පසු තැවෙන මම

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

😰😰..පසු තැවෙන මම..😰😰

-----------------------------------
අනේ සත්තයී අදත් හිනැහෙමි
එදා ඔය රුව නොදුටුවා නම්.....
දුටුව සැනෙකින් දැනුනු ආදරේ,
සිතේ තැම්පත් වී ගියා...
සිතුවෙ නෑ මං හදේ කොනකින්,
එදා ඔබ මගෙ වෙයි කියා...

ඔබත් ආදරේ බවක් දැනුනේ ටික දිනක් ගිය විට අනේ...
එදා සිතුනේ ලොවක් හිමිවී රජෙක් උන බව මේ හිතේ.....
ආදරෙන් ලං වෙලා අපි තව, සිටියෙ අන්ධව උනුසුමේ...
එසේ සිටියත් වෙන්ව යන්නට සිදුවුනේ දුක් මුසු ලෙසේ...

කනකොකා හැඩලුවේ අප හට අනේ ටික කලකින් සදේ....
දැනුනු ආදරේ සතුට මෙලෙසේ වියොව යන බව දැං හැගේ....
දැවටි දැවටී ඔබේ හදතුල පැවසුවත් මගෙ ආදරේ..
නොහැගුනා සේ යන්න ඔබ ගියෙ ආදරේ විසි කර මගේ.....

එදා යනවිට අනේ ඔය රුව නොදුටු අයුරින් බිමබලා.......
යන්න තිබුනෙ නොහැගුනා සේ අහක බලමින් මං එදා.....
අදත් සතුටින් ඉන්නවා මං තනිකමේ සුව විද විදා...
මා දමා ඔබ ගියත් සතුටින්
ඉන්නකෝ තව හිනැහිලා....
ඉන්නකෝ තව හිනැහිලා...

තවත් ආදරේ දැනෙයි මාහට ඔබේ සිනහව දැක දැකා...
අනේ සිනහව දැක දැකා...


Share this post :
--------------------------
---------------------------------

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI