***කෙටි කතාවකි***
❤️❤️ ❤️වස්තූ ❤️❤️ ❤️
"මගේ පිස්සී... හුරුතලේ නම් දැන් ඔනිවට වැඩි"
"ඔව් ඔව් වැඩී තමයි ඉතින් අඩු කරනවකෝ මගේ ගුන්ග බෝලේ"
" ආ..... එනවකෝ අඩු කරන්න හිවලී"
සහිදු ඉදගෙන හිටපු බෙන්ච් එකෙන් බිමට පැන්නේ මාව අල්ල ගන්න කියලා මං දන්න නිසා මගේ මැට්ටට කලින් මං ෆැකල්ටි එක පැත්තට දිව්වෙ සුසන්තිකා මිටර් සීය දුවනවා වගේ....
#########
මම බොහොම සාමාන්‍ය පවුලක එකම දුව. මං ඒලෙවල් අර්ට් කලේ. ෆස්ට් ටයිම්ම කැම්පස් සිලෙක්ට් උනාම අපේ අම්මගෙ ඇස් වලට කදුළු ආවා අද වගේ මතකයි මට. මං දැන් තර්ඩ් යියර්.
එතකොට මගේ සහිදු පිස්සා ගැන කියන්වා නම්, පවුලේ වැඩිමල් එකම පිරිමි දරුවා.ටිකක් සල්ලි තියෙන පව්ලක. එයා ඉංජිනියර් ෆැකල්ටි එකේ.
අපේ අදරේට දැනට අවුරුදු දෙකක් වෙනවා.අපි තමයි කැම්පස් එකේ ඉන්න මැචින්ග්ම කපල් එක කියලා දකින හැමෝම කියනවා. මගේ සහිදු දකින හැමවෙලේම මටත් එහෙම හිතෙනවා. අපි දෙන්නට දෙන්න ගොඩක් අදරෙන් ඉන්නේ. ඇත්තටම අපි දෙන්නා අතර ප්‍රශ්න නැතිම තරම්. පුංචි පුංචි රන්ඩු උනත් අපි දෙන්නට පැයකට වඩා තරහ වෙලා ඉන්න බෑ.
ඇත්තටම මගේ සුදු මහත්තයා මගේ හිතේ හිටපු කෙනා නෙමෙයි ඉටත් වඩ හැම අතින්ම පරිපූර්න කෙනෙක්.මට වෙලාවකට හිතෙනවා මෙච්චර රත්තරං මහත්තයෙක් ලැබෙන්න මං කොච්චර පිං කරන්න ඇතිද කියලත්.
######
දින මාස අවුරුදු මෙහෙම ගෙවිලා ගියා. මං දැන් රත්නපුර ෆර්ගසන් එකේ ටීචර් කෙනෙක්. මට අවුරුදු එකොලහක දුවෙක් ඉන්නවා. එතකොට මගේ හස්බන්ඩ් ඩොක්ටර් කෙනෙක්.
එයා නීදුක් සූරියආරච්චි. මගේ අම්මලා මට හොයලා දුන්න කෙනා. එයා ගැන කියන්වා නම් හොද තාත්තා කෙනෙක්. එත්.......
######
කැම්පස් අවුට් වෙලා දෙන්නටම ජොබ් ලැබුනට පස්සේ අපි ගෙවල් වලට අපි ගැන කිව්වා. මගෙයි සහිදුගෙයි සම්බන්දෙට ගෙවල් වලින් කැමති උනා. අපි ගොඩක් සතුටු උනා. අපි මැරි කරන්න ලෑස්ති උනා. අපේ අම්මලා සහිදුගේයි මගෙයි හොරස්කෝප් එක අරන් පොරොන්දම් බලන්න ගියා..........
######
"දුවේ උඹ ඕක කර ගත්තොත් උඹට අම්මා නෑ"
අම්මා කියපු වචන තාමත් මගේ කන්වල රැව් පිලි රැව් දෙනවා.
"දෙන්නගේ පොරොන්දම් ගැලපෙන් නෑ නංගියේ. සහිදු බදින කෙල්ලට මාරක අපලයි. අපේ එකී යන්තම් බේරුනා."
අම්මා සුදු නැන්දා එක්ක කියනවා මට කාමරේට ඇහුනා.
කවදාවත් ප්‍රශ්නයක් ආපු නැති අපිට මෙහෙම වෙයි කියලා මං හීනෙකින් වත් හිතුවේ නෑ දෙයියනේ. මගේ සහිදුත් මේ දවස් ටිකේම ගෙදර අයත් එක්ක රන්ඩු අල්ලනවා මේ ප්‍රශ්නේ නිසා.මං එක හිතින් හිටියේ මොන දේවල් උනත් මගේ මහත්තයා මට සැනසිල්ලක් වෙලා ලග හිටපු නිසා. එයා හැම වෙලේම කියුවේ
"මේ බොරු දේවල් ගැන හිතන්න එපා මගේ වස්තූ "
මං මාත් එක්කම තර්ක කර ගත්ත වාර අනන්තයි.
"සහිදු බදින කෙල්ලට මාරක අපලයි "
"සහිදු බදින කෙල්ලට මාරක අපලයි"
"සහිදු බදින කෙල්ලට මාරක අපලයි"
ඒක මගේ හිතේ දෝංකාර දෙන්න ගත්තා.
මං සහිදු නිසා මැරෙන්න බය නෑ ඒත් අපේ අම්මා තාත්තාට ඉන්නේ මං විතරයි. දෙලොවක් අතර මං අතරමන් උනා. ඇත්තටම
මට ගොඩාක් ආත්මාර්ථකාමී විදීයට හිතෙන්න පටන් ගත්තා.
######
මගේ ජීවිතේ තීරණාත්මක දවස එලබුනා. මං එදා මගේ අහිංසකයව මීට් වෙන්න ගියේ පාර්ක් එකේ සුපුරුදු බෙන්ච් එකට. සහිදු වෙනදා වගේම අදර හිනාවක් දාලා මාව ලගට ඇදලා අරන් ආදරෙන් මාව ඒ දර දඩු පපුවට හොවා ගත්තා.
" වස්තූ මං අද ගෙදරින් ආවේ තිරණයක් අරගෙන. මං චිරාටයි, ගුනයටයි රෙජිස්ට්‍රාර් ලගට එන්න කිව්වා මගේ පුංචි හුරතලී අද මගේ මනමාලි වෙන්වා. අපි බදිමු බබා මේ දැන්."
මං අන්දමන්ද උනා. මට වචන අවේ නෑ. සහිදු දිගටම කියවන් ගියා.
" මේ මොන විකාරයක්ද වස්තූ පොඩි කොල කෑල්ලකට පුලුවන්ද අපේ අදරේ වෙන් කරන්න. මෝඩ අදහස් මැණික. අනික රත්තරං අපි දෙන්නම දන්නව අපිට අපි නැතුව ඉන්න බෑ කියලා. අම්මලා අපිට ඕනි තමයි. අපි එකට ජිවත් වෙලා මුලු ලෝකෙටම පෙන්නමු ලොකේ බලවත්ම බලවේගේ ආදරේ කියලා වස්තූ එතකොට අම්මලා උනත් අපිට ආශිර්වාද කරයි"
කියම ගමන් සහිදු මගේ අතකින් අල්ලගෙන නැගිට්ටා.
ඒත් මං නැගිට්ටේ නෑ. ඇත්තටම මගේ කකුල් දෙක පන නැති වෙන්වා වගේ මට දැනුනා.මට ඇත්තටම මොකක්ද වෙන්නෙ කියලා වත් හිතා ගන්න බැරි උනා.ඇත්තටම මම මම මම මම.... අනේ මං දන් නෑ දෙයියනේ. මං සහිදුගේ අත අත් ඇරියා. සහිදු මගේ ඇස් දිහ බැලුවා. මට කවදාවත් ඒ බලපු විදිය අමතක වෙන් නෑ.
" ඇයි වස්තූ "
" මට බයයි සහිදු " (ඒ තමයි මගේ ජිවිතේ කියපු නරකම වචන ටික)
" අපේ අදරේ විශ්වාස නැද්ද දෙයියො ?"
"විශ්වාසේ ගැන ප්‍රශ්නයක් නෑ සහිදු ඒත්..... " සහිදු අත තියලා මගේ කට වහල මගේ ඇස් වලට එබුනා.
"මාත් එක්ක එනවද දිනදි?" ( එක තමයි මගේ සහිදු මට නම කියලා කතා කරපු පලවෙනි පාර.)
මං ඔලුව හෙල්ලුවා. ඒක බෑ කියන එක කියලා සහිදුට තේරෙන්න වැඩ් වෙලාවක් ගියේ නෑ. එයාගේ අත මගේ කටින් ලිහිල් වෙනවා මට දැනුනා. මගේ ඇස් දිහා බලාගෙන ඉද්දිම ඒ ඇස් වලින් කදුළු වැටෙනවා මං දැක්කා.
ඒ තමයි මගේ පනව මං දැක්ක අන්තිම දවස.
######
සහිදු දැන් මැරි කරලා ඉන්නේ අපේ කැම්පස් එකේම එයාලගෙ ෆැකල්ටි එකේ ගර්ල් කෙනෙක්. සහිදුට දැන් බබාලා දෙන්නෙක් ඉන්නවලු. එයාලා දැන් ජීවත් වෙන්නේ ඇමරිකාවල. මෙච්චර දෙයක් මං දන්නෙත් සහිදුගේ හොදම යාලුවා චිරාගෙන්. දවසක් හොරෙන් එයගේ එෆ් බී එකවුන්ට් එකට ගිහින් බලලා දැක්ක ෆොටෝස් වලින් සහිදුලා ගොඩක් සතුටින් ඉන්නවා කියලා මට හිතුනා.
######
සහිදුව අවසාන පාරට දැකලා අවුරුද්දකට විතර පස්සෙ අම්මලා මට ගෙනාපු ප්‍රපෝසල් එකට මං කැමති උනා. මොකද අපේ පොරොන්දම් හොදටම ගැලපෙනවලු. නිදුක් බදින කෙල්ලට කිරි උතුරනවලු.ඒක ඇත්ත සල්ලි නම් උතුරන්න තියෙනවා අපිට.නිදුක් හොද පුද්ගලයෙක්. රාජකාරිය දේවකාරිය කර ගත්ත මනුස්සයෙක්. ඒත් එයාට මම තවත් එක අවශ්‍යයතාවයක් විතරයි කියලා මට බැදලා අවුරුද්දක් යන්නත් කලින් තේරුනා.අඩුම තරමින් අද වෙනකන් මං කන්න කැමති කෑමක් වත් නිදුක් දන්නේ නෑ. මට අද වෙනකන් එක පාරක් වත් අදරෙයි කියලා නෑ. හැබැයි එයගේන් මට වෙන්න ඕනි වගකීම් ඔක්කොම ඉස්ට කරලා තියන්වා. ඇත්තම කිවුවොත් මං දැන් ජිවත් වෙන්නේ මගේ දරුවා නිසාමයි. මට පුදුම කලකිරීමක් තියෙන්නේ මං ගැන. මං වෙලාවකට මටම පලි ගහන්වා. මට මෙහෙම වෙලා මදි මගේ අත්මාර්ථකාමී කමට කියලා. හිතේ සතුටක් නැතිව සල්ලි එක්ක විතරක් ජිවත් වෙන්න බෑ වගේම. ග්‍රහලෝක වලට ජීවිතේ තීරණය කරන්නත් බෑ කියලා මට තේරෙද්දි මගේ ජීවිතේම නැති වෙලා ඉවරයි.
######
මේක තවත් එක කතාවක් විතරයි. ඒත් කොලේකට ජීවිතේ තීරණය කරන හැමෝටම හොද උදාහරණයක් වෙයි.
- සමාප්තයි -

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.