි කරල ඉවර වෙලා 4n එක මේස උඩින් තියනවත් එක්කම බාශි මගෙන් ඇහුව දෙයින් මට හිනා ගියා..... ඔයාගේ කෙල්ල මොකද කියන්නේ කියල බශි මගෙන් අහුවා....
පිස්සුවේයි බන් මට මොන කෙල්ලොද මගේ පිලිතුර විය.
බොරු නොකිය හිටපන් බන් එක වරම එයා කිව්වේ මාව කේන්ති ගස්සමිනි.... තාම කෙල්ලො ගැනනම්හිතලා නෑ උබ මගේ g.f වෙනවනම් මට සලකා බලන්න තිබුනා...... මම කටට ආපු දේ එකවරම කියා දැමුවේ හිතේ තිබුන තරහටය,,
නමුත් එයා කටකොනකීන් හිනා වුනේ මගේ ගැන යම් දෙයක් එයාගේ හිතේ තියෙන බව මට වටහා දෙමිනුයි..... ඇයි බන් උබට තරහා ගියේ නැද්ද??? පිස්සුද් මම තරහ වෙන්න යාලු වෙලාහිටියද.? මම ඇසූ ප්‍රශ්නෙට එයා දීපු පිලිතුර තමයි ඔය....
එහෙම කියලා එයා එයාගේ රූම් එකට ගියා....... ඔහොම දවස් දෙකක් විතර ගත වුනා
එයි සනත් කොහේ හරි අවිදින්න එක්කන් යනොකෝ..... එයා හැසිරුනේ පොඩි එකෙකු වගේය.... අහ් බලමු අම්මගෙන් අහනෝකෝ කීයා මම එයාට කිව්වේ අම්මා බනිනවා කියල දැනගෙනය
ටික වෙලවකින් බාශි බලාපොරොත්තු සුන් වී පැමිනියේ යුද්ධයක් පරාද වී පැමිනෙන සෙබලෙකු මෙනි. මොකෝ අම්මා කිව්වේ මම සිනාසෙමින් ඇහුවේ ඇයව කේන්ති ගැස්සීමටමයි කියලා දන්නේ මම විතරයි
බලමු බලමු මම කොහොම හරි එක්කන් යන්නම් බන්...... හා හා කියු ඈ මා ලගින් විත් වාඩි වුනේ මාව කතාවට අල්ලගැනීමට කියා මට හැගුනේ නිකමටය. මම හිටියේ laptop එකේ game එකක් play කරනගමන්,
එයා ඇවිල්ල එක එක දේවල් මගෙන් අහනකොට game එක ගැන මිසක් එයා කියන දේවල් ගැන උනනන්දුවක් මට තිබුනේ නෑ...... එයාට තේරුනා මම එයා කියන දේවල් අහගෙන නෙමෙයි ඉන්නේ කියලා.....
එක වරම එයාkey board එක ඔබන්නට පටන් ගත්ත නිසා game එක save නොවීම exit වුනා.... මම key board එක උඩ තියන් හිටිය එයගේ අත අල්ලගෙන එයාගේ ඇස් දෙක දිහා කෙලින්ම බලන් හිටියා.......
මම හිතුවේ බාශි මගේ අත ගසල දාවි කියලා... ඒත් එයත් මගේ ඇස් දිහා බලන්ම ඉන්නවා.., මට ඒ වෙලාවේ ආපු ඒ හැගීම මට වචනෙන් තේරුම් කරන්න තරම් අමාරු එකක් විය.....
මට එයාට තිබුන ආදරය තව තවත් වැඩි වෙන්නට පටන් ගත්තේ ගන් වතුර කාලෙට ගගක ජල මට්ටම වැඩි වෙනවා සේය......
ආයෙමත් laptop එකට එබුනු මම හොරාට බාශි දිහා බැලුවා තාමත් ඇය මාගේ දිහා බලාගෙන ඉන්නවද කිලා බලන්නටය..... තාමත් එහෙමමයි ගල් ගැහිලා වගේ එයා.... මම ආයිමත් game එක play කරන්න ගත්තා.....
එයා ටිකක් වෙලා ඉදලා ආයෙමත් වද දෙන්න පටන් ගත්තා... මට තරහ ගිහින් laptop එකත් off කරලා බාශිටත් හිතින් බැන බැන පිම්මට ඇදට පැනලා කොට්ටේ බදාගෙන ටිකක් හිටියා.....
බාශි ඒත් එහෙම ඉදලා මාව තරහ ගස්සන්න එක එක දේවල් කරා......මම එයාට බැනල එලවගත්තට මට දුක හිතිල මම නගිටලා ගිහිල්ල එයාව හෙව්ව බලනකොට එයා ඇදට් වෙලා අඩ්නවා.....
මට මාර විදියට දුක හිතිල එයාට කතා කරලා ශේප් වෙන්න වෙච්ච මහන්සිය මම විතරයි දන්නේ.....
දවසින් දවස මට එයා ආදරේ කියල පෙන්නුවත් කිව්වෙ නැ.... මට ඒක හොදට තේරුනා,මම ඒ වෙනකොටත් එයාව තේරුම් අරගෙනයි හිටියේ.....
බාශි කියන්නේ බෝනික්කෙක් වගේ හැදුනු කෙල්ලෙක්,හිත හොද හින්දමත් එයාගේ ගුනයහපත් කම් හින්දමත් මගේ හිත කිව්වෙම මට හරියන එකම කෙනා බාශි කියල විතරයි......
එයාගේ ආදරේ අගවන ගොඩක් සිද්දි වුනා.......... අපේ වයස් පරතරය මට ප්‍රශ්නයක් නොවිය....
එයාව එක්කන් යන්න නැන්දලා අපේ ගෙදර අවා.... එයා යනවයි කිව්වම මට මාර දුක හිතුනා මම එත් එයාට කිව්ව තව ටික දවසක් ඉන්න මම එයලයි ගෙදරටම ගිහින් දාන්නම් කියලා..... ඒත් නැන්දා කිව්වලු යමු කියලා....
මමත් ඉතිම් හා කියලා හිත හදගත්තා එයා ගියම msg කරන්නම් කිව්වා.......
එයා ගිහිල්ල සතියක් විතර මාත් එක්ක දිගට chat කරා.... පහු වෙන්න වෙන්න එයා chat කරන එක අඩු වුනා...... මම එයාට msg යැව්වට reply අවෙ නෑ...
ඉදල හිටල msg එවනවා දවසක් එයාට මොකක්ද ප්‍රශ්නක් කිව්ව ඉතින් මම එයගේ අතේ වරද හින්දා එයාට බැන්නා..... එයා තරහ වුනා මාත් එක්ක එදා ඉදලා මාත් එක්ක එක වචනයක් කතා කරන්නේ නැ එයා,...................
දවසක් මම එයාට call එකක් ගත්තා.. එයා උස්සලා එයාට කතා කරන්න එපා කියලා තරහින් කියලා cut කරා................ මගෙන් වෙච්ච වරදට සමාව ඉල්ලුවත් සමාව හම්බ වුනේ නෑ තාම....
මම එයාට ගොඩක් බැන්නා,වද දුන්නා..... ඒත් සමාව ඉල්ලලා තියෙද්දිත් කතා නොකර ඉන්න එක හරි නෑ නේද...
ගොඩක් ආදරේ කරා එයාට.... එයා අන්තිමේදි මට බලාපොරොත්තු දිලා කතා නොකර ඉන්නවා තාමත් ආදරේ එයාට.... මතක් වෙනකොටත් දුකයි... සතුටින් ඉන්න හැමදාමත්
Share this post :
--------------------------
---------------------------------

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI