Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
කෙටි කතාවක්...
( මොහොතක් නතර වෙලා කියවලා යන්න...😍😍😍)
" මා ඔහුගේ පතිනියයි..."
මගේ නම තරු. මට ඉන්නේ අම්මා විතරයි. අද මගේ නිවාඩු දවස. ඒක නිසා ගෙදරින් පිටත් වුනේ අවුරුදු හතරක ඉඳලා ආදරේ කරන,සිංහයෙක් වගේ වටේට පෙන්නන් ඉන්න එත් මං ළඟ බබෙක් වගේ ඉන්න, අම්මාට තාත්තාට පට්ටම පට්ට බය "කේශර බබාව" බලන්නයි....
" බබා..කොහේද ඉන්නේ, මං පුස්තකාලේ ළඟට ආවත් එක්ක කෝ ඔයා.."
කේශර කෝල් කලා මට.
"අහ්...අනා මගේ සුකිරි බෝලේ මං මේ බස් එකේ... මාරම ට්‍රැෆික් අප්පා..."
" මට නම් පේන්නේ තාම ගෙදර වගේ... මට තාම බස් සද්දයක් ඇහුනෙත් නෑ....මේ කෙල්ල නම් කවදාවත් වේලාවට වැඩක් කරන්නේ නැහැනේ අම්මාපා..."
"මං ඉක්මනට එන්නම් තියන්න දැන් phone ඒක. ඔයාට බුදුසරණයි. ඔයත් පරිස්සමෙන් එන්න හරිද..?
"හා හා...ඔයාත් පරිස්සමෙන් ඉන්න..මං ඉක්මනට එන්නම් ..."
කේශරට මං කිව්වේ බස් එකේ මග එනවා කියලා. දැන් තමයි මං පාරටම ආවේ. තාම බස් එකක් පේන මානේක නෑ. ස්කූල් ටයිම් නිසා ට්‍රෆික් වැඩි. ඕක කිව්වොත් මම කේශරට බනින්නේ මටම තමයි. උදේම ඇහැරෙන්න බැරිද..? කෙල්ලෙක් නේද..? අරකද මේකද.?අපි කෙල්ලොනේ ඉතින් පොඩ්ඩක් මේකප් එහෙම කරන්න ගියාම වේලා යනවා තමයි ඉතිං. ෂික් පාරවත් පැනගන්න බැහැනේ... ඒතරම් ට්‍රැෆික්.
පාර පනින්න විදියක් නැතුව එහෙට මෙහෙට වෙවී ඉද්දී මං අඩියක් ඉස්සරහාට තිබ්බාත් එක්කම, එක පාරටම වාහනයකට මාව වැදුනා විතරයි මට මතක. සිහිය එද්දී මං ඉන්නේ හොස්පිටල් එකේ ඇඳක. මගේ ඉස්සරහා අම්මායි කේශරයි ඉන්නවා දැක්කා.
මං එක පාරටම නැඟිටින්න උත්සහා කරත් පොඩ්ඩක් ඇඟ ඩැමෙජ් වෙලා නිසා අම්මා මට නැඟිටින්න දුන්නේ නෑ.... කොහොම හරි කේශරත් එතනට ඇවිල්ලා හිටියා...
" සුදු බබා...මට සමාවෙන්න..."
මට එහෙම කියවුනේ එයාට මං බොරු කිව්වානේ.
" ඒ මොකෝ ඒ බබා..."
"නෑ... මේ... මං ඔයාට බොරුවක් කිව්වානේ මං ඉන්නේ බස් එකේ කියලා.. එත් බස් එකක් පේන මානේ තිබ්බේ නෑ බබා.. මං කලබලෙන් ඉස්සර උනා විතරයි මතක...."
මම අමාරුවෙන් කියන්න හැදුවා වෙච්ව දේ.
" නෑ..එකට කමක් නෑ...ඒක අමතක කරලා ඉක්මනට හොඳවෙන්නකෝ... මං ඩොක්ටර්ව පොඩ්ඩක් මීට්වෙලා එන්නම්"
කේශර ඩොක්ටර් ගාවට ගිහින් එන්නම් කියලා නැඟිට්ටා. එතකොට අපේ අම්මා මගේ ඔළුව අතගාන්න ගත්තාම මට අමුත්තක් දැනුනා. අම්මා අඩන්න ගත්තා. මගේ හිතට තවත් බයක් ආවා...
"ඇයි මේ මගේ අම්මා.....අඩන්නේ...? මට දැන් හොඳයිනේ මගේ අම්මා.."
" මේක කිව්වාට හිත කලබල කරගන්න එපා. මගේ දුව එච්චර මෝඩ නැහැනේ..." කියන්න හැදුවත් අම්මාට කියාගන්න ශක්තියක් තිබ්බේ නෑ. මං අම්මාගේ අත තදකරා.
"අනේ...අඩන්නේ නැතුව කියන්න මගේ අම්මා..මං දැන් හොඳින්නේ කියන්නකෝ අඩන්නේ නැතුව..."
"පුතා ඩොක්ටර්ලා කියනවා පුතාට අම්මා කෙනෙක් වෙන්න බැරි...වෙ...යි....." අම්මා හයියෙන් අඩන්න ගත්තා. හැමදේම කිව්වේ නැත්ත මම හැමදේම තේරුම් ගත්තා.
මට මුකුත් හිතාගන්න බැරි උනා. කෙල්ලෙක්ට හීන දෙකක් තියෙනවා එකක් විවාහය. ඊට පස්සේ අතී උත්තරීතර මව් පදවිය ලබන එක. අනේ ඇයි දෙයියනේ මට මෙහෙම කරන්නේ මං කරපු වැරැද්ද මොකක්ද..? මගේ කේශර මාව තේරුම් ගනී නේද..? සීයක් දේවල් හිතේ තියාගෙන අම්මාව බදාගෙන මං අඩන්න ගත්තා... අපි දෙන්නාම ගොඩක් ඇඩුවා.
ඩොක්ටර් ළඟට ගිය කේශර ආපු නැති නිසා මං එයාට Phone එක අරන් කෝල් කරා. Phone එක කට් උනා. ආයෙත් ගත්තා කට් උනා. ටික වේලාවක් ඉඳලා ආයෙත් ගත්තාම Switch off කියලා ඇහෙන්න ගත්තා.ලොකු දුකක් ආවේ ඒ වේලාවේ. අඩුම ගානේ එයා හරි මාව තේරුම් ගනීයි, මගේ හිත හදයි කියලා මං හිතුවා.
මං ගොඩක් වේලා බලන් හිටියා. ඒත් එයා ආවේ නෑ. කොල් කරා හොස්පිටල් ඉන්නකම් Answer කරෙත් නෑ... මැසෙජ්ස් වලට රිප්ලයි ආවෙත් නෑ...මට උන තුවාලේට වඩා හිත හොඳටම තුවාල වෙලා තිබුනා.
සතියක් වගේ ඉඳලා මාව හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරා. ඒ අතරේ මං කේශරට කොල් කරත් මැසෙජ් කරත් එයා මට "බබා...හොඳින්ද..? කියලාවත් රිප්ලයි කරේ නෑ.
හිතට මාරම අසරණකම දැනුනේ. ඇයි මෙහෙම කරේ මට...? එයා මට අම්මා කෙනෙක් වෙන්න බැරි නිසා මෙහෙම කරාද..? දෙයියනේ අපි අවුරුදු හතරක් ආදරේ කරලා ලබන අවුරුද්දේ අපි බඳින්නත් එක්ක නේද හිටියේ. ඇයි මෙහෙම කරන්නේ මට...? ඇයි...? මෙහෙම කරන්න පුළුවන්ද මිනිහෙක්ට. මං පිස්සෙක් වගේ අඬුවා මං ළඟ හිටියේ මගේ අම්මා විතරයි...
මට හොඳටම හොඳ උනාම මං කේශරගේ ගෙදර ගියා. එදා ඉරිදා දවසක් එයත් ගෙදර, එයාගේ ගෙදර අයත් හිටියා. වෙනදාට මට ආදරෙන් කතා කරන කේශරගේ අම්මා ..මං දිහා බැලුවේ අමුතුම විදියට
" අහ්...මොකටද මෙහේ ආවේ...?
" නෑ...අම්මේ කේශරට කරදරයක් ද බලන්න ආවේ මං..."
" මගේ පුතාට කිසිම කරදරයක් නෑ.. වඳ ගෑනු බැඳගෙන තමයි කරදරයක් වෙන්න ගියේ.. .ඉක්මනට අපි බේරුනා ඒකෙන්...”
ඒ කිව්ව කතාව මට කනට ගැහුවා වගේ. දෙයියනේ මේකද හේතුව මාව බලන්න ආවේ නැත්තේ. මට කියන්න එපැයි මං එයාට යන්න දෙනවානේ. ඒ මං එයාට ගොඩක් ආදරේ කරන නිසා එයාගේ සතුට මට ඕනේ නිසා. මං එහෙම බලෙන් තියාගන්නේ නෑ එයාව කවදාවත්. කිසිම දෙයක් නොකියා මෙහෙම ඉද්දී හිත රිදෙන නිසයි මං ආවේ බලන්න... එයා ඉස්සරහාට සාලේ ඉන්නවා. මුකුත් කියන්නවත් ආවේ නෑ. අඩුගානේ මං දිහා බැලුවේවත් නෑ.
" අනේ අම්මේ මේවා මං හිතලා කර ගත්තේ නැහැනේ අම්මේ... මේක ඇක්ස්සිඩෙන්ට් එකක්නේ අම්මේ... එක පාරක් මට කේශරට කතා කරන්න දෙන්න ඊට පස්සේ මං යන්නම්..."
" කවුද දන්නේ හිතලා කරගත්තාද කියලා... කලින්ම ඒක දැනගෙන අම්මාලා දුලා ඩොක්ටර්ට සල්ලි දීලා එහෙම කියෙව්වාද කියලා මේ ඇක්ස්සිඩෙන්ට් එක අල්ලලා වෙඩින් එකත් ළඟ නිසා... අනික අපේ පරම්පරාව ගෙනියන්න ඉන්නේ මගේ පුතා විතරයි... ඒ නිසා හොඳම දේ තමන්ගේ නම්බුව තියාගෙන මේ ගෙදරින් බැහැලා යන්න කරුණාකරලා..."
කේශරගේ අම්මා එහෙම කියලා හයියෙන් දොර වැහුවා.
ඒ කිව්ව කතාවට මට මගේ අම්මා ගැන දුකක් ආවේ. ඒ රත්තරන් අම්මා මොනා කරන්නද දෙයියනේ මේවාට... අනික එහෙම දේවල් මට කරන්න ඕනේ නෑ කේශර ඔයාව ගන්න. ඇත්තටම හිත ගොඩක් කැඩිලා ඉවරයි මෙකෙන් පස්සේ. පිස්සුවෙන් වගේ මං ගෙදර ආවේ.. අම්මාට හැමදේම කියලා බදාගෙන ඇඩුවා... අවුරුදු හතරක් මෙච්චර ආදරේ කරලා මේ වගේ අසරණ උන වේලාවක දාලා යන්න තරම් කේශර කොච්චර නපුරු ද කියලා මට අනන්තවත් හිතුනා.
කාලය ගෙවීලා ගියා. අම්මා කිව්වා දැන් ඔහොම හිටියා ඇති කසාදයක් බැඳගන්න කියලා. මං ආස උනේම නෑ.. තාමත් කණට ගැහුවා වගේ අර කිව්ව කතාව මට.. ඒක මතක් වෙද්දී මට පිරිමිම එපාවෙනවා. අනික එයාට එකම එක පාරක් මට කතා කරලා කියන්න තිබ්බා. එයා ඒක කරේත් නෑ. ඒ නිසාමයි මගේ හිත කැඩිලා ගියේ.
ඔය අතරේ තමයි මං බෑම කියද්දි ගෙදරට මඟුලක් ආවේ. ඇත්තටම එයා අම්මාගේ යාළුවෙක්ගේ පුතෙක්. මං එයාව දන්නවා. ගෙවල් වල දාන මාන තිබ්බාම මුණගැහිලා තියෙනවා. මගේ පරණ එකත් එයා දන්නවා කියලා මං දන්නවා. අනික අම්මා හැමදේම එයාට කියලා. එයා මට ආසවෙන් ඉඳලා තියෙනවා. ඒත්...මට එහෙම දැනීලා නෑ දැනෙන්නෙත් නෑ කේශර නිසා....
එයා මයන්ත. ගොඩක් ආගමට ලැදී කෙනෙක්. එයාගේ අම්මාට එයා ගොඩක් ආදරේ කරන කෙනෙක්.මං මගේ අම්මාට දුකක් දෙන්න බැරි නිසා අම්මාගේ සතුට වෙනුවෙන් මේ දේට හා කිව්වා.
" තරු....."
"ඔව් මයන්නත....." එයාට ආදරෙන් කතා කරන්න මට තාම හිතට එකඟ නෑ...
"ඔයා මේකට ඇත්තටම කැමතිද තරු... ඔයාට නම් මං එදා ඉඳලාම ආදරේ කරා... ඔයාත් ඔයාගේ අම්මාට ගොඩක් ආදරේ නිසා... මට ඕනේ උනේ මගේ රත්තරන් අම්මාව බලාගන්න කෙල්ලෙක්."
මයන්ත එහෙම කියද්දි මං මුකුත් නොකියා අහන් හිටියා.
"ඔයාගේ පරණ දේවල් කිසිදෙයක් මට වැඩක් නෑ... මං ඔයාව ආදරෙන් බලාගන්නම්... දෙයියෝ අපි එක්ක ඉන්නවා... ඔයාගේ සතුට එයාලා නැති කරන්නේ නෑ... එක පාර ඔයාට බැහැනේ මට ආදරේ කරන්න... ඒත් කාලයක් යද්දී මං කවුද කියලා තේරෙයි... ඊට පස්සේ මට ආදරේ කරන්න."
එහෙම කි‍යද්දී හිතට සැනසුමක් දැනුනා...
" ඔයාට හැමදේම මගේ අම්මා කියන්න ඇතිනේ මයන්ත.... එකපාරටම ආදරේ කරන්නත් බයයි උන දේවල් නිසා... මට ටිකක් කල් දෙන්නකෝ.."
"බයවෙන්න එපා හැමදේම හොඳින් වෙයි.. ඔයාගේ ඕනේ කාලයක් ගන්න එතකම් මං වෙඩින් එකට ඔයාට වද දෙන්නේ නෑ.. කවුරු නැති උනත් මැරෙනකම් බබෙක් වගේ ඔයාව බලාගන්නම්... වෙන බබාලා නැති උනාට මං දුක්වෙන්නේ නෑ... ඔය බබා විතරක් ඇති මට හැමදාටම ආදරේ කරන්න."
මයන්ත කිව්ව දේට මං ඇඩුවා. එයත් අඩන්න දීලා ඔළුව අතගගා මං දිහා බලන් හිටියා...
මාස 5ක් වගේ යද්දී අපි දෙන්නා හොඳට අඳුරගත්තා. එයා හරි නිවිච්ච කෙනෙක්. හරීම ආදරණියයි. සෙල්ලක්කාර ආදරයක් නෙමෙයි තිබ්බේ. තාත්තා කෙනෙක්ගේ ආදරයක් එයාට තිබ්බේ. එයාගේ හැමදේකටම මං ආදරේ කරා. ඕනෑම කෙල්ලෙක් පතන්නේ එහෙම ආදරයක්. ඉතිං මාස 6ක් වගේ යද්දී කසාදයට මං කැමති උනා. ඇත්තට කෙල්ලෙක්ගේ හීනයක්නේ... මාල හතක් දාලා පෝරුවක් උඩ අශ්ටක කියලා ලස්සන වෙඩින් එකක් ගන්න. මගේ බලාපොරොත්තු ඒ විදියටම ඉශ්ඨ උනා. වෙඩින් එක හොඳටම තිබ්බා ඇත්තටම සතුටුයි මට මයන්ත වගේ කෙනෙක්ගේ වයිෆ් උන එකට. පවුල් ජිවිතයත් ආදරණියයි. හරියට මං ගැන අම්මලා දෙන්නාම හොයනවා. මයන්ත හරියට දුප්පත් මිනිස්සුන්ට උදවු කරනවා. මං වෙනුවෙන් බෝධි පුජා, කිරි දාන.., ඒ හැමදේමත් කරනවා. හිත යටින් මට නොකිව්වාට එයා අපිට බබෙක් ලැබෙන්න කියලා හිතන ගමන් තමා මේ හැමදේම කරන්නේ. මයන්ත ගොඩාක් පව්.
පෝයට සිලුත් ගන්නවා. ඒවා දකිද්දී මට පුදුම භක්තියක් දැනෙන්නේ එයා ගැන.
මයන්ත වැඩ කරන්නේ පෞද්ගලික බැංකුවක. එයාට කෝල් එකක් ගන්න මට හිතුනා.
"Hello අප්පච්චී....මං.."
මගේ ආසවක් තිබ්බා මං බඳින කෙනාට අප්පච්චී කියලා කතා කරන්න. මට බබෙක් හිටියත් එතකොට එහෙම කතා කරනවාට... ඒ හීනයක්ම විතරයි ....
"ඔව්..බබා.. ඉන්නවාද ලයින් එකේ.. බබා කියන්න. මොකක් හරි හදිස්සියක්ද .?
"අනේ සොරි අප්පාච්චී... නෑ... අර සුමනේ අංකල්ගේ පොඩි දෙන්නාට මං පොත් ලැයිස්තුව ගන්න උදව් කරන්නම් කිව්වා එක ගැන අහන්න..."
" ඇයි මගෙන් අහන්නේ... ඔයාගේ හිතට දැනෙන හොඳ දෙයක් කරන්න බබා"
"මං එන්න ඕනේ නම් කියන්න.."
" නෑ... ඔයා වැඩ කරගන්න....මං අම්මා එක්ක ගිහින් එන්නම්.."
" පරිස්සමෙන් දෙන්නාම බුදුසරණයි...මං ඔයාලව මගින් ගන්නම්...
"බුදුසරණයි අප්පච්චී. ඔයත් පරිස්සමෙන් එන්නකෝ ඕෆ් වෙලා..."
මං අම්මාත් එක්ක ගිහින් ඒ පොඩි දෙන්නට අවශ්‍ය හැමදේම ගත්තා. ඒ පවුලේ මිනිස්සු එදා වේල හොයගන්නෙත් හරිම අමාරුවෙන්.ඒ ළමයින් දෙන්නා හොඳට ඉගෙන ගන්නවා. ඒ නිසයි උදව් කරන්න හිතුනේ.. වෙන හස්බන්ඩ් කෙනෙක් නම් මට කොච්චර බනීද...? එයා හරියට මිනිස්සුන්ට දන් දෙන නිසා තමයි මිනිස්සුගේ ආදරේත් එයාට නොඅඩුව ලැබෙන්නේ. මං හැමදාම ප්‍රාර්ථනා කලේ හැමදාම එයා හිතන පතන හැමදේම ඉශ්ඨවෙන්න කියලා විතරමයි.
බඩු ටික ගිහින් දුන්නාම සුමනේ අංකල්ගේ වයිෆ් මට හරියට පිං දුන්නා. පොඩි උන් දෙන්නාත් එහෙමයි.
" නෝනාටයි මහත්තයාටයි හිතන පතන හැමදේම ඉශ්ඨ වෙන්න ඕනේ.... දුකක් කරදරයක් නැතුව හැම සතුටක්ම ලැබෙන්න ඕනේ.... පිංවන්ත දරු සම්පත් ලැබෙන්න ඕනේ...."
ඒක අහද්දී ඇස්වලට කඳුළු ආවේ ඇස්වලටත් නොකියාම.. ඒ පින මට නැහැනේ දෙයියනේ ....... මැරෙන්න තරම් දුකයි මට එදා...
දවස් දෙක තුනක් ගෙවිලා ගියා. උදේ නැඟිටිද්දී මට මාරම ආමාරුයි. ඔළුව කැරකෙනවා වගේ. ඇඟම පණ නෑ... අම්මාටත් කතා කරා. මයන්ත එදා නිවාඩු දවස. මයන්තට මම කිව්වා විතරයි මාව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් ගියා...
" Congratulations මයන්ත... ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ....”
ඩොක්ටර් එහෙම කියනවා මට ඇහුනේ හීනෙන් වගේ. දෙයියනේ මයන්ත පිස්සෙක් වගේ නැටුවා. මාව ඉඹගෙන ඉඹගෙන ගියා. හොස්පිටල් එක කියලාවත් එයාට මතක නෑ... මට පව් කියලා ගියා. එයාව අල්ලන් මං ගොඩක් ඇඩුවා. මමත් ඇඬුවා... මේ සතුට මට ලැබුනේ එයා නිසයි.. මට ඉන්නේ මහත්තයෙක් නෙමෙයි දෙවියෙක්... මෙහෙම සැමියෙක් ලැබෙන්න මං මාරම පිනක් කරලා තියෙනවා කියලා අඩ අඩ හිතුනා.
ගෙදර ගිහින් සතුටු වැඩිකමට අම්මාලා දෙන්නටම වැදලා ආශිර්වාද අරන් අපි ඔක්කොම පන්සල් ගියා... අනිත් දවසේ උදේම පංසලට හීල් දානය අපෙන් කියලා භාරවෙලාත් ආවා. ඒ එයාට සතුට දරාගන්න බැරි නිසා. ඇත්තටම කියාගන්න බැරි සතුටක් එදා අපේ ජිවිත වලට ආවේ... එතකොට මට කේශරගේ අම්මාව මතක් උනා... ඒත් මිනිස්සුන්ට වෛර කරලා වැඩක් නෑ අද මං කෝටි වාරයක් සතුටින් මයන්ත නිසා. ඒ ඇති මට.
හිතාගන්න බැරි විදියට මයන්ත මං ගැන හෙව්වා. පොඩි වැඩක්වත් මට කරන්න දුන්නේ නෑ. මං ආස හැමදේම එයා මට ගෙනල්ලා දුන්නා. රෑටයි එයාගේ නිවාඩු දවසටයි එයාගේ අතින්ම කෑම මට කෑව්වා. ගෙදර ඇවිල්ලා වොශ් දාලා දුවන් එන්නේ මගේ බන්ඩියේ ඉන්න බබා එක්ක කතා කරන්න. රෑට මට නින්ද යනකම් කකුල් අතගායි නැත්තම් ඔළුව අතගායි. අම්මාලා දෙන්නත් ඒ වාගේමයි. ඇත්තමට මේක මගේ පෙර පිනක්.... හැමවේලාවේම මං හිතුවා....
බඩට මාස 7ක් උනාම මයන්ත මාව ක්ලිනික් එක්කන් ගියා. එළියට එද්දී වෙනදා වගෙම මගේ බන්ඩිය අත ගගා මයන්න ආවේ. එකපාරමට මං දැකපු දේට මං ගැස්සුනා. ඒක මයන්තටත් තේරුනා. මං මයන්තගේ අතේ එල්ලුනා. මං දැකපු දේ මයන්තත් දැක්කා.... ඒ කේශර.... එයා බැඳපු කෙනයි අම්මායි එක්ක. එයාලා මං ළඟට ආවා...
" තරු පුතා... ඔයා ප්‍රෙග්නට්ද..? අනේ වාසනාවන්..පුතේ බඩට මාස කීයද...?”
මට එදා වඳ ගෑනී කිව්ව කේශරගේ අම්මා මගේ බන්ඩිය දිහා බලලා ඇහුවා.
" මාස 7ක් වෙනවා දැන්... මේ ඉන්නේ මගේ හස්බන්ඩ් මයන්ත... මයන්න මේ ඔයා දන්නවනේ කේශර එයයි එයාගේ අම්මායි....?”
අනිත් කෙනා ගැන දන්නේ නැති නිසා මුකුත් කියන්න ගියේ නෑ..
මයන්ත ඔක්කොටම Hi කිව්වා..
"අහ්....ඒ කේශර බැඳපු කෙනා දුවේ...
ඇත්තටම හරිම සතුටුයි ඔයාව ඔහොම දැක්කාම... මටම ලැජ්ජයි එදා මං කිව්ව දේවල් වලට... දැන් නම් පසුතැවෙනවා දුවේ... ගොඩක් සමාවෙන්න..., රත්තරන් දරු පැටියෙක් ලැබෙන්න ඕනේ.."

කේශරගේ අම්මා අත්දෙක වැදගෙන සමාව ඉල්ලුවා. කේශරගේ ඇස්වලත් කඳුළු. එයත් කතා කරන්න ගත්තා. මං මයන්තගේ අතින් හයියෙන් තද කරගත්තා.
" මට ගොඩක් සමාවෙන්න තරු... ගොඩක්ක්ක්ක්ක්ක්ක්... ඔයාට කරපුවා වෙන්න ඇති මේ මට ඵල දෙන්නේ ගොඩක් සමාවෙන්න... අඩ් අපිට ලමයි නෑ... මේ දැනුත් ආවේ ඩොක්ටර් කෙනෙක් මීට් වෙලා කරන්න දෙයක් අහන්න... මෙයාගේ වරදක් නෑ... ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මගේ... මට ළමයෙක් හදන්න ශක්තියක් නෑලූ....”
කේශර අඩන්න ගත්තා.
මයන්ත කේශරගෙ පිටට තට්ටුවක් දැම්මා. " බයවෙන්න එපා හැමදේම හරි යයි මචෝ..."
"අනේ...සමාව ඉල්ලන්න එපා කේශර... එදා එහෙම උන එක අද මට හොඳයි කියලා හිතෙනවා... නැත්තම් මට මේ වගේ රත්තරන් හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්නේ නෑ... ඒකට ඔයාලාට ගොඩක් පිං ... ඇත්තටම ගොඩක් පිං.... ඒත් ඔයලාටත් හොද දෙයක් වෙයි. ආගමානුකූලව ජිවත්වෙන්න ගොඩක් දේවල් ජිවිතේ වෙනස් වෙයි කේශර.."
එහෙම කියද්දි මයන්ත මගේ ඔළුව අතගෑවා.... තරුගේ කටින් එහෙම අහද්දී කේශරගේ පපුවට පිහියෙන් අනිනවා වගේ දැනුනා.
“ මගේ වැරැද්ද .අම්මලා කියන දේ අහලා අඩුම ගානේ කෙල්ල එක්ක මං කතා කරේවත් නෑ.. පුදුම දුකක් එයාව දැක්කම එන්නේ... දැන් කරගත්ත එකත් අම්මගේ ආසාවට කරගත්තේ...”
මොනා උනත් තාමත් කේශර තරුට ආදරෙයි. කේශර බැඳපු කෙනා මේ දේවල් දන්නවා ඇති ඇස් වල කඳුළු පුරවන් එයාත් මට ගිහින් එන්නම් කිව්වා. කේශරටත් එයාගේ අම්මාටත් සමුදීලා අපි ගියා... මං දැක්කා අපි යනකම්ම එයාලා බලාන් ඉන්නවා.
" ඔයාට ගොඩක් පිං මහත්තයෝ මට මෙහෙම සතුටක් , මෙහෙම ආදරයක් මෙහෙම රැකවරණයක් දෙනවාට..."
මයන්ත මුකුත් නොකියා මගේ නළලයි...මගේ බන්ඩියයි ඉම්ඹා....
" අද විතරක් නෙමෙයි බබා.... අපේ පුංචි පැටියා ආවම මීටත් වඩා මං ඔයාට ආදරේ කරයි... ඔය දෙන්නායි මගේ අම්මාලා දෙන්නයි තමයි මගේ ජිවිතේ .....මැරෙනකම් මගේ කෙල්ලව මං සතුටින් තියෙනවා..."
" මැරෙන කතා කියන්නේ නෑ හරිද...? හොඳ ළමයානේ.....”
"හරි හරි මගේ නපුරු අම්මියෝ.... අපි හෙමින් පන්සලට ගිහින් එහෙමම ගෙදර යමු ඔයාට අමාරු නැත්තම්..."
" අනේ...නෑ...පණ... තවත් මගේ හිත නිදහස්වෙයි...යමු අපි...."
දෙන්නාම අත්දෙක අල්ලන් හෙමින් ඇවිදගෙන පන්සල පැත්තට ගියාය....
-නිමී-
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මේ කතාවත් ලස්සන නම් Like එකක් දාලා හිතට දැනුන දේ Comment කරලා යන්න පුළුවන් නම්. කතාව කියවපු ඔයාලා හැමෝටම බුදුසරණයි.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI