පෙමට මුලාවී හිතවතුන් අත්හැරි දා
අරවින්ද.. මට නම් උඹව තේරුම් ගන්න බෑ බන්.
අපිට වගේ නෙමේ උඹට මොනවත් අඩු නෑ.
එත් මොනාද ඔය කරන්නේ..
ජීවිතේ පිළිවෙලක් කරගෙන ඉඳපන්කෝ සතුටින්..
උඹට මාව තේරුම් ගන්න බැරි නම් මේ ලෝකේ කාටවත්
මාව තේරුම් ගන්න බෑ ශානිකා.
ඒත් මට දැන් පිස්සු හැදිලා තමයි..
උඹ හින්දා තමා මෙහෙමවත් ඉන්නේ..
(අරවින්ද කියන්නේ ලංකාවේ ලොකුම සල්ලි කාරයෝ 100 අතරේ ඉන්න තාත්තා කෙනෙක්ගෙ එකම පුතා.
එහෙම බලනකොට ශානිකා කියන්නේ ලංකාවේ දුප්පත්ම සමාජ පැලැන්තියේ ඉන්න පවුලක එකම ළමයා.
ජිවිතේ ගොඩක් දේවල් වලදී අරවින්දට සමහර දේවල් වලට ඇත්තටම උපදෙස් දෙන්නේ ශානිකා. )
එහෙම කියන්න එපා අරවින්ද. යාලුවෙක් විදිහට සමහර දේවල් කරනවා මිසක්
වෙන දෙයක් නැහැනේ..
මම දන්නවා බන් ඒක. ගොඩක් අය මාත් එක්ක ඉන්නේ මට සල්ලි තියන නිසා
මගෙන් වාසි ගන්න බලාගෙන. හැමෝම සල්ලි වලට යාළුකම් තියාගෙන ඉන්නකොට
ඔයා විතරයි මට යාලුවෙක් විදිහට ලඟ ඉන්නේ...
ඔයත් මට හොද යාලුවෙක්නේ අරවින්ද, නැතිනම් මම වගේ දුප්පත් කෙල්ලක් එක්ක යාළුකම් තියාගනීද?
-------------------------- ------------------------
අරවින්ද....
ඔයා ඇත්තටම මට කැමති නැද්ද?..
නටාෂා එහෙම එකක් නෑ..
ඔයාට අකමැති නම් මම ඔයාව මෙහෙම මීට් වෙන්න එන්නේ නැහැනේ..
ඉතින් ඒකෙන් කියවෙන්නේ අකමැත්තක් නැහැ කියලනේ.
හ්ම්ම් එහෙමනම් මේක පිලිවෙලකට කරන්නකෝ ඉතින්..
මොකක්ද මේ කරන විදිහ.
මාසෙකට සැරයක් මෙහෙම හම්බවෙන එක තේරුමක් නෑනෙ.
අනිත් එක ඔයාට මාව ඕනේ නම්
ඔයා අර හිඟන කෙල්ල එක්ක තියන යාළුකම නතර කරන්න ඕනා.
ඔය කෙල්ල එක්ක ආයෙ කතා බහ කරන්න ඕනා නෑ.
ඇයි එහෙම කියන්නේ ඒ කෙල්ල මට වැරද්දක් කරලා නැහැනේ.
මොන හේතුවටද ඔයා එහෙම කියන්නේ? මට තේරෙන්නේ නෑ
මේ අරවින්ද... ඔයාට ඕනා මමද...
ඒ කෙල්ලවද කියන එක ඔයාම තීරණය කරන්න.
ඒ කෙල්ල එක්ක යාලු කමක් තියනවනම් ආයේ මාත් එක්ක කතා කරන්න එපා.
මේ මම එක ගැන කියන අන්තිම වතාව..
-------------------------- ------------------------
අරවින්ද ඔයා කොහෙද?
කාලෙකින් දැක්කේ නෑ
මොකද කරන්නේ.. ක්ලාස් යන්නේ නැද්ද?
අනේ මේහ්, මට ඕනේ නම් මම ක්ලාස් යනවා.
මට ඕනේ නම් මම ඉගන ගන්නවා.
ඔයා මගේ අම්මා වෙන්න දඟලන්න එපා ශානිකා.
මට ආයේ තමුන් එක්ක කතා කරන්න ඕනා නෑ
ගැලපෙන තරමේ යාළුවො හොයාගන්නවා..
ආයේ කතා නොකළට කමක් නෑ.
දැන් මම එහෙම කීව එකට ඔයාට සතුටුද නටාෂා...
මට ඔයාව වටින නිසා එහෙම කලේ..
ඒක හොඳයි.
ඔය හිඟන්නෝ ඕනා නෑ අපේ ජිවිත වලට.
අනේ අරවින්ද මට හෙට නයිට් පාටි එකක්.
පොඩි බඩු ටිකක් ගන්න තියනවා.
අරගෙන දෙනවද?
හ්ම්ම් යමු...
-------------------------- ------------------------
(වසර දෙකකට පසු..)
අරවින්ද.... මේ ඔයාමද?
මොකද මේ කොන්ඩේ හැටි.
මොනවද වෙලා තියෙන්නේ
මාව අඳුනා ගන්න පුලුවන්ද?
මම ශානිකා..
අනේ ශානිකා මට සමාවෙන්න.
මම ඔයා වගේ හොඳ යාලුවෙක් නැති කරගත්ත..
එකේ පාපේ තමා මම අද මේ විඳවන්නේ..
මොකද උනේ අරවින්ද?
මොනවා උනත් ඔයා මෙහෙම ඉන්න ඕනා කෙනෙක් නෙමේ..
නටාෂා.... නටාෂා නිසා තමා මම එදා අර විදිහට ඔයාට කතා කලේ..
නටාෂා දැනගෙන ඉන්න ඇති ඔයා වගේ යාලුවෙක් මගේ ජිවිතේ ඉන්නකොට
එයාට ඕනා දේවල් කරගන්න වෙන්නේ නෑ කියලා..
ඉතින් ඒ ගෑනි මගේ ජීවිතෙන් ඔයා වගේ හොද යාලුවෙක් අයින් කරලා
මාව රවට්ටගෙන මගේ හැම දේපලක්ම ඒ ගෑනිගේ නමට ලියා ගත්තා.
මට ඉතුරු උනේ මේ මහා පොලව විතරයි.
දුක දරා ගන්න බැරිව තාත්තාත් මේ ලෝකෙන් යන්න ගියා.
අම්මා නැති මට අම්මා වගේ උන්න ඔයාත් නැතිව ගියා..
මම මහා කාලකන්නියෙක්.
හරියට මිනිස්සු අදුනගන්න බැරි ව අද විඳවනවා...
මට තේරෙනවා...ඒකට ඔයාට වැරද්දක් කියන්න බෑ..
අරවින්ද. කෙනෙක් ආදරේ කරනකොට අන්ධ වෙනවා
ඒක ඔයාට විතරක් වෙන දෙයක් නෙමේ..
දැන් උන දේවල් ඉවරයිනේ.
ආයේ ජීවිතේ මුල ඉඳන් පටන් ගමු..
ඔහොම ජිවිතේ අතහැරලා හරියන්නේ නැහැනේ.
මට ඇත්තටම දුකයි.. මට මම ගැනම කලකිරිලා තියෙන්නේ
ඔයාව මගේ ජීවිතෙන්, යාලුකමෙන් අයින් කල එක ගැන..
දැන් ඒකට පසුතැවිලා වැඩක් නැහැනේ.
හැමෝගෙම ජිවිත වල වැරදි තීරණ තියනවා.
අපි ඒ දේවල් හදාගෙන අනාගතේ ගැන හිතන්න ඕනා..
( ජිවිතේ ගන්න සමහර තීරණ නිසා අනාගතේ අපිට දුක් විඳින්න වෙයිද සතුටු වෙන්න වෙයිද දන්නේ නෑ තමා. එත් හැඟීම් වලට විතරක් වහල් වෙන්නේ නැතිව හිතලා තීරණ ගන්නවානම් ගොඩක් දේවල් හොඳ විදිහට ඉටු කරගන්න් පුළුවන්... සතුටින් ඉන්න )
අරවින්ද.. මට නම් උඹව තේරුම් ගන්න බෑ බන්.
අපිට වගේ නෙමේ උඹට මොනවත් අඩු නෑ.
එත් මොනාද ඔය කරන්නේ..
ජීවිතේ පිළිවෙලක් කරගෙන ඉඳපන්කෝ සතුටින්..
උඹට මාව තේරුම් ගන්න බැරි නම් මේ ලෝකේ කාටවත්
මාව තේරුම් ගන්න බෑ ශානිකා.
ඒත් මට දැන් පිස්සු හැදිලා තමයි..
උඹ හින්දා තමා මෙහෙමවත් ඉන්නේ..
(අරවින්ද කියන්නේ ලංකාවේ ලොකුම සල්ලි කාරයෝ 100 අතරේ ඉන්න තාත්තා කෙනෙක්ගෙ එකම පුතා.
එහෙම බලනකොට ශානිකා කියන්නේ ලංකාවේ දුප්පත්ම සමාජ පැලැන්තියේ ඉන්න පවුලක එකම ළමයා.
ජිවිතේ ගොඩක් දේවල් වලදී අරවින්දට සමහර දේවල් වලට ඇත්තටම උපදෙස් දෙන්නේ ශානිකා. )
එහෙම කියන්න එපා අරවින්ද. යාලුවෙක් විදිහට සමහර දේවල් කරනවා මිසක්
වෙන දෙයක් නැහැනේ..
මම දන්නවා බන් ඒක. ගොඩක් අය මාත් එක්ක ඉන්නේ මට සල්ලි තියන නිසා
මගෙන් වාසි ගන්න බලාගෙන. හැමෝම සල්ලි වලට යාළුකම් තියාගෙන ඉන්නකොට
ඔයා විතරයි මට යාලුවෙක් විදිහට ලඟ ඉන්නේ...
ඔයත් මට හොද යාලුවෙක්නේ අරවින්ද, නැතිනම් මම වගේ දුප්පත් කෙල්ලක් එක්ක යාළුකම් තියාගනීද?
--------------------------